දිනමිණ රාජ්‍ය විරෝධී පුවත්පතක් ද?

දිනමිණ ගැන අප මෙතෙක් සිතා සිටි ආකාරය වැරදි ය. එය රාජ්‍ය විරෝධී පුවත්පතකි. එය එජයේ වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරන්නකි. එපමණක් නොව, එම කාර්යය ඉතා කූට අන්දමින් කරන්නකි. පහත නිදසුන බලන්න. 


ගොන් කරත්තෙන් සභාවට ආ

උතුරු මැද එජාප මන්ත්‍රීනුත් අද විදේශ ගතවෙති

වියදම කෝටි 4යි
රජය ඉන්ධන මිල වැඩි කෙළේ යැයි විරෝධය දක්වමින් පසුගියදා ‘ගොන්’ කරත්තවල නැගී පළාත් සභා රැස්වීමට පැමිණි උතුරු මැද පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු අද (2) පළාත් සභා මුදලින් ‘ගුවන්’ මගින් විදේශ සංචාරයක යෙදෙති.
උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විදේශ සංචාරය සඳහා රුපියල් කෝටි හතරක මුදලක් වෙන් කැර ඇත.
ඉන්ධන මිලට එරෙහි වී ගොන් කරත්තවල නැඟුන උතුරු මැද පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු දොළොස් දෙනාද ගුවන් මගින් රටවල් කීපයක සංචාරය කරනු ලබන්නේ ඉන්ධන පිරිමසා ගැනීමටදැයි ජනතාව ප්‍රශ්න කරති.
අද (02) උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සංචාරයක් සඳහා පිටත් වී යන අතර ලබන (14) දා තවත් මන්ත්‍රීවරු පිරිසක් පිටත්ව යෑමට නියමිතය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මෙය රාජ්‍ය විරෝධී ලේඛනයක් නො වේ නම්, එය වනාහි අමු අමුවේ මහජනතාවට කෝචොක් කරන ලිවිල්ලකි. මන්ද, මෙවැනි විදේශ චාරිකා මහජන ඉල්ලීම් නිසා සිදු වන ඒවා නො ව, පළාත් සභා විසින් ම සැප ගැනීම සඳහා අධ්‍යාපන චාරිකා මුවාවෙන් සංවිධානය කරන ඒවා වීමයි. 

Comments

  1. ඕක අහෝසී කරන්න ඕන කියලා මම හැමදාම අඬන්නේ ඕකනේ. ඔහේලානේ ඕක වෙනුවෙන් පෙනි සිටින්නේ. ජාතික අපරාධ. යන රටවල බොතල් හවුස් වලට හොඳ ඉන්කම් එකක් තියෙයි..

    ReplyDelete
  2. Your articles in 2009, about private bus mafia (Gemunu Wijeratne) and Review of General Election Results, are excellent. Write such articles again about different subjects. They are more close to the heart of general public.

    - Manjula

    ReplyDelete
  3. Para, its like this;
    The possibility to tell the truth by a habitual lier is hundred thousand times of the possibility to tell a lie by a truthful person.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා