ජිනීවා පිහිටා ඇත්තේ කොහි ද?

මේ දිනවල මුළු ලංකාවේ ම අවධානය යොමු වී ඇති ජිනීවා නුවර පිහිටා ඇත්තේ කුමන රටේ ද? 


පිළිතුර  ස්වීඩනයේ ය.


අද දිනමිණේ පළ වූ පහත සඳහන් පුවත කියවන්න. 


සුනන්ද දේශපි‍්‍රය අත්අඩංගුවට

ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් සිටි සුනන්ද දේශප්‍රිය ස්වීඩන් පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව විසින් ගෙනා යෝජනාවට විරෝධය දක්වමින් මුළු යුරෝපයම ආවරණය වන පරිදි ශ්‍රී ලංකිකයන් දසදහසක් පමණ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට රැස්වෙමින් ඊයේ (19) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

එම විරෝධතා ව්‍යාපාරයට පැමිණි ශ්‍රී ලංකිකයන් වීඩියෝ කිරීමට සුනන්ද දේශපි‍්‍රය උත්සාහ කර ඇත.

එහිදී සිදු වූ උණුසුම් අවස්ථාවෙන් පසුව ස්වීඩන පොලිසිය විසින් සුනන්ද දේශපි‍්‍රය අත්අඩංගුවට ගෙන ඇත.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එහෙම කියන්න එපා ස්වීඩන් පොලිසිය ස්විට්සර්ලන්ඩ් ආවාද කවුද දන්නේ?

    ඇයි යුදෙව් පොලිසිය හිහින් ආර්ජන්ටිනාවෙන් අයික්මාන්ව අල්ලං ආවේ?

    ලංකා පොලිසිය ගිහින් මැලේසියාවෙන් කේපීව අල්ලා ගත්තේ?

    ගජබා පොලීසියේ ඉන්ස්පැක්ටර් නීලමහා ගිහින් ඉන්දියාවෙන් සොලීන් සිව් විසි දහසක් අල්ලං ආවේ?

    ReplyDelete
  2. Jenewa belongs to Switzerland.

    ReplyDelete
  3. ක්‍රිෂ්ණාMarch 20, 2012 at 9:24 PM

    දිණමින පුවත් පත ස්වීඩන් වල පලවන පුවත් පතක්.

    ReplyDelete
  4. දෙයියෝ සාක්කි! වීඩියෝ කරනව කියන්නෙ බෝම්බ ගහනව වගේ වැඩක්ද?

    ReplyDelete
  5. http://en.wikipedia.org/wiki/Geneva

    ReplyDelete
  6. ජිනිව තියෙන්නේ නව දිල්ලියේ බව දැන්වත් මේ විදේශ අමාත්‍යංශයේ ගොන්නුන්ට තේරුනොත් හොඳ යි...

    බඩ ගොස්තරය පාලනය කිරීමේ ඒකායන අරමුණ කර ගත්තාම ගැලරියට කතා කිරීමේ ක්‍රමයෙන් රටක විදේශ පිළිවෙත හසුරුවන්න බැරි බව තේරුම් ගන්න තරම් මොලයක් එන්න බෑ

    ReplyDelete
  7. අයියො දිණමිණ

    ReplyDelete
  8. මේක ලියලා තියෙන්නේ ලිබියාවේ චෙන්නායි නුවර ගන කියපු කෙනා ද දන්නේ නෑ..,

    ReplyDelete
  9. ගජබා පොලීසියේ ඉන්ස්පැක්ටර් නීලමහා ගිහින් ඉන්දියාවෙන් සොලීන් සිව් විසි දහසක් අල්ලං ආවේ?

    ReplyDelete
  10. Liyapanko ban Human Rights Council Vote eka gena. Den dawas keeyak giyada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා