පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලබා ගැනීම සඳහා වූ වියදම

ජාතියේ ආඩම්බරකාර පුතාගේ ක්‍රීඩාශීලී සිහිනයක් වූ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ බොඳ වී ගිය සිහිනය වෙනුවෙන් වැය වූ මුදල දැන් හෙළිදරව් වී තිබේ. 


මෙම සිහිනය සැබෑ කර ගැනීමට එක්සත් ජනපදයේ PMPlegacy නම් මහජන සම්බන්ධතා සමාගමට ගෙවූ මුදල්, ඉන්දීය උත්සව සංවිධාන සමාගමකට ගෙවූ මුදල්, ඡන්ද විමසීම පැවති සෙන්ට් කිටීස් දූපතට ලාංකික නියෝජිත පිරිස යාමට, එහි විසීමට හා ආපසු ඒමට කළ වියදම් ආදිය රු. කෝටි 88ක් බව වාර්තා වේ. 


සෙන්ට් කිටීස් දූපතේ පැවති ඡන්ද විමසීමේ සිසියට සහභාගි වූ 400ක් පමණ පිරිසෙන් 160ක් ම ලංකාවේ දූතයන් වූ බව වාර්තා වේ. ලාංකීය පිරිස අතර නාමල, මහින්දානන්ද වැනි දේශපාලකයෝ, කබරාල වැනි නිලධාරීහු මෙන් ම අනර්කලී වැනි කට්ටිය ද, බෙරකාරයෝ, නැට්ටුවෝ, උයන්නෝ, වළං හෝදන්නෝ ආදීහු ද වූ හ. 


හිනා කන වැඩේ කියන්නේ 2012 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ අවස්ථාව දිනා ගත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැමිණ සිටියේ නියෝජිතයන් 20ක් පමණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයෝ අපේ සල්ලිවලින් කා, බී, මුන්ගේ ජෝගි නැටුම් බලා පස්ස පැත්තෙන් හිනා වෙමින් ඕස්ට්‍රේලියාවට ඡන්දය දුන් හ. මේ වගේ පිස්සන්ට මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්විය නො හැකි බව ඔවුන්ට තේරෙන්නට ඇත. 


රටේ ජනතාවගේ වාසනාවට හා රාජපක්ෂ පවුලේ අවාසනාවට ලංකාව සුද්දාගේ හිරු නො බසින අධිරාජ්‍යයේ යටත් විජිත මානසිකත්වය ප්‍රවර්ධනය කරන මේ ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලංකාවට නො ලැබිණි. 


ලැබුණා නම් හම්බන්තොට මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම වෙනුවෙන් මේ රටේ ජනතාවට පොළවේ පස් කන්නට සිදු වනු ඇත. 


දැන්‍ රටේ තිබෙන ප්‍රශ්නය 2018දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වනවාටත් වඩා මේ කට්ටිය 2018 දක්වා ම බලයේ ඉන්නවාද කියා ය. 


අපේ පාලකයන්ට දෙවි පිහිටයි!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජිනීවා තොවියලටත් කර තිබෙන්නේ ඔය ටිකමය. සමුළුවටම අපේ සෙට් එක ජෝක් එකක් වෙලාය. මුන් ලංකාවේ ප්‍රතිරූපයේ රෙනවාය. මන්ද කා අහවර බැවිනි.

    ReplyDelete
  2. විශිෂ්ටයි පැරා.

    ReplyDelete
  3. කුමාරයාගේ මෝඩ කම මුනෙන් බේරෙනවා. පිටිපස්සේ ඉන්න කබරයාගේ හිනාව. මූ මහා බැංකුවත් කෑවා!

    ReplyDelete
  4. එවා ‍ෙහාද නැහැ

    ReplyDelete
  5. මාතෘකාව පොඩ්ඩක් සංශෝධනය කලොත් නරකද පරා?

    '' පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා නොගැනීම සඳහා වූ වියදම '' කිව්ව නම් හරියටම හරි...

    මොකෝ මේ කට්ටිය සෙල්ලං කෝච්චි යනවද? අස්සය ගෝන් කරනවද?

    ReplyDelete
  6. මේ තමා යුධය අවසන් කරලා ගත්තා යයි කියන සාමයේ ප්‍රතිලාභ (peace dividends)...අම්මගේ අප්පාගේ බුදලය වගේ බලයේ ඉඳීම සඳහා නුගත් ජනයා රවටා ගැනීම සඳහා ජාතික ධනය සමග සුදු කෙළීම...මේ වගේ පාලක රෙජිමයන් සමග කොච්චර දුර යන්න පුළුවන් ද? කියන එක ගැන තීරණයක් ගන්න මේ ජනයට හයියක් නැහැ...මේක ජනයට කියා දෙන්න කවුරු හරි මුල පුරන්න ඕන...මේකට පිළිතුර වන්නේ තමා තමාට වෙන් උනු දේශපාලන ව්‍යපෘති වල හිරවී ඉන්න විපක්ෂ දේශපාලන පක්ෂ වටේ දුවන එක නොවේ...

    ReplyDelete
  7. මේ තමා යුධය අවසන් කරලා ගත්තා යයි කියන සාමයේ ප්‍රතිලාභ (peace dividends)...අම්මගේ අප්පාගේ බුදලය වගේ බලයේ ඉඳීම සඳහා නුගත් ජනයා රවටා ගැනීම සඳහා ජාතික ධනය සමග සුදු කෙළීම...මේ වගේ පාලක රෙජිමයන් සමග කොච්චර දුර යන්න පුළුවන් ද? කියන එක ගැන තීරණයක් ගන්න මේ ජනයට හයියක් නැහැ...මේක ජනයට කියා දෙන්න කවුරු හරි මුල පුරන්න ඕන...මේකට පිළිතුර වන්නේ තමා තමාට වෙන් උනු දේශපාලන ව්‍යපෘති වල හිරවී ඉන්න විපක්ෂ දේශපාලන පක්ෂ වටේ දුවන එක නොවේ...

    ReplyDelete
  8. හෙණම ගහපිය මුන්ට

    ReplyDelete
  9. ඇයි මෙහෙම දේවල් කියන්නේ.මහජන මුදල් නාස්තියනම් මහා අපරාධයක් තමා....යකුනේ..!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා