ආණ්ඩුවට 'ඉදිරියට' යන්නට ඉඩ දෙන්න

ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් සමුළුව අතිශය දුෂ්කර මොහොතක ලැබුණු මහඟු පිළිසරණක් විය.

තෙල් මිළ වැඩි කිරීම හා රුපියල අවප්‍රමාණ කිරීමත් සමග ඇති වූ මහජන විරෝධය පාලනය කර ගන්නට ආණ්ඩුවට හැකි වූයේ ජිනීයා මානව හිමිකම් සමුළුව හරහා මතු කර ගත් දේශප්‍රේමයේ මුවාවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දුර්වලකම ද, සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කුහකකම ද, පොදු විපක්ෂ සමගියක් හා නායකත්වයක් නැතිකම ද තත්වයට තවත් දායක විය.

අප මුලදී ද කී පරිදි ජිනීවාහිදී ආණ්ඩුව කියන ආකාරයේ කිසිවක් සිදු වන්නේ නැති බව දැන් පෙන්නුම් කෙරෙමින් තිබේ.

එහෙත්, අඩු තරමේ උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ හෝ ක්‍රියාත්මක කරන්නට සිදු වන තත්වයක් ආණ්ඩුව හමුවේ ඇත.

ආණ්ඩුවට 'ඉදිරියට 'යන්නට ඉඩ දිය යුතු ය. පාලක පවුල ප්‍රමුඛ දේශපාලක පිරිස රට ඇද දැමූ අවුලෙන් ඔවුන් ම රට ගොඩ ගත යුතු ය. නැතිනම්, ඔවුන් එයට වන්දි ගෙවිය යුතු ය.

ජිනීවා සවුදම නටා ඉවර ‍වූ විට ආණ්ඩවට තවත් එවැනි සවුදමක් ඕනෑ වනු ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුවට පිහිටට එනු ඇද්ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මාත් මේ කල්පනා කරන්නේ ඊට පස්සේ මොකක්ද එන්නේ කියලා. බොගේ දාන්නවත් දෙයක් නෑ...

    ReplyDelete
  2. සජිත් කියන්නේ හොර වින්ඩෝස් 7 එකක් දාලා හොරාට ජෙනුවින් කරගන්න යන පොරක්.එයත් හයිවේ එකේ 280 යන ඇමතියෙක් වගේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා