මිනීමරන රක්ෂණ හා සඟුන් මරන බස්නායක

කෝට්ටේ රජ මහා විහාරයේ භික්ෂු දෙනමක් ඝාතනය කිරීම මෑත වකවානුවේ ලංකාවේ සිදු වෙමින් ඇති ඝාතන රැල්ලේ සුවිශේෂ සිද්ධියකි. 


එය සමාජයේ සිදු වී ඇති පරිහානිය නිරූපණය කරන හරස්කඩකි. 


ප්‍රධාන මිනීමරුවා රස්සාවට කර ඇත්තේ මිනිසුන් රක්ෂණය කිරීමයි. ඒ මදිවාට ඔහු කොහේදෝ දේවාලයක බස්නායකකමක් ද අටවාගෙන ඇත්තෙකි. අද කාලයේ එවැනි තනතුරු මෙවැනි මාකටිංකාරයන්ට ආභරණ ය. 


එම පුද්ගලයා සිය අත්උදව්කරු සමග මෙම මිනීමැරුම් දෙක කරන්නේ රුපියල් ලක්ෂ පහක් සොරා ගන්නට ගොස් අසු වීම නිසා ය.


ලස්සන මුහුණක් ඇති, ටයි දමාගෙන ගෙන් ගෙට ගොස් මාකටිංවල නියැලෙන, මිහිරි බස් තෙපලන මෙවැනි පුද්ගලයන් සමාජයේ සුලබ ය. ඔවුන් සොර සිත් ඇත්තන් ලෙස නො පෙනෙති. එහෙත්, සමාගම් සමග හවුල් වී මොවුන් මිනිසුන්ගේ ඉණ ඉහ අතගාන්නේ කිසිදු දයාවකින් කොරව ය. මොහු සොරකම අසු වීමෙන් පසු හැසිරී ඇති සාහසික ස්වභාවය අනුව, මුදල් පසුපස හඹා යන මේ සමාජයේ මිනිසකුට සාහසිකයකු වීම කෙතරම් සරළ කාර්යයක් ද යන්න පැහැදිලි ය. 


හාමුදුරුවන් සිය මුදල රක්ෂණ සමාගමේ ආයෝජනය කළහොත් තමන්ට ලැබෙන්නේ කොමිස් මුදල පමණක් නිසා මුළු මුදල ම ලබා ගැනීමේ අටියෙන් මෙම පුද්ගලයා සොරකමට යොමු වී ඇත. 


ඉස්සර කාලේ කිව්වේ බල්ලන් මරා හෝ සල්ලි සොයන බවකි. දැන් සංඝයා මරා සඟ සතු දේ පැහැර ගැනීම සිදු වන්නේ මෙසේ ය.


අනෙක් පැත්තෙන් හාමුරුවරුන් දැන් කරන්නේ ද ධර්මයෙහි හැසිරීමට වඩා ආර්ථික කටයුතුවල යෙදීම බව මෙම සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. 


අනේ කාලේ - වනේ වාසේ යි කියන්නේ මෙවැනි කාලවලදී ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ වගේ ජඩයන්ට බස්නායක කම් ලබාදුන්නේ කවරෙක්දැයි සොයා බැලීම වටියි

    ReplyDelete
  2. මෙයා ලක්‍ෂ 5 නැති දුප්පත් පොරක්‌ නොවෙයි. පරාක්‍රම තාම කඩු කතාව දන්නේ නෑ වාගේ

    ReplyDelete
  3. බිස්නස් නම නිවනින් සැනසේවා..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා