විමල්, පී.බී. හා ආර්ථික ඝාතක ආණ්ඩුව

විමල්ට ආණ්ඩුවෙන් එළියට බැස, රාජපක්ෂ පවුලට බැල මෙහෙ කරමින් ඉඳුල් බුදීමට සීමා වී තිබෙන සිය දේශපාලන අනාගතය වෙනස් මගකට යොමු කරන්නට උවමනා ය. විමල්ට රාජ යෝගයක් ඇතැයි ජ්‍යොතිෂකාරයෝ ද කියා තිබේ. දැන් ලංකාවේ සිටින ලොකු ම කෙළි කාරයෝ මේ කට්ටඩියෝ ය. ඔවුන්ට අන්දන්නට බැරි භෞතිකවාදියෙක් නැති තරම් ය. 

එහෙත්, ආණ්ඩුව ලෙහෙසියෙන් විමල්ට ගැලවී යන්නට දෙන පාටක් ද නැත. ඔහු වැනි සුවච, කීකරු, නිවට, නියාලු සේවකයකු අතහැර දමන්නේ කුමටදැයි ආණ්ඩුව සිතනවා විය හැකි ය. ඒ නිසා ඔහු කැඳවා, දුක් සැප කුමන්දා යි අසා, විමල් ම කියන පරිදි ටොපියක් දී තිබේ. 

ඒ පසුගිය දිනවල විමල් බැන බැන හිටි පී.බී. ජයසුන්දර දැරූ නො වැදගත් තනතුරකින් ඔහුව නෙරපා හැරීමයි. 

විමල් දැන් එයින් සැනසිය යුතු ය. නැතිනම් ඊළඟට හම්බු වෙන්නේ ජම්බු ය. සමහර විට විමල්ට පෙනෙන්නට චම්පිකට දෙන්නම් ජම්බු කරන්නට ද ඉඩ තිබේ. 

කොහොම වුණත්, විපක්ෂය ද තමන්ට බලය අවශ්‍ය නම් මේ කට්ටිය ගැන මීට වඩා බලා කියා ගත යුතු ය. නැතිනම්, මොවුන් කකුල් දෙක අස්සේ වලිගය ගසාගෙන කූං කූං ගාමින් ආපසු ‍දෑත් ශක්තිමත් කරපු තැනට පසුබසිනු ඇත. එහෙම වුණොත්, ආණ්ඩුවෙන් එළියට එන්නට ඉන්න සෙසු අයගේ ආත්ම ශක්තිය ද බිඳ වැටෙනු ඇත. 

එහෙත්, විමල් ආණ්ඩුවෙන් එළියට එන පදනම අන්ත දක්ෂිණාංශික ජාතිවාදී එකකි. ඒ බව ඔහුගේ පක්ෂය විසින් සම්මත කරගෙන තිබෙන යෝජනා 12න් පෙනේ. එසේම, විමල්ගේ උන්නතිකාමී දේශපාලන අරමුණ ද එයින් ප්‍රදර්ශනය වේ. එතරම් දක්ෂිණාංශික‍, ජාතිවාදී යෝජනාවලියක් සමග එකඟ විය හැක්කේ ජාතික හෙළ උරුමය වැනි තවත් ජාඩියට මූඩියකට පමණි. විමල්ගේ පක්ෂයේ යෝජනා 12 මෙතැනින් කියවන්න. 

විමල් පී.බී. ජයසුන්දරට බැන්නේ ආර්ථික ඝාතකයකු ය කියා ය. ආරංචි හැටියට නම් ඔටුන්න හිමි කුමාරයා ද පී.බී සමග ඉන්නේ මළ පැනලා ය. පී.බී. ද ඉන්නේ මට කෙළලා පුළවන් නම් කොරලා බලපියව් කියාගෙන ය. 

ඇත්තෙන් ම, මේ කෙහෙල් රාජ්ජයේ ආර්ථිකය කළමනාකරණය කරන ජ්‍යෝතිර් විද්‍යාව දන්නා කට්ටඩියා නම් පී.බී. ජයසුන්දර ම විය හැකි ය. මන්ද, මෙය කිසිදු විද්‍යාවකට අයත් ‍නො වන ආර්ථික කළමනාකරණයක් වන බැවිනි. 

අප්පලා, බාප්පලා, පුතාලාට හිතේ හැටියට පිස්සු කෙළින්නට හැකි පරිදි රටක අනාගතයක් සීරු මාරු කරන එකත් එක්තරා විශ්වකර්ම වැඩක් විය යුතු ය.

නියම ආර්ථික ඝාතකයා පී.බී. ජයසුන්දර ද? එතකොට විමල් කියන පරිදි පී.බී. එළවා ගත්තොත්, මේ ගේම ගහගන්නට බැරිව ආණ්ඩුව වැටෙයි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. විමල්ට එලියට ඇවිල්ලා කරන්න පුළුවන් බම්බුවක් නැහැ . උගේ ලග දැනට එන්න උන් වැඩි හරියක් පඩියට වැඩ කරන මිනිස්සු. විමල් එලියට බැහැපු ගමන් ඉස්සර වෙලාම හැලෙන්නේ ලගම ඉන්න සෙට් එක.
    අනිත් එක විමල් කියන්නේ චම්පික වගේ දර්ශනයක් තියෙනේ කෙනෙක් නෙමෙ.
    විමල්ට තියෙන එකම හැකියාව වාචාලකම විතයි, හරියට මර්වින් සිල්වා වගේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.ඒක ඌවෙන් හොඳටම පෙනුන.වීර කුමාරල ,අචල ජාගොඩල හැසිරෙන හැටි බලන්න.ඕනනම් මුසම්මිල් ඉදියි.

      Delete
  2. විමල්ට මෙ කොයි යන්නේ ?
    ගෝඨා රජ (ජනාධිපති) කරන්න යන්නේ?

    ReplyDelete
  3. මේ "කෙහෙල් රාජ්ජ්‍යය" කියන්නෙ Banana Republic එකටද?

    ReplyDelete
    Replies
    1. කෙහෙල් මල් රජ්ජය.

      Delete
  4. විමල්ට තියන එකම හැකියාව වාචාල කම.මේ රටේ වාචාල කම දක්ෂ කමක් ලෙස සළකන නිසා ඔහුට දක්ෂයෙක් ලෙස සැළකෙනවා.උඩ කොමෙන්ට් එකේ කිව්ව වගෙ චම්පිකට යමක් විශය බද්ධව කීමේ හැකියාව වත් තිබෙනවා.
    විමල් කියන්නෙ ඉස්සර තොන්ඩමන් වගෙ සාධකයක් නොවේ.ඔහු පුද්ගලිකව දක්ෂ නිසා (වාචාලකම නිසා ) එජාප රජයක වුනත් ඇමතිකමක් දරන්න වාසනාව තියනවා.
    අද ඔහු ආන්ඩුවෙන් ගියොත් ඔහු ලඟ කිසිම කෙනෙක් රැදෙන්නෙ නෑ.කට්ටියක් ආන්ඩුවටත් ඉතිරි ටික විපක්ෂයටත් යයි.
    හැබැයි මේ රටේ දේශපාලන විග්‍රහ කරන එක ලේසි නෑ.මොකද මේ රටේ නල්ලමලේ රටක් නිසා.කවුරුහරි දෛවඥයෙක් කිව්වනම් විමල්ට රාජයෝගයක් තියනවා ආන්ඩුවෙන් එළියට එන්න කියල එහෙමනම් ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.ඒ පදනමින් ගත්තොත් මේක නාට්‍ය පිටපතක් නොවෙයි.
    මේක නාට්‍ය පිටපතක් වීමේ ඉඩ තමයි භෞතිකවාදීව ගත්තොත් වැඩි.එළියට එන අය අධෛර්ය කිරීම හෝ එහි අරමුණ වෙන්න පුළුවන්.
    ආන්ඩුවෙන් වියුක්තව ජාතික ව්‍යාපාරයක් ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලැස්මකට එළියට එනවා කියා ත් කෙනෙකුට තර්ක කරන්න පුළුවනි.ඒත් එදා පොදු සතුරෙක්වූ කොටියාට එරෙහිව ජාතික ව්‍යාපාරය ගොඩ නැගූ ලෙසින් යළි එවැන්නක් ගොඩ නගන්න අමාරුයි.මුස්ලිම් ආක්‍රමන ,ආසනික් වැනි මාතෘකා අඛන්ඩව ගෙනයන්න බෑ.එහෙම කරන්න ගියොත් කේ.එම්.පී රාජරත්නලට වෙච්ච දේයි වෙන්නෙ.
    ජාතික ව්‍යාපාරය ගොඩ නැගීමේ ආර්මුනින්ම දේශපාලනයට ආ චම්පිකටත් තනියම ආසන එකකට දෙකකට වඩා ගන්න ලැබුනෙ නෑ.2004 දි ඔක්කොම එකතුවුනාට පස්සෙයි ජාතික ව්‍යාපාරය ශක්තිමත් වුනේ.2004 දි එජාපය හැර සියල්ලෝම ජාතික ව්‍යාපාරයට එක් වුනා.අද එය දුර්වල වෙලා.එහි එක් දැති රෝදයක් පමනක් වූ විමල්ට එය තනියම ස්ටාර්ට් කරන්න අමාරුයි.
    ඒත් මේ රටේ හැම දෙයක්ම තීරණය වෙන්නෙ ඉර හඳ තාරකා නිසා මහ පොලවෙ දේවල් දිහා බලල අනාවැකි කියන්න බෑ.විමල් මොකද කරන්නෙ ඔහු අවංකද කියල දැනගන්නට ග්‍රහ පිහිටීම් නිරීක්ෂනය කරන්න හොඳ දුරේක්ෂයක් ඕන.

    ReplyDelete
  5. මේ රටේ හැම දෙයක්ම තීරණය කරන්නෙ දෛවඥයො(තක්කඩි බඩගැත්තරයො ) නිසා ඔබාමගෙන් හෝ පුටින් ගෙන් පසු විමල් ඒ රටවල ජනපති වීමේ ග්‍රහ පිහිටීමක් ඇතැයි දෛවඥයො (තක්කඩි බඩගැත්තරයො ) කියා ඇත්නම් විමල් ඒ අදහසට අනුව ක්‍රියා කරන්නටත් ඉඩ තිබෙනවා.
    එහෙම නැතිනම් විමල් ගෙ උපරිම සැපය ඇමති සැපය බවයි අපි නම් හිතන්නෙ.ඔහු එජාප රජයක වුනත් ඇමති සැප ලබාවි.මේ රටේ දේශපාලනයට තියන එකම සුදුසු කම වාචාල කම නිසා.
    පිලිප් ගුනවර්ධන එජාපයෙන් තරඟ කරල පැරදිලා දේශපාලනය අවසන් කර ගත් ලෙස විමල්ට සිද්ධ වෙන්නෙ නෑ.විමල්ට ඕන පැත්තකට කතා කරන්න පුළුවන් නිසා.
    ඒත් අද විමල් එළියට තබන අඩිය ඔහුට පුද්ගලිකව අවාසියි.චම්පිකටත් එහෙමයි.අවාසියි කියන්නෙ බලවේග විදියට.පුද්ගලයන් ලෙස නොවෙයි.පුද්ගලයන් ලෙස ගත්තොත් නම් යූඇන්පී ආන්ඩුවකින් වුනත් මේ අයට ඇමතිකම් දෙයි.
    බලවේග ලෙස නම් ආන්ඩුවෙන් වියුක්ත ගමනක් යන්න ගියොත් අහිගුන්ටිකයගෙන් වෙන්වෙලා ගිය නයාට වුන වැඩේ වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  6. රිම් එකෙන් හරි ආණ්ඩුව ඇදැන් යන්නේ පි.බී...මිනිහාව අහක් කරලා ඕතැනට දාන්න පුළුවන් නිළධාරියෙක් ආණ්ඩුවට නෑ....

    ReplyDelete
  7. http://www.vikalpa.org/?p=20716
    විමල් ගැන හොඳම විග්‍රහය මේකයි.

    ReplyDelete
  8. විමල් කරන්නෙ ගරු රගපමක්.ඔහුට අවශ්‍ය ජාති වාදි බලවේග දිනා ගනීම හා ආණ්ඩුවෙන් එලියට යන බලවේග අඩපණ කිරීම. මේ කරණයෙදි ඔහු චම්පික තරම් අවංක නෑ.

    ReplyDelete
  9. දේශපාලන වශයෙන් සවිඥානික මිනිසුන් විමල් කියන දේ හොදින් ඇසිය යුතුයි, ඒ ඔහු මිනිස් සමාජයට කෙල වන්නට සූදානම් වන්නේ කෙසේද කියා දැන ගැනීම සඳහාය. ඔහුගෙන් මිනිස් සමාජයට සිදු වන කිසිදු යහපතක් නොමැත, ඒ ඔහුට ඇති එකම හැකියාව වාචාල පමනක්ම වන නිසාය. ඔහුගේ එකම බලාපොරොත්තුව සැප ගැනීමයි.

    ReplyDelete
  10. Excellent Drama.. Has anybody seen the picture of handing over of the 12 point proposal ? Just like a wedding reception photo.. Other than that all are well stage managed by the boss..

    ReplyDelete
  11. තිර රචනය හා ඩිරෙක්ටින් මරා සමග රෑගුමෙන් හදාගත් පුතා බව ඔප්පු කර පෙන්විය.පිබි ට වගෙ ඉලක්කම් විජ්ජා දක්වන්නට බෑසිල්ට තියා කබ්බාට වත් බෑරි කොට වෙන මොනවා කරන්නද අඩුම වටිනාකම ඈති කෑල්ල ගලවා සිත සනසවා ගන්නවා හෑර

    ReplyDelete
  12. විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපතියාණෝ

    http://taboosubjects-mirrored.blogspot.com.au/2014/05/wimal-weerawansa-happy-go-lucky.html

    ReplyDelete
  13. ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි

    http://www.elakiri.com/forum/archive/index.php/t-721218.html

    ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි

    ReplyDelete
  14. ගරු විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා රුපියක් ලක්ෂයක් තෑගි දිනන්න
    http://www.elakiri.lk/forum/showthread.php?t=718888

    ReplyDelete
  15. ඊයේ අවසන් ගමන් ගිය සැලිනෝනා වීරවංශ මෑණියන..

    සැලිනෝනා වීරවංශ මැණියෙනි,

    ඇකයෙහි හොවා පුතකුට කිරි දීමෙන් මවක ලබන අපරිමේය සතුට දෙවැනි වන්නේ නම් ඒ එම පුතණුවන්ගේ නැණ ගුණ වියතුන්ගෙන් ඇසීමෙන් පමණකැයි තිරුක්කුරල් නම් පුරාණ සාහිත්ය ග්රන්ථය කළැයි කියන තිරුවාලූර් නම් දෙමළ පඬිවරයාගේ අදහසය. ඔබ එබඳු භාග්යවන්ත මාතාවක නොවීම ගැන අපි උදක් කණගාටු වෙමු. ඔබේ ප්රකට පුත්රයා ගැන ඔබට එතෙක් මෙතෙක් අවසන් හුස්ම හෙළන තුරුම ඇසෙන්නට ඇත්තේ ඔහුගේ නැණ මඬල පෙළහර හා යහගුණ වෙනුවට “ඕකා මළා නං හොඳයි” වැනි කර්ණ කඨෝර වූ, අවමන් සහගත කියමන් වීම මොන තරම් අවාසනාවක්ද? අනේ,මගෙ පුතා ඇමතිකෙනකු වුනා නේද කියා සතුටක් ලැබීමටවත් ඔබ අවස්ථාවක් නොලැබුවා නේද?
    ඔබේ පුතණ්ඩියා ගැන අද කෙනකු සඳහන් කළේ “කඩේ යන්න ගිහින් අම්මවත් මරාගත්තු එකා” යනුවෙනි. මෙහි සත්යයක් ඇතිය අපි නොසිතමු. එහෙත් එය ඔබේ පුත්රයා ගැන දෙනු ලැබූ අපූර්ව චරිත සහතිකයකි. ඔබගේ මරණය හා ඔහුගේ උපවාසය අතර සම්බන්ධයක් ඇතා හෝ නැතුවා, ඔබ ගිලන්ව ඔත්පොළව ඉන්නා බව දැනදැනම ඒ තඹ සතයකට මායිම් නොකොට තමන්ගේ දේශපාලන ප්රතිරූපය ගොඩ නඟා ගැනීමට ඔහු උත්සුක වූ බවද. අවසාන දින තුන තුළ මොහොතකට හෝ ඔහු ඔබ දකින්නට නොපැමිණි බවද දැන් රටම දන්නා සත්යයකි.

    ReplyDelete


  16. මෑණියෙනි, පුතකුගේ වනචර ක්රියා කලාපය පිළිබඳව වැදූ මවුන්ට දොස් පැවරිය යුතු නැතැයි අප සමාජයේ කොටසකගේ කියැවීමය. හැදුණු දෙමාපියන්ට දාව අපමණ නොහැදුණු දූ පුතුන් බිහිව ඇති බැව් උහු කියති. එහෙත් ඔව්හුම අනෙක් අතට දරුවකු වැදීම පමණක් නොව ඒ දරුවා උස් මහත් කොට හොඳ අධ්යාපනයක් ලබා දී හොඳ නරක කියා දී සමාජයේ වැදගත් පුරවැසියකු කිරීමද දෙමාපියන්ගේ යුතුකමකැයි කල්පනා කරති. ගෞතමයන්ද එය පරාභව සුත්රයෙහි දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු පස් වැදෑරුම් යුතුකම් අතර අවධාරණයෙන් සඳහන් කර ඇති බැව් තවමත් ඉරුදින දහම් පාසල් වල ඉගැන්වෙන්නේය. එනයින් කිසිදිනෙක දහම් පාසලෙක පස් පාගා නැති සේ හැසිරෙන හැකි ඔබේ පුත්රයාගේ අමන, අසෝබන, ජඩ ක්රියා කලාපය ගැන සමාජය ඔබට දොස් පැවරීමේ වරදක් වෙතැයි ගිණිය නොහැකිය.
    මෑණියෙනි, ඔබේ කුටුම්භයද අයත් වූයේ වේලුපිල්ලෙයි පිරබාහරන්ගේ, රෝහණ විජේවීරගේ සේම හීන යැයි සම්මත කුලයකට බැව් අපි අසා ඇත්තෙමු. ජන්මයෙන් වසලයකු නොවන බැව් මුණි වදන වුව අපේ නොමේරූ ප්රාථමික සමාජයේ වැඩි දෙනකු තවමත් හැසිරෙන්නේ ඒ නොදන්නවුන් හෝ අමතකකළවුන් සේය. එබඳු පරිසරයක හැදී වැඩීමේදී ජනිත වන පීඩනය බාහිර සමාජයට දැඩි ලෙස වෛර කිරීමට කුඩා දරුවකු නිතැතින්ම පොළඹවන සුළුය. කුල පීඩනය අප පිළිකුළෙන් යුතුව බැහැර කරන්නේ යම්සේද, එබඳු සමාජ විරෝධී ප්රති-කුල-පීඩනාවේගයන්ද එසේම දුරු කොට යුතුය. එසේ නැතොත් අප රටක් හැටියට සමාජයක් හැටියට ඉදිරියට ගමන් කිරීම සිහිනයක් පමණක් වනු ඇත්තේය. මේ වෛරී සිතිවිලි තම දුවා දරුවන්ගේ මනසින් බැහැර කරලීම දෙමාපියන්ගේ යුතුකමය. සමාජය විසින් කවර පීඩනයක් ඔවුන් වෙත එල්ල කරනු ලැබුවද. ඒ අළුයම ලූ කෙළ පිඬක් සේ නොසලකා ඉදිරිය කරා ගමන්කරනායුරු ඔවුන්ට ඉගැන්විය යුත්තේය. පැටි වියෙහිදී එවන් සිතිවිලි ඔවුන්ගේ සිත් තුළින් ඉවත් නොකළේ නම් ඔවුන් වැඩිහිටියන් බවට පත්ව සමාජයට දැඩි ලෙස හානිකර චරිත බවට පත්වනු නොවැලැක්විය හැක්කේය. කණගාටුවෙන් වුව සඳහන් කළ යුතුම වන්නේ ඔබේ පුත්රයා තුළින් මෙතෙක් අප දුටුවේ එබඳු සමාජ ද්රෝහී චරිතයක් බවය.

    ReplyDelete
  17. මෑණියෙනි, ඔබේ සිත් රිදුණේ නම් කමන්න. එහෙත් ඇත්ත කිව යුතු තැන කිව යුතුය.
    සැලිනෝනා වීරවංශ මැණියෙනි,

    ඉහත සලරුවෙහි ඔබේ පුත්රයාගේ වසල ක්රියා දෙස බලන්න. නීතිය හා සාමය රකින්නට වෙහෙසෙන පොලිස් නිලදරුවන්ගේ රාජකාරියට ඔහු බාධා කරන හැටි බලන්න. තම ඇමැති පදවියෙහි ඌෂ්ණය දක්වමින් පොලිස් කොස්තාපල්වරුනට ඔහු තර්ජනය කරන අයුරුද බැළයන් ලවා තර්ජනය කරවන අයුරුද පිරික්සන්න. මෙබඳු සලරූ දැක්මෙන් වත්මන් පාසල් දරුවන් කවර නම් ආදර්ශ ලබා ගනු ඇත්දැයි සිතන්න. මේ පාදඩ, අධම, ජඩ හැසීරීම ගැන වගකීමෙන් ගැලැවෙන්නට ඔබට හැකියාවක් තිබේද? මේ අසෝබන, වසල හැසිරීම මවක හැටියට ඔබ නිසි කල ඔබේ සමාජ යුතුකම් ඉටු නොකිරීමේ ප්රතිඵලය නොවේයැයි ඔබට කිව හැක්කෙහිද?
    මෑණියෙනි, ඔබේ ආදරණීය පුත්රයා උත්තරීතර මාතෘත්වයට පවා නිගා කළ එක් නිදර්ශනයක් පමණක් මෙහි දක්වන්නට අවසර දෙන්න.
    ඔබේ පුත්රයාගේ අදියුරුවෙන්, ඔහුගේ බැළයන් විසින් පසුගියදා කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වටකොට එහි සේවය කළ සියළු සේවකයින්ට ඉන් පිටවීම තහනම් කරන ලද්දේය. එම කාර්යාලය වටළා එහි සේවකයින් ප්රාණ ඇපකරුවන් සේ ගනිමියි ආණ්ඩුවේ ප්රබල හා ජ්යෙෂ්ට අමාත්යවරයකු සේ ඔහු දින කිහිපයකට මත්තෙන් කළ තර්ජනයම මේ අහිංසකයින් කොයි තරම් භීතියකට පත්වීද සිතා ගැනීමට ප්රමණවත්ය. ඔවුන’තර වූ එක් ගැබිණි කාන්තාවක ඔබේ පුත්රයාගේ බැළයන්ට ආයාචනා කොට ඇත්තේ තමන්ට ඉවතට යන්නට ඉඩ දෙන ලෙසය. රාවය කියන හැටියට ඊට ඔබේ ආදරණීය පුත්රයාගේ ප්රතිචාරය වී ඇත්තේ “එහෙම යන්න දුන්නොත් කී දෙනෙක් යයිද?” කියාය. මෑණියෙනි, ජාතිය බේරා ගැනීම ගැන පොර ටෝක් දෙන මොහු එම ජාතියේම නූපන් දරුවකු ගැන දැක්වූ කැක්කුම මෙයින් ගම්ය නොවන්නේද?

    සැලිනෝනා වීරවංශ මැණියෙනි,

    මේ ඔබ ඔබේ පුතණුවන්ට මනුස්සකම කියා දුන් අයුරුද? ඔහු මෙවැනි තිරිසනකු වුයේ ඔබේ වරදින්ද නොවේ යැයි ඔබට කිව හැක්කේද?
    මෑණියෙනි, මේ අමන පුත්රයාට අමතරව ඔබ තව දුපුතුන්ද රටට බිහි කළේයැයි ඇසීමු. ඔවුනටවත් ඔබ හොඳ නරක කියා දී රටට සමාජයට වැඩදායක පුරවැසියන් බවට පත් කිරීමෙන් ඔබේ රටට ඇති ණය පියැවීය සිතමු.
    සැලිනෝනා වීරවංශ මැණියෙනි,
    අපි භෞතිකවාදීන් ලෙස පුනර්භවය හෝ නිර්වාණය නොඅදහමු. එහෙත් ඔබේ ප්රාර්ථනය එය නම්, මතු භවයන්හීදීවත් ගුණ නැණ බෙලෙන් යුතු එක් පුතකු හෝ බිහි කිරීමට වාසනාවන්ත වී සංසාර කෙළවර ශාන්ත වූ අමාමහ නිර්වාණය ඔබට අත් වේවාය පතමු.

    ReplyDelete
  18. විමල් , එයාගේ ප්‍රවෘත්ති සාකච්චාවේදි කියනවා ලංකාවේ ජාතික ප්‍රශ්ණයට දේශපාලනමය විසඳුමක් සෙවිමට දකුණු අප්‍රිකාව සම්බන්ඳ කර ගන්නවාට එයා දැඩි ලෙස විරුද්ධයි කියලා, අපේ ප්‍රශ්ණේ ආයේ ජාත්‍යාන්තරකරණය වන නිසා.විමල් කොළුවලා බොහොම අමාරුවෙන්ලු නොර්වේ කාරයෝ අතේ තිබුණු ප්‍රශ්ණේ ගලවලා ගත්තේ.මේ මෝඩ විමලයාට අමත්ක වෙලා දැන් ප්‍රශ්ණේ නැවතිලා තියෙන්නේ ජිනිවා වල කියලා.ජිනිවා කියන්නේ සියළු ජාත්‍යාන්තර වල 'මව් ජාත්‍යන්තරය' කියලා.විමල් හරි ලාමකයි.ලාමක විතරක් නෙවෙයි ලාමක ටිං ටිං.

    ReplyDelete
  19. පැරා ඔබ උඩ දාගෙන වර්ණණා කල (පෙර ලිපියෙන්) විමල්ට ඔබෙ පාඨකයන්ගෙ පිලිගනීම ගැන මොකද කියන්නෙ?
    ITN හැර තොරතුරු ගවිෂණය කරන අයගෙන් ඔහුට තිබෙන පිලිගනීම පිළිබද පැතිකඩක් මේ ප්‍රතිචාර වලින් පේනව.

    ReplyDelete
    Replies
    1. සරලව කියනවා නම් විමල් කියන්නේ කිසිඳු තනතුරක් දැරීමට නුසුදුසු ජඩයෙක්.

      Delete
    2. හරිනම් ඔහුගේ වුෂණ කෝෂ වලින් එල්ලන්න ඕනෑ පොරක්

      Delete
    3. Sweet dreams baby........Weerawansa speaks to a different crowd. Attack him in the correct battle field.

      Delete
  20. OBITUARY

    Sanjaya Senanayake, one of the pioneering Sri Lankan bloggers, died May 20 after a long time suffering from a cancer. He was also a political activist, a journalist, and an actor for at least one tele drama. He played the role of the unforgettable ‘podi hamuduruwo’ in Asoka Handagama’s post-tsunami creation ‘Negenehira veralin esena’ (The east is calling).

    Sanjaya was a raucous blogger and a serious critic of Chandrika/Ranil/Rajapaksa governments in early and mid ‘00s. He blogged in English. So it is unlikely that he is well known among the Sinhala bloggers. He could be among the first five Sri Lankan bloggers.

    Sanjaya Senanayake was the son of late Ms. Sunila Abesekera.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා