ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා සෝභිත හිමි නම්.......

පසුගිය දිනෙක අපි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයකු ප්‍රවර්ධනය කරන්නට යෝජනාවක් ඉදිරිපත් කළෙමු.

එම යෝජනාව මත පදනම්ව මෙතැනත්, වෙනත් තැන්වලත් සංවාදයක් අවදි කරන්නට අපට හැකි විය. 

අපගේ යෝජනාව හා සම්බන්ධව මතු කෙරුණු මූලික අදහස් මෙවැනි විය.

  • පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂගේ ආකර්ශනීය පෞරුෂය අභිභවා යා හැකි අයෙක් විය යුතු ය.  
  • ඔහු / ඇය සමාජය හොඳින් දන්නා අයෙක් විය යුතු ය. 
  • ඔහු / ඇය ජනතාව අතර හොඳින් අලෙවි කළ හැකි පුද්ගලයෙක් විය යුතු ය. කොටින් ම කියනවා නම්, ඔහු / ඇය සම්බන්ධයෙන් ජනතාව අතර හොඳ ඉල්ලුමක් ඇති විය යුතු ය. 

මෙම කාරණාවලට අදාළව ගත් විට, දැනට සිටින නිර්මාල් රංජිත් දේවසිරි යනු එතරම් ශක්තිමත් තරගකරුවෙක් නො විය හැකි බව මම පිළි ගනිමි. එහෙත්, මා යෝජනා කරන්නේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ගොඩනැගීම පිළිබඳවයි. එය වනාහි සියලු දේශපාලන බලවේගවල මැදිහත් වීමෙන් බිම් මට්ටමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ සිදු විය යුතු බව ද මම අවධාරණය කරමි. ජනාධිපතිවරණය ජය ගැනීම තරමට ම හෝ ඇතැම් විට එයටත් වඩා, මෙම ජනාධිපතිවරණ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වැදගත් ය.

එපමණක් නොව, ඇතැම් අදහස්වලින් කියැවෙන පරිදි පොදු අපේක්ෂකයා සිංහල ජාතිවාදියකු ද විය යුතු ය. එම නිර්නායකය අනුව නම් නිර්මාල් සම්පූර්ණයෙන් ම අසාර්ථක ය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් නිර්මාල් පවසන්නේ තමන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන පොදු අපේක්ෂකයා මාදුළුවාවේ සෝභිත හිමි බවයි. 

භික්ෂූන් දේශපාලනය නො කළ යුතු ය යන බොළඳ අදහසේ මම නො සිටිමි. එහෙත්, හුදෙක් ම සිවුරු දරන නිසා ම, භික්ෂූන් යනු සමාජයෙන් උත්තරීතර ගෞරවයක් හිමි කර ගත යුතු පිරිසක් ලෙස ඇති පිළි ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සමග පරස්පර තත්වයක් නිර්මානය කරයි. 

මේ ආගමික භක්තියත්, වෘත්තීය සමිති දේශපාලනයත් එකට පටලවාගෙන ඇන ගත් තැනකි, හෙද සේවය. මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සභාපතිත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමෙන් ඔබට මෙම තත්වය තේරුම් ගැනීමට හැකි වනු ඇත. සමන් රත්නප්‍රිය මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත. නිදසුනක් ලෙස, වෘත්තීය සමිති රැස්වීමකදී සාමාජිකයන්ට සමන් රත්නප්‍රියට හූ කියන්නට පුළුවන් වුණත්, හෙදියෝ හිතන්නේ හාමුදුරුවන්ට එසේ කිරීම වරදක් බවයි. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හොරිකඩ වැඩ ඉවසා සිටින්නට හෙදියන්ට සිදු වී තිබේ. 

සෝභිත හාමුදුරුවන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මෙම තත්වය වෙනස් කරන්නට හැකි නම් ඇත්තෙන් ම සමාජයට හොඳ ය. කොටින් ම කියනවා නම්, මහින්ද ර‍ාජපක්ෂ කොච්චර ලොක්කෙක් වුණත්, අපි කිසි දිනෙක මෙම බ්ලොගයේදී ඔහුගේ නම අගට මහතා කියන කෑල්ලවත් එකතු කර නැත. එහෙත්, ඥානසාර භික්ෂුව කොයි තරම් නො වටිනා පුද්ගලයෙක් වුණත්, ඔහුගේ නම අගට හිමි කියා ලියන්නට අපට සිදු වී තිබේ. 

කිසිදු ආගමක් නො අදහන, මිනිස් සමාජයේ සමගියේ හා සමානාත්මතාවේ නාමයෙන් සියලු ආගම්වල විනාශය ඉත සිතින් ප්‍රාර්ථනා කරන මටත් තත්වය ‍එහෙම නම්, එහෙම දෙයක් ප්‍රසිද්ධියේ නො කියන නිර්මාල්ටත්, මේ රටේ පොදු ජනතාවටත් මාදුළුවාවේ සෝභිත හිමි දවසකටවත් ජනාධිපති වුණොත් මුහුණ දෙන්නට සිදු වන තත්වය කෙබඳු ද යන්න සිතා ගත හැකි ය. 

සමගි පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් රැස්වීමේදී සිරිමාට තිබුණු ප්‍රශ්නයක් ගැන පොතක සඳහන් වූ දෙයක් අපේ මිතුරකු කීවේ ය. ඒ අනුව, ඇය කැබිනට් රැස්වීමට එන විට ඇන්.ඇම්. හා කොල්වින් නැගිට ආචාර කළේ නැත. අනෙක් අය එසේ කළ හ. 

සෝභිත හිමිගේ කැබිනට් රැස්වීම පැත්තක තියමු. ඔතන ඉන්නවුන් නාමල් රාජපක්ෂට වුණත් වඳින එවුන් නිසා උන් ජනාධිපති සෝභිතට කොහොම කළත් අපට කමක් නැත. ජනාධිපතිවරණ රැස්වීමකදී අපි හැසිරිය යුත්තේ කෙසේ ද? විසිල් ගහනවා ද? අප්පුඩි ගහනවා ද? සාදු කියනවා ද? 

දැන් යන ආකාරය අනුව ජවිපෙ විතරක් නොව, හෙළ උරුමය, විමල් පක්ෂය වැනි බලවේග පවා සෝභිතගේ ජනාධිපතිවරණ කැම්පේන් එක පසුපස එල්ලෙනු ඇත. ලංකාවේ ජනතාව ගොනාට අන්දන්න ‍හොඳින් දන්නා මේ බලවේග ටික හා පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හිමි එකතු වූ පසු රනිල්ගේ සිට නිර්මාල් රංජිත් දේවසිරි දක්වා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ද ජනාධිපතිවරණ පෙරහරේ යන්නට වන්නේ "සාදු සාදු බුදු පෙරහර සාදු සාදු සා........දු" කිය කියා ය. ඒ පෙරහර කෙළවර අපේ නිර්මාලුත් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිර්වාන සම්පත්තිය සාක්ෂාත් කර ගනු ඇතැයි, දෙයියම්පා මට නම් බය ය.

දැනට ඉදිරිපත් වී සිටින අය අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවීමට මාකට් කළ හැකි හොඳ ම පොදු අපේක්ෂකවරයා සෝභිත හිමි බව මම ද පිළි ගනිමි. එහෙත්, අපේ ජනාධිපතිවරණ අපේක්ෂක ක්‍රියාවලිය තුළ මාදුළුවාවේ සෝභිත හිමි, සෝ්‍භිත හිමිගේ සිට සෝභිත සහෝදරයා දක්වා පරිවර්තනයක් සිදු විය යුතු ය. එය ව්‍යාපාරය ඇතුළතින් මෙන් ම පිටතින් ද සිදු විය යුතු ය. එහෙම නො වුණොත්, සෝභිත හිමි ජනාධිපති වීම ලංකා‍ව බෞද්ධ ආගමික රාජ්‍යයක් ලෙස තහවුරු වන පියවරක් වනු ඇත.

හමුදා නායකයන් ජනාධිපති වී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ අවස්ථා ගැන ලෝකයේ උදාහරණ තිබේ. මාදුළුවාවේ හිමිට ද එහෙම කරන්නට අවශ්‍ය පෞරුෂය තිබේ. එහෙත්, ඒ පිළිබඳ සමාජයට වගකීම් සහතිකයක් තිබිය යුුතු ය. නැතිනම්, මේ අප වැනි හාල් කෑලිවලට සිදු වන්නේ එන්න ඉන්න හොටු ගෑනිට වඩා දැනට ඉන්න කැහි ගෑනි හොඳා කියන්නට ය. නැතිනම්, තොපිට හොඳ නම් ඕනැ කුදයක් ගහගනියව් කියා කඩේ වසා බුදියගන්නට ය. හැබැයි, ඒ සමග අප ද මතයක් ප්‍රවර්ධනය කරන බව ද මතක තබා ගන්න.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට බලයට ආ චන්ද්‍රිකා ගියේ අවුරුදු 11ක් ම රට ගූ කරලා ය. ගූ කරපු තරම කෙතරම් ද යත්, 2005 වන විට මහින්ද රාජපක්ෂට ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා ය කියා බලයට එන්නට හැකියාව තිබිණි. 

කියපු දේවල් නො වුණේ මේ ජනාධිපතිවරණ ව්‍යාපාර පිටුපස ප්‍රජාතන්ත්‍රවාදී මහජන ගොඩනැගීමක් නො තිබුණු නිසා ය. තිබුණේ ප්‍රචාරකවාදී මත ගොඩනැගීම් පමණි. 2010දී පවා තත්වය එය ම විය.

මෙහිදී ජවිපෙට හා එක්සත් ජාතික පක්ෂයට වැදගත් භූමිකාවක් රඟපෑ හැකි ය. ඒ වනාහි ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වෙනුවෙන් බිම් මට්ටමෙන් මහජන පෙළගැස්මක් ඇති කිරීමයි. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කවරෙක් වුවත්, එම පෙළගැස්ම කළ යුතු ය. ඔවුන් එය නො කරන්නේ නම් අප හෝ එය ආරම්භ කළ යුතු බව මම යෝජනා කරමි. 

මූලික ප්‍රශ්නය මෙයයි:

ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පොදු අපේක්ෂකවරයා විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද?  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පොදු අපේක්ෂකයා ජෝක් එකක් කිරීමේ මැදමූලන කොන්ත්‍රාත්තුව බාර ගත් වම් ඉවුරේ ජේකොබ්ලා -විමල්ගේ විග්‍රහය------

    (ලංකා ඊ නිව්ස් -2014.මැයි.10, ප.ව.8.00) මැදමූලන රාජපක්ෂ බිය වී දඟලන එකම සාධකය විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු බිහිවීම මිස වෙනත් කිසිවක් නොවේ. පොදු අපේක්ෂකයෙකු බිහිවීමෙන් මීලඟ ජනාධිපතිවරණයේදී කුමන ජිල්මාට් දැමුවද තමා ඉන්තේරුවෙන්ම පරදින බව ඔහු දනී. එබැවින් දැනට විපක්ෂයේ ජනයා සාකච්ඡා කෙරෙන 'පොදු අපේක්ෂක' කතිකාව අතීතයේ 'ජොනීට උපහාර පිදීමෙන්' කෙළවර වූ 'උපහාර කතාව' මෙන් 'ජෝක් එකක්' කරවීමට සැලසුමක් දියත් කර තිබේ. ඉන් එකක් නම් නිස්සන් නොවන කූණිස්සන් පොදු අපේක්ෂකයන් ලෙස එක් එක් ජේකොබ්ලාගේ හඬින් එළියට ගෙන ඒමය. මේ ජේකොබ්ලා මැදමූලන වලව්වෙන් එනවා මෙන් නොපෙන්වා වම් ඉවුරෙන් එන බව පෙන්වීම මෙහි ඇති රහස් සැලසුමයි. මේ හඬවල් ජේකොබ්ලාගේ වුව අත මැදමූලන ඊසොප්ගේ බව ජනතාව හඳුනාගත යුතු බැවින් මේ සටහන තබමු.

    කුසල් පෙරේරා නමැත්තා එක් ජේකොබ් කෙනෙකි. ඔහු පසුගියදා කියා සිටියේ පොදු අපේක්ෂකයා ලෙස උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ගෙන ආ යුතු බවයි. පොදු අපේක්ෂකයා සිංහල සමාජයට පොදු වීම වරදක් සේ හේ දකී. මේ හාදයාට ගණන් බැරිය. නැතිනම් රටේ ජනාධිපතිවරණයට ඡන්දය දෙන ඡන්ද දායකයන්ගෙන් සියයට 74.88 ක්ම සිංහල සමාජය වෙද්දී සිංහල සමාජයට පොදු වීම පළමු සාධකය විය යුතුය යන්න තේරුම් නොගැනීමට හේතුවක් නැත. විග්නේෂ්වරන් සියයට 80 ක් කැමැත්ත ලබා ගත්තා වූ දෙමළ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා සමාජයෙන් සියයට 11.21 ක ප්‍රතිශතයක් පමණි. අනාගතයේ දිනෙක වාර්ගිකව සිතන ජනතාවකගෙන් වියුක්ත පොදු ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන සමාජයකදී කුසල් පෙරේරාගේ යෝජනාව යථාර්ථයක් විය හැකි වුවද (එසේ වීම අපගේද ප්‍රාර්ථනයයි) දැඩි ලෙස වාර්ගික සිතුම් වලින් කුරුවල් වී ඇති වත්මන් ශ්‍රී ලංකාවේ අද විග්නේෂ්වරන් ගෙන එමෙන් සිදුවන්නේ ඡන්ද දායකයා දෙමළ සිංහලව ඛෙදා සිංහල රාජපක්ෂට වාසිය අරන් දීම බව ඕනෑම ගොබ්බයෙකුට වුව තේරුම් යන්නකි. 2005 දී රාජපක්ෂ දකුණේ මිනිහා කියා ඡන්දය දුන් ජනතාවක් අනුරාධපුරයේද පොළොන්නරුවේ ද සිටි බව අමතක කළ යුතු නැත.


    2010 ඉතිහාසයේ පළමු වරට එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රසය එක්ව පොදු අපේක්ෂකයෙක් ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ අවස්ථාවේදී ද දේශපාලනඥයෙක් නොමැතිව හමුදා නිලධාරියෙක් ඉදිරිපත් කළා යැයි ප්‍රසිද්ධියේ ඊට එරෙහිව ලියමින් මහින්ද රාජපක්ෂට කඩේ ගියේද කුසල් පෙරේරා පමණක් බව අපට අමතක නැත. මහින්ද රාජපක්ෂ කොළඹ සිට කතරගමට ගිය පා ගමනේ සැලසුම් කරුවෙක් වන කුසල් පෙරේරා අද දවසේ ද වම් ඉවුරේ හිඳිමින් යන්නේද මහින්ද රාජපක්ෂ පෙන්වන පාරේම ය. වෙනසකට ඇත්තේ එදා පයින් ගිය වාසුදේව අද ප්‍රසිද්ධියේ දෙකට නැවී මහින්ද රාජපක්ෂට වඳිද්දී කුසල්ලා හොරෙන් හොරෙන් වැඳීම ය. කුසල්ට අකුසල් නොකර සිටින ලෙස අවවාද කරමු.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂක කතිකාව ජෝක් එකක් කිරීමේ මැදමූළන කොන්ත්‍රාත්තුව ගත් අනෙක් ජේකොබ් ආචාර්ය සුමනසිරි ලියනගේ ය. ඔහුගේ පොදු අපේක්ෂකයා හිටපු සරසවි ඇදුරු සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් ය. සරසවි ඇදුරු සටන බැසිල්ගේ දෙපා මුල පරිත්‍යාග කළ නිර්මාල් රංජිත් සමග අපට පුද්ගලික ප්‍රශ්නයක් නැත. නමුත් නිර්මාල් ඡන්දය දෙන්නේ ජවිපෙට යැයි ප්‍රසිද්ධියේ කියද්දී, ජවිපෙ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ගැන කියද්දී ආචාර්ය සුමනසිරි නිර්මාල් යෝජනා කිරීමෙන් සුමනසිරිගේ මනස සු මන එකක් ද නැතහොත් අ මන එකක් දැයි තේරුම් ගත හැකි ය. වරෙක රාජපක්ෂ සමග නිදි වදින ගමන් තවත් වරෙක වම් ඉවුරේද ලගින සුමනසිරි ගැන වැඩි යමක් කිව යුතු නැත. ඔහු තමා විසින් තමාවම ආචාර්ය ලෙස නම් කර ගනිමින් ජනතාව නොමග යවා සිටින්නෙකි. ඔහුට කොළඹ සරවියේ එම් ෆිල් උපාධියක් මිස පීඑච්ඩී උපාධියක් නැත. එම්ෆිල් උපාධියෙන් සහාය මහාචාර්ය වරයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකු මිස ඔහු පීඑච්ඩී උපාධියක් ලැබූවෙක් නොවේ. එවැන්නක් තිබේනම් මහජනතාවට හෙළිකරන ලෙස අප අභියෝග කරමු. සහාය මහාචාර්ය වරයෙකුට පැන්සොන් යෑමෙන් පසු මහාචාර්ය කියා භාවිතා කිරීමටද නොහැකිය. නමුත් ඔහු ඒ විලිලැජ්ජා නැති වැඩේ කරයි.

      මේ ආකාරයෙන් ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ රවටන මැදමූලන ඊසොප්ගේ අත සඟවන ජේකොබ්ලාගේ හඬ තේරුම් ගන්නා ලෙසත් පොදු අපේක්ෂක කතිකාව ජෝක් එකක් කිරීමට ඉඩ නොදෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලමු.

      අද කළ යුත්තේ පොදු අපේක්ෂකයා අරයාද මෙයාද කියා එක එක ගොබ්බයන්ගේ තක්කඩි කතා වලට ඇහුම්කම් දී ඔළුව නරක් කර ගැනීම නොව ඕනෑම පොදු අපේක්ෂකයෙකු ඉටු කළ යුතු පොදු වැඩ පිලිවෙල ගැනත්, එය ඉටු කිරීමේ යාන්ත්‍රණය ගැනත්, ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් සකසා ගැනීම ගැනත් සාකච්ඡා කිරීමය. යෝජනා ඉදිරිපත් කිරීමය. කතිකාවක් ඇරඹීම ය. සියළු පක්ෂ වලට එකඟ විය හැකි එවැන්නක් සමාජ කතිකාවේ අංක එකට ගැනීමෙන් දේශපාලන පක්ෂ වලට මෙන්ම ඕනෑම පොදු අපෙක්ෂකයෙකුට ඉන් පලා යා නොහැකි ද වනු ඇත.

      එවැනි වැඩ පිලිවෙලකට සියළු පක්ෂ සහාය දෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට ඕනෑම පක්ෂයකින් ඉදිරිත් කරන ඕනෑම පොදු අපේක්ෂකයෙක් කජු කනවාක් මෙන් මරා පරාජය කරන බව සහතික ය.

      -විමල් ධීරසේකර විසිනි-

      Delete
    2. විමල් ධීරසෙකර වගෙ සින්හල විරොදී ඩොලර් පෙරෙතයො පොදු අපෙක්ශකයා පිටිපස්සෙ හිටගත්තොත් ඒකම ඇති මහින්ද දිනන්න. මෙ තකතීරු, වගකීමක් නැති, දෙමල ජාතිවාදය පොශනය කරන මොලයක් නැති මැට්ටා හිතන්නෙ විග්නෙශ්වරන්ට මෙ රටෙ ජනාධිපති වෙන්න බැරි සින්හල මිනිහා වාර්ගිකව හිතන නිසා කියලයි. මෙ අවජාතක ද්‍රොහියාට පෙන්නෙ නෑ රටෙ එක එක නිජභූමි හොයන, එක එක ජනවර්ග වලට වෙනම ස්ව්යන්පාලන ආණ්ඩු හදන්න යන විග්නෙශ්වරෙන්ගෙ ගොත්‍රික වාර්ගික මානසිකත්වය. ඒ වගෙ ගොත්‍රික වාර්ගික මානසිකත්වයක් තියෙන මිනිහෙක්ට සින්හල මිනිහෙක් හො මුස්ලිම් මිනිහෙක් මොකටද චන්දෙ දෙන්නෙ කියන සරල තර්කයවත් නොතෙරෙන උන් ආණ්ඩු පෙරලන්න හදනවා!

      Delete
    3. කුසල් පෙරෙරා කියන්නෙ සින්හල ඊලාම්වාදියෙක්. ඔහුට රනිල් ආවත්, ෆොන්සෙකා ආවත්, මහින්ද පැරදුනාට මදි පලාත් සභා වලින් එහාට ගිය, ඉන්දියාවෙවත් නැති ආකාරයෙ දෙමල ස්ව්යන්පාලනයක් බිහි නොකලොත්. අපි මොහොතකට හිතමු, යූන්පී වර්තමාන තකතීරු නායකත්වය විග්නෙශ්වරන් පොදු අපෙක්ශකයට කැමති උනා කියලා. එහෙම උනොත් විග්නෙශ්වරන් සින්හල චන්දත් අරගෙන අඩුම ගානෙ 40% චන්දයක් ගන්නවා. ඊට පස්සෙ දෙමල සන්ධානය මතයක් හදනවා රටෙ 40% දෙමල නිජභූමි සන්කල්පය පිලිගත්තා, පුලුල් බලය බෙදීමක් පිලිගත්තා කියලා. දෙමල සන්ධානයට මහින්ද පරද්දනවට වඩා ඒ මතවාදී ජයග්‍රහණය වැදගත්. ඒකයි ඒ කතාවම සින්හල ඊලාම්වාදී කුසල් පෙරෙරා දකුනෙ මතුරන්නෙ. අපිට අන්තිමට කියන්න තියෙන්නෙ විමල් ධීරසෙකර වගෙ ඇච්චොන්ට වඩා දෙමල සන්ධානය හා කුසල් පෙරෙරා ඉන්නෙ ඉදිරියෙන්. තමන්ගෙ අවශ්යතාව තමන්ගෙ ඉලක්කය මොකක්ද කියලා උන් හරියටම දන්නවා.

      Delete
    4. ඇත්තටම රනිල් ට බයද

      Delete
    5. ඇලෙක්සැන්ඩර සීයාMay 11, 2014 at 5:46 PM

      පැරකුම් පුතේ .
      අපි වගෙ නොදියුනු රටවල නායකයො තෝරන්නෙ බලවත් රටවල තීන්දු තීරන ගන්න නැන්දලා මාමලා. උඹ ඔය මනස්ගාත නොලියා දේශිය කොළ කැඳ කොප්පයක් බීලා , පොඩි ඇක්සයිස් පාරක් දාලා, ගොලිප් එකකුත් ගහලා හවස ඉන්දියන් මරුටියෙ පවුලෙ සැවොම ගිහින් කොස්තාපල් පුන්නසෝම බලපන්.එක එකා එකාගෙන් සමච්චල් නොවි.

      Delete
  2. මොන පොදු අපෙක්ෂකයෙක් හිටියත් මේ රට රැකගෙන ඉදිරිය යන්න තරම් කොන්ද පන තියෙන කෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති හැර වෙන කවුරුවත් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද අනෙක් අය කරන්නේ බයිලා ගහන එක විතරයි. හොඳ කරන් නරක කියන නරක කරත් නරක කියන අයගෙන් ඇති වැඩේ මොකද්ද? ඔය පොදු අපෙක්ෂකෝ නෙමේ ඕන රට රැක ගන්න පුලුවන් කොන්ද තියෙන නයකයෙක් ඕන. තාමත් මතක නෑ අවුරුදු 133 සුද්දගෙ යකඩ සපත්තු වලට පෑගිලා හිටිය කාලේ.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. ඔය කොන්ද හරියට අර සීතාම්බර පට සළුව වගේ.ගොන් වහන්සේලාට මාර කෙලින් වගේ පෙනෙනවා.ඒත් විමසිල්ලෙන් ඉන්න එකාට පෙනෙනවා ඒ කොන්දට පොල්පිති බැඳලා තියෙන බව.

      Delete
    2. මේ වගේ ගොන් මූසලයෝ ඉද්දි කොහෙද මේ දහජරා පාලනය ඉවර කරන්නෙ. //ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න//බුද්ධිමතුන් කියලා ශුවර්ද ඈ..

      Delete
    3. අනේ යකෝ මී හරකො......... කොන්ද නෙවෙයි පක කෙලින්ද කියල බලපන් ගිහින්.

      Delete
  3. ලංඩන් නුවර සිට,
    පැරා AKA පස්දුන් කෝරළේ මහදැනමුත්තා වෙත.

    ඔබේ මෙම බුද්ධිමත් අදහස් මට වැටහේ,
    මෙම රෝගයට දොස්තර හොඳහිත හමුවන්න.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් ඔයා ලන්ඩන් නගරයේ මානසික වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගන්න.

      Delete
  4. දොස්තර හොඳහිතMay 11, 2014 at 11:24 AM

    Dr.J. Dolittle වෙත.

    පශ්ච‍ාත් මාක්සියානු සමාජවාදී ජාතිවාදී මුඛ කුර රෝගීන් විශාල සංඛ්‍යාවක් වාට්ටුවල පිරි ඇත. පස්දුන් කෝරළේ මහදැනමුත්තාට සායන ලියාපදිංචිය දෙන්නම්.

    ReplyDelete
  5. පොදු අපේක්ෂකයෙකුට වුනත් මහින්ද රාජපක්ෂ පරාජය කරන එක හිතන තරම් ලේසි නැහැ.පාට කන්නාඩි වලින් මේක දිහා බලන අය ඊනිව්ස් පන්නයේ ආතල් එකක ඉන්නව පහුගිය පළාත් සභා චන්දෙන් පස්සෙ.කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශ වල ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ශ්‍රීලනිප ප්‍රමුඛ වමට බර චන්ද වැඩියි.දකුනෙත් එහෙමයි.කොළඹ හා හමබ්න්තොට ප්‍රතිපලය රටට ආදේශ කරන්න බෑ.හම්බන්තොට කියන්නෙ විශේෂ තැනක්.මොකද විශාල ජේවීපී චන්ද ප්‍රමානයක් තිබෙන නිසා.කොළඹ දිනුවෙ සුළුජාතික චන්ද නිසා.ගාල්ල හා මහනුවරත් තියෙන්නෙ මේ තත්වය.
    මහින්ද රාජපක්ෂ ඉල්ලන චන්දෙකදි මේ තත්වය වෙනස් වෙනව.මොකද ඔහුගෙ පෞර්ෂය පරයන පෞර්ෂයක් තිබෙන කෙනෙක් නැති නිසා.නමුත් සෝභිත හාමුදුරුවො ඉල්ලුවොත් යන්තමින් හෝ දිනන්න බැරි කමකුත් නෑ.
    සෝභිත හාමුදුරුවො ජනාධිපති වුනොත් අනික් අය වගේමයි කවදාවත් ඕක අහෝසි කරන්නෙ නෑ.ඊට පස්සෙ එක එක වැල් බයිල කිය කිය ඊලඟ අවුරුදු හයයි ඕනනම් තවත් අවුරුදු හයකුයි ඉදියි.

    ReplyDelete
    Replies
    1. විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කර 17 ස්ථාපිත කරනව කියල සෝභිත ලංකාවේ ජනතාවට කාල රාමු ඇතුව ලිඛිතව පොරෙන්දුවක් දුන්නොත් අනිවා සෝභිත දිනනව.

      Delete
    2. එච්චර ලේසියෙන් දිනන්න පුළුවන් නම් අපරාදේ මේ ගැන වාද කරන්නේ.......... උඹල වගේ මෝඩ චූන් කාරයෝ කරන්නේ රජා පරදින හීනේ දකින එක විතරයි. ප්‍රතිවාදියා අවතක්සේරු කරන එක තමා ඔහුට කරන ලොකුම උදව්ව.

      Delete
    3. ඇත්තෙයි........ එතකොට උබ මොන ජතියේ චූන් කාරයෙක්ද? එහෙනම් කියහන් බලන්න උබේ ඔය මහ ලොකු මොලේ පවිච්චි කොරල රජාව පරද්දන විදිය.

      Delete
    4. මීට කලින් බලයට ආපු දෙන්නත් ආවෙ ඔය පොරොන්දුව දීල තමයි. කැමතිනම් තව පාරක් ට්‍රයි කරල බලන්න පුලුවන්.
      ලංකාවෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ විධායක ජනාධිපතිකමයි, 17 වන සංශෝධනෙයි ද ?.

      Delete
  6. පොදු අපේක්ෂක කතාව රනිල්ට බය සෙට් එක රනිල්ට කෙලින්න හදපු එකක්. ඕ යැර්ස් !

    ReplyDelete
  7. මේ වැඩේට සෝභිත හිමි ගැලපෙන්නේ නැහැ සෝභිත හිමියන්ට දෙමල,මුස්ලිම් සහ කතෝලික ජන්ද නොවැටෙන්න පුළුවන්.හැමදේටම කලින් රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න ඕනනේ ඒ සඳහා වඩාත්ම සුදුසු දෙදෙනෙක් ඉන්නවා ඒ ශිරාණි බණ්ඩාරනායක සහ කුමාර සංගක්කාර යන දෙදෙනායි.මේ දෙදෙනාම සම්බන්දව සමාජයට ගැටළු තියෙන්න පුළුවන්.ඒ වුනත් ජාති ආගම් භේද නොතකා සියලු ලාංකිකයන්ට මේ දෙදෙනාට කැමති වීමේ හැකියාව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සොභිතා හාමුදුරුවො චන්දෙට ආවොත් සින්හල මිනිහට වඩා උන්වහන්සෙට චන්දෙ දෙන්නෙ දෙමල මිනිහා. මොකද උන් දන්නවා සොභිත හාමුදුරුවො ඉදිරිපත් උනත් වෙන කවුරු ඉදිරිපත් උනත් පොදු අපෙක්ශකයා පිටිපස්සෙ වෙනම බලවෙගයක් ඉන්නවා, සින්හල චන්ද දෙකට නොබෙදා මහින්ද එලවන්න බෑ, මහින්ද එලවන්නෙ නැතුව ඊලාම් ව්යාපෘතිය ඉදිරියට ගෙනියන්න බෑ කියලා. ඒක නිකන් හමුදාවෙ සෙබලෙක් උතුරෙ පාරක දැක්කත් ලේ කොප වෙන දෙමල සන්ධානය 2010 චන්දෙදී ෆොන්සෙකාට සමග එකට හිටගත්තා වගෙ එකක්.

      සන්ගක්කාර වෙවා, ශිරානී වෙවා දෙශපාලනයට අහසෙන් පාත් වෙන පොදු අපෙක්ශකයෙක්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. මොකද මිනිස්සු දන්නවා පොදු අපෙක්ශකයා මිනිස්සු අතරට ආවට ඔහුට/ඇයට පිටිපස්සෙ ඉන්නෙ බලය ලබාගන්න බැරි විවිද දෙශපාලන බලවෙග කියලා.

      Delete
    2. ඔබට අමතක වූ කරුණක් කියන්නම්.1993 දී චන්ද්‍රිකා කුමාරතුංග පැරෂුට් එකකින් බැහැල වගෙයි ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ.ඇය නතර වෙන්නේ දේශපාලනයේ හිනිපෙත්තටම නැගීමෙනි.

      Delete
    3. AnonymousMay 11, 2014 at 12:25 PM@
      චන්ද්‍රිකා ව අනික අයත් එක්ක සමාන කරන්න එපා.චන්ද්‍රිකා කිසි කමකට නැති කෙනෙක් බව වෙනම කතාවක්.ඒත් බන්ඩාරනායක පවුල්වාදයත් එක්ක ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂයට එදා තිබුන හොදම තේරීම චන්ද්‍රිකා. පසුගාමී ලංකා සමාජයෙ බන්ඩාරනායක පවුල්වාදයට තිබුන පිළිගැනීම මත චන්ද්‍රිකා ඉහලට ආවෙ. ඔය අනික අයට ඒ පිළිගැනීම නෑ. පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරියට එන්නෙ සෝභිතයි චන්ද්‍රිකයි ශිරාණියි තමයිචන්ද්‍රිකා දැනටමත් චාටර් වෙලා.ඉස්සරහට ආවොත් ෆයිල් එහෙම එළියට එන්න පුළුවන්.චන්ද්‍රිකා බය බෝයි වෙලා ඉන්නෙ ඒකයි.ශිරාණිල මරාල එක්ක එකට හොරා කාපු ආය්නෙ.
      සෝභිත ආවොත් නම් ටහර්ඟයක් තිබෙන්නෙ.මම නම් මුන්ට හිමි හිමි කියල පවුපුරෝගන්නෙ නෑ.මුන් එකෙක්වත් හාමුදුරුවරු නොවෙයි ගනගෙඩියො හින්ද.
      ගනගෙඩියන්ගෙනුත් සෝභිත ඇර වෙන එකෙක් නෑ.සොභිත ඉස්සර ඉදන්ම සටන් ව්‍යාපාරවල ඉදල රටම අදුරන සිරා පොරක්. අනික පොරට මඩ ගහන්නත් බෑ හිරේදාන්නත් බෑ.ආන්ඩුව හිරවෙනව හොදටම.

      Delete
    4. Liberal OneMay 11, 2014 at 12:19 PM @
      ඔබේ කතාව හරි. දෙමළ මුස්ලිම් චන්ද සෝභිතට හමබවෙනව.ඩයස්පෝරාවෙ කට්ටිය.මැදපෙරදිග ජිහාඩ් අය ඇවිල්ලම චන්දෙ දෙයි.සිංහල බලවේගය බිද දමන්න හොඳම ක්‍රමය එය නිසා.සෝභිතට තියෙන්නෙ 1959 දි සෝමාරාම කරපු වැඩේ කරන්න.සිංහල බලවේගය මහින්ද එක්ක ඉන්න නිසා ඒක බිදින්න හොඳම ජොකිය සෝභිත තමයි.
      සෝභිත ඉල්ලුවොත් ජනතාවගෙ වෛරයට පාත්‍ර වෙලා හොඳ ගරු නම්බු දෙයි සිවුර පැත්තක තියල.

      Delete
    5. ශිරාණි පොදු අපේක්ෂක කමට සුදුසු සමාජය හා ජාත්‍යාන්තරය පිළිගත් කෙනෙක්.නමුත් ඔය නඩුකාර ස්ටයිල් එක චන්ද වලට ගැලපෙන්නෙ නෑ.වරාවැව සංධානෙන් ඉල්ලුවත් ඔය ප්‍රතිපලේ තමයි.දිනල ජනාධිපතික්‍රමය අහෝසි කරන කතා බොරුනෙ. පොද්ද දිනුවොත් කරල පැහෙන්නෙ යූඇන්පියෙනෙ.ඊලඟට එන්නෙ යූඇන්පී ආන්ඩුවක්නෙ.මේක කවුරුත් දන්න ඇත්තනෙ.ඉතින් ඒ කියන්නෙ සෝභිත ආවත් ශිරාණි ආවත් චන්ද්‍රිකා ආවත් ඒ එන්න ඊලඟ වාරෙ රට පාලනය කරන්න. සංගක්කාරනම් පොද්දෙක් වෙන්න කොහොමවත්ම සුදුසු නෑ. ශිරානි චන්දිකා දෙන්න ඉදිරිපත් වෙන්න හොදයි හැබැයි පරදින්න. ලොකු ගැප් එකක් ණැතිව දෙන්න පරදියි.දෙන්නගෙම ෆයොල් එළියට එයි. හැබැයි ආන්ඩුව බය වෙනව සෝභිත ආවොත්.මඩ ගහන්නත් බෑ හිරේදාන්නත් බෑ.

      මම මාතලන්ගෙ බක්කියෙ පත්තර මල්ලි ගෙ කොමෙන්ටුවට දාපු රිප්ලයි එක්ක මෙන්න.

      Anonymous May 7, 2014 at 10:16 AM

      එතනින් ආව ගමන මිනිහගෙ ටැලන්ට් එකයි කටයි මරිෂියයි සිංහල බුද්දාගම කමයි මිනිහ හරියට මාකට් කලා..රහස ඒකයි..හැබැයි ලොකු පෞරුෂයක් තිබුන වගේම තම්බන්න නං බෑ ලෝක ආඳා.. //
      කොමෙන්ට් එක එක්ක සම්පූර්නයෙන්ම එකඟයි.ඔය කියන විදියට මහින්දට කිට්ටුවෙන්න එකෙක් දැන් ලංකාවෙ නෑ. පොදු අපේක්ෂකය විදියට හොයාගන්න වෙන්නෙ නම් රිළවෙක්ම තමයි සිංහයො නැහැනෙ.ඊලඟ චන්දෙට රිළවෙක් එයි.රිළවෙක් වෙනුවට රිළා ගනයෙක් ආවොත් නම් සිංහයෙකුට උනත් ලේසි වෙන්නෙ නෑ.රිළවට වඩා රිළා ගනය බලවත්.රිළා ගනය එක්ක සිංහයෙකුට වුනත් ලේසි නෑ.මුගටිය ඇලි මුගටිය වගෙ තමයි.ගම්වල විස්වාසයක් තියෙනව නයා එක්ක ගේම ලේසි නැතිවුනහම මුගටිය යනවලු ඇලි මුගටිය එක්ක එන්න.ඇලි මුගටියව පිටේ තියාගෙනලු මුගටිය එන්නෙ.මෙතනත් එහෙම තමයි .රිළව බලනව නැටුම් නටල එහෙම සිංහය මෙල්ල කරන්න,එහෙට පයිනව මෙහෙට පයිනව. ඊට පස්සෙ බැරි බව තේරුනාම යනව රිළා ගනය එක්ක එන්න.සිංහයයි රිළා ගනයයි තමයි අංගම් පොරේ යන්නෙ.අපිත් ආසයි ඔය හටන් බලන් ඉන්න

      Delete
    6. ඔබ සිංහයා යනුවෙන් හඳුන්වන්නේ මහින්ද රාජපක්ෂද?.රටක පාලකයෙකු වීමට මිනිසෙකුට වඩා සිංහයෙකුට ඇති සුදුසුකම් මොනවාද?

      Delete
    7. //
      ඔබට අමතක වූ කරුණක් කියන්නම්.1993 දී චන්ද්‍රිකා කුමාරතුංග පැරෂුට් එකකින් බැහැල වගෙයි ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ.ඇය නතර වෙන්නේ දේශපාලනයේ හිනිපෙත්තටම නැගීමෙනි.
      //

      චන්ද්‍රිකා මෙ රටෙ ජනාධිපති උනෙ පොදු අපෙක්ශකයෙක් ලෙස නොව එජාප නායකයො ඔක්කොම මරලා දාපු වෙලාවක ශ්‍රීලනිප නායකයා ලෙසයි.

      Delete
  8. කුමාර සංගක්කාර ගැන මම මීට පෙර කතා කළේ නැහැ. ඒත්, ඔහුගේ නම සලකා බැලිය යුතුයි කියා මමත් හිතනවා. ඒත්, ඔහුව තවමත් ප්‍රවර්ධනය වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පැරා සංගක්කාර ගැනත් විචාරයක් ලියන්න.හොඳ සංවාදයක් ගොඩනගන්න පුලුවන්වේවි.

      Delete
    2. කුමාර සංගක්කාරලට ජාතික මට්ටමේ පොදු අපේක්ෂකයො වෙන්න බැහැ.ඒක හැමෝටම කරන්න බැහැ.ජන විඥානයත් එක්ක බද්ධ වෙන්න ඕන.සංගක්කාරල නිර්මාල් ල විග්නේශ්වරන්ල නොවෙයි.ඉන්න තුන්දෙනා චන්ද්‍රිකයි සෝභිතයි ශිරාණියි.ජාතික ජාත්‍යාන්තර පිළිගැනීමක් සහිත වෙන කවුරුත් නෑ. එහෙමනම් මේ බ්ලොග් ලියන එකෙකුත් දාන්න පුළුවන්නෙ.අර කතන්දරද කවුද කියල බ්ලොග්කාරයො වැදුම් පිදුම් කරන චරිතයක් තියෙන්නෙ.ඉතින් මිනිහව දැම්මැහැකිනෙ.එහෙම චරිත දාන්න බැහැ.ෆොන්සේක කියන්නෙ රටම පිළිගත් සේනා විධායකයෙක්.ඔහු යුද්දෙට නායකත්වය දුන්නෙ,යුද්දෙ කියන්නෙ විස්සයි විසා මැච් එකක් නොවෙයි.මහින්දට මොනව කියල බැන්නත් පොද්ද ඇවිත් පොද්ද පිටිපස්සෙ කොටියයි හමබයයි ඉන්නව දැක්කොත් මිනිස්සු මහින්දට දෙන්නෙ. මේ පාර වෙන්නෙ පොද්දට රෙද්දත් නැතිවෙන වැඩක්. ෆොන්සේකට නම් මිනිස්සු ආදරෙයි ඒත් දැන් මාකට් කරන්න බැරි වෙයි. පොද්දට මොන මගුලකට ආදරය කරන්නද

      Delete
    3. පැරා....සංගක්කාර ගැන කමෙන්ට් එක ලිව්වේ ඇත්තටද එහෙම නැත්නම් සුමනසිරි ලියනගේ න්‍යායටද?

      Delete
    4. අර්ජුනට කැප්ටන් කූල් කියල හැදිච්චි තත්වයක් තිබ්බ, තමන්ගෙ උන් වෙනුවෙන් අම්පයර්ස්ල එක්ක ගේම ඉල්ලපු රෙකෝර්ඩ්ස් තිබ්බ, ඒත් සංගට නායකත්වයක් තිබ්බ කියල මාර්කට් කරන්න පුලුවන් මොනාද?

      පෙණුමටයි, පොඩ්ඩ්ක් කඩ්ඩ වනන එකටයි කොල්ලො කෙල්ලො සහ නාකි චන්ද ටිකක් එකතුවෙයි තමා. ඒත් අන්තිමට වෙන්නෙ අර ෆෙස්බුක් එකෙන් ඕගනස්යි කරපු සංගට පක්ෂ විරෝධතාවෙ MEGA සයිස් එකක් දකින්න වෙන එක විතරයි.

      Delete
    5. /* අර කතන්දරද කවුද කියල බ්ලොග්කාරයො වැදුම් පිදුම් කරන චරිතයක් තියෙන්නෙ. */

      අපොයි ඔව්!

      මල්, හඳුන්කූරු අරගෙන එන්නේ පෝලිමේ!

      ඇයි කකාට වඳින ගාථාවකුත් තියෙනවා නේද?

      අනේ යන්න මෙයා යන්න!

      Delete
  9. දේශපාලන විචාරකයො කියන එවුන් මොන තරම් ගොබ්බයොද කියන්නෙ උන් දීප්තිල නිර්මාල් ල සංගක්කාරල යෝජනා කරනව.1994 දි යූ ඇන් පිය මිනිසුන්ට කළකිරුනට ඒ කාලෙ හිටපු කිසිම ප්‍රභූවරයෙකුට පොද්ද වෙන්න බැරුව ගියා.සුජාත සංසර්ගයෙන් උපන් කුමාරි එනකම්.අපි මොන බයිල ගැහුවත් බොලවු ජන විඥානෙ ඒකනෙ.අද ඒ පවුල කුජීතු වෙලා.ඒක වෙනම කතාවක්.මහින්දට වඩා සිංහල බෞද්ධ ආකර්ශනය ඇති කෙනෙක් හොයා ගත්තොත් ඒ පොද්ද අන්න වැද්ද වෙයි.නැතුව මේ බල්ලො බලල්ලු යෝජනා කරන එක විකාරයක් බන්.උඹල බුද්ධිමත්තු කියල හිතන් ඉන්න එවුන් උඹල ගැන මොනව නොහිතයිද බන්.

    මං මාතලන්ගෙ බක්කියෙ දාපු එකක් මෙන්න.

    AnonymousMay 7, 2014 at 9:12 PM
    ඔය මොකවත් වෙන්නෙ නෑ බන්.මගෙ මේ අනාගන්න වාක්‍ය සේව් කරල ප්‍රින් අවුට් එකක් අරන් බෙල්ලෙ එල්ල ගනිල්ල.වෙන්නෙ මේකයි.ජනාධිපතිවරණෙදි මහින්ද සංධානෙන් ඉල්ලනව.රනිල් එජාපයෙන් ඉල්ලනව.ෆොන්සේක එයාගෙ පක්ෂෙන් ඉල්ලනව.ජෙප්පොත් ඉල්ලනව.තව දෙමළ කෙනෙකුත් ඉල්ලයි.ඊට අමතරව තව පිස්සො හතර පස් දෙනෙකුත් ඉල්ලයි.මහින්ද දිනනව.සමහර විට 50% ඉක්මවන්න බැරි වෙන්නත් ඉඩ තියෙනව.ඔය සිද්ධිය ඇර වෙන මොනවත් වෙන්නෙ නෑ.ඔය පක්ෂ පොදු අපේක්ෂකයෙකු වටා එකතු කරගන්න බෑ.ජෙප්පො කොහොමටවත් කැමති නෑ.2010 දි ඕක අත්හදාබලල උන්ට එපා වෙලා.ඊලඟ ජනාධිපතිවරනෙ 1983 එක වගෙමයි.ජෙප්පො විශාල චන්ද ප්‍රමානයක් ( විජේවීර ගත්තට වඩා බොහොම වැඩි ගනනක් ) ගන්නව.

    ReplyDelete
  10. ඔය යහපාලනයට මාධ්‍ය නිදහස පශ්චාත් නූතනවාදය ,හතරවැනි ජාත්‍යාන්තරය ඔය වගෙ දේවල් ගැන හිතල චන්දෙ දෙන එවුන් ගම් වල නෑ.ග්‍රාමීය ජන විඥානෙත් එක්ක බැදිල ඉන්නෙ මහින්ද රාජපක්ෂ.හරි හෝ වැරදි හෝ කතාව ඒක. අහගනිල්ල.
    ඉතින් මහින්දව පරද්දන්න පුළුවන් තව මහින්ද කෙනෙකුටමයි.අද සිංහලය ජාතික මතවාදෙත් එක්ක හිතන්නෙ.තමන්ට හතුරෙක් ඉන්න බව දන්නව.ඒක මාධ්‍ය වලි ඇතිකරල හරි මොන මගුල හරි සිද්ධිය ඒක.බස් එකක යද්දි කතාවට වැටිල දැනගනිල්ලකො මිනිස්සු හිතාන් විදිය.මෙහෙම කරපල්ල.බස් එකකට නැගල ගනිල්ල ටිකට් එකක් ගමනාන්තෙට. නිකම් කතාවට වැටියල්ල. මහින්දට බැනපල්ල.ඔක්කොම උඹල එක්ක මහින්දට බනියි.සතුටු වෙයල්ල පොද්ද දිනන්නෙ අම්මට සිරි වෙන්න කියල.ඊට පස්සෙ කොටිය ගැන කතා කරපල්ල හම්බය ගැන කතා කරපල්ල.අන්න දැනගනිල්ල මිනිස්සු ඉන්න තැන.ඥානසාරල කී දෙනෙක් කැමතියි කියලද උඹල හිතන්නෙ.පක්ෂ බේදෙන් තොරව ඥානසාර වීරයෙක්.
    තල්දූවෙ සෝමාරාමල සෝභිතල දාලත් මේක ගොඩදාන්න බෑ බොලවු.
    පුලුවන්නම් ජාතික බලවේගය බේද කරපල්ල.වෙන ක්‍රමයකට දිනන්න බෑ.නගරවල වගෙ නොවෙයි ගමවල අල දෙල් කොස් වී පොල් තියෙන අබත් හිතපල්ල.
    විදේශගත වෙලා බ්ලොග් ලියන මධ්‍යම පාන්තිකයො චන්දෙ දුන්නොත් නම් පොද්ද දිනයි.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් උඹ දන්න ගම!! ගමේ උන් කොස් පොල් කාගෙන හිටිය කාලේ ඉවරයි.ගමේ උන්ටත් ආර්ථික අහේනිය හොඳට දැනෙනවා.අනිත් අතට නගර අලංකාර කලාට බහුතර ග්‍රාමීය ප්‍රදේශවලට මුලික පහසුකම් වත් නැහැ.දැන් මේ රජයේ බහින කලාව උදා වෙලා තියෙන්නේ.

      Delete
    2. මහින්ද ට වඩා ඥානසාර හොදනම්,
      ඉතින්, ඥානසාර ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කරමු.

      Delete
  11. මහින්ද කියන්නෙ සිංහලයට රන්ජිත් සිං කෙනෙක්.රන්ජිත් සිං කියන්නෙ පරාජයට පත්වෙලා නින්දාවට ලක්වූ සික් ජාතියේ හස්තයට වීරත්වයේ හා ජයග්‍රහණයේ ධජය දුන් වීරයා. එදා ඉංග්‍රීසීන් එක්ක සටන පැරදුනහම මහලු සික්වරු කීවෙ කුමක් කරන්නද රංජිත් සිං මැරී ගොස්ය කියල.මේ මහලු සික්වරු රන්ජිත් සිං එක්ක සටන් කරපු අය.ආයෙ රංජිත් සිං කෙනෙක් හදාගන්න සික්වරුන්ට කවදාවත් පුළුවන් වුනේ නෑ.

    ලැබුන වීරයා අහිමිකර ගත්තොත් ආයෙ වීරයෙක් හදාගන්න අවුරුදු දහසකටවත් බැරි සිංහලයාට අවිඥානික හැඟීමක් ඇවිත් තියෙනව. හෙට මහින්ද වැටුනොත් දෙමළ හම්බය විතරක් නොවෙයි සුනිල් පෙරේරලත් බෞද්ධ විරෝධී බයිල සින්දු කියයි. සිංහල බෞද්ධයට වෙන්නෙ දත කට පූට්ටු කරගෙන නියව නියව ඉන්න.බලපල්ල මහින්ද ඉන්න හින්ද ඔය එක චන්ඩියෙක්වත් එනවද ගේම ඉල්ලන්න. අන්න ජාතියක් විදියට සිංහලය හිතන විදිය.
    පොදු අපේක්ෂකයෙක් දාන්න බෑ.දැම්මත් ඌ පරදිනව.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂගේ සිංහල වීර ප්‍රතිරූපයක් නම් අපි දැක්කේ නැහැ.ඔහු අගමැති වීමට පෙර කලිසම කමිසය හැඳි,උසාවි දිනවලදී යුරෝපීය ඇඳුම් ඇඳි සාමාන්‍ය දේශපාලකයෙකි.මා දන්නා පරිදි එකල ඔහු කුරහන් සාටකය නමින් හඳුන්වන රෙදිකඩ උරහිසේ පැළඳගෙන සිටියේද නැත.ඔහුට සිංහල වීර ප්‍රතිරූපයක් ආරෝපණය කලේ 2005 ජනාධිපතිවරණයට ආසන්නයේදීය.ඒ ප්‍රතිරූපය මත දෙවරක්ම ජනාධිපතිවරණය ජයගත් මුත් දැන්නම් සිංහලකම විකිණීමට අපහසුවී තිබේ.පොරවාගෙන සිටින සිංහ හමේ තැනින් තැන පලුදුවී ඇතුලත පෙනෙන්නට පටන්ගෙන ඇත.

      Delete
  12. තියෙන හැම පහසු කමක්ම පාවිචිකරල,බලහත්කාරය යොදල,හොරවැඩකරල,ආවත් මහින්දයට සියයට තිහක වත් ජනප්‍රියතාවක් ලංකාවෙ නැහැ.ඡන්දය නොදෙන ගොඩක් දෙනාව ආකර්ෂනය කරගන්න කෙනෙක් දැම්මොත් ඕක මහ ලොකු දෙයක් නෙමේ.

    ReplyDelete

  13. ශ‍්‍රී ලංකාව දැන් තිබෙන්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර නව යුගයක් කරා පරිවර්තනය වෙන සංක‍්‍රාන්ති අවස්ථාවකය. විලිබරතා පැහැදිලිව පෙනෙන්නට ඇතත් නව උත්පත්තිය ඇතිවන්නට යන්නේ කවර ආකාරයකටද යන්න තවමත් පැහැදිලි නැත. අවසාන විග‍්‍රහයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජේ.ආර්. ඇති කළ අවලස්සන අවිධිමත් හා දූෂිත දේශපාලන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකි විධායක ජනාධිපති ක‍්‍රමයේ අන්තිමයා වන්නට යන බව නම් ඉතාමත් පැහැදිලිය. තුන්වැනි ධුර කාල සිහිනය සැබෑ කරගත නොහැකි සුන්දර සිහිනයක් පමණක් වීමද නොවැළැක්විය හැකිය.

    ReplyDelete
  14. පාර්ලිමන්ට් ජෝක්ස්May 11, 2014 at 4:35 PM

    පොදු අපේක්ෂක ටෙනිසන් කුරේ
    අගමැති බන්දු සමරසිංහ

    කොහොමද මගෙ ටිකිරි මො‍ලෙ !

    ReplyDelete
    Replies
    1. ගීතා ඇන්ටි

      Delete
  15. //මූලික අදහස් මෙවැනි විය.

    පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂගේ ආකර්ශනීය පෞරුෂය අභිභවා යා හැකි අයෙක් විය යුතු ය.
    ඔහු / ඇය සමාජය හොඳින් දන්නා අයෙක් විය යුතු ය.
    ඔහු / ඇය ජනතාව අතර හොඳින් අලෙවි කළ හැකි පුද්ගලයෙක් විය යුතු ය. කොටින් ම කියනවා නම්, ඔහු / ඇය සම්බන්ධයෙන් ජනතාව අතර හොඳ ඉල්ලුමක් ඇති විය යුතු ය. //

    අැයි යකෝ උෟට හොද වැඩ පිළිවෙලක් ඔින්නැද්ද?

    ReplyDelete
    Replies
    1. //අැයි යකෝ උෟට හොද වැඩ පිළිවෙලක් ඔින්නැද්ද?//

      එව්වට චන්දෙ දුන්නනං අසූ තුනේදි විජේවීර ජනාධිපති.

      Delete
  16. ART OF THE POLITICAL GAME ගුරුMay 11, 2014 at 5:09 PM

    ප්‍රධාන දේ්ශපාලන පක්ෂයක ක්‍රියාකාරි සාමාජික‍යෙකු නොවන, ඉදිරිපත්කරන ඕනෑම පැරෂුට් පොදු අපේක්ෂකයෙකු කුජීත වීමට නියමිතය.

    ReplyDelete
  17. every one seems to have the same agenda which is sending mahinda home...and this drama has repeated twice in the recent history i remember, 94 the move was to send unp home.. 2001 send chandrika home, n now 2014 send mahinda home,,,its evident that who ever comes to power faces the same fate after few years.. from what i understand all what we have done is replacing heads, nothing else,,, when chandrika was sent home corruption was not send home. and power of law and order was riding low those days as well. waste of public money for the rulers extravagant and lavish ceremonies were common in the premada's era as well that's nothing new to Mahinda... i cant not see a positive outcome from these debates unless we try to find out a man or a woman who is willing to fight corruption who is willing to restore power of law and order and who is willing to be accountable for the public's money.

    ReplyDelete
  18. මූලික ප්‍රශ්නය මෙයයි:

    ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පොදු අපේක්ෂකවරයා විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද?


    අගවිනිසුරු ඉදිරිපිට නව ජනාධිපති ලෙස දිවුරුම් දී බුද්ධිමත් ජනතාව ඇම තීමයි.

    ReplyDelete
  19. පොදු අපේක්ෂකය කියන්නේ දැනට බංකොලොත් විපක්ෂයට හොයන බළල් අතක්. ඕක කවදාවත් හරියන්නේ නැහැ. එලඹෙන ඡන්දෙකදි පරාජයේ විලි වසාගන්න දරණ වෑයමක්...

    ReplyDelete
  20. SOBITHA SADU AVOTH SORRYMA THAMA,
    AI CHANDRIKATA BAYADA MALLIYE

    ReplyDelete
  21. සෝභිත හිමි ඡන්ද වේදිකාවට නගින කොට සාදු කියනවාද ජය වේවා කියනවාද යන්න ගැන පැරා කලබල විය යුතු නොවේ. බද්දේගම සමිත් සහෝදර හිමියන්ගේ වේදිකාවෙදි සමාජවාදී සහෝදරයන් කරන දෙයම කිරීම ප්‍රමාණවත් වේ.

    පැරාගේ අන්තිම ලිපිය මිස් වී ඇත. ඒ නිසා මාගේ යෝජනාව මෙතැන දමමි. මේ යෝජනාව වෙනකෙකු මීට පෙර කලාද යැයි නොදනිමි.

    පොදු අපේක්ෂකයාගේ භූමිකාව වෙනුවෙන් පැරා සදහන් කළ 'ගුණයන්' සහිත නමුත් සෝභිත හිමි සතු 'නුගුණ' රහිත කෙනෙකු ලෙස, 'ඔළුවක්' ඇති දයාන් ජයතිලක සුදුසු නොවේද?

    ReplyDelete
    Replies
    1. යෝජනාව හොඳයි. ඒත් සෝභිත තරම් මාකට් කරන්න බැරි වෙයි.

      Delete
  22. ධර්මරත්නMay 12, 2014 at 8:24 PM

    පැරා ඉස්සෙල්ලාම මෙන්න මේ කතාව පැහැදිලි කරලා දෙන්න,'පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ්ගේ ආකර්ශනීය පෞරුෂය අභිභවා යා හැකි අයෙක් විය යුතුය'.මොකක්ද මහින්දගේ තියෙන ආකර්ෂනීය පෞරුෂය.රස්තියාදුකාර කම ආකර්ෂනීයද,කෙප්ප කෙලින එක ආකර්ශනීයද,හොරා කන එක ආකර්ශනීය පෞරුෂයක්ද,තමන්ගේ සනුහරේම පෝෂණය කරන එක ආකර්ශනීයද,නයට අරං පාරවල් වලින් හොරා කන එක ආක්ර්ශනීයද,රට ලෝකෙට නය කරන එක ආකර්ශනීයද,රට ලෝකෙට පාච්චල් කරන එක ආකර්ශනීයද...............තව නං කොපමණ සෙවල පාට් තියෙනවාද.මිනිහගේ චරිතේ ආකර්ශනීයයි කියනවා නං තව සංවාද වැඩක් නෑ.ලංකාවට දැන් හොයා ගන්න ඕනෑ මහින්ද වගේ තුන් වන පංතියේ පොරක්,කොටින්ම කියනවානං මිනිහා වගේ "නෝංජල්" පොරක් 'අපේ හාමුදුරුවනේ.ඒකට නං පැරා ඔබේ ගමේ ඉන්න පාලිත තෙවරප්පෙරුම වුනත් වැඩේට හරි.තව අවුරුද්දක් හමාරක් ගියොත් මිනිහා ආකර්ශනීයයි කියන ඔබ වුනත් වැඩේට සෙට්.....හරිය.

    ReplyDelete
  23. ඔය කමෙන්ට් එක දාන්න ඕන අර මහින්දට කඩේ යන මාතලන් කියන බහුබූත කාරයට.. ඌ එක වෙලාවක කියනව ඌගේ චන්දෙ දෙනවනම් දෙන්නෙ මහිනදයට විතරලු, පස්සෙ කියනව රනිල්ලු මේ රටට හරියන එකා.
    ඌ ඇත්තටම කරන්නෙ පැරාගෙ බ්ලොගෙන් අයිඩියා එක අරගෙන වෙනස් කර කර පිස්සු මරගාතයක් ලියන එක. කමෙන්ට් දාන උන් 10යි. 10 දෙනා 10 පාරයි 10*10=100 උගෙ රිප්ලයි 100යි. කවුන්ට් එක 200යි. ඌ 200 දිහා බල බල චූන් වෙනව.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් කරනව විහිළු කතා ලියන එක.

      Delete
    2. රනිල්ව පක්ශෙන් අයින් කරන්න ගියොත් එදාට මාතලන්ගෙන් ලිපි 10යි. රනිල්ට විරුද්ද හැම එකාටම මඩ ගහනවා හැබැයි චන්දෙ දවසෙදි උගෙ චන්දෙ රනිල්ට නෙවෙ මහින්දට. ප්‍රතිපත්තියක් නැති පතොලයෙක්.

      Delete
  24. මට හිතෙන පරිරි පොදු අපේක්ශකය වෙන කවරෙකුත් නොව අනුර කුමාරය.

    ReplyDelete
  25. බොහෝ කොමෙන්ට් කරුවන්ට අනුව ඇති එකම පමාව පොදු අපේක්ෂකයා තෝරා ගැනීම පමණි. මහින්ද නිකම්ම විසිවෙනු ඇත. සරත් ෆොන්සේකා ලෝලීනුත් ගිය ජනාධිපතිවරණයේ දී සිතා සිටියේ එසේය.
    වසර 17 එජාප පාලනය අවසන් වූ ආකාරය බොහෝ දෙනෙකුට මතක නැත. නැතහොත් නොදනී. චන්ද්‍රිකා නිකම්ම බලයට ආවේ නැත. එජාපය මිනිස්සුන්ට එපා වෙන්නට පටන් ගත්තේ 83 දීය. එජාපය වැටෙන්නේ 94 ය. අරගලය ඇරඹී වසර 11කට පසුවය. හේතුව චන්ද්‍රිකාගේ පැමිණීම පමණක් නොවේ. දූෂණ-වංචා, මැරකම්, යුද පරාජයන්, 88 භීෂණය ආදී සියල්ලත් සමග එජාප ආණ්ඩුව නොවැටී ගියේය. අවසානයේ එය කඩාවැටීමට ඉහත සියළු කාරණා තරමටම ශක්තිමත් නායකත්වයක් ඉතුරුව නොතිබීමත් හේතු විය. ප්‍රේමදාස ජීවතුන් අතර සිටියේ නම් කතාව නිරනුමානයෙන් වෙනස් වන්නට තිබිණි. චන්ද්‍රිකා මේ සියල්ලේ ඵලය මිස හේතුව නොවේ.
    සාපේක්ෂව බලද්දී එජාප ආණ්ඩුවට 94 දී තිබුනාට වඩා බොහෝ වාසිදායක තත්ත්වයන් අද පොදු පෙරමුණට තිබේ. පොදු අපේක්ෂකයෙකු ගෙනා පමණින් මහින්දව ගෙදර යවන්න පුලුවන් යයි සිතීම, අන්තර්ජාලයේ දවල් හීන මිස වෙන කිසිවක් නොවේ. බහුතර ජන්ද දායකයන්ගේ මතය තවමත් හදන්නේ ජාතික පුවත්පත් හා රූපවාහිනිය මගින් මිස බ්ලොග් වලින්වත් ෆෙස් බුක් එකෙන්වත් නොවේ. ආසන්නම උදාහරණය ෆොන්සේකාය. ඒ ඇණ ගැනිල්ල අද බොහෝ දෙනාට මතක නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා