සුන්දර ඉංගිරිසි: සරත් සර්ව කෝටුමස් කිරීම
ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නට පටන් ගත්තේ තරමක් මෑත වකවානුවක සිට වුණත් ඉංග්‍රීසි භාෂාව සිංහලයට බල පා තිබෙන ආකාරය ඉතා ගැඹුරට විහිදෙනවා.
ඉංගිරිසියෙන් අපට ලැබිලා තිබෙන්නේ වචන විතරක් නොවෙයි. ඉංග්‍රීසිය නිසා අපට අලුත් අකුරුත් ලැබිලා තිබෙනවා.
ෆයන්න මෙසේ අලුතින් සිංහල හෝඩියට එකතු වූ ව්‍යංජනාක්ෂරයක්. මුලදී එය ලිව්වේ පයන්න මැදට ඉංග්‍රීසි එෆ් අකුරක් යොදා සකසා ගත් අක්ෂරයකින්. එහෙත් දැන් නම් ෆයන්න සිංහල හෝඩියේ අකුරක් ලෙස පිළි ගන්නවා. 1891 වසරේදී ගුණසේකර මුදලිඳුතුමා විසින් අකුරේ හැඩය නිර්මානයකර ඇති බව විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. සියවසක් තිස්සේ ක්‍රමිකව භාවිතය වැඩි වූ මෙම අකුර 1989දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් එලිදක්වන ලද සිංහල වර්ණ මාලාවට ඇතුළු කිරීම සමගම ෆයන්න සම්මත අකුරක් බවට පත් වූ බවත් එහි කියවෙනවා.
මේ අකුර බොහෝ විට භාවිතා වන්නේ ඉංග්‍රීසියෙන් අපට ලැබුණු තත්සම හා තත්භව වචනවලයි. ෆිල්ටරය, ෆොටෝඑක වගේ වචන උදාහරණයි. මුස්ලිම් නම් සිංහලෙන් ලියද්දිත් මේ අකුර යෙදෙනවා. ෆේරියල් අෂ්රෆ් උදාහරණයක්.
ෆයන්න වෙනුවට ඉස්සර කාලේ යෙදුණේ පයන්න. පොටෝ එක, පිල්ටරය ආදී වශයෙන්. ෆ(ර්)නැන්ඩු කියන පෘතුගීසි වාසගම ප්‍රනාන්දු ලෙස සිංහල වුණා. ෆෝම් එක පෝර්මය වුණා. ෆ්‍රාන්ස් ප්‍රංශය වුණා. ඇෆ්රිකා අප්‍රිකාව වුණා.
මේ වගේ වෙනස් වන තවත් අක්ෂරයක් තිබෙනවා. ඒ තමයි, ඩයන්න. ඉංග්‍රීසි වචනයේ තිබෙන ඩයන්න සිංහල වචනයේදී ටයන්න වෙන අවස්ථා තිබෙනවා. කාබයිඩ් කාබයිට් වෙනවා. බෝඩ් එක බෝට් ලෑල්ල වෙනවා. ටයන්න ඩයන්න වෙන අවස්ථාත් තිබෙනවා. වොලිබෝල් කෝට් කියන ඉංග්‍රීසි වචනය සිංහලේදී වොලිබෝල් කෝඩ්ඩෙක කියා සමහරු පාවිච්චි කරනවා.
ඉංග්‍රීසි 'ට' වෙනුවට හෙළ හවුලේ හියුබත් දිසානායක තයන්න භාවිතා කළා. හියුබට් කියන නම හියුබත් වුණේ එහෙමයි.
ඉංග්‍රීසියෙන් අපට අලුත් ස්වරයක් ද ලැබී තිබෙනවා. ඒ තමයි අ(ර්). ස(ර්) යන වචනයෙහි හා පරිගණක ආශ්‍රිත ස(ර්)වරය, ක(ර්)සරය වැනි වචනවලත්, මගී ප්‍රවාහනය ආශ්‍රිත ට(ර්)න්නෙක වැනි වචනවලත්, ෂ(ර්)ට්ටෙක, ප(ර්)ස්සෙක වැනි වචනවලත් තිබෙන්නේ මේ අලුත් ස්වරයයි. අ(ර්)ත් කරනවා යනුවෙන් ක්‍රියා පදයක් ද තිබෙනවා.
සමහර වෙලාවට අනවශ්‍ය විදියට අ(ර්) යොදා කැමරාවට කැමර් කියාත්, කෝච්ට කෝචර් කියාත් භාවිතා කරන ආකාරය අහන්න ලැබෙනවා.
බොහෝ වචන සමග සමාස වන 'එක' කියන සංඛ්‍යානාමයත් අපට ඉංග්‍රීසියෙන් ලැබුණු තිලිණයක්. බස්සෙක, කාරෙක, ෆෑන්නෙක,ෆොටෝ එක, ටීවී එක ආදී උදාහරණ එමටයි. මේ සුරුබුහුටි සංඛ්‍යා නාමය නිසා අපට ඕනෑ ඉංග්‍රීසි වචනයක් ඒ ස්වරූපයෙන් ම සිංහල කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස මම ඉන්ටනෙට් එකේ බ්ලොග් එකක් පවත්වාගෙන යනවා. ඒක මම කරන්නේ කොම්පියුටර් එක පාවිච්චි කරලායි.
ඉංග්‍රීසි තත්සම නාමපදවලට එකතු කරන මේ එක කියන කොටස ඉවත් කළ විට එම පද බහුවචන වන ආකාරයත් සිංහලයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක්. කාරෙක, බස්සෙක ඒකවචන. ඒත්, කාර් හා බස් බහුවචන.
තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි, ඉංග්‍රීසි තත්සම ක්‍රියාපද අගට 'කරනවා' කියන වචනය එකතු වීම. උදාහරණයක් ලෙස මම දැන් මේ ලිපිය ටයිප් කරනවා. තව ටිකකින් එය ඊමේල් කරනවා. අපි දොස්තරලා චැනල් කරනවා. තව මොනවද මේ වගේ කරන්නේ?
'වෙනවා' යන පදයත් ඉංග්‍රීසි තත්සම ක්‍රියාපද සමග යෙදෙනවා. හැබැයි ගහනවා කියන පදය යොදන්නේ ඉංග්‍රීසි තත්සම නාම පදවලින් ක්‍රියාපද හදාගන්නයි. මෙන්න උදාහරණ:
වයින් කරනවා, බෙට් එකක් දානවා, බයිට් කරනවා, කොපි කරනවා, ඩෝප් දානවා, බෙරි වෙනවා, චා වෙනවා, හෝන් ගහනවා, ඕවර්ටේක් කරනවා, වෑල්ඩිං කරනවා, පබිලිස් කරනවා, පොලිස් කරනවා, අයිස් ගහනවා, සපෝට් එක දෙනවා, බටර් ගානවා, බ්‍රේක් ගහනවා, බ්ලොක් වෙනවා, ක්ලෝස් කරනවා, දිස්මිස් කරනවා, අර්ත් කරනවා, ඇජස් කරනවා, රිම් එකෙන් යනවා, කෝටුමස් කරනවා, මොඩ් වෙනවා, අයිස් ගහනවා, සේව් කරනවා, කට් එක ගහනවා, ඕපන් කරනවා, ෂෝට් වෙනවා, චෙක්කරනවා, ඩබල් චෙක්කරනවා, හින්ට් ගහනවා, චාටර් වෙනවා, ජැක් ගහනවා, ජොලි කරනවා, ජෝගි නටනවා.
ඉහත යෙදුණු කෝටුමස් කරනවා කියන ක්‍රියාපදය හැදිලා තිබෙන්නේ ඉංග්‍රීසියෙන් කෝට් මාෂල් කරනවා කියන යෙදුමෙන්. ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව මෑතදී කෝටුමස් කළා.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

කියවගෙන කියවගෙන ගියා කව්ද මේ සරත් සර් කියල බලන්න. මං හිතුවෙ ඉස්කොලෙ කතාවක් කියල. "සරත් සර්ව කෝටුමස් කිරීම". පට්ට කතාව පැරා. ජෙනා මේක කියවනවද දන්නෙනෑ.
ReplyDeleteපැරා මේ දවස් වල ඩොලර් ගලා ඒම අඩුයි නේද? ටිකක් ගැම්මක් ඇති ලිපි ලියන්න පැරා.... ඩොලර් කුට්ටි වල පුසුඹ ආයෙත් දැනෙන්න ගනියි....
ReplyDeleteඉංගිරිසිය සිංහලට කරන බලපෑම ගැන හොද විශ්ලේෂණයක් පැරා.
ReplyDelete'මුදලිඳු' කිව්වට පස්සෙ තව 'තුමා' කියලත් අවධාරනය කරන්න දෙයක් නැහැ නේද? එක්කො 'මුදලිඳු', නැත්නම් 'මුදලිතුමා'!
ReplyDelete- Dimithri
බොහොම හොඳ ලිපියක්. මේ දැණුම පාසල් සිසුන් අතරට යනවානම් බොහොම හොඳයි.
ReplyDelete'එක' යන සමාසය අපි නොහිතන තවත් අවස්ථා දෙකක යෙදෙනවා. ඒ තමයි 'වෙසක් එක' සහ පොසොන් එක'. මා හිතනවා හලාන්තයකින් අවසන් වන වචන නිසා, එසේ එක යන සමාසය යෙදෙනවා ඇති.
වෙසක් එක පොසොන් එක සිංහලෙන් ආපු වචන වලට 'එක' යෙදුනු නිසා නේද ඔබ කියන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි, වෙසක් එක හෝ පොසොන් එක කියල ජාතියක් නැහැ, තියෙන්නෙ වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය වගේ ඒවා. අපි කම්මැලි කමට කෙටි කරගෙන හදාගත්තු ඒව තමයි වෙසක් එක සහ පොසොන් එක. ඇයි එතකොට "මෙව්ව එක"?
Deleteමේ බස් එක, කාර් එක වගේ වචන දෙමළ සහ හින්දි භාෂා වලත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. සමහර විට අනෙක් පෙරදිග භාෂා වලත් ඇති. හැබැයි කථන භාෂාවේදි තමයි මේක පාවිච්චි වෙන්නෙ. නැතිනම් ලියන්නෙ බසය, කාරය, මෝටර් රථය ආදී වශයෙන් නේද?
නැහැ නැහැ එය කම්මැලිකමට යොදාගත් එකක් නෙවෙයි. බලන්න මම කියපුදේ නැවතත්. හලාන්තයකින් අවසන් වන නාමයන්ට තමයි අපි 'එක' සමාසය යොදාගන්නේ.
Deleteතත්සම හා තත්භවකියන්නෙ මොකක්ද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමම හිතන්නෙ මේ දෙක මාරු වෙලා.. පොඩ්ඩක් හොයල බලන්න නැවත..
Deleteනෑ පැරා.... "තත්සම" කියන්නේ වෙනත් භාෂාවකින් ගත් වචනයක් ඒ අයුරින් ම භාවිතයට ගන්නා විට.
Delete"තත්භව" කියන්නේ වෙනත් භාෂාවකින් ගත් වචනයක් මඳක් වෙනස් කර භාවිතයට ගන්නා විට.
තත්සම කියන්නේ වෙනත් භාෂාවකින් ගෙන ඒ ආකාරයෙන් ම යොදන වචන. තත්භව කියන්නේ වෙනත් භාෂාවකින් අරගෙන වෙනස් කර ගන්නා වචන
Deleteඅපේ සිංහල බසෙහි තියනව නොවැ විභක්ති වල වර නැගීම කියල එකක්, එතකොට ඔය බස් එක කියන එකම ගමුකො, මෙන්න මෙහෙමයි වර නැගෙන්නෙ බස් එකෙන්, බස් එකට, බස් එකේ යනාදී වශයෙන්, එතකොට විභක්ති වල වර නැගෙන්නෙ අහවල් එක නොවැ. ඒකට මක්කැයි කොරන්නෙ?
ReplyDeleteමක්ක කොරන්නද? ඒක එහෙම තමා.
Deleteඇයි හත්වලාමේ බසයෙන්, බසයට, බසයේ කියලා වරනැගුවොත් අහවල් එකට අමාරුද?
Delete
ReplyDeleteකාලෙකින් කියවපු හොඳ ලිපියක්. රසවත් ලෙස කෙරුණ දැනුවත් කිරීමක්. ස්තුතියි.
අජිත් පැරකුම්,
ReplyDelete'ඩිප්ලෝමැටික් පාස්පෝර්ට්' (උච්චාරණය නිවැරදිද?) යනු කුමක්ද? මම මේ ගැන අහලා තියෙනවා. ඒත් අදහසක් නෑ. පැහැදලි කිරීමක් කරන්න පුලුවන්ද?
මම දන්න විදියට නම් දේශපාලකයින්ට, විදේශ තානාපති සේවයේ අයට හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරන විශේෂ ගමන් බලපත්‍රය
Deleteමේක තවත් දීර්ඝ ලෙස විග්‍රහ කළ හැකිනම් මරු.අගය කළ යුතුම ලිපියක්
ReplyDeleteඅ(ර්) යන මධ්‍ය ස්වරය සිංහලයට අලුත් නො වේ. මම යන වචනයේ දෙ වන ම යන්නෙහි ඇත්තේ ඒ ස්වරය යි. වෙනස එය සිංහලයේ කිසි විට වචනයක මුල නොයෙදීම යි.
ReplyDeleteසිංහල අ(ර්) එක ඉංගිරිසි එක තරම් දිග නෑ නේද?
Deleteමම කිව්වට මම(ර්) කියල අදින්නෙ නෑනෙ. (කතාබහේදිනම් කල්පනා කර කර කියන වෙලාවට ඕනැ අකුරක් අදිනව තමයි)
වැදගත් ලිපියකි.
ReplyDeleteකෝටුමස් කියන වචනෙ හැදුනහැටි දැනගත්තෙ මේ ලිපියෙන්. ස්තුතියි. ලිපියත් නියමයි.
ReplyDeleteELA
ReplyDeletePara,
ReplyDeleteThe sinhala letter 'fa' is fine tuned and came to limelight with the involvement of local Advertising Company. For the 'Four Aces' cigarettes they used this letter in print media in 70's. I think the ad guru was Ralex Ranasinghe. Anybody knows this please?
ela ela.. another good article.
ReplyDelete