රටට අවශ්‍ය වෙනස කුමක්ද?

ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට දියත් වෙමින් තිබේ. අප මෙය මාධ්‍ය මෙහෙයුමක් ලෙස හඳුන්වන්නේ අන් කිසි හේතුවක් නිසා නොව එය මෙහෙයවනු ලබන්නේ තනිකර ම අධිපති ධාරාවේ මාධ්‍ය විසින් වන බැවිනි. දේශපාලන පක්ෂ වනාහි මාධ්‍ය විසින් නැටවෙන නූල් රූකඩ විශේෂයකි. 

නිදසුනක් ලෙස, සිදු විය යුතු හමුවීම් පිළිබඳ ඉඟි මුලින් ම දෙන්නේ මාධ්‍ය විසිනි. 

සෝභිත හිමි හමු වන්නට අනුර ගියා, ඉන්දියන් තානාපති ගියා වැනි පුවත් දැන් පළ වෙමින් තිබේ. ඊළඟට ඇමරිකන් තානාපති, රනිල්, රතන හිමි, ෆොන්සේකා විමල් වීරවංශ, නිමල් සි‍රිපාල හා මර්වින් සිල්වා (නැවතත්) වැනි නම් කියවෙනු ඇත.

මේ වන විට මහින්දට එරෙහිව ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෙසේ ඉදිරියට ගනිමින් තිබෙන්නේ සෝභිත හිමිගේ නාමේ ය. එම යෝජනාව විසින් මහින්ද ද තැති ගන්වා තිබේ. මන්ද, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වැනි අධම බලවේග යොදවා ජාතිවාදය අවුස්සා දිනා ගන්නට ඉලක්ක කරගෙන සිටි සිංහල බෞද්ධ ඡන්ද පදනමට සෝභිත හිමියන් යහපත් අන්දමින් තට්ටු කරන්නට ඉඩ තිබෙන හෙයිනි.

මහින්දගේ අතින් කන මේ මාධ්‍ය මුදලාලිලාට හා මාධ්‍ය තරැව්කාරයන්ට ද මහින්දව පන්නා ගන්නට පුළුවන් ගැටයක් ගැසීමේ අවශ්‍යතාව දැනෙන්නේ ඇයි ද යන්න සිතා බැලිය යුතු ය. 

මොවුන් මේ කරමින් සිටින විකාරය ඒ විකාර‍යෙන් ජීවත් වන අයට පවා දරා ගැනීම අපහසු වී තිබෙන බව පෙනේ.

කෙසේ වෙතත්, අප කළ යුතුව තිබෙන්නේ විකාරය මළ විකාරයකින් ප්‍රතිස්ථාපනය කිරීම නොවේ. 

ජනතාවට අවශ්‍ය මෙම මජර ක්‍රමයේ වෙනසකි. නැතුව පුටු මාරුවක් නො වේ. ක්‍රමය වෙනස් කරනවා ය කියා පුටු මාරු කළ ඉතිහාසයක් අපට 1994 සිට තිබේ.

මෙවර කරන්නට යන දෙය පුටු මාරුවෙන් පිට සැබෑ වෙනසක් විය යුතු ය. මේ සඳහා බිම් මට්ටමේ සිට විහිදෙන ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයකට අපි මුලපිරිය යුතු ය. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරන කවුරුත් මේ ගැන ගැඹුරින් සිතිය යුතු ය. මේ වෙනස කළ යුතුව තිබෙන්නේ ධනපති මාධ්‍ය විසින් නොව මේ රටේ ජනතාව විසිනි.

රටට අවශ්‍ය වෙනස කුමක්ද? 

සංවාදය ආරම්භ විය යුත්තේ මේ තේමාව ඔස්සේ බව අපි යෝජනා කරන්නෙමු. 

මේවා වනාහි බ්ලොග් අවකාශයේ හෝ ෆේස්බුකියේ හෝ කළ හැකි සංවාද නො වේ. බ්ලොග් අවකාශයේ හරවත් සංවාදයක් සිදු නො වන්නේ බුද්ධිමත් ජනතාව අන්තර්ජාලයට නො ‍එන නිසා හෝ හරවත් සංවාදවලට අකැමැති නිසා නො වේ. බ්ලොග් අවකාශයේ සිටින එක්තරා අසහනකරුවන් පිරිසක් සියලු දේශපාලනික ප්‍රයත්නයන් අල කර දමන බැවිනි. 

මේ අය ගැන කීමට ඇත්තේ මෙයයි. මොවුන් මුළු දවස පුරා ම කරන්නේ අන්තර්ජාලයෙන් ගැහැනුන් හා පිරිමින් දඩයම් කිරීමේ කාර්යයි. ඒ අතරවාරයේ බ්ලොග්වල කමෙන්ට් දමන්නේ අර මුලින් කී වැඩේට අනන්‍යතාවක් හදා ගැනීම සඳහා ය. අපි මේ කමෙන්ට් ගැන තකන්නේ නැත. අප බලන්නේ ලිපිය කියවන පිරිස ගැන ය. ඇතැම් බ්ලොග්වල මෙන් කමෙන්ට්වලින් ශිල්ප දමා ගැනීමේ උවමනාවක් අපට නැත.

කරුණාකර රට ගැන හිතා තමන්ගේ අසහනය මුදා හැරීම සඳහා වෙනත් ක්‍රම පාවිච්චි කරන්න. 

මේ කුණු සයිබර් අවකාශය වෙනුවට මෙම සංවාදය මහ පොළවේ ස්ථානගත කරන්නට  අප පියවර ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා මම නම් හිතන්නේ පුවත්පත් වලට වඩා සයිබර් අවකාශය තුල මේ මාතෘකාව පිළිබඳ සාඛඡ්චාව අපි ඉදිරියට ගෙන යා යුතුයි. කලෙක සයිබර් අවකාශය ඉදිරියට ගෙන යා යුතුයයි කියනා ඔබ, කාළකන්ණීන්ගේ කොමෙන්ට් හේතුවෙන් මෙය මෙතනින් ඉවත් කල යුතු යැයි යෝජනා කිරිම කනගාටුවට කරුණකි. අප කළ යුත්තේ සයිබර් අවකාශයේ නොමැති අයද මේ වෙත ගෙන ඒම මිස, සිටිනා පිරිසද ඒ කෙරෙහි කලකිරීම නොවේ. ඕනෑම තැනක ගේම් අල කරන්නෝ සිටිති. ඒ කාළකන්නින්ගේ මෝඩ ආතල් ඔවුන්ට විඳිමට ඉඩ දී, ඔබ ආරම්භ කල දේ ඉද්‍රියටම ගෙන යන්න. කෙදිනවත් අප කියනා දේ පරම සත්‍ය විය නොහැක. මගේ මී ළඟ ළිපිය ඔබ මතු කල කරුණ වෙත් යොමු කරමි. කොමෙන්ට් කරුවන්ට බියේ කිසිඳු විප්ලවයක් කරන්න බෑ පැරා. සයිබර් අවකාශයේ ඔවුන්ට ඇති නිදහසට අපි ගරු කරමු.

    ReplyDelete
    Replies
    1. 'අපි මේ කමෙන්ට් ගැන තකන්නේ නැත. අප බලන්නේ ලිපිය කියවන පිරිස ගැන ය. ඇතැම් බ්ලොග්වල මෙන් කමෙන්ට්වලින් ශිල්ප දමා ගැනීමේ උවමනාවක් අපට නැත.'

      මතලන්ට තේරෙන්නේ නැද්ද මොකක්ද වෙලා තියෙන්නේ කියලා? මොකද අපේ උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් වන කකා නිවාඩුවෙන් පස්සේ ආයේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තයින් පස්සේ මේකේ කොමෙන්ට් දම දමා හිටපු දෙතුන් දෙනා ආයෙත් එහෙට ගියා.

      ඉතින් දැන් අජිත් පැරකුම්ගේ බ්ලොග් පඩංගුව කොමෙන්ට්ස්,හිට්ස් නැතිව වෙලෙන්නේ නිකං ගිනිමද්දහනේ තාරපාර අයිනේ කරවෙන ගූ බෙට්ටක් වගේ.

      ඔන්න බලන්න කකාගේ, මාතලන්ගේ,රාජ්ගේ ලිපි. එව්වාට කොමෙන්ට් සියගණන් වැටෙනවා. දහස් ගණන් බලනවා. එත් පරකුම්ගේ බ්ලෝග මැස්සෙක් වත් නැතිව වේලෙනවා.

      Delete
    2. පැරා මෙතන 'අපි මේ කමෙන්ට් ගැන තකන්නේ නැත.' කියලා සදහන් කරලා තියෙන්නේ ඔය උඩින් තියෙනවා වගේ හිතේ අමාරුවට.

      මොකද මේකේ තකන්න වත් හරිහමන් කොමෙන්ට් වැටෙනවා යැයි. අනික ඔය කියනවා වගේ කොමෙන්ට් තකන්නේ නැති පැරා,එහෙනම් මොකද ටැබ් වලින් සැරින් සැරේ මේකට ඇවිත් කොමෙන්ට් බලන්නේ?

      අපි දන්නවා පැරා දැනුත් ටැබ් වලින් ඇවිත්,හොරෙන් කොමෙන්ට් බලනවා කියලා.

      Delete
  2. හොඳ මාතෘකාවකට අදාල ලිපියක් අරන් තියෙන්නේ. මම නම් හිතන්නේ මේ රටේ ජනතාව කවුරු උනත් රටේ නයකයා ලෙස තොරා ගන්නේ රට ගැන හිතන රටට ආදරේ කරන කොන්ද පණ තියෙන නායකයෙක්. ප්‍රශ්නේ තිබෙන්නේ විකල්ප පොදු අපෙක්ෂකයෙක් ගෙනවත් මේ රට ඉදිරියට ගිනියන්න නායකත්වයක් දිය හැකි කෙනෙක් ඉන්නවාද කියන එකයි.

    ශ්‍රී ලංකාවේ මීලඟ ජනාධිපති කවුද? සංවාදයට මෙතැනින් එකුතු වෙන්න

    ReplyDelete
    Replies
    1. අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

      Delete
    2. දැන් මේවා තමයි පැරා බලාපොරොත්තු වෙන බුද්ධිමත් කමෙන්ට්. නේද පැරා?

      Delete
    3. උඹේ මළ ඇඩ් එක අපිට තිත්ත වෙලා තියෙන්නෙ යකෝ..... නවත්තපන්කො ඔය ඇඩ් දැමිල්ල..... නැත්නම් ඊලඟට හුප්පදේ තමා මතක් කරලා දෙන්න වෙන්නෙ.....

      Delete
  3. /මේ කුණු සයිබර් අවකාශය වෙනුවට මෙම සංවාදය මහ පොළවේ ස්ථානගත කරන්නට අප පියවර ගත යුතු ය. /

    දැන් මෙහෙම කියන පැරාම මොකද මේ කුණු සයිබර් අවකාශයේ රැඳිලා ඉන්නෙ? ඇයි පැරාට බැරි ඉස්සර වගේ රාවයට ලියන්න. රාවය කියවන පිරිස අඩුයි. අනෙක උන් හැමෝටම උන්ගෙම මතවාද තියෙනවා. ඒ නිසා ලොකු බලපෑමක් කළ හැකි 'මව්බිම' වගේ පත්තරේකට සෙට් වෙලා. ඇයි පැරා ඒක නොකරන්නෙ? මේ රටේ මහජනතාව බහුතරයක් කියවන්නෙ ලංකාදීප, දිවයින, රිවිර, මව්බිම, ලක්බිම මිසක් පැරාගෙ බ්ලොග් එක නෙවෙයි නේද? ඇයි සංවාදය මහ පොළොවට ගෙනියන්න මේ අය එක්ක සෙට් නොවෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. පැරා දැනටම වැඩ කරන්නේ ටිරාන් හුලස්ට තමයි. පොරගේ සිලෝන් ටුඩේ එකේ ලිපි පරිවර්තනය කරන වැඩ කරලා තමයි පැරා ගේ ඉන්දියන් මරුතියට පෙට්‍රල් ගහන්නේ.

      Delete
  4. "රටට අවශ්‍ය වෙනස" කියන්නේ "තමන්ට අවශ්‍ය වෙනස" කියන එකද? ජෙප්පන්ට ඕන තමන්ගේ සමාජවාදී සිහිනලන්තයක්. අලින්ට ඕන කොහොම හරි තමන්ට බලය අරගන්න. රාජපක්ෂයට තමන්ගෙ බලය කොහොමහරි පවත්වාගෙන යන්න. සෝභිතට හෝ නිර්මාල්ට මොනවා ඕනිවෙලා ද කියන්නට මට තේරෙන්නේ නැත. කාටත් ඕනෙ තමන්ට බලයට එන්න විදිහක්.

    හරි අපි හිතමුකො ජෙප්පෙක් හරි අලියෙක් හරි නිර්මාල් හරි බලයට ආව කියල. මුන්දැල කොහොමද රට පාලනය කරන්න හිතන් ඉන්නෙ කියල ප්‍රසිද්ධියේ කියල තිබෙනවද? මෙයාල හිතන් ඉන්න දූෂණය/වංචාව ... නැතිකරන ක්‍රමය මොකක්ද?

    නිර්මාල් ජනාධිපති උනාම "ළමායි... අද ඉඳල හොරකම් වංචා නවතන්නා... ..." කියල නවත්තන්න පුලුවන් ද?

    සමහරවිට "අධිකරණය / පොලිසිය ස්වාධීන කොරනවා" වගේ දෙයක් කියයි. ඒත් ඒක කරන හැටි කියනවාද?

    ReplyDelete
    Replies
    1. මේ කරුණ පැහැදිලි කරපු ලිපියක් තිබුනා ලංකා ඊ නිවුස් එකේ. සම්පුර්ණ ලිපිය දිග වැඩි හින්දා මෙතන දමන්නේ නෑ.

      මනෝරාජික පොදු අපේක්ෂකයා නොව නිසැක ජයගන්නා ප්‍රායෝගික පොදු අපේක්ෂකයා තෝරාගන්නා හැටි මෙන්න -විමල් ධීරසේකරගේ විග්‍රහය-------
      මනෝරාජික පොදු අපේක්ෂකයා නොව නිසැක ජයගන්නා ප්‍රායෝගික පොදු අපේක්ෂකයා තෝරාගන්නා හැටි මෙන්න -විමල් ධීරසේකරගේ විග්‍රහය-------

      (ලංකා ඊ නිව්ස් -2014.මැයි.12, ප.ව.12.30

      පොදු වැඩ පිලිවෙල හෙවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය:
      ------------------------------------------------------------------------
      මෙය සංකීර්ණ නීතිමය ක්‍රියාදාමයක් වන අතර එය නීතිය පිලිබඳ ප්‍රාමානික දැනුමැත්තෝ සහ පොදු වැඩ පිලිවෙලට එකඟ වන දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිවරණයකට පෙර තබාම සාකච්ඡා කර සකස් කර ගත යුත්තකි. අපට දැනට කිව හැක්කේ එක් දෙයක් පමණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නෙමියි කියා ඉදිරිපත් වන පොදු අපේක්ෂකයාට ලැඛෙන ඡන්දය ඒ සඳහා පැවැත්වූ ජනමත විචාරණයක් සේ සැලකිය හැකිය. ඒ බැව් කල් තබාම ජනතාවට ප්‍රකාශ කළ යුතුය. එවිට යලි පාර්ලිමේන්තු තුනෙන් දෙකවල් හෝ ජනමත විචාරණ හෝ අවශ්‍ය වන්නේ නැත. මූලික විය යුත්තේ ජනතා පරමාධිපත්‍යය නම් එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොදු අපේක්ෂකයා ජය ගැනීම යන්නෙන්ම පිලිබිඹු වේ.

      එබැවින් පත්වන පොදු ජනාධිපතිගේ එකම කාර්ය වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීමේ යාන්ත්‍රණය ඔහු දිව්රුම් දීමෙන් පසු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ක්‍රියාත්මක කළ යුතුය. එම නිශ්චිත කාලය මාසයකට නොඅඩු මාස තුනකට නොවැඩි කාලයකින් කළ හැකිය යන්න අපගේ විශ්වාසයයි. අවසානයේ එය භාරකාර ආණ්ඩුවකින් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් විය යුතුම ය. දැනට කතිකාවේ පවතින ස්වාධීන කොමිෂන් පත් කිරීම හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ආදී සියල්ල විය යුත්තේ නව පාර්ලිමේන්තුවකින් විය යුතු ය. එසේ නැතිව ඒවා පත්වන පොදු ජනාධිපතිවරයාගෙන් ඉටු කරවා ගැනීමට ගියහොත් යලිදු සිදුවන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වීමකි. නමුත් භාරකාර රජයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ ක්‍රමය ගැන පමණක් අද සිටම එකඟතාවයකට පැමිණ එය පොදු ජනාධිපතිවරයා විසින් ඉටු කළ යුතු වනවා ඇත. එයද මැතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කෙරෙන්නේ නම් ලැඛෙන ඡන්දය ඊටද ලැබුනු ජනමත විචාරණයක් සේ සැලකිය හැකිය. මෙය එතරම් බරපතල කල්ගත වන කතිකාවක් නොවන්නේ සියළු දේශපාලන පක්ෂ එකඟ වූ පාර්ලිමේන්තු කාරක සභාවකින් අනුමත වූ නව මැතිවරණ ක්‍රමයක් දැනටමත් තිඛෙන නිසාය.

      විධායක ජනාධිපති අහෝසි වූ සැනින් රටේ පූදින ප්‍රජාතන්ත්‍රවාදයේ නව හැඩතල අද පවතින දේශපාලනයට හාත්පසින්ම වෙනස් එකක් වනවා නියත ය. අද සිටින සමහර නායකයන් අතුගෑවී යනු ඇති අතර ජීවිතයට සිතා හෝ නැති නව නායකයන් එළිබසිනු ඇත. එවන් චමත්කාරජනක ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ පත්වන නව පාර්ලිමේන්තුවකින් නව ව්‍යවස්ථාවක් බිහිකර ගත හැකිවනු නොඅනුමානය.

      'ඔළුගෙඩි මාරු කරලා වැඩක් නෑ. සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ' යයි සැවොම කතාකරන 'සිස්ටම් චේන්ජ්' එක ඇති කර ගැනීමට නම් මේ කියන ආකාරය හැර වෙනත් ප්‍රායෝගික මගක් නැත.

      සම්පුර්ණ ලිපිය මෙතනින් ගිහින් බලන්න.

      Delete
  5. මේ අය ගැන කීමට ඇත්තේ මෙයයි. මොවුන් මුළු දවස පුරා ම කරන්නේ අන්තර්ජාලයෙන් ගැහැනුන් හා පිරිමින් දඩයම් කිරීමේ කාර්යයි. ඒ අතරවාරයේ බ්ලොග්වල කමෙන්ට් දමන්නේ අර මුලින් කී වැඩේට අනන්‍යතාවක් හදා ගැනීම සඳහා ය. අපි මේ කමෙන්ට් ගැන තකන්නේ නැත. අප බලන්නේ ලිපිය කියවන පිරිස ගැන ය.

    atha yanthan para, umba ehema hithana eka. mata umbe lipi walata daala thiyena comment dakkama hithanne umba liyana eka nawath wai kiyala

    indika

    ReplyDelete
  6. "රටට අවශ්‍ය වෙනස කුමක්ද?"මහරජෙක් සහ ගෝලබාලයන් රැළක් වෙනුවට දේශපාලකයන් පිරිසක් පත්කරගැනීම.

    ReplyDelete
  7. රටට පත්වන නායකයා වැඩි අවධානයක් දිය යුත්තේ ුධ්‍යාපනය ඉහළ නැංවීමටය.ඒ දහම් පාසල් අධයාපනය නොවේය.ඒ වගේම අභ්‍යවකාශය ගැන උගන්නන්නට සහ හදට යන්නට යාව තනන්නට නොවේය.මේ පොළවේ තියෙන සම්පත් නිසි කළමණාකරණයකට ලක් කළ හැකි සහ ඒවා නිර්මාණාත්මකව මෙහෙයවීම සදහා මග පෙන්වීමක් සහ දිරී දීමක් සැපයෙන අධ්‍යාපනයකටය.ඒ ගැන කතා කරන දේශපාලනයක් තවමත් මතු වෙන ලකුණක් හෝ පෙනෙන්නට නැත.එසේම නීතිය කියන දේ මෙහෙයවීමට කාකි යුනි‍ෛා්ම්කාරයෝ ඉක්මවා කහ යුනිෆෝම් කාරයන්ට බලය ලැබෙන විදිහෙ ක්‍රමයක් ස්ථාපිත නොකරන බවට ඡන්දයකට පෙර සිටම කියන්නට හැකි කටක් ඇති ගටක් ඇති දේශපාලනඥයන් නැති වීමද ඛේදයක්ම පමණි.

    ReplyDelete
  8. හරවත් සංවාදයක් රටේ ඇතිවන එක වලක් වන්න,මහින්දලාගෙ සල්ලි කෝටි ගනං වෙන්කරල ඇති.ඒත් දැන් මිනිස්සුන්ට තේරිල තියෙන්නෙ,දෙමල ප්‍රභාකරන් කෙනෙක් වෙනුවට,සිංහල ප්‍රභාකරන් කෙනෙක් ඇවිල්ල කියල.ඉස්සර වෙලාම කරන්න තියෙන්නෙ,ඒ මනුස්සයව එලවල දාන එක.අනුප්‍රාප්තිකයෙක් තාවකාලිකව හරි හොයාගෙන,ඒ දේ කලයුතුය්.

    ReplyDelete
  9. //ඇතැම් බ්ලොග්වල මෙන් කමෙන්ට්වලින් ශිල්ප දමා ගැනීමේ උවමනාවක් අපට නැත//

    පැරා මේ බනින්නෙ කකාටද.... මාතලන්ටද..... ඉන්දික උපශාන්තටද....

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා සහ දේශපාලන ප්‍රතිසංස්කරන සම්බන්දව බ්ලොග් අවකාශයේ ආරම්භව ඇති සංවාද අලකිරීමේ වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන් මාතලන් විසින් කරනු ලබයි.ඔහුගේ දේශපාලන අභිලාශය වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය දිගටම පැවතීමය.මාතලන් ප්‍රජාතන්ත්‍ර වාදය යහපාලනය වැනි දේවල් ගැන ලියන්නේ හුදෙක්ම ගැලරියට ආතල් දීමට පමණි.මාතලන්ගේ බ්ලොග් ලිපි කියවිය යුත්තේ ඔහුගේ සැඟවුණු අදහස් ගැන අවබෝදයෙනි.

      Delete
    2. මෙන්න පැරා ඇනෝ ඇවිත්

      Delete
    3. නිකරුනේ පැරාට චෝදනා කරන්න එපා මචං.මං වෙන එකෙක්.මාතලන්ගේ බොග කියවල බලපං!!

      Delete
    4. මාතලන් කියන්නෙ සමාජය පසුගාමිත්වය කරා රැගෙන යාමට සිතමින් බ්ලොග් ලියන්නෙක්, ඌ කරන්නෙ මහින්දට කඩේ යාමක්. ඌට මහින්දය හෙන ලොකු පොරක්, ඌම කියනව ක්‍රමය වෙනස් කරන්න ඕනෙලු, ඊට පස්සෙ කියනව මහින්ද හෙන චරිතෙලු. යකෝ පඹයෙක් අරන් ගිහින් ඔය තනතුරේ තිබ්බත් ඔහොමම තමයි වෙන්නෙ. ඌ මහ ලොකු පෞරුෂයක් ඇති එකෙක් නෙවෙයි, උගේ තියෙන්නෙ තක්කඩි කම් ඔක්කොම. මාතලන් වගේ මහින්දයට විරුද්ධව වචනයක්වත් කියන් නැති උන්ටයි, කිසිම තොරුතුරක් දැන ගන්ඩ අවස්ථාවක් නැති උන්ටයි තමයි මහින්දය ලොකු පොරක් වෙන්නෙ, පිස්සු බහුබූත ලියන මාතලන්, ඌවත් ද්නනෑ ඌ ලියන්නෙ මොනවද කියල.
      -------------------------------------------------------------------
      මෙන්න මේ කතාව පැහැදිලි කරලා දෙන්න,'පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ්ගේ ආකර්ශනීය පෞරුෂය අභිභවා යා හැකි අයෙක් විය යුතුය'.මොකක්ද මහින්දගේ තියෙන ආකර්ෂනීය පෞරුෂය.රස්තියාදුකාර කම ආකර්ෂනීයද,කෙප්ප කෙලින එක ආකර්ශනීයද,හොරා කන එක ආකර්ශනීය පෞරුෂයක්ද,තමන්ගේ සනුහරේම පෝෂණය කරන එක ආකර්ශනීයද,නයට අරං පාරවල් වලින් හොරා කන එක ආක්ර්ශනීයද,රට ලෝකෙට නය කරන එක ආකර්ශනීයද,රට ලෝකෙට පාච්චල් කරන එක ආකර්ශනීයද...............

      Delete
    5. අඩේ එහෙම පැරාව අල කරන්න පුළුවන් කියන්නේ. මාතලන් මාර පොරක් නේ. වෙන්න ඕන එක නෙමෙයි පෞද්ගලිගත්වයට ගහන්නේ නැතුව පොයින්ට් එකට ගහන එක. මේක එකෙක්ටවත් භුක්තියට ලියලා දීලා නෑ නේ. මට ඕන එක මම ලියනවා. ඒත් අල කරන්න එන නපුංසකයන්ට නම් ආතල් එකක් දීලා මාත් ආතල් එකක් ගන්නවා. මොකෝ නපුංසකයෝ ආතල් ගන්න ආසයි නේ.

      අපි එතන කරන්නේ මොකක්ද කියලා. ඉරිසියාව පැත්තකින් තියලා. කුහක කම පැත්තකින් තියලා දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා නිරුවත් දෑසින් ඇවිත් බලන්න.

      තව දුරටත් නපුංසක ආතල් නෙගෙන.

      Delete
    6. අනේ බන් මාතලන් උබ කමෙන්ට් එකකින් තව එකෙකුට නපුන්සකය කියල සිගිති ආතල් එකක් ගන්නවනෙ, උබේ ලිපි කියෙව්ව බන් මම, මොනවද බන් ඒව වල ගන්න දෙයක් තියෙන්නෙ? උඹේ පොන්න ආතල් උබටම හොදයි. මට නම් තේරුන එකම දේ උබ මහින්දයට කඩේ යන පොරක් කියන එක. උබට වෙලාවකට රනිල තරම් පොරක් නෑ, වෙලාවකට මහින්දය තරම් පොරක් නෑ, උබේ එකම ප්‍රර්ථනය කීයක් හරි වැඩියෙන් හම්බ කර ගන්න විදියක් හදා ගන්නෙ කොහොමද කියන එක, ඒකනෙ උබ පැරාට යෝජනා කරන්නෙ ඉංග්‍රීසි පන්තියක් කරන්න කියල, එකනෙ උබ පැරාට යොජනා කරන්නෙ මරුටිය විකුනල ජපන් කාර් එකක් ගන්න කියල, උබ කියන්න ඕනෙද බන් ඕව සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු කොහොමත් ඔය වගේ තමයි හිතන්නෙ.

      ඇත්තටම මාතලනො උබ වගේ උන් බ්ලොග් ලියල වැඩක් නෑ බන්
      අයි ටී එන්, රූපවාහිනි එහෙමත් තියෙනවනෙ ලංකාවෙ.

      Delete
    7. නැතිව ඉතින් හිඟා කන්නය. උඹත් හිඟන්නෙක් වෙන්න බෑ නේ. සයිබරයේ අකුරු කොටන්න. ඒත් උඹලා කුහකයෝ. උඹලා කැමති නෑ හැම එකාම ඒ තත්වෙට එනවට. උඹලට ඕන හිඟන්නෝ ගොඩක වීරෙයෙක් වෙන්න. අර රනිල් ගැන පෙනුන එක ළොකු දෙයක්. එතනින්ම උඹේ පළමු කතාව නිශ්ප්‍රභා වෙනවා.

      උඹට සුබ අනාගතයක්.!

      Delete
    8. මතලන්ගෙ ගොඩක් ලිපි වල තියෙන්නෙ,විසංවාද.ලිපියෙ ලියල තියෙන දේම, එකිනෙකට, විරුද්ද වෙනව.අනික,ඒවලට කමෙන්ට් දාන අය හරිම අඳ බාලය්.

      Delete
  10. බ්ලොග් ගැන කියපු ටිකට මේ ටික කියන්න ඕන මම දඩයක්කරුවෙක් නොවුනත්.
    බ්ලොග් අවකාශය කියන්නෙ බුද්ධිමතුන්ට වගේම මෝඩයන්ට පිනුම් ගහන්නත් නිදහස තියන තැනක්. වැඩේ තියෙන්නෙ ඊනියා බුද්ධිමතුන් බයයි එයාලට මොකුත් කියනවට. ඒ වගේම බ්ලොග් වල තියන නිදහස, ලැබෙන ප්‍රතිචාර පත්තර කඩමලුවලට ලියන බුද්ධිමත් අයියලට තේරුම්ගන්න බෑ. එයාලට ඒක මැජික් එකක්. මොකද තමුන් දෙවිවරු කියල හිතාගෙන ඉන්න මේ බුවාලට, කජුකිරි කොල්ලෙකුගෙන් එල්ලවන ප්‍රතිචාරයක් දරාගන්න බෑ.
    මම නං කැමතියි මේ තියන තත්වයට. ඔය ඊනියා බුද්ධිමතුන් වඳවෙලා යනව තව දශක දෙකක් යද්දි. ඊට පස්සෙ දැන් මේ තියන තත්වයට හුරුවෙච්ච බුද්ධිමතුන්ට පුළුවන් අර කියපු "නෝටි" උදවිය අතරෙ උනත් තමන්ගෙ වැඩේ කරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. //ඔය ඊනියා බුද්ධිමතුන් වඳවෙලා යනව තව දශක දෙකක් යද්දි.//

      ඒ කියන්නෙ පැරා තව අවූරුදු විස්සකින් වල කජ්ජ ගහයිද?

      Delete
  11. Some Comments from Facebook:

    "e මේ වන විට තම කැමැත්ත ප්‍රකාශ කර ඇති නම් අතරින් වඩාත් පිළිගත හැකි නම වන්නේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නාමය යන්න මම ද පිලිගනිමි. විධායක ජනපති ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව හාමුදුරුවන් විසින් ඉටු කරාවි යන්න මට විශ්වාස කල හැක. ඉක්මනින්ම අවශ්‍ය වන්නේ තමන් වහන්සේ ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කොට ගම් දනව් මට්ටමෙන් ජනබලවේගයක් ගොඩ නැගීමය."

    "මේක සිංහල බෞද්ධ ඉරානයක් හදාගන්න ළඟම පාර වෙන්න බැරි නැද්ද? කොහොමත් කට්ටියක් දැනටම ලංකාව එහෙම තැනක් කරන්න වලිකන එකේ මේක පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වෙන්නෙ නැතිවෙයි කියල හිතන්නෙ කොහොමද?"

    "කවරම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ ද අර්බුධ සහ ආගාධයේ දිශාවට රට ගමන් කිරීම නොවැළැක්විය හැක්කක් වනු ඇත්තේ උවමනා කරන සැබෑ පංති අරගලයක දිශාවට ජනයාට නායකත්වය දිය හැකි සැබෑ වාමාංශික සංවිධානයක් බිහි නොවී තිබීම නිසාය.

    දේශයේ සියළුම පාහේ ආර්ථික මර්මස්ථාන වල හිමිකරුවන් බවට පත්වෙමින් ද, ආරක්ෂක, අධිකරණ සහ ආගම්වාදී සහ ජාතිවාදී සියළු බලමුළු ද ශක්තිමත් කරගනිමින් දෙතුන් දෙනෙකු අතට බලය අත්පත්කරගැනීමේ ක්‍රියාවළිය දෙවැදෑරුම් ලෙස සමාජයට දැණෙයි.

    එකක් නම් ලෝකයේ කවරම රටක වුව ද සිදුවන පරිදිම ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යාමය. එහෙත් මේ නව ලිබරල් ආර්ථික හා සමාජයීය පරිසරය තුළ එය සමාජයට දැණෙන පීඩාවක් නොවනු ඇත. මන්ද යත්, ලිබරල් මිනිසා හුදෙක්ම ස්වයංමෝහන ජීවන විමුක්තියක් පසුපස හඹා යනවා විනා ඉන් ඔබ්බෙහි වූ සමාජ කඩාවැටීම් හෝ පරිවර්තනයන් ග්‍රහණය නොකරයි. එනිසාම සුපුරුදු පරිදි සාමාන්‍ය ජනයාට මෙය කම්මලේ බල්ලාට ඇසෙන හෙණ පහකට වැඩි දෙයක් නොවනු ඇත. එලෙසම, සාමාන්‍ය ජනයා විඳින පීඩාවෙන් මුදවාගැනීමට ද කිසිදු ආකාරයක පුද්ගල වෙනසක් ඇති කිරීමට දායක වීමම හර සුන්, ගතානුගතික, ලාංකීය දේශපාලන විධි ක්‍රමයම තහවුරු කරමින් ඉන් ඔබ්බෙහි විසඳුමක් නොමැති බව සමාජයට තව තවත් තහවුරු කිරීමක් ම වනවා විනා පවතින සමාජ දෘෂ්ටිය වෙනස් කිරීමට ඉන් අබමල් රේණුවක හෝ හේතුවක් වනු ඇතැයි සිතිය නොහැක.

    මෙය සමාජයට දැණෙන අනෙක් ආකාරය නම් ප්‍රබල ධනපති පංතියට දැනීම වේ. ස්වකීය පංතියටම බෙදී යා යුතු වන ආර්ථික ප්‍රභව ආයතන වල අයිතිය කෙමෙන් කෙමෙන් එක් බල ලත් සහ උත්තම පුරවැසියෙක් වෙත සංකේන්ද්‍රණය වීමට ඉඩ නොදීමේ උවමනාව ඍජුවම ඇතිවන්නේ මෙකී පංතියටය. ඔවුන් ඒ දැනීම සාමාන්‍ය සමාජයේ මිනිසාගේ උවමනාව දක්වා වර්ධනය කරනු ලබන්නට විවිධ උපාය උපක්‍රම භාවිත කිරීම ද වඩ වඩාත් කඩිනම් කරනු ඇත. අනෝන්‍ය වශයෙන් සාමාන්‍ය ජනයාට ද එකි පංතියේ දැනීම විවිධාකාර ස්වරූප වලින් දැණෙනු ඇත. එය, සහල් හිඟයකින්, කිරිපිටි හිඟයකින්, ජාතිවාදී යුධ අවධානමකින්, ජාත්‍යන්තර අධිකරණ අවධානමකින්, ප්‍රජාතන්ත්‍රවාදය සහමුළින්ම අහෝසිවීමේ අවධානමකින් ආදී කවරම හෝ ආකාරයකින් දැණෙන්නට සලස්වන්නට තරම් ධනපති පංතිය සංවිධානාත්මක සහ උපායශීලී බව නොකිවමනාය.

    මෙන්න මේ ධනපති පංතියේ උවමනාව වෙනුවෙන් දැන් අප එක්වී පොදු රූකඩයක් දමා පාලකයා එළවා දැමිය යුතු බවට ධනපති පංතිය විසින් මවන ටූනමන්ට් එකට සෙට් විය යුතු බව සමාජ මතයක් කරගනිමින් සිටිමු. මාගේ අදහස නම් මේ බලවතුන් දෙන ටූනමන්ට් එක ආරාධනා පත්‍රය ඉරාදමා කුනු කූඩයට දමමින්ම නොසලකා සිටිය යුතුය....

    ධනපති පංතිය දැං අවුල වී ඇත්තේ, උන්ගේ උපායන ධන මාර්ග ඇහිරී තිබූ හෙන ඇණයක් වී තිබූ සතුරා නැසීමට අපගේ ජාතික කැක්කුම නම් හදවත් උණුකොට වාත්තුකර සකසාගත් ලෝදිය අතින්ගත් දුටුගැමුණු වීරයා, සතුරා සුන්නත්දූලිකර දමා අවසන වනගතව බුදු වීමට පෙරුම්පිරීම වෙනුවට එය අතහැරදමා සක්විති රජ වීමට සූදානම් වීමය. අප විසින් ධනපති පංියට කිව යුතුව ඇත්තේ කුම්බලාවො කෑවානම් දුක්විඳපන් බළලෝ කියා සික්විති රජුට සක්විති කම් කරන්නට දී පංතිය සවිඥානික කරමින් සැබෑ පංති අරගලයට පීඩිතයා සූදානම් කිරීමය.....

    උන්ගේ උවමනාවට පාලකයා එළවමින් නව පාලකයින් හැදීමේ මෝඩ චූන් එක දැන්වත් අවසන් කළ යුතුය........"

    ReplyDelete
    Replies
    1. එහෙනම් පැරා ඔයා කියනවා වගේම මේ ගැන කතා කරන එක විකාරයක් තමයි. නිර්මාල්ම බෑ කිව්වනේ. අපි එහෙනම් වැඩේ ඉස්සරහට ගෙනියන්නම්. බොහොම ස්තූතියි තල්ලුවක් දාලා ස්ටාර්ට් එකක් අරගෙන දුන්නට.

      Delete
  12. // බ්ලොග් අවකාශයේ සිටින එක්තරා අසහනකරුවන් පිරිසක් සියලු දේශපාලනික ප්‍රයත්නයන් අල කර දමන බැවිනි.
    මේ අය ගැන කීමට ඇත්තේ මෙයයි. මොවුන් මුළු දවස පුරා ම කරන්නේ අන්තර්ජාලයෙන් ගැහැනුන් හා පිරිමින් දඩයම් කිරීමේ කාර්යයි. ඒ අතරවාරයේ බ්ලොග්වල කමෙන්ට් දමන්නේ අර මුලින් කී වැඩේට අනන්‍යතාවක් හදා ගැනීම සඳහා ය. . //

    පැරා පොඩ්ඩක් ස්පෙසිෆික් වෙන්න කෝ. එහෙම "අල කරල දාපු" "දේශපාලන ප්‍රයත්නයක්" සහ අල කරේ කොහොමද කියල පොඩ්ඩක් පෙන්නන්න පුලුවන් ද? ලෙෆ්ටිස්ට් කෙනෙක් නේ, රාජපක්සල පතුරු අරින ගමන් කමෙන්ට් කාරයෙක් ගැන කෙලින් කතා කරන්න බය වෙන්න දෙයක් නෑ නේ?

    දැන් මේ "ගෑනු පිරිමි දඩයම්" කතාව කිව්වේ ඇනෝල ගැන වෙන්න බෑ, මොකද ඇනෝ ඇවිල්ල "අනන්‍යතාවක් හදා ගන්න" බෑ නේ පැරා කියන විදියට? පැරා මේ චෝදනාව කරන්නෙ ප්‍රොෆයිල් වලින් එන එකෙක්ට. "දවස පුරා ගෑනු පිරිමි දඩයම" වගේ සිල්ලර චෝදනා වලට යන්නෙ ඇයි පැරා බලන් හිටිය වගේ?

    අනික ඒ කමෙන්ට් වලදිම කෙලින් උත්තර දෙන්න තිබුන නෙ පැරා, මෙහෙම කිව්වම මේකත් අර පොලිසිය, දේශපාලකයො එහෙම විවේචකයන්ට "ප්‍රශ්න ඇති කරනව" කියල ජෙනරික් කියනව වගේ එකක් නෙ?

    ReplyDelete
    Replies
    1. //....පොඩ්ඩක් ස්පෙසිෆික් වෙන්න කෝ.....//

      බැට් මෑන් අන්කල් ගොන් කතා දෙසා බාන් නැතුව ඉන්නවද ? ඔයා කියන විදියට ස්පෙසිෆික් වේවි ලියන්න ගියොත් පොස්ට් එක ගු ගොඩක් වෙනවනේ හලෝ. ලියන හැම කරුණක්ම ස්පෙසිෆික්ව ලියන්න මේක ඇකඩමික් රයිටින්ග් නෙමෙයිනේ. ඔයා කියන විදියට ස්පෙසිෆික් ව අපි පළමුවෙනි චේදය ගැන හිතුවොත්,

      ''ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට දියත් වෙමින් තිබේ.ස්පෙසිෆික් උදාහරණ නම් A, B C ය.අප මෙය මාධ්‍ය මෙහෙයුමක් ලෙස හඳුන්වන්නේ අන් කිසි හේතුවක් නිසා නොව එය මෙහෙයවනු ලබන්නේ තනිකර ම අධිපති ධාරාවේ මාධ්‍ය විසින් වන බැවිනි. D, E, F අධිපති ධාරාවේ මාධ්‍යලෙස ස්පෙසිෆික්ව හදුනාගත හැක. දේශපාලන පක්ෂ වනාහි මාධ්‍ය විසින් නැටවෙන නූල් රූකඩ විශේෂයකි.'' G, H සහ I, මේ මොහොතේ එසේ ස්පෙසිෆික්ව නැටවෙන දේශපාලන පක්ෂ වේ"

      //දැන් මේ "ගෑනු පිරිමි දඩයම්" කතාව කිව්වේ ඇනෝල ගැන වෙන්න බෑ, මොකද ඇනෝ ඇවිල්ල "අනන්‍යතාවක් හදා ගන්න" බෑ නේ පැරා කියන විදියට? පැරා මේ චෝදනාව කරන්නෙ ප්‍රොෆයිල් වලින් එන එකෙක්ට. "දවස පුරා ගෑනු පිරිමි දඩයම" වගේ සිල්ලර චෝදනා වලට යන්නෙ ඇයි පැරා බලන් හිටිය වගේ?//

      ඔයාට මොකද අවුල් ගියේ, "ගෑනු පිරිමි දඩයම්" කතාව කිව්වේ ඇනෝල ගැන වෙන්න බෑරි උනාට Anonymous කියල ප්රෝෆිල් හදාගෙන ඉන්න උන්ට වෙන්න බැරිද?

      Delete
    2. // ලියන හැම කරුණක්ම ස්පෙසිෆික්ව ලියන්න මේක ඇකඩමික් රයිටින්ග් නෙමෙයිනේ. ඔයා කියන විදියට ස්පෙසිෆික් ව අපි පළමුවෙනි චේදය ගැන හිතුවොත්,//

      ලියන හැම කරුණක් ගැනම ස්පෙසිෆික් වෙන්න කිව්වේ නෑ නේ. එතනම යටින් අහල තියෙන්නෙ?

      >> එහෙම "අල කරල දාපු" "දේශපාලන ප්‍රයත්නයක්" සහ අල කරේ කොහොමද කියල පොඩ්ඩක් පෙන්නන්න පුලුවන් ද? <<

      දැන් පැරා ලියපු සමහර ඒවටත් එහෙනම් කියන්න පුලුවන් නෙ දීප්ති ගෙ "දේශපාලන ප්‍රයත්න" "අල කරන්න" ලියපුවා කියල?

      //ඔයාට මොකද අවුල් ගියේ, "ගෑනු පිරිමි දඩයම්" කතාව කිව්වේ ඇනෝල ගැන වෙන්න බෑරි උනාට Anonymous කියල ප්රෝෆිල් හදාගෙන ඉන්න උන්ට වෙන්න බැරිද?//

      මට කිව්ව වුනත් ඒක පැරා නොදන්න දේ ගැන කරපු කිසි පදනමක් නැති මැටි මෝල් චෝදනාවක් නේ? ඒක තමයි මමත් පෙන්නපු පොයින්ට් එක.

      Delete
  13. //....පොඩ්ඩක් ස්පෙසිෆික් වෙන්න කෝ.....//

    බැට් මෑන් අන්කල් ගොන් කතා දෙසා බාන් නැතුව ඉන්නවද ? ඔයා කියන විදියට ස්පෙසිෆික් වේවි ලියන්න ගියොත් පොස්ට් එක ගු ගොඩක් වෙනවනේ හලෝ. ලියන හැම කරුණක්ම ස්පෙසිෆික්ව ලියන්න මේක ඇකඩමික් රයිටින්ග් නෙමෙයිනේ. ඔයා කියන විදියට ස්පෙසිෆික් ව අපි පළමුවෙනි චේදය ගැන හිතුවොත්,

    ''ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට දියත් වෙමින් තිබේ.ස්පෙසිෆික් උදාහරණ නම් A, B C ය.අප මෙය මාධ්‍ය මෙහෙයුමක් ලෙස හඳුන්වන්නේ අන් කිසි හේතුවක් නිසා නොව එය මෙහෙයවනු ලබන්නේ තනිකර ම අධිපති ධාරාවේ මාධ්‍ය විසින් වන බැවිනි. D, E, F අධිපති ධාරාවේ මාධ්‍යලෙස ස්පෙසිෆික්ව හදුනාගත හැක. දේශපාලන පක්ෂ වනාහි මාධ්‍ය විසින් නැටවෙන නූල් රූකඩ විශේෂයකි.'' G, H සහ I, මේ මොහොතේ එසේ ස්පෙසිෆික්ව නැටවෙන දේශපාලන පක්ෂ වේ"

    //දැන් මේ "ගෑනු පිරිමි දඩයම්" කතාව කිව්වේ ඇනෝල ගැන වෙන්න බෑ, මොකද ඇනෝ ඇවිල්ල "අනන්‍යතාවක් හදා ගන්න" බෑ නේ පැරා කියන විදියට? පැරා මේ චෝදනාව කරන්නෙ ප්‍රොෆයිල් වලින් එන එකෙක්ට. "දවස පුරා ගෑනු පිරිමි දඩයම" වගේ සිල්ලර චෝදනා වලට යන්නෙ ඇයි පැරා බලන් හිටිය වගේ?//

    ඔයාට මොකද අවුල් ගියේ, "ගෑනු පිරිමි දඩයම්" කතාව කිව්වේ ඇනෝල ගැන වෙන්න බෑරි උනාට Anonymous කියල ප්රෝෆිල් හදාගෙන ඉන්න උන්ට වෙන්න බැරිද?

    ReplyDelete
  14. මගේ නමද මෙහි කමෙන්ටුවල සඳහන් වෙන නිසා ප්‍රතිචාරයක් දැමීමට සිත් විය.

    පොදු අපේක්‍ෂකයා ගැන මගේ අදහස කලින් ලියා ඇත. ඒ ලිපියට ලින්ක් එකක් දානවා හැර මේ පලවෙන හැම ලිපියකටම අමුතුවෙන් කීමට දෙයක් මට නම් නැත.

    මේ ලිපියේ පැරා බ්ලොග් ගැන කියා ඇති දේවල් නම් විහිළු සහගතයි. මේ බ්ලොගය හොඳම කාලීන තොරතුරු බ්ලොගය ලෙස කප් ගැසූ එකකි. එද අද වෙනසක් මට නොපෙනේ. කියවන පිරිස ඬැඩි වෙන විට අදහස්වල විවිධත්වයට වැඩි වී ඇත.

    ලැබෙන සමහර කමෙන්ට්ස්වලට අකමැති නිසා බ්ලොග් යනු කුණු ගොඩක් ලෙස නම් කිරීම යනු පාර්ලිමේන්තුවේ සිටින්නේ හොරු සහ තක්කඩි නිසා ප්‍රජාතන්ත්‍රවාදය කුණු ගෙඩක් යැයි කීම හා සමානය.

    එහෙනම් ඒකාධිපතිවාදයකට යමු!

    ReplyDelete
    Replies
    1. //....ලැබෙන සමහර කමෙන්ට්ස්වලට අකමැති නිසා බ්ලොග් යනු කුණු ගොඩක් ලෙස නම් කිරීම යනු පාර්ලිමේන්තුවේ සිටින්නේ හොරු සහ තක්කඩි නිසා ප්‍රජාතන්ත්‍රවාදය කුණු ගෙඩක් යැයි කීම හා සමානය. //

      ඔබ කියන දේ ඇත්ත.

      මම හිතන්නේ හොඳ සංවාදයක් අල කිරීම මගහැරයාමට ක්‍රම සහ විධි සොයාගත යුතුවනවා. සමහර විට අල කොමෙන්ට්ස් ගනන් නොගෙන සිටීම වියහැකියි. ඇත්තෙන්ම ගනන් ගත යුතු නැහැ නේද?

      මට අනුව මර්වින් සිල්වා මාධ්‍යවලින් ගනන් නොගෙන සිටියා නම් මේ තරම් පිස්සු කෙලින එකක් නැහැ!

      - Dimithri

      Delete
  15. //මේවා වනාහි බ්ලොග් අවකාශයේ හෝ ෆේස්බුකියේ හෝ කළ හැකි සංවාද නො වේ.//

    එතකොට පත්තරවල, ටී වී චැනල් වල ඒක පාක්ෂිකව මත්වාද වපුරල විකුණන එක ඔබ කියන සංවාද කරන ක්‍රමයද?

    එහෙම නැත්තම් බාර් එහෙක, ත්‍රීවිල් මිටීමක කෙරෙන කවදත් එන උන් එක්ක කරන සංවාදද?

    පැරාට පෙන්නන්න පුලුවන්ද සමාජෙ විවිධ පැති නියෝජනය වෙන, විවිධ ආර්ථික හා දේශපාලන මතවල ඉන්න අය තම අදහස් සෘජුව දක්වන වෙන වේදිකාවක් මේ සමජ ජාල වලින් එහා තියෙන?

    //මේ අය ගැන කීමට ඇත්තේ මෙයයි. මොවුන් මුළු දවස පුරා ම කරන්නේ අන්තර්ජාලයෙන් ගැහැනුන් හා පිරිමින් දඩයම් කිරීමේ කාර්යයි. ඒ අතරවාරයේ බ්ලොග්වල කමෙන්ට් දමන්නේ අර මුලින් කී වැඩේට අනන්‍යතාවක් හදා ගැනීම සඳහා ය. //

    මේ රිසර්ච් එක කරන්න පැරා කීදෙනෙකුගෙ ප්‍රොෆයිල් කොයි තරම් කාලයක් ෆොලෝ කරද?

    grow up පැරා. අපි ගුරුවරයෙක්, දෙබසින් කියවන්නෙක් වගේම වඩා පුළුල් දැක්මක් ඇති අයෙක් කියල හිතන අයගෙනුත් මෙහෙම ගොන් කතා කියවෙනකොට මහින්දට තව විස්සක් ගහන එක ගේමක් වෙන්නෙ නෑ.

    ඉස්සෙල්ල සතුර මිතුර අඳුනගන්න. සමාජවදීන්ට නිතර වැරදෙන තැනක් ඕක

    ReplyDelete
  16. ඒකාධිපති පාලකයෙක් ඉවත් කිරීමෙන් පසු මිසක් ඔය කිසිම ප්‍රජාතන්ත්‍රවාදි මොඩ්ල් එකක් හදන්න බැහැ. අඩුම වශයෙන් නාමික ඩිමොක්‍රසි එකවත්. ලෝක ඉතිහාසය සාක්කි දරනවා.ෆර්ඩිනන්ඩ් මාකෝස් ඉවත්කර රාමොස් බලයට රැගෙන ඒම වැනි අගනා කටයුතු. න්‍යාය තියෙන්නේ දාස් කැපිටාල් එකේ හෝ ඇඩම් ස්මිත්ගේ න්‍යාය තුල නොවේ. ජනතා හදවත් තුල. ඒ හදවත් වෙනසක් ඉල්ලනවා. අපි පිටු පෙරලගෙන කොල ඉරාගෙන කාක්කෝ හදලා උන්ව පියාඹනවා. මටනම් පිස්සුයි ඕයි. සාකච්ඡ අල කිරීමත්..අල කෙරූ තැන්වව්ල ටෙනිසන්ලා පැල වීමත් හැර මේ මොනන කුණුහරපද කතාකරන්නේ.

    ReplyDelete
  17. ශ‍්‍රී ලංකාව දැන් තිබෙන්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර නව යුගයක් කරා පරිවර්තනය වෙන සංක‍්‍රාන්ති අවස්ථාවකය. විලිබරතා පැහැදිලිව පෙනෙන්නට ඇතත් නව උත්පත්තිය ඇතිවන්නට යන්නේ කවර ආකාරයකටද යන්න තවමත් පැහැදිලි නැත. අවසාන විග‍්‍රහයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජේ.ආර්. ඇති කළ අවලස්සන අවිධිමත් හා දූෂිත දේශපාලන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකි විධායක ජනාධිපති ක‍්‍රමයේ අන්තිමයා වන්නට යන බව නම් ඉතාමත් පැහැදිලිය. තුන්වැනි ධුර කාල සිහිනය සැබෑ කරගත නොහැකි සුන්දර සිහිනයක් පමණක් වීමද නොවැළැක්විය හැකිය.

    (රාවය- වික්ටර් අයිවන්)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා