මහින්දගේ ඉන්දීය චාරිකාව ආණ්ඩුවට වාසි ද? අවාසි ද?

ඉන්දියාවේ නව විදේශ ඇමති සුශ්මා ස්වරාජ් 2012දී ලංකාවේදී
ජනාධිපති මහින්දට ඉන්දියාව අල්ලා ගන්නට ඕනෑ වී තිබේ. නව අගමැති නරේන්ද්‍ර මෝදි දිව්රුම් දීමේ උත්සවය සඳහා සාක් රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය ජනාධිපති මහින්ද‍ගේ ප්‍රමෝදයට හේතු වන්නට ඇත. 

එහෙත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එරෙහිව මතු වූ විරෝධය නම් ජනාධිපති මහින්දගේ වාසියට හේතු වේ යයි සිතිය නො හැකි ය. රටක රාජ්‍ය නායකයකු අසල්වැසි රටක නිල චාරිකාවක යෙදෙන විට එරට පුළුල් මහජන විරෝධයක් ඇති වීම බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක ප්‍රකාශනයකි. 

ලංකාවේ ජනාධිපතිවරයා ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ප්‍රතිපත්තිය වන්නේ සුළු ජාතීන් සමග කිසිදු බලය බෙදා ගැනීමක් නො කිරීමයි. ඇත්තම කිවහොත් සිය පවුලේ සාමාජිකයන් අතේ රාජ්‍ය බලය සංකේන්ද්‍රණය කරගෙන සිටින ඒකාධිපති පාලනයක් සුළු ජාතීන් සමග බලය බෙදා ගන්නට ඉදිරිපත් නො වීම ගැන පුදුම විය යුතු නැත. 

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නො දීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තියකි. කොංග්‍රස් ආණ්ඩුව ද එම ප්‍රතිපත්තිය සමග ගැලපිණි. ලංකාවේ ආණ්ඩුව මෙන් ම ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව ද දෙමළ ජනයා විෂයෙහි දැරුවේ එක ම ජාතිවාදී ප්‍රතිපත්තියකි. මෙම කාරණයේදී ලිබරල් යයි කියන කොංග්‍රස් පක්ෂය ජාතිවාදී යයි කියන භාරතීය ජනතා පක්ෂයට වඩා ජාතිවාදී වූ බව නිරීක්ෂණය කළ හැකි ය. 

ලංකාව අවුල් කිරීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයට දිගු ඉතිහාසයක් තිබේ. 1980 දශකයේ මුල භාගයේදී ඔවුහු ලංකාවේ දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය, පුහුණුව හා ආයුධ දුන් හ. එම දශකයේ අග භාගයේදී ලංකාව ආක්‍රමණය කළ හ. පසු කලෙක ලංකාවේ සිංහල අධිපතිවාදී ආණ්ඩුව රැක ගනිමින් යුද්ධයට ද වක්‍රව උපකාර කළ හ. 

හින්දු ජාතිවාදී යයි කියන භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව මීට පෙර වජ්පායී යටතේ පවා ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළේ දෙමළ ජනතාව සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් කරා ළඟා වීම අවධාරණය කරන වඩා ප්‍රජාතාන්ත්‍රික ප්‍ර‍වේශයක් බව පෙනේ.

මෝදි හින්දු ජාතිකවාදියකු ලෙස නම් දරා සිටිය ද ඔහු ගුජරාටයේ කටයුතු කළ අන්දමින් පෙනී යන්නේ ඔහු බොහෝ දුරට බටහිර පන්නයේ නව ලිබරල් ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මෝදි රවටා ගන්නට හැකි වේ ද? නැතිනම් මෝදිට ගැලපෙන සේ වෙනස් වන්නට සිදු වේ ද? 

ඉන්දීය ආණ්ඩුවේ නව විදේශ ඇමතිවරිය ලෙස පත් වී සිටින සුශ්මා ස්වරාජ් 2012 අප්‍රේල් මාසයේ ලංකාවේ සංචාරය කළේ එරට පාර්ලිමේන්තු කණ්ඩායමක ප්‍රධානියා ලෙස ය. සංචාරය අවසානයේ ඇය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන පහත සටහන් ‍කොටස කෙරෙහි අවධානය යොමු කළ විට ඉදිරි කාලයේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නට ඉඩ තිබෙන ප්‍රතිපත්තිය  ගැන අවබෝධයක් ලබා ගත හැකි ය. 

Above all, it is our sincere hope that the Government of Sri Lanka will seize this window of opportunity and follow an enlightened approach to reach a genuine political reconciliation, based on a meaningful devolution of powers, which takes into account the legitimate needs of the Tamil people for equality, dignity, justice and self-respect. We have been assured in the past that this will be done within the framework of “Thirteenth Amendment – Plus”. We would urge the Government of Sri Lanka and other stakeholders, including the Tamil National Alliance, to resume dialogue and move towards an early political settlement. We would earnestly suggest urgent consultations to create conditions for launching of the Parliamentary Select Committee.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. නව අගමැති අතල් බිහාර් වජ්පායී??

    ReplyDelete
    Replies
    1. ඒක තමයි....

      Delete
    2. මේ හුත්තා සූස්තියක් මතුගම නෑබඩ පාරේ බෙ‍හෙත් කඩෙන් සූස්තියක් ගහලා ද කොහේද මේක ලියලා තියෙන්නේ?

      Delete
    3. AnonymousMay 27, 2014 at 10:35 AM
      "සූස්තියක්" වැඩිපුර දැම්මෙ ඔහෙත් එකක් ඇද්ද නේ?

      Delete
    4. වැරදීම මිනිස් ගතියකි.

      Delete
  2. මෝදී කියන්නේ තද සෘජූ නායකත්වයක්. ආන්ඩු වෙනස් උනා කියලා, ඉන්දියාවේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. අපේ අය හිතන දෙයක් තමයි, මෙහේ මට්ට මෝඩ ජනතාව වගේ පිටරට උනුත් අන්දවන්න පුළුවන්ය කියලා. එහෙම අන්දන්න ගිහින් තමයි හිටපු ආන්ඩුවත් එක්ක නා ගත්තේ. මෝදී අපේ වැඩේට දැන්ම අත ගහන එකක් නෑ. හැබයි වැඩේ ලේසී වෙන්නෙත් නෑ. මෙළෝ රහක් නැති පළාත් සභා අහෝසි නොකරපු එකේ රඟේ ලොක්කට දැන් තේරේවී. මිනිස් අයිතිවාසිකම් ලබා දෙන්න පලාත් සභා ඕන නෑ. පිරුණු හදව්ත් පමණයි අවශ්‍ය.

    ReplyDelete
    Replies
    1. කතාවනම් ඇත්ත, ඒත් ඔය "පිරුණු හදවත්" තමයි ප්‍රශ්නෙ.
      විශේෂයෙන් හදවත් නැති අපේ උන්ට.
      පැරා මොනවා කල්පනා කරන ගමන්ද අතාල් බිහාර් වජ්පායි කියල ටයිප් කලේ

      Delete
  3. වජ්පායි ගෙ නම එක්ක කතාවට අතීතයක් තියේද කියලත් කල්පනා කලා ..

    ReplyDelete
  4. දැනට සිංහලුන්ටවත් equality, dignity, justice and self-respect ලැබෙන්නේ නැති කොට දෙමළුන් ගැන කුමන කතාද?

    ReplyDelete
  5. Moreover....,

    කොළඹ දී හිරුණිකාට justice ලැබුණා ද?

    ආනමඩුවේ දී සුසිලා හේරත්ට dignity ලැබුණා ද?

    හම්බන්තොට දී අජිත් පී. පෙරේරාට equality ලැබුණා ද?

    සාමාන්‍ය මහජනයාගේ self-respect කඩලා අවුරුදු 30 කට වැඩි යි...

    ඉතිං කොහෙද දෙමළ ප්‍රශ්නය විසඳන්නේ?

    ReplyDelete
  6. බුදුවෙන්න ඉන්න මහින්ද මහත්තයෝ....ඔය රෙද්දවල් ඔක්කොම අතහැරලා උන්ගෙන් එක පාඩමක් ඉගෙණගනින්. More governance, less government
    එහේ ඔක්කොම ඇමතියෝ හතලිස් ගානයි. අපේ හූනු බිජ්ජේ එකසිය විසිපහද?
    එහේ ඔක්කොම ඇමතියෝ හතලිස් ගානයි. අපේ හූනු බිජ්ජේ එකසිය විසිපහද?

    ReplyDelete
    Replies
    1. යකෝ අරූයියේ දැනගන් අපි ආසියාවේ අස්චර්ය කරා යන්නේ.උඹ කියන විදියට එක මේ එකෙක්,දෙන්නෙක් ඉන්න ඇමති මණ්ඩලේකින් කරන්න බැහැ.ඇමතිවරු 100 කට එහා අනිවාර්යෙන් ඉන්න ඕනේ.පවුලේ උන්ට,සහෝදරයන්ට,නෑදෑයන්ට,අල්ලපු ගෙදර වුන්ට,වලව්වේ පොල් කඩපු උන්ට එහෙම ලේකම් තනතුරු,සභාපතිකම්,තානාපතිකම් දෙන්න ඕනේ නැතිව මේක කරන්න බැහැ.අස්චර්ය කියන්නේ එක තමයි.තෙරුණෑයි ඔහේට...:D

      Delete
  7. මේ නිකමට අහන්නෙ. ඔය වැරදීම විමල් වීරවංස ට හරි රනිල් ට හරි වුනානම් අපියි පැරායි කොහොම කෑගහයි ද නේද ?

    ReplyDelete
    Replies
    1. අපිටනම් අවුලක් නෑ. පැරත් ඔහේ අයිනක් අල්ලන් ඉදි .අවුල හැදෙන්නේ අල වාහිනියෙයි, නයි ටීවී එකෙයි ගොන් සිරසෙයි කට්ටියටනේ. ඊටපස්සේ ඒගොල්ලෝ තමයි එයාලගේ චුන් අපිට දීලා අපේ චුන් කරන්නේ.

      Delete
  8. මෙන්න මෝදිගෙන් යම් ඉඟියක්:

    http://www.adaderana.lk/news/modi-wants-more-devolution-in-sri-lanka-indian-media

    ReplyDelete
  9. අද රාවණා බලය පෙන්නුවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා