අපරාධකරුවන් අතින් පොලිසිය ටයර් උඩ යන ආශ්චර්යවත් යුගය

සාමාන්‍යයෙන් මිනිසුන් පැහැරගෙන ගොස් වධ දී ම‍රා දැමීම සම්බන්ධයෙන් 'කීර්තියක්' ඇත්තේ පොලිසියටයි. 

මෑතක් වනතුරු ම පොලිසියට අත තබන්නට සමත් අපරාධකරුවෝ නො සිටිය හ. එහෙත්, වත්මන් ආණ්ඩුව විසින් උදා කර දී තිබෙන ආශ්චර්යවත් තත්වය තුළ දැන් පොලිස් නිලධාරීන් පැහැරගෙන ගොස් වධ දී මරා දමන්නට සමත් අපරාධකරුවෝ ද බිහි වී සිටිති. 

ඕනෑම අපරාධයක කෙළවරේ හමුදා පුහුණුව ලද පුද්ගලයෝ සිටිති. ත්‍රස්තවාදය නැති කරන්නට ය කියා කරන ලද යුද්ධය වෙනුවෙන් පුහුණු කරන ලද සොල්දාදුවන් අතරින් අලුත් ත්‍රස්තවාදීන් පිරිසක් බිහි වී තිබේ. 

ඔවුහු රිසි සේ සොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත්‍රී දූෂණ ආදියේ යෙදෙති. මෙම පුද්ගලයෝ දේශපාලකයන් සමග ද සමීපව කටයුතු කරති. 

දේශපාලකයෝ මංකොල්ල කති. ජනතාව එවැනි මංකොල්ලකරුවන් සිය නියෝජිතයන් ලෙස තෝරා පත් කර ද ගනිති. 

වැදගත් වන්නේ සල්ලිවලින් ගෙවන ජීවිතය මිස සල්ලි හම්බ කළ ආකාරය නො වේ. කුමන ආකාරයකින් හෝ ධනවතකු වුවහොත් බලය ඔහු සොයා එයි. සමාජය ඒ ධනවතුන්, බලවතුන් වන්දනා කරයි. 

රටේ නායකයන් වී සිටින්නේ මහා පරිමාණ මහජන මුදල් මංකොල්ලකරුවෝ ය. මානව වර්ගයාට එරෙහි ආර්ථික අපරාධකරුවන් වන මොවුන් ඇත්තෙන් ම සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව සිරගෙවල්වල ය. එහෙත්, මහජන මුදලින් නඩත්තු වන පොලිසිය ඔවුන් ආරක්ෂා කරයි. මහජනතාව ඒ ක්‍රමය අනුමත කරමින්, බදු ගෙවමින් පවතින ක්‍රමය ආරක්ෂා කරති.

උදා වී තිබෙන්නේ නිල ඇඳුම් ඇඳි පොලිස් නිලධාරියකුටවත් අවේලාවේ මහපාරක බසින්නට බැරි සමයකි. ඔබේ දරුවන් ගැන කවර කතා ද? 

අඩු තරමේ ඔබේ දරුවන් වෙනුවෙන්වත්, මේ අමන ක්‍රමය වෙනස් කිරීම ගැන සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටට කරපු ලොකුම අපරාදේ වාණිජ ණය ගිනි පොලියට අරන් පොලිටිකල් සංදර්ශන තියන එකවත් මහජන මුදල් ගෙඩි පිටින් හොරා කන එකවත් නෙමෙයි.මේ රටේ නීතිය හා සාමය ගැන මහජනයා තුල අංශු මාත්‍රිකව හරි තිබුන විශ්වාසෙ නැත්තටම නැති කරල දාපු එකයි. විනයක් හික්මීමක් අධ්‍යාපනයක් පවුල් පසුබිමක් සහිතව බිහිවුණු එතෙක් හිටි බහුතරයක් වූ ප්‍රභූ පැලැන්තිය වෙනුවට ගං ගොඩවල් වල බෝක්කු ගානෙ ටැග් ගැහුනු මදාවියන්ව මේ රටේ බලය ධනය හිමි ප්‍රභූ පැලැන්තිය බවට පත් කිරීමේ ප්‍රතිවිපාකය පොලිටිකල් ,මාධ්‍ය සංදර්ශන සහ දේශප්‍රේමී සිහිනයක අතරමංව සිටින ජහමනයා ඉදිරි අනාගතයේදී හොඳින්ම අත්‍ විඳිනු ඇත.

    ReplyDelete
    Replies
    1. //රනිල් කියන්නේ මාරම මොලයක්. ඕනි ප්‍රශ්නෙකට උත්තර දෙනවා//
      හොද විහිළුවක්!
      සුපුරුදු ලිබරල් බයිලා ටික අපහු රිපීට් කරනවානම් ඇහුනා. රනිල් හිරිකිත හිතෙන තරමට ආමරිකාවයි, යුරෝපෙයි උඩ දාන්නේ ටුවර් එකට ස්පොන්සර් කරපු නිසාද දන්නේනැ නේද ?

      Delete
    2. මහ සෙනගකුත් ආවලු නේ ? දේසනේ අහන්න

      Delete
  2. දැන් ඉතින් මහින්දල වපුරපු,අස්වැන්න නෙලාගන්න කාලෙ.තව ගොඩක් දේවල් ඉදිරියෙදි, බලාගත්තැකි.

    ReplyDelete
    Replies
    1. නෑ..ඔය ජේවීපී සහෝදරවරු 71 සහ 88-89 කාලේ වපුරපු දේවල් වල අස්වැන්න.

      Delete
    2. මහින්දයගෙ පස්ස හෝදන එකෙක්ද කොහෙද.ලංකාවෙ අද්යාපනය වත් ඉතුරු වෙලා තියෙන්නෙ,ජේ.වී .පී.කොල්ලො ටික හින්ද.

      Delete
    3. Aroo MR ge puka hoodala aea wathura uge pawlatama bonna dena gon kawadiyek.

      Delete
  3. අජිත් පැරකුම්ගේ බ්ලොග් පඩංගුව ආයේ හෙට ඉදලා බලු බල්ලෙක්වත් නැතිව පාලුවට යයි. මොකද ඇනොලා වන අපි පහුගිය සති දෙක තුනේම මේකේ ඇවිත්,මේ මෙලෝ රහක් නැති කක්කි පොස්ට් වලට කොමෙන්ට් කරේ කකාගේ නිවාඩු අරං තිබ්බ හින්දා.
    ඊයේ දාපු පොස්ට් එකට උනත් පැරකුම්ට කොමෙන්ට් 75 පන්නලා වැටිලා තියෙන්නේ ඒ හින්දා.

    ඒත් දැන් අපේ කකා නිවාඩුව ඉවර වෙලා, ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් අරං. අපි ආයේ යනවා එකේ කොමෙන්ට් දාන්න. අජිත් පැරකුම්ගේ බ්ලොග් එක ආයේ පාලුවට යයි.

    කකානං අපිට මීමුරේ යන්න ස්පොන්සර් කරනවා, කැමරා,සුරුට්ටු දෙනවා. ඒත් කොහෙද මේ අජිත් පැරකුම් ඇනෝලට සලකන්නවත් දන්නවායෑ. අඩුම ගානේ අපේ ගානේ ගල් බෝතලයක් ගහන්න එන්න කිව්වට වත් එන්නේ නෑ. ඉතිං එතකොට ඇනොලා එයිද මේකේ කොමෙන්ට් දාන්න.

    ReplyDelete
  4. මාත් ලිව්ව මේ ගැන. පැරා අමනාප වෙන එකක් නෑ මෙතන ඇඩ් එකක් දැම්මට.

    http://raj1st.blogspot.com/2014/05/blog-post_8.html

    ReplyDelete
  5. මං කල්පනා කළේ කකා ආවට පස්සෙ කොමෙන්ට් අඩුවෙන අඩුවිල්ල.ඊයෙ හැත්තැ අටයි අද දහයයි.

    ReplyDelete
    Replies
    1. මොන ලබ්බද්ද බන් මේ කතන්දරයාගේ මගුල! ඌව තොට ලොකු උනාට හැමඑකාටම ලොකු නෑ බන්.

      Delete
  6. වැදගත් වන්නේ සල්ලිවලින් ගෙවන ජීවිතය මිස සල්ලි හම්බ කළ ආකාරය නො වේ.

    ReplyDelete
  7. වැදගත් වන්නේ සල්ලිවලින් ගෙවන ජීවිතය මිස සල්ලි හම්බ කළ ආකාරය නො වේ.

    පට්ට එකගයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා