වෙසක් දවසේ විජය හා ලයනල් සිහිපත්ව

හෙට වෙසක් ය. මේ ගීය ‍පද මාලාවත් සමග ෂෙයා කර තිබුණේ අපගේ ෆේස්බුක් මිතුරකු වූ දමිත් කේතක ය.

කලක් අප ද සම්බන්ධ වී සිටි ජවිපෙ විසින් විජය කුමාරතුංග මරා දමන ලදී.

ජවිපෙ වෙනුවෙන් විජය මැරූ බව කියන ලයනල් ද රජය විසින් නො නිල අන්දමින් මරා දමන ලදී. ලයනල් ජවිපෙට සම්බන්ධ වුණේ විජය මරන්නට නොවේ. සමාජවාදය ‍ගොඩනගන්නට ය. 

ලයනල්ගේ නම ඉතිහාසයේ සටහන් වන්නේ මිනීමරුවකු ලෙස පමණි.  එහෙත්, ඔහු අනම්‍ය විප්ලවවාදියකු විය. 

විජය මිය ‍ගියේ ද සමාජ ප්‍රජාතාන්ත්‍රික දේශපාලකයකු, සමාජවාදියකු, එඩිතර මිනිසකු, සංවේදී කලාකරුවකු මෙන් ම ආදරණීය සහෝදරයකු ද ලෙසයි.  

විජයට එදිරිව ලයනල්ගේ නම ලියවුණත්, විජයත්, ලයනලුත් එක ම කුලකයක මිනිස්සු ය. 

මේ මරා ගැනීමෙන් අපට හිමි වුණේ මිතුරන් අහිමි වීම පමණි. 

මම ආගමිකයකු නො වෙමි. එහෙත්, උතුම් දාර්ශනිකයකු වූ බුදු හිමියන් ගැන මගේ ගරුත්වයත්, විජය හා ලයනල් යන දෙදෙනා ගැනම ඇති සෙනෙහසත් මම මේ ගීයෙන් මේ වෙසක් දිනයේ බෙදා ගනිමි.

මහ ශාක්‍ය කුලේ….
මහ ශාක්‍යකුලේ ක්‍රීටය - සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ..
මහ ශාක්‍ය කුලේ….
මහ ශාක්‍යකුලේ ක්‍රීටය - සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ..
මහ ශාක්‍ය කුලේ….
සල්මල් වනේදි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ…
මන රංජනාවු සිරි සිදුහත් කුමරු බිහිවුනේ
සල්මල් වනේදි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ…
මන රංජනාවු සිරි සිදුහත් කුමරු බිහිවුනේ
අති පූජනීය බුද්ධගයා බෝධිමූලයේ
ඒ භාග්‍යවත් ලොවුතුරු බුදුවීය තුන්ලොවේ
මහ ශාක්‍ය කුලේ….
මහ භාරතේදි මල්ල රජුන් පුශ්ප අංගනේ..//
ලෝකාග්‍ර මෛත්‍රි මූර්ති අමා මෑණි ඒ දිනේ..//
සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ..//
නිවනේ.. නිවනේ..
නිවනේ පිරිනිවනට වැඩියෝ වෙසඟ පෝ දිනේ..
මහ ශාක්‍ය කුලේ….
මහ ශාක්‍යකුලේ ක්‍රීටය - සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ..
මහ ශාක්‍ය කුලේ….
මහ ශාක්‍යකුලේ ක්‍රීටය - සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ..
මහ ශාක්‍ය කුලේ



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා .. විජය මැරුවේ ලයනල් බවත් යතුරුපැදිය පැදවූයේ හේරත් බවත් උපකල්පනය කරේ ලයනල්ගේ පාපෝච්චාරණය මතද ???

    එසේනම් ප්‍රේමකීර්ති ද ල්විස් කියන අහිංසක මනුස්සයා ඝාතනය ජවිපෙට බැර කිරීම සාධාරණද නැද්ද ??

    ReplyDelete
    Replies
    1. පනාමුරේMay 14, 2014 at 11:43 AM

      සාල වනෙ සල් උයනේ අලියෙක් උන්නා...
      ඒ අලියට .........................................

      පැරා ,ඒ අලියට ................................11

      Delete
    2. කවුරු මොනවා කීවත් ඒ ඝාතන කළේ ජවිපෙ බව කවුරු නැතත්, සෝමවංශ අමරසිංහ හා ටිල්වින් සිල්වා දන්නවා. ලයනල් හා ටාසන් කියන්නේ කුලී මිනීමරුවෝ නෙමෙයි. පක්ෂේ සන්නද්ධ අංශේ ක්‍රියාකාරිකයෝ. මම මේ කරන ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම මම භාර ගන්නවා

      Delete
    3. 'කවුරු මොනවා කීවත් ඒ ඝාතන කළේ ජවිපෙ බව කවුරු නැතත්, සෝමවංශ අමරසිංහ හා ටිල්වින් සිල්වා දන්නවා. ලයනල් හා ටාසන් කියන්නේ කුලී මිනීමරුවෝ නෙමෙයි. පක්ෂේ සන්නද්ධ අංශේ ක්‍රියාකාරිකයෝ. මම මේ කරන ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම මම භාර ගන්නවා'

      එතකොට භීෂණ සමයේ පැරාලා කරපු වැඩ ගැනත් පාපොච්චාරණයක් කරන්නකෝ.

      Delete
    4. හැබැටම කෝ මේ ආපේ රාජ්. රාජ්ගේ කොමෙන්ට් එකකට රිප්ලයි කෙරුවේ නැත්තං දවසම කුජීතයි. නිකං හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වේ නෑ වගේ.

      Delete
    5. අන්න පැරා.. බොහොම පැහැදිලියි.එලකිරි !!!!
      බොහොම ස්තූතියි කෙලින් උත්තරේට

      Delete
    6. //විජය මිය ‍ගියේ ද සමාජ ප්‍රජාතාන්ත්‍රික දේශපාලකයකු, සමාජවාදියකු, එඩිතර මිනිසකු, සංවේදී කලාකරුවකු මෙන් ම ආදරණීය සහෝදරයකු ද ලෙසයි//.
      හොඳ වෙලවට විජය ජනාධිපති නොවුන නිසා, ඔහොම කියන්න පුළුවන්.නැත්නම් චන්ද්‍රිකාට කියන දෙවල්ම තමා කියන්න වෙන්නෙ.
      A. Fernando

      Delete
  2. ප්‍රේකීර්තිව මැරෙව්වේ හඩ්ඩා. ඇත්ත කතාව එලියට එන්නේ මේ ආණ්ඩුව වැටුන දාට.

    ReplyDelete
    Replies
    1. ඇනෝ .. මං මෙහෙම කෑල්ලක් එකතු කරන්නම් උඹේ කමෙන්ට් එකට..
      ඔහු යූ ඇන් පී ආන්ඩුවෙත් අධ්‍යක්ෂ ජනරාල් ..
      සන්ධාන ආණ්ඩුවෙත් අධ්‍යක්ශ ජනරාල් .

      තව එකක් ආවත් ඒකෙත් අධක්ශ ජනරාල් ..

      රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් යයි.. !!

      බුදුහාමුදුරුවො දේශනා කලේ අමු කෙප්ප ..

      තීන්දුයි .. එච්චරයි !!

      Delete
    2. /* ඇත්ත කතාව එලියට එන්නේ මේ ආණ්ඩුව වැටුන දාට. */

      ප්‍රේමකීර්ති ද අල්විස් ගේ බිරිඳ ලියූ ප්‍රේමකීර්තිනී කියන පොත කියවා නැද්ද?

      Delete
    3. කකා.. සහ ගහන අපරාධ.. අහිංසකම අහිංසක මනුස්සයෙක්.. වෙඩි තියලා දැම්මේ ..අනිත් අය එහෙම නෑ කියනව නෙමෙයි..නමුත් ඔහු සුවිශේෂයි..

      Delete
    4. ප්‍රේමකීර්ති ලියූ "හඳ මාමා උඩින් යතේ - අපේ මාමා බිමින් යතේ - හඳ මාමයි අපෙ මාමයි එක කන්තොරුවෙ වැඩ කෙරුවේ..." ගීතයේ හඳමාමා යනු හඩ්සන් වන අතර අපේ මාමා යනු ප්‍රේමකීර්තිය.

      Delete

  3. " මුතු චින්නප්පා මැතිණිය " ???
    ඇයි එයා මැතිනිය? ඉහල කුලයකද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපි සිංහලෙන් ගායක ගායිකාවන්ට, කලාකරුවන්ට මහතා මැතිණිය ක්‍රින එක තරම් විහිළුවක් මුලු ලෝකේම නැත.

      Delete
    2. ඇයි දේශපාලකයින්ට ....අතිගරු කියල prefix එකකුත් දාන්නේ !

      Delete
    3. මුල් කාලයේ දේශපාලකයින්ට 'ගරු' කියා විශේෂණ පදයක් යෙදුවේ ඔවුන් 'ගරු' සේවයක් (එනම් මුදල් නොගෙන සේවයක්) කළ නිසාය. අද වන විට මේ යෙදුමේ අර්ථයක් නැත.

      Delete
    4. මතකයි රනිල් එකපාරක් කිව්වා එයා ආවොත් HE නැතිකරනවා කියලා..

      Delete
    5. ආන්න නියම කොල්ලෝ, නම ඇහුනත් පුදුම සැපතක් අප්පා...

      Delete
  4. /* ලයනල් ජවිපෙට සම්බන්ධ වුණේ විජය මරන්නට නොවේ. සමාජවාදය ‍ගොඩනගන්නට ය. */

    ජාතිවාදීන්ට මොන සමාජවාදයක් ද?

    විජය මැරුවේ ඔහු ජාතිවාදයට විරුද්ධ වූ නිසාය. දයා පතිරණව මැරුවේත් ඒ නිසයි!

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය යනු කුමක්ද කකා?

      Delete
    2. ජාතිවාදය = වසර 1984 සිට 1990 දක්වා පමණ ජවිපෙ කළ දේශපාලනයේ පදනම (විශේෂයෙන්ම දයා පතිරණ, විජය ඇතුළු පිරිස් මරා දැමූ 1986 න් පසු කාලය තුල)

      Delete
    3. 89 කැරැල්ල ජාතිවාදීයි කියන එක අර්ධ සත්‍යයක්. ජවිපෙ තුළ ජාතිවාදය වගේ ම ක්‍රම විරෝධයත් තිබුණා. කැරැල්ල ගැහුවේ දෙමළ ජනයාට එරෙහිව නෙමෙයි. ආණ්ඩුවට එරෙහිව.

      ලෝකය පුරා සමාජවාදය වෙනුවෙන් කැරැලි ගැසූ බොහෝ ව්‍යාපාර ජාතිකවාදීනුත් වුණා. රුසියානු විප්ලවයේ සිට කියුබාව හරහා නිකරගුවාව දක්වා ම තත්වය එයයි.

      ජවිපෙ විතරක් අමුතු කුණුහරුපයක් කළේ නැහැ.

      Delete
    4. 'ජවිපෙ විතරක් අමුතු කුණුහරුපයක් කළේ නැහැ.'

      පැරා කැමති නැද්ද කුණුහරුප කතන්දරකාරයා රඟපාපු කුණුහරුප චිත්‍රපටිය බලන්න. මේ වෙසක් කාලේ කකා වැඩිය උඩපැන්නොත් තොටළග තොරණේ කතාවස්තුව විදියට කකාගේ වීඩියෝව දානවා.

      Delete
  5. පැරා .. මට හිතෙන දේ මම කියන්නං..මගේ පුද්ගලික අදහස..
    ජ වි පෙ 88/89 කැරැල්ල අතිශයින්ම අසාර්ථකයි.. එතන උනේ විප්ලවයකට වඩා ඇරියස් කවර් කිරීමක්..මූලික නායකයන් අතලොස්ස හැරුණ විට මහජන නැගිටීමක් නෙමෙයි.. බහුතරයක් එයට සම්බන්ධ තරුණ කොටස් කුලයෙන් පහත් යැයි සම්මත තරුණයන්..ඒ ඇයි ??
    ඉතිරි බොහොමයක් විප්ලවයකට වඩා තම තමන්ගේ ඇරියස් පුද්ගලික වේවා හිතවත්කම් වේවා මානසික අසහනය වේවා ඇතුලු බොහෝ දේ මත එයට සම්බන්ධ වූවන්.. ඔවුන්ට ඒකට ආවරණයක් ලැබුනා අපි සමාජවාදීන් කියන ලේබලය යටතේ පසුකාලීනව..ඇත්තටම සමාජවාදී රජයක් ගොඩ නගන්න උවමනා අය කීයෙන් කීයද ඔතන හිටියේ .. බහුතරයක් රැල්ලටත් ආවා.. ඉතිරි අය පන්ති පහේ අවසානයේ සිහින ලෝකවල පිනුං ගැහුවා.. කිසිම පිලිගැනීමක් නැතුව කැකෑරිච්ච පිරිසක් පොරවල් උනා.. නරියා දුවනවා කුකුලා එලවනවා..

    නායකත්වය විසින් ඔවුන් රූකඩ ලෙස පාවිච්චි කලාය කියන්න හදිස්සි වෙන්නේ නෑ. නමුත් අවසාන කාලයේ උනේ මොකද .. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ මිනීමරාගැනිල්ලක් විතරයිනෙ..ඒකට ප්‍රා .. කලු බලල්ලු වගේ උන්දැලත් අතගැහුවම නාට්ටිය අංග සම්පූර්ණ උනා... අන්තිමට නිකං ඩිස්ක් ක්ලීනප් එකක් කලා වගෙ වැඩක්නෙ උනේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් අපට පාන්ද?

      Delete
    2. පත්තර මල්ලිගෙ කතාව ඇත්ත.8889 මිනී මරපු අයට සමාජවාදය ගැන හැඟීමක් තිබුනෙ නෑ.තිබුනෙ මිනීමරන ආසාව.අනුන් තමන්ට බයවෙන ආසාව.තුවක්කුවෙන් සමාජය පාලනය කරන ආසාව.

      ඒ කාලෙ වුනේ නිකම් පිස්සු හැදුන වගේ අරමුනක් නැතිව මිනීමරපු එකයි.ඒ සෙල්ලමම ආන්ඩුව පටන් ගත්තහම තමයි පක්ෂෙට කෙළවුනේ.දැන් විජය එක්ක ලයනල්වත් සමරන්නයි යෝජනාව.ජේවීපී එකෙන් මරපු හම එකාම
      අහිංසකයො. විජය මරපු එක වැරදියි.විජය මරපු ලයනල්ව මරපු එකනම් වැරදියි කියන්න බෑ.ඒක වැරදියි කියන්න පුළුවන් ඒ වගේම තිරිසන් මනසක් තියෙන රඟපෑමක් කරන එකෙකුට විතරයි.

      Delete
  6. විජයල ලයනල්ල එක බෝට්ටුවක හිටියද කියන එක නොවෙයි ලයනල්ලයි ආන්ඩුවෙ මිනීමරුවොයි එක බෝට්ටුවක හිටියද කියලයි බලන්න ඕන.දෙගොල්ලම මිනීමරන්ඩ හේතු හොයා ගත්ත.මේ ගැන පර්යේශන කරල තියෙන විද්වතුන් කියන දෙයක් තමයි මිනීමැරීමේ ප්‍රචන්ඩ වීමේ ආශාවට හේතු හදාගන්නව කියන එක.රටේ නීතියෙන් බැහැරව මිනීමරන්න ජේවීපීකාරයට අවස්තාව ලබුන.ඒ ආශාව සංසිදවාගනිමින් ඉන්නකොට හමුදාවෙ පොලීසියෙ අයටත් ඒ අවස්ථාව ලැබුන.තරඟෙන් ආරක්ෂක අංශ දිනුව.යුද්ධ කාලෙට සියදිවිනසාගැනීම් අඩුබව සොයාගෙන තිබෙනව.සියදිවිනසාගැනීම කියන්නෙ අනුන්ට එල්ල කරන පරපීඩනය තමන් වෙත එල්ල කර ගැනීම.යුද්ධ කාලෙට එහෙම ඕන නැහැනෙ.
    88/89 මර්ධනයෙදි ආන්ඩුව මාර විදියට සයිකොලොගි යෙදුව.මිනීමරල මිනිස්සු තුල ජේවීපී කියන අකුරු තුනටත් බයක් ඇති කරල තිබුන.ඒ බය කියන එක ආදරයක් වෙන සියුම් මනෝවිද්යාත්මක පැත්තක් තිබෙනව.විජේවීර රුසියාවෙදි ඉගෙන ගත්තුව තමයි ඔය.
    ආන්ඩුවත් සයිකොලොජි පටන් ගත්ත.අල්ලගන්නව ජේවීපීකාරයෙක්.දැන් මහ රෑ. ජිප් එක එනව.මිනිස්සු ඇහැරෙන්නෙ ජිප් සද්දෙට.එක පාරටම ජේවීපී කාරය එලියට ගන්නව.ඌ කෑ ගහනව මම ජේවීපී කියල.එහෙම කරන්න ඌට අණ දෙනව ජිප් එකේ අය.එහෙම කෑ ගහන කොටම ඩෝන් ගාල වෙඩි තියනව.මේ සිද්ධිය දකින මිනිස්සුන්ගෙ බය අඩුවෙනව.
    ජේවීපී එකෙන් මරපු අයව බිම දිගේ ඇදගෙන ගිහින් වලලන්න ඕන.මේක දකින අයට ජේවීපී එක ගැන රාජකීය Hඇගීමක් ඇතිවෙනව.
    ආන්ඩුව මේ වගෙ සිදුවීමක් වුන තැනවල ජේවීපී ඔළු පේලියට ගැහුව.නැත්නම් ටයර් සෑයවල් කීපයක් හැදුව.අන්න මිනිස්සුන්ගෙ බය ඇරුන.ජේවීපී ගැන ඔත්තු දුන්න.මේවගෙදේ අහ්ංසකයො මැරෙන්නෙ ඇති බුරුතු පිටින්.
    මේ ඔක්කොටම වඩා ලස්සන එක ගෝනිබිල්ලන්ගෙ කතාව. මිනීමරන්ඩ ආසාවට ජේවීපී එකට බැදුන කෙනා ආන්ඩුවෙ ගෝනිබිල්ලෙක් වෙලා වධකාගාරවල තමන් එක්ක හිටපු විප්ලවීය සගයන්ට වදදෙනව.සමාජවාදය ගොඩ නැගීමක් නොවෙයි මිනීමරන ආසාව.ආන්ඩුව දැනගත්ත මේ අය තමන්ට වාසිවෙන්න යොදා ගන්නෙ කොහොමද කියල.
    පන්ති පහ ,කදවුරු වල ඉදන්ම විජේවීර කලේ මනෝවිද්යාත්මකව මිනීමරුවෙක් කෘතිමව නිර්මානය කිරීම.ඒක සාර්ථක වුනා.ආන්ඩුවත් ඒ සෙල්ලම පටන් ගත්තහම තරඟයක් දෙන්න ජවිපෙට සම්පත් මදිවුනා.පරදුනා.ඕකයි කතාව වෙන මහප්‍රාණ නෑ.

    ReplyDelete
  7. 88/89 මර්ධනයෙදි ආන්ඩුව මාර විදියට සයිකොලොගි යෙදුව.මේ වෙන කොට ජේවීපිය මිනීමරල මිනිස්සු තුල ජේවීපී කියන අකුරු තුනටත් බයක් ඇති කරල තිබුනෙ.ඒ බය කියන එක ආදරයක් වෙන සියුම් මනෝවිද්යාත්මක පැත්තක් තිබෙනව.විජේවීර රුසියාවෙදි ඉගෙන ගත්තුව තමයි ඔය.
    මේ ඡේදෙ පොඩ්ඩක් පැහැදිලි මදි කියල හිතුන.ගුවන්යානා පැහැරගත්තහම ප්‍රාණ ඇපකරුවන් සහ පැහැරගත් අය අතර පුදුමාකාර බැදීමක් ඇතිවෙනව.ගහල හදන ලමයි දෙමවුපියන්ට ගුරුවරුන්ට මාර විදියට ආදරෙයි.ගහන්නෙ අපි හදාගන්නනෙ කියල කියන ළමයි අහල නැද්ද?
    පරපීඩනය වගේම ස්වපීඩන ආශාවත් දේශපාලනීකරනය වීමක් වුනේ.මරල බයකරන සමාජය මුලින් ජේවීපී එකට බය වෙලා දෙවනුව ආදරේ කරනව.
    මේක ලස්සනට කෙරුවෙ මාවෝ සේතුන්.මිනිස්සු මාවෝ ව අදහන මට්ටමට ආව.බී එම් අයිසී එච් එක හදන්න ආපු චීන කම්කරුවො වැඩ පටන් ගන්න ඉස්සර මාවෝට ස්තුතියක්ද යාඥාවක්ද මොකක්ද කරනවලු.
    මනෝවිද්‍යාව කියන්නෙ මාර සෙල්ලම් තියෙන තැනක්.දැන් කියයි මේ ධනවාදී මනෝවිද්‍යාව කියල.

    ReplyDelete
  8. පැරා මොනාද වෙසක් දවසේ කරන්නේ? පවුලේ අයත් එක්ක ඉන්දියන් මරුතියේ නැගිලා වෙසක් බලන්න යන්නේ නැද්ද?

    ReplyDelete
  9. මේ සැමරුම නම් මල විකාරයක් කියලා තමයි කියන්න වෙන්නේ. අහිංසක කළාකරුවකු, උතුම් මිනිසකු හා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සමරන අතරේ, සමාජයට වෛර කරන, කුහක අධම මිනීමරුවකුත් සැමරීම. ඒ අතරේ ප්‍රේමදාස මහත්තයත් සැමරුවනම් පට්ට ආතල්. ඒත් වෙසක් මාසේ මැරුණ අතිගරු උත්තමයෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. සැමරීම හොඳ පැත්තට වගේම නරක පැත්තටත් කරන්න පුලුවනිනේ.ඒ නිසා අවුලක් නැහැ.

      Delete
    2. ප්‍රේමදාස කියන්නේ අංක එකේ මිනීමරුවෙක් හා උම්මත්තකයෙක්

      Delete
    3. මාතා......ලයනල් ක්‍රියාකරේ ඉහල අණ අනුව...එදා ඒක කරන්න ලයනල්ලා පක්ෂය වෙනුවෙන් බැඳී හිටියා. ඌත් හරියට බාලචන්ද්‍රන්ට වෙඩිතිබ්බ එකා වගේ තමයි. ලයනල්වත්, බාලචන්ද්‍රන්ට වෙඩි තිබ්බ එකාවත් නෙමේ සැබෑ මිනිමරුවෝ. උන්ට අණ දීපු එවුන්. කරවපු එවුනුයි.... කරපු එවුනුයි..තමයි වෙන්වෙන්ව හඳුනාගන්න ඕන.

      Delete
    4. මාර එක්ස්කියුස් එකක්. උඹත් කවුරු හරි කිව්වොත් ඒ දේ කරනවද මචෝ. එහෙමනම් කිසිම අවුලක් නෑ.

      Delete
    5. මචං ඒ යුගයේ ඔය සංවිධානයේ තිබුනේ කොටින්ගේ වගේම හමුදාමය ස්වරූපයක්. ඉහලින් කිව්වාම අන්ධයෝ වගේ වැඩකරේ. නැත්නම් නන්දන මාරසිංහ වගේ පක්ෂේ ගොඩනගපු ,දරදිය ඇද්ද අයව බල්ලෝ වගේ මරයිද?

      Delete
    6. උඩින් මම කිව්වෙත් ඔන්න ඔය කතන්දරේම තමයි අරූ අයියා.. බිම් මට්ටමේ සාමාජිකයන් බහුතරයක ඇස් අන්දා වෙලා තිබුනේ, මොකද අඩු අධ්‍යාපන මට්ටමක් ( වරදවා වටහාගන්න එපා ) සහිත හැංගීම්බර මිනිසුන් රත් කරපු යකඩ වගේ..ඔවුන් බොහොම පහසුවෙන් කොස් ඇට බාන්න යොදාගත්තා පපුවට දැනෙන්න කරපු එක දේශනයකින් පසු. සමහර විට ඔවුන්ට සමාජවාදය කියන්නෙ මොකද්ද කියල අඳෝසංසාරයක් දන්නේ නැතුවත් ආණ්ඩුව පෙරලනවා අපේ ආණ්ඩුවක් හදනවා කියන සංකල්පයට දර දිය ඇදපු අය..

      Delete
  10. විජය - දක්ෂ කළාකරුවෙක්, සංවේදී (මහරජ්ජුරුවෝ වගේ නෙවෙයි, අවංකවම) මනුස්සයෙක්. සමාජවාදී මාවතක ගියා කියල නම් හිතන්න අමාරුයි. ඒත් සමාජවාදය අපේක්ෂා කළ මනුස්සයෙක්.
    ලයනල් ජේ වී පී කාරයෙක් මිසක් කළාකාරයෙක්වත් සංවේදී මනුස්සයෙක්වත් නෙවෙයි නේද? බො‍හෝ ජේවීපී කාරයන් වගේ අවංක කමක් නම් තියෙන්න ඇති.
    ලයනල් ගැන සමරන්න තරම් දෙයක් අපට තියෙනවද මන්දා.

    ReplyDelete
  11. ඉහත ගීතයේ තාලයට තවත් නිර්මාණයක් මෙතනින්..


    මීට ටික කලකට උඩදී මෙහි ජීවත්වන ලාංකිකයන් ගායනා කළ ගීතයක් මෙහි තාලය ‘මහබෝධි මුලේ විදුර‘සුනේ රැස් විහිදෙන්නා'

    ලංකාව ලොවේ ධර්මදීපයයි පවසන්නා
    ඊර්ෂ්‍යාව ක්‍රෝද මද මානෙන් පිරී තිරෙන්නා
    ලංකාව ලොවේ දම් දිවයයි අපි පවසන්නා
    කුල ජාතිය ආගම් භේදව මිනී මරන්නා

    කන්නඕනා නම් කබර මාලු තලගොයි මාලු
    කරල ගන්ව අපි ඕන වෙලාවට මගෙ යාලු
    මූන ඉච්ඡාවට හිනා මුවේ පිං බේරෙනවා
    අනේ දියරෙද්දෙන් හීන් සැරේ බෙල්ල කපනවා

    කතාවෙදි විහිදෙයි රැස් වලල්ල ධර්ම චක්කරේ
    කටේ නරිවාදන් රෙද්ද තෙමා පල්ලෙ වැක්කෙරේ
    බඩේ දඩ මාංශ සිල්රෙද්දෙන් මුවා කරනවා
    ගහේ වග දන්නා අයට කඩා කොල පෙන්නනවා

    source :http://sinhala.lankanewsweb.net/features/10408-2013-11-13-01-10-36

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා