ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවරෙක් විය යුතු ද?

අනාගත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස් හුවමාරු වෙමින් තිබේ. මෙහිදී සලකා බැලෙමින් තිබෙන විවිධ පුද්ගලයන් පිළිබඳ අපගේ පෞද්ගලික නිරීක්ෂණ කීපයක් මෙසේ ය:

මාදුළුවාවේ සෝභිත හිමි: ජනාධිපති තනතුරට ආගමික පූජකවරයකු පත් කිරීම කිසි සේත් ම නො කළ යුතු දෙයකි. කහ සිවුර යනු මේ වන විට සමාජ පසුගාමිත්වයේ සංකේතයක් වී තිබේ. බෞද්ධ පූජකයකු පොදු අපේක්ෂකයා වීම සමාජය සමගි කරන්නට වඩා තව දුරටත් බෙදන්නට ඉවහල් වන්නට ඉඩ තිබේ.

ශිරානි බංඩාරනායක: ඉතා ප්‍රතිගාමී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කීපයක් සඳහා උපකාර කළ කෙනෙකි. දේශපාලනික පරිණතකමක් ඇත්තේ ම නැත. අද ඇය මුහුණ දී සිටින ‍නඩුවලට හේතුව ඇගේ සමාජ ජීවිතයේ අපරිණතකමයි. 

චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග: මැය‍ගේ ජනාධිපති වාර දෙකක කෙ‍රුවාව සිහිපත් කර ගැනීම ඇය ගැන තීරණයක් ගැනීමට ප්‍රමාණවත් ය. 

සජිත් ප්‍රේමදාස: ගිලෙන්න යන එක්සත් ජාතික පාක්ෂික‍යන්ට එල්ලෙන්නට තිබෙන පිදුරු ගසයි. අදක්ෂයෙකි. එක්සත් ජාතික පක්ෂය තුළවත් බලය ලබා ගන්නට බැරි මොහුට මහින්ද රාජපක්ෂ පරදවන එක සිතන්නටවත් බැරි ය. 

රනිල් වික්‍රමසිංහ: උපායික දේශපාලනයෙහි අදක්ෂයෙකි. දැඩි මතධාරී නව ලිබරල්වාදියෙකි. එහෙත්, දැනට යෝජිත නම් අතරින් විවිධ ජන කණ්ඩායම් අතර සහයෝගය දිනා ගත හැකි පුද්ගලයෙකි. 

සරත් ෆොන්සේකා: මොහු 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මුත් දැනට ඔහුගේ නම පොදු අපේක්ෂකයකු ලෙස යෝජනා වන්නේ නැති තරම් ය. කෙසේ වෙතත්, පොදු අපේක්ෂකයකුගේ ජනාධිපතිවරණ සටනක සිටිය යුතු ම කෙනෙකි. 

අප සිතන පරිදි නම් අනාගත ජනාධිපතිවරණයක පොදු අපේක්ෂයෙක් මේ සියලු දෙනාගේ සහයෝගය දිනා ගැනීම අවශ්‍ය ය. මේ අයගෙන් පිට වෙනත් කෙනෙක් පොදු අපේක්ෂයකයකු ලෙස ඉදිරියට ඒ යයි පවතින සංදර්භය තුළ සිතන්නට ද බැරි ය. එසේ එනවා නම් කවුරුහරි ප්‍රබලයකු ලොකු පිරිසක් සමග ආණ්ඩුවෙන් පිටතට පැමිණිය යුතු ය. 

එසේ ම, ලංකා‍වේ ජනතාවට ව්‍යාජ බලාපොරොත්තු ඇති කර රැවටීමෙහි දක්ෂතාව උපරිමයෙන් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද, දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍ර්‍රසයේ සහයෝගය ද ඉතා වැදගත් ය. 

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාටත් වඩා වැදගත් වන්නේ පක්ෂ අතර ඇති පොදු එකඟතාවයි. පොදු අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට මුල පුරන්නේ නම් එය අනාගතය සම්බන්ධයෙන් සුබවාදී පියවරක් වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. නරකද බ්ලොග් අවකාශෙන් පොරක්ව ‍තෝරලා යැව්වොත්.. සියල්ල දත්ලා කීදෙනෙක්නම් කියලා ඉන්නවද අප්පා.. රට බලන් ඉද්දි දියුණු කරලා ගත්තෑකි..!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නියම යෝජනාවක්,අපේ බ්ලොග් කාරයෙක් ඔතනට ගියොත් අපිටත් ඒ හරහා යම්,යම් ප්‍රතිලාභ ගන්න පුළුවන් වේවිනේ.
      අපිටත් බැරිය ඔය උපදේශක කමක්,නියෝජ්‍ය ඇමතිකමක්,සභාපතිකමක්,ලේකම්කමක් එහෙම ඉල්ලා ගන්න.

      Delete
  2. අජිත් පැරකුම්ව කප්පාදු කරන්න ඕනා. ඒක කරන්න ඕනි මෙහෙම.

    පැරකුම්ගේ ඇට කුට්ටම තදින් අල්ලගෙන බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරන්න ඕනි. එතකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දායි....

    ReplyDelete
    Replies
    1. මෙය විහිළුවක් නොවේ. තර්ජනයකි. ලංකාවේ හැටි මේ වගේ ය.

      Delete
    2. http://helapakade.blogspot.com/2014/05/128.html
      ‍මේක කියවන්න පැරා ඕක ඇරිල යයි

      Delete
    3. @රාජ්
      මචං උඹේ ලින්ක් එක අයිති පොස්ට් එකේ මුකුත් නැනේ.

      අර උඩ කොමෙන්ට් එක බැලුවාම මතක් උනේ horror ෆිල්ම් තළු මර මර බලන මානසික අසහන කාරයෝ. ෂුවර් ඌටනම් ලොකු මොලේ අමාරුවක්.

      Delete
    4. ඔය ඇට කොමෙන්ට් එක දාන්න ඇත්තෙ දිවයින කතෘ වෙන්න ඕනි. ඌත් ඔයවගේ කතා නිතරම කතුවැකියෙ ලියනව

      Delete
    5. ඇනෝ,
      ඔය කමෙන්‍ටුව මම ඔය දීපු හැලපෙගෙ පෝස්ටුවෙන් කපල ගත්ත කෑල්ලක්. මෙන්න


      //ඇන්ටනි වැඩි වෙලා ගතකලේ නෑ ඌරු කොටුවට පැනල වැඩේ පටන් ගත්තා.කවදාවත් දැකපු නැති දෙයක් නිසා මාත් ඒ ළඟටම වෙලා කට ඇරගෙන බලං හිටියා,ගොඩ්ප්‍රි අරං දෙන ඌරු පැටියගේ ඇට කුට්ටම තදින් අල්ලගන්න ඇන්ටනි බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරනකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දානවා...//

      ඒකයි පැරාට ලින්ක් එක දුන්නෙ බොරුවට කලබල වෙනවට.

      Delete
    6. කීප පැත්තකින්ම පැරාට ඇතිවිය හැකි තර්ජන මම අවතක්සේරු කරන්නේ නෑ.

      ඒත් මේක නම්, සොහොනේ ගෙයක් හදං පදිචි වෙලා ඉන්න පැරා මීයෙක් වහලෙ දුවන සද්දෙකට බය වෙනව වගේ සීන් එකක්.

      පැරා ට ඇත්තට තර්ජනය කරන්න ඕන කෙනෙක් නම් මී‍ට වඩා ඉෆෙක්ටිව් දෙයක් කරාවි නේද? උදාහරණ ඕන තරම් තිබුනත් දෙන්නෙ නෑ මොක්කු හරි ෆෝම් වෙන්න පුලුවන් නිසා.

      Delete
    7. ෂෙහ්... පැරා මේවගේ ලාමක දේවල් වලටත් බයද?

      Delete
    8. අජිත් පැරකුම්ලා ඔය වගේ වැඩ තමයි භිෂණ සමයේ කලේ. දැන් ඒවා ගැන මතක් වෙනකොට බයයි.

      ෆෙඩරල් ඒජන්තයාගේ ඇට දෙක.

      Delete
  3. මෙතනදී මූලිකව වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජන්දයෙන් පැරදවිය හැකි කෙනෙකු වීම සහ,විධායක ජනාධිපති දූරය අහෝසි කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ වලට එකඟ කෙනෙකු වීමය.එසේ නොමැතිව අජිත් පැරකුම් සිතන සම්පුර්ණයෙන් නිවැරදි, පරමාදර්ශී මිනිසුන් හෝ ගැහැණුන් පිට සක්වලකින් ගෙන එන්නට සිදුවනු ඇත.මගේ අදහස නම් පොදු අපේක්ෂක ලෙස වඩාත්ම සුදුසු වන්නේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බවයි.නීතිය සම්බන්ද හසල දැනුම සහ දේශපාලන පක්ෂයක සාමාජිකාවක ලෙස ලේබල් නොවැදීම එයට හේතුව වේ.

    ReplyDelete
    Replies
    1. ''දේශපාලන පක්ෂයක සාමාජිකාවක ලෙස ලේබල් නොවැදීම එයට හේතුව වේ''
      ශිරාණි බණ්ඩාරනායක පවු නේද මචං . නරකද රනිලා, මෑන්ටත් හෙන හසල දැනුමක් තියෙනවනේ

      Delete
    2. ඇයි මචං ශිරාණි බණ්ඩාරනායක පව් කියන්නේ?.රනිල් මහත්තයා නරක නැහැ නමුත් සියලු විරුද්ධ පක්ෂ ඔහු පොදු අපේක්ෂක කිරීමට එකඟ වේවිද?.විශේෂයෙන් ජවිපෙ?.චන්ද්‍රිකා මැතිනිය සම්බන්දයෙන් ඇත්තේද මේ ගැටලුවයි.සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය සම්බන්දව ගැටලුවක් තියෙනවා නේද?

      Delete
    3. ජේ ආර් ගේ ව්‍ය්වස්ථාව වෙනස් කිරීම හරියට රිලව් ගෙවල් හැදිල්ල වගේ එකක්. හැම රිලවාම එන්නේ මේක වෙනස් කරන්න. හැබැයි චන්දේ දිනපු ගමන් තමන්ගේ මුල්ම පොරොන්දුව අමතකයි. රිලව් ෆෝම් කරන්න කලින් රිලවා කරන්න යන දේ ගැන බලාත්මක වෙන ලියවිල්ලක් සමාජගත කරන එක එක පියවරක්. ඒක පාර්ලිමේන්තුවේ පුද්ගලික යෝජනාවක් විදිහට ගෙනැත් තියන්න ඕන. හරියට බලලගේ කරේ සීනුව එල්ලනවා වගේ නේද? ඔය ජනාදිපති ක්‍රමේ අහෝසි කරන එක ස්ලෝගන් එකක් විතරනේ. මොකක්ද ප්‍රෝසෙස් එක?? ඕකයි විසඳන්න ඕන හා අමාරු ජිල්මාට් එක

      Delete
  4. API CHANDRIKATA BAYAI MALLIYE

    ReplyDelete
  5. රට ගොඩ ගන්න නම් රනිල් ගේන්න ඕනේ.... සජිත් ව ළගවත් තියාගන්නේ නැතුව එලවන්න ඕනේ. මිලින්ද මොරගොඩ, හර්ෂ, එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, කිත්සිරි මන්චනායක වගේ අය ළඟට ගන්න ඕනේ. මේ මිනිස්සුන්ට යම්කිසි දැක්මක් තියෙනවා. අළුත් අදහස් තියෙනවා. මම කියන්නේ නැහැ දූෂණය බින්දුව වෙයි කියලා, ඒත් යම් තරමකට රටේ ආර්ථිකය දියුණු කරන්න උදව් වෙන්න පුළුවන් අය ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පැරාගේ ලිස්ට් එකේ ඉන්න අයගෙන් රනිල් විතරයි ඉන්නේ. මොකා ආවත් වැඩක් නෑ අළුත් ව්‍යවස්ථාවක් එක්ක නාවොත්. ඒක අනුමත කිරීම ජනපතිවරණ ඡන්දයෙන්ම වෙන්න ඕන. ඒ ව්‍යවස්ථාවේ විධායක බලතලයි(විශේෂයෙන් 18 සංශෝධනය්), පලාත් සභායි. අහෝසි කරන්න ඕන. ඇමති මණ්ඩලේ 20 ක් කරන්න ඕන. එහෙම නැතුව එන ඔක්කෝමලා මහින්ද රාජපක්ෂලාම තම්යි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මමනම් තාමත් හිතන්නේ රනිල් වටා ගොඩනැගෙන බලවේගයකට විතරයි රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. උගත්කමත් තියෙන සහ උගත් දේ ප්‍රාෙයා්ගික යොදවන්න පුළුවන් බුද්ධියක් තියෙන්නේ ඔහුය විතරයි. රනිල්ට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාව වගේ දකුණු ආසියානු රටවලට ආවේනික දේශපාලන කපටිකම් නැත්නම් ඡන්ද දිනා ගැනීමේ හැකියාව නැති කම. රනිල් ඇමරිකාවේ හෝ බ්‍රිතාන්‍යෙය් හිටියා නම් අනිවාර්්‍යෙයන් ම අගමැති හෝ ජනාධිපති වන තරමේ වැදගත් දේශපාලන දැක්මක් තියෙන කෙනෙක්.

      වෙන්න ඕන රනිල් ගේ මේ ආරම්භක නොහැකියාව නැති කරගන්න ඒ වෙනුවෙන් හැකියාව තියෙන අයගෙන් වැඩ ගැනීම.

      අනිත් එක විධායක ක්‍රමය නැති කරනවා වගේම වැදගත් ව්‍යවස්ථාවෙන් කිසිම ආගමකට ප්‍රධාන තැන දෙන එක නැති කරන්න ඕනේ. එතකොට කිසිම ආගමකට ප්‍රධානත්වය ලැබෙන්නේ නැති වුනාම අනිවාර්්‍යෙයන්ම කිසිම කෙනෙකුට පැමිණිලි කරන්න බැහැ අපිට නැහැ, අර ආගමට තියෙනවා කියලා. ආගම ව්‍යවස්ථාවෙන් වෙන් කළ යුතුමයි. අපිට ආගම් වශයෙන් නොබෙදී ශ්‍රි ලාංකික කියලා එකතුවෙලා රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඉන්දියාව උදාහරණයකට ගන්න. මොන තරම් ආගම් තිබුණත්. ආගම් පිස්සෝ හිටියත් ආගමයි වයවස්තාවයි දෙකක්..

      Delete
  6. මම නම් කියන්නේ අලකොල අංගෙ කුසුම්සිරි තමයි හොඳම පොදු අපේක්ෂකයා. මිනිහා මාර මීටරේ, කිසි ලේබලයකුත් නෑ, දෙනදෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා.

    ReplyDelete
  7. Basil Rajapaksha

    ReplyDelete
  8. මෙතනදි වඩාත් වැදගත් වෙන්නෙ,විධායක ජනාදිපති ක්‍රමය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් හදා ගැනීමය්.මොකද මෙතෙක් කල් ඔතෙන්ට ආවෙ නුගත් මෝඩ මැට්ටො විතරය්.මාස 6කින්,පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට යය් කියල බලා පොරොත්තු තියාගන්න පුලුවන්,සෝභිත හාමුදුරුවොය්,ෂිරානි බන්ඩාරනායකය් විතරය්.

    ReplyDelete
    Replies
    1. ආගමික නායකයෙකුට රටක් පාලනය කරන්න දෙනවා කියන්නේ මොන තරම් අමන කමක්ද කියලා දැනගන්න පුළුවක් ඉරානයට වුන දේ අධ්‍යයනය කලා නම්. අයතුල්ලා කොමෙයිනිගේ ආගමික විප්ලවයට කලින් ඉරානය කියන්නේ බොහොම නිදහස් මතධාරි නිදහස් රටක්. මිනිස්සු බොහොම විනොද වුනා. ඇදුම් තහංචි තිබුනේ නැහැ. ගැහැණු පිරිමි වෙරලවල් වලා බොහොම නිදහසේ හිටියා. වැඩි දෙයක් ඕනේ නැහැ. ඇමරිකාවේ වෙරලක් වගේ. කෑම තහංචි නැහැ. මිනිස්සු සාද පැවැත්තුවා සිංදු කිව්වා, නැටුවා. දැන් මොනද වෙලා තියෙන්නේ....?

      Delete
    2. මේ සුදානම් වෙන්නේ සෝභිත හාමුදුරුවන්ව දිනවලා....පාර්ලිමේන්තු ඡන්දයක් තියලා ,ව්‍යවස්තාව වෙනස් කරලා, එයා ඉවත්ව යන්න නේද? එහෙම නැතුව එයා දිගටම පාලනය කරන්න නෙමෙයිනේ. එහෙම නේද කියන්නේ?

      Delete
  9. දැං තියෙන තත්ත්වය එක්ක ජවිපෙ සහ ෆොන්සේකා පොදු අපේක්ෂකයා කවුරු වුණත් ඔහුට සහය දැක්වීම වැදගත්.ඒත් ඔවුන් තමන් ගැන ඉන්න තක්සේරුව අනුව කියන කතා වලින් පැහැදිලි වන්නෙ අධි තක්සේරුවක ඉන්න බව.දේශපාලන පක්ෂයක නොවන කෙනෙක් නායකයා ලෙස තෝරා ගැනීමට සහය දැක්වීමෙන් මේ නායකත්වය වෙනස් කළත් ලෝකයත් එක්ක තියෙන ගැටළු විසද ගෙන පෙරට යාම කළ නොහැකියි.ඒ නිසා පරිනත දේශපාලන නායකත්වයක් ගැන ලෝකය දිහා අළුත් විදිහට බලන සහ ආගම් වලට පාලනය කරන්න බැරි සිවුරටයි ලෝගුවටයි නීතිය යුක්තිය පාලනය කරන්න ඉඩ නොදෙන නායකයෙක් ගැන හිතන්න වෙයි.

    ReplyDelete
  10. මේ පාලනය පරාජය කිරීමට නම් ජවිපෙ මැදිහත්වීම ඉතා වැදගත්. නමුත් ඔවුන්ගේ කතාබහ අනුව නම් පැරා කියනවාටත් වඩා අමාරුයි එකෙක් හොයාගන්න. මේ දිනවල නිමල් සිරිපාලත් නොයෙකුත් වර්ගයේ ටෝක්ස් දෙන බවක් පේනවා. බැරිම වුනොත් ජොලිසීයා, ටෙනිසන් කුරේ වගේ පොරක් තමයි දාන්න වෙන්නේ.

    ReplyDelete
  11. අලුත් ජොකියො දාල රේස් නම් දිනන්න පුලුවනි. නමුත් දේශපාලනයේදී සැබෑ ගේම් එක තියෙන්නෙ දිනීමෙ නෙමෙයි. දින්නට පස්සෙ කරන රට පාලනය කිරීමේදී. ඒ නිසා රනිල් වික්‍රමසිංහ තමයි වඩාත්ම පිළිගත් මට්ටමේ සුදුස්සා. ද්‍රවිඩ ජාතික සන්ධානය සහ මුස්ලිමේ කොන්ග්‍රස් සහය ලබාගෙන සිංහල ජනතාවට කතා කල හැකි ෆොන්සේකා සෝභිත හිමි වැනි චරිත කිහිපයක් එකතු වුනොත් රනිල්ට සැබෑ වෙනසක් කල හැකි වේවි. නමුත් රනිල් දිනලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක එක්තරා මෝඩකමක්. මොකද විධායකය වැනි දැඩි රැකවරණයක් වඩාත් අවශ්‍ය වන්නේ රනිල් වගේ දැඩි මතධාරී පරිපාලනමය වෙනසක් කල හැකි නායකයෙක්ට... නැත්තං රනිල් තීරණය කලොත් අසාර්ථක සහ පාඩු ලබන රාජ්‍ය ආයතන වල ව්‍යුහය වෙනස් කරන්න එදාට රනිල්ගේ ආන්ඩුව වැටෙනවා සුටුස් ගාල වර්ජන නිසා විධායක ක්‍රමය නැතිවුනොත්.

    ReplyDelete
  12. රනිල් තමයි නියම සුදුස්සා.

    ReplyDelete
  13. හැම දාම දිනන කෙනාට වඩා හැමදාම පරාද වී සිටින කෙනා ඉතා ඉවසිලිවන්ත හික්මුන අයෙක්මවේ. ඉවසන්නාට හික්මුන කෙනාට දිනුවත් පැරදුනත් නිත සැප ලැබේ.පැවිද්දෙක් නම් සැමට ආශිර්වාද කරන කෙනෙක් මවියයුතුමය.පක්ෂයකට කන්ඩායමකට කොටු නොවිය යුතුය.රටේ පාලක යෙක් වීමට අවශ්‍යම නම් චීවරය හැර ගිගිවීම ඉතාම සුදුසුය.

    ReplyDelete
  14. ape rata bahuthara hatta gon booruwoo okun ekka mona deshapalana sanwadada Mew wage blog liyanna alaya nasthi karna ekath aparadayak. Kohoma unatha jrate nayakaya wenne loku loku company walata ona eka thama loke kohe unath, Marketing marketin,,,nadda maathalan

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා