සුන්දර ඉංගිරිසි: ජුන්ටාවට එරෙහි රැඩිකල් මැයි රැලියට බැටන් පොලු අරන් පොලිසිය ඇවිත්

පසුගිය දිනවල මැයි දිනය පැවැත්වුණානේ. මැයි දිනය සම්බන්ධ කම්කරුවන්ටයි. කම්කරුවන් හා මාක්ස්වාදය අතර සම්බන්ධයක් තිබෙනවා. අද අපි උත්සාහ කරන්නේ වාමාංශික දේශපාලන ශබ්දකෝෂයට ඉංග්‍රීසි භාෂාව බලපෑ හැටි පිළිබඳ සලකා බලන්නයි.

මැයි දිනයට රැලි පැවැත්වෙනවා නේ. රැලි කියන්නේ ඉංගිරිසි වචනයක්. හැබැයි රැල්ල හැදෙන්නේ වෙනම මූලයකින්. එය ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ නැහැ. ඒත්, රැල්ලක් එක්ක රැලිත් ගොඩක් තිබෙන්නෙ පුළුවන්.

රැලි අමතන්නේ නායක කොමිටිවල අයනේ. කොමිටිය කියන්නේ committee කියන ඉංග්‍රීසි වදනින් සාදා ගත් සිංහල වචනයක්. එයට කමිටුව කියලාත් කියනවා. මධ්‍යම කමිටුව උදාහරණයක්.

රැලිවල ආරක්ෂාවට එන පොලිසිය වගේම පොලිස් කියන වචනයත් අපට ඉංගිරිසි යටත් විජිත කාලයේ ලැබුණු දේ. පොලිසිය එන්නේ බැටන් පොලු අරගෙන. බැටන් කියන්නේ පොල්ලක් තමයි. ඒත්, අපි ඒකට නැවතත් පොල්ල කියලා වචනයක් එකතු කරලා බැටන් පොල්ල කියනවා. හරියට බ්ලේඩ් තලය කියනවා වගේ. බ්ලේඩ් කියන්නේ තලයට නේ.

වාමාංශිකයන් ආණ්ඩුව ගැන කියනකොට රෙජිම, ජුන්ටාව වගේ වදන් භාවිතා කරනවා. රෙජිම හැදෙන්නේ regime නම් ඉංග්‍රීසි වදනින්. එය ඉංග්‍රීසියට ඇවිත් තිබෙන්නේ ප්‍රංශ භාෂාවෙන්.  junta කියන්නේ ස්පාඤ්ඤ මූලයක් තිබෙන ඉංග්‍රීසි වදනක්. සිංහලයන් එහි අක්ෂර වින්‍යාසය අනුව ජුන්ටා කියලා වචනයක් හදා ගත්තා.

ෆැසිස්ට් කියන්නේ ඉතාලි මූලයක් තිබෙන ඉංග්‍රීසියෙන් සිංහලට ආ වදනක්. එම මතවාදය දරන්නා කියන අදහස එම වචනය තුළ ම ගැබ් වෙලා තිබුණත්, වාමාංශිකයෝ ෆැසිස්ට්වාදියා නම් වදනක් හදාගෙන තිබෙනවා. ෆැසිස්ට්වාදය යන වචනය හැදුණේ එයින්. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆැසිස්ම් කියලායි. මේ වගේම තමයි කොමියුනිස්ට් කියන ප්‍රංශ සම්භවයක් සහිත ඉංග්‍රීසි වචනයෙන් අපි කොමියුනිස්ට්වාදියා වැනි වචන හදාගත්තේ.

අපේ පසුගිය ලිපියේ ලුම්පන් ධනපති පංතිය කියා යෙදී තිබුණු නිසා 'ලුම්පන්' කියන වචනයේ තේරුම මොකක්ද කියා පසුගිය දිනෙක අපේ පාඨකයෙක් ඇසුවා. මාක්ස්වාදී සංදර්භය තුළ ලුම්පන් යන වදන යෙදෙන්නේ විප්ලවය ගැන උනන්දුවක් නො දක්වන නිර්ධන පංතිය හඳුන්වන්නයි. ලුම්පන් ධනපති පංතිය යන වදන අපි යොදන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අරුතින් 'පහත් පෙළේ' යන අරුත දෙන්නයි. 

පෝස්ටර්, බැනර් වගේ වචන දේශපාලන ප්‍රචාරණයත් එක්ක සම්බන්ධයි. ඒවා කෙළින්ම ඉංග්‍රීසි භාෂාවෙන් ගත් වචන. 

පිකටිං කරනවා කියලා උද්ඝෝෂණ ස්වරූපයක් තිබෙනවා. පිකටිං කියන්නේ ප්‍රංශ මූලයක් සහිත ඉංග්‍රීසි වදනක්. 

හර්තාල් කියන වදන අපට ලැබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් වුණත් එහි මූලය තිබෙන්නේ හින්දි භාෂාවේයි.

රැඩිකල් අදහස් තිබෙන අය මේ වචන  පාවිච්චි කරනවා.

මේ දවස්වල නම් සාකච්ඡාව තිබෙන්නේ ගැසට්, කැසිනෝ, කැබිනට්, ආදිය ගැනයි. ප්‍රශ්නයක් ආවාම කරන්නේ කොමිසමක් පත් කරන එක. එමගින් රිපෝට් එකක් හදනවා. පොදුවේ ගත්තාම සිංහල දේශපාලන ශබ්දකෝෂයේ විශාල ඉංග්‍රීසි වචන සංඛ්‍යාවක් තිබෙන බව පැහැදිලියි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේ ලිපියනම් හරි වටිනව තමයි.අපි නොහිතුවට අපේ වෙලා තියෙන බොහෝ දේවල් විදේශීය බව පේනවා.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න ඉංග්‍රිසිMay 3, 2014 at 11:10 PM

      අජිත් Ajith පැරකුම් Perakum ජයසිංහJayasingheපැරා Para

      Delete
  2. ජුන්ටාව කියන්නේ හමුදා ආණ්ඩුවකට විතරක් නෙමේද ?

    ReplyDelete
  3. Fascism උච්චාරණය කරන්නේ 'ෆැෂිසම්' ලෙස යි.

    Lumpen යනු ජර්මානු වචනයකි. එහි අර්ථය 'පාන්කඩය' , 'කඩමාල්ල' යනු යි. යමෙකු 'පාදඩයා' , 'තක්කඩියා' සේ හැඳින්වීමටත් ලුම්පන් යන වචනය එම භාෂාවේ භාවිතා වේ.

    ReplyDelete
  4. පැරා මේ අනුෂාංගිකද අනුසංගිකද කියන්නේ බොකක්ද බන්. නොදන්න කමට අහන්නේ.

    ReplyDelete
    Replies
    1. This is the translation of 'incidental' which means 'happening or likely to happen in an unplanned or subordinate conjunction with something else.'

      අනුශාංගික පහසුකම් කීවාම කැසිනෝත් තිබෙන්න පුළුවන් බව මේ‍කෙන් පැහැදිලියි.

      Delete
    2. මම හිතුවෙත් අනුශාංගික කියන්නෙ බර ඉංග්‍රීසි වචනයක පරිවර්තනය කියලයි. ඔය පනත ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් බැලන්න. අනුශාංගික පහසුකම් කියන්නේ associated facilities කියන එකයි.

      පනත ඉංග්‍රීසියෙන්
      http://documents.gov.lk/Extgzt/2013/PDF/Dec/1841_04/1841_04%20(E).pdf

      ''....... Identify as a Strategic Development Project for the purposes of the aforesaid Act, the project to set up and operate an Integrated Super Luxury Tourist Resort which consists 400 rooms including high end shopping malls, high quality residencies and office spaces/service spaces with associated facilities at D. R. Wijewardena Mawatha,......''

      පනත සිංහලෙන්
      http://documents.gov.lk/Extgzt/2013/PDF/Dec/1841_04/1841_04%20(S).pdf


      - Dimithri

      Delete
  5. කකා එයාගෙ පාන්ඩිත්වය පෙන්නන්න ඇවිත් නැහැ වගෙයි තවම. කක්කා කියන වචනය ආවෙ කොහෙන්ද කියල කිව්වොත් මදැයි

    ReplyDelete
  6. රසවත් ලිපියක්.

    ඔබට මග හැරුනු වටිනාම වචනයක් තමයි කොම්රේඩ්. එහි ස්ත්‍රී ලිංග පදය දන්නවාද? නැතිනම් එන්ගලන්තෙ සහෝදරවරියො ඉඳල නැද්ද ඒ කාලෙ? :-)

    තවත් වචනයක් තමයි හොරිකඩයා. මට හිතා ගන්න බැහැ ඒ වචනය හැදී ඇති විදිය. අනිවාර්යයෙන්ම විදේශ භාශාවකින් ආවක් නොවෙයි වගේ. ඔය වචනයේ මූලය කොහොම විය හැකිද?

    - Dimithri

    ReplyDelete
  7. කොම්රේඩ් කියන වචනය මම අතහැර දැමුවේ, මම හිතන විදියට එය එතරම් සිංහලකරණය වී නැති නිසායි. එම වචනය වෙනුවට ජවිපෙ අය නම් භාවිතා කරන්නේ මහත්තයා කියායි.

    හොරිකඩයා වචනයේ මූලය සොයා ගන්න දන්න අය ඉන්නවා නම් උදව් කරන්න.

    ReplyDelete
    Replies
    1. හොරිකඩයා කියන්නෙ හොරිකඩ බල්ලා කියන එකනේ. කුෂ්ඨ රෝග වැළදුණු බල්ලා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා