Posts

Showing posts with the label ඉංග්‍රීසි

සුන්දර ඉංගිරිසි: බුද්ධා ද? බුද්ධ ද?

Image
බෞද්ධ ටයි පටියක්. අන්තර්ජාලයේ අලෙවියට තිබේ. සොයා බලන්න සිංහල සංස්කෘතිය බොහෝ දුරට බුදු දහම සමග බැඳී පවතිනවා. ඒ නිසා සිංහලයන්ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයට බුදු දහම හා සම්බන්ධ වචන රැසක් එකතු වී තිබෙනවා. බුදු හාමුදුරුවන්ට ඉංග්‍රීසියෙන් ලෝඩ් බුද්ධා යි ව්‍යවහාරයක් ඇවිත් තිබෙනවා. ඉතින් බොහෝ සිංහලයනුත් ලෝඩ් බුද්ධා කියනවා. ඒ මොකට ද? අපි දන්නෙ නැද්ද මේ වචනය බුද්ධා නෙමෙයි, බුද්ධ කියලා. Lord නම් වදන මධ්‍ය කාලීන යුගයේ හැදුණු වචනයක්. එහි තේරුම සම්බන්ධ වෙන්නේ බලය, අධිකාරිත්වය සමගයි. එහෙත්, බුදු හිමියන් කියන්නේ බලය සමග අයෙක් නොවෙයි. සැබෑ බුදු දහම රාජ්‍ය බලයේ අවයවයක් නොවෙයි. එහි හරය වෙනස්. එතකොට බුදු හිමියන්ට ලෝඩ් කියන එක කෙතරම් ගැලපෙනවද කියන එක බෞද්ධ පඬිවරුන් සලකා බලන්න ඕනෑ. මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්න මූලික හේතුව තමයි, බුදු දහම සම්බන්ධ සිංහල වදන් වෙනුවෙන් ඉංග්‍රීසි වචන සැකසීමේදී ක්‍රිස්තියානි ආගම අනුගමනය කිරීම. පන්සල කියන වචනය වෙනුවට යෙදෙන temple යන වදනින් හැඳින්වෙන්නේ දෙවියන් පිදීම හා සම්බන්ධ ස්ථානයක්. එහෙත්, සැබෑ පන්සල දෙවියන් පිදීම හා සම්බන්ධ නැහැ. monastery නම් වදන නම් බොහෝ දුරට වනවාස...

සුන්දර ඉංගිරිසි: සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්නට අලුත් යෝජනාවක්

Image
සිංහල අකුරින් ලියැවුණ වචන ඉංග්‍රීසි අකුරෙන් ලිවීම සුලබව සිදු වෙන දෙයක්. වර්තමානයේදී නම් විශේෂයෙන් ම කෙටි පණිවුඩ ලිවීම සඳහා මේ ක්‍රමය බහුලව භාවිතා වෙනවා.  ඒ නැතත් අපට නම්, ගම් ආදිය ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා.  ඒ විතරක් නොවෙයි, ඇතැම් සිංහල වදන්වලට ඉංග්‍රීසි පරිවර්තන නැහැ. උදාහරණයක් ලෙස රජය පිරිනමන කලාශූරී වැනි නම්බු නාම අපට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බැහැ. ඒවා ඉංග්‍රීසියෙන් ම ලියන්න වෙනවා. මේ ආදී හේතු නිසා අපට සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රමයක් නැති නිසා අපට මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳ අපි පසුගිය ලිපි කීපයකින් සාකච්ඡා කළා.  මේ ගැටලුවට විසඳුම් ලෙස අලුත් ලතින් අකුරු හඳුන්වා දීම සුදුසුයි කියා මා පිළි ගන්නේ නැහැ. හේතුව දැනට තිබෙන අක්ෂරවලින් ම මේ ගැටලුව විසඳා ගන්නට පුළුවන් නිසායි.  අද අපි උත්සාහ කරන්නේ මේ සඳහා විධිමත් ක්‍රමයක් යෝජනා කරන්නටයි.  අද අපි භාවිතා කරන නූතන සිංහල හෝඩියේ අක්ෂර 64ක් තිබෙනවා. ඒවා වෙන වෙනම ශබ්දයි. ඒවා ඉංග්‍රීසියෙන් ලිවිය යුත්තේ කෙසේ ද යන්න විමසා බලමු.  අපි මුලින් ම අවධානය යොමු කරන්න...

සුන්දර ඉංගිරිසි: සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලිවීම හා කුලවාදය

Image
ගිය සතියේ සුන්දර ඉංගිරිසි ලිපියෙන් මතු කළ කාරණා කීපයක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සංවාදයක් ඇති වුණා. ඒ අතරින් ප්‍රධාන ම කරුණ වුණේ අමුතු විදියට සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමත් එක්ක කුල සාධකයේ සම්බන්ධයක් තිබෙනවා ය කියන කාරණය. මම එයට එතරම් එකඟ වුණේ නැති වුණාට මට විරුද්ධව තර්කය දිගට ගියා. අප මිත්‍ර දිමිත්‍රි බ්ලොග්කරුවා මේ පිළිබඳ කීවේ මෙවැනි දෙයක්. “Michael මයිකල් නම්, Michelle මිශෙල් වුනේ කොහොමද කියලා සුද්දො කරදර වෙනවා ඇතිද? මේ වගේ උදාහරන කෝටියක් විතර ඉංග්‍රීසියෙන් දෙන්න පුලුවන්. "අර කියන විදියෙ (Kotelawala / Kothalawala, Rajapakse / Rajapaksha) නම් මම හිතන්නේ තියෙන්නෙ අනන්‍යතාවය (සමහර විට අනන්‍යතා අර්බුදය!)" මේ තවත් අයෙක් පෙන්වා දුන් කරුණක්.  "වරක් අසනීප වී බෙහෙත් ගැනීමට ගිය විට එම දොස්තරමහතා ඇසුවා මගේ නම ඉංග්‍රීසියෙන් ලියන කොට ඔබ එය ලියන්නේ කෙසේදැයි කියා. ඒ කියන්නේ මගේ වාසගම ලියද්දි අවශ්‍ය නම් OO (ඩබල් ඕ) ඇතුලත් කර ලිවිය හැකියි. එසේ නැතිනම් U (යූ) අකුර ලිවිය හැකියි. මම කිව්වා මම නං ඒ ගැන එච්චර සැලකිලිමත් නෑ කියලා. එවිට ඔහු පැහැදලි කර දුන්න යම් කාරණයක්....

සුන්දර ඉංගිරිසි: සිංහල නම් ගම් ඉංග්‍රීසියෙන් ලියද්දී ඇති වන ගැටලු

Image
සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීමේදී බරපතල ම ගැටලු ඇති වී තිබෙන්නේ නම් ගම් ලිවීමේදීයි. පහත පළ වන්නේ එවැනි ගැටලු මතු වන අවස්ථා කීපයක්. අ හා ආ ස්වර අතර වෙනස සලකුණු කරන්නේ කෙසේ ද? ජයන්ත හා ජයන්තා යන නම් දෙකම ලියන්නේ එකම අකුරින් Jayantha ලෙසයි. ඇ ස්වරය සඳහා e අකුර යොදා ගැනීම නිසා මේ ලියන මගේ නමත් ඉස්සර ඉඳන් ලිව්වේ Perakum ලෙසයි. මේ e අකුර ම එයන්න සඳහාත් යොදා ගන්නවා. නිදසුනක් ලෙස සෙනෙවි ලියන්නේ Senevi ලෙසයි. ඇ හා ඈ ස්වර අතර වෙනස පෙන්වීමට ක්‍රමයක් නැහැ. දෑල බංඩාර ලියන්නේ Dela Bandara ලෙසයි. දැල බංඩාර හෝ දෙල බංඩාර කියා නම් තිබුණා නම් ඒවා ලියන්නේත් මේ ආකාරයටමයි. ඉ (i) හා ඊ (ee) ස්වර අතර වෙනස දක්වන ආකාරයත් උ (u) හා ඌ (oo) ස්වර අතර වෙනස දක්වන ආකාරයත් ප්‍රශස්ත මට්ටමක තිබෙනවා. ඒත්, සමහර ගුනසේකරලා Goonasekara ලෙස ලියාගෙන ගූ වෙන්නේ ඇයි ද යන්න තේරුම් ගන්න අමාරුයි. සිංහල ඔ හා ඕ යන ස්වර දෙක අතර වෙනස ඉංග්‍රීසි අකුරින් පෙන්වන්නත් නිසි ක්‍රමයක් නැතිකම ගැටලුවක්. බොල්ගොඩ ලියන්නේ Bolgoda සයි. බෝලවත්ත Bolawatta ලියන්නේ ලෙසයි. සිංහල ව්‍යංජනාක්ෂර සම්බන්ධයෙනුත් මෙවැනි ගැටලු තිබෙනවා. ඉහත සඳහන් කළ බෝලව...

සුන්දර ඉංග්‍රීසි: SINHALA WACHANA INGRISIYEN LIWEEMA

Image
සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා පිළි ගත් සම්මතයක් නැහැ. මා දන්නා තරමින් ඒ පිළිබඳ කිසියම් සම්මුතියක් තිබෙනවා නම් තිබෙන්නේ පුරා විද්‍යාව තුළ පමණයි. මේ සම්මතය ගොඩනැගුණු ආකාරය පිළිබඳ හැදෑරිය යුතුයි. එහෙත්, ඊට වඩා ගැටලුව වන්නේ මේ සම්මතය තුළ බරපතල වාග් විද්‍යාත්මක අර්බුදයක් පැවතීමයි. නිදසුනකින් දක්වනවා නම්, මේ සම්මතය අනුව, මහාවංශය කියන වචනය ඉංග්‍රීසියෙන් ලියන්නේ Mahawamsa ලෙසයි. Culawamsa, Dipawamsa  වැනි වදන් ද අධ්‍යයනය කරන විට ඉතා බරපතල ගැටලුවක් දකින්නට පුළුවන්. සිංහලෙන් බිංදුව ලෙස හැඳින්වෙන අක්ෂරයේ ශබ්දය බොහෝ දුරට සමාන වන්නේ ඉංග්‍රීසි ng අක්ෂර දෙකේ ශබ්දයටයි. පුරා විද්‍යාෙව්දී යොදා ගන්නා m අක්ෂරය කිසිදු ආකාරයකින් බිංදුවේ ශබ්දයට සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ඉහත උදාහරණ දෙස බලන විට දකින්නට ලැබෙනවා, ච ශබ්දය වෙනුවෙන් c අක්ෂරය යොදා තිබෙන බව. දීපවංශයට අදාළව දී යන දීර්ඝ ස්වරය සඳහා යොදා තිබෙන්නේ Di කියන කෙටි ස්වරයයි. බරපතල ගැටලු රැසක් මෙමගින් නිර්මානය වන බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ. ලෝකයේ ඇතැම් භාෂාවන් සිය සම්ප්‍රදායික අක්ෂර වෙනුවට රෝමානු අක්ෂර භාවිතා කරනවා. මැලේසියානු භාෂාව මේ සඳ...

සුන්දර ඉංගිරිසි: ටෙරාලා එක්ක කළ යුද්දෙන් අපට ලැබුණු වචන

Image
අපේ රට තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධයක පැටලී සිටි රටක්. මේ යුද්ධයේ බලපෑම සමස්ත සමාජ දේහය ම වෙළාගෙන තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුද්ධය භාෂාවට බලපෑ ආකාරයයි. යුද්දෙට කලින් අපි භාවිතා නො කළ වචන රැසක් යුද්දෙත් එක්ක අපේ වාංමාලාවට එකතු වුණා. ඒවායින් බොහොමයක් ඉංග්‍රීසියෙන් තත්සම ලෙස හෝ තත්භව ලෙස පැමිණි වචනයි. මේ ලිපියෙන් කරන්නේ මේ ගැන පුංචි අවදි කිරීමක් පමණක් වෙන්න පුළුවන්. හමුදාවට සම්බන්ධ අයට පුළුවන් මෙයට තව බොහෝ දේ එකතු කරන්නට. ආමි එක, නේවි එක, එයාපෝස්සෙක තමයි යුද්දෙ කළේ. යුද මෙහෙයුම්වලට වැඩි දෙනෙක් කියන්නේ ඔපරේෂන් කියලායි. යුද්දෙට කලින් මිනිස්සු ඔපරේෂන් කිව්වේ සැත්කම්වලට විතරයි. ඍජුවම යුද්දෙ තිබුණ පැති ඔපරේෂන් ඒරියා ලෙස හැඳින්වුණා. මමත් කාලයක් පදවිය කියන ඔපරේෂන් ඒරියා එකේ හිටියා. හැබැයි මම හිටියේ සිවිල් එකේ. හමුදා භාෂාව අනුව සිවිල් එකේ කියන්නේ හමුදා නොවන වෙනත් රස්සාවක් කිරීමයි. “සිවිල් එකේ හිටිද්දි මොනවද කළේ?" කියලා හමුදා සෙබලු අහනවා මට ඇහිලා තිබෙනවා. හමුදාවේ සිවිල් රැකියා කරන අයත් ඉන්නවා. හමුදා සෙබළු යුනිපෝං අඳිනවා. ඒකෙ බෙල්ට්, බූට් වගේ...

සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ

Image
ගිය සතියේ ලියන්න පටන් ගත්ත ගැහැනු-පිරිමි-මල්-පලතුරු-සත්තු-ගම් ලිපියේ ඉතිරි කොටස තමයි අද ලියන්නේ. ගැහැනු, පිරිමි ගැන ලිව්වානේ. අද ඉතිරි ටික. ‘රෝස මලේ නටුවෙ කටු - වන බඹරෝ ඔහොම හිටූ' නම් ආනන්ද රාජකරුණා ලියූ ළමා ගීය නො දත් ළමයකු ලංකාවේ නැති තරම්. රෝස මල ලංකාවට ආවේ පිටරටින්. අපි ඒ මලට රෝස කියා නම තැබුවේත් ඉංග්‍රීසි වදනින්. මේ මලට ලතින් බසින් කියන්නේත් රෝසා කියායි. රෝස පාට කියා පාටක් සිංහලට ආවේත් රෝස මල් නිසායි. අතීත සිංහල භාෂාවේ රෝස කියා පැහැයක් තිබුණේ නැහැ. තිබුණේ ළා රත් පාටයි. ජන වහරේ නා දළු පැහැය කිව්වේත් මේ පාටට තමයි. ඇන්තූරියම්, ඕකීඩ් (උඩවැඩියා), බාබන්ඩේසි, කැනාස් (බුත්සරණ), ඩේලියා, ලිලී, රොබරෝසියා, මැයි මල් වැනි මල් වර්ග රැසක ම නම් අපි අරගත්තේ ඉංග්‍රීසි බසින්. බාබන්ඩේසි කියන වචනය තත්භව වදනක්. ඒ මලේ නමේ සම්භවය දකුණු අප්‍රිකානු නගරයක් වන බාබටන්. අපි බාබටන් ඩේසි බාබන්ඩේසි කර ගත්තා. අපි වදමලට සපත්තු මල කියන්න පටන් ගත්තේ ඉංග්‍රීසි shoe flower සිංහලට පරිවර්තනය කරගෙනයි. අරලියා ගස් වැඩිපුර තිබෙන්නේ පන්සල්වල නිසා එය  temple tree ලෙස නම් වුණා. ඒ ගස් වවා තිබුණු ඉඩමක පිහිටි මන්ද...

සුන්දර ඉංගිරිසි: ගැහැනු, පිරිමි, මල්, පලතුරු සෙල්ලම

Image
මතකද පුංචි කාලෙ මෙහෙම සෙල්ලමක් කළා. එහිදී කෙරෙන්නේ යම්කිසි අකුරක විවිධ ස්වරූපවලින් පටන් ගන්නා වචන ලිවීමයි. සිංහල භාෂාවේ තිබෙන ඉංග්‍රීසි ගැහැනු, පිරිමි නම් සංඛ්‍යාව අති විශාලයි. ඒවා බොහොමයක් බයිබලයෙන් පැමිණි නම්. ඒ නිසා ඒවා සිංහලට ආවේ ඉංග්‍රීසි බසින් වගේ ම ලන්දේසි හෝ පෘතුගීසි භාෂාවලින් වෙන්නත් පුළුවන්. නම් අගට යෙදෙන සිංඤෝ හා නෝනා වගේම වාසගමට දොන් එකතු වෙන්නත් පටන් ගත්තේ පෘතුගීසි ආභා‍සයෙන්. ඒ වගේම, සිල්වා, පෙරේරා, ප‍්‍රනාන්දු, පීරිස්, සොයිසා, කුරේ, කොරයා, කොස්තා, ආබෲ, තාබෲ, අල්මේදා, රොසයිරෝ, පස්කුවල් වැනි පෙළපත් නම් රැසක් පෘතුගීසීන්ගෙන් හා ලන්දේසීන්ගෙන් ණයට අරගෙන අපි පාවිච්චි කරනවා. බයිබල් මූලයක් තිබෙන නම් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන මූලාශ්‍ර තුනෙන් ම සිංහලට එකතු වී තිබෙනවා. මෙහි තිබෙන සුන්දර කරුණ වන්නේ මේ නම්වල සිදු වී තිබෙන සිංහලකරණයයි. පහත සඳහන් වන්නේ එසේ සිංහලකරණය වී තිබෙන නම් ලැයිස්තුවක්. ඒඩ්‍රියන් - අදිරියන් ඔගස්ටින් - අගොස්තීනු ඇන්ඩෲ - අන්දරේ හා අන්දිරිස් ඇන්තනි - අන්තෝනි පීටර් - පීතර බැස්ටියන් - බස්තියන් චාල්ස් - චාර්ලිස් ෆ්‍රැන්සිස් - පුරන්සිස් ෆ්‍රැන්සි...

සුන්දර ඉංගිරිසි: විද්‍යාව හා තාක්ෂණය නිසා බස සුන්දර වූ හැටි

Image
ඉංග්‍රීසි භාෂාව අපේ ජීවිතයට වැඩියෙන් ම සම්බන්ධ වෙන අවස්ථාවක් තමයි විෂය ක්ෂේත්‍ර වන්නේ විද්‍යාව හා නවීන තාක්ෂණයයි. විද්‍යාව සංවර්ධනය වන වේගයෙන් හා තාක්ෂණය නවීන වන තරම් වේගයෙන් භාෂාව නවීන වෙන්නේ නැහැ. අපට අලුත්, අලුත් තාක්ෂණයන් ලැබුණාට, ඒ හැම දෙයක් වෙනුවෙන් ම අලුත් සිංහල වචන හැදෙන්නේ නැහැ. හැදීම පහසුත් නැහැ. එසේ වදන් නිර්මානය කරන්නට තරම් විද්‍යාව හා තාක්ෂණ දැනුමත්, භාෂා දැනුමත් ඇති අය විරලයි. කොහොම හරි හදා ගත් ඇතැම් පාරිභාෂික වචන භාවිතයේ ඇත්තේත් නැහැ. උදාහරණයකට කවුරුද දන්නේ ප්‍රතිදීප්ත පහන ගැන. ඒත්, ටියුබ් ලයිට් හෝ සීඑෆ්ෆෙල් කිව්වාම නො දන්නේ කවුරු ද? ටියුබ් ලයිට් පත්තු වෙන්නේ ටිකක් පරක්කු වෙලා. ඒ නිසා යමක් ප්‍රමාද වී තේරුම් ගන්නා අය හඳුන්වන්නත් ටියුබ් ලයිට් කියන වදන පාවිච්චි කරනවා. තේරුණා ද? තේරෙන්න පරක්කු නම් ඔබත් ටියුබ් ලයිට් වෙන්න ඇති. මේ වගේ තවත් අපූරු යෙදුමක් තමයි මීටරේ. උසස් පෙළ හොඳින් සමත් වෙන්න පුළුවන් හොඳ මීටර්කාරයන්ට තමයි. ඒ වගේ අයගේ මොළේ ගැන කියනකොට සිරා මීටරේ කියනවා. සිරා කියන්නේ සීරියස් (serious). මොළේට මීටරේ කියන්නේ ලංකාවේ අපි විතරයි. විභාගවලදි හොඳින් පිළිතුරු ලියන්...

සුන්දර ඉංගිරිසි - එලටියුසන්

Image
ඉංග්‍රීසි උෟරුවට සිංහල කතා කරන අනර්කලී "මේ දුව එලටියුෂන් පංති යන්නේ නැද්ද?" පසුගිය දිනෙක එක් ආච්චි අම්මා කෙනෙක් මගේ දුව පෙන්වා ඇසුවා. අපේ රටේ පැතිරී යන තවත් රැල්ලක් තමයි මේ එලකියුෂන් කියන ජාතිය. ලෝකයේ මෙහෙම ජාතියක් තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. ඇත්තෙන් ම මේ මොකක් ද? දෙමව්පියෝ ඔහේ රැල්ලට මේ පන්තිවලට ළමයින් යවනවා. ඒවායේ උගන්වන්නේ එංගලන්තයේ ඇතැම් මධ්‍යම පංතිකයන් ඉංග්‍රීසි කතා කරන විදිය හා නාට්‍යවලදී හා කතා පැවැත්වීමේදී ඉංග්‍රීසි උච්චාරණය කරන එක් විධියක්. සිංහල කතාවට දිව හැඩගැසී තිබෙන අපේ රටේ ළමයි, මේ විධියට ඉංග්‍රීසි උසුරුවන්නට යාමෙන් එක්තරා විධියක විහිළු ස්වභාවයක් නිර්මානය වෙලා. විශේෂයෙන් ම වැරදි ව්‍යාකරණ සහිත වාක්‍ය එලකිරි එලකියුෂන්වලින් කතා කරන ආකාරය නම් ඇත්තෙන් ම නියම විහිළුවක්. වරක් මම එක්තරා යුනෙස්කෝ සමුළුවකට සහභාගි වුණා. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 26ක නියෝජිතයෝ මෙයට සහභාගි වුණා. ඔවුන් සියලු දෙනා කතා කළේ ඉංග්‍රීසි. ඒත්, උච්චාරණ විධි 26ක් එහි තිබුණා. ඉංග්‍රීසි ලෝකයේ ප්‍රධාන ම ජාත්‍යන්තර භාෂාව බවට පත් වී තිබෙන්නේ මෙන්න මේ සුන්දරත්වය නිසායි. ඉන්දීය ජාතිකයන් ඉං...

සුන්දර ඉංගිරිසි - ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරාන්න

Image
ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ ලොකු මාකට් එකක් නේ. ඉතින් මෙහි ඉන්න වෙළෙන්දෝ එක එක විදියට තමන්ගේ සේවාවන් විකුණනවා. පඳුරකට පයින් ගැහුවාම වුණත් ඉංග්‍රීසි ගුරුවරයෙක් එතන පංතියක් කරනවා වෙන්න පුළුවන්. ඒත්, වැඩේ කියන්නේ කොහොම ඉංග්‍රීසි විකිණුවත්, ලංකාවේ මිනිස්සු තවමත්  ඉංග්‍රීසි භාවිතයේදී සාමාන්‍යයෙන් ගත්තාම ඒ තරම් චතුර නැහැ. මට ඉන්දියාවේදී එක් කෝකියෙක් හමු වුණා. ඔහු‍ගේ නම ජෝන්. ඔහු දෙමළ ජාතිකයෙක්. ඒ නිසා ඔහු ගෙදරදී දෙමළ කතා කරනවා. ඔහු ජීවත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ. ඒ නිසා ඔහු එහි භාෂාව වන කන්නඩ භාෂාවෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ. ඔහුට හොඳින් කන්නඩ කතා කරන්න පුළුවන්. ඉන්දියාවේ සෑම පාසල් ළමයෙක් ම වාගේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා. ජෝන්ට හොඳින් හින්දි කතා කරන්නත් පුළුවන්. ඔහු කලක් ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝකියකු ලෙස වැඩ කර තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳින් තෙළිඟු භාෂාවත් කතා කරන්න පුළුවන්. ඔහු මා එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ජෝන් භාෂා පහක් ඉතා පහසුවෙන් කතා කරනවා. ලංකාවේ මිනිස්සු භාෂාවන් ඉගෙන ගන්න මුදල් වියදම් කළත්, ඔවුන් භාෂාවන්ට විවෘත නැති බවයි ‍මගේ අදහස. ඒ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි භාෂා භාවිතය ප...

සුන්දර ඉංගිරිිසි: සර්ලා, මිස්ලා, මැඩම්ලා හා තවත් අය

Image
බ්‍රිතාන්‍යයේ 'ද ටෙලිග්‍රාෆ්' පුවත්පතේ අධ්‍යාපනික සංස්කාරක ග්‍රේම් පැටන් වාර්තා කළ ආකාරයට එරට පාසල්වල ගුරුවරුන් 'සර්' හා 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීම වෙනුවට නමෙන් ආමන්ත්‍රණය කිරීම ස්ථාපිත කළ යුතු බවට අධ්‍යානඥයන් යෝජනා කර තිබෙනවා. ලංකාවේත් පාසල්වලටත් ගුරුවරුන්ට 'සර්', 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය පැමිණියේ යටත්විජිත සමයේ එංගලන්තයෙන්.  ගුරුවරුන් සර් කියා ඇමතීමේ අතීතය 16වන සියවස දක්වා විහිදෙනවා. පහළ පංතිවලින් ආ ගුරුවරුන්, විශාල වශයෙන් ඉහළ පංතිවල සිසුන්ගෙන් සමන්විත වූ පංතිවල ඉගැන්වීමේදී සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට මෙම යෙදුම පාවිච්චි කළ බව Times Educational Supplement හි සඳහන් වෙනවා.  මිස් කියන යෙදුම භාවිතාවට ආවේ වික්ටෝරියානු යුගයේදීයි. විවාපත් කාන්තාවන් රැකියාවලින් ඉවත්ව නිවසේ රැඳීම දිරිගැන්වූ ඒ කාලයේ පාසල්වල ඉගැන්වූයේ අවිවාහක ගුරුවරියන් පමණයි. ඒ නිසා ඒ අය‍ට මිස් කියා ආමන්ත්‍රණය කළා. 20වන සියවසේ පමණ සිට නැවතත් විවාහක ගුරුවරියන් වෘත්තියට පිවිසියත්, විවාහක-අවිවාහකබව නො තකා සියලු ගුරුවරියන් මිස් කියා ආමන්ත්‍රණය කිරීම දිගටම පැවතිය...