සුන්දර ඉංගිරිසි: ගැහැනු, පිරිමි, මල්, පලතුරු සෙල්ලම


මතකද පුංචි කාලෙ මෙහෙම සෙල්ලමක් කළා. එහිදී කෙරෙන්නේ යම්කිසි අකුරක විවිධ ස්වරූපවලින් පටන් ගන්නා වචන ලිවීමයි.

සිංහල භාෂාවේ තිබෙන ඉංග්‍රීසි ගැහැනු, පිරිමි නම් සංඛ්‍යාව අති විශාලයි. ඒවා බොහොමයක් බයිබලයෙන් පැමිණි නම්. ඒ නිසා ඒවා සිංහලට ආවේ ඉංග්‍රීසි බසින් වගේ ම ලන්දේසි හෝ පෘතුගීසි භාෂාවලින් වෙන්නත් පුළුවන්. නම් අගට යෙදෙන සිංඤෝ හා නෝනා වගේම වාසගමට දොන් එකතු වෙන්නත් පටන් ගත්තේ පෘතුගීසි ආභා‍සයෙන්. ඒ වගේම, සිල්වා, පෙරේරා, ප‍්‍රනාන්දු, පීරිස්, සොයිසා, කුරේ, කොරයා, කොස්තා, ආබෲ, තාබෲ, අල්මේදා, රොසයිරෝ, පස්කුවල් වැනි පෙළපත් නම් රැසක් පෘතුගීසීන්ගෙන් හා ලන්දේසීන්ගෙන් ණයට අරගෙන අපි පාවිච්චි කරනවා.

බයිබල් මූලයක් තිබෙන නම් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන මූලාශ්‍ර තුනෙන් ම සිංහලට එකතු වී තිබෙනවා. මෙහි තිබෙන සුන්දර කරුණ වන්නේ මේ නම්වල සිදු වී තිබෙන සිංහලකරණයයි. පහත සඳහන් වන්නේ එසේ සිංහලකරණය වී තිබෙන නම් ලැයිස්තුවක්.

ඒඩ්‍රියන් - අදිරියන්
ඔගස්ටින් - අගොස්තීනු
ඇන්ඩෲ - අන්දරේ හා අන්දිරිස්
ඇන්තනි - අන්තෝනි
පීටර් - පීතර
බැස්ටියන් - බස්තියන්
චාල්ස් - චාර්ලිස්
ෆ්‍රැන්සිස් - පුරන්සිස්
ෆ්‍රැන්සිනා - පුරන්සිනා
ග්‍රෙගරි - ගිරිගෝරිස්
පේඩ්‍රෝ - පේදුරු
මාර්ටිනෝ - මර්තීනු
හෙන්ඩ්‍රික් - හෙන්දිරික්
කැතරින් - කතිරිනා
ඩේවිඩ් - දාවිත්
ජෝන් - ජුවන්
රෆායෙල් - රැපියෙල්
ජොහැන්නස් - ජුවානිස්
ගේබ්‍රියල් - ගබිරියල්
ඩැනියෙල් - දානියෙල්
ඒබ්‍රහම් - ඒබරං / අබරං
ඇලෙක්සැන්ඩර් - අලිසන්දිරි
අමරියා - අමාරිස්
පෝල් - පාවුළු
ජෝසප් - ජුසේ
රූෆස් - රූපස්

බයිබලයේ එන නීල්, අමල්, නයෝමි වැනි නම් බොහෝ දෙනෙක් හිතන්නේ සිංහල නම් ය කියලායි.

ජීසස් ඉතාම සුන්දර ලෙස ජේසු ලෙස සිංහලකරණය කරගත්තා. ජේසුතුමා, ජේසු බිළිඳා වැනි වදන් ද යෙදෙනවා. ක්‍රයිස්ට් ක්‍රිස්තු ලෙස සකසා ගත්තා. මෙය ක්‍රිස්තුස් වහන්සේ ලෙසත්, තවදුරටත් සිංහලකරණයට ලක් කරගෙන කිතු උපත, කිතු දහම වැනි යෙදුම්වලත් දක්නට ලැබෙනවා.

වැන්ඩර්පූටන් වැනි ලන්දේසි නම් භාවිතා කරන බර්ගර් ජාතිකයන්ගේ සම්භවය පෘතුගීසීන් හා ලන්දේසීන් එක්ක සම්බන්ධයි. ඒ වගේ ම ලාංකික කාන්තාවන් සමග විවාහ වූ ඉංග්‍රීසි හා වෙනත් යුරෝපීය ජාතිකයන්ගෙන් පැවත එන අයටත් බර්ගර්වරු කියනවා. ඒ වගේ ම ඩච් බර්ගර් යුනියන් කියා සමාජ සංවිධානයකුත් තිබෙනවා. බර්ගර් කියන වදන ලන්දේසි වදනක් වන බර්ග්ගර් යන්නෙන් බිඳී ආ එකක් බවත් එහි මුල් තේරුම නිරුක්තිය 'බර්ග්බරෝ ' හෙවත් 'නගරවැසියා' යන්න බවත් සුනිල් කුමාරසිංහ අතුකෝරල දිවයින බදාදා අතිරේකයට 2014 ජනවාරි 15දා ලිපියක් ලියමින් පවසනවා. එහෙත්, අද වන විට බර්ගර් ජාතිකයන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සංස්කෘතීන්ගේ ආභාසය ලබමින් ස්වකීය අනන්‍යතාවක් සකසාගෙන තිබෙනවා. කාල් මුලර් වැනි සිංහලයන් එතරම් නො හඳුනන කීර්තිමත් ලේඛකයා වගේ ම ලම්ප්රයිස් වැනි ආහාරත් අපට ලැබුණේ බර්ගර්වරුන්ගෙන්. කාල් මුලර් නො දන්නවා වුණාට ජැකලින් ෆර්නැන්ඩස් ගැන දන්නවානේ. ඇයත් බර්ගර් ජාතික ශ්‍රී ලාංකිකයෙක්.

ගැහැනු, පිරිමි ගැන කතා කරලා අපි ලබ සතියේ මල්, පලතුරු, සත්තු, ගම් ගැන කතා කරමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මම හිතන්නේ අජිත්ගේ බ්ලොගය අල කිරීමට, සාකච්චාව නොමග යැවීමට පිරිසක් සැදී පැහැදී ඉන්නවා. ඇත්තෙන්ම දැන්නම් කොමෙන්ට් හරහා යන සාකච්චාව එපාවෙන මට්ටමට පැමින තිබෙනවා. මේ ට්‍රෙන්ඩ් එක ආවේ නම් අජිත් ජනප්‍රිය දේ / සරල දේ ලිවීමට පටන් ගත් පසු බවයි, තරමක දීර්ග කාලීන පාඨකයෙක් වන මගේ නිරීක්ශනය. මා ඒ ජනප්‍රිය / සරල දේ හරි හෝ වැරදියි කියන එක නොවෙයි කියන්න යන්නේ. යම්කිසි ලිපියක් අරභයා විය යුතුව තිබෙන වැදගත් සහ වටිනා සාකච්චාවක් අල කොමෙන්ට් හරහා නොමග යෑම ගැනයි මගේ දැඩි කනස්සල්ල. වැදගත් හරවත් කොමෙන්ට් ලියූ සුජීව කොකාවල, රාමචන්ද්‍ර වැන්නන්ගේ සහ ඇතැම් ඇනෝවරුන්ගේ කොමෙන්ට් නම් කලකින් වැටුනේ නැති තරම්.

    මීට කල හැකිදේ කුමක්ද? කොමෙන්ට් නොකපා, අල කොමෙන්ට් වර්ගීකරනයක් (තරුසලකුනු වැනි ) කල හැකිද? අල කොමෙන්ට් කියවීමට රුචියක් නොදක්වන අයට ඒවා මගහැර යාමට යම් කිසි ඉඟියක් දීමේ ක්‍රමයක් ඇත්තේම නැද්ද? අල කොමෙන්ට් කරුවන්ගේ ආතල් ගැනීම වැලක්වීම නම් නොකල යුතුයි! ;-)

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට අදාළ නැති කමෙන්ට් ඉවත් කිරීම හැර මෙයට වෙනත් විසඳුමක් දැනට නැහැ.

      කොහොම වුණත් මම හිතන්නේ අපි මේ සියලු විවිධත්වයන් පිළි ගත යුතුයි. ඔවුන් සමග සංවාද කළ යුතුයි. ඒ නිසා ඉවත් කිරීම කරන්නේ බොහෝ සිතා මතායි.

      Delete
    2. ඇත්ත. දැන් දැන් සංවාද "අල" වේගේන යනව.

      //මේ ට්‍රෙන්ඩ් එක ආවේ නම් අජිත් ජනප්‍රිය දේ / සරල දේ ලිවීමට පටන් ගත් පසු බවයි, තරමක දීර්ග කාලීන පාඨකයෙක් වන මගේ නිරීක්ශනය.//

      මේක උනේ කතන්දරගෙ බ්ලොග් එක වහලට ටික දවසකට පස්සෙයි. මම හිතනව පැරා ඒ කමෙන්ට් මකා දාන්න ගත්තොත් මේක නවතියි හෝ පාලනය වෙයි කියල.

      Delete
    3. සංවාද අල කරන්න අපේ සම්බන්දයක් එහෙම නෑ ඔං, නේද උපශාන්ත අයියා......!!!!!

      Delete
    4. මොනයම් ආකාරයක හෝ අදහස් වාරණයකට මම නම් විරුද්ධයි.

      ඉතිහාසයේ නැවත නැවතත් අපි අත් දකින හාස්‍ය ජනක තත්වයක් තමයි මාධ්‍ය නිදහස , අදහස් ප්‍රකාශනයේ අයිතිය , මානව නිදහස , පවතින ආණ්ඩු වල මාධ්‍ය මර්ධනය , වර දාන/තර්ජන මගින් කරන අදහස් ප්‍රකාශනයේ මර්ධනය ගැන මුරගාන බොහෝ දෙනෙක් එම ආණ්ඩු අත්දකින තත්වයට තමන් පත්වුනාම කරන්නෙත් ඒකම වීම.
      bloody hypocrites
      පැරා ඔබ වත් ඒ තත්වයට පත් නොවේ යයි හිතනවා

      සංවාද අල වීමට ප්‍රධාන හේතුව ලිපියේ අන්තර්ගතයට මිනිසුන් සංවේදී නොවීම. උදාහරණයක් ලෙස කකාගේ බ්ලොගයේ කොමෙන්ට් ලෙස වල් පල් බොහෝ කොට තිබුනත් මිනිසුන් සංවේදී මාතෘකාවකදී එය වැදගත් අදහස් වලින් පිරි යනවා. ඔබට අවශ්‍ය දෙසට සංවාද කෘතිමව මෙහෙයවන්නට යාම ඉතාමත් අසාර්ථක මෙහෙයුමක් වේවි. සමාජවාදී රටවල් අප්‍රමාන වාර ගණනක් අත්හදා බලා අසාර්ථක වෙච්ච planned economy සංකල්පය වගේ (ඔන්න මැක්කත් එබුවා අන්තිමට )

      Delete
    5. මසොපි
      //ඉතිහාසයේ නැවත නැ..............තමන් පත්වුනාම කරන්නෙත් ඒකම වීම//
      අදහස් ප්‍රකාශකිරීමේ නිදහස කියන්නෙ එකක්. මේ ඇතිවෙලා තියන තත්වය වෙනත් එකක්. තමන්ට එරෙහි මත ඉවසන්න ඕන කියන එකේ අවුලක් නෑ. නමුත් "පෙත්ත ගත්තද, අංගොඩින් පැන්නද...." ජාතියේ කමෙන්ට් වලට ඉඩදීම ප්‍රකාශනයේ නිදහස කියල හිතීම තරම් විහිළුවක් තවත් නෑ.

      මම දකින්නෙ නං මේක අර පැල බද්ධය වගේ එකක්. බද්ධ අංකුරය වැඩෙන්න දීල මුල්(වල්) ගහේ අතු කප්පාදු කිරිල්ල වගේ. (මාත් මේ වැඩේ ලඟදි කලා. විචාරක ගැන කියල තිබුන පදනමක් නැති කමෙන්ටු 10ක් විතර කපල)

      Delete
    6. ස්තුතියි ඉන්දික.

      කතන්දර බ්ලොග වසා නැත. එය සැමදා එකසේ තවමත් විවෘතව පවතී. සදදු වී ඇත්තේ අළුතින් කතන්දර එහි පල නොවීම පමණි. තවමත් පාඨකයෝ එහි එති, යති!

      හිට්ස් ගැන උනන්දුවන අපේ සමහර අයගේ ප්‍රයෝජනය පිණිස කියනවා නම් බ්ලොගය යාවත්කාලීන කිරීම නතර කර ගතවූ දින තිහේ මාසය තුල හිට්ස් 25,000+ ලැබී ඇත. ඊයේ සිකුරාදා ලැබුණු හිට්ස් ප්‍රමාණය 900+ වේ.

      මේ සංඛ්‍යා ඒ දිනවල දින දෙකකට වරක් කතන්දර පළ කරන කාලයේ තිබූ ට්‍රැෆික්වලට වඩා අඩු නමුත් මෙයින් පෙනී යන්නේ මා පළ කර ඇති 1,000+ කතන්දර තවමත් අළුතින් කියවන අයද ඉන්නා බවයි!

      Delete
    7. රාජ්,
      හරි එහෙනම් අදාල නැති කොමෙන්ට් වලට ඉඩ දෙන්න එපා කියලා පැරකුම් සහෝදරයාට කියන ඔබ ඔබගේ බ්ලොග් එකේ අදාල නැති කොමෙන්ට් වලට ඉඩ දෙන්නේ ඇයි? අර යාලුවෝ මැරිච්ච ඇනෝ,ඊළගට ආතල් ඇනෝ වගේ උදවියගේ කොමෙන්ට් වලට ඉඩ දෙන්නේ ඇයි? ඒ කොමෙන්ටුත් ඔබ දමනා පොස්ටුවට අදාල නැහැනේ.

      ඔබලාට අවශ්‍ය විදිහටද අන් අය කොමෙන්ට් දැමිය යුතු?

      Delete
    8. මේ ප්‍රොෆයිල් මහත්වරු සංවාද කියන්නේ මේ වගේ ඒවාට,
      මහත්තයා 1- අර වටකුරු වස්තුව සඳ විය හැකියි.
      මහත්තයා 2- ස්තුතියි, ඒ වස්තුව සඳම තමයි. එය හිරුගේ ආලෝකය පරාවර්තනය කරනවා එකයි එචර දිස්නේ.
      මහත්තයා 3- එකගයි, ඇත්තම තමයි වඩදිය-බාදිය හැදෙන්නේ හඳේ බලපෑමෙන්.
      මහත්මිය 1- අනේ හරි ශෝක අනේ .... හද ගැන දිගටම ලියන්නකෝ... කවියෝ කොච්චර කවි ලියල තියනවද ?
      මහත්තයා 2- කාලෙකින් අද තමයි හොද සංවාදයක් කලේ, ස්තුතියි සැමටම, අපි මේකෙන් ඉගන ගන්න ඕන සංවාද කරන විදිය?

      ඇනෝ 1 - යකෝ ඕක හඳ නෙමෙයි කහපාටට ලොකුවද දාල තියෙන බෙට්ටක් නේද? තොපිට නහයවල් නැද්ද ?

      මහත්තයා 1 ( දැන් ඇනෝ ලෙස) - පැරා ට පුක දෙන හැත්තෑ. හු....... පොන් ...... පිම් ...... කැ
      මහත්තයා 2 ( දැන් ඇනෝ ලෙස)- පෙත්ත ගනින්

      අපිනම් කියන්නේ,

      Thesis, anti-thesis සහ synthesis කියල. More conflict please !

      Delete
    9. පැරාගේ අවධානය පිණිසයි!

      කොමෙන්ට්ස් ඩීල් කරන විධිය ගැන ලියපු අපූරු කියමනක් ඇහැගැටුනා. ඔබටත් යම් දෙයක් ඇතැයි හිතුන නිසා මෙහි සටහන් කරනවා.

      “How do you deal with hateful comments? For my blog I keep all comments moderated so I get a chance to see what people say on my site. I’m glad I did this because I got a rather rude comment mainly saying I have poor grammar for an English major. Oh and that I’m ‘pretty down on the world’. I tracked the ip address and realized it’s someone from my area! How awkward.

      A good rule of thumb is that nasty or negative comments are never about you or what you’ve written, they are always about the person who wrote them. (Even if people disagree with what you’ve said, most of them can do it in a sane & respectful fashion.) So, when one of my regular commenters starts to go down a less happy path, I take notice.”
      Your blog is like your home. Don’t invite anyone angry to tea!
      Realise that comments are always about the person who left them, & not you. Don’t be tempted to take things personally.
      A little care & love goes a long way.
      http://www.problogger.net/

      ඒව ගේම කොමෙන්ට්ස් වර්ග කීපයක් තියෙනවා:
      Positive comments
      Negative comments
      Constructive comments
      Destructive comments
      Hateful comments
      Offensive comments
      Filthy comments

      Dale Carnegie මෙහෙම කියලා තියෙනවා
      Any fool can criticize, condemn, and complain but it takes character and self control to be understanding and forgiving.

      Dale Carnegie – How to Win Friends and Influence People

      Delete
    10. @රාජ්
      දැන් මෙහි පලවී ඇති කොමෙන්ටු 19 න් 19 ක් ම 100% මාතෘකාවට / ලිපියට අදාළ නැත. පැරා මේ සියල්ල මකා දැමුවොත් තත්වය කුමක් විය හැකිද ?

      අමු තිත්ත කුණුහරප සහ වෙන කෙනෙකුගේ පෞද්ගලිකත්වය ට දැඩි ලෙස අපහාස වෙන ආකාරයේ සාමාන්‍ය සමාජයේ සදාචාරාත්මක ලෙස පිලි නොගන්නා කොමෙන්ටු ඉවත් කිරීම ගැන කිසි අවුලක් නැත. නමුත් මෙම සංවාදය මතු කල ඇනෝ කතාකරන්නේ ඒ ගැන නොවේ. අල කොමෙන්ටු ගැනයි.

      මට ඇති ප්‍රශ්නය අල කොමෙන්ටු හොඳ කොමෙන්ටු වලින් වෙන් කොට හඳුනා ගැනීමේ නිර්ණායකය කුමක්ද යන්නයි. මාතෘකාව "සුන්දර ඉංගිරිසි" ගැන නම් .. අල කොමෙන්ට් ගැන කතා කොට මාතෘකාවෙන් මුලින්ම පිට පැන ඇත්තේ එම ඇනොම නෙමෙයි ද ? පැරා එය දැක්ක විගසම ඉවත් කල යුතු නොවේද ?

      එම ප්‍රකාශය කරන ඇනෝ කිසි දිනක youtube සහ වෙනත් සමාජ මාධ්‍ය වල වෙනත් භාෂා වලින් පළව ඇති කොමෙන්ටු දැක නැති බව සිතේ. එසේ යම් සමාජ පරිනත භාවයක් තිබෙනවා නම් මේ ආකාරයේ අපරිණත ප්‍රකාශයක් නොකරනු ඇත.

      Delete
    11. @AnonymousAugust 9, 2014 at 9:11 PM
      ඇනෝ ... ඕක රාජ් ට විතරක් අදාළ නැහැ. තමන් හඳුන්වා දෙන , තමන් බැක් කරන පොලිසි එක තමන්ම ප්‍රයෝගිකව අනුගමනය නොකරන තත්වයක් තමයි ගොඩක් තැන්වල තිබෙන්නේ. එකයි මම එය හාස්‍ය ජනක තත්වයක් ලෙස විග්‍රහ කලේ.
      @Dimithri
      ප්‍රශ්නය මතුකළ ඇනෝ ට කියන්න තියෙන්නේ ... සාමාන්‍යයෙන් ඔබ වැදගත් හරවත් කොමෙන්ටු ලෙස සලකන කොමෙන්ටු ටිකක් දිගයි. එය ලියන කෙනා තමන්ගේ මතය පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට යම්කිසි උත්සාහයක් ගන්න නිසා. එම නිසා කෙටි වාක්‍යයේ දෙකේ කොමෙන්ටු මග හැර ත්‍රෙඩ් එකක ඇති දිග කොමෙන්ටු විතරක් කියවීම ඔබගේ ගැටලුවට යම්කිසි ආකාරයේ පිලියමක් වේවි. පාරාට පොලිස් තොප්පිය නිතර දෙවේලේ දාගෙන ඉන්නත් අවශ්‍ය නොවේවි.

      Delete
  3. මේ වගේ සංවාද අල කරන සුනඛයො හිටියට හරමානිස්ල,මාටින්ල,සීඩින්ල,ආතර්ල,ජීටින්ල,පබිලිස්ල,පවුලිස්ල,කරොලිස්ල,ඇක්මන්ල ඒ එක්කම බේබිනෝනල,ලුසීල,ඇලිස්ල,ඇන්සලින්ල,මාගරට්ල,ජේන්නෝනල, ඉන්න බව අමතක කරන්න එපා. මගේ ආතගෙ නමත් කොරනේරිස්

    ReplyDelete
  4. //ලම්ප්රයිස් වැනි ආහාරත් අපට ලැබුණේ බර්ගර්වරුන්ගෙන්// පැරා මේක ආවේ මැලේවරුන්ගෙන් නොවෙද?

    ReplyDelete
    Replies
    1. ඉන්දුනීසියානු කෑමක් ලන්දේසීන් හරහා ලැබුණා විය හැකි යි.

      Delete
    2. ස්තුතියි කකා ඇනෝ දෙන්නටම

      Delete
  5. ගොඩක් වෙලාවට මාතෘකාවට අදාල නැති කොමෙන්ට් වැටෙන්නේ ලිපියේ ලියලා තියෙන දේ එය කියවන උදවියට අදාල නොවීම/ සංවේදී නොවීම වගේ කරනා. ඒකට ඉතිං කොමෙන්ට් ඩිලීට් කරලා හරි යන්නේ නෑ. මාතෘකාවට කිසිසේත්ම අදාල නොවන දේත් තිබුනට කමක් නෑ. අනික ඉතිං වෙන වෙන දේ ගැන කොමෙන්ට් තිබුනා කියලා ප්‍රශ්නයක් නෑනේ. එව්වා කියවන්නේ නැතිව හිටියා නම් හරි. ඔක්කොම කොමෙන්ට් ටික කියවලා එව්වට බැන බැන ඉන්නේ ඇයි? හැබැයි ඉතිං මේකේ කොමෙන්ට් එකක් ඩිලීට් කරලා තියෙනවා කියලා හිතමුකෝ.එතකොට පසුව එන කෙනෙක් දන්නේ නෑ තිබුන කොමෙන්ට් එක මොකක්ද කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අජිත්ගේ මතයට එරහිව අදහස් දක්වන කොමෙන්ටුත් අයින් කරලා කියා.

    කිසිම කොමෙන්ටුවක් ඉවත් නොකළ යුතුය යන මතයෙයි මම ඉන්නේ. හැබැයි ඉතිං අජිත්ට ඕනා නං කොමෙන්ට් අයින් කලහැකියි. ඒත් ඊට පස්සේ අදහස් ප්‍රකාශනයේ නිදහස ගැන එහෙම කතා කරන්න සදාචාරයක් කොයින්ද ඔබට?

    ReplyDelete
    Replies
    1. පළමු ඡේදයට,‍
      කමෙන්ටු ඔක්කොම කියවන්නෙ නැතිව අල/හොඳ කමෙන්ට් හඳුනාගන්න හැටි කියනවද?

      දෙවන ඡේදයට,‍
      //ඒත් ඊට පස්සේ අදහස් ප්‍රකාශනයේ නිදහස ගැන එහෙම කතා කරන්න සදාචාරයක් කොයින්ද ඔබට?//
      ඒ සදාචාරෙ මාරයි නේ?

      Delete
    2. රාජ් බයයි නර්ස් නෝනලට බැනල‍ා ඇනෝලා කමෙන්ට් දායි කියලා. ඒකයි මේ නොකියා කියන්නේ ඒවා හැර අනිත් ඒවා දාමු කියලා. නෝටියා උම්මාහ්

      Delete
  6. Mama hithnne lekakayangege matha saha owunge podu samajeeya pewethma wiwechanaya kalata eya prashnayak nowei,namuth monama Awasthwakadeewath lekakaya ho ohuge pawle samagikayange powdgalika pewethma methnata adala kalanogathauthi kiyala.THAWADA samahara annola.comment karanawita hegenne lekakayage uwamanawata kiyalai.MAMA dannawidiyata English Akuruwalin sinhala kotanne mage Thakshana denuma nethi nisai.Namuth meeblog ekedima mekata ane "suda sinhalen liyanna suda" wasayen ANNO kenek liyala thibuna.(Suda ho wena Kunuharupayak ho daraganna mata puluwan).namuth ase keema anawshyai mamahithanne.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා