කෞශල්‍යතන්ත්‍රවාදයේ ඉන්දුනීසියානු උදාහරණය
මෙරිටෝක්‍රසි කියන්නේ ලංකාවේ සුලබව භාවිතා වන වදනක් නොවෙයි. මෙම වදන සෑදී තිබෙන්නේ 'උපයනවා' යන අරුත දෙන ලතින් mereō නම් වදන හා පැරණි ග්‍රීක් බසින් බිඳී ආ 'බලය' හෝ 'ශක්තිය' හෝ අරුත් ගන්වන cracy ය වදන එක් වීමෙනුයි. එවිට මෙහි අරුත උපයා ගත් ශක්තිය වැන්නක්.
අපි democracy කියන වචනය ප්‍රජාතන්ත්‍රවාදය කියා පරිවර්තනය කරන නිසා මා මේ මෙරිටෝක්‍රසි කියන වදනට යෝජනා කරන්නේ කෞශල්‍යතන්ත්‍රවාදය යන වචනයයි.
කෞශල්‍යතන්ත්‍රවාදයෙන් අරුත් ගැන්වෙන්නේ කුසලතා මත තේරී පත් වූ නියෝජිතයන්ගේ පාලනය යන්නයි.
කෞශල්‍යතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදයත් සමග එකට තබා බැලුවා ම අද දවසේ ලෝක දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා ගිය අවශ්‍යතාවක් නියෝජනය කරනවා. ඒ තමයි සුදුසු මිනිසුන් පාලනය සඳහා පත් කර ගැනීමේ අවශ්‍යතාව.
මෙයට එරෙහිව සිදු වන දෙය තමයි පවුල්, ඥාති සම්බන්ධතා මත පුද්ගලයන් පාලනය සඳහා පත් වීම. ලංකාවේ මෙය පවතින්නේ උපරිම මට්ටමක. රාජපක්ෂ පවුල ගැන කියන්න ඕනැ නැහැනේ. ජවිපෙ වැනි පක්ෂ කීපයක හැර සෙසු පක්ෂ හැම එකක ම පාහේ තිබෙන්නේ ඥාති සම්බන්ධතා මත දේශපාලනයට තේරී පත් වීමයි. ලංකාවට කෞශල්‍යතන්ත්‍රවාදයක අවශ්‍යතාව දැඩිව තිබෙනවා. එහෙම නැතිනම් දේශපාලනයේ සැබෑ කුසලතා ඇති අයට තේරී පත් වීමේ හැකියාවක් ඇති වන්නේ නැහැ.
ඉන්දියාවේ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ලද ජයග්‍රහණය එක්තරා ආකාරයකට ගාන්ධි පවුල්වාදයේ පරාජයක් ලෙස සලකුණු කරන්නට පුළුවන්. පවුල්වාදයක් පරාජය කළ පමණින් ම කෞශල්‍යතන්ත්‍රවාදය තහවුරු වෙන්නේ නැහැ. එය තහවුරු කරන සාරයක් දේශපාලන දේහය තුළ තිබිය යුතුයි. බටහිර සංවර්ධිත රටවල මෙය යම් තරමකට තහවුරු වී තිබෙනවා. බරක් ඔබාමා වැනි පිටස්තරයකුට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් වන්නට ලැබෙන්නේ මේ කෞශල්‍යතන්ත්‍රවාදී පදනම නිසායි. හැබැයි, කෙනඩි, බුෂ්, ක්ලින්ටන් වැනි පවුලුත් එරට මතු වී තිබෙනවා.
පවුල්වාදී දේශපාලනය ආසියාවේ සුලබයි. පකිස්තානයේ බුට්ටෝ පවුල, බංග්ලාදේශයේ මුජිබර් රහමන් පවුල, මාලදිවයිනේ ගයුම් පවුල, නේපාලයේ කොයිරාල පවුල, බුරුමයේ අවුන් සාන් හා නේ වින් පවුල, මැලේසියාවේ මහතීර් පවුල, තායිලන්තයේ ෂිනවත්‍රා පවුල, පිලිපීනයේ අකිනෝ පවුල හා මාකෝස් පවුල, සිංගප්පූරුවේ ලී පවුල ආදී පවුල් දේශපාලනයන්ට ආසියාව ප්‍රසිද්ධයි.
පසුගිය දිනවල ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්දුනීසියාවත් සුහර්තෝ, සුකර්ණෝ හා වාහිඩ් පවුල් පාලනයන් පැවති රටක්. පසුගියදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ජය ගත්තේ පවුල් පසුබිම්වලින් නොව කුසලතාවෙන් ඉදිරියට ආ පුද්ගලයෙක්. ඔහුගේ නම ජෝකෝ විල්ඩෝඩෝ හෙවත් ජොකොවි. ඔහු අතින් පරාජය වුණේ හිටපු ජනාධිපති සුහර්තෝගේ දියණියගේ ස්වාමි පුරුෂයා වන ප්‍රබෝවෝ සුබියැන‍්ටෝයි. ඔහු හිටපු හමුදා ජනරාල්වරයෙක්.
දූෂණ හේතුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අවලංගු කළ යුතු යයි ප්‍රබෝවෝ ඉල්ලා සිටියත්, එරට මැතිවරණ කොමිසම එය ප්‍රතික්ෂේප කළා. ලොව දෙවන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයෙන් ජොකොවි තේරී පත් වුණේ වැඩි ඡන්ද ලක්ෂ 80කිනුයි.ඔහු ප්‍රකාශිත මුළු ඡන්දවලින් 53%ක් ලබා ගත්තා.
ජොකොවි ඉතා දිළිඳු පැල්පත් සමාජයකින් පැවත එන කෙනෙක්. ජනාධිපති පදවියට පත් වන්නට පෙර ඔහු ජකර්තාහි ආණ්ඩුකාරවරයා වුණා.
ඉන්දුනීසියාව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි රටක්. එහෙත්, ජනගහණය අතින් ලොව සිව්වන ස්ථානයේ සිට ඉන්දුනීසියායේ මිලියන 100ක් ජනයා දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකින් ජීවත් වන දිළින්දෝයි. මහජන හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ජොකොවි පොරොන්දු වී තිබෙනවා.
මෙම මැතිවරණය පැවැත්වෙන විට ජනාධිපති පදවියේ සිටින්නේ සුසිලෝ බැම්බැන් යුධොයොනෝයි. ඔහු දෙවරක් ජනාධිපති ධුරයේ සිටි නිසා ඔහු දැන් විශ්‍රාම යා යුතුයි. ජනාධිපතිවරණයේදී ජොකොවි අතින් පරාජය වුණේ කුමන ආකාරයේ පුද්ගලයෙක් ද කියන කාරණය වැදගත්. ප්‍රබෝවෝ කියන්නේ 1998දී මහජන උද්ඝෝෂණ මගින් බලයෙන් පහ කරන ලද ජනාධිපති සුහර්තෝගේ බෑණා. ඔහු ව්‍යාපාරිකයෙක්. එසේම හිටපු හමුදා නිලධාරියෙක්. ඔහුට එරෙහිව තිබෙන යුද අපරාධ චෝදනා නිසා ඔහු ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල නිල නො වන ගමන් තහනමකට ලක් වී සිටින අයෙක්.
සුහර්තෝ බලයෙන් පහ කිරීමෙන් පසු රටේ සිදු වෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙසයි දේශපාලන ප්‍රභූන් වෙනුවට ජොකොවි වැනි කෙනෙකුට ජනාධිපති ධුරයට පත් වී මේ හැකියාව ලැබෙන්නේ.
- ජනරළ 2014-08-03
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

අපේ රටෙත් රාජපක්ෂ ක්‍රමය වෙනස් කරන සටන ඇරඹිලා තියෙන වග පැරා කලින් අපිව දැනුවත් කළා. ඒ අනුව අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල සුබ ලකුණු දෙස බලමින් ඉන්නවා. පොදු අපේක්ෂකයා විධායක බලය අහෝසි කරමින් තනතුර හැර ගිය පසු අපිටත් කෞශල්‍යතන්ත්‍රවාදී නායකයකු පත් කර ගැනීමට පුළුවන්. ඒ සඳහා අපි දැන්ම සුදානම් විය යුතුයි.ජෝකොවී ජනාධිපති පදවියට පත් වන්නට පෙර ඔහු ජකර්තාහි ආණ්ඩුකාරවරයා වුණා. අපිත් අපේ අංකුර නායකයා සොයාගෙන ඔහු සුදුසු තනතුරකට පත් කල යුතුයි.
ReplyDeleteවිධායක ජනාධිපතික්‍රමයට වඩා අගමැති ක්‍රමයකදි දක්ෂ මිනිස්සු ඉස්සරහට එනව.සුළු ජාතිකයෙකුට වුනත් අගමැති වෙන්න පුළුවන්.ඒත් ජනාධිපතික්‍රමයකදි පුද්ගලයා දේවත්වයට පත්වෙනවා.
Deleteලංකාවෙ කිසිම පොදු අපේක්ෂකයෙක් විධායක ක්‍රමය වෙනස් කරන්නෙ නෑ.බොරු කිය කිය වාර දෙකම ගන්නවා.18 වැනි සංශෝධනයට අනුව දිගටම ඉන්නත් ඉඩ තියෙනවා.
Deleteදැක්කනේ මධ්‍යම පලාතෙන් පලා බබා එකට් දාපු අලි පාටියේ නඩු කාරයට උන දේ.. අපේ රටේ හරක්ට එළදෙනුනට ගැලපෙන්නේ හරක් සහ එළදෙන්නු මිසක්, උගත් වැදගත් මිනිස්සු නෙමෙයි..
ReplyDeleteහරක් එළදෙන්නු වැඩවසම්වාදයෙන් ගලවගන්න එකයි යමක් කමක් තේරෙන අයගෙ කාර්යභාරය.වැරදි වෙලාවක කවුරු දැම්මත් වැඩක් නෑ.ජනතාවට කාරුණිකව දේශපාලන දැනුම දෙන්න ඕන.සමහර අය ඉන්නව රටට ගැලපෙන්නෙ හමුදා ආන්ඩු,රාජාන්ඩු කියල කියන අසරණයො.මේ අයට අනුකම්පා කිරීම හෝ අනේ අපොයි කීම නොවෙයි ඔවුන් වැටිල ඉන්න ප්‍රපාතයෙන් ගලවගන්න එකයි අවශ්‍ය.
Deleteඇනෝ, නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත. ප්‍රමාණාත්මකව ඔබ කියන අසරණයෝ/ මාතලන් කියන හරක් සහ එලදෙන්නු වැඩි වුනාම ඔබට සිද්ධ වෙනවා ඔවුන්ගේ කැමැත්තට ඉඩ දෙන්න. සුළුතරයට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න.
Deleteසෙමෙන් වුනත් මේ සුළුතරය වර්ධනය වෙනවා.ඉස්සර ඉඩමක් දුන්න කියල සමහරුන්ගෙ පින්තූරවලට උදේ හවස මල්පූජ කළාලු.දැන් රැකියා දුන් අයත් චන්දෙ දෙන්නෙ නෑ.ඒත් 1977 දි රැකියා දුන අය කෙළෙහිගුනේ තිබ්බ.සමහරු මේක නරක දෙයක් ලෙස දුටුවත් මම දකින්නෙ අපේ සමාජයත් වැඩවසම්වාදයෙන් මිදෙමින් තිබෙනවා කියන එකයි.2025 පමන වන විට අපේ සමාජය නූතන සමාජයක් වෙයි.
Deleteඅපේ රටේ ජොකොවි වගේ නායකයෙකු බිහිවෙන්න තව අවුරුදු 50ක් වත් යයි.මිනිස්සු තවම ඉන්නේ වැඩවසම් මානසිකත්වයකින්. පවුල්වාදය හැම ලෙවල් එකේම ඔඩු දුවලා. දේශපාලනයේ විතරක් නෙවේ.
ReplyDeleteඒත තමයි අපේ රටේ මිනිස්සු ඉන්නෙ වැඩවසම් මානසිකත්වයක.කීමට කිව්වට මේක ධනපති රටක් නොවෙයි.වැදනමස්කාර කරන්නන් ඉන්නෙ.
Deleteමේ ලිපියෙ රටවල් කීපයක් උදාහරණයට ගත්තට ලංකාවෙ හා ඉන්දියාවෙ වගෙ ගද ගහන මුස්පේන්තු අවලම් පවුල්වාදයක් කොහෙවත් නෑ.බුෂ්ලගෙ කිලින්ටන්ලගෙ වැඩිම වුනොත් දෙන්නනෙ.ඒත් සීමිත කාලයකටනෙ.ශ්‍රීලනිපය වගෙ පක්ෂ බදු අරන් රෝදපුටුවෙන් ගියත් පවුලෙන් පිට එකෙකුට දෙන්නෙ නැතිව හිටියනෙ.ඉන්දියාවෙත් එහෙමමයි.ගාන්ධි කියන අකුරු තුනට චන්දෙ දෙන්නෙ.මොන විකාරයක්ද
ජාතිකත්වය කියන එක අවසන් වෙන්නෙ රජෙකුගෙන්.රජෙක් ඉන්නෙ ජාතියකටනෙ.මේ රටේ වැඩවසම් ප්‍රජාව ට පක්ෂයක් නැතිව තිබුනෙ.ඒ අඩුව බන්ඩ පිරෙව්ව.බන්ඩල තොලොන්ජි වුන එක නම් ලොකු දෙයක්.
ReplyDeleteපවුල්වාද කෘතිමව නිර්මාණය කරන්න බෑ.කෙනඩි පවුල ඇරුනම ආසියාවේ හැම පවුල්වාදයක් ගෙනා පවුලක්ම සම්ප්‍රදායික රදලයන්.කෙනඩි පවුල තිබුනෙත් ඇමරිකාවෙත් නොදියුණු යුගයක කියමුකො.අනාගතයෙදි නම් පවුල්වාදය දුර්වල වේවි.ලෝකය වේගයෙන් වෙනස් වෙනව.අහවල් පවුලෙ අයට විතරක් කරන්න පුලුවන් වැඩ කියල ජාතියක් නෑ කියල මිනිස්සු තේරුම් ගන්නවා.
පැරකුම් කියන විදියටම එක් අයෙක් විසින් කරනවායැයි කියන දේවල් වලට බොහෝ පිරිසක් දායක වෙලා ඉන්නව.ඒත් ඒ සියල්ල බැහැර කරල එක මිනිහෙක් මුතුකුඩේ යටින් ගෙන යනව.
මිනිස්සු තේරුම් ගනීවි සියල්ල වැඩකරන ජනතාවගෙ ජයග්‍රහන මිස එක එකාගෙ පින් බලය නොවන බව.ඉස්සර වැව් දාගැබ් හදපු ජනතාව කුසගින්නෙ දිවා රෑ වැඩ කරන්න ඇති.රජා කියන මිනිහ අන්තහ්පුරේ සීමැදුරු කවුලුවෙන් වැඩ බලන්න ඇති.පොත්වල තියෙන්නෙ අර රජා මේක කළා මේ රජා මේක කළා.කිසිම කාර්යයක් තනි එකෙකුට ක්‍රෙඩිට් දෙන්න පුළුවන් ඒව නොවෙයි.
පවුල්වාදයටත් හේතුව ගැලවුම්කාර මානසිකත්වය.ඒ කියන්නෙ හීනමානය.
වැඩි දෙනෙකුට අවස්ථාව ලැබෙන ක්‍රමයක් අවශ්‍යයි.
ඔබගේ මතවාදයට එකඟයි. ඒත් ඔය සිහිනය ඔච්චර සුන්දර නෑ. කෙනඩි පවුල ඉන්න කාලේ ඇමරිකාව නොදියුනුද කියන්න මම දන්නේ නෑ. ඒත් පැරා මේ ලිපියේම මතක් කරලා තියෙන බුෂ් සහ ක්ලින්ටන් පවුල බොහොම මෑතක උදාහරණ. බ්‍රිතාන්‍යයේත් මිලිබෑන්ඩ් පවුල ඉන්න බව අමතක කරන්න එපා. ආසියාවෙ විතරක් නෙවි බටහිරත් පවුල්වාදයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා නෑ.
Deleteබුෂ්ලගෙ තාත්තයි පුතයි ආව.ක්ලින්ටන්ලගෙ නෝනයි මහත්තයයි ආව.එච්චරයි.මිලිබෑන්ඩ්ලගෙ අයියයි මල්ලියි ආව.එතනින් ඉවරයි.ඒත් දකුණු ආසියාවෙ පරම්පරාවෙන් පරම්පරාවටම යනවනෙ.දකුණු ආසියාවෙත් බංග්ලාදේශයෙ හා මාලදිවයිනේ මේක දිගට යන එකක් නෑ.මියන්මාරයෙත් අවුන්සාන් ගෙන් ඉවරයි.තායිලන්තයෙ අයියයි නංගියි මිස ඉන් එහා යන්නෙ නෑ.අන්තිම මුස්පේන්තු ගදගහන පවුල් දේශපාලනය තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි.
DeleteHilary Clinton started politics before Bill, She paused her political life to give way for her husband. Clinton family should not be quoted for nepotism or passing the batten along blood lines.
Deleteකෞශල්‍යතන්ත්‍රවාදී ලෙස නෑබඩ ප්‍රදේශයේ වෙසෙන පාඨශාලාචාර්යවරයකු මේ රටේ නායකත්වයට පත්කර ගත යුතුයැයි මා යෝජනා කරනවා.
ReplyDeleteහොඳ කොමෙන්ට් එකක්.වලව්වෙන් වලව්වට බලය හුවමාරු වෙන්නෙ නැතිව නෑබඩ පාඨශාලාචාර්යවරයටත් ඒ තැනට යන්න පුලුවන් වෙන්න ඕන.
Deleteපවුල්වාදය හා රදලවාදය හැකිතාක් අධෛර්යකරන ක්‍රම සොයා ගත යුතුය.දිස්ත්‍රික් සභා ක්‍රමයක් ගැන සිතන්න.හැම දිස්ත්‍රික්කයකටම ආන්ඩුකාරයෙක් පත් වෙයි.එවිට දෙමළ ආණ්ඩුකාරවරු පහක් හෝ හයක් පත්වෙයි.මුස්ලිම් ආන්ඩුකාරවරු දෙන්නෙක්වත් පත්වෙයි.කතෝලික ආන්ඩුකාරයෙක්ද පත්වීමට ඉඩ ඇත.අගමැති තනතුර හිමිවන්නේ මේ ආන්ඩුකාරයෙකුටය.රටේම ජනතාව තරාදියේ එක පැත්තකට දමා අනෙක් පැත්තට එක මිනිහෙක් දාන විධායක ජනාධිපතික්‍රමයට වඩා සාධාරණය.ඩොනමෝර් කාරක සභා ක්‍රමය බලන්න .එවැන්නකින්ද පවුල්වාදය අධෛර්ය කෙරේ.
ReplyDeleteජනතාවගේ හීනමානය නැතිකරන එක අමාරු නිසා වෙනත් විකල්ප හෝ අවශ්‍යය.
මුලතිව් වගේ 25 ගුනයක් මිනිස්සු ඉඔන්න කොළඹටත් එක ආණ්ඩු කාරයයි! හොඳයි ඈ? දෙමළ බෙදුම්වාදී න්‍යාය පත්තරේ එළට වැඩ.
Deleteවලව්වෙන් වලව්වට මාරුවෙන ලංකාවෙ දේශපාලනය තුල යම් වෙනසක් කළේ ප්‍රේමදාස විතරයි.ඩී.බී පවා මොකක්ක්ද වලව්වකට සමබන්ධලු නේද?
ReplyDeleteමෙහිදී ආගමික නායකයො ජාතිවාදෙ ආගම්වාදෙ අවුස්සන්නෙ ඇත්තටම පවුල්වාදෙ රැකගන්නයි.පූජකයො කියන්න අපේ මිනිහෙකුට දෙන්න කියල.ඒ අපේ මිනිහ ඇත්තටම අපේ මිනිහෙක් නොවෙයි පූජකයන්ගෙ මිනිහෙක්.රදලයෙක්,පවුල්වාදියෙක්.මිත්‍යාව සමාජගත කිරීමෙනුත් රට නවතින්නෙ වැඩවසම් අන්දකාරෙ.
මම දකිනව එජාපය තුල නූතනවාදී ප්‍රවනතාවයක්.ඒක හොදයි.
පසුගිය පළාත්සභා මැතිවරණ ප්‍රතිපල අනුව කලුතර හා මාතර දිස්ත්‍රික්ක හැර සියළු දිස්ත්‍රික්කවල පවුල් වලින් දාපු එවුන්ගෙ මනාප අඩුවෙලා.ඒක හොඳ ප්‍රවනතාවයක්.නිළියො පරාදවීම ගැනත් සතුටුයි.ඒත් ජනතාව තවදුරටත් සංවර්ධනය විය යුතුයි.
ReplyDeleteගම්පහ - හර්ෂණ
Deleteකොළඹ - හිරුනිකා
ගාල්ල - ඉසුරු
කුරුණෑගල - ජොහාන්
හම්බන්තොට - අමිල
අපේ රටේ ගොං හැත්ත මේ දීල තියෙන්නේ උන්ගේ පරම්පරාවට නෙමෙයි නම් මුන්ගේ ඔය අද පැරා කියපු මොකක්ද එකටද?
ලංකාවටත් මේ meritocracy නැඹුරුවෙන් ගැලවෙන්න බෑ
ReplyDeleteඅපේ නායකයින් හා ප්‍රතිපත්ති
අපි හැදිය යුතුයි
ඌව, හා ජනපතිවරණය ගැන එතරම්ම කරදර විය යුතු නොවේ
අලුතෙන් පත් උනත්
මොකද ඔය හිටිය අය ගැන අපි නොදන්නවයෑ
මෙය නොනවතින ගමනකි
අඟලෙන් අඟල ඉහලට!
අවසන් මොහොතේ
ජනපති ක්‍රමය මහින්ද ජනපති විසින් අහෝසි කලොත්
අර සෝභිත හිමියන්ගේ පෙරමුණට මොකද වෙන්නේ
යන එන මං නැති වෙනව
ඒ මොකද,
වෙනත් ප්‍රත්තියක්, වැඩ පිළිවෙලක් නොමැති නිසා!
සමහරු අපේ සමාජය ගැන ඍනාත්මකව හිතනවා.ඒත් 2014 කියන්නෙ 1814 නොවෙයි.එදා තිබුන වැඩවසම් සමාජයම නොවෙයි අද තියෙන්නෙ.දවසින් දවස වෙනස් වෙනවා.ඌව චන්දෙ ජනාධිපතිවරණය නොවෙයි ඉදිරියෙදි දක්ෂයන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයක් එයි.හිනාව,වාචාලකම,කපටිකම,බොරුව හොරකම වෙනුවට උසස් ගුණාංග දේශපාලනයට අවශ්‍ය වන යුගයක් ඒවි.
Deleteමට පෙනීගොස් තිබෙන ආකාරයට අප විසින් මුහුන දී තියෙන ලොකුම ප්‍රශ්ණය දේශපාලය කරන පවුල් කියන දේම නෙමෙයි..සැබෑලෙසම දක්ෂ නොවූ බලෙන් පිම්බී සිටින නිළධාරී, ව්‍යාපාරික, ධනවත් පිරිසක් අතර සමාජයේ ආධිපත්‍යය නතුවීම. ඇත්තටම රාජපක්ෂවරු යම් කිසි ගසාකෑමක් කලා වුනත් ඔවුන් දක්ෂ ව්‍යාපාරිකයින් බවට පත්වුනා නම් රටට මේ තරම්ම දැනෙන්නෙ නැහැ. අඩුතරමෙ ඔවුන්ගේ ව්‍යාපාර වලින් හරි රටට ආදායම එනවා. නමුත් ඔවුන් පරිපාලනයේදී වගේම ව්‍යාපාර වලදිත් අසාර්ථකයි..(මෙතනදි ව්‍යාපාර කියන්නෙ කොමිස් ගැහිල්ල නෙමෙයි)..දේවාල වගේ තියෙන කීර්ථිමත් රාජ්‍ය ආයතන වල ඉන්න දේවාල කපුවො ටික එළියට වැටෙන්න ඕනි..ඒවා අලුත් තරුණ පරපුරේ නිර්මාණශිලි ක්‍රමවේද වලට යට වෙන්න ඕනි..ඒත් එහෙම වුනාම ඒම කරන ආන්ඩුව නැතිවෙනවා..ඛනිජ තෙල්, දුම්රිය, වරාය, ගුවන්සේවා, ආදි දේවලට දැන් ඒ ආයතනවල ඉන් පිංබතාල ටික එලවලා වැඩකරන්න දක්ෂ මිනිස්සු පත්කරාල ප්‍රතිව්‍යුහගත කලොත් මොකද වෙන්නෙ? අර ලක්ෂ ගනන් පඩි ගන්න හොර කම්කරු නලේ කොළඹ පාරවල් වලට බැහැල ආන්ඩුව පෙරලනවා.. හැමෝම කල්පනා කරන්නෙ උඩ ඉන්න රාජපක්ෂ එලවලා වෙන කාරුහරි දාල පොඩි ආතල් එකක් ගන්න විතරයි..සමාජය වටා පැතිරුනු පිළිකාවේ අනික් කොටස් ගැන හිතක් නැහැ...
ReplyDelete