සහෝදරයින්ගේ සහෝදරකම හා ජේ.ආර්.ලාගේ මොකක්ද එක

පසුගිය දිනවල මගේ සිත් ඇද ගත් තීරු ලිපියක් හා සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධවයි මෙය ලියන්නේ. මේ ලිපි දෙක එකිනෙකට සම්බන්ධ නැහැ.

හේමන්ත වර්ණකුලසූරියගේ තීරු ලිපියක ඔහු දිග කතාවක් කියනවා. එහි අරමුණ ජේ.ආර්.ගේ ගුණ වැනීමයි.

ආර්.පී. විජේසිරි කියන්නේ 1977 මහ මැතිවණයේදී හාරිස්පත්තුව බහු ආසනයට ස්වාධීනව තරග කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ මන්ත්‍රීවරයෙක්. ඊට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් ඩඩ්ලිගේ පැත්තේ සිට ජේ.ආර්.ට විරුද්ධව සටන් කළ කෙනෙක්.

මේ ආර්. පී. විජේසිරිට 1977 මහ මැතිවරණයේදී ආසනයක් දිනා ගන්නට හැකි වුණේ ඔහු උඩරට අඩු වරප්‍රසාදිත කුලයක් වූ පන්න දුරාව කුලය නියෝජනය කළ නිසායි.

එක් අවස්ථාවකදී විජේසිරි ප්‍රසිද්ධ රැස්වීමකදී ජේ.ආර්.ට තිත්ත කුණුහරුපෙන් පලු පැලෙන්න බනිනවා. රැස්වීම වාර්තා කළ පොලිස් නිලධාරියා මෙම කතාව පටිගත කර ගනිමින් වාර්තා කර ගන්නවා. පසුව විජේසිරිට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ජනාධිපතිට අපහාස කිරීම සම්බන්ධව.

විජේසිරි වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයකු පවා සොයා ගත නො හැකිව සිටියදී ඔහු වෙනුවෙන් පෙනී සිටින දැන් ජනාධිපතිගේ නීති උපදේශක ඩී. එස්. විජේසිංහ නීති තර්කයක් ගෙන එනවා, අපහාසයේ වින්දිතයා විසින් කරන ලද පැමිණිල්ලක් නොමැතිව අපහාස නීතිය යටතේ නඩුවක් පවරන්නට බැරි ය කියා. මෙම තර්කය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළත්, පසුව අභියාචනාධිකරණය එය පිළි ගන්නවා. විජේසිරි නඩුවෙන් නිදහස් වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා කරන්න හදද්දී ජේ. ආර්.ගේ ඉල්ලීම පිට එය නතර කරනවා. අක්කෝස සූත්‍රය උපුටා දක්වමින් ජේ. ආර්. කියන්නේ විජේසිරි තමන්ට කළ අපහාසය ඔහුට ම ආපසු යනු ඇති බවයි.

පසු කාලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී සභාවෙදී අනුර බංඩාරනායක විජේසිරිගේ කුලය මතක් කර ඔහුට අපහාස කරනවා. හාරිස්පත්තුව ආසනයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස් වන විජේසිරි පසුව කුණ්ඩසාලේ අතුරු මැතිවරණයට තරග කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. වැඩේ කියන්නේ ඒ සඳහා ඔහුට ආරාධනා කරන්නේ ජේ.ආර්. වීමයි.

මේ මැතිවරණයේදී විජේසිරිගේ ප්‍රතිවාදියා වුණේ එවකට තරුණ දේශපාලන නායකයකු වූ දි.මු. ජයරත්නයි. ඡන්දය පරදින්නට යන බව දැනුණු විජේසිරි ජේ. ආර්.ගෙන් ඉල්ලා සිටිනවා රැස්වීම් කීපයක් අමතන්නැයි කියා. ජේ. ආර්. කුණ්ඩසාලේ දවස් කීපයක් රැඳෙමින් රැස්වීම් අමතනවා. කවුරු වෙනුවෙන් ද? තමන්ට තිත්ත කතාවෙන් බැන වැදුණු විජේසිරි වෙනුවෙන්. අවසානයේදී විජේසිරි විශිෂ්ට අන්දමින් කුණුඩසාලයේ අතුරු මැතිවරණය දිනනවා.

දෙවෙනි අදහස ලයනල් බෝපගේ ගේ සම්මුඛ සාකච්ඡාවක තිබුණු එකක්. ඔහු කියන පරිදි ධනේශ්වර දේශපාලකයන්ට අර ජේ.ආර්.ලාට විජේසිරිලාට වගේ සමගි වෙන්නට තිබුණු හැකියාව වාමාංශිකයන්ට නැහැ.

ඔහු පෙන්වා දෙන පරිදි ලෝකයේ ම වගේ වාමාංශිකයන්ගේ පරම සතුරන් වන්නේ තමන් සමග සිට වෙන් වී ගිය අයයි. මේ සතුරුකම කෙතරම් ද කියනවා නම්, වාමාංශිකයන්ගේ පංති සතුරා සමග තිබෙන සතුරුකමට වඩා තමන් ළඟ සිට වෙන් වී ගිය අය සමග තිබෙන සතුරුකම ප්‍රබලයි.

මෙය හරිම විපරීත තත්වයක්. කලක් අමුඩෙයි පුකයි වගේ හිටපු සහෝදරයින් පසුව පෙනෙන්නේ නයාට අඳුකොළ වගෙයි. කතා කරන්නේ නැහැ. මූණ බලන්නේ නැහැ. දැක්කාම දත් මිටි කනවා. මරලා හිරේ යන්න තිබෙන බය නිසා ඉවසනවා.  නැතිනම් මාළු කනවා.

උදාහරණ හැටියට බාහුට වාසු වගේ. විජේ ඩයස්ට සුචරිත ගම්ලත් වගේ. ටිල්වින්ට විමල් වගේ. විමල්ට උදය කුමාර වගේ. දීප්තිට නිර්මාල් වගේ. ජවිපෙට පෙරටුගාමී පක්ෂය වගේ.

මෙහිදී මුලින් කියවෙන නම් තිබෙන අයට වඩා දෙවනුවට කියවෙන නම් තිබෙන අය මේ වෛරී ලක්ෂණය පෙන්වන්නේ අඩුවෙන්. එත් ඔවුන්ගේත් පැවැත්ම රඳා පවතින්නේ මුලින් නම සඳහන් කළ පාර්ශ්වය මත ම තමයි.

මේ හා සමාන තවත් මිනිස් ලක්ෂණයක් වන්නේ යාළු වෙලා ඉඳලා තරහා වෙන පෙම්වතුන් එකිනෙකාට වෛර කිරීමයි.

ඒත්, මිනිස්සු සංස්කෘතිකමය වශයෙන් දියුණු වන විට එකිනෙකා මත බලය පැතිරවීම වෙනුවට සාධාරණත්වය මත පදනම් වූ නිදහස් මිනිස් සම්බන්ධකම් වඩා වැදගත් බව තේරුම් ගන්නවා. එතකොට එක්ව ඉන්න බැරිව වෙන් වූ සගයන් සමග සම්බන්ධය ප්‍රතිඅර්ථකථනය කර ගන්න පුළුවන්.

සාමාන්‍ය මිනිස්සුන්ට කර ගන්නට පුළුවන් මේ දෙය වාමාංශිකයන්ට කරගන්න බැරි ඇයි? ඔවුන් අසාංස්කෘතික නිසා ද? තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද යුග පුරුෂයන් යයි සිතීමත් මේ අසාංස්කෘතිකකමේ ම ලක්ෂණයක්.

මම ශාස්තෘෘ නවකතාවේ මෙය හැඳින්වූයේ සමාජ භින්නෝන්මාදයක් ලෙසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Replies
    1. පැරකුම් පොත් මැදුර‍ෙන් ඔවදනක්August 12, 2014 at 6:18 PM

      ඔබත් අදම ශාස්තෘෘ නවකතාවේ පිටපතක් වෙන්කරවා ගන්න. පසුවිම පසුතැවිමට හේතුවිය හැකිය.

      පැරකුම් පොත් මැදුර
      මතුගම
      දු.ක : +94 775583470

      Delete
    2. මම තුන.

      Delete
    3. මම තුන නෙවි මගේ තුන කියපන්

      Delete
    4. A.N.O සරදියෙල්August 13, 2014 at 3:08 PM

      ඔබත් W3Lanka ජනප්‍රියම බොග කරවීමේ මහා පුන්‍යකර්මයට දායක වි මෙලොවදිම ආනිසංස ලැබගන්න. නිතර ඇවීත් කෙටිය හැකි ආතල්ජනක ලිපිපෙලක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

      Delete
  2. /තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද යුග පුරුෂයන් යයි සිතීමත් මේ අසාංස්කෘතිකකමේ ම ලක්ෂණයක්./

    සියයට පන්සියක් එකඟයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොව යුග පුරුෂයා වූ අපේ මාරයා අයියා දැන් බ්ලොග් ලිවීම නවතා දමා ඇති බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. මාරයා දැන් ලියන්නේ නැද්ද? මොකද සීන් එක?

      Delete
    3. මාරයා කොහොමද යුග පුරුෂයෙක් වෙන්නෙ?. ඌ දන්නෙ කඩේ යන්න විතරයි.

      Delete
  3. Replies
    1. උඹ ගණන් දන්නෙ නැද්ද?

      Delete
    2. තරහ ගන්න එපා. ඉක්මන් කෝපය සුදුසු නැහැ. නුඹ වෙලාව බලන්න ඉගෙන ගන්න. අනතුරුව වෙලාව සමග සසඳමින් ගණන් කරන්න. ස්තුතියි.

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
  4. ඕක ධනේෂ්වර-වාමාංශික වෙනසක් කියල හරියටම කියන්න තරම් උදාහරණ ප්‍රමාණවත් නෑ. වෙන විදියකට බැලුවොත් මෙහෙමත් ගන්න පුළුවන්. ඔය හැමෝම සුළුතර පක්ෂවල අයවලුන්. ඔවුන් සමාජය තුල අමාරුවෙන් එල්ලිලා ඉන්න උදවිය. උදාහරණයක් විදියට ජවිපෙට දැන් ඔය තියන විනය තියාගත්තෙ නැත්තං ඔවුන්ගේ පැවැත්ම වහාම අවසන් වෙනව. විමල් උදය කේස් එකත් ඒ වගේ එකක්.(අනිත් අතට විමල් සහ උදය දෙන්නම මේ වෙද්දි වාමාංශිකයි කියල කියන්න බැරි තරම් දකුණට ගිහිල්ල).

    ඔය කියන කේස් එක (ධනේෂ්වර) යූඇන්පියට හෝ ශ්‍රිලනිපයට නැත්තෙ ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ අභියෝගයක් මතුවෙලා නැති නිසා. ඉතිං ඇතිවෙන්න එහෙ මෙහෙ පැනීමේ/පිස්සු කෙලීමේ අයිතිය එයාලට තියනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත! "දේශපාලනයේදී සදාකාලික සතුරන් නැත" කියල කියන්නේ, "යූඇන්පියට හෝ ශ්‍රිලනිපයට දේශපාලනයේදී සදාකාලික සතුරන් නැත" කියන එකයි!

      - Dimithri

      Delete
  5. Oyadewana lipiya dekkama mata mathakwune,Rohana wijeweera sahodaraya saha GID Darmasekara athara thibunu wairayai,Rohana sahodaray1980 Ganan waladee Darmasekara gamata asanna Aluthgama nagaraye thibunu reswim 2-3dima Janathawata penuna Darmasekarath thamareswim waladi eyama kara Mathakai.(Paththagoda)

    ReplyDelete
  6. //මෙහිදී මුලින් කියවෙන නම් තිබෙන අයට වඩා දෙවනුවට කියවෙන නම් තිබෙන අය මේ වෛරී ලක්ෂණය පෙන්වන්නේ අඩුවෙන්.//

    //මේ හා සමාන තවත් මිනිස් ලක්ෂණයක් වන්නේ යාළු වෙලා ඉඳලා තරහා වෙන පෙම්වතුන් එකිනෙකාට වෛර කිරීමයි.//

    වෛරී ලක්ශනය වැඩිපුර පෙන්වන අයගැන නිරීක්ශනය තව ඉස්සරහට ගෙනගියොත්, ඇනලොගි එකක් දකින්න පුලුවන්.

    මේ ආකාර දෙකේදීම පාර්ශව දෙකක් ඉන්නවනේ. දේශපාලනයේදී නම් කඩාගෙන යන පාර්ශවය සහ ප්‍රධාන ධාරාව; ආදරයේදී නම් පොල්ල තියන කෙනා සහ පොල්ල තැබීමට ලක් වුන කෙනා.

    පෙම්වතුන් අතර බල අරගලයේදී (ඇත්තම කියනවනම් ආදරය කියන්නෙ පවර් ගේම් එකක් නේද?) හැමවිටම පොල්ල තිබ්බ කෙනා කියන්නෙ ජයග්‍රාහී පාර්ශවය. සයිකොලොජිකල් ඇඩ්වාන්ටේජ් එකක් එයාට හිමියි. මේක අදත් එදත් අඩුවැඩි වශයෙන් එහෙමයි. ඔබ දන්නා ඕනම ආදර කතාවක් ගන්න. ඒක එහෙමයි. පොල්ල තැබීමට ලක් උනේ කෙල්ල නම් එයා වැලහින්නක් වගේ තමයි තමන්ගෙන් හරි පලි ගනී (උදා: ඕන තරම් ) ඒක වුනේ කොල්ලාට නම් ඔහුගෙ ආගම පලිගැනීමයි: පින්තූර අන්තර්ජාලයට මුදා හැරීමේ සිට සමහර විට මිනීමැරීම දක්වා (උදා: ඇල්පිටියේ පෙම්වතා).

    දැන් දේශපාලනයේදී වෙන කඩාගෙන යාම් සලකලා බලන්න. මාර ඇනලොගි එකක්. අජිත්ගේ ලැයිස්තුවේ (අහම්බෙන් දෝ ) මුලින් කියවෙන නම් තිබෙන අය නියෝජනය කරන්නේ ප්‍රධාන ධාරාව (ඒගොල්ලා ප්‍රතික්‍රියා දක්වන්නේ ආදරයේදී හරියට පොල්ල තැබීමට ලක්වුනු කොල්ලා වගේ! (උදා: දීප්ති!: පින්තූර අන්තර්ජාලයට මුදා හරිනවා කියලා පවා තර්ජනය කලානේ!!!)

    සරලව කිව්වොත් මේ නම් හුදෙක්ම පරාජයක් (හෝ එසේ යැයි තමා සිතන දෙයක් ) දරා ගැනීමට බැරි වීමම නේද? එහෙම නැත්නම් වෙන සයිකොලොජිකල් මානයක් තියෙනවද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. දීප්ති කුමාර හදවතේ තද කරන ඉන්න 'සමාජවාදයට' තියෙන ආදරය අපහු පාරක් ත්‍රිමානේ දෝරේ ගලල තිබුනා,

      උපුටා ගැනීම ත්‍රිමානයෙන්.......,

      "කෙසේ නමුත් මේ වන විට විවිධ අකාරයේ මාධ්‍ය වාර්ථා වලින් කියවෙන්නේ කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නට අදහස් කරගෙන සිටින බවත්, දැනට ඔහුට ලංකාවට එන්නට ඇති නීතිමය බාධාවන් ඉවත් කරන්නට ජනාධිපති ලේකම් කාර්යාලය සමග සාකච්ඡා පවත් වන බවත් නොනිල ආරංචි මාර්ග ඔස්සේ විවිධ කතා පැතිරෙන්නට පටන් ගෙන ඇත. අනෙක් අතට ඔහු ඒ ආකරයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ මගින් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩි අවාසියක් ජනතා විමුක්ති පෙරමුණට අත්විය හැකි බවත් මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණත් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට සැළසුම් කරමින් සිටින බවත් වාර්ථා වෙනවා.''

      දීප්ති ඒ දවස්වලත් රනිල්ට ආදරේ කරලා පස්සේ නේද 'සමාජවාදයට' ආදරය කරන්න පටන් ගත්තේ? දැන් දීප්ති කියන්නෙත් පළමුව රනිල් වික්‍රමසිංහ දෙවනුව 'සමාජවාදය' කියලද ?

      Delete
    2. එහෙම කියන්න බෑ....දැන් බලන්නකෝ හෙල උරුමෙනුයි නායක කමෙනුයි අයිනකල චක්‍රවර්තී හාමුදුරුවෝ චම්පිකගේ පොතේ සමරු උත්සවේ වාඩි වෙලා හිටිය හැටි....

      Delete
  7. ඕක මම හිතන්නෙ දේශපාලනික කුහක කම.

    විජේ ඩයස් - සුචරිත වලිය. මේක නං අපි ඉස්සර සෑහෙන්න රස වින්ද. දෙන්නගෙන්ම ඉතාම වැදගත් දේශපාලන අදහස් එලියට පැන්න. පොත් පිංචවල් පවා ලියවුනා. මතක හැටියට ඕක පටන්ගත්තෙ සුචරිත එයාගෙ ගුරා වෙච්ච සරත්චන්ද්‍ර වෙනුවෙන් තියපු ‍රැස්වීමක UNP කාරයෙක් එක්ක එකට ඉඳන් කතාවක් කිරීම. UNP කාරයො සරත්චන්ද්‍රට කානුවෙ දාගෙන බයිසිකල් චේන් වලින් කෙලල ඊට පස්සෙ ගුන ගායනාත් කොලා. ධර්මිශ්ඨ සමාජය.. හෙහ්...හෙහ්.......

    ReplyDelete
    Replies
    1. විජේ වගේම පියසීලි නෝනත් ගම්ලත් එක්ක වාදනං කරානෙ ( පිටින් බැලුවම පවුලෙ ප්‍රශ්ණයක් වගේ අන්තිමට ඒක නිකන් ) :D

      Delete
    2. සුචරිත-විජේ ඩයස් වලියට UNP එකේ සම්බන්ධයක් නැහැ. සුචරිතට එරෙහි චෝදනාව: ප්‍රතිගාමියකු වූ ගුණදාස අමරසේකර ලියූ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු' කෘතියට හොඳයි කියූ සරච්චන්ද්‍ර වර්ණනා කිරීම.

      Delete
    3. විජේ ඩයස් කියන්නේ මේ රටේ සමාජවාදය පරිපාලනය කරන්න ඉන්න කෙනෙක්. අනිත් මිනිස්සු සමාජවාදය තුල කොහොමද ඉන්න ඕන කියන එක ඉතා නිවැරදිව හඳුනාගෙන ඔවුන්ව සමාජවාදී මාර්ගයේ යොමු කරනවා. එයා නම් ඉතින්....ඔය අපි වගේ කාලා ඇඳලා ඉන්නවා.

      Delete
  8. ජේ. ආර්. හොඳ මිනිහෙක් ද?

    ReplyDelete
    Replies
    1. හොඳ නැත්නම් මහින්ද මහත්තයා කුඩු කරයි නේ වෙලහකට.. ඔය හැම එකාම හොරෙන් වඳින්නේ ජේ ආර්ට.. කොටින්ම ජෙප්පො පවා..

      Delete
    2. බලය අහිමි අය අහිංසක චූටී හා පැටව් වාගේ නේද පැරකුම් සහෝදරයා ?

      Delete
    3. ජේ. ආර්. බලයේ ඉන්න කාලේ සහ ඉන්පසුව බලයේ නොසිටිය කාලේ මට ඔහුව පෙනුනේ රාස්සයෙක් විදියට. ඒ වුණත් මහින්දගේ ආණ්ඩුවේ වැඩ දැක්කහම නම් මට දැන් ජේ. ආර්. පෙන්නේ අහිංසක පූස් පැටියෙක් වගේ.

      Delete
    4. තාත්තා මට ඇනපු ටොක්ක..August 12, 2014 at 10:42 PM

      එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගේ තාත්තේ
      අද මට පෙනෙන්නෙ ඔබ දෙවියන් වාගෙ තාත්තේ /////

      ---ජිප්සීස්---

      Delete
    5. J R හොඳද කියල අහන උඹ හොඳද?

      ඒ මිනිහත් හොඳ නරක දෙකම තිබ්බ සාමාන්‍ය මිනිහෙක්. නරක ගැන උඹ දන්නවනේ. එක හොඳක් කියන්නම්.ළමයින්ට රජකම දීපු නැති එක.

      Delete
    6. @ Anonymous August 13, 2014 at 8:12 AM
      ජේ. ආර්. හොඳද කියලා අහන මම ඇත්තටම හොඳ කෙනෙක්.

      Delete
  9. power politics සහ moral politics යනු දෙජාතියක්ද ?
    අනේ..කවුරු හරි යුගපුරුෂයෙක් මට කියලා දීහල්ලාකෝ ...

    ReplyDelete
    Replies
    1. සුන්දර ඉංග්‍රීසි ලිපි පෙලේදී ඔය ප්‍රශ්නය මතු කිරීම වඩා උචිතයි.


      ඔබගේ භාෂා ඥානය ඉහල නංවාගැනීමට දැන් බොහෝ අවස්ථා තිබෙනවා. මොහාන් ලාල් ග්‍රේරු මහතාත් නිදහස් ඉංග්‍රීසි පාඨමාලා නමින් නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. අවශ්‍යනම් මුදල් ගෙවා සහභාගි විය හැකි පාඨමාලා විශාල ප්‍රමාණයක්ද මේ වන විට තිබෙනවා. එමගින්ද ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගත හැකියි.

      Delete
  10. "උදාහරණ හැටියට බාහුට වාසු වගේ. විජේ ඩයස්ට සුචරිත ගම්ලත් වගේ. ටිල්වින්ට විමල් වගේ. විමල්ට උදය කුමාර වගේ. දීප්තිට නිර්මාල් වගේ. ජවිපෙට පෙරටුගාමී පක්ෂය වගේ."

    ඉහත යුගලයන් වෙන් නොවි සිටියා නම්,

    #1.ලංකාවේ ඇති නැති පරතරය අඩු වෙනවද ?
    #2.ලංකාවේ ජාතිවාදි පසුබිම තුරන්වෙනවද ?
    #3.ලංකාවේ පොදු පහසුකම් වැඩි දියුනුවෙනවද?

    ReplyDelete
    Replies
    1. ලෝකය මැව්වේ අල්ලා දෙවියන් නම්

      #1. පිරිමියා මැව්වේත් අල්ලා දෙවියන්ද?
      #2. කොන මැව්වේත් අල්ලා දෙවියන්ද?
      #3. අල්ලා දෙවියන් මැවූ කොන කපන්න කියන්නෙත් අල්ලා දෙවියන්මද?

      ගොංපාට් එකක් වගේ නේද? උඹේ ප්‍රශ්නෙත් ඒ වගේ. දෙවියන්ව ප්‍රශ්න කරන්න කාටවත් බෑ.

      Delete
    2. මූතුර් - අනුරාධපුරAugust 13, 2014 at 11:37 AM

      උන්නැහේ වැරදි බස් එකකට නැගලා වගෙ

      Delete
    3. ඕක අර සුකර්බර්ග් කාරයාගේ වැරැද්ද, නානසාර මහත්තයගේ ෆේස් බුක් එකවුන්ට් එක වපු එකේ අතුරුපල. නාන සාරට ෆේස් බුක් දෙනු !

      Delete
  11. ඩොකියක් වද කහ එන්නත් කරගෙන පරලෝකප්‍රාප්ත වෙලා...
    අනේ සංසාරේ..... දුකේ...

    ReplyDelete
    Replies
    1. කරුනාකර මරණයක් ජෝක් කරන්න දෙන්න එපා.
      ඇනෝලටත් අවම Ethics තියෙනවා පැරා.

      Delete
    2. @AnonymousAugust 13, 2014 at 2:37 AM
      ඔය උඩ තියෙන මගේ කමෙන්ට් එක ඔයාට ජෝක් එකක් විදියට පෙනුණාට මට නම් ඒක ජෝක් එකක් නෙවේ. මේ පුවත ඇසීමෙන් මා පත් වුණු කම්පාව තමයි ඔය උඩ තියන මගේ කමෙන්ට් එකෙන් ප්‍රකාශ වෙන්නේ. OK?

      Delete
  12. අමුඩය සහ පුක අතර කිසිම සම්බන්ධයක් නොමැත. අමුඩයෙන් වැහෙන්නේ පක සහ දෙක පමණි.

    ReplyDelete
    Replies
    1. ඇයි පුකේ හිල? ඒක වැහෙනවනේ.

      Delete
    2. වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. පුක කුණුහරපයක් නොවන බවට කතන්දර ශූරින් මෙන්ම පැරකුම් ජයසිංහයන්ද පෙන්වා දී තිබුනද පාපිල්ල ඉවත්කළ විට කුණුහරපයක් ලෙසේ තවමත් සැලකේ.

      Delete
  13. ප්‍රධාන ධනවාදී පක්ෂ වල ඕක දකින්න පුළුවන් වෙන්නේ, එම පක්ෂ දෙක අතර නිතරම බලය මාරුවෙන නිසයි. බලය වෙනුවෙන් බොහෝ දේවල් අමතක කරන්න දේශපාලඥයෝ මැලි වෙන්නේ නෑ. "කලකදි රහ ලු කලකදි වහ වෙනවා ලූ - කලකදි වහ ලු කලකදි රහ වෙනවා ලූ" කියලා දිවයින පත්තරේ ඒ කාලේ ඔහොම මිත්‍ර වුණු නයි වෛරක්කාරයෝ දෙන්නෙක් ගැන මුල්පිටුවේ පින්තූරයක් දැම්මා. වාමාංශික පක්ෂ වලටත් බලය ලැබුණොත් ඔය තත්වය දකින්න පුළුවන් වෙයි. හැබැ‍යි දීප්ති සහ නිර්මාල් වගේ දෙන්නෙක් ගත්තොත්, එතන ඊට වඩා වැඩි වෙනසක් තියනවා කියලා මට හිතෙනවා. ඔවුන්ගේ වෙන්වීම සිද්ධ වෙන්නේ දේශපාලන භාවිතය, මතවාද පිළිබඳ ගැටළු නිසා. ඒ නිසා මතවාදී එකඟතාවයකින් තොරව, බලය නිසාම එකතුවෙයි කියලා හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ....දැන් බලන්නකෝ හෙල උරුමෙනුයි නායක කමෙනුයි අයිනකල චක්‍රවර්තී හාමුදුරුවෝ චම්පිකගේ පොතේ සමරු උත්සවේ වාඩි වෙලා හිටිය හැටි....

      Delete
  14. අනෙක් අය ගැන නම් එච්චර අවබෝධයක් නෑ. ඒත් ජවිපෙ ගැන නම් ඔය කතන්දරේ 100% ක් ඇත්ත. ජවිපෙන් වෙන් වෙලා ධනපති දේශපාලනයට ගිය අය (විමල් වගේ) ගැන එයාලට අවුලක් නෑ. ඒත් ජවිපෙන් කැඩිලා කවුරු හරි වමේ දේශපාලනේම කරනවනම් එයාලට ලේසි වෙන්නෙ නෑ. අනිවාර්යයෙන් නැති වෙන්න ගහනවා. ඒ විතරක් නෙවෙයි ජවිපෙ හිතාගෙන ඉන්නෙ එයාල විතරයි මේ රටේ ඉන්න වම්මු කියල. එයාලගෙ 3 වන පන්තියට අනුව එයාල හැර අනෙක් ඔක්කොම වාමාංශිකයො මෙන්ෂෙවික්. හැබැයි එහෙම කියපු ජවිපෙ 2004,2005,2010 කාලෙ කරපුව ගැන කියල වැඩක් නෑ. විශේෂයෙන්ම පෙරටුගාමීන් වෙන් වුණාට පස්සෙ ජවිපෙ ඇත්ත හෙලුව හොඳටම පෙනුනා( හැබැයි අද ජවිපෙට ඡන්දෙ දෙන්න සෙට් වෙන ගොඩ දෙනෙක් මේක දන්නෙ නෑ.) කාලයක් තමන් එක්කම වැඩ කරපු සගයින්ට අතපය කැඩෙන්න ගහන එක, එයාලගේ බයික් උස්සන එක සහ ගිනි තියන එක, ගෙවල් වලට ගල් ගහන එක පෙරටුගාමීන්ගෙ පෝස්ටර් ඉරන එක(අදටත් මේක නිර්ධන පන්තිය වෙනුවෙන් ජවිපෙ කරන ඓතිහාසික(?) කාර්යභාරයක්- එහෙමයි පහලට මේක කියල දෙන්නෙ)

    ReplyDelete
  15. දැන් ඉතින් ජවිපෙ දැක්ම කියන්නෙ අනුරගෙ දැක්මනෙ. ඒකනෙ “ අපේ දැක්ම “ සම්මන්ත්‍රණයට අනුරගෙ ෆොටෝ එක දාන්නෙ. කොහොමටත් අනුර, ජවිපෙ වලපල්ලට ගෙනියන එක හොඳටම කරයි. පව්.... ජවිපෙ එක්ක සමාජ ක්‍රමය වෙනස් කරන්න ගිහිල්ල මැරිච්ච එවුන්

    ReplyDelete
    Replies
    1. /පව්.... ජවිපෙ එක්ක සමාජ ක්‍රමය වෙනස් කරන්න ගිහිල්ල මැරිච්ච එවුන්/

      එතකොට ඒ ගොං හැත්ත මරපු අහිංසක මිනිස්සු. උන් එපා කියපු දවසේ කඩ ඇරපු මුදලාලිලා, බස් දුවපු ඩ්‍රයිවර්ලා, එපා කියද්දී චන්දෙ දාන්න ගිය චන්ද දායකයෝ සහ රස්සාවට චන්දපොල පවත්වන්න ගිය රජයේ සේවකයෝ උන් පව් නැද්ද?


      Delete
    2. ඇයි ඒදවස්වල යු.එන්.පියේ හිටපු මරි, මෝඩ, තකතීරු, ම්ලේච තකතිරුවෝ ටික 60,000 වඩා ටයර් උඩ යැව්වා කියන එක ලියන්න අමතක උනාද ?

      Delete
    3. අනේ මගේ චූටි පුතේ, මම ඔයා පුක දෙන පැරා මාමාට බැන්නා කියල වැරදියට තේරුම් ගන්න එපා.

      60,000 වඩා ටයර් උඩ යැව්ව යු.එන්.පියේ හිටපු එවුන් මරි, මෝඩ, තකතීරු, ම්ලේච තකතිරුවෝ තමයි.

      මම කිව්වේ "ජවිපෙ එක්ක සමාජ ක්‍රමය වෙනස් කරන්න ගිහිල්ල මැරිච්ච ගොං හැත්ත" විතරක් නෙමෙයි පව් කියලා.

      මම කියපු මිනිස්සුන්ව මරපු JVP මෝඩ බූරුවෝ සහ ඔයා කියන මිනිස්සුන්ව මරන්න ගිහින් මැරිච්ච UNP මරි, මෝඩ, තකතීරු, ම්ලේච තකතිරුවෝ පව් කියල මම නම් කියන්නේ නැහැ. උන් මැරිච්ච එක හොඳ වැඩේ.

      අංගුලිමාල රහත් උනත් එයා මරපු මිනිස්සුන්ට පන ආවේ නෑ. ඒවගේ ඔයාගේ පැරා මාමාත් කරපු ගොං වැඩවල ප්‍රතිපල තවම විඳවන මිනිස්සු ඉන්නවා. ඔයාගේ පැරා මාමට අද තියෙන මොලේ එදා තිබ්බනම් සමහරවිට ඔයා කියන 60,000 විතරක් අනිත් ඔක්කොමලත් ජීවත් වෙන්න තිබ්බා.

      Delete
    4. අනේ ලොක්කෝ උඹ ඕන එකකුට බැන ගනින්. උඹේ ...කේ තෙල් බේරෙන එකේ ඇරියස් එකට රටේ ලෝකේ මිනිස්සුන්ට කුණු කථා කිවුවාම මට පුකද ? උඹ පුක දෙනවා කියන්නේ මොනවගේ දේකටද ? උඹ දැනට දශකයකට විතර කලින් ගෑනිත් එක්ක sex කලෙත් ඔන්ලයින්ද ( උඹ වගේ බයියන්ට ඒ දවස්වල මොන ඉන්ටර්නේට්ද නේ ?).

      මට කියන්න ඕන උනේ උඹ වගේ මැන්ටල් ඩයල් කොමෙන්ට් දාන කොට ඉතිහාසයේ සිදුවීම් වලින් උඹට ඕන කෑල්ල විතරක් දානවා කියන එක. උඹට කඩ ඇරපු මුදලාලි මතකයි, හන්දිවල ටයර් දාපු 60,000 අමතකයි! වයසටද ? මම කලේ උඹට අමතක වෙචච එක මතක් කරපු එක.

      උඹ වගේ කොහේටවත් නැති නපුංසක අවිහිංසා වාදියෝ ( ඇට වැල අතේ, බලන්නේ වැල) නිසා තමයි රටට මේ කෙලිය වෙලා තියෙන්නේ. උඹට අවුල තියෙන්නේ හන්දියේ මිනී පිළිස්සෙන පුළුටු ගද එනකොට ...ක නගින්නේ නැතිඑක. නැත්නම් මේ සතියේ වැල පත්තරේ ගන්න නැති එක ( මුදලාලි මරල ). උඹ සමාජ වෙනසකට මිනිස්සු මාරා ගන්න කොට ඇට වැල ගැන ගැනනේ හිටියේ, දැන් මොකෝ පත්තු උනේ. උඹ වගේ පොට්ට කාසි වලට පුළුවන් වැඩේ වෙලා අවුරුදු බර ගානකට පස්සේ ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන්න තමයි.

      තව දිගටම කොමෙන්ට් දාපන්, කොමෙන්ට් දාල කොමෙන්ට් දාල මහින්දයවත් එලවමු ( ආ සොරි ඌව තියා ගමු)!!

      Delete
    5. @AnonymousAugust 13, 2014 at 2:59 PM
      හොරා ඔයා චන්දන කස්ත්‍රිආරච්චි නේද ? අර මිණි පෙන්නන ප්‍රදර්ශනේ ආපහු තියමුද? අපි හඩ්සන් ටත් එන්න කියමු !

      Delete
    6. චන්දන....චන්දන.....!!

      "නාම්පමුණුව මිනීමරුමට චෝදනා ලද හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කස්ත්‍රිආරච්චි මිනිමරුමෙන් නිදහස් වුවා පමණක් නොව රත්මලාන ප්‍රධාන සංවිධායක තනතුරෙන්ද පිදුම් ලැබුවේය. සරසවි සිසුවෙකුගේ වූ ත්‍රීමා විතාන ගේ හිසට පරාල ඇණ ගැසූ සුසන්ත පුංචිනිලමේ අද නියෝජ්‍ය අමාත්‍යවරයෙකි."

      Delete
    7. නෑ බන් මම රාජිත,

      අපිදෙන්න ඉතින් අයියයි මල්ලියි වගේ තමයි ඒ උනාට මගේ ලයින් එක "ප්‍රා".

      " ප්‍රා" රාජිත

      Delete
    8. හෑ... හෑ ...... හිනා යනවා ඔයි. නේද අයියා!!!

      ගෝඨාබය R .

      Delete
    9. මේ අංකල්ලා තමයි අර ඕනෑම දේකදී වැට උඩ ඉඳගෙන දෙපැත්තටම චු කරන කට්ටිය. මේ අය කාසියක් උඩ දැම්මාමත් කෙලින් අතට බිම හිටවෙනවා !

      Delete
  16. මෙහි ඇති කරුණුවලට අමතරව- සුචරිත/විජේ ඩයස් ලා ගේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සහ කම්කරු මාවත පත්තරේට පුදුම අජීර්ණයක් තිබුණා නසසප සහ ඔවුනගේ හරය පත්තර සමග.

    ReplyDelete
  17. වාමාන්ශිකයො කියල වෙන් කරන්න බෑ. ලගින්ම හිටිය අය එකිනෙකාගෙ සියුම්ම හැගීම් පවා දැනගන්නව. ඊට පස්සෙ වෙන්වලා යනකොට වෙන්වීමේ හේතුව නිසා ඇතිවෙච්ච අපේක්ෂා බන්ගත්වයයි, අනෙකා යන්නෙ තමන් ගැන, තමන්ගෙ සියුම් දුර්වලකම්, හැකියාවන් ගැන දැනුමකුයි එක්කයි කියන යටිහිතේ බියයි තමයි මේ වයිරී බාවයට පාදක වෙනව ඇත්තෙ. ජේ ආර්. කොයි දේත් කලේ ගනන් බලල. එහෙම කල කෙනාට පොඩ්ඩක් ගියාට ගොඩක් එනව කියල දැනුනම අවුලක් නෑ. මුලින් අන්කල් සෑම් එක්ක බජනෙට ගියාට අයිය ඇවිත් උඩින් පරිප්පු දානකොට කඩේ වහල හිටීයෙ.

    ReplyDelete
  18. othana thiyenne wenath gataluwak.... UNP and SLFP wage ayata thiyenne wenatha aramunu. thamanta nambuwak athi kara ganeema. hoda adayam maragayak soya ganeema. wage dewal eka nisa owunge aramunu waldai owun sathuran samga wunath ekathu wenne na.
    namuth JVP wge paksha wala thiyenne wenath aramunak. rata goda nageema owun awankawa e sadaha thamnuge uparimaya karanwa e nisa sathuran sadakalika sathuran

    ReplyDelete
  19. 52 වැනි කොමෙන්ටුව කොටන්නේ මම.

    ReplyDelete
  20. 1971 Hydepark ekedi Rohana wijeweera kiyapude, JVP eka wenuwata Sirimawo kara, Newathath 71 kiyapude JVP eka wenuwata UNP saha Mahajana eksathperamuna,Ethulu aksath samajawadi peramuna wisinkala,Ekai une.Mokakkda 1971 haydeparkeke kiwwe?Deerga kathawe awasanaye"Mahthwarune Numbala Patanaganilla Api Awasankarannam"Namuth anithpeththata wede une.Paralata Mekathawa Aluthnowe.

    ReplyDelete
  21. බණ්ඩාරනායකලා කියන්නෙ නීිල පෙරුමාල් කියන අවජාතක දෙමල හැත්තක්.ජයවර්ධන කියන්නෙත් ඒ වගේ තමා.විජේසිරි මං වුනා නම් කියල දෙන්න තිබුණා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා