යුද්ධය හැම කෙනෙක් ම පිස්සු වට්ටනවා



වසර 69කට පෙර 1945 අගෝස්තු 6 දින පෙ.ව. 6.15ට එක්සත් ජනපදය ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළුවේ ය. එයින් සිදු වූ විනාශය අති මහත් ය. කම්පන තරංග, විකිරණ හා තාප ධාරා හේතුවෙන් මිනිස්සු 140,000ක් ඒ මොහොතේ ම මිය ගිය හ. ඒ එම නගරයේ ජනගහණයෙන් භාගයකි. දින තුනකට පසුව ‍එක්සත් ජනපදය නාගසාකි වෙත දෙවන පරමාණු බෝම්බය හෙළුවේ ය. එයින් තවත් 74,000ක් ජනයා මිය ගිය හ. එවකට 17 හැවිරිදි තරුණයකු වූ කෝජි හොසොකාවාගේ 13 හැවිරිදි සොයුරිය යෝකෝ ද මෙම බෝම්බයට බිලි වූවා ය. පහත පළ වන්නේ ඔහු Democracy Now වෙබ් අඩවිය වෙනුවෙන් ඇමි ගුඩ්මන් සමග බෝම්බයෙන් ඉතිරි වූ ඉදිකිරීම් කීපයකින් එකක් අසලදී කළ සම්මුඛ සාකච්ඡාවක දළ පරිවර්තනයකි. 

ඒ වෙලාවේ ඔබ සිටියේ කොහේද?
මම හිටියේ මෙතැන් සිට කිලෝමීටර් තුනක් ඈත තැනක. එහි ඉතා ශක්තිමත් ගොඩනැගිල්ලක් තිබුණා. බෝම්බයට අහු වුණු මට ජීවිතය බේරා ගන්න ලැබුණේ අහම්බෙන්. 

ඔබ මොනවද එහි ක‍රමින් හිටියේ?
දෙවන ලෝක යුද්ධය අග හරියේදී ජපානයේ වැඩිහිටි මිනිසුන්ව බලෙන් ම යුද්ධයට යවා තිබුණා. ඒ නිසා ශ්‍රම හිඟයක් තිබුණා. වයස අවුරුදු 12, 13 වූ අයවත් වැඩෙහි යොදවා තිබුණා. ඔවුන්ට ඉගෙන ගන්නට ලැබුණේත් නැහැ. මමත්, ඒ අන්දමින් වැඩෙහි යොදවා තිබුණු සිසුවෙක්. මම වැඩ කරමින් සිටි තැන සන්නිවේදන සමාගමක්. දැන් එය NTT කියා හැඳින්වෙනවා. ඒ වන විට මිනිස්සු දැනගෙන හිටියා කොයි මොහොතක හෝ ඇමරිකන් හමුදාව එන බව.
මගේ නංගී වෙනත් තැනක වැඩ කරමිනුයි සි‍ටියේ. ඇය සිටි තැන පිහිටා තිබුණේ බෝම්බය පතිත වූ තැන සිට මීටර් 700ක්, 800ක් දුරින්. ඇය සමග තවත් සිසුනුත්, ගුරුවරියකත් ඇතුළුව 228දෙනෙක් හිටියා. ඔවුන් සියලු දෙනා බෝම්බයට බිලි වුණා. 

ඇය මැරුණේ එදාම ද?
ඔව්. බොහෝ දෙනෙකුට තමන්ගේ පවුල් සාමාජිකයන් සොයා ගන්නවත් බැරි වුණා. මගේ නංගී නම් හිරෝෂිමා නගරයේ සහන මධ්‍යස්ථානයකදී යම් ප්‍රතිකාර ලැබුවා. ඒත්, ඇයත් මැරුණා. බොහෝ මිනිස්සු අතුරුදහන් වුණා. ඇගේ මළසිරුර ලැබුණු එකත් ලොකු දෙයක්.

එතකොට ඇගේ වයස කීය ද?
ඇයට 13 ලැබුවා විතරයි. 

ඇය මැරුණේ බෝම්බ ප්‍රහාරයෙන් ද? නැතිනම් විකිරණවල්‍රතිඵලයක් ලෙස ද?
ඒ දවස්වල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ එය පරමාණු බෝම්බයක් බව. ඒ වන විට ජයේ මිනිස්සු පරමාණු බෝම්බ ගැන අසා තිබුණේවත් නැහැ. මම හිටියේ පිපිරීේ මධ්‍යයට ආසන්නයේමයි. මම පරමාණු බෝම්බ ගැන දැනගෙන හිටියා නම්, මම පුළුවන් තරම් ඈතට පළා යනවා. 

ඔබ‍ගේ මව්පියන් හිටියේ කොහේ ද?
ඔවුන් හිටියේ හිරෝෂිමා නගරයෙන් පිටත මියැජිමා කියන ප්‍රදේශයේයි. එය දූපතක්. ඒ නිසා නිවසට ප්‍රශ්නයක් පැන නැගුණේ නැහැ. 

ඔවුන් ඔබ සොයා ගත්තේ කොහොම ද?
ඊළඟ දවසේ මම පයින් ම ඇවිදගෙන ගෙදර ගියා. මෙහේ කිසිම දෙයක් තිබුණේ නැහැ. මම පිළිස්සුණු නගර මැදින් ඇවිදගෙන ගියා. 

ඔබ දුටු විට ඔබේ මව්පියන් කීවේ කුමක් ද?
මගේ අම්මා නංගී සිටි සහන මධ්‍යස්ථානයට ගොස් තිබුණා. ඒ නිසා ටික වේලාවකින් ඇගේ මළ සිරුර මිනීපෙට්ටියකින් ගෙදර ගෙනාවා. ඇය සිටියේ නිරුවතින්. ඇගේ මුළු සිරුර ම පිළිස්සී තිබුණත් මුහුණ විතරක් බේරිලා තිබුණා. මෙය තවත් එක් සිද්ධියක් පමණයි. බොහෝ මිනිස්සු එවැනි අත්දැකීම් ලැබුවා. 

වසර 69කට පසුව, බෝම්බය දැමූ රට වන ඇමරිකා එක්සත් ජනපදයෙන් හිරෝෂිමාව වෙත මිනිසුන් එන විට ඔබට හිතෙන්නේ කුමක් ද?
මම ඇමරිකාවේ මිනිසුන්ට වඩා යුද්ධයට වෛර කරනවා. යුද්ධය හැම කෙනෙක් ම පිස්සු වට්ටනවා. යුද්ධයේදී අහිංසක මිනිස්සු මැරෙනවා.
අවසන් ප්‍රතිඵලය වුණේ මේ පරමාණු බෝම්බය. 

පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් අයෙකු ලෙස ඔබ සිතනවා ද ඇමරිකා එක්සත් ජනපදය ‍ඔබේ නගරයට බෝම්බ දැමීම ගැන සමාව අයැදිය යුතුයි කියලා.
මම හිතන්නේ ඒ පරමාණු බෝම්බ දැමුවේ හිරෝෂිමාවට හෝ නාගසාකියට පමණක් නොවෙයි. සමස්ත මානව වර්ගයාටමයි. පරමාණු බෝම්බය ගැන මගේ අත්දැකීම් ගැන මට කතා කරන්න බොහෝ දේ තිබෙනවා. ඒත්, මට ලෝකයට කියන්න අවශ්‍යයි, තුන්වන පරමාණු බෝම්බයක් පිපිරුවොත්, මුළු ලෝකය ම විනාශ වේවි. මම කියන්නේ ලෝකය මෙය තේරුම් ගත යුතුයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. බල කදවුරු වල තියෙන නෛෂ්ටික බෝම්බ වැඩි වීමක් මිසක් අඩු වීමක් නෑනේ. අයින්ස්ටයින් නේද කිවුවේ තුන්වෙනි ලෝක යුද්දෙන් පස්සේ කට්ටියට සටන් කරන්න වෙන්නනේ ගල් මුගුරු වලින් කියල. ඊලග ජනාධි පති වෙන්න බලන් ඉන්න හිලරි ක්ලින්ටගේ හරි, රිපබ්ලිකන් අපේක්ෂකයාගේ යටතේ හරි බාගදා නෛෂ්ටික යුද්දයක් බලා ගන්න බැරි වෙන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, එතකොට උඹටත් පුළුවන් පොලු මුගුරු අරගෙන සතුන් දඩයම් කරන්න යන්න. කාටද ආඩම්බර?

      Delete
    2. ඉස්සර මම වාමාංශික ව්‍යාපාරයේ යෙදීලා ඉන්න කාලේ අජිත් පැරකුම් සහෝදරයත් හිටියේ අපිත් එක්ක. ඉතිං අපි මරදාන පැත්තේ බෝඩිමකත් නතරවෙලා හිටියා.

      එතකොට අජිත් නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. ඉතිං අජිත් සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් අජිත්ගේ සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ අජිත්ට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.

      -දීප්ති කුමාර

      Delete
    3. ආඩම්බර ඔබාමටනේ හා හොදයි නැද්ද ?

      Delete
    4. # AnonymousAugust 8, 2014 at 6:38 PM

      මචං කොහොමද? අද කකා එහෙම මේ පැත්තේ එයිද?

      Delete
    5. @AnonymousAugust 8, 2014 at 6:38 PM
      අංගොඩදී දුටු මගේ සිහිනය,

      //මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න..........//

      Delete
    6. කකා බෙහෙත් බොන්න.පෙත්ත ගන්න එක මතක් කරන්න කියල වයිපරේට කියන්න.මං දන්න කෙනෙක් ඉන්නව එයාට ඕවර් යනකොට වයිෆ්ට තේරෙනව .වයිෆ් ඩොකියක්.ඉන්ජෙක්ෂන් එකක් දෙනව .ඊට පස්සෙ හරියනව.

      Delete
    7. ලෝක නෛෂ්ටික අවි සංචිත,

      රුසියාව 8500, ඇමරිකාව 7700, ප්‍රංශය 300, චීනය 250, පකිස්ථානය 120, ඉන්දියාව 110, ඊශ්‍රයාලය 80, උතුරු කොරියාව 10, ලෝකය කොහොමටත් තියෙන්නේ නෛෂ්ටික බෝම්බයක් උඩ. මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම පරිගණක යතුරු කීපයක් මත කිවුවත් නිවැරදියි. නෛෂ්ටික අවිහරණ හෝ අවි පාලන වැඩසටහනක් නැතුව. තම තමුන්ගේ දල ජාතික නිෂ්පාදනයෙන් විශාල කොටසක් තවමත් අවි නිපදවීමට වෙන් කරමින් ලෝක ධනපතීන් ටික ශිෂ්ටාචාරය අලුතින් ලියන්න බලන් ඉන්නව කියන එකනම් හරි.

      Delete
    8. අවි ආයුද කියන්නේ ලෝකයේ කොහොමටත් ලාබදයිම වියාපාරය. අපි පාවිච්චි කරන බොහොමයක් දියුණු තාක්ෂණික මෙවලම් යුධපරික්ෂනා ගාරවල ට කල ආයෝජනයන්ගේ ප්‍රතිපල. මෙය අපිට සිතා ගත නොහැකි තරමට පැතුරුණු පිළිකාවක්. ලෝකයේ බොහොමයක් රාජ්‍ය නායකයින් හසුරුවන්නේ මේ සමාගම් වලින් කියලයි කියන්නේ .අන්තිම ඩොලරයත් සුරාගෙන සාක්කුවට දමා ගන්නකම් මේ ලෝක රටාව තියෙයි.

      Delete
  2. යුද්ධයෙන් පසුව ඇමරිකානුවන් විසින් ජපන් ජාතිකයන්ගේ මොළ ශෝධනය කරනු ලැබීය.ඇමරිකානුවන් තමන්ගේ විස්වාසවන්තම මිතුරන් ලෙස ඔවුන් අදටද සලකන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. යුද්ධයෙන් විනාශ වුණු ජපානය යළි ගොඩ නැඟීමට ආයෝජනය කළේ අමෙරිකානු මුදල්. ඒ නිසා ජපනුන් එහෙම හිතුවට වරදක් නැහැ.

      Delete
    2. මොළ හේදුවේ "විම්" වලින්ද?

      Delete
    3. නෑ.. කොකා කොලා පොවලා

      Delete
    4. හොදට මහන්සි වෙලා වැඩ කරපු දවසක හැන්දෑවට සිතල වතුරෙන් නාලා, හොදට කුල් කරපු කොකාකෝලා එකක් බිව්වම මහන්සිය කොහෙන් ගියාද නෑ.

      Delete
    5. කොකා-කෝලා කියන්නේ ලෝකේ හොඳම පානය

      Delete
    6. හොදම පානය 'ලේ' විශේෂයෙන් ගසා වල පොඩි උන්ගේ 'ලේ' නෙතනියාහු තමයි මටත් කිවේවේ

      ඔබාමා

      Delete
    7. Anonymous August 8, 2014 at 7:17 PM <<---->> මෙන්න හම්බයෙක්

      Delete
    8. ෂුකර්බර්ග් අයියේ නානසාර මහත්තයටයි, චම්පික ලොක්කටයි ෆේස් බූක් දෙන්න!

      Delete
    9. වරද්දන්නෙ නැතිව ඔයත් පෙත්ත ගන්න.කාලයක් පෙති ගත්තහම අඩුවෙලා යයි.ඔයාට නම් කම්පන ප්‍රතිකාර අවශ්‍ය නැතිවෙයි.කෝකටත් ක්ලින්ක් එන්නකො

      Delete
    10. @AnonymousAugust 8, 2014 at 7:17 PM
      අල්ලට ප්‍රේයාස් කියල උගුරු දණ්ඩ හිල් කරලා පොඩ්ඩ පොඩ්ඩ වැගිරෙන ලේ එකතු කරලා ශුද්ධ හලාල් ක්‍රමයට හදන පානය එල !
      ඝාසා වල ඉස්ලාම් ත්‍රස්තයෙක් තමයි තමයි මටත් කිවේවේ

      Delete


  3. ජපානයට පරමාණු බෝම්බය හෙළනු ලැබුවේ ඇයි යන ප්‍රශ්නය අද බොහෝ දෙනෙක් නඟන්නේ නැත. ඊට හේතුව විය හැක්කේ එම බෝම්බ දෙකෙන් එකවර දෙලක්ෂයක් පමණ ජපනුන් මිය යෑම භයංකාර ලෙස පෙනීම විය හැක. එනිසා ජපනුන් බොහෝ දෙනෙකුගේ අනුකම්පාවට ලක් වන අතර ලංකාවේ සමහරු මෙම බෝම්බ හෙළීම නිසා අමෙරිකා එක්සත් ජනපදය දෝෂාරෝපණයට ලක් කරති. එහෙත් ජපන් වැසියන්ගේ ආශිර්වාදයෙන් එරට බලයට පැමිණි අගමැති තෝජෝ ඇතුළු යුද අපරාධකාරී මිනීමරුවන් ආසියාවේ අනෙකුත් රටවල ජනයා දස ලක්ෂ ගණනින් ඝාතනය කළ වග ලංකාවේ පැරා ඇතුළුව බොහෝ දෙනෙක් නොදනිති.
    දෙවන ලෝක යුද්ධයෙන් වැඩිම සිවිල් වැසියන් පිරිසක් මිය ගියේ සෝවියට් දේශයේ ය. එරට ලක්ෂ 120ක් පමණ ජනයා යුද්ධය හෝ මානව සංහතියට එරෙහි අපරාධ හෝ නිසා මිය ගිය හ. මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානය ගත් රට කුමක් ද? එය අප සිතන ආකාරයට යුරෝපයේ රටක් නොව, චීනය යි. චීනයේ ලක්ෂ 100 ක් පමණ ජනයා යුද්ධය නිසා හෝ ජපනුන් විසින් සිදු කරන ලද මානව සංහතියට එරෙහි අපරාධ නිසා හෝ මිය ගිය හ. ජපානය විසින් යුද්ධයට පෙර සිටම චීනය යටත් කර සිටි බව සිහියට නඟනු වටී.
    කුප්‍රකට නැන්කිං සමූල ඝාතන සිද්ධියේදී (1937) පමණක් චීන ළමුන්, කාන්තාවන් සහ අහිංසක මිනිසුන් පන්ලක්ෂයක් පමණ අමු අමුවේ මරා දමනු ලැබුවේ ජපනුන් විසිනි.
    ජපන් මිනී මරුවන් එතැනින් නැවතුනේ නැත. ඊළඟට ඔවුන් කොරියාව යටත් කරගෙන එහි සිවිල් වැසියන් හාරලක්ෂයක් පමණ පරලොව යැවූ හ. ජපනුන්ගේ අරමුණ වූයේ මුළු ආසියාවම යටත් කර ජපනුන් හැර අන් සියළුම ආසියානු ජාතීන් (ඉන්දියානුවන් සහ ලාංකිකයන් ඇතුළුව) ඔවුන්ගේ වහලුන් බවට පත් කිරීම යි. ඒ අනුව යමින් ඔවුන් විසින් යටත් කර ගත් රටවල ජනයා තලා පෙළා සහ මරා දමමින් ත්‍රස්තයට පත් කිරීම සිදු කරගෙන යන ලදි.
    අමෙරිකානු එක්සත් ජනපදය විසින් පරමාණු බෝම්බ හෙළීම හේතු කොට ගෙන යුද්ධය නතර වන විට බුරුම වැසියන් දෙලක්ෂයක් ද, මලයාවේ වැසියන් ලක්ෂයක් ද, සිංගප්පූරුවේ වැසියන් 50,000 ක් ද, ශාන්තිකර සාගරයේ දූපත් වැසියන් ලක්ෂයක් දෙකක් පමණ ද ජපනුන් විසින් මරා දමා තිබිණි. මෙම සිවිල් ජන ඝාතන ලැයිස්තුවට ඉන්දු චීනයේ, පිලිපීන දූපත්වල හා ඉන්දුනීසියාවේ ජපනුන් විසින් සිදු කළ ඝාතන ද ඇතුළත් විය යුතු ය.
    මීට අමතරව ජපනුන් විසින් දස දහසක් චීන හා කොරියන් කාන්තාවන් ජපානයට රැගෙන ගොස් දූෂණය කිරීම, බලහත්කාරයෙන් වෛශ්‍යා වෘත්තියේ හා වහල් සේවයේ යෙදවීම යන කාරණා අදට වුවත් කොරියන්-ජපන් සහ චීන-ජපන් සබඳතාවල නොවිසඳුණු කාරණයක් සේ ම, නිතරම ඇනෙමින් පවතින විෂ කටුවක් වැනි දෙයකි.
    ජපානයට පරමාණු බෝම්බය හෙළන්නට හේතු වූයේ ජපන් පාලකයෝ පරාජය පෙනි පෙනීත් හිතුවක්කාරීව යුද්ධය නතර කිරීම ප්‍රතික්ෂේප කළ බැවිනි. බෝම්බ දෙක හෙළන අවස්ථාව වන විට ලොව අන් දෙස්වල යුද්ධය නතර වී මාස තුනක් ගත වී තිබුණි. ජපානයට හිතවත් සියළුම රටවල් යුද්ධයෙන් පැරදී සිටිය හ. එසේ වුවත් ජපන් පාලකයන්ට උවමනා වූයේ තව දුරටත් තම ඝාතන රැල්ල රැගෙන යාම යි. අමෙරිකානුවන් සිටි ඔකිනාවා දූපතේ සිට ජපානයට සෙබළුන් ගොඩ බැස්සවීම දුෂ්කර නිසාත්, යුද්ධය තව දුරටත් ඇදී ගියහොත් අවම වශයෙන් තවත් ලක්ෂ 20 ක් පමණ ජනයා මරණයට පත් වීම නොවැළැක්විය හැකිව තිබූ නිසාත් යුද අවි නිශ්පාදනය කළ නගරවලට පරමාණු බෝම්බයක් හෝ දෙකක් හෝ හෙළීමට තීරණය කරන ලදි. ජපනුන්ගේ මුරණ්ඩුකම කෙසේද යත් පළමු බෝම්බය හෙළූ පසුත් ඔවුන් යුද්ධය නතර කිරීමට එකඟ නොවූ හ. ඊට දින තුනකට පසු දෙවන බෝම්බය හෙළූ පසු ය ජපන් අධිරාජ්‍යයා යටත් වන්නට කැමති වුණේ.
    එනිසා මේ සිද්ධියේ දී ජපනුන්ගේ පාර්ශවයෙන් පමණක් නොව, ඔවුන් අතින් මැරුම් කෑ අනික් ආසියානුවන්ගේ පාර්ශවයෙනුත් බැලීම වඩා සාධාරණ ය. එමෙන් ම ජපානය විසින් අන් ආසියානුවනට සිදු කළ අපරාධවලට වන්දි ගෙවිය යුතුව ඇත. සිංගප්පූරුවේ අගමැතිවරයා ජපානයට අවවාදයක් දෙමින් දෙවන ලෝක යුද සමයේ ඔවුන් සිදු කළ වැරදි හරි ගැස්විය යුතුව ඇතැ යි කියා ප්‍රකාශයක් නිකුත් කළේ මීට මාස දෙකකට පෙර ය.

    ReplyDelete
    Replies
    1. @AnonymousAugust 8, 2014 at 6:27 PM

      Good one bro! ++++++++++++++++++++++++++++++

      Delete
    2. @AnonymousAugust 8, 2014 at 6:27 PM
      මේ අර යකා කියන පිස්සු ඩයල් එක.
      යකා මේ අහන්න. නොවරදවාම බෙහෙත් බොන්න.කාලයක් බෙහෙත් බිව්වාම ඕක අඩුවෙලා යයි.ලෙඩ කියන්නෙ සාමාන්‍ය දේවල් .ලැජ්ජවෙන්න එපා.අංගොඩින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ගන්න.

      Delete
    3. @AnonymousAugust 8, 2014 at 9:47 PM
      අංගොඩටත් ජපන්නු බෝම්බ දැම්මනේ යකෝ!

      Delete
    4. @AnonymousAugust 8, 2014 at 10:26 PM
      පෙති ඇනෝ ඒ වෙලාවේ එතෙනින් පැනලා ගිය එකෙක්.
      පුරුද්ද පුරුද්ද !

      Delete
  4. පැරාට මොකද මේ ජපන්නු ගැන මෙච්චර රුදාවක්? යෙන් කුට්ටියක්වත් ලැබිලද? ඈ?

    ReplyDelete
  5. පරමාණු බෝම්බ වලින් ගහගත්තට පස්සේ ඉතිරි වෙන එවුන් තමයි වඩා අවාසනාවන්ත.

    ReplyDelete
    Replies
    1. ආ ... උඹ හිටපු ගමන් ප්‍රොෆයිල් එකෙනුත් ලොග් වෙනවා නේ? හොදයි... හොදයි ..!

      Delete
  6. Para, anura kumarage speech eka maru neda? Eka gena monawath liyanna idea ekak nedda? Facebook eke nam eka gena katha wenawa. Eth thama blog walata ewith ne wage.

    ReplyDelete
  7. Keep the topic in mind when replying

    ReplyDelete
  8. Keseho 2 lokauddaya awasanayedee,Japanayata nidahasa nodiyayuthi,japanayen uda wandi labagathayuthuya kiyana mathaya ewakata Sowiyet deshaya daralathibuna.Amerikawa eyata wiruddamathayai darathibenne,1952ho53 san frncisco pewathi eksathjathinge sammelanayedi ewakata sowiyet widesha amathi Andrei Gromikcho(pasuwa janadipati durayaderiya)thadinma idripathkotathibe,ehidee eyata prabala wirodayak palakaramin ewakata LANKA RAJAYE MUDAL EMATHI JR JAYAWARDANAdeerga kathawak pawathwa etha.(Gaathawa gena anwashyai)Japanaye saha lokayema Gowrawaya laba lankawatada gowrawayalabadee thibini,(Japanaya thwamath gowrawakaranuethei sithami) MEYATA JR GE pasukaleena deshapalanaya sambanda nowe.

    ReplyDelete
  9. ලෝක නෛෂ්ටික අවි සංචිත,

    රුසියාව 8500, ඇමරිකාව 7700, ප්‍රංශය 300, චීනය 250, පකිස්ථානය 120, ඉන්දියාව 110, ඊශ්‍රයාලය 80, උතුරු කොරියාව 10, ලෝකය කොහොමටත් තියෙන්නේ නෛෂ්ටික බෝම්බයක් උඩ. මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම පරිගණක යතුරු කීපයක් මත කිවුවත් නිවැරදියි. නෛෂ්ටික අවිහරණ හෝ අවි පාලන වැඩසටහනක් නැතුව. තම තමුන්ගේ දල ජාතික නිෂ්පාදනයෙන් විශාල කොටසක් තවමත් අවි නිපදවීමට වෙන් කරමින් ලෝක ධනපතීන් ටික ශිෂ්ටාචාරය අලුතින් ලියන්න බලන් ඉන්නව කියන එකනම් හරි.

    ReplyDelete
    Replies
    1. From where did u get the stats? How accurate are they? I mean can't the actual May higher than the revealed figures

      Delete
    2. http://edition.cnn.com/interactive/2013/03/world/nuclear-weapon-states/
      It can be higher. But not a significant deviation from the expert estimates. Estimates are based on many factors such as reactor capacity , time , funding , intelligence reports etc

      (AnonymousAugust 9, 2014 at 12:24 AM comment is not mine)

      Delete
  10. මමත් දන්න විදිහට සමහර විට ජර්මනියටත් වඩා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළේ ජපානයයි. ජපානයේ සෙබලුන්ට ලිංගික කාර්්‍යය සඳහා චීනයෙන් සහ කොරියාවෙන් දහස් ගණනක් කාන්තාවන් ගෙන ගියා.ඔවුන්ව යොදා ගත්තේ ලිංගික වහලුන් විදිහට. අදටත් විටින් විට චීනය මේ ගැන ප්‍රශ්ණ කරනවා.

    ඒ අවස්ථාවේ ඇමරිකාව කලේ කළ යුතුම දෙය. ඒක නොවුනානම් අද මේ කෑගහන අපිත් සමහරවිට ජපානයේ වහලුන්. ජපන්නුන් එක්ක ඉදලා එවුන්ගේ හැටි දන්න කෙනෙක් කියයි, ජපන්නුන්ගේ යටත් විජිතයක් නොවී අපි ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වුන එක මොන තරම් වාසනාවන්තද කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා