Posts

Showing posts with the label හිරෝෂිමා

යුද්ධය හැම කෙනෙක් ම පිස්සු වට්ටනවා

වසර 69කට පෙර 1945 අගෝස්තු 6 දින පෙ.ව. 6.15ට එක්සත් ජනපදය ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළුවේ ය. එයින් සිදු වූ විනාශය අති මහත් ය. කම්පන තරංග, විකිරණ හා තාප ධාරා හේතුවෙන් මිනිස්සු 140,000ක් ඒ මොහොතේ ම මිය ගිය හ. ඒ එම නගරයේ ජනගහණයෙන් භාගයකි. දින තුනකට පසුව ‍එක්සත් ජනපදය නාගසාකි වෙත දෙවන පරමාණු බෝම්බය හෙළුවේ ය. එයින් තවත් 74,000ක් ජනයා මිය ගිය හ. එවකට 17 හැවිරිදි තරුණයකු වූ කෝජි හොසොකාවාගේ 13 හැවිරිදි සොයුරිය යෝකෝ ද මෙම බෝම්බයට බිලි වූවා ය. පහත පළ වන්නේ ඔහු Democracy Now වෙබ් අඩවිය වෙනුවෙන් ඇමි ගුඩ්මන් සමග බෝම්බයෙන් ඉතිරි වූ ඉදිකිරීම් කීපයකින් එකක් අසලදී කළ සම්මුඛ සාකච්ඡාවක දළ පරිවර්තනයකි.  ඒ වෙලාවේ ඔබ සිටියේ කොහේද? මම හිටියේ මෙතැන් සිට කිලෝමීටර් තුනක් ඈත තැනක. එහි ඉතා ශක්තිමත් ගොඩනැගිල්ලක් තිබුණා. බෝම්බයට අහු වුණු මට ජීවිතය බේරා ගන්න ලැබුණේ අහම්බෙන්.  ඔබ මොනවද එහි ක‍රමින් හිටියේ? දෙවන ලෝක යුද්ධය අග හරියේදී ජපානයේ වැඩිහිටි මිනිසුන්ව බලෙන් ම යුද්ධයට යවා තිබුණා. ඒ නිසා ශ ්‍ර ම හිඟයක් තිබුණා. වයස අවුරුදු 12, 13 වූ අයවත් වැඩෙහි යොදවා තිබුණා. ඔවුන්ට ඉගෙන ගන්නට ලැබුණේත...

සදාකෝ සසකි සහ කඩදාසි කොක්කු

Image
‘සදාකෝ සසකි හා කඩදාසි කොක්කු දහස’ කියන්නේ ඇමරිකානු ලේඛක එලීනර් කොඒර් ලියා 1977දී පළ කළ පොතක්. බොහෝ භාෂාවන්ට පරිවර්තනය වී තිබෙන මේ පොත ළමයින්ගේ සාම අධ්‍යාපනය වෙනුවෙන් භාවිතා කරන පෙළ පොතක්. සදාකෝ සසකි කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය 1946දි හිරෝෂිමාවට බෝම්බ දමද්දී එහි ජීවත් වූ දැරියක්. ඒ වන විට ඇගේ වයස අවුරුදු දෙකයි. ඇය සිටියේ හිටියේ බෝම්බයෙන් හානි වූ මධ්‍යයට සැතපුමක් දුරින්. ඇය බෝම්බයෙන් දිවි බේරා ගන්නවා. හයේ පංතියට එන විට සසකි නිරෝගී, ප්‍රීතිමත් ගැහැනු ළමයෙක්. දක්ෂ ධාවන ශූරියක් වූ ඇගේ අනාගත පැතුම වුණේ ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් වෙන්නයි. ඒත්, 1954 නොවැම්බරයේදී ඇය අසනීප වුණා. 1955 ජනවාරි වන විට ඇයට ලියුකේමියා වැළඳී ඇති බව ‍වෛද්‍යවරු නිගමනය කළා. එය පරමාණු බෝම්බයේ විකිරණ බලපෑමෙන් ඒ දිනවල ළමයින් අතර සුලබව පැවති රෝග තත්වයක්. ඇයට ජීවත් වන්නට ති‍බුණේ වැඩිම වුණොත් අවුරුද්දක් බවයි වෛද්‍යවරු කීවේ. කඩදාසි කොකුන් දහසක් හැදුවොත් වරයක් ලබා ගත හැකි බවට විශ්වාසයක් ජපන් ළමයින් අතර තිබෙනවා. ජීවත් වීම සඳහා වරයක් ලබා ගන්න සසකි කඩදාසි කොකුන් හැදුවා. කොකුන් 644ක් හදද්දී ඇයට තව දුරට‍ත් කඩදාසි නවන්නට ශ...