අපි දැන් හරි පොහොසත්. පලස්තීනෙටත් ඩොලර් මිලියනයක් ම දුන්නෙ සල්ලි සල්ලි කියල බලන්නැතිව

පලස්තීනයට උදව් කළ යුතු ය. උදව් කළ යුත්තේ හමාස් හා වෙනත් අන්තවාදී සංවිධානවලට උමං හාරන්න, ආයුධ මිළ දී ගන්න හා ඊශ්‍රායලය සමග යුද්ධ කරන්නට නොවේ. එසේ ම යුද්ධය මුවාවෙන් ලැබෙන සල්ලිවලින් යුද ආර්ථිකයක් ගොඩනගා ගන්නට ද නොවේ.

පලස්තීනයට උදව් කළ යුත්තේ ඊශ්‍රායලය ද පවතින සංදර්භයක් තුළ ප්‍රශ්නයට ස්ථිරසාර දේශපාලන විසඳුමක් සොයන්නට ය. ඊශ්‍රායලයට ඇමරිකාව උදව් කළත්, ඊශ්‍රායල් රජය යුද අපරාධ කළත්, එරට ජීවත් වන්නේ ද මිනිස්සු ය. ඔවුහු ජීවත් විය යුතු ය. 

දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක පාරටම නින්දෙන් ඇහැරුණා සේ ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්නේ කාගේ අප්පාගේ බූදලයෙන් ද? මේ සඳහා කැබිනට් අනුමැතියවත් ලබා ගෙන තිබේ ද?

2008, 2009 වකවානුවේදී වන්නියේ ජනතාව ද සිටියේ අද ගාසා තීරයේ පලස්තීනුවන් වගේ ම ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අනාථ කවුරුවල ය. යළි පදිංචි කරන ලද යුද්ධයෙන් වැනසුණු ගම්බිම්වල මූලික පහසුකම් ද හිඟ ය. අන්න ඒක තමයි ආශ්චර්යය. අපි ඊශ්‍රායලය වගේ වැඩ කරමින් පලස්තීනයට අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සු, හසන්ත මහත්තයෝ. ඒක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන්නා වගේ.

මේ අතර ලංකාවේ භූමියෙන් සුවිසල් පංගුවක මහා නියඟයකි. එය ඉතිහාසයේ දරුණු ම නියඟයන්ගෙන් එකක් වුවත් රජයට කිසි ගානක් නැත. ආණ්ඩුව සිතාගෙන ඉන්නේ පිරිසිදු පානීය ජලය අවශ්‍ය නගර වැසියන්ට පමණක් ය කියා ය. නගරවලට පානීය ජලය ලබා දෙන්නට බදු ගෙවූ ගම්වල වැසියෝ අද දිය පොදක් අයදිමින් හිස් බැල්මෙන් බලා සිටිති.

මේ අතර රජය කොංක්‍රීට් කොන්ත්‍රාත් කොමිස් ජාවාරමින් නගර වැසියන්ගේ ඇස් ගිනි කණ වට්ටමින් සිටියි. ගමින් නගරයට එන පිපාසිත මිනිස්සු ඒවායේ වතුර මල් බලා සතුටු වෙති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Short & Sweet. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකනේ පැරා.

    ReplyDelete
  2. ඊයෙ රෑ එළිවෙනකල් ගල් ගාල් මොනවා ලියලද කියල තේරුනේ නෑ
    දවල් වෙලා කොමෙන්ට් එකක් දෙන්න ට්‍රයි කරමුකෝ

    ReplyDelete
  3. අද මම තුන

    ReplyDelete
  4. තේ කොලයි සීනියි යැව්වා නම් හොඳයි පලස්තීනයේ මිනිස්සුන්ට බොන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්සරනං ලංකාආන්ඩුව දුන්නෙ තේකොළ ආධාර තමයි. ඒත් දැන් ඒවගෙ කසළ හින්ද වෙන්නැති කෙලිම්ම ඩොළර් දෙන්නෙ! රජරට වකුගඩු ලෙඩ්ඩුන්ට ඕන බෙහෙත් ගන්න ය්නත්‍ර ගන්න සල්ලි නැති උනත් පලස්තීනෙට ආධාර දෙනව.

      අනික් පැත්තෙන් ඕකත් අර අපිට ලොකො සල්ලි කාර රටවල් පොරොන්දු උන සමහර සුනාමි ආධාර වගේ පොරොන්දුවක් විතරද දන්නෙත් නෑ. ලෝකෙ හරියට එහෙම දේත් වෙනව.

      Delete
    2. පලස්තීනයට ආධාර දෙනවා කියන්නෙත් අභීතට ණය දෙනවා වගේම ගොන් වැඩ. කිසිම රිටර්න් එකක් නැහැ.

      Delete
    3. මගේ අභීත කියල යාලුවෙක් මලා.

      Delete
  5. අම්මට සිර් ලංකාවේ ප්‍රෞඩ සඟිස්කුරුතිය. නැන ගිලුනත් බෑන්ඩ් චූන්. ණයට ගෙන මඟුල් කෑම.

    ReplyDelete
  6. පොහ්....................ඊළඟට ඇබිසීනියාව, මොන්ගෝලියාව, තජිකිස්ථානය, බලුකිස්තානය, අර ලොක්කගේ යාලුවා ඉන්න 'සුවාසලන්තය' එහෙම පෝලිමේ එයිද දන්නේ නැහැ මිලියන් ගෙනියන්න.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. පැරා මගේ කමෙන්ට් එක කපලනෙ. ඉතින් කොහොමහ්ඩ් පැරා සමාජවාදය බිහි කරන්නෙ?

      Delete
    2. අපි කරන්නේ සමාජ සංවාදයක්. වැඩක් නැති විහිළු කරන්න වෙන තැනක් හොයා ගන්න.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. අනෙක් අය තමන්ගෙ නිරුවත දකිනවාට පැරාත් අකැමැතියි වාගෙ.

      Delete
  8. අපිට කන්නත් නැතුව ඉන්නවා. මේ යකා පිටරටට සල්ලි පුජා කරනවා

    ReplyDelete
  9. මගේ යාලුවෙක් ආධාර දීල මලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනං කොච්චර දෙයක්ද ..

      Delete
  10. Oya salli api cheenen gaththa naya neda, Dan oya naya gewanne kauda???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. API gatta naya Wena kawuruwath gewanne kohomada ban. API thama gewanne

      Delete
    3. Borrowed money from future generations. They will pay.

      Delete
  11. අපි ඊශ්‍රායලය වගේ වැඩ කරමින් පලස්තීනයට අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සු, හසන්ත මහත්තයෝ. ඒක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන්නා වගේ.
    එළ................ කතාව...........................

    ReplyDelete
  12. This act is megalomaniac driven by inferiority complex which is an inherent trait of Mahinda Rajapaksa.If Mahinda, his powerful family members or socalled advisors reads this blogs or its comments he can somewhat correct himself.Even they read I doubt whether they could understand the contents.

    ReplyDelete
  13. //දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක පාරටම නින්දෙන් ඇහැරුණා සේ ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්නේ කාගේ අප්පාගේ බූදලයෙන් ද? මේ සඳහා කැබිනට් අනුමැතියවත් ලබා ගෙන තිබේ ද?//

    කැබිනට් ජාති දෙකක් ඉස්සර අපි ඉගෙන ගන්න කොට තිබුන. එකක් ගෙදර විසිතුරු භාණ්ඩ, පිගන් භාණ්ඩ වගේ දේවල් ප්‍රදර්ශනේට. අනිත් එක ඒ වගේ එකක් නෙමේ. එක ජනාතාවගෙන් තේරී පත්වෙච්ච නියෝජිතයෝ එකතු වෙලා රටේ ප්‍රශ්න ගැන කතා කරපු තැනක්. ඒ ඉස්සර..

    දැන් ඔය කියන කැබිනට් ජාති දෙකම තියෙන්නේ විසිතුරු භාණ්ඩ ප්‍රදර්ශනේට විතරයි.

    ගන්න හැම තීරනෙම ගන්නේ..කරන හැම වැඩේම කරන්නෙත්, හැම ලකුනම දා ගන්නෙත් ලොකු තාත්ත විතරයි.

    ReplyDelete
  14. Prajay,oba liyathibenne sampurna sathyai,ehi + ho - kalauthu kisiwakne.kalakin obata 100% ekangawuna.(Paththagoda)

    ReplyDelete
  15. සල්ලිකාරයෝ උනාම ඔහොම තමා. නැතිබැරි වෙලාවට උදව් පදව් කරේ නැත්නම් වැඩක් තියේද? නියගෙ තම සුමාන දෙකතුනකින් ඉවරවෙයි. පලස්තීනෙ එහෙමද..තව කාලයක් අල්ලලා හිටින එකක්නෙ.

    ReplyDelete
  16. ලඟදි ගෙනා S600 දෙකට බදු නැතුව ඩොලර් මිලියනයක් ගියා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා