අපි දැන් හරි පොහොසත්. පලස්තීනෙටත් ඩොලර් මිලියනයක් ම දුන්නෙ සල්ලි සල්ලි කියල බලන්නැතිව
පලස්තීනයට උදව් කළ යුතු ය. උදව් කළ යුත්තේ හමාස් හා වෙනත් අන්තවාදී සංවිධානවලට උමං හාරන්න, ආයුධ මිළ දී ගන්න හා ඊශ්‍රායලය සමග යුද්ධ කරන්නට නොවේ. එසේ ම යුද්ධය මුවාවෙන් ලැබෙන සල්ලිවලින් යුද ආර්ථිකයක් ගොඩනගා ගන්නට ද නොවේ. පලස්තීනයට උදව් කළ යුත්තේ ඊශ්‍රායලය ද පවතින සංදර්භයක් තුළ ප්‍රශ්නයට ස්ථිරසාර දේශපාලන විසඳුමක් සොයන්නට ය. ඊශ්‍රායලයට ඇමරිකාව උදව් කළත්, ඊශ්‍රායල් රජය යුද අපරාධ කළත්, එරට ජීවත් වන්නේ ද මිනිස්සු ය. ඔවුහු ජීවත් විය යුතු ය. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක පාරටම නින්දෙන් ඇහැරුණා සේ ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්නේ කාගේ අප්පාගේ බූදලයෙන් ද? මේ සඳහා කැබිනට් අනුමැතියවත් ලබා ගෙන තිබේ ද? 2008, 2009 වකවානුවේදී වන්නියේ ජනතාව ද සිටියේ අද ගාසා තීරයේ පලස්තීනුවන් වගේ ම ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අනාථ කවුරුවල ය. යළි පදිංචි කරන ලද යුද්ධයෙන් වැනසුණු ගම්බිම්වල මූලික පහසුකම් ද හිඟ ය. අන්න ඒක තමයි ආශ්චර්යය. අපි ඊශ්‍රායලය වගේ වැඩ කරමින් පලස්තීනයට අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සු, හසන්ත මහත්තයෝ. ඒක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන්නා වගේ. මේ අතර ලංකාවේ භූමියෙන් සුවිසල්...