ජනපති ඔබ කොහිද?

දැන් අපේ ජනාධිපති හදිසියේ ම පැදුරටත් හොරා රට පලච්චි නේ. ගියේ කොහේ ද, ඉන්නේ කොතැන ද, කරන්නේ මොනවා ද යන්න අපි නො දනිමු. 

ජනාධිපතිවරයාට  එහෙම යන්නට බැරි ය. ඔහු විධායක ජනාධිපති බලතල ඔස්සේ ජනතා පරමාධිපත්‍යය පවරාගෙන සිටින්නෙකි. එබැවින් ඔහු කරන කියන සියලු වැදගත් දේ දැනගන්නට ජනතාවට ද අයිතියක් තිබේ. රටින් බැහැර වීම යනු ඉතා බැරෑරුම් දෙයකි. එහෙයින් ජනතාවට ඒ පිළිබඳව දැන ගැනීමට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. එය පෞද්ගලික හේතුවක් වුවත් කරන්නට දෙයක් නැත. ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබඳව සත්‍යය පැහැදිලි කළ යුතු ය. නැතිනම් සිදු වන්නේ විවිධ අනුමාන සිදු වීම ය.

ඉතින් ඇයි ඔහු අපට එහෙම කළේ කියා එක එක විධියට කල්පනා කරන්න පුළුවන් නේ. ඒ නිසා කල්පනා කොරන්න. පහත සඳහන් උපුටා ගැනීම ඔස්සේත් හිතන්න පුළුවන්. හිතන්න. හැබැයි නිකං ආවට ගියාට කොමෙන්ටු කොටන්න එපා. 

ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි ආකාර පිළිබඳව පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 38 වන ව්‍යවස්‌ථාවේ (2) වන අනු ව්‍යවස්‌ථාවෙන් විස්‌තර කෙරේ.

38 (2) (අ) ජනාධිපතිවරයාට ශාරීරික හෝ මානසික අබලතාව හේතුවෙන් ඔහුගේ ධුරයේ කාර්ය ඉටුකිරීමට නියත වශයෙන් නොහැකි බවට චෝදනා කරන්නා වූ හෝ

(1) චේතනාන්විතව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමේ වරද,

(2) රාජ්‍ය ද්‍රොහි වීමේ වරද

(3) අල්ලස සම්බන්ධ වරද

(4) ස්‌වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද හෝ

(5) යම් නීතියක්‌ යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක්‌ වන වරදක්‌

කර ඇති බවට චෝදනා කරන්නා වූද එම චෝදනාවෙහි හෝ චෝදනාවල හෝ සම්පූර්ණ විස්‌තර දැක්‌වෙන්නා වූද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ පරීක්‍ෂා කොට බලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූද, යෝජනා සම්මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා අදහස්‌ කරන බවට පාර්ලිමේන්තුවේ කවර හෝ මන්ත්‍රීවරයකු විසින් කථානායකවරයා වෙත යවන ලිපියකින් දැන්වීමක්‌ කළ හැක්‌කේ ය. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ප්‍රජාචන්ත්‍රවාදයක් ඇති රටක මොනවා වෙන්න බැරිද පැරා,

    ReplyDelete
  2. මම හිතන්නේ ඔහුට යම් මරණ බියක් ඇති වී ලංකාවෙන් චුත වූ බවයි. ඒ නිසා තමයි තමුන්ගේ සහෝදරයන්ගේ මවුබිමට ඔහු ගියේ. එහි ආරක්ෂාව මෙහි ආරක්ෂාවට වඩා බෙහෙවින් වැඩි බවත් හිතන්න ඇති.

    ReplyDelete
  3. එයා ඇමෙරිකාවේ සමාජවාදය ස්ථාපිත කරන්න ගියාද දන්නෙ නෑ පැරා. හරි ගියොත් හෙම පැරාටත් කතා කරයි උපදෙස් ගන්න. පැරා ඉතින් සමාජවාදය පිළිබඳ විශේෂඥයෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. තමුසේ සමාජවාදය කියන්නේ මොකක්ද කියල දන්නව ද?

      Delete
    2. ඔව්, ඕයි. සමාජවාදය කියන්නෙ කියුබාවෙත් නැති සෝවියට් දේශයෙත් නොතිබුණු, චීනෙත් නැති හබැයි පැරාගෙ බ්ලොග් එකෙයි ඇටිකිචි ජේවීපී මල්ලිලාගෙ ඔලුවෙයි තියෙන දෙයක්. හරිද? කීයක් ලකුණු දෙනවද උත්තරේට?

      Delete
    3. පැරා කිව්වොත් විතරක් අපේ මඩපුවක්ගේ මෙව්වා එකෙත් තියෙනවා.

      Delete
  4. මොකද පැරා ආපහු මොඩරේෂන්

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සමාජවාදී ජීවනක්‍රමයක ලකුණක් ඒ. සමාජවාදය = අනුන්ගේ අදහස් මොඩරේට් කිරීම

      Delete
  5. දෝශාභියෝග දානවනම් ඔය එක අංකෙට එක ගානෙත් දාන්න පුළුවන් මට හිතෙන විදියට.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙමයි. ඒ අතින් අපේ ජනපතිතුමාට සමකළ හැකි කෙනෙක් නම් මේ ආසියාවේ නැතුව ඇති.

      Delete
    2. මටත් හිතෙන්නෙ එහෙමයි. ඒ අතින් අපේ ජනපතිතුමාට සමකළ හැකි කෙනෙක් නම් මේ ආසියාවේ නැතුව ඇති.

      Delete
  6. මෙතන ඇත්තේ විනිවිදබව ගැන ප්‍රශ්ණයක් විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ''විනිවිදබව'' හොදට අහල පුරුදු වචනයක් .......ම් ....ම් ...ම් .....!!!

      Delete
  7. ලොක්කට කූරිය ගැහුවොත්.....
    කට ඇද කුඩු අගමැති තාවකාලිකව ලොක්ක වෙනවා.
    ඉන් පස්සෙ ඌ වටේ ඉහඳයෝ ටිකක් රොක් වෙනවා.
    ඌ අගමැති කරන්නෙ කව්ද (පුතා, බෑනා, මයිත්‍රීපාල ???)
    ඒ අතරේ ඌ මැරෙන්නත් පුලුවනි (දැනටත් බාගෙට මැරිලනේ)
    (නැතිනම් ඌටත් මොකක් හරි බෙලහීනතාවයක් කියල දෝසාභියෝගයක් ගේන්නත් පුලුවනි)
    ඉතින් ඌත් මලොත් ඌ පත් කොරන අගමැතියා ලොක්කා වෙනවා
    අනේ මන්ද අප්ප..

    ReplyDelete
  8. ලොක්කගේ කැමරාමන් සුදත්, කොඩිවිනයක් කරලය කියලයි ආරන්චි.. ලොක්කත් ඕවා එකසිය ගානට පිලිගන්නවා නේ..

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකාව කඩාගෙන වැටෙන්න යනකොට පිහිටවුනේ බෝම්බයක් නිසා ඇසක් අහිමිවීමේ අනුකම්පාව,
      මේ කොඩිවිනය අපටම කොඩිවිනයක් වෙන තරමේ ජනතා අනුකම්පාවක් ඇති කරාවිද?
      උගත් පාඩම් බාවිත නොකරාවිද? 1. චන්ද්‍රිකා ලැබූ ජනතා අනුකම්පාව 2. දුමින්ද ගේ බරපතල අනතුර රඟදැක්වීම.

      Delete
  9. lokka gana kochchara wimasillenda me aya inne, eluwa passe issara giya eka baminai, dan bamuno peliyai, lokka nathi wechcha gaman doshahiyogaya gana hithune moko manda, inna welawata lokkage 'good books' wala inna nisaada

    ReplyDelete
  10. විස්තර ටිකක් කියනවකෝ

    ReplyDelete
  11. government servants need approval for overseas leave or travel..

    ReplyDelete
  12. ලොක්කා නැතෙයි,මේ කියන කන් දන්නෙත් නැහැනේ.

    ReplyDelete
  13. Even a junior executive in a private institution has an appointment diary, work schedule, to do list sort of things. But the highest executive in this so called Socialist Democratic Republic has no such task map. What he is doing is going to temples all over the country, cuddling kids and engaging big useless tamashas. So he can go abroad or do whatever things he likes.
    He is so lucky, Obama or Modi cannot do that. Can you remember when our MR invited John Key NZ Premier to watch T20 semis in India (2012, I suppose) latter had courteously declined saying his appointment diary is full. The former is lucky, he hasn't such a thing.

    ReplyDelete
  14. Obamatath Chinagen kommis ganna hetiUgananna gennagena kiyalai AAranchi.

    ReplyDelete
  15. මරා බුවා අයිස් බාල්දිය නන්න ගිහින්ලු වැඩේ සෙට් උනේ. ඒ එල් එස් ඇසෝසියේශන් එකට අපි සල්ලි එකතුකරල දෙන්න වටිනවා ඔය සංකල්පය ගෙනාවට!

    ReplyDelete
  16. *****************************************************************
    See LankaeNEWS facebook page, some new information is there....

    මැදමූලන පර්සි මහේන්ද්‍රගේ රෝගී තත්ත්වය මුත්‍රා සමග රුධිරය වහනයක්: හූස්ටන් රෝහලේ පැය 24 පුරා දැඩි අවධානයෙන්----

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා