තමන් කරන පාදඩකම් පුතුන්ටත් උරුම කරන තාත්තලා

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමති එස්.බී. දිසානායකගේ පුත් නාරද දිසානායක ජනාධිපති විසින් හඟුරන්කෙත ශ්‍රිලනිප සම සංවිධායක ලෙස පත් කරන ආකාරයයි. 

මෙහි සිටින ජනාධිපතිවරයා ද තමන්ගේ එක පුතකු පාර්ලිමේන්තුවට පත් කර ඇත. ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේ හා තවත් බොහෝ පක්ෂවලත් තාත්තලා මෙසේ කර තිබේ. 

මේ තාත්තලා ඇත්තෙන් ම තමන්ගේ දරුවන්ට ආදරය කරනවා ද? මහජන මුදලින් තමන් විඳින සැප යයි තමන් සිතන ජීවිතය තම දරුවන්ටත් අත් කර දීම ඔවුන්ගේ අරමුණ බව පෙනේ. 

එහෙත් ඔවුන් ඇත්තෙන් ම කරන්නේ තමන් කරන හොරකම්, දූෂණ හා වෙනත් පාදඩ ක්‍රියා තම දරුවන්ටත් උරුම කර දීම නොවේ ද?

අපට එදිනෙදා ජීවිතයේදී හමු වන සාමාන්‍ය අපරාධකරුවන් අතර ද මීට වඩා හොඳ මිනිස්සු සිටිති. වාස් ගුණවර්ධන වැනි කුලියට මිනී මරන්නන් හැර වෙනත් කුලී මිනීමරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන් තමන්ගේ රස්සාවට යොමු වනවාට කැමති නැත. 

තමන් කරන වෘත්තිය තම දියණියන්ටත් උරුම වීම වළක්වා ගන්නට උත්සාහ කරන ගනිකාවෝ ඕනෑ තරම් සිටිති. 

දරුවන්ට හොඳ ම දේ දෙන්නට මව්පියෝ හැම විට ම උත්සාහ කරන සමයක තමන් විසින් කපනු ලබන තමන්ගේ ද දෙපා යටින් කැපෙන වල කපන්නට දරුවන්ට උරුම කර දෙන මෙවැනි තාත්තලාගෙන් මේ රටේ ජනතාවට සෙතක් බලාපොරොත්තු විය හැකි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. කොටියම කාපං

      Delete
  2. පැරා පැරාගේ දරුවන් යොමු කරන්නේ සමාජවාදය දෙසටද, පරිභෝජනවාදය වෙතටද?

    ReplyDelete
    Replies
    1. මාතලන් මැතිඳ,

      මෙයත් ඇසිය යුතු පැනයක්ද ? අප මහ බ්ලොග් කතු පැරකුම් ජයසිංහයන් තම දරුවන් සමාජවාදය වෙතට යොමු කරන බවට ඔබ අබැටක තරම්වත් කුකුසක් තබා ගත යුතුද?

      මෙවැනි පදනමක් නොමැති පැන නගීම නුඹ වැනි බ්ලොග් අවකාශය වර්ණවත් කල අයකුට තරම් නොවේ.

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete
    2. මාතලන්ගේ පවුලේ අය ගැන කවුදෝ කතාකල විට මල පන්නවාගත් මාතලන් පැරාගේ දරුවන් ගැන මෙසේ කීම හරිද?

      Delete
  3. බොහොම වැදගත් ප්‍රශ්ණයක්. රත්වන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුව දිය කෙලියේ කියනවනෙ

    ReplyDelete
  4. තම වෘත්තිය තම දරුවනට දායාද කර දිය යුතු නොවේද?
    හෙළ සිරිත එයයි පැරකුම්!

    ReplyDelete
    Replies
    1. පෙණේ පෙනේ කතන්දර

      Delete
  5. Dawalta Samajawadi,Reta Paribojana wadi,Api ehemai.

    ReplyDelete
  6. කාලිංග මාඝල, පෘතුගීසීන්, ලන්දේසීන්, සුද්දන් අපේ රටින් කොල්ල කාගත් ධනයටත් වඩා වැඩි ධනයක් මේ දේශපාලන මංකොල්ලකරයො අපේ රටේ, අපේ ධනය මංකොල්ල කාල තියෙනව මේ ටික කාලයට. අපිවත් නයකාරයො කරල. උපදින්න ඉන්න දරුවොත් නයකාරයො කරල.

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද මචන්? උඹ කීයක් ගෙවන්න තියෙනවද ණය? කවදද ඒව ගෙවන්නෙ? වාරිකයට කීයක් ගෙවනවද? උබල නිකන් කතා කරන්නෙ උබල අතින් මාසිකව ණය වාරිකය ගෙවනව වගේනෙ. අනේ බොරු නොකිය ඉදහන් බන් අපි ණය බැංකු වලටයි පොළි මුදලාලිලට්යි විතරයි, උඹ ඒව ගෙවපන් පණ්ඩිත කතා කියවන්නෙ නැතුව.

      Delete
  7. මොනවා කරන්නද දුක තමයි නඩුයි, බඩුයි දෙකම හාමුදුරැවන්ගේ වෙනකොට අපි කටයි, *කයි දෙකම වහන් ඉමු..

    ReplyDelete
    Replies
    1. පුක යනු කුණුහරපයක් නොවේ (කතන්දර කාරයා ). තරු ලකුණු දැමීම අනවශ්‍යයි

      Delete
    2. පැරකුම් ජයසිංහයන් විසින්ද ඒ බව තහවුරු කොට තිබුණු බව මගේ මතකයට නැගේ.

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා