රා.ප.න.ක.දූ.ගැ.හො.පො. හෙවත් රාජපක්ෂ පවුලේ නමින් කරන දූෂණ ගැන හොයන පොලිසිය

රාජපක්ෂ පවුලේ නම විකුණමින් කරන ගසා කෑම් ගැන සොයා බලන්නට වෙනම පොලිස් ඒකකයක් පත් කර තිබේ.

රාජපක්ෂ පවුලේ ගසා කෑම් ගැන සොයන්නට නම් පොලිස් ඒකකයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ගැන කතා කරලා වැඩක් නැත. 

රාජපක්ෂ පවුලේ අයට දෙන්නට යයි කියමින් පගා ඉල්ලන තත්වයක් රටේ නිර්මානය වී තිබෙන්නේ නිකම් නොවේ. රැකියා විරහිත රෝහිත රාජපක්ෂලා එක්ලක්ෂ පනස්දාහේ සපත්තු පළඳින්නේ ද, මේ රටේ යන එනමං නැතිව ඇමරිකාවේ පොඩි පොඩි රස්සාවලට ගිය සහෝදරයින් දැන් ලෝක මට්ටමේ ධන කුවේරයින් වී සිටින්නේ ද අන්න ඒ තත්වය තුළ ය. 

හොයනවා නම් හොයා ගනු. අද වන විට රජයේ හා රජයේ ව්‍යවසායන්ගේ රස්සාවක් අලුතින් ගන්නට පමණක් නොව, උසස්වීමක් ගන්නටත් දේශපාලකයන්ට පගා දිය යුුතු ය. ඇතැම් සාන්තුවර ඇමතිවරු පගා ගන්නේ පන්සල් හදන්නට, අරකට-මේකට කියා ය.

ඔය තරග විභාග අරවා මේවා දැන් තනිකර ම බොරු ය. රස්සා සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ගෝල බාලයන් පවා කියන්නේ පවුලේ අයට කුට්ටිය දිය යුතු බව ය. 

අපි නො දන්න බිස්නස් ක්ෂේත්‍ර යේ තත්වය ඊට එහා ය. පවුලට හා ඇමති ඇම්බැට්ටයන්ට කුට්ටිය නොදී බිස්නස් එකක් කරන්නට බැරි බව ඒවා කරන අය කියති. 

සංවර්ධනය නමින් ගිනි පොළියට ගත් ණයෙන් කෙරෙන ඉදිකිරීම් කොන්ත්‍රාත් පසුපස තිබෙන්නේ කොමිස් කුට්ටි බව නොදන්නේ කවුරු ද? 

ඔය දැන් විමර්ශන කරන්නට යන්නේ ඒවා ගැන නොවේ. මරිසිකාරයන් විසින් දෙනු ලබන, සාපේක්ෂව පොඩි පහේ ගේම් ගැන ය.

රාජපක්ෂ පවුලේ නමින් ජාවාරම් කරන්නට විවිධ පුද්ගලයන්ට අවස්ථාව ලැබුණේ රාජපක්ෂ වුලේ ම වරදිනි. අවසානයේ ඒවා ගැන විමර්ශන කරන්නේ මහජන මුදලිනි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Replies
    1. තෝ කොටියම කාපන්. (පැරා නෙවෙයි නම්.) හිටපිය ඊගාව පාර මම එක වෙනවා.

      Delete
    2. මගෙ යාලුවෙක් එක වෙලා මැරුණා.

      Delete
    3. මං හිතන්නෙ උඹේ යාළුවා අද එක වෙච්චි එකා වෙන්න ඇති. ඌ කොටියා කාල මළා. ආදාහනය බ්‍රහස්පතින්දා.

      Delete
  2. පැරා, දැන් සමාජවාදී සමාජයක් ඇති කළාම ඕවා නැති වෙනවද නැත්නම් උන් ඊටත් වැඩීයෙන් හොරා කනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම උනේ නෑ කියමු... එහෙම කියලා රාජපක්ෂට මෙහෙම කොරගෙන යන්න දෙන්න කියලද ඔයා කියන්නෙ?

      Delete
    2. Anonymous August 19, 2014 at 7:29 AM --->>
      මනුස්සයෝ, සමාජවාදය යි කොමියුනිස්ට්වාදය යි පටලවා ගන්න එපා. බටහිර යුරෝපීය රටවල ධනවාදී අර්ථ ක්‍රමයක් තිබුණාට සමාජවාදයත් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි ඒ රටවල උදාහරණයක් වශයෙන් කිසිවක් කර කියා ගැනීමට නොහැකි පුරවැසියන්ට ජීවත් වීමට සෑහෙන දීමනාවක් ලැබෙන්නේ. කොමියුනිස්ට් රටවලයි ගෝත්‍රික රටවලයි තමයි පාලකයෝ මහජන මුදල් ගසා කන්නේ.

      Delete
    3. ඒ කියන්නේ තියෙන බටහිර යුරෝපීය රටවල ධනවාදී අර්ථ ක්‍රමය හොඳයිද?

      Delete
    4. @ Anonymous August 19, 2014 at 7:59 AM -->>
      ඇත්තෙන් ම හොඳ යි.

      Delete
    5. @AnonymousAugust 19, 2014 at 7:35 AM

      ඉතින් ඊළඟට එන එකාත් මේ වගේම හරි මීට වැඩිය හරි හොරෙක් නම් ඇයි බං අපි ඌව බලයට පත් කරන්න ඉක පුරා ගන්නෙ? මොකද ඌ හොරා කෑවය මූ හොරා කෑවය කියල අපට වෙනසක් තියේයැ? රාජපස්ස හොරා කෑවත් එකයි, අජිත් පැරකුම් හොරා කෑවත් එකයි මට නම්. එකෙකුට වැඩිය අනෙකා හොඳ වෙන්නෙ කොහොමද?

      Delete
    6. /බටහිර යුරෝපීය රටවල ධනවාදී අර්ථ ක්‍රමයක් තිබුණාට සමාජවාදයත් ක්‍රියාත්මක කරනවා./

      මම මේ කියමන පිළි ගන්නෙත් නෑ හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. එකම ප්‍රශ්නයක් තියෙනවා. ඔය බටහිර යුරෝපීය රටවල ක්‍රියාත්මක වන සමාජවාදයයි පැරා කියන සමාජවාදයයි එකක්ද?

      Delete
    7. /මම මේ කියමන පිළි ගන්නෙත් නෑ හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ/

      සන්නස්ගල වගේනෙ

      Delete
    8. දැන් උඹට පෙනුණෙ නැද්ද අර උඩ ධනවාදී අර්ථක්‍රමයක් තිබුණාට සමාජවාදය ක්‍රියාත්මක වෙනවාය කියාපු එකා? ඌ සන්නස්ගල වගේ නෙවෙයිද?

      Delete
    9. AnonymousAugust 19, 2014 at 9:55 AM
      ඔය දෙකේ වෙනසක් තියනව. වෙනසක් නෑ කියල හිතෙන්නෙ අර බල්ලගෙ ඇඟේ ඉන්න මැක්ක වගේ නියත ප්‍රමාණයක් ලේ බීල ඉන්නව නං තමයි. දේශපාලකයන් මැක්කට සමාන කලොත් නං ඉන්න මැක්ක හලල අලුත් එකෙකුට චාන්ස් එකක් දීම තේරුමක් නෑ. ඌත් බඩ පිරෙනකල් ලේ බීල තමයි නවතින්නෙ.
      නමුත් කරුමෙකට දේශපාලන මැක්කො එහෙම නෙවේ. උන් බලයේ සිටින කාලයට ලේ බොන්නෙ සෑහෙන්න වැඩිවන වේගයකින්. උදාහරණයක් විදියට ලංකාවෙ ඕනම ජනාධිපති කෙනෙක් දෙවන ධූර කා‍ලයේදි හිතුවටත් වැඩිය නරක තත්වයට පත්වුනා. මම නං කැමතියි අලුතෙන් පාලකයන් මාරු වෙනව නං. හොරාකෑම ටිකක් වත් අඩුවෙනව එතකොට. දැන් තියෙන්නෙ කාගෙන කාගෙන ගිහිල්ල ඒ මදිවට තමන්ට පස්සෙ පුතා ඒ තැනට පත්කරගන්න දඟලන පාලකයන් නෙව. උඩම තැනට වගේම ඊට ටිකක් පහල උදවියටත් මේක අදාලයි.

      Delete
    10. @ Anonymous August 19, 2014 at 9:57 AM --->>
      මගේ කියමන පිළිගන්න/නොගන්න එක තමුන්නැහෙගේ වැඩක්. තමුන්නැහේ බටහිර යුරෝපයේ රටක ඉඳන් එන හුළඟ වත් නොවැදිච්ච කෙනෙක් කියලා පැහැදිලි යි. අද ලංකාවේ ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රමය, අර්ථ සාධක ක්‍රමය, පැය අටේ සේවා මුරය, වෛද්‍ය නිවාඩු, මාතෘ නිවාඩු, ෂෝට් ලීව්, වෛද්‍ය රක්ෂණය යනාදී සමාජවාදී ලක්ෂණ සේරම ආසියාවේ වැඩවසම් සමාජවලින් නෙවෙයි, බටහිර යුරෝපයේ ධනවාදී සමාජවලින් බිහි වෙච්ච ඒවා.

      පැරා ප්‍රාර්ථනය කරන සමාජවාදය මට පැහැදිලි මදි නිසා තමුන්නැහේගේ ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න හැකියාවක් නෑ මට.

      Delete
    11. දැන් මං සිංහලෙන් කිව්ව නේද මං ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ, මං නොදන්න නිසා හැබැයි පැරා කියන සමාජවාදය ඒක නෙවෙයි කියලා. පැරා කවදාවත් බටහිර යුරෝපීය රටකට හොඳයි කියනව මම අහල නැහැ.

      Delete
    12. @ Anonymous August 19, 2014 at 3:32 PM --->>
      මමත් පැරා බටහිර යුරෝපීය රටවල් හොඳයි කියලා ලියලා තියෙනවා දැකලා නැහැ. ඒ රටවලත් ජනයා බොහෝ දේ පරිභෝජනය කරනවා. ඒ වගේම අධික තණ්හාවෙන් පෙළෙන අයත් ඉන්නවා. ඒත් මට මෙතැනදී කියන්න ඕනෑ වුණේ ඒ රටවල අර්ථ ක්‍රමය ධනවාදී වුණාට සමාජවාදී ගුණාංගත් බොහොමයක් පවතිනවා කියලා. විශේෂයෙන් ම ප්‍රංශයේ සහ ස්කැන්ඩිනේවියානු රටවල මෙය දකින්නට ලැබෙනවා. කොටින් ම ඒ රටවල ඇත්තේ පුරවැසියා ප්‍රමුඛ කර ගත් ක්‍රමයක්. ලංකාවේ (විශේෂයෙන් ම 1978 සිට) ඇත්තේ පාලකයා ප්‍රමුඛ කර ගත් ක්‍රමයක්.

      Delete
    13. ඇත්ත වෙන්න පුළුවන් හැබැයි පැරාලා අපිව නාස් ලනුව දාගෙන එක්ක ගෙන යන්නෙ එතැනට නෙවෙයි. ඔය වගේ සමාජයක් ඇති කරන්න ප්‍රතිපත්තියක් ඇති එකම දේශපාලන පක්ෂයක් වත් ලංකාවේ නැහැ. තිබුණෙත් නැහැ. අඩු ගාණේ එහෙම කළ යුතුයි කියන ත්‍රී වීලර් පක්ෂයක් වත් නැහැ.

      Delete
    14. මොහොමයක් බටහිර රටවල් welfare societies... හැදෙන්න පුලුවන් එකාට ඊට අවස්ථාවත් බැරි එකාට සොච්චම්ක් දීල ජීවත් වෙන්න අවස්ථාවත් දීලා තියෙන ක්‍රමයක්. social economy තියෙන රටවලුත් තියෙනවා. උදා: ජර්මනිය

      Delete
    15. //ඔය වගේ සමාජයක් ඇති කරන්න ප්‍රතිපත්තියක් ඇති එකම දේශපාලන පක්ෂයක් වත් ලංකාවේ නැහැ. තිබුණෙත් නැහැ. අඩු ගාණේ එහෙම කළ යුතුයි කියන ත්‍රී වීලර් පක්ෂයක් වත් නැහැ.//

      @AnonymousAugust 19, 2014 at 4:31 PM
      අපි එකහින්ද පුරුද්දක් විදියට මහින්දට කතිරේ ගහනවා. එහම කරලා ඇති වුනාම රනිල්ට කතිරේ ගහනවා. එහෙමත් නැත්තම් චන්දෙ නොදා බ්ලොග් වල කොමෙන්ට් දාන එක විතරක් කරනවා. ඔය එකක්වත් කරගන්න බැරිවුනොත් රට යනවා. රට ගිහිල්ල ලංකාව හදන්න කොමෙන්ට් කරනව. නේද ?

      Delete
    16. නෑ අපි ජෙප්පන්ට පුක දෙනවා.

      Delete
  3. එක්දාස් නවසිය අසූ ගණන්වල පාසල් දරුවකු වූ මා ලංකාවේ කවදාවත් සිම්බාබ්වේ, කොංගෝව (එකල සයියර් නමින් හැඳින් විණි ), ලිබියාව, මාලි, නිජේර්, උගන්ඩාව, ස්වාසිලන්තය යනාදී නොදියුණු ගෝත්‍රිකයන් ජීවත් වන රටවල බිහි වන ආකාරයේ පරපුටු පාලකයන් බිහි වේ යැයි සිහිනයකුදු නොසිතුවෙමි. එහෙත් දැන් ඒ අප්‍රිකානු ගෝත්‍රික රටවලත් ලංකාවත් අතර කිසිදු වෙනසක් නොමැත. වර්තමාන පාලකයන් ගෝත්‍රික අප්‍රිකානු රටවල මිත්‍රත්වය අපේක්ෂා කළේ ඒ නිසා විය හැක. අඩුවකට ඇත්තේ ලංකා දූපත අප්‍රිකානු මහාද්වීපය අසල නොපිහිටා තිබීමයි.

    ප.ලි. -- කොංගෝවේ හිටපු පාලක මොබූටු සෙසි සෙකෝ තමුන් හට කොණ්ඩය කපා ගැනීමට සිතුණු විට මහජන මුදලින් යුරෝපයේ බෙල්ජියමෙන් ඉස්තරම්ම කේශාලංකාර ශිල්පියෙකු ගුවන් යානයකින් ගෙන්වා එම කටයුත්ත ඉටු කර ගැනීමට පුරුදු වී සිටියෙකි.

    ReplyDelete
    Replies
    1. උඹගේ හීන ඇත්ත වෙන්නම ඕනද? වෙන මොනවද උඹ හීනෙන් දැක්කේ?

      කොන්ගෝව වගේද අපි. බාලපටබැඳි මහත්තය රැජිනගේ ලියන අප්පු කම කරන කොට කොන්දේ කැක්කුමට බෙහෙත් ගන්න සිංගප්පුරුවට ගියේ ජනාධිපති අරමුදල කියන එකේ සල්ලි වලින්. ලියනප්පුට එහෙම සලකන එකේ රජතුමාට කොහොම සලකනවද කියල හිතාගන්න පුළුවන් නේ. උඹත් රජ උනොත් අපි උඹට සලකන්නෙත් එහෙම තමයි. ඒහින්ද හීන බල බල සරම තේමා ගන්නේ නැතුව රජ වෙන විදියක් කල්පනා කරපන්. නැත්නම් ඉරිසියා නොකර රජාට සලකපන්. ඉරිසියාව අඩු වෙන්නෙම නැත්නම් කුහක කමත් ඇති කරගනින්. ඊට පස්සේ බ්ලොග් එකක් ලියපන්.

      Delete
    2. රැජිනි ගහපු ගැහිලිත් සුළු පටු නෑ ගොයියෝ.

      Delete
    3. රැජින ගහපු ගැහිල්ල = x
      රජා ගහන ගැහිල්ල = (5x+ 25,900) * (123x + 56,234) * (876x+2134)* (912x+6734)

      Delete
    4. රජා ඔහොම ගහනවා කියල රැජින ගහපු ගැහිල්ල කමක් නෑ කියනවද? එහෙනම් ඔය දැන් ඉන්න ඇමතියෝ ගහන එක කතා කරන්නවත් දෙයක් නෙවි.

      රැජිනට රජා තරම් ගහන්න බැරි උනේ ගහන එකවත් හරියට කරන්න බැරි හින්ද මිසක් රැජිනගේ හොඳකට නෙවි.

      Delete
    5. අනේ නැහැ, ඒ දවස් වල අපි කොයිතරම් බැන්නත් මේ මැදමුලන ගං කබරයින්ට වැඩිය හැදියාවක් රැජිනට තිබුණා.

      Delete
    6. වරද කවුරු කලත් වරදමයි. රජ පවුල එක්ක තරහ නිසා උන් ගහන එක වැරදියි අනිත් උන් ගහපුව මොනවද ඉතින් කියල කියන එකෙන් ගැහිල්ල නතර වෙන්නේ නෑ. ඉර කැපුවම යන්න දෙන්න සල්ලි ගන්න පොලිස් කාරයා ඉඳන් ලයිසන් දෙන්න සල්ලි ගන්න ඉන්ස්පෙක්ටර් සිට වරාය සභාපති, සජින් වාස් හරහා රජ පවුල දක්වාම වැරැද්ද වැරද්දමයි.

      වෙනස තියෙන්නේ ගහන්න ලැබෙන අවස්ථාවේ සහ ගැහීමට ඇති දක්ෂතාවයේ වෙනස විතරයි. රුපියල් 100 ගන්න පොලිස්කාරයා සජින් වාස් ඉන්න තැන හිටියොත් වෙනසක් කරයි කියල හිතනවද? වෙනස් උනොත් වෙනස් වෙන්නේ අර ගැහීමේ දක්ෂතාවය මත වෙන වෙනස විතරයි.

      Delete
    7. ගැහිල්ල හැමදාම තිබුණා. ඒත් ඒකට නිල වශයෙන් පිළි ගැනීමක් ලැබුණේ 2005 න් පසුව.

      Delete
    8. රැජින රජාව යට කරගෙන පොල් ලෙලි ගහනවලු

      Delete
  4. නමින් සිදුවන ගසාකෑම් වෙන්නෙ මෙහෙමයි.
    හෙන්චයියො ගසා කනව. එයින් ලොකු කුට්ටියක් උඩටත් යනව. මොකක් හරි කේස් එකක් වෙලා වැඩේ පත්තු උනොත් උඩ ඉන්න අය අත පිහදාගන්නව 'නමින් කරන ගසාකෑම්' ගොඩට දාල. වර්චස් වෙන්නෙ නැතිව කරන උදවියට අවුලක් නෑ. මේ වගේ දන්න සිද්ධි ගනනාවක් තියනව.

    ReplyDelete
    Replies
    1. / මේ වගේ දන්න සිද්ධි ගනනාවක් තියනව. /

      ඕව කියපල්ලකෝ. මම කියන්නේ අල්ලස් කොමිසමට කියන්න කියල නෙවි. මිනිස්සුන්ට දැනගන්න ප්‍රසිද්ධ කරන්න කියල. අර විජේපාල මෙන්ඩිස් පොල්වත්තක් අරගනිපු එක ප්‍රසිද්ධ කරේ. ඒ වගේ.

      Delete
    2. ප්‍රසිද්ධ කළාය කියල මොකද්ද ඇති වැඩේ? මේ රටේ මිනිස්සු දන්නව මුන් හොරා කන බවත් ඒ හොරා කන ප්‍රමාණයත්. ඒත් ඒක උන්ට වැදගත් නෑ කාරණා දෙකක් නිසා. එකක් හැම එකාම බලාගෙන ඉන්නෙ උන් වගේම අපට හොරා කන්න ලබෙන්නෙ කවද්ද කියලා. දෙක තමයි මේ හොරා කෑම නිසාම තවමත් මිනිස්සුන්ට රිදෙන්න දැනිලා නැහැ. කකුලුවා වතුර උණුවෙනකල් දිය සැළියේ හිටියා වගේ පීන පීනා ඉන්නවා.

      Delete
    3. /ප්‍රසිද්ධ කළාය කියල මොකද්ද ඇති වැඩේ? මේ රටේ මිනිස්සු දන්නව මුන් හොරා කන බවත් ඒ හොරා කන ප්‍රමාණයත්./

      උඹ කියන කුලකයේ මිනිස්සු ඉන්නවා. එත් තව සමහර මිනිස්සු ඉන්නවා ඕව මඩ ගහන්න කියන කතා කියල කිව්වම ඒක පිළිගන්න. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේවා ඇත්තද කියල හොයන තත්වෙට ගේන්න පුළුවන් ඕව ප්‍රසිද්ධ කරොත් සාක්ෂි සමග. උන් චන්දෙ දෙන එක නවත්තන්න එක පාර බැරිවෙයි. නමුත් ක්‍රමයෙන් ඔවුන් වෙනස් වෙයි සහ පිරිස වැඩිවෙයි.

      Delete
    4. ///ප්‍රසිද්ධ කළාය කියල මොකද්ද ඇති වැඩේ?//

      හොරා කන උන්ට අහුවෙන එක අඩුවෙනව ( මොලේ තියෙන සුළු කොටසක් විතරයි හැබැයි )

      Delete
    5. අභියා වගේ හොරුන්ට අහුවෙන්න තරම් මෝඩ උඹලම තමයි ඕවා දන්නෙ.

      Delete
    6. //අභියා වගේ හොරුන්ට අහුවෙන්න තරම් මෝඩ උඹලම තමයි ඕවා දන්නෙ//

      ඔන්න පේනවද වංචාකාරයො එලි කරන අයට වෙන දේ! ඔය හින්ද තමයි සමාජයෙ බහුතරය "අහවලා මෙහෙමයි හොරා කන්නෙ" කියල එලිපිට නොකියන්නෙ. ඉන් පස්සෙ නිකං මොකටද තමන් ඉල්ලන් කන්නෙ.

      Delete
    7. උපශාන්තව බයිට් කරලා පොඩි ආතල් එකක් ගත්තට එතැනදී ඇත්තටම සාක්ෂි සහිතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම නිසා අභීතට මිනිස්සු අහුවෙන එක නතර වුනා.

      ඒ වගේ ලොක්කන්ගේ කේස් සාක්ෂි සහිතව එලි කරොත් රැවටෙන සංඛ්‍යාව අඩුවෙයි. ප්‍රසිද්ධ කළාය කියල මොකද්ද ඇති වැඩේ? කියන ප්‍රශ්නෙට පිළිතුරක් එතන තියෙනවා වගෙයි.

      Delete
    8. //උපශාන්තව බයිට් කරලා පොඩි ආතල් එකක් ගත්තට //

      කබර හමක් තිබ්බ හින්ද මම අල්ලගෙන හිටියට හැමෝමට ඒ බයිට් එකෙන් එන පීඩනය දරා ගන්න බෑ මචෝ. ඒ නිසා බහුතරය නිහඬවෙනව නිකන් බයිට් වෙන්නෙ මොකටද කියල. එකෙන් අන්තිමට වෙන්නෙ අපේ ආතල් එක නිසා හොරු වීරයො වෙන එක විතරයි.

      Delete
    9. Anonymous August 19, 2014 at 11:06 AM
      ++++++++++++++++++++++++

      Delete
    10. මම දන්න තරමින් නම් අභීත හොරෙක් නෙවෙයි. ඇත්ත තමයි. ණය ගෙවන්න පරක්කු කරන මනුස්සයෙක්. ඒ එයාගෙ මුදල් කළමනාකරණයේ දුර්වලතාවයක් මිස හොරකමක් නෙවෙයි. ප්‍රමාද වෙලා හරි නූලට ගණන් බේරනවා. අනුන් වයින් කරලා අභීතට ගහලා ඉන්දිකට වුණේ අන්තිමට තමන්ගේ සල්ලි ටික නැති වෙච්චි එක විතරයි. අනේ මෝඩ ඉන්දික. ඔය විකාර නොකළා නම් මෙලහට සල්ලි හම්බ වෙලා.

      Delete
    11. අභීත.. ඔයාගෙ ඔය කතා මුකුත් නොදන්න බබ්බුන්ට කියන්න. එතකොට සහන් රංවලගෙ කේස් එකේ ඌ නඩු දැම්මෙ ඌවත් කවුරු හරි ෆෝම් කරලද? අර අලුත්කඩේ උසාවියෙන් අල්ලල රිමන් කරවපු නඩුව කවුරු ෆෝම් කරල දාපු එකක්ද?

      Delete
    12. මාත් අභීත එක්ක ගණුදෙනු කරන කෙනෙක්. හැබැයි අද දක්වා මගේ ගණුදෙනු නම් හරියටම බේරලා තියෙනවා. සමහරවිට සල්ලි ගන්න පොඩ්ඩක් පස්සෙන් යන්න ඕනැ තමයි. ඒක පොඩි ඇණයක්. හැබැයි අනෙක් අතට අභීත මට පෞද්ගලිකව ගොඩාක් උදව් කරල තියෙන නිසා ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔය බොරු චෝදනා කරන්නේ සැබෑ අභීත නොදන්නා පුද්ගලයින්.

      Delete
    13. මහින්ද උඩ ඉඳන් පහලටම හෙන්චයියො පත් කරගෙන උන්ට හිතේ හැටියට රට කන්න/ හොරා කන්න දීල තියනව කියන එක නම් කාටත් පේන දෙයක් නෙ. පොඩි ලෙවල් එකේ ඉඳන් ගසා කන ඒවයින් කුට්ටියක් **ඉහලට යනව** කියන එකට ඔප්පු කරන්න බැරි වුනත් අඩු ගානෙ කන්වින්සිං කේස් තියනව නම් ඒව කියන්න පුලුවන් කෙනෙක් කියන එක තමා හොඳ.

      දැන් මේක කිව්වම ඇනෝ ල එයි කරේ නගින්න ඒත් "ඉන්න එකා එලවන්න නම් ඕනෙ එකක් කිව්වට කමක් නෑ, මේව හොයා බල බල මහන්සි වෙන්න දෙයක් නෑ" මානසිකත්වෙත් අපිට කෙල වෙන්න එක හේතුවක්. මොකද බොරුව ඇඟට පත්තියම් වුනු සමාජෙකට ඊට පස්සෙ කවදාවත් ඒ ගති තුරන් වෙන්නෙ නෑ මොකා බලේට ආවත්, උන්ම තමා ඊලඟට හිතන්න පටන් ගන්නෙ "මේ අපේ ආණ්ඩුව, මේක තියා ගන්න මොනව කළත් කිව්වත් කමක් නෑ" කියල. (ඔය මහත්මා දේශපාලනයක් තිබුන කියන කාලෙ නෙ සමාජවාදෙ ආවොත් පන්සල් කුඩු කරනවා කියල චන්ද ගත්ත කියන්නෙත්) . මේ සැර අඩු වර්ෂන් වලින් හොරුන්ට වෙන ලොකු හානියක් නෑ මිනිස්සු නිර්වින්දනය වෙලා ටිකෙන් ටික කම්මලේ බල්ල වගේ වෙනව ඇරෙන්න.

      2010 දිත් කතා ගියා රක්ෂන සංස්ථාව ගෝඨාබය අරන්, ලලිත හෝටලේ මහින්ද අරන් එහෙම. වික්ටර් අයිවන් ඔය කතා විවේචනය කරල රාවයට ලිව්ව. බුවා ගොට්ටෙක් කියල බැනුම් ඇහුව ඇරෙන්න (ගොට්ටෙකුත් තමයි ඒක වෙනම කතාවක්) අර කියපුවට කවුරුවත් උත්තර දුන්නෙ නෑ. දැන් අර කතා කියපු උනුත් හොයා ගන්න නෑ. ඊලඟට ඇත්තක් කිව්වත් මිනිස්සුන්ට ගානක් නෑ.

      පුංචි තැන ඉඳන් ගහන ඒව උඩට යනව කියන එකට හුදු කට කතා විතරක් නොවෙන කරුණු තියනව නම් මොකක් හරි ක්‍රමයකින් ඒව එලියට දාන්න පුලුවන් නම්, මම හිතන්නෙ දැක්කම අහක බලන්න බැරි අවංක මිනිස්සු කීප දෙනෙක් හරි කන්වර්ට් වේවි. ඒ ඇරුනම ගහන එවුනුත් ටිකක් හරි බය වේවි.
      (ඉන්දික කිව්වට එහෙම ''අහුවෙන උන්' කියල බෝදිසත්වයො ජාතියක් නෑනෙ, අභීතට උඹ සල්ලි දුන්න වගේ නෙවෙයි දේශපාලකයන්ට සල්ලි දෙන උන් දෙන්නෙම තමන් කරන්නෙ හොර කමක් කියල දැනගෙන. මේ බ්ලොග් එකේ ඉන්නව වගේ සත් ගුණවත් සාධාරණ අවංක මහත්තුරු නෙවෙයි නෙ එලියෙ ඉන්නෙ.)

      Delete
    14. ඉන්දික මොළකාරයා. යන්න පුළුවන් දුර ප්‍රොෆයිල් එකෙන් යනවා. ඊට පස්සෙ ඇනෝ යනවා. හා හා ඔහොම යං ඔහොම යං...

      Delete
    15. // අනෙක් අතට අභීත මට පෞද්ගලිකව ගොඩාක් උදව් කරල තියෙන නිසා ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. //

      අභීත ගෙන් එහෙම පුද්ගලික උදව් අරන් නැති උන්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේ මචෝ. උඹේ සල්ලි නොදුන්නු එක උඹට ප්‍රශ්නයක් නොවෙන්න ඇති, ඒක හරි. අනික් උන්ට පොලු තියපු එකත් උඹට ප්‍රශ්නයක් නෙවෙයි ද අභීත උඹට උදව් කරල තියන නිසා? වැදගත් ප්‍රශ්නෙ ඒකයි.

      මචං මේ ලිපියෙ කියන ඔය රාජපස්ස හෙන්චය්යන්ට මිනිස්සු පගා දෙන්නෙත් "උදව් කරගන්න" තමයි.

      Delete
    16. ඇයි ඉන්දික අපි අපිම රවට්ට ගන්නෙ? ඔය ඇනෝ විකාරය නතර කරලා ආපහු ප්‍රොෆයිල් වරෙන්කො කියලා දෙන්න.

      Delete
    17. අභීත කවුද කියලා වගේම උඹ කවුද කියලත් අපි දන්නව ඉන්දික. ප්‍රොෆයිල් එකෙන් එනකොට නම් උඹ තරම් සුද්දවන්තයෙක් තවත් නැහැ. හැබැයි නියම ඉන්දික කවුද කියලා අපි දන්නවා. අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙවෙයිනෙ මචං.

      Delete
    18. //මේ බ්ලොග් එකේ ඉන්නව වගේ සත් ගුණවත් සාධාරණ අවංක මහත්තුරු නෙවෙයි නෙ එලියෙ ඉන්නෙ//

      උඹෙ ඔය කතාවට මට මතක් උනේ අටමගෙ මෙන්න මේ සිංහල බ්ලොග් කාරයො ගැන දීපු පට්ට නිර්වචනෙ.

      අනික තමයි සිංහල බ්ලොග් කාරයෝ අතරේ නැනේ ඔය ටෙන්ඩර් මගඩි කරන කොමිස් ගහන අඩුම තරමේ පාරේ වැටිලා තියන රුපියල් පහක්වත් සාක්කුවට දාගන්න එකෙක්වත් , ඒ විතරක් යැ පොඩි කාලේ බිජු කොටෝපු , කෙල්ලන්ව දං කඩන්ඩ එක්ක ගිය එකෙක්වත් නැ , සත්තු මරණ උන් නැ , කුණුහාරප කියන උන් නැ , ගහමරාගන්න උන් නැ , කොටින්ම ඩබල් ඉරි කපල ඉස්සර කරන , කන්තෝරුවෙන් ඒෆෝ කොලයක් ගෙදර ගෙනියන එකෙක්වත් නැ , රට ජාතියට පට්ට ආදරෙයි , පාරේ ඉන්න හිගන පැටියටත් උම්මා එකක් දීලා යන පොරවල් ඉන්නේ

      ඌ හොරාකිව්වට එහෙම ගමී උන්ට එහෙම නෑනෙ, ගමට සලකනවනෙ මොනා කරත්. ඔන්න ඔය චින්තනය තමයි ලංකාවෙ හොරු උද්දීපනය කරන රහස. සරදියෙලුත් පොරක් උනේ ඒකනෙ.


      ප/ලි
      කොකේසියානුවෙකු සහ අප්‍රිකානුවෙකු අතර වෙනස නොතේරෙන තරම් පීචං බුවාලාට උපශාන්තත් ප්‍රොෆයිල් ඇනෝත් දෙදෙනෙකු බව අවබෝධ කරදීමට උත්සාහ කිරීමට වඩා පවතින රජය දූෂනයෙන් තොර අවංක එකක් කරවීමට උත්සාහ කිරීම ඉතා පහසුය.

      Delete
    19. කොකේසියානුවකු යනු පුකයි

      Delete
    20. අපි කොණ්ඩේ බැඳලා නෑනෙ මචං. ඒ හන්දා ඕවා වෙන කාට හරි කියා ගනින්.

      Delete
    21. @ Anonymous August 19, 2014 at 7:48 PM
      අතීතයේ මේ දිවයිනේ විසූ ප්‍රෞඪ සිංහල පිරිමියා සතුව දිගු කේශ කලාපයක් තිබුණි. එය තම හිස වටා බැඳ ගත් කල ඔහු අභීත රණකාමියෙක් ලෙස දිස් විය. වර්තමාන සිංහලයා හට එය චිත්‍රණය කර දෙන්නේ "දිවයින" නමැති පුවත් පතයි. එහි කිහිප විටක්ම පළ කිරීමට යෙදුණු ජනක රත්නායක විසින් ඇඳි, ගාමිණි ෆොන්සේකාගේ මුහුණ යෙදූ දුටුගැමුණු නරපතියාගේ රුව එක් උදාහරණයකි. ඔබත් මේ දේශයට ප්‍රේම කරන්නෙක් නම් ඔබේ කේශය බැඳිය යුතුව ඇත.

      Delete
  5. /ඔය තරග විභාග අරවා මේවා දැන් තනිකර ම බොරු ය. රස්සා සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ගෝල බාලයන් පවා කියන්නේ පවුලේ අයට කුට්ටිය දිය යුතු බව ය. /

    ඇමතිවරුන්ගේ ජ්‍යෙෂ්ට සහකරුවෙක් "w3lanka" වෙත ප්‍රකාශ කළේය. ඇයි බොල පැරෝ උඹත් ඕපදුප ස්ටයිල් එකෙන් ලියන්න ගත්තේ දිවයිනට ඒමන්ති මාරඹේ ලියන විදියට. කීර්ති වර්නකුලසූරිය මැලේසියාවේ සිට දිවයිනට වාර්තා කරන්නෙත් ඔහොම තමයි. මේවට තව දුරටත් ඉඩ දිය යුතුද කියල තව වාක්‍යක් එකතු කරන එක විතරයි වෙනස.

    ගමේ ඉන්න වෙල්ගම කීදෙනෙක්ට රස්සා දුන්නද? උන්ගෙන් කීයක් ගත්තද? කොහොමද ගත්තේ? වගේ දේවල් සාක්කි එක්ක ලියන්නේ නැත්තේ ඇයි? අහල පහල ඉන්න රත්තරං වරායට සල්ලි අරගෙන දාපු එකෙක්වත් උඹට හොයාගන්න බැරිද? උඹට වඩා දැන් ඊනිව්ස් එකත් හොඳයි. නාමල් දීපු ලියුමක්වත් උන් උස්සල දාල තිබ්බ විස්තර එක්ක.

    ඕපදූප ගේම අතින් රජපවුල අහලකටවත් වෙන කාටවත් එන්න බෑ. උඹත් අර උඹලගේ ගමේ ඉඳන් පයින් යන්න පුළුවන් දුරක තියෙන ගමකින් ආපු අපේ වීරවංශ සහෝදරයා වගේ ගේමක් දෙනවද?

    ReplyDelete
  6. රාජපක්ෂ පවුලේ නමින් කරන දූෂණ ගැන හොයන පොලිසිය වැලක් බලනවා.

    ReplyDelete
  7. මරිසිකාරයන් යනු කවුද? මොකක්ද ඩෙෆිනිෂන් එක?

    ReplyDelete
    Replies
    1. මරිසි = மரிசி = මරිචි = mirage ?

      Delete
    2. ඩෙෆිනිෂන් එක නම් සූක්ෂම ලෙස අනුන් රවටා ඔවුන්ගේ මුදල් වංචා කරන අය කියන එක යි. ඒත් ඔයා අහන්නේ එටිමොලොජි එක මොකක්ද කියන එක යි. "මරිසිකාරයා" කියන වචනයේ එටිමොලොජි එක නම් මොකද්ද කියලා මම නම් දන්නේ නෑ.

      Delete
    3. කකා බබා. ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක කතා කරන්න ඉංග්‍රීසි දන්නවා. මරිසිකාරයෝ කවුද දන්නේ නෑ.

      Delete
    4. මරිසිකාරය = අභීත

      මීට වඩා මේකට වෙන් එක්ස්පලේනෂන් ඕන වෙයි කියල මම හිතන්නෙ නෑ!

      Delete
    5. උපශාන්ත ක්‍රෝධයෙන්!

      Delete
    6. තාම සල්ලි ලැබිල නෑ වගේ

      Delete
    7. අනේ මූ ගන්න සල්ලි. මෙහෙදි පොර වගේ කෑ ගැහුවට ලංකාවට ගියාම මීයා වගේ. මීක් සද්දයක් නෑ. අභියා කිව්වලු සල්ලි තියෙනවා ඇවිත් ගනින් කියලා. මූ යන්න ගූ බයයි.

      Delete
    8. Anonymous August 19, 2014 at 10:17 AM --->> ඉංග්‍රීසි කතා කරන්න බැරි ඊර්ශ්‍යාකාර කුහකයකුගේ ප්‍රතිචාරය තමයි ඒ!

      Delete
    9. "කකා බබා. ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක කතා කරන්න ඉංග්‍රීසි දන්නවා. මරිසිකාරයෝ කවුද දන්නේ නෑ."
      - Anonymous August 19, 2014 at 10:17 AM

      ඉංග්‍රීසි කතා කරන්න බැරි ඊර්ශ්‍යාකාර කුහකයකුගේ ප්‍රතිචාරය තමයි ඒ!
      උඹට ඉංග්‍රීසි බැරි වුණා කියලා කතන්දරට ඊර්ශ්‍යා කළාම උඹට ඉබේම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම ලැබෙනවද?

      Delete
    10. /උඹට ඉංග්‍රීසි බැරි වුණා කියලා කතන්දරට ඊර්ශ්‍යා කළාම උඹට ඉබේම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම ලැබෙනවද? /

      නෑ. ඒ උනාට කකාට බැරි උනොත් මට ජොලි. ඉරිසියා කරන එකේ ජොලිය තාම දන්නේ නැද්ද? මේ බ්ලොග් එකේ අපි ඒකට කියන්නේ මොකක්ද ජීවිතය සොයා යාමේ අනවරත අරගලය කියලා. මම බස් එකේ යනකොට අල්ලපු ගෙදර එකා බයිසිකලේක ගියා. ලඟදි ඌ හැපිලා වැටිලා බයිසිකලේ කන්ඩේම්. දැන් කැඩිච්ච අතපය එල්ලගෙන මාත් එක්ක බස් එකේ යනවා. මට මාර ජොලි.

      දොස්තරලා ඔක්කොම නර්ස්ල උනොත් පැරාට ජොලි වගේ තමයි.

      කකාට ලංකාවට එන්න වෙලා පැරා වැඩ කරන ඉස්කෝලේ පියන් කෙනෙක් වෙන්න උනොත් කොහොම ජොලියක් ගන්න පුලුවන්ද?

      Delete
    11. පැරා මුට (August 19, 2014 at 1:51 PM) මෝඩ ජෝක් කොට කොට ඉන්න වෙලාවේ අසහනේ දුරු කරගන්න වැලක් බලන්න කියල, කොල්ල වැටිලා ඉන්නේ තව ටිකදවසක් යනකන් ඔහොම තමයි.

      Delete
    12. කකා මොකද ඇනෝ එන්නේ?

      Delete
    13. ඉන්දික ඇනෝ එනව නම් කකාට ඇනෝ එන්න බැරිද?

      Delete
  8. ප්රෝෆයිල්වලින් එන එවුන් ගානට ඉඳපල්ලා. ඔය රාජ් වගේ පොඩ්ඩක් පිට කහල ගියාට අවුලක් නෑ හැබැයි අන්නන ප්‍රශ්න අහන්න බෑ හරිද?

    ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස. හෙවත් තට්ටම් ඇනෝ ප්‍රමුඛ පැරාට පුකදෙන ඇනෝ සංසදය.

    ReplyDelete
  9. ඒ ටිකට සංගමේකුත් හදාගත්තද ? :D
    ඕක දිග වැඩියි. පැ.පු.ඇ.ස. කරලා සමරිසි ඇනෝ සභාපති කරහල්ල .
    හැබැයි වැඩිය සභාපති ඉන්න පැත්තට පිටිපස්ස හරවල අමාරුවේ වැටෙනවා හෙම නෙමෙයි

    ReplyDelete
    Replies
    1. උඹ තට්ටමාට බයයි මල්ලියේ.

      -ත.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස

      Delete
  10. මෙතෙක් මෙම ලිපියට ලැබී ඇති ප්‍රතිචාරවලින් පෙනී යන්නේ කොමෙන්ට්කරුවන් සියළු දෙනාම අද ලංකාව මහා පරිමාණ දූෂණ ගුහාවක් වග පිළිගන්නා බවත් එකී දූෂණයේ නියැලෙන්නේ රටේ ප්‍රථම පුරවැසියාගේ සිට අනෙකුත් දේශපාලඥයෝ සහ ඔවුන්ගේ හෙංචයියලා වගපිළිගන්නා බවත් ය.

    නිරීක්ෂණය කළ හැකි අනෙක් කරුණ වන්නේ "දේශප්‍රේමී" කොමෙන්ට්කරුවෝ එම දූෂණ සාධාරණීකරණය කරන බව හෝ එම දූෂණ හමුවේ දෑස් වසා, නෑසූ කන් පියා සිටින බව හෝ ය.

    "දේශප්‍රේමී නොවන" කොමෙන්ට්කරුවෝ ඒ පිළිබඳව යම් තරමකට කම්පා වී ඇති බව ද නිරීක්ෂණය කළ හැක.

    ReplyDelete
    Replies
    1. උඹ සහ උඹේ නිරීක්ෂණ.

      මේක දූෂණ ගුහාවක් තමයි.

      /එකී දූෂණයේ නියැලෙන්නේ රටේ ප්‍රථම පුරවැසියාගේ සිට අනෙකුත් දේශපාලඥයෝ සහ ඔවුන්ගේ හෙංචයියලා වග/

      උන් එහෙම කරනවා කියල ආණ්ඩුවේ හාෆ් ෂීට් බන්ඩලේ ගෙදර ගෙනියන එක, ලංගම බස් එකේ ඩීසල් අදින එක, මීටරේට උඩින් කොකු ගහල ලයිට් ගන්න එක ඇතුළු පොඩි පොඩි ඒවා අපි කරන එක හරිද? අපි කම්පාවෙන්නේ අපි මේ වගේ පොඩි දෙයක් කර ගනිද්දී මහ එවුන් ඊට වඩා ලොකුවට මේක කරන එක ගැන තියෙන ඉරිසියාව හින්ද නෙවෙයිද?

      අපිත් කකුළුවෝ වගේ අනිත් උන්ට දූෂණය නැතුව ඉන්න කියනවා. හැබැයි අපි වෙනස් වෙන්නේ නෑ.

      Delete
    2. @ Anonymous August 19, 2014 at 1:40 PM
      1991 සිට මා සේවය කරනුයේ පෞද්ගලික සමාගමයක ය. මේ වන තුරු මවිසින් සමාගමයට අයත් අල්පෙනෙත්තක්වත් මාගේ පෞද්ගලික ප්‍රයෝජනයකට ගෙන නොමැත. ඒ ගැන මා අවංකවම සතුටු වෙමි. එසේ හැසිරීමට මා පුරුදු පුහුණු කළ මාගේ දෙමව්පියන් හා පාසල් ගුරුවරුන් ගැන ද ගෞරවයක් මා තුළ නිතරම ඇත. මා රජයේ ආයතනයක සේවය කළා නම් මා මීට වඩා වෙනස් වීමට කොහෙත්ම ඉඩක් නැත. සමාජ පිළිලයක් වන දූෂණයෙන් වැළකී සිටිය හැකි බවට හොඳම උදාහරණයකි මා.

      Delete
    3. AnonymousAugust 19, 2014 at 1:40 PM
      ඇනෝ කියන ජාතියෙ 'පොඩි හොරු' සහ ඔවුන්ගෙ හොරකම් අල්ලන්න ඕන කෙනෙකුට පුළුවන්. උදාහරණයක් විදියට ඩීසල් අදින එවුන් ඕන තරම් අහුවෙනව. හොරාට ලයිට් අරගෙන දඩ කාපු එවුන් ඕන තරම් අපි දැකල තියනව නෙව. නමුත් මහා පරිමාණ හොරු කවුද අහුවෙලා තියෙන්නෙ? එයාල ආරක්ෂිතයි. අන්න එතනයි වරද! නැත්තං හොරකම් ඔක්කෝම එකයි.
      මගේ අදහස නං ඉස්සෙල්ල වක්කඩ බඳින්න ඕන. කක්කුටු බෙන පාගන්න ඕන ඊට පස්සෙ.

      Delete
    4. 'පොඩි හොරකම්' හා 'ලොකු හොරකම්' අතර වෙනස දැන ගන්න තරම් රාජ් රාජ්‍ය සේවයෙ ඉඳපු කාලය මදිද මන්දා. ඩීසල් අදින එක ගත්තොත් ඒක හොරකමක් හැටියට නිර්වචනය වෙලාම තියෙනවා. කාටවත් ඒක ප්‍රශ්න කරන්න බැහැ. කරන හැටි හොයන්න පුළුවන්.

      ලොකු හොරකම් එහෙම සිද්ද වෙන්නෙ නැහැ. (වෙනව නම් ඒව කරන එවුන් අන්තිම මෝඩයින් නිසා)

      Y කියන හන්දියෙ කොහොමටත් වාහන තදබදයක් තියෙනවා. ගුවන් පාලමක් හදන්න ආණ්ඩුවට සල්ලි නැහැ. (ඉතින් ටෙන්ඩර් කැඳවිය යුතුය කතාවක් නැහැ.) චීන රජය කියනවා අපි ගුවන් පාලම හදලා දෙන්නම් ණය මුදලකට කියලා. ආණ්ඩුව ණය අනුමත කරනවා. පාලමත් හැදෙනවා. පාලම හැදීමේ කිසිම වංචාවක් නැහැ. චීන සමාගමක් 10% ක කොමිස් එකක් යම් එකවුන්ට් එකකට බැර කරනවා. ඒක මේ ගනුදෙනුවේ කොටසක් කියලා කාටවත් ඔප්පු කරන්න බැහැ. එකවුන්ට් එක තුන්වැනි පාර්ශ්වයක. දැන් කොහොමද මෙතැන හොරකමක් වුණාය කියලා කියන්නෙ? ඒක ඩීසල් පන්නනවා අල්ලන තරම් සරල නැහැ.

      Delete
    5. මෙතන ප්‍රශ්නෙ හොරකම කරනවාද අහුවෙනවාද නැද්ද කියන එක නෙවෙයි, ජාතියක් හැටියට අපේ තියන කුහක කමයි, අපි දූශණ රහිත ලෝකයක් පවතින්නේ අපේ එලිපත්තෙන් පිටත විතරයි. අපේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න ඕන වුනාම අපි කැමතියි ඒක පගාවක් දීලා කරගන්න පුලුවන් ජාතියේ අය හැම අහුමුල්ලකම බිහිවෙනවා නම්. දාගන්න පුළුවන් වුනොත් සද්ද නොකර ඉන්නවා, බැරි වුනොත් පාසල් අධ්‍යාපනයේ අක්‍රමිකතාවය ගැන දොස් කියනවා.
      ඒ වගේම අපි හරි ආසයි ප්‍රසිද්ධ ජන හතුරො ගැන සියලු කරුනු හීඅතු රහිතවම පිලිගන්න. රෝ.රා 150000 සපත්තු දාන අතරම රස්සා නැති ඉස්කෝලේ යන කොල්ලෝ කී දෙනෙක් අතේ 40,000 ට ආසන්න ෆෝන් තියනවද? ඒවා ඉතින් උන්ට කොහොම හම්බ වෙනවද කියලා හොයන්න අපට ඕන කමක් නෑ ඒක අයිති වෙන්නේ වෙනත් මාතෘකාවට, කොයි මාතෘකාවත් රජ්ජුරුවන්ට ඈඳන්න අපට පුළුවන්.

      අපේ නෑයෙක් රජා ලඟ රස්සාව කරල එයා අපට වරප්‍රසද දුන්නොත් ඒවා එපා කියන අය ඉන්නවද, ඔෆිස් එකෙන් අල්පෙනෙත්ත ගන්නෙ නැති කෙනාත් එතනදි අහු වෙනවා. එතකොට අපි නෑයාට "හොඳ මල්ලි" කියනවා. පිට කෙනෙකුට එයා නරක මල්ලි. අපිටත් මල්ලි හොඳයි රජා තමා නරක සමනලයා.

      අවශ්‍ය වෙලාවට වංගු ගහන්න හිතයටින් දූශනය පතන ජනතාව පාර්ලිමේන්තු යවන්නෙ
      "වැඩක් කරගන්න පුළුවන්" කෙනෙක්. වැඩක් කියන්නෙ ඉතින් ඔය ගමේ වැව හදලා දෙන කෙනාට වඩා ( ඒක කොන්ත්‍රාත් වල ගැහිල්ලට කෙරෙයි නේ )දැන් කැම්පස් ගිහිල්ලා එලියට ඇවිල්ලා කුඹුරට බහින්න අකමැති පුතාට රස්සාවක් දෙන කෙනෙක්. 10 000 කෑල්ලක් වුනත් මොකද ඉන්තින්.

      යකාගේ තරමට තමයි විමානෙ හැදෙන්නෙ.

      අනිත් අතට ඔය කියන බටහිර සුරපුර ඔක්කොම දියුනු වෙන්න කලින් එක කඩ ඉමක් පහු කලේ නොසිතූ නොවිරූ සූරා කෑමක් සහ සංහාරයක් උඩ . යුද්ධ ඇති වුන නිසා තමයි ඔය සමාජවාදී ලක්ශන පහල වුනේ. කවුරු හරි හිතනවානම් ඒ හොඳ දේවල් ඔක්කොම අපිට ලැබුනේ ඒ උත්තමයින්ගෙන් කියලා ඒ අය ගැන සොරි.

      Delete
  11. මේවා නම් වහාම නවත්තන්නම ඕන, දරුණු නීතී රීතී හරි ගෙනත්.. ස්වල්ම කීරිතීනාමයක්ද මේ කන්නේ...

    ReplyDelete
  12. මගේ යාලුවෙක් කීර්ති නාමයක් කාල මලා

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම උඹට ඉන්නෙ මැරිච්ච යාලුවොමනෙ. උඹව ආශ්‍රය කරන හින්දද??

      Delete
    2. උඹේ යාලුවෙක් නම් කොහෙද බං ඌට කන්න තියා රෙන්න වත් කීර්ති නාමයක්?

      Delete
  13. මගේ යාලුවෙක් *කල මලා

    ReplyDelete
  14. ඔය "යාළුවෙක් මළා, මළා, මළා" කියලා කොමෙන්ට් කරන්නේ දේශප්‍රේමියෙක්.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ නිරීක්ෂණයක්.

      Delete
    2. මගේ යාලුවෙක් දේශප්‍රේමියො නිසා මළා

      Delete
    3. මගේ යාලුවෙක් නිරීක්ෂණය කරලා මළා

      Delete
    4. මගෙ යාලුවෙක් කිසිම වැඩක් නොකර, අනුන්ගෙ සයිට් වල වැඩකට නැති කොමෙන්ට් කොට කොට හිටිය කියල අම්ම බැට් එකෙන් ගහල මලා.

      Delete
  15. Mage yaluwek wiplawe karanna gihin wedikalamala.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා