ආගම හා ශබ්ද දූෂණය

නිවාඩු දවසේ උදෙන් ම ඇහැරෙන්න ලැබුණේ අම්මාව පන්සල් එක්ක යන්න තිබෙන නිසා. අම්මා යන්නේ ගේ ළඟපාත පන්සලට නෙමෙයි. නිර්වානෙට වඩා ළඟ නගරයේ පන්සලට. සමහර උපාසකම්මලා කළුතර බෝධි යනවා. එතන නිර්වානෙට තවත් ළඟ ඇති.

ඔන්න එතකොට ම පන්සලේ ලවුස්පීකරේ පටන් ගත්තා. මම අම්මා ගිහින් ඇරලලා ඇවිත් බයිසිකල් රවුමක් ගියා, ව්‍යායාම පිණිස. අද ළමයින්ගේ මැච් එකකුත් තිබෙනවා. බැලුවා ම නිවාඩු නැහැ. අදත් ඩියුටි.

දැන් හතයි. පන්සලේ ගෝරනාඩුව අඩු වෙලා. හාමුදුරුවෝ ගාථා වගයක් කියනවා. බුද්ධ පූජාව වගේ.

දැන් මේ පන්සල ඇතුළේ කෙරෙන දේවල් අපට මොකට ද? ආගම් නො අදහන මං වගේ ම තවත් විශාල පිරිසක් කණක් ඇහිලා ඉන්න කැමතියි. උදේට, හවසට පැය ගණනක් කණ් පිරිලා මේ අධි ඩෙසිබල් ශබ්ද තරංගවලින්. මළ ම වධයක්.

මේ ආගමිකයන්ට අනුන්ගේ සාමයට බාධා නො කර ඉන්නට බැරි ඇයි? බුදුන්ගේ බුද්ධාගම ඉතා ම අවිහිංසාවාදී ආගමක් නේ. මං හිතන්නේ අනෙක් ආගමික නායකයිනුත් දේශනා කළේ සාමය තමයි.

දැන් මං මෙහෙම කිව්වා ම බෞද්ධයෝ මගේ මාළු කන්න එන්නේ අර මුස්ලිම් පල්ලිවල යාතිකා තොට ඇහෙන්නෙ නැද්ද කියලායි. ඇත්තෙන් ම කිව්වොත් ඇහෙන්නේ නැහැ. මොකද, මේ අහල ගම් හතකවත් මුස්ලිම් පල්ලියක් නැහැ. දෙමළ කෝවිල්වල නම් සමහර කාලවලට මේ වගේ ම ශබ්ද දූෂණය තිබෙනවා.නගරයේ ක්‍රිස්තියානි පල්ලිවල පූජාව කාලෙටත් නගරය පුරා ම ලවුස්පීකර් දාලා ශබ්ද දූෂණය කරනවා.

මේ දවස්වල ඌව පළාතේ නම් හොඳට ශබ්ද දූෂණය ඇති. 

මම මෙතනදී කියන්නේ සරළ දෙයක් විතරයි. ශබ්ද දූෂණය සම්බන්ධයෙන් රටේ තිබෙන නීති ක්‍රියාත්මක කරන්න. කිසිම ආගමකට විශේෂත්වයක් කරන්න ඕනැ නැහැ. අද කාලේ මිනිසුන්ව ආගමික ස්ථානවලට ගෙන්වා ගන්න ඔය ලවුස්පීකර් ඕනැ නැහැ. ආගම් අදහන වෙලාව මතක් කරන්න ඕනැ නම් කෙටි පණිවුඩයක් යවන්න පුළුවන්. කවුරුවත් පණිවුඩ යවන්න ඕනැ නැහැ. තමන්ට ම තමන්ගේ ජංගම දුරකථනයෙන් එලාම් එකක් තබා ගන්න පුළුවන්. ලංකාවේ ජනගහණයටත් වඩා දුරකථන තිබෙනවාලු නේ.

ආගමික ස්ථානවල ශාන්ත පරිසරයක් තිබෙනවා නම් අාගම් නො අදහන අපි වුණත් යන්න කැමතියි.

අම්මා ඇරලන්න ගිය පන්සලේ ඉස්සර පොඩි මිදුලක් තිබුණා. අද යනකොට එතන අත්තිවාරමක් කපනවා. එහි ගොඩනැගිල්ලක් තනා එය මුදුනේ බුදු පිළිමයක් හදනවා ලු. එතකොට මුළු පන්සල ම කොංක්‍රීට්වලින් සම්පූර්ණයි.

ශබ්ද පූජාව හා පරිසරය මැයෙන් දිවයින බුදුමගට ලිපියක් ලියන අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද හිමි මේ පිළිබඳ නීතිමය පසුබිම ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.

ඔහුට අනුව, “අසල්වැසියන්ට හිරිහැර වන ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 261 වගන්තියේ එන මහජන කරදරය යටතේ සඳහන් වන වරදකි. එය පැහැදිලි කර ඇත්තේ මේ අයුරිනි.

"261. මහජනයාට හෝ සාමාන්‍යයෙන් අසල පදිංචිව සිටින හෝ දේපළ භුක්‌ති විඳින ජනයාට පොදු පාඩුවක්‌, අන්තරායක්‌ හෝ අප්‍රසන්නතාවක්‌ ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකමක්‌ භුක්‌ති විඳීමේ අවස්‌ථාවකින් ප්‍රයෝජනයක්‌ ගැනීමට සිදුවිය හැකි ජනයාට අවශ්‍යම පාඩුවක්‌, බාධාවක්‌ අන්තරායක්‌ ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබඳු නීති විරෝධී නොකර හැරීමකට වරදකරු වන තැනැත්තෙක්‌ මහජන කරදරය කිරීමේ වරදට වැරැදිකාරයෙක්‌ වේ. යම් පහසුකමක්‌ හෝ ලාභයක්‌ සැලසීමේ කරුණ උඩ මහජන කරදරයට සමාව නොලැබේ.

“අවට ජනයාට හිරිහැරයක්‌ වන පරිදි හේවිසි, සංගීත සංදර්ශන, ගුවන් විදුලි යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන අයට විරුද්ධව මෙම වගන්තිය යටතේ නඩු පැවැරිය හැක. අසල්වැසියන්ට හිරිහැරයක්‌ වන පරිදි නිවෙස්‌වල යාච්ඥා කරන පුද්ගලයන්ට එරෙහිව ද මෙම නීතිය ක්‍රියාත්මක කළ හැක.

“රාත්‍රි කාලයේ අසල්වැසියන්ට බාධා වන ලෙස හේවිසි වාදනය කරවීම වරදකි. එම නිසා 1895 අංක 16 පොලිස්‌ ආඥා පනතේ 90 වගන්තිය යටතේ භික්‍ෂුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කොට ඇත. මාර්ෂල් එදිරිව ගුණරත්න උන්නාන්සේ සහ හොලන්ඩ් එදිරිව කපුගම තෙරුන්නාන්සේ යනුවෙන් නඩු දෙකක්‌ නීති වාර්තාවල දැක්‌වේ. එහිදී භික්‍ෂූන්ට දඩ නියම කොට ඇත. පන්සල්වල සිදුකෙරෙන හේවිසි වාදනය, පිරිත් ප්‍රචාරය වැනි ආගමික කටයුතුවලට සාමාන්‍යයෙන් ජනතාව විරුද්ධ වන්නේ නැත. නමුත් ඕනෑම කෙනකුට සාධාරණ හේතු පෙන්වා එයට එරෙහි වන්නට නීති ප්‍රතිපාදන තිබෙන බව භික්‍ෂුන් වටහා ගත යුතුයි. අසල නිවෙස්‌වල සිටින රෝගීන්, පාඩම් කරන ළමුන් හා කුඩා දරුවන් සිටින විට ඔවුන්ට තැති ගැනීමක්‌, බාධාවක්‌ සිදුවන ලෙස ශබ්ද කිරීම නොගැළපෙයි. නීතියටත් වඩා මානව දයාවෙන් පිරුණ ස්‌වයං පාලනයක්‌ එවැනි පරිසරයක පැවැතිය යුතු යි.

“ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ 1980 ජාතික පරිසර පනත ද මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් නීති කෙටුම්පතකි. පරිසරයට හානි කරන ක්‍රියාවන් සිදු කිරීම වරදකි. ශබ්දය මනින ඩෙසිබල් ඒකක 80 ට වැඩි ශබ්ද තරංග මිනිසකුගේ ශ්‍රවනේන්ද්‍රියට හානි පමුණුවයි.

“කිසියම් පුද්ගලයකුට හානියක්‌, සෞඛ්‍යයට තර්ජනයක්‌ වන පරිදි පරිසරය පවත්වා ගෙන යැම හා 1939 අංක 61 දරන පීඩන ක්‍රියා ආඥා පනත හා 1946 අංක 57 ආඥා පනතට අනුව වරදකි."


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. දැන් ඉතිං මේ බ්ලොග් එකේ මතයට විරුද්ධ මත දැමුවොත් ඒවා දඩයම් කරනවානේ. ඒ හින්දා මේකට මම දානවා මේ වගේ කොමෙන්ට් එකක්.
    ....

    හරිම ලස්සනට ලියලා තියෙන ලිපියක් අජිත් අයියේ. මාත් ඔබගේ මතයට සම්පුර්ණයෙන්ම එකගයි. මට නං හිතාගන්නවත් බැහැ ඔබට මේ වගේ අදහස් කොහෙන් එනවාද කියලා. 'ආගම හා ශබ්ද දූෂණය' මැයෙන් ලිපියක් ලියලා අපිව දැනුවත් කලාට බොහොම පිං අයියේ. මේ කාරණය ගැන බොහොම හොද සංවාදයක් ගොඩ නගන්න ඔන්න මම අඩිතාලම දැම්මා. අනික් මහත්තරුත් ඇවිත් මාතෘකාවට අදාලව එයාලගේ අදහස් ලිව්වාම අපිට බොහොම පරිපුර්ණ සංවාදයක් ගොඩ නගන්න පුළුවන් වෙයි මේ ශබ්ද දුෂණය ගැන.

    ReplyDelete
    Replies
    1. Well said.this is the truth out mongel monk can not understand.thanks for making our knowledge better and better.

      Delete
  2. දැනට දශක කෙකටත් වඩා ඉහද දිනයම මා කොම්පඤ්ඤ වීදියේ නගර මැද ඇති කුඩා පිට්ටනියේ තිබුණු වාමාංශික දේශපාලන රැස්වීමක් අහම්බෙන් දැක නරඹමින්/අසමින් සිටියා.

    ඒ අසල ඇති මුස්ලිම් පල්ලියකින් යාඥාවට කෙරෙන නිවේදනය වැනි දෙයක් මහ හඬින් ප්‍රචාරය වෙන්නට පටන් ගත්තා. කතා කරමින් සිටි කථිලයාට තම කතාව නවතා විනාඩි කීපයක් නිහඬව ඉන්නට සිදුවුණා. එසේ කරනවා දැකි බලන්නට එතැන අයියලා කීප දෙනෙක් සිටි බවත් මට තේරුණා.

    මට එවෙලේ නම් සිතුණේ මේ මොන විකාරයක්දැයි කියායි.

    නමුත්, අනිත් අතට මේ දේශපාලන රැස්වීමේත් කතා පිටියේ සවිකර තිබුණු ලව්ඩ්ස්පීකර් මගින් ප්‍රචාරය වුණා.

    ඒ කියන්නේ දේශපාලනය සහ ශබ්ද දුෂණය කියාත් ලිපියක් ලියන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. Correction:
      දැනට දශක දෙකටත් වඩා ඉහත දිනයක....

      Delete
  3. /* අම්මා යන්නේ ගේ ළඟපාත පන්සලට නෙමෙයි. නිර්වානෙට වඩා ළඟ නගරයේ පන්සලට. සමහර උපාසකම්මලා කළුතර බෝධි යනවා. එතන නිර්වානෙට තවත් ළඟ ඇති. */

    මේ කාරණය නම් ලොකුම විහිළුක් තමයි.

    මගේ අම්මා පදිංචිව සිටින නිවසේ සිට මීටර් 900 ඇතුළත වගේ පන්සල්ම තුනක් තියෙනවා. ඉන් දෙකක්ම කිලෝමීටර් බාගයක් ඇතුලත. (පුදුමයි, ඒත් ඇත්තයි!)

    ඒත් අම්මා සිල් ගන්නට කාලයක් තිස්සේ ගියේ මහරගම ධර්මායතනයටයි. පැරා කියා තියෙනවාක් මෙන් එතැන ගෙදරට දුර වුණත් නිර්වානෙට ළඟ ඇති!

    මේ ගැන මං කතන්දරයක් ලියන්න 2011 සිට සිතා සිටිමින් මගේ වෙන්ඩ කතන්දර 100 ලයිස්තුවට ඇතුලත් කළත්, කතන්දර ලිවීම නවතා දමන්නට පෙර එය ලියන්නට අතපසු වුණා!

    මේ වෙන්ඩ කතන්දර ලයිස්තුවේ අංක 037 බලන්න.
    http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

    !!!

    ReplyDelete
    Replies
    1. කකා මුග්ධ (©2014 ශපිරෝ, අරුණි ) කතා වලට හුමිටි තියෙනවා නේද ? මිනිස්සු පෝය දවසේ පන්සල් යන්නේ උඩ බලං ඉන්න නෙවෙයි. ධර්මායතනය වගේ ප්‍රසිද්ධ පන්සල් වල විවිධ දක්ෂ දේශකයන් සහ පුහුණු කරුවන් ගෙන්වලා ධර්ම දේශනා , භාවනා වැඩසටහන් ආදිය පවත්වනවා. වැඩි ආර්ථික ශක්තියක් නැති ගමේ පන්සලේ එහෙම එකක් කරන්න අමාරුයි. එම නිසා ගමේ පන්සලට යන සැදැහැවතුන් කරන්නේ සිල් ලබාගැනීමෙන් අනතුරුව , පැත්තක් අල්ලාගෙන පොතක් කියවීම හෝ ඕපාදුප කතාව (ජාතික ක්‍රීඩාව) .

      මාසෙකට එක සැරයක් යෙදෙන පෝය දවසෙත් .. හැම දාම කරන පොත් කියවන එකයි ඕපාදුප කතාකරන එකයි නැතිව යම්කිසි දෙයක් ඉගෙන ගන්න හොඳ බණක් අහන්න , හොඳ වැඩසටහනකට සම්බන්ධ වෙන්න ගොඩක් මිනිස්සු කැමතියි. ඒ දිහත් කරුණු නොදැන උපහාසයෙන් බලන්නේ නං ඇත්තටම ලෙඩෙක්. කකා ගේ ළඟ තියෙන මිලක් බාර් ජොයින්ට් එක මග ඇරලා කෝල්ස්/වූල්ස් වර්ත් යන්නේ මොකද ? සමාජවාදී නාස්ථික පැරා නං තව කමන් නැහැ. ඔබ .... අනේ මන්ද... පොල් පිත්තකට ගන්න හොඳයි

      පැරාගේ අනිත් කරුණු වලට නං එකඟයි. කොන්ක්‍රීට් ගොඩගැසීම නං ජාතික ලෙඩක්. මේක පන්සල් වල විතරක් තියෙන දෙයක් නෙමේ. හොඳට වැවිලා තියෙන තණ බිස්ස අයින් කරලා එතන කොන්ක්‍රීට් දැමීම ගෙවල් වලත් ගජරාමෙට කෙරෙනවා. ශබ්ධ දුෂණය ගැන පැරා කියල තියෙනවා නේ.

      Delete
    2. //ධර්මායතනය වගේ ප්‍රසිද්ධ පන්සල් වල විවිධ දක්ෂ දේශකයන් සහ පුහුණු කරුවන් ගෙන්වලා ධර්ම දේශනා , භාවනා වැඩසටහන් ආදිය පවත්වනවා. වැඩි ආර්ථික ශක්තියක් නැති ගමේ පන්සලේ එහෙම එකක් කරන්න අමාරුයි.//

      විචිත්‍ර ධර්ම කතිකයන්ට ප්‍රයිස් ටැග් එකක් තියන එක හරිම ෂෝක් නේද? මේක නව ලී-බැරල් ආගම කියලත් අර්ථ දක්වන්න පුළුවන්.

      //එම නිසා ගමේ පන්සලට යන සැදැහැවතුන් කරන්නේ සිල් ලබාගැනීමෙන් අනතුරුව , පැත්තක් අල්ලාගෙන පොතක් කියවීම හෝ ඕපාදුප කතාව (ජාතික ක්‍රීඩාව)//

      මුග්ධ කථා කියන්නේ මම හිතන්නේ ඔය ඔය ලියල තියන වගේ ඒවා . ගමේ පන්සලේ සැදැහැවතුන් ඕපාදුප කියවනවා කියල කිවුවේ ඔයාගේ රටට වැඩිය මහමෙවුනාවේ හාමුදුරුවෝද ? බුදු දහමේ තියෙන්නේ බුදු බණ , හොද බණ නරක බණ කියල දෙයක් නෑ. යමෙක් බුදු බණ කියනවනම් එය ප්‍රමාණවත්

      මොංගල් වෙච්ච ධනවාදීන්ට ආගමික ස්ථාන බිස්නස් කරන කඩ වගේ පෙන එකේනම් අරුමයක් නෑ, එත් ඒවා ප්‍රසිද්දියේ කොමෙන්ට් විදියට දාන්න කලින් දෙපාරක් හිතන් නැති එක තමයි ගැටලුව.

      ''පොඩි පොඩි කඩ පාස් කරලා සුපර් මාර්කට් යනවා හොද බඩු ගන්න ..... අපි පන්සල් යන්නෙත් ඒ වගේ ''අනේ යකෝ ! කථාත් ඇහුව මෙහෙම ගොන් කථා නම් ඇහුවමයි.

      Delete
    3. පොඩි පොඩි ආප්ප කඩ වල ආප්ප වගේද ජකොලයින්ගේ ආප්ප...., පොඩි පොඩි පන්සල් වල බණ වගේද ධර්ම ආයතනයේ බණ!

      way to go සොහොන් thumbs up!

      අරුණි

      Delete
    4. @Anonymous August 10, 2014 at 12:44 PM

      Yep ! Long live capitalism. At lease people have a choice. :D
      The Failure of Central Planning

      Delete
    5. @ මහසෝන් පිල්ලිය

      ඔබේ තර්ක නම් මට පිළිගන්න බෑ.

      සිල් ගන්න, බාවනා කරන අයට ධර්මාරාමෙත් එකයි, ගමේ පන්සලත් එකයි. අම්මා ධර්මාරාමෙට ගියේ මං හිතන්නේ අගේ යෙහෙළියන් එහි යන නිසයි. එතැන ඕපාදූපත් තියෙන්න ඇති.

      මගේ සීයා මා දන්නා කාලයේ සිට දිනපතා අට සිල් රැක්ක කෙනෙක්. ඔහු උම්බලකඩ දැමූ පරිප්පු හොද්දක් ඉදෙන ලිපට දර කෑල්ලක් වත් නොදාන තරම් සිල් රැක්කා. භාවනා කළා.

      නමුත් මා දන්නා කාලේ කිසිදාක ඔහු පන්සල් ගියේ නෑ.

      පොල් පිත්තක් වීම සැපක්. මට අපේ කාලේ කුඩා දරුවන් ගේ ක්‍රිකට් පිත්තක් වෙන්න පුළුවනි. අපේ ගමේ ලිපේ බත් හැලියක් ඉදෙන්න උදව්කරන්න පුළුවනි.

      ඒ අතරතුර ඔබ සේෆ්වේ එකෙන් බඩු ගෙනැචිත් උයා කන්න.

      Delete
    6. කකා මම කියන්න හදපු දේ ඔබ තේරුම් නොගත්ත එක පුදුම සහගතයි. මිලක් බාර් උදාහරණය දුන්නේ ඒ ගැන තවදුරටත් හිතන්න. ඔබගේ මව ධර්මායතනයට ගියේ ඇත්තටම මොකටද කියන්න මම දන්නේ නැහැ. නමුත් එමගින් තර්කය වෙනස් වෙන්නේ නැහැ.

      ඇක්වයිනාස් (?) යන්න පුළුවන් කම තියෙද්දී ඔබ දුර තියෙන පේරේට යනවා. ඇයි ?
      ලංකාවේ අඩු පඩියට රස්සාවක් කරන්න පුළුවන් කම තියෙද්දී ඔබ ඔසී යනවා. ඇයි ?
      ගමේ පාසල් තියෙද්දී මිනිස්සු ළමය ආනන්දෙට රෝයල් එකට යවනවා. ඇයි ?
      පොළොන්නරුවේ ගෙයක් තියෙද්දී මිනිස්සු පොඩි ගෙයක් හරි අරගෙන කොළඹ අවටට එනවා. ඇයි ?
      මේ ඔක්කොම කරන්න හොඳයි හැබැයි
      ගමේ පන්සල තිබෙද්දී වඩා හොඳ සිල් වැඩසටහන් තියෙන තැන වලට මිනිස්සු යනවා නං ඒක වැරදියි. උපහාස කල යුතුයි.! හප්පා ! මිනිස්සු පෙනී පෙනී මෙච්චර කුහක වෙන්නේ ඇයි ?

      Delete
    7. Kakaa , X goes to temple 1, Y goes to temple 2. Z doesn’t go anywhere. Its called freedom of choice and the right to execute it. By ridiculing it you are going against your own standards of liberal humanitarian point of views that you have expressed in many places.

      Or was it a façade that you have put on since the beginning as many do. Cannot stick to their own ideologies. Kaka … You are ridiculing your own self. :)

      Delete
    8. ම.සො.පි

      කැළණිය වගේ තැනක වරක්වත් සිල් අරගෙන හෝ පෝ දවසක නිස්කාංසුවෙ සිද්දවෙන දේ බලාන හෝ හිටියනං තේරෙයි ඔබ කියන විදියට උතුම් ධර්මය විශිශ්ඨ කතිකයන්ගෙන් වදාරනකොට ඉන්න අයට ඒව අහන්න විඳින්න තියෙන නිදහස සහ පහසුව.

      මිනිස්සු ඔය ලොකු ආයතනවලට එකතුවෙන්නෙ ඒවට එන හොඳ බණ කතිකයොන්ගෙ බණ අහගන්න වගේම රසවත් දානමාන, ඉහල පන්තියෙ අය හා ලැබෙන ඇසුර වගේ තවත් දේවලටත් එක්කම තමයි.

      හැබැයි ඉතින් ඕකෙ විහිළුව තමයි, තණ්හාව නැති කරගෙන සසර දුර අඩුකරගන්න සීලය සමාදන් වෙන්න යන්නෙත් තණ්හාව මුලට දාල හොඳ බණ, හොඳ කෑම, හොඳ පහසුකම් තියෙන ආරාම වලටමනෙ ( ඊට වඩා විහිළුව තමා තණ්හාව මුල් කරගත් හොඳ රස්සා, ගෙවල්, පාසල් සොයා යාම වගේ දේ තණ්හාව අඩු කරගන්න කරගන්න කෙරෙන සිල් සමාදන්වීමේ ක්‍රියාව එක්ක සංසන්දනය කරන එක ).

      Delete
    9. මහසෝන් පිල්ලිය හිතන් ඉන්නේ ආගම කියන්නෙත් පරිභෝජනය කරන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩයක් කියල. හොදම එක ( විචිත්‍ර ධර්ම කතිකයා, හොදම කඩේ ) තියෙන්නේ ටවුමේ. මේක ධනවාදය නිසා මිනිස්සුන්ගේ මොළ අවුල් වීමද , නැත්නම් බුද්ධාගම ගැන නොදන්නා කමද , එහෙමත් නැත්නම් දෙකමද කියල හිතාගන්න බෑ

      Delete
    10. @මහසෝන් පිල්ලිය

      මං කටුබැද්දේ නොගොස් පේරාදෙනියට යන්න තීරණය කළේ මෙන්න මේ හේතූන් නිසායි.
      http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

      සිල් ගැනීම, ධර්ම ශ්‍රවණය, බාවනා කිරීම වැනි දේ හා අදාල තීරණ ඔබ ගේ චින්තනය අනුව දකින්නේ අර කඩෙන්ද බඩු ගන්නේ මේ කඩෙන්ද බඩු ගන්නේ වගේ හුදෙක් පාරිභෝගික ප්‍රශ්ණයක් ලෙස බව අසා දුක්වීමි.

      කාලෙක කලින් නම් මටත් තිබුණා හන්දියේ රාජා ගේ කඩෙන්ද බඩු ගන්නේ, ගෑණි ගේ කඩෙන්ද බඩු ගන්නේ වගේ ප්‍රශ්ණ.

      මෙන්න ඒ ගැන කතන්දරේ.
      http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html

      Delete
    11. @AnonymousAugust 10, 2014 at 2:26 PM
      thanks ano. watching it now....

      "In this RSA Animate, celebrated academic David Harvey looks beyond capitalism towards a new social order. Can we find a more responsible, just, and humane economic system?"

      Yes capitalism has many flows. But socialism is not the answer... Period.

      @ඉන්දික
      කැලණියට ගිහිල්ල තියෙනවා. සිල් අරගෙනත් තියෙනවා. නමුත් එතන වෙන රැකට් බල බල කෑමට කෙල හල හල හිටියේ නැහැ මචෝ. ගිය වැඩේ (සිල් ගැනීම , සිල් වැඩසටහනට සහභාගී වීම ) කරගෙන ආව.

      කකාට කිව්වා වගේ ඔබටත් කියන්න තියෙන්නේ මිනිස්සු මොකට යනවද කියන එක දන්නේ ඒ මිනිස්සු තමයි. ඒකට නිවන ඇරුනහම වෙනත් බොහෝ සමාජීය , සංස්කෘතික සහ ආර්ථික සාධක බලපාන්න පුළුවන්. ඒක පෘතග්ජන ස්වභාවය. නමුත් තමන් කැමති අනුන්ට හිංසා නොවෙන දෙයක් කරන එක , තමන් කැමති , තමන් ප්‍රිය කරන තැනකට පෝය දවසේ යන එක උපහාසයට ලක් කිරීම නං නීච වැඩක්.

      තන්හාව ප්‍රහාණය , සිල් සමාදන් වීමේ පරමාර්ථ ගැන මෙතන සාකච්චාවකට යාම උචිත නැහැ නේ. නමුත් ඔබගේ අදහස් වල ඇති අඩුව පෙන්වන්න එක උදාහරණයක් දෙන්නම්. සිල් සමාදන් වීමේදී කියන පලවෙනි ශික්ෂා පදය ප්‍රාණඝාතයෙන් වැලකීම. එතන තිබෙන්නේ සතර බ්‍රහ්ම විහරණ පුරුදු වීම මිස තන්හාව ප්‍රහාණය කිරීම නෙමයි. එම නිසා සිල් ගැනීම යනු තන්හාව ප්‍රහාණය කිරීම මයි කියන ඔබගේ කතාව අර්ථ විරහිතයි. සත්‍යයෙන් තොරයි. සිල් සමාදන් වීමේ වෙනත් පරමාර්ථ ඇත.

      @කකා
      හි හි. මම මගේ අදහස දැක්වුව නේ. I rest my case.

      Delete
    12. @AnonymousAugust 10, 2014 at 2:35 PM & කකා
      ආගම සහ වෙනත් මානුෂික අවශ්‍යතා වෙන ආහාර , නිවාස , ඇඳුම් පැළඳුම් , ලිංගිකත්වය , මානව නිදහස අතර වෙනසක් තැබීමට හේතුවක් මට නොපෙනේ. ආගම මිනිසා සම්බන්ධ , භෞතික සහ භෞතික නොවන සියල්ලෙන් වෙනස් වෙනම එන්ටිටි එකක් ද ? ඔබ එහෙම වර්ගීකරණයකට යන්නේ ඇයි ? එහෙම වෙනම වර්ගීකරණයකට ඇති පදනම කුමක්ද ?

      Delete
    13. Well said ම සො පි

      Delete
    14. පළමුව තමාගේ නිවසින් පටන් ගන්න කතන්දර.මවට මෙය තේරුම් කර දෙන්න.දෙවනුව සමාජය දෙසට හැරෙන්න.කොයි කිල්ලෝටවලත් හුණු ඇත.

      Delete
    15. @මහසොහොන් පිල්ලියAugust 10, 2014 at 3:20 PM
      //ආගම සහ වෙනත් මානුෂික අවශ්‍යතා වෙන ආහාර , නිවාස , ඇඳුම් පැළඳුම් , ලිංගිකත්වය , මානව නිදහස අතර වෙනසක් තැබීමට හේතුවක් මට නොපෙනේ//

      මහසෝන් ආගම අදහන අයුරු,
      ආගම ආහාරයක් ලෙස, උදේට මැක්ඩොනල් එකෙන් කනවා එකේ බ්‍රෙක්ෆස්ට් මීල් එක ලබයි. දවල්ට සබ්වේ යනවා සැන්ඩ්විච් එක හොදයි ලාබයි, රෑට ගෙදර හදා ගන්නවා අද වියදම් කළා වැඩියි. ආගමත් ඒ වගේ.

      ආගම නිවසක් ලෙස,
      මොකේජ් කලර ගෙයක් ගන්නකම් අපාර්ට්මන්ට් එකක ඉන්නවා. නැත්නම් යාලුවෙක් එක්ක ගජේ ගහනවා. ආගමත් ඒ වගේ.

      ආගම ඇදුමක් ලෙස,
      මේ පාර ලංකාවට ගිහාම house of fashion ගිහින් ඕන කරන ඔක්කොම ඇදුම් ගන්නවා. ලංකාවෙනෙ හොදම් ඇදුම් තියෙන්නේ. ජැකට් වලට නුවරඑළියේ යනවා ට්‍රිප් එකත් හරි ජැකටුත් හරි .ආගමත් ඒ වගේ.

      ආගම ලිංගිකත්වය ලෙස,
      මේ සමයමත් එක්ක ලිවින්ටු ගෙදර් ඇති. මේක dump කරලා බාර් එක පැත්තේ යන්න ඕන. වික්ටෝරියන් sex කළා ඇති BDSM කරන්න ඕන. ආගමත් ඒ වගේ.


      etc ......

      දැන්වත් පිල්ලියට තේරුම්යයිද මන්ද ......

      මුලින් මේක තේරුම් ගන්න පස්සේ ඔයාට ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලැබෙයි!

      Delete
    16. Well said ඇනෝ (ඔන්න ඔයා වගේම එකත් මම දාගත්තා )

      Delete
    17. @ AnonymousAugust 10, 2014 at 4:13 PM
      තේරුනේ නැහැ මචං. ඔය කියන්නේ තමං කැමති විදියට ආගමක් ඇදහීමේ නිදහස නං..... ඔව් ඔබ 100% හරි.

      BSDM ඕන නං BSDM එහෙම නැත්නම් තමන්ට ඕනෙ වෙන ඕන ආකාරයක නීති විරෝධී නොවෙන Erotic fantasy එකක්... ඇයි මිනිස්සු/ගැණු ආතල් ගන්නකොට නිකං ජෙල වගේද ? :)

      Delete
    18. @මහසෝන් පිල්ලිය
      /* ආගම සහ වෙනත් මානුෂික අවශ්‍යතා වෙන ආහාර , නිවාස , ඇඳුම් පැළඳුම් , ලිංගිකත්වය , මානව නිදහස අතර වෙනසක් තැබීමට හේතුවක් මට නොපෙනේ. ආගම මිනිසා සම්බන්ධ , භෞතික සහ භෞතික නොවන සියල්ලෙන් වෙනස් වෙනම එන්ටිටි එකක් ද ? ඔබ එහෙම වර්ගීකරණයකට යන්නේ ඇයි ? එහෙම වෙනම වර්ගීකරණයකට ඇති පදනම කුමක්ද ?*/

      අපි පොඩි කාලේ ල්‍යෙකිස සහ ලෝකෝත්තර වශයෙන් ලෝක දෙකක් ගැන, මෙලොව සහ පරලොව ගැන ඉගෙන ගත්තා.

      ඒ සමගම ඇතත් නැතත් පරලොව සුදණෙනි මහත යනාදී සංකල්පයත් ඉගෙන ගත්තා.

      එදා වේල කන එක ගැන ගන්නා රාජා ගේ කඩේ ද, ගෑණි ගේ කඩේ ද වගේ තීරණ සහ බණ භාවනා, සිල්, දාන මාන කටයුතු ගැන ගන්නා තීරණ අතර මට තවමත් වෙනසක් පේන්නේ ඒකයි.

      මගේ පොල්පිති ජීවිතයේ සිට ඔබ ඉන්නා උසස් තැන දක්වා වෙනස් වුණු දිනයක මට ඒ දැන් සිතන විදියේ ඔබට පෙණෙන වැරුද්ද තේරුම් යාවි යැයි සිතනවා.

      Delete
    19. @ Anonymous August 10, 2014 at 3:32 PM

      අම්මා ධර්මායතනයට සිල් ගන්න ගියේ මං වෙන්ඩ කතන්දර 100 ලයිස්තුව සැදූ 2011 කාලයේ ය. දැන් ඇය පෝයට සිල් ගන්නේ නිවසේ සිට මීටර් 400 දුරින් ඇති රජමහා විහාරයේ දී ය.

      Delete
    20. ලොකු පන්සල් වල ඊනියා "වැඩසටහන්" ගැන කකා සහ ඉන්දිකගේ නිරීක්ෂන වලට එකඟයි. බොහොමයක් ඒවා ප්‍රදර්ශනාත්මක තත්වෙකට පත්වෙලා. නිවනට වඩා අද වැදගත් වගේ පේන්නෙ වැඩේ කොච්චර "නැගල යනවද" කියන එක.

      අනික උගුරට හොරා බේත් කන්න ඕන නෑ නේ. ගෑනු ඕවට යන්නෙ නිර්වානාවබෝධයටම නෙවෙයි නේ, යාලුවො යනවට, ටීවී එකේ එන හාමුදුරුචො එනවට, අල්ලපු ගෙදර ගෑනිට සෙකන්ඩ් වෙන්න බැරි කමට යන අයත් ඉන්නවා නේ.

      එහෙම උනත් අයිඩියලොජිකලි සෝනා කියපු දේට එකඟයි. එක එක පන්සල් පෝය දවසට කරන දේ එක එක විදියයි. ඒක නිසා මිනිස්සුන්ගෙ අයිතියක් තමන්ට කැමති ප්‍රෝග්‍රෑම් එක තියන පන්සලට යන එක. පුද්ගලික චොයිස් එක සම්බන්ද සරල ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවොත් අර ඛේමට ද කොහෙද මල්ටිමීඩියා විෂුවල්ස් එක්ක බණක් කිව්වා, නන්දට හෑන්ඩ්ස් ඔන් ඩිමෝ එකක් දුන්නා, ආලවකට, අංගුලිමාලට විගරස් ෆිසිකල් කෝස් දුන්නා, එහෙම තමයි ඉෆෙක්ටිව් ටීචිං.

      ඒත් සෝනො, උඹ හිතන් ඉන්නෙ ගෑනු හිතලා බලලා, නිවන් දකින්න තියන ඔප්ටිමම් ප්‍රොග්‍රෑම් එක කියල තමන්ගෙ හදවත කියන පන්සලට යනව කියල නම්, කියන්න වෙන්නෙ "හා... !!" කියල තමයි.

      උඹ මේ ලඟකදි ඉඳන් අයිඩියලොජිකලි හරි, ඒත් ප්‍රැක්ටිකලි වෙන්නෙ මොකක්ද කියලා කවුරුත් දන්න දේට polemic කොකු ඇද ගන්නෙ ඇයි? අර අල කමෙන්ට් සම්බන්ද එකත් එහෙමයි. කම්මැලි කමටද?

      Delete
    21. 'BSDM' අලුත් එකක්ද ? ලගදිද පේටන්ට් ගත්තේ.

      //තේරුනේ නැහැ මචං//
      බාගදා අර හක්කේ දත් එහෙම ආපුවාම තේරුම් යයි. එත් තේරුම් ගියේ නැත්නම් සොරිම තමයි!

      //ජෙල වගේද ? //

      පිස්සුද මෙයා ? මම ප්ලේ කරන්නේ මාස්ටර් රෝල් එකනේ ! පට්ටම ආතල් !! හරිම ධර්මිකයි..... !!!

      Delete
    22. //එදා වේල කන එක ගැන ගන්නා රාජා ගේ කඩේ ද, ගෑණි ගේ කඩේ ද වගේ තීරණ සහ බණ භාවනා, සිල්, දාන මාන කටයුතු ගැන ගන්නා තීරණ අතර මට තවමත් වෙනසක් පේන්නේ ඒකයි.//

      වැඩි වෙනසක් නෑ කකා .. එකයි.

      යකෝ මේක හරි වැඩක් නේ. ජිවිතේ වෙන ඕන අවස්ථාවකදී තමන්ට ගැලපෙන ස්ථානය තොර ගන්න හොඳයි. නමුත් පෝයට පන්සල් යනවා නං ගෙදර ගාවම තියෙන එකට විතරයි. එහෙම නැතුව ඈත එකකට ගියොත් සබ්බුව තමයි. එහෙම යන එකාගේ ආගම , භක්තිය , ආගමික දැනුම, බුද්ධිය , සමාජ සම්බන්ධතා ආදී මේ කි නොකී සියලු දේ ප්‍රශ්න කරන්න උපහාසයට නගන්න බ්‍රිගේඩ් එකක්ම ලේස්ති වෙලා ඉන්නවා. අයියෝ මානව නිදහස !

      කකා මව වයසට ගොස් ඇති. මගේ අම්මත් දැන් දුර යන්නේ නැහැ විවිධ ශාරීරික අපහසුතා නිසා.

      පොල් පිත්ත ගැන සොරි කකා. don't take it personally.

      @AnonymousAugust 10, 2014 at 4:56 PM
      ටිකක් කම්මැලියි තමයි. :)

      @AnonymousAugust 10, 2014 at 5:13 PM
      In the end a hole is a hole and it has nothing to do with a religion

      Delete
    23. අයියා මෙන් සබන් අයියා.... ගාලා, නාලා, පිහිදාගෙන එන්ට.... මම වෙනිවැල් ගැට එකක් තම්බල තියන්නම් අයියා...... In the end a hole is a hole තමයි අයියා. ටික දවසක් යනකොට ඇරිලා යයි.

      Delete
    24. ම.සො

      කැළණියෙ සීලෙ මමත් දන්නවනෙ මචෝ. ඒ සිල් අරගෙන නෙමෙයි, ගත්තු අයට උපස්ථාන කරන්න ගිහින්. ඒ විතරක් නෙමෙයි මහරගම වජිරඤ්ඥානෙ, බම්බ වජිරරාමෙ වගේ ඒවගෙත් වෙනසක් නෑ. හැබැයි ඔය අසපු සෙට් එකේ තත්වෙනං දන්නෙ නෑ, හේතුව ඕව නැගල ආවෙ අපි රටෙන් ආවට පස්සෙ නිසා. අරවගෙ වෙන සෙල්ලං මෙතන දිගෑරල කතාව වෙන අතකට අදින්න ඕනෙ නෑනෙ. එත් සතුටුයි කැළණි ගිහින් පසළොස්වක දාක සීලෙ පරිස්සං කරන් ආව කිව්ව එකට. හැබැයි දුක කියන්නෙ උඹල වගේ එක්සෙප්ෂනල් කේසස් සාමාන්‍ය තත්වය ගණනයෙදි නොසලකා හැරෙනව. බලන්න වෙන්නෙ බහුතරය කොහොමද, ඒ අනුව ආයතනය කොහොමද කියල තමයි.

      //සිල් සමාදන් වීමේදී කියන පලවෙනි ශික්ෂා පදය ප්‍රාණඝාතයෙන් වැලකීම// ඉතිං ඕක ගෙදරදි ගන්න පන්සිල් වලත් පළවෙනි එකනෙ. ඇයි අමුතුවෙන් අසපුවට යනෙ හැමදාම ගෙදර කොරන දේට? අපි දන්න විදියටනං, පන්සල් යන්නෙ අට සිල් ගන්න. පන්සිල් වලට වඩා එහා ගිය ශීලයක් රකින්න. ඒකෙදි

      විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි,

      නච්ච ගීත, වාදිත, විසූක දස්සන, මාලා ගන්ධ, විලේපන ධාරණ මණ්ඩන, විභූසනට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

      උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි,

      කියල අමතර තුනක් සමාදං වෙනව නේද. ඔය තුනෙන් කරන්නෙ සෘජුවම අශාවන්ගෙන් ඈත් වීම, පංචේන්ද්‍රියන් පිනවීමෙන් ඈත්වීමයි කියලයි අපිටනං ඉගැන්නුවෙ. පන්සිල් වලට එහා ගිහින් අට සිල් ගන්නෙ අන්න ඒකයි කියලයි උන්නාසෙල කියල දුන්නෙ. කොටිම්ම ශීලය කියන්නෙ තුන්දොර සංවරයලු! සෙනග පිරිච්චි ධර්මායතනවල තෙරපි තෙරපි ඕව කොහෙ කරන්නද මංද. ඕව නොතේරෙන්නෙ, හාංදුරු කෙනෙකුන්ගෙ නැතුව මහසෝනගෙන් බණ නාහපු එකේ වරදෙන් තමා ඉතින්!

      Delete
    25. සමහරු කැමතියි structured learning වලට. සමහරු අකමැතියි. සමහරු රැල්ලට නගරේ පන්සල් වලට යනවා වෙන්න පුළුවනි. ඒත් තව සමහරු ඇත්තටම යන්නේ ධර්මය අහන්න තැනක් බලාගෙන වෙන්ඩත් පුළුවනි. පිරිසක් කරන වැරදි වලට හැමෝන්ටම ගරහන්න බෑනේ.
      සමහරු හොඳ ධර්ම සාකච්ඡා වලට කැමතියි. සමහරු භාවනා කරන්ඩ කැමතියි. තම තම නැණ පමණින් නේ. සමහරුන් ඉන්නවා සිත යම්තාක් දියුණුයි. ගෙදර ඉඳන්ම guidance එකක් නැතුව භාවනා කරන්ඩ පුළුවන්. ලේසියෙන් හිත එකඟ කරන්න පුළුවන්. ඒත් සමහරුන්ට එහෙම බෑ, පන්සලකට යන්න ඕනේ. එක එක්කෙනාගේ හිතේ ස්වභාවය අනුව එක එක්කෙනා නිවන් යන හැටි වෙනස්! :)

      Delete
    26. ම.සො.පි.
      ඔහේගෙ තර්කය නං එච්චර හරි නෑ. ඒක අල්ලල දාමු!
      ඔය ලඟ පන්සලට නොයන්න හේතු විවිධාකාරයි.
      හාමුදුරුවොත් එක්ක තියන නොහොඳ නෝක්කාඩු වගේ දේවලුත් බලපානව. මට හිතෙන විදියට, මම දන්න උදවියට ආදේශ කරල බැලුවම, ම‍හසොහොන් කියන හොඳ ධර්මදේශකයෙකුගෙ බන අහන්නම යන ප්‍රතිශතය සෑහෙන්න අඩුයි.

      Delete
    27. කකාගෙ අම්ම කකාව බිහි කරන්න ද සොයිසා කාන්තා රෝහලට ගියෙ මොන ඉලව්වකට දන්නෙ නැහැ. ගෙදර ඉඳන්ම සිවිඩ්ඩෙන් කොස් ඇටය පන්නනව වගේ කකාව බිහි කරන්න තිබුනනෙ. "පැරා කියා තියෙනවාක් මෙන් එතැන ගෙදරට දුර වුණත්" අවශ්‍යතාවයට වඩා හොඳ ඇති. හැම මගුලක්ම දන්න බක පණ්ඩිතයෙක් වන කකා දන්නෙ නැහැ කෙනෙක් අවශ්‍යතාවයකට යන්නෙ වැඩේට ගැලපෙන, මනසට සහනය දෙන හොඳම ස්ථානයට මිසක් ලංගම ස්ථානයට නෙමෙයි කියල.

      Delete
  4. sounds pollution for other reasons such as political gatherings and musical shows are also a big nuisance. Not to mention private but loud parties held by powerful (corrupt) people.

    ReplyDelete
  5. i think the feeling u get from each temple is different, for an example, i have around 5 temples in the close proximity, but i prefer kelani temple cz for me i find it very peacefull and calm specially the bo tree, so even ur mother may find someting else more appealing on that temple, certain temples dont have a very good program on poya days , but in places like maharagam , kelani they have very good well organized sil programs,............. and about concrete yeah monks have a craze of bulding so many unwanted things... all they do is collect money to build those buildings.. may b thats their way of developing the temple,

    ReplyDelete
  6. කන්කලු ද නැද්දAugust 10, 2014 at 12:58 PM

    තමන්ගෙ ජිවිත කාලේම කැරි වැඩ කරපු උන් මේ පන්සල්,පල්ලි සහ කෝවිල් වලට රිංගලා තමන්ගෙ ගිල්ටිය නැතිකරගන්න සද්ද දානවා කියලා කෙනෙකුට කියන්න පුලුවන්,නමුත් රවි ශංකර්ලා හිටපු ඉන්දියාවෙ හදන වාහනවල සද්දේ ගැන එක කැරියෙක්වත් කතා නොකිරිම ගැන මට නම් ඇති වෙනනේ මහ මෙව්වා එකක් පැරා...

    පශූ වදන,-
    ඉන්දියන් මරුති වල සද්දේ හොඳා....යි

    ReplyDelete
  7. ආගමික සිථාන වල ලවුඩ්ස්පීකර් වලට වඩා කරච්චලයක් පාරේ හෝන් ගහන එක. පාර අයිනේ ගෙවල් වල අයගේ කන් කොහොම ඇත්ද. රෑ 12ටත් හෝන් ගහන උන් ඉන්න රටක් නෙ මේක!

    ReplyDelete
  8. ආගමික ස්ථානවල කරච්චලේ වගේම ලේලන්ඩ් බස් වල "බීට් එක" සහ වාහනවල හෝන් එකත් මහ වදයක්. ඕව ඔක්කොම පාළනයට නීති තිබ්බත් කවුද ක්‍රියාත්මක කරන්නෙ?

    පන්සලේ සද්දෙට එරෙහිවෙන එකා බෞද්ධ අයිතියට විරුද්ධ අන්‍යාගංකාර මිත්‍යාදෘශ්ඨිකය.
    කතෝලික පල්ලියෙ, මුස්ලිම් යාඥාමධ්‍යස්ථානෙ ( මුස්ලිං ආගමේ දේවස්ථාන නොහොත් දෙවියන් වැඩ සිටිනා ස්ථාන නැති බව ලංකාවෙ තම්බින්ටත් අමතකයිනෙව ) සද්දෙට එරෙහි වෙන්නෙ ආගමික සහජීවනයට, ආගමික නිදහසට එරෙහිවෙන ජාතිවාදියො.

    බස් වාහනවල හෝන් සද්දෙට විරුද්ධවෙන්නෙ රටේ දියුණුව දකින්න බැරි කුහක විපක්ෂෙ උන්.

    සද්ද නැතුව ඕන පුකක් කියල දෙන දේ කාල වෙනදේ බලාන ඉන්නෙ නියම සිංහල ශ්‍රීලංකාකාරයො.

    ReplyDelete
  9. ඊයේ මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
    ලස්සන සිංහල නංගි කෙනෙක්...
    මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..
    “අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට.. එයින් වැඩුමලී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?“ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..
    “ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“
    ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..
    “එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
    “එයා මුස්ලිම්ද කියලා නොදැන යාලු වුණේ..?“
    “ඔව්.. එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“
    “ම්.. ඉතින්.. කියන්නකො..“
    “එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා.. එක එක තෑගි ගෙනත් දුන්නා.. ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“
    “ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“
    “එයා බොරු කලේ මට ආදරේ හින්දලු.. මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු.. ආගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“
    “ම්.. එහෙමද..? ආගම ප්‍රශ්නයක් නෙවෙයි නම් එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න.. එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“
    “එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“
    “ඔයා වෙනුවෙන්වත්..?“
    නංගි උත්තර නොදී බිම බලාගත්තා..
    “එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු.. හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු.. ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“
    “නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු.. එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“
    “ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ.. ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“

    ReplyDelete
  10. “දැන් එහෙම බෑලු අක්කේ.. එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු.. මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ.. ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“
    “හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි.. පල්ලියට ඕනවට..?“
    නංගි නිහඩයි..
    “ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“
    “ඔව්..“ නංගි හෙමින් කිව්වා.
    “ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“
    “එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“
    “ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම් ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ.. ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන් මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා..ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය“ මම මුස්ලිම් විවාහ (පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.
    “ම්..“
    “එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“
    “ඔව්..“
    “හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා...
    පනතේ 44 වන වගන්තිය අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිලු. ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්.. ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“
    නංගි නිහඩ වුණා.. ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...
    “මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.. වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ.. ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි.. අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට..?“
    නංගිගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා..
    “ඉතින් නංගි ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ.. එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“
    “හ්ම්..“

    ReplyDelete

  11. “ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ කුරානය - 2.223 කියන පාඨයේ තියනවා - ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා. හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ. ඒ නිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.
    ඒ වගේම කුරානෙ 4.34 පාඨයේ කියලා තියෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් භාරය. පුරුෂයන් ස්ත්‍රියට වඩා උසස්ය. එබැවින් කීකරු නොවන ස්ත්‍රින්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා. ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද..?“
    “---------------“
    “ඉතින් නංගි තව දෙයක්... කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා. ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත් ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන. පුලුවන් නේද..?“
    “-----------“
    “ඉතින් නංගි.. කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්‍රශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි.. තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර... අම්මලා ඔයාව බාර ගනීවි නේද..?“
    “-----------“
    “ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන.. කවුද තේරුවේ ඇදුම..?“ මං ඇහුවා..
    මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..
    “මම..“
    “හැබැයි නංගියේ.. අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට.. ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා.. එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම... අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“
    “මට තේරෙනවා අක්කේ..“
    “හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..? මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා.. අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා.. අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද.. නැතිනම්... තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා.. ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“
    “මම මේක අත් අරිනවා අක්කේ...“ නංගි කිව්වා.. අම්මා ඇඩුවා..
    අපේ කොල්ලෝත් කතාවට එකතු වුණා...
    “අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි... උඹලා අපේ කෙල්ලෝ.. අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා.. උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“
    -----------------------------------------------------------------------------
    එච්චරයි...
    අද ඉදන් ඒ නංගිත් අපේ ජාතිය ආගම වෙනුවෙන් කැප වෙලා වැඩ කරන නංගි කෙනෙක්....

    ReplyDelete
    Replies
    1. ඇනෝ නොකිව්වට, කුරාණයේ වදන් වාක්‍යානුසාරයෙන් අරගෙන, එය වාක්‍යානුසාරයෙන් පරිවර්තනය කොට එහි තේරුම විකෘති වන අයුරින් අදහස් පළකිරීම කියන්නෙත් ජාතිවාදයටත් එහා ගිය ඉස්ලාමීය වෛරී මානසිකත්වයකින් හෙබි පුද්ගලයෙකුගේ වැඩක්. එම සොයුරිය බුද්ධිමත් නම් කළයුත්තේ ඔහු මුස්ලිම් බව දැනගත් දිනයේදීම තමාට සිය ආගම අතහැර දැමිය නොහැකි බව පවසා, ආදරයේ නාමයෙන් යැයි කියමින් මුළාවෙන් ආරම්භකළ එම සම්බන්ධයට නැවතීමේ තිත තැබීමයි. මුස්ලිම් විවාහයට පල්ලියේ කිසිම සම්බන්ධයක් නැති අතර එය ඉස්ලාමය තුළ සමාජ චාරිත්‍රයක් පමණි. ඇතැමුන් මෝස්තරයක් ළෙසින් විවාහය ලියා පදිංචිය පිණිස පල්ලියට ගියත් එය අනිවාර්‍යයක් නොවේ. තවද ඔවුනට අවශ්‍යය නම් ලංකාවේ බළපැවැත්වෙන සාමාන්‍ය හදිසි විවාහ නීතිය යටතේ විවාහ වීමට වුවද කිසිම බාධාවක් නැත. මුස්ලිම් පුද්ගලයෙකු විවාහ සතරක් කරගැනීමද අනිවාර්‍යය නොවන අතර, නීත්‍යානුකූලව නොවූවත් බහුභාර්‍යා සේවනයේ යෙදෙන මුස්ලිම් නොවන්නන් සම්බන්ධවවූ ඔබගේ අල්ප දැනුම මම තර්කයට බඳුන් නොකරමි.
      අවසානයේ එක් දෙයක් කිව යුතුව ඇත. මෙම ක්‍රියාව (වැරැද්දක්දැයි කීමට මට අයිතියක් නොමැත) එනම් මිශ්‍ර සම්බන්ධයකදී එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට යම් යම් අස්ත්‍ය කරුණු කියා සිටීම සාමාන්‍යයෙන් සිදුවන අතර, මෙහි වින්දිතයන් බොහෝවිට වන්නේ සිංහල/ බෞද්ධ නොවන තරුණියන් බව අද පැහැදිළි කරුණකි. එයට ඉවහල් වන හේතුද වන්නේ බොහෝවිට මුස්ලිම් තරුණියන්හට ඕනෑම පාසැළක සිය ආගම නිසිළෙස ඉගෙන ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව මඳ නිසාය. අන් ආගමික තරුණියක් විවාහ කරගත්, එනිසාම කස පහර කෑ මුස්ලිම් තරුණයෙක් උදහරණයට දෙන්නට පුළුවන්ද ඇනෝ? සිය පෙම්වතියගේ කැමැත්ත ගන්නට ඔයටත් වඩා බොරු කියන තරුණයින් අද ලංකාවේ ඇත්තෙම නැද්ද? එම තරුණයා බොරු කීම ඔහුගේ පෞද්ගළික ක්‍රියාවක් වන අතර ඒ සඳහා පහසුම මඟ ළෙස ඔහු තම ආගමේ නොමැති, එහෙත් එම තරුණියට අවබෝධයක් නොමැති අසත්‍ය කරුණක් උපයෝගී කර ගැනීම, ඉස්ලාම් ධර්මය පවා පිළිනොගන්නා බව ඇතැම් විට ඔබද නොදන්නවා ඇත. එම තරුණියද, තවම කිරිබොන වයසේ පසුවෙන ඉතාමත්, අහිංසක, මෙලෝ දෙයක් නොදන්නා තොත්ත බබෙක් නෙමෙයිනෙ. දැන් අර ඇපල් ෆෝන් එක ආයෙ භාර දුන්නද?

      Delete
    2. කාටද සන්තෝශප්ප...

      යකෝ ජාතිවාදෙ වපුරන්න කලින් සීක් පද පහවත් නොකඩා ඉන්න බලපිය තොපි බඩු ගහලා අරක්කු බීලා නන්නත්තාරවෙල ඉන්ටෙර්නෙට් එකෙ නොම්බර එකෙ බෞද්ධයො වෙන්ඩ හදනවා බොරු කියලා

      Delete
    3. හා....හා ළමයි බෙට්ට පාග ගන්න එපා. කවුද බල්ලෙක් ඔය බෙට්ට හැමතම දානවා පාගගන්නේ නැතුව ඉන්න ටික දවසක් යන කොට බෙට්ට වේලිලා යයි.

      Delete
    4. හා....හා ළමයි බෙට්ට පාග ගන්න එපා. කවුද බල්ලෙක් ඔය බෙට්ට හැම තැනම දානවා පාගගන්නේ නැතුව ඉන්න ටික දවසක් යන කොට බෙට්ට වේලිලා යයි.

      Delete
  12. මිනිස්සුන්ට ටොපික් එකකට අදාලව කතාකරන්න බැරි සිද්දිය අන්තර්ජාලයේ සිරි ලාංකික අති බහුතරයකට තියෙන ලෙඩක්..
    මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ පංසල් වල පීකර් දැමීම..
    පීකර් දැමීම වැරදියි..ඒක නිකං එයාලගේ ආතල් අපි ඉවසන්න ඕනි කියලා බබා හුකුං වලිං විසඳන්න බැහැ..
    මොන ආගමත් මිනිස්සුන්ට කරදර නොකර ඉන්න දැනගන්න ඕනි..
    එහෙම රූල් එකක් තියෙන්න ඕනි කියලවත් හිතන්නෙ නැති මිනිස්සු හැමදාම මේ විදියට ප්‍රශ්ණ එක්කම ඒවයි උඩ අශූචි වලේ ඉන්න කැරපොත්තො ටික වගේ හැමදාම ඉඳීවි..

    ReplyDelete
    Replies
    1. //මිනිස්සුන්ට ටොපික් එකකට අදාලව කතාකරන්න බැරි සිද්දිය අන්තර්ජාලයේ සිරි ලාංකික අති බහුතරයකට තියෙන ලෙඩක්..//

      මචං මේ බ්ලොග් නේ! කතා , අනුකතා , අතුරු කතා , කතා නොවන කතා, මේක බ්ලොග් වල ලක්ෂණයක්නේ. අයි අවුල් වෙන්නේ ?

      Delete
    2. ඇයි සමහරු ඉන්නවා හෙන පොර ටෝක් කොමෙන්ට් දාලා ඒවාට පුක නැතිවෙන්න උත්තර ලැබෙනකොට ශේප් එකේ මාරුවෙනවා.

      Delete
  13. දවසකට පස් වතාවක්ද කොහෙද බැගින් දිනපතා ලවුස්පීකරයෙන් කෑ ගැසීම පටන් ගත්තේ ඉස්ලාම් මස්ජිද් වලයි. සල්ලිකාර බෞද්ධයෝ සාඝික දානයක් සර්ව රාත්‍රික පිරිතක් තියන කොට විතරක් ලවුස් පීකර් දැමුවෝය. ඒත් තම්බිලාට රිටන් එක දෙන්නට අවශ්‍ය නිසා දැන් දිනපතාම වරද්ද වරද්දා හෝ තුන් සූත්‍රය ලවුස්පිකරවලින් දිනපතා සජ්ජායනා කරනු ලැබේ.
    මේ හැරෙන්නට සල්ලිකාර බෞද්ධයෝ අවමගුල් උත්සව වලටත් ලවුස්පීකර් දමති.මගුල් ගෙවල් වල බෆල් ‍සෙට් දමති. ඒවා නම් රෑ දොළහ වෙන තුරුම නවතින්නේ නැත. නීතිය අනුව රෑ දොළහ වනතුරු ශබ්ධ දූෂණයට අවසර ඇති බව කියනු ලැබේ. (දොළහටවත් නවත්වන එක ගැන ආණ්ඩුවට කෘතඥ විය යුතුයි නේද?)

    ඉඳ හිට දවසක, පෙරහැර කාලෙට, වෙසක් පෝයට, නත්තලට ශබ්ද දූෂණය සිදුවුනත් එය කවුරුවත් එතරම් ගණන් ගන්නේ නැත. ඒත් දිනපතා කරන ලවුස්පීකර් ගායනා ගැන සැළකිලිමත් වීම හොඳය. ලවුස්පීකරයෙන් වැරදියට ගාථා කීමෙන් දරුවන් නොමග යන අතර සමහර විට එය බෞද්ධාගම වැනසීමේ අන්‍යාගමික කුමන්ත්‍රණයකට මුදල් නිසා යට වූ හාමුදුරුවරුන්ගේ ක්‍රියාවක් වීමටද ඉඩ තිබෙනවා නේද?

    තවද, සමහර කමෙන්ට් වල කියල තිබුනට දැන් ලේලන්ඩ් බස් වල අර බීට් එක නැත‍.

    අවසාන වශයෙන්, අදාළ නොවන තැන්වලදීත් කුනුහරුප කියන අඩු මානසික මට්ටම් වල අය ද කමෙන්ට් දැමීමට පැමිණීමෙන් වර්තමාන අයි ටී දියුණුව ගැන ආඩම්බරයක් ඇති වෙනවා නේද?

    ReplyDelete
  14. """"දවසකට පස් වතාවක්ද කොහෙද බැගින් දිනපතා ලවුස්පීකරයෙන් කෑ ගැසීම පටන් ගත්තේ ඉස්ලාම් මස්ජිද් වලයි. සල්ලිකාර බෞද්ධයෝ සාඝික දානයක් සර්ව රාත්‍රික පිරිතක් තියන කොට විතරක් ලවුස් පීකර් දැමුවෝය. ඒත් තම්බිලාට රිටන් එක දෙන්නට අවශ්‍ය නිසා දැන් දිනපතාම වරද්ද වරද්දා හෝ තුන් සූත්‍රය ලවුස්පිකරවලින් දිනපතා සජ්ජායනා කරනු ලැබේ."""""

    හෙනහුරා කියන මේ කතාව 100%ක් නිවැරදි යි. මුස්ලිමුන් තමයි 1980 දශකයේ මුලින් ම ලවුඩ්ස්පීකර්වලින් කෑ ගහන්න පටන් ගත්තේ. බෞද්ධයෝ කළේ රිටර්න් එක දුන්න එක. දැන් දැන් සිංහල කතෝලිකයොත් ලවුඩ්ස්පීකර්වලින් මහ සද්දෙට ගීතිකා දානවා.

    ReplyDelete
  15. යම් කිසි කෙනෙක් ආගමක් අදහනවා නම් ඔහු/ඇය තම ආගම තබා ගත යුත්තේ තම සිත තුළ මිසක් ලවුඩ්ස්පීකර් තුළ නොවේ.

    ReplyDelete
  16. මුන් ඔක්කෝටම පිස්සු. ආගම් නිසා මිනිහා භේද වෙනවා මිසක් ළං වෙන්නේ නැහැ.

    ReplyDelete
  17. පැරා, ශබ්ද දූෂණය අදාළ වෙන්නෙ ආගම් වලට විතරද? එතකොට සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්, උද්ඝෝෂණ, ක්‍රීඩා තරඟ ගැන මොකද කියන්නෙ? ඒවටත් අකමැති මිනිස්සු ඉන්නවනෙ?

    ReplyDelete
  18. PERA,MAMATH DINAPATHAMA OYA DEPETHTHENA peedawindinawa,Pandara 4ta muslim palli3kin,Pandara 5 pansalen,oyata onanam Ambagahahandiyata ho Aluthgama station langata ewilla pandara Ahagatheki kochcharadurata palliwalasaddeehenawada kiyala,Meka patangaththe muslim palliwala paramparikawa karapu agama kiwilla shabda wikashana walata wasara15 withara kalin maruwunami,Anthimata policiyath meka nawththuwene,in wasara 2ta withara passei pansalwala mekapatangaththe,HEBEI eka NAWATHTHANA pakshabeda nethiwa MUSLIM Deshapalakayo uthsaha kala.MAGE mathaya koima agamakatawth dinapatha agama shabda wikashana(WIKAKANA?)magin pracharayata ida nodiyauthui kiyanaekai,Agama Adahanna shabadawikashana onane.Dharganagaraya,Aluthgama,Ambagahahandiya.Kandawiharaya Awata thathwaya okai.(PATHTHAGODA)

    ReplyDelete
  19. දෙමළ කෝවිල කියන යෙදුම වැරදියි
    එතකොට අහන්න හිතෙනවා ගණදෙවියෝ අයිති දෙමළුන්ට විතරද කියලා
    ලංකාවේ දෙමලු විශාල පිරිසක් ක්‍රිස්තියානි
    ඒ වගේම සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය හින්දු කියලා කියන දෙවිවරුන්ටත් ගරුකරනවා
    තව දෙයක් හින්දු ආගම කියන එන මංහිතන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ (වැඩිම වුනොත් ලන්දේසි කාලේ) ආපු යෙදුමක් සිංහල බෞද්ධයෙක් හැටියට මට හින්දු කියලා ආගමක් නෑ ඒක
    අභිචාර විධියක් පමණයි
    කොහොමත් හින්දු කියලා කියන ඇදහිලි සම්බන්ධව වැඩි අයිතිය තියෙන්නේ සිංහලයට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා