ඉම්රාන් ඛාන්ගේ වේග පන්දු හමුවේ පකිස්තානය
පාකිස්තානය යනු එහෙමපිටින් ම සමාජ දේශපාලන අර්බුදයකි. අද වන විට එම අර්බුදය තවත් උග්‍ර වී තිබේ. පාකිස්තානයේ විපක්ෂයේ නායකයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ හා ආගමික නායකයකු වන තහීර් උල් කද්රිගේ නායකත්වයෙන් අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු වෙමින් තිබේ. නවාස් ෂරීෆ් අගමැති තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඔවුහු උද්ඝෝෂණය කරති.
යුක‍්තිය සඳහා ව්‍යාපාරයේ නායක ඉම්රාන් ඛාන් පවසන්නේ මාස 15කට පෙර නවාස් ෂරීෆ් ලැබූ මැතිවරණ ජයග්‍රහණය වංචනික එකක් බවයි. ඔහුගේ දූෂණ විරෝධී උද්ඝෝෂණයට තරුණ ජනයා අතර පුළුල් සහයෝගයක් තිබේ. තහීර් උල් කද්රි යනු පාකිස්තානයේ ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරය මධ්‍යස්ථකරණය කළ යුතු බව පවසන ආගමික හා දේශපාලන නායකයෙකි. නිදහස, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, යහපාලනය හා කාන්තා අයිතිවාසිකම් ආදියට ගරු කරන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ඔහුට කම්කරුවන් අතර පදනමක් තිබේ. කද්රි ජාත්‍යන්තර ආණ්ඩුක්‍රම පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම ඉස්ලාම් ආගමික ගුරුකුලයක් වන සුෆී දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකි.
මේ වන විට යුක්තිය සඳහා ව්‍යාපාරයේ හා උල් කද්රිගේ පාකිස්තාන් අවාමි ටෙහ්රික් පාක්ෂිකයෝ එකට එකතු වී සිටිති. පසුගිය බදාදා දසදහස් ගණන් විරෝධතාකරුවෝ ඉස්ලාමාබාද්හි අධි ආරක්ෂිත රතු කලාපයට ඇතුල් වී පාකිස්තාන් පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කළ හ. පොලු අතින් ගත් සටන්කරුවෝ රතු කලාපයේ ආරක්ෂක විධිවිධාන පසුබස්වමින් රජයේ ආයතන ඉදිරිපිට තමන්ගේ මුරකාවල් පිහිටුවන්නට සමත් වූ හ. අර්බුදය පිළිබඳ සාකච්ඡා කරන්නට රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පිට වී යන්නට නො දෙන්නැයි ද, නවාස් ෂරීෆ් ඉල්ලා අස් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නැයි ද කද්රි ඉල්ලා සිටියේ ය.අඟහරුවාදා නවාස් ෂරීෆ්ගේ නිල නිවස ආක්‍රමණය කළ යුතු යයි ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ට යෝජනා කළමුත්, කද්රි එම ක්‍රියාමාර්ගය අනුමත කළේ නැත.
මේ අතර පාකිස්තාන් හමුදාපතිවරයා දැඩි ප්‍රකාශයක් කළේ ය. අර්ථාන්විත සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය සමනය කිරීම සඳහා වහා පියවර ගත යුතු බව පාකිස්තාන් හමුදාපති රහීල් ෂරීෆ් පවසා ඇති බව වාර්තා විය. රහීල් ෂරීෆ් අගමැතිවරයාගේ ඥාතියකු නොවේ. පකිස්තාන් හමුදාව මේ වන විට ඊසානදිග පකිස්තානයේ ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව දැවැන්ත යුද මෙහෙයුමක් දියත් කර තිබේ. .ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තුළ බලවත් තත්වයක සිටින පාකිස්තාන් හමුදාව මෙම දේශපාලන අර්බුදයට අත දමන්නට ඉඩ ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරති. හමුදාවේ ඇතැම් කොටස් විරෝධතා පසුපස සිටින බවට ඇති තර්ක ඛාන් හා කද්රි විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අතිශය භංගුර තත්වයක ය.1947 නිදහසින් පසු පාකිස්තානයේ හමුදා ආණ්ඩු තුනක් බලයේ සිට තිබේ. ඉන් එකක් 1999දී නවාස් ෂරීෆ්ගේ දෙවන ධුර කාලයේදී ඔහු අගමැති තනතුරින් පහ කරමින් පිහිටුවන ලද හමුදාපති පර්වේස් මුෂාරෆ් විසින් පිහිටුවන ලද එකකි. මේ වන විට ෂරීෆ්ගේ ආණ්ඩුව විසින් මුෂාරෆ්ට එරෙහිව රාජ්‍ය ද්‍රෝහිත්වය යටතේ නඩු පවරා තිබේ. එමගින් ඔහු යම් ආකාරයකට හමුදාව ඔහුට එරෙහිව කුපිත කරගෙන ද තිබේ. පාකිස්තාන් ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් හමුදා පාලනයන්ට ද සහයෝගය දෙති.පවතින ජාත්‍යන්තර වටපිටාව තුළ නැවත හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට තිබෙන ඉඩකඩ අවම වුවත්, හමුදාව පාලනයට බලපෑම් කිරීම නම් අඩු වී නැත. ඉක්මණ් මහ මැතිවරණයක් පවත්වන්නැයි හමුදාවෙන් නවාස් ෂරීෆ්ට බලපෑම් එල්ල විය හැකි යයි විශ්ලේෂකයෝ පවසති.
2013 පැවති මැතිවරණයේදී, පිටුවහලේ සිට ආපසු පැමිණි නවාස් ෂරීෆ් තුන්වන වරට බලයට පත් වුණේ දැවැන්ත බහුතර ඡන්දයකිනි. ඔහු නායකත්වය දෙන පාකිස්තාන් මුස්ලිම් ලීගයට පාර්ලිමේන්තුවේ ප්‍රබල බහුතරයක් තිබේ. ඔහුගේ පොරොන්දු අතර පාකිස්තානය ආර්ථික වශයෙන් නගා සිටුවීම ප්‍රමුඛ ය. ඒ අතරින් ද බලශක්ති අර්බුදයට විසඳුම් සැපයීම සඳහා ක්‍රියාමාර්ග ඉදිරියෙන් ම සිටියි. පාකිස්තානය නිරතුරුවම විදුලි අර්බුදයෙන් පීඩා විඳින නගර සහිත රටකි. ග්‍රාමීයව නම් විදුලිය යනු සිහිනයකි.
විරෝධතා නායකයන් පවසන්නේ සාකච්ඡාවලට පෙර නවාස් ෂරීෆ් ඉල්ලා අස් විය යුතු බවයි. බ්‍රහස්පතින්දා වන විට පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම අර්බුදයට මැදිහත් වී තිබිණි. බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන්නැයි ඛාන්ට හා කද්රිට නියෝග කර තිබිණි.
මේ අතර ඉම්රාන් ඛාන්ගේ යුක්තිය සඳහා ව්‍යාපාරය බ්‍රහස්පතින්දා ලාහෝර් සිට ඉස්ලාමාබාද් දක්වා නිදහස් පාගමනක් සංවිධානය කර තිබේ. එයට අගමැති ෂරීෆ්ගේ පාකිස්තාන් මුස්ලිම් ලීගයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. මෙතෙක් පැවති ඉවසීම වෙනුවට පොලිස් හා හමුදා මැදිහත්වීමක් සිදු වන්නට තිබෙන ඉඩකඩ පිළිබඳ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
ඉම්රාන් ඛාන්ගේ මූලික තර්කය දූෂණ ඔස්සේ ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය උදුරාගෙන ඇති බවයි. දූෂණ සිදු වී තිබෙනමුත්, එයින් සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් සිදු වී නොමැති බව මැතිවරණ නිරීක්ෂකයන්ගේ මතයයි. ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 35ක් හිමිව තිබේ. පාකිස්තාන් රජයේ ඉවසිලිවන්ත ප්‍රතිචාරය හමුවේ ඔහුගේ උද්ඝෝෂණය කිසියම් දුරකට අසාර්ථක වී තිබේ. දැන් ඔහු උත්සාහ කරන්නේ අත්අඩංගුවට පත් වීම තුළින් අරගලයෙන් ඉවත් වෙමින් සිය ජනප්‍රියත්වය රැක ගැනීමට යයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. ඔහුත්, උල් කද්රිත් අතර මෙම උද්ඝෝෂණයේදී තියුණු බල අරගලයක් දක්නට ලැබේ.
පාකිස්තානයේ දේශපාලන අර්බුදයට හේතු ලෙස සැලකිය හැක්කේ දකුණු ආසියාව පුරා ම දක්නට ලැබෙන පොදු තත්වයකි. පවුල්වාදය, ඥාති සංග්‍රහ, ගජමිතුරු ධනවාදය, දූෂණ ආදියට එරෙහි ප්‍රබල හඬක් ජනතාව අතරින් මතු වෙමින් තිබේ. ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන නාගරික ජනගහණය අතරත්, විශේෂයෙන් ම තරුණ ජනයා අතරත් මෙම තත්වය දැකිය හැකි ය. දූෂණ දුරලීම, නීතියේ පාලනය යළි ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, පහපාලනය, මානව හිමිකම් ආදිය කෙරෙහි ජනතා නැඹුරුව වැඩි වෙමින් තිබේ. ජනතාව ඉල්ලා සිටින ආර්ථික වර්ධනය ඇති කිරීමට ධනේශ්වර ආණ්ඩු අසමත් ය.
මේ අතර, පාකිස්තානයේ මුල් බැසගෙන තිබෙන අවස්ථාවාදී දේශපාලනය තුළ නැවත නැවතත් දැකිය හැකි වන්නේ ජනතාවගේඅරගල දේශපාලකයන් විසින් බලය ලබා ගැනීමේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිතා කරන අන්දමයි.
පාකිස්තානය විසින් අපගේ ඇස් විවෘත කරවමින් තිබෙන වැදගත් දේශපාලන ප්‍රපංචයක් තිබේ. ඒ වනාහි ජනතාවාදී දේශපාලන අරමුණු සහිත අනාගමික දේශපාලන ව්‍යාපාරවල නායකත්වයෙන් තොර ජනතා අරගල අයාලේ යාම වළක්වා ගත නො හැකි බවයි.
ජනරළ 2014 -08 - 24
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

MAAMA EKA
ReplyDeleteකොටියම කාපං. මේ පාරත් උඹ මට කලින් එහෙනම්. හිටු ඊගාව පාර දෙන්න වැඩේ.
Deleteරණතුංග ගොං නාම්බට වඩානම් ඉම්රාන් ගොඩාක් හොඳයි
ReplyDeletethis is like a histin ekak
ReplyDeleteAgree...
ReplyDeleteඅයියෝ පැරා this is getting really boring.
ReplyDeleteඒක නෙමේ කෝ අර "මෙතන ඇනොල හින්ද කිසිම සංවාදයක් කරන්න බැහැ. උං සංවාද අල කරනවා. අපිට සාරඝර්භ උත්කෘෂ්ට සංවාදයක් කරන්න උං භාදාවක්. පැරා ඇනෝ බ්ලොක් කරන්න . එතකොට අපි දෙන්නන් පට්ට සංවාද සහ කොමෙන්ට් " කියපු පණ්ඩිතයෝ සෙට් එක ?
උනුත් නැහැ. උන්ගේ පණ්ඩිත මානි සාරඝර්භ කොමෙන්ටුත් නැහැ. මල ඉලව් සන්වාදෙකුත් නැහැ.
මෙහෙම ගියොත් ආයි මෙතන "Agree..." , "this is like a histin ekak" , "ela... " වගේ කොමෙන්ටු 3-4ක් වැටෙන හෝංපලක් වෙනවාමයි. සමහර විට එව්වා වෙන්න ඇති අර පණ්ඩිතයෝ කියපු සාරඝර්භ සංවාද.
බල්ලා පිදුරු කන්නෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ.
එහෙම කියපු උන් අවෙත් ඇනෝනේ. උන් දැන් හරවත් සංවාද කරන්න ප්‍රොෆයිල් හදනවා ඇති. ටික දවසකින් එයි.
DeleteHa,ehenan Oyama kanna,
ReplyDeleteදැන් අර එයා මළා මෙයා මළා කියන ඇනෝලත් නෑ, ලොරි ටෝක් දුන්න ප්‍රොෆයිල් කාරයොත් නෑ.. ඉලව් සංවාදෙකුත් නෑ. හයියෝ සල්ලිගග
ReplyDeleteප්‍රොෆයිල් කාරයන්ට ලොරි ටෝක් දෙන්න දුන්නේ නෑනේ. සමරනායකලට ඔමායලට එහෙම බ්ලොග් එපා වෙන්න දුන්නනේ.
Deleteඑයා මළා මෙයා මළා හා කුණුහරුප කථා උපශාන්ත, මාතලන්, පත්තරේ ඇතුළු ප්‍රොෆයිල් පොරවල්ගේන්ම වෙයි. අන්තිමට පැරා කරලා තියෙන්නේ උන්ට ඕන වෙච්ච් දේමයි.
Delete"ප්‍රොෆයිල් කාරයන්ට ලොරි ටෝක් දෙන්න දුන්නේ නෑනේ. සමරනායකලට ඔමායලට එහෙම බ්ලොග් එපා වෙන්න දුන්නනේ"
Deleteඅපෝ තව කට්ටිය ලිස්ට් එකේ ඉන්නවා, මොකද අද ඇනෝ ආවේ ප්‍රොෆයිල් එකට තාම ලොග් උනේ නැද්ද ?
පැරා සත්ගුණවත් ප්‍රොෆයිල් කරුවන්ගේ සහ ඇනෝ ලෙස කොමෙන්ට් කල ප්‍රොෆයිල් කරුවන්ගේ දිග ලණුවක් ගිල ඇත. කනාගටුයි පැරා.
//ප්‍රොෆයිල් කාරයන්ට ලොරි ටෝක් දෙන්න දුන්නේ නෑනේ. සමරනායකලට ඔමායලට එහෙම බ්ලොග් එපා වෙන්න දුන්නනේ.//
Delete//අපිට නම් ඔය වැල්වටාරම් තේරෙන්නේ නෑ. බොටම් ලයින් එක මෙච්චරයි. මේක පත්තරයක් වගේ වෙන්න ඕන. ප්‍රශ්න අහල අන්නන්න ඔට්ටු නෑ.//
ඇයි ඔයාට පත්තරේ වගේ වෙන්න ඕන නැත්තේ බොලොග් පොස්ට් එක විතරද? කොමෙන්ට් ප්‍රශ්න කරන්න තහනම්ද ? ගොන් කථා කියන ප්‍රොෆයිල් ඩයල් ප්‍රශ්න කරාම ඔයාට අවුල් වෙන්නේ ඇයි. ඔයාටත් එහෙම මොකක් හරි උනාද ?
බොලව්, බ්ල්ග් එකක් කියෙවුව කියල කොමෙන්ට් දාන්ට ඕනැ කියල නීතියක් නැනෙ. අපි කියවනව, සංයමයෙන්. කියන්ට දෙයක් තියනව නම් කියනවා. නොකීව කියල, කොමෙන්ට් අඩු උනා කියල ලිපියෙ වැදගත්කම හරි නොවැදගත්කම හරි අඩු වැඩි වෙන් නෑනේ. තොපි මී හරක්, වටිනාකම මනින්නෙ ඔලු ගෙඩි ගණණ අනුව. අපි වටිනාකම මනින්නෙ දරන අදහස් අනුව.
ReplyDeleteඅවුල් ද ? පවු නොදි දෙන තැනකට දීගන හිටපල්ල අප්ප.
Thanks finally, waiting for approval.
ReplyDeletehttp://54.86.146.54/
ReplyDeletelanka enws new link