Posts

Showing posts with the label ඉම්රාන් ඛාන්

ඉම්රාන් ඛාන්ගේ වේග පන්දු හමුවේ පකිස්තානය

Image
පාකිස්තානය යනු එහෙමපිටින් ම සමාජ දේශපාලන අර්බුදයකි. අද වන විට එම අර්බුදය තවත් උග්‍ර වී තිබේ. පාකිස්තානයේ විපක්ෂයේ නායකයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ හා ආගමික නායකයකු වන තහීර් උල් කද්රිගේ නායකත්වයෙන් අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු වෙමින් තිබේ. නවාස් ෂරීෆ් අගමැති තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඔවුහු උද්ඝෝෂණය කරති. යුක‍්තිය සඳහා ව්‍යාපාරයේ නායක ඉම්රාන් ඛාන් පවසන්නේ මාස 15කට පෙර නවාස් ෂරීෆ් ලැබූ මැතිවරණ ජයග්‍රහණය වංචනික එකක් බවයි. ඔහුගේ දූෂණ විරෝධී උද්ඝෝෂණයට තරුණ ජනයා අතර පුළුල් සහයෝගයක් තිබේ. තහීර් උල් කද්රි යනු පාකිස්තානයේ ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරය මධ්‍යස්ථකරණය කළ යුතු බව පවසන ආගමික හා දේශපාලන නායකයෙකි. නිදහස, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, යහපාලනය හා කාන්තා අයිතිවාසිකම් ආදියට ගරු කරන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ඔහුට කම්කරුවන් අතර පදනමක් තිබේ. කද්රි ජාත්‍යන්තර ආණ්ඩුක්‍රම පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම ඉස්ලාම් ආගමික ගුරුකුලයක් වන සුෆී දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකි. මේ වන විට යුක්තිය සඳහා ව්‍යාපාරයේ හා උල් කද්රිගේ පාකිස්තාන් අවාමි ටෙහ්රික් පාක්...