Posts

Showing posts with the label පරමාණු බෝම්බය

යුද්ධය හැම කෙනෙක් ම පිස්සු වට්ටනවා

වසර 69කට පෙර 1945 අගෝස්තු 6 දින පෙ.ව. 6.15ට එක්සත් ජනපදය ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළුවේ ය. එයින් සිදු වූ විනාශය අති මහත් ය. කම්පන තරංග, විකිරණ හා තාප ධාරා හේතුවෙන් මිනිස්සු 140,000ක් ඒ මොහොතේ ම මිය ගිය හ. ඒ එම නගරයේ ජනගහණයෙන් භාගයකි. දින තුනකට පසුව ‍එක්සත් ජනපදය නාගසාකි වෙත දෙවන පරමාණු බෝම්බය හෙළුවේ ය. එයින් තවත් 74,000ක් ජනයා මිය ගිය හ. එවකට 17 හැවිරිදි තරුණයකු වූ කෝජි හොසොකාවාගේ 13 හැවිරිදි සොයුරිය යෝකෝ ද මෙම බෝම්බයට බිලි වූවා ය. පහත පළ වන්නේ ඔහු Democracy Now වෙබ් අඩවිය වෙනුවෙන් ඇමි ගුඩ්මන් සමග බෝම්බයෙන් ඉතිරි වූ ඉදිකිරීම් කීපයකින් එකක් අසලදී කළ සම්මුඛ සාකච්ඡාවක දළ පරිවර්තනයකි.  ඒ වෙලාවේ ඔබ සිටියේ කොහේද? මම හිටියේ මෙතැන් සිට කිලෝමීටර් තුනක් ඈත තැනක. එහි ඉතා ශක්තිමත් ගොඩනැගිල්ලක් තිබුණා. බෝම්බයට අහු වුණු මට ජීවිතය බේරා ගන්න ලැබුණේ අහම්බෙන්.  ඔබ මොනවද එහි ක‍රමින් හිටියේ? දෙවන ලෝක යුද්ධය අග හරියේදී ජපානයේ වැඩිහිටි මිනිසුන්ව බලෙන් ම යුද්ධයට යවා තිබුණා. ඒ නිසා ශ ්‍ර ම හිඟයක් තිබුණා. වයස අවුරුදු 12, 13 වූ අයවත් වැඩෙහි යොදවා තිබුණා. ඔවුන්ට ඉගෙන ගන්නට ලැබුණේත...