සහෝදරයින්ගේ සහෝදරකම හා ජේ.ආර්.ලාගේ මොකක්ද එක

පසුගිය දිනවල මගේ සිත් ඇද ගත් තීරු ලිපියක් හා සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධවයි මෙය ලියන්නේ. මේ ලිපි දෙක එකිනෙකට සම්බන්ධ නැහැ. හේමන්ත වර්ණකුලසූරියගේ තීරු ලිපියක ඔහු දිග කතාවක් කියනවා. එහි අරමුණ ජේ.ආර්.ගේ ගුණ වැනීමයි. ආර්.පී. විජේසිරි කියන්නේ 1977 මහ මැතිවණයේදී හාරිස්පත්තුව බහු ආසනයට ස්වාධීනව තරග කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ මන්ත්‍රීවරයෙක්. ඊට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් ඩඩ්ලිගේ පැත්තේ සිට ජේ.ආර්.ට විරුද්ධව සටන් කළ කෙනෙක්. මේ ආර්. පී. විජේසිරිට 1977 මහ මැතිවරණයේදී ආසනයක් දිනා ගන්නට හැකි වුණේ ඔහු උඩරට අඩු වරප්‍රසාදිත කුලයක් වූ පන්න දුරාව කුලය නියෝජනය කළ නිසායි. එක් අවස්ථාවකදී විජේසිරි ප්‍රසිද්ධ රැස්වීමකදී ජේ.ආර්.ට තිත්ත කුණුහරුපෙන් පලු පැලෙන්න බනිනවා. රැස්වීම වාර්තා කළ පොලිස් නිලධාරියා මෙම කතාව පටිගත කර ගනිමින් වාර්තා කර ගන්නවා. පසුව විජේසිරිට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ජනාධිපතිට අපහාස කිරීම සම්බන්ධව. විජේසිරි වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයකු පවා සොයා ගත නො හැකිව සිටියදී ඔහු වෙනුවෙන් පෙනී සිටින දැන් ජනාධිපතිගේ නීති උපදේශක ඩී. එස්. විජේසිංහ නීති ත...