කෞශල්යතන්ත්රවාදයේ ඉන්දුනීසියානු උදාහරණය
මෙරිටෝක්රසි කියන්නේ ලංකාවේ සුලබව භාවිතා වන වදනක් නොවෙයි. මෙම වදන සෑදී තිබෙන්නේ 'උපයනවා' යන අරුත දෙන ලතින් mereō නම් වදන හා පැරණි ග්රීක් බසින් බිඳී ආ 'බලය' හෝ 'ශක්තිය' හෝ අරුත් ගන්වන cracy ය වදන එක් වීමෙනුයි. එවිට මෙහි අරුත උපයා ගත් ශක්තිය වැන්නක්. අපි democracy කියන වචනය ප්රජාතන්ත්රවාදය කියා පරිවර්තනය කරන නිසා මා මේ මෙරිටෝක්රසි කියන වදනට යෝජනා කරන්නේ කෞශල්යතන්ත්රවාදය යන වචනයයි. කෞශල්යතන්ත්රවාදයෙන් අරුත් ගැන්වෙන්නේ කුසලතා මත තේරී පත් වූ නියෝජිතයන්ගේ පාලනය යන්නයි. කෞශල්යතන්ත්රවාදය ප්රජාතන්ත්රවාදයත් සමග එකට තබා බැලුවා ම අද දවසේ ලෝක දේශපාලනයේ ප්රජාතන්ත්රවාදය ඉක්මවා ගිය අවශ්යතාවක් නියෝජනය කරනවා. ඒ තමයි සුදුසු මිනිසුන් පාලනය සඳහා පත් කර ගැනීමේ අවශ්යතාව. මෙයට එරෙහිව සිදු වන දෙය තමයි පවුල්, ඥාති සම්බන්ධතා මත පුද්ගලයන් පාලනය සඳහා පත් වීම. ලංකාවේ මෙය පවතින්නේ උපරිම මට්ටමක. රාජපක්ෂ පවුල ගැන කියන්න ඕනැ නැහැනේ. ජවිපෙ වැනි පක්ෂ කීපයක හැර සෙසු පක්ෂ හැම එකක ම පාහේ තිබෙන්නේ ඥාති සම්බන්ධතා මත දේශපාලනයට තේරී පත් වීමයි. ලංකාවට කෞශල්යතන්ත්රවාදයක අවශ්යතාව දැඩ...