සුන්දර ඉංගිරිසි: විද්‍යාව හා තාක්ෂණය නිසා බස සුන්දර වූ හැටි

ඉංග්‍රීසි භාෂාව අපේ ජීවිතයට වැඩියෙන් ම සම්බන්ධ වෙන අවස්ථාවක් තමයි විෂය ක්ෂේත්‍ර වන්නේ විද්‍යාව හා නවීන තාක්ෂණයයි. විද්‍යාව සංවර්ධනය වන වේගයෙන් හා තාක්ෂණය නවීන වන තරම් වේගයෙන් භාෂාව නවීන වෙන්නේ නැහැ. අපට අලුත්, අලුත් තාක්ෂණයන් ලැබුණාට, ඒ හැම දෙයක් වෙනුවෙන් ම අලුත් සිංහල වචන හැදෙන්නේ නැහැ. හැදීම පහසුත් නැහැ. එසේ වදන් නිර්මානය කරන්නට තරම් විද්‍යාව හා තාක්ෂණ දැනුමත්, භාෂා දැනුමත් ඇති අය විරලයි. කොහොම හරි හදා ගත් ඇතැම් පාරිභාෂික වචන භාවිතයේ ඇත්තේත් නැහැ.

උදාහරණයකට කවුරුද දන්නේ ප්‍රතිදීප්ත පහන ගැන. ඒත්, ටියුබ් ලයිට් හෝ සීඑෆ්ෆෙල් කිව්වාම නො දන්නේ කවුරු ද? ටියුබ් ලයිට් පත්තු වෙන්නේ ටිකක් පරක්කු වෙලා. ඒ නිසා යමක් ප්‍රමාද වී තේරුම් ගන්නා අය හඳුන්වන්නත් ටියුබ් ලයිට් කියන වදන පාවිච්චි කරනවා. තේරුණා ද? තේරෙන්න පරක්කු නම් ඔබත් ටියුබ් ලයිට් වෙන්න ඇති.

මේ වගේ තවත් අපූරු යෙදුමක් තමයි මීටරේ. උසස් පෙළ හොඳින් සමත් වෙන්න පුළුවන් හොඳ මීටර්කාරයන්ට තමයි. ඒ වගේ අයගේ මොළේ ගැන කියනකොට සිරා මීටරේ කියනවා. සිරා කියන්නේ සීරියස් (serious). මොළේට මීටරේ කියන්නේ ලංකාවේ අපි විතරයි.

විභාගවලදි හොඳින් පිළිතුරු ලියන්න නම් හොඳින් සූදානම් වෙන්න ඕනැ. මෙයට ක්‍රෑම දානවා කියා සරසවි සිසුවෝ කියනවා. Cram කියන්නේ විශේෂයෙන් ම විභාගයකට පෙර කෙටි කාලයකින් කරන ගැඹුරු හැදෑරීමටයි.

විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ සිංහල වදන් නිර්මානය වීම ‍සිදු වන්නේ ඉතා හෙමින් නිසා බොහෝ වෙලාවට අපි ඉංග්‍රීසි වදනම තත්සම ස්වරූපයෙන් භාවිතා කරනවා. තත්භව වුණත් සිදු වන්නේ ඉතා කුඩා වෙනස්කම් පමණයි. බැක්ටීරියාව, වයිරසය වැනි වචන උදාහරණ ලෙස සැලකිය හැකියි.

සමහර වෙලාවට වදන් නිර්මානය කරන අය ඉතා සමීප සිංහල වදන් නිපදවනවා. උදාහරණ ලෙස ඉංග්‍රීසියෙන් cell සිංහලෙන් සෛලය.

ගණිතයේදීත් අපි ඉංග්‍රිසියෙන් ණයට ගත් වදන් රැසක් භාවිතා කරනවා. අක්ෂය කියන්නේත් axis නම් ඉංග්‍රීසි වදනට ඉතා සමීප සිංහල වදනක්. ත්‍රිකෝණමිතියත් (trigonometry) තවත් සුන්දර වදන් නිර්මාණයක්. ඉලිප්සය, ත්‍රපීසියම වගේ වචන ඍජු තත්සම වදන්.

විද්‍යාව, තාක්ෂණය, ගණිතය ආශ්‍රිතව සිංහලයේ තත්සම, තත්භව වචන ලැයිස්තුගත කරන එක ඉතා දුෂ්කර කාර්යයක්. suvahas.vidumanpetha.com නම් වෙබ් අඩවියේ ජීව, රසායනික, භෞතික, භූ, පරිගණක විද්‍යාවන් හා ගණිතය සම්බන්ධ ශබ්ද මාලාවන් දැක්වෙනවා. අධ්‍යයනය කර බලලා රසවත් වදන් ගැන අපටත් කියන්න.

පරිගණක විද්‍යාව නිසාත් අපේ ශබ්ද මාලාවට අලුත් වචන රැසක් ඇතුළත් වුණා. මොනිටරේ (monitor), මවුස්සෙක (mouse), මෙමරිය (memory), රැම්මෙක (ram) ආදී වචන ගොඩයි.

මැසිම (machine), මෝටරය (motor), රොටරිය (rotor), හැඬල් (handle), ඉස්කුරුප්පු (screw), පෝක් අත (folk), වයර් (wire), කොයිල් (coil), එල්ලයරිං (L iron), ඇච්චයිරං (H iron), අඩප්පරේ (adaptor), එස්ලෝන් බට (S-lon), ලෙවල් එක (level), නට්ටෙක (nut), බෝල්ට් ඇණය (bolt), ස්ප‍්‍රීං (spring), ඒරියලය (ariel), ඇල්මේනියන් (aluminium), නිකල් (nickol), සැලෝලයිඞ් (celuloid), ප්ලාස්ටික් (plastic), ඔටෝමැටික් (automatic), බ‍්‍රැකට්ටුව (bracket), රොකට්ටුව (rocket), හුක් එක (hook), හිච්චෙක (hitch), සිමෙන්ති (cement), ටයිල් (tile), චේන්නෙක (chain), චේන් සෝ එක (chain saw), සයිකලය (cycle), පිලමන්ට් (filament), එලිමන්ට් (element), පිලර් (filler), සීලර් (sealer), ඉස්පැනර් (spanner), කටර් අඬුව (plier), පියුටර් (pewter), වැකුම් (vacuum), ලැගිජ් එක (luggage), ටෙස්ටරේ (testor), .ගෑස් (gas), ඉස්කුරුප්පු නියන (screw driver) ආදී වශයෙන් මවිසින් අහඹු ලෙස පෙළ ගස්වන ලද මේ වචන මාලාව තුළ යාන්ත්‍රික විද්‍යාව, විද්‍යුතය ආදී විෂය ක්ෂේත්‍රවලට අයත්, ඒත් පොදු ජනයා විසින් භාවිතා කරනු ලබන සාමාන්‍ය වචන ඇතුළත් වෙනවා.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Superb article para

    ReplyDelete
  2. හමුදා පුහුණුවේදීත් සරඹ කිරීමේදී සම්පූර්ණයෙන්ම සිංහලෙන් අණදෙනවා. එහෙත් හමුදා පුහුණුවට අදාළ විෂයයන් ඉගැන්වීමේදී බොහොමයක් ඉංග්‍රීසි වචන ඒ විදිහටම යොදා උගන්වනවා. උදාහරණයක් වශයෙන් යම්කිසි අවියක කොටස් හැඳින්වීම සඳහා සිංහලෙන් වචන හදන්නේ නැහැ. ඉංග්‍රීසි වචන එලෙසම යොදනවා. එය පහසුයි.

    මැෂින් තුවක්කුවකින් වෙඩි තැබීමේදී එහි පතරොම් ඇතුළු කරන ස්ථානය (chamber) එකේ හිරවීමක් සිදුවුණොත් තුවක්කුව නවතිනවා. පුහුණුවේදී මෙය හඳුන්වන්නේ obstruction in the chamber කියලා. මෙවැනි දෙයක් වුනාම පුහුණුවන සොල්දාදුවා (යුද බිමේදී නෙවෙයි පුහුණුව ලබන වෙඩි පිටියේදී) obstruction in the chamber කියලා, කෑගහලා කියන්න ඕනේ. එවිට උපදේශකයන් පැමිණ එම වරද නිවැරදි කරදෙනවා. නැත්නම් තමන්ම නිවැරදි කරගන්න හැටි කියාදෙනවා. වරක් එක ආධුනිකයෙක් මේ විදිහට තුවක්කුව හිරවුනාම මොකක් කියලද කෑගැහුවේ කියලා දන්නවද? instructor in the chamber කියලා. එතන හිටිය උපදේශකකු කෑගැහුවා යකෝ ඒකා මැරෙයි. ඉක්මණට එලියට ගනින් කියලා.

    ReplyDelete
  3. අලුත් සුන්දර ඉංගිරිසි ලිපියේ බරපතළ වරදක් තිබෙනවා. ගණිතයේ බොහෝ යෙදුම් ඉංගිරිසියට එන්නේ සංස්කෘත බසින්. ඔබේ නිදසුන් නැවත සලකා බලන්න. 'අක්ෂ' වූවා මිස අක්ෂ වූවා නොවේ. අප ගණිතයේ සාමාන්‍යයෙන් වහරන බස භාරතීය ගණිතඥයන් භාවිතා කළ වචනවලින් නිපන් එකක්.
    // 'අක්ෂ' axix වූවා මිස axis අක්ෂ වූවා නොවේ//
    - අනුරාධ මහාසිංහ (ෆේස්බුක් ඔස්සේ)

    ReplyDelete
  4. විද්‍යා විෂයන් සිංහලෙන් උගන්නනවිට ඉංග්‍රීසි වචන වලට සිංහල පාරිභාෂික ශබ්දමාලාවල් හැදුව ඒ කාලෙ හිටපු භාෂා විශාරදයො විෂයෙන් විෂයට, හැබැයි සිංහල වචන වෙනුවට මේ පාරිභාෂික ශබ්දමාලාවල තියෙන බොහෝ වචන සංස්කෘත වචන ඒව කියවන්න තවත් ශබ්දකෝෂයක් ඕනැවෙනව.

    ReplyDelete
    Replies
    1. සංස්කෘත යනු සිංහලය ද අයත් වන සියළුම ප්‍රාකෘත භාෂාවන්ට පොදු වන සේ ලේඛනය සඳහා නිර්මාණය කරන ලද භාෂාවකි. පාරිභාෂික ශබ්ද භාවිතා කරන වයසට පැමිණි අයෙක් ඒවා උච්චාරණය කිරීමට අපහසු යයි කියන්නේ නම් ඒ තැනැත්තා එතෙක් ලබා ගත් අධ්‍යාපනයේ අඩුවක් තිබෙන බව කිව හැකියි.

      Delete
    2. ඔබ ඉන්දියානුවෙක් වෙන්න ඇති සංස්කෘත අගය කරන්න. ඕනැතරම් සිංහල වදන් සැකසීමට හැකි සිංහල බස පිලිබඳව මනා දැනුමක් ඇතිඅය සිටියදීත් ඒ අයට අවස්තාවක් නොදීමේ විපාක තමයි මේ සංස්කෘත වචන සිංහල භාෂාවට බලෙන් එබුවෙ. අපේ සිංහල බස කෙතරම් පොහොසත් බසක්ද, වසර දහස් ගනනක් තිස්සේ පරිනාමය වෙමින් ආ බසක්, අනුන්ගේ වචන සොරකම් නොකලාට අපේම සිංහල වචන තනා ගත හැකි අපූරු විදුහුරු බසක් මේ සිංහල බස. අප පලමුව අපේ බසට ආදරය කරන්න ඕනැ එවිට තමයි සිංහල ජාතියක් ලෙස නැගී සිටීමට හැකි. බස නැත්නම් ජාතියක් නැත. අන්‍ය ජාතීන්ගේ ඔලු පැලුවාට ජාතියක් ‍රැකෙන්නේ නැත.
      අනෙක් කාරනය ඔය විද්‍යා විෂයන් සඳහා ලියැවුන පාරිභාෂික ශබ්දමාලා භාවිතා කරන්නේ භාෂා විශාරදයින් නොවේ. අ.පො.ස. උසස් පෙළ, සාමාන්‍ය පෙළ හදාරන පාසැල් සිසුන්ය .

      Delete
    3. සිංහලය අති උතුම් කියාගන්න ජාතිවාදී නව රැලේ තවත් ලක්ෂණයක් තමයි සංස්කෘත වචන පහත් කර සැලකීම. ඉහත අඇනෝ ට අනුවනම් සංස්කෘතය සිංහල බසට අදාළ නොවන තනිකර ඉන්දීය දෙයකි. මේ මෝඩයන්ට නොතේරනවද මන්ද සංස්කෘත භාෂාව ඉවත් කලොත් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් නැතිබව?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා