රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් රෙදි නැතිව අපිත් පාරේ

poster1
ආණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට එකහෙළා විරෝධය පළ කරමු. මේ මොහොතේ ආණ්ඩු විරෝධී අරගලයේ ප්‍රධාන බලවේගය රාජ්‍ය නොවන සංවිධාන බව විපක්ෂයට නැති විරෝධයක් රාජ්‍ය නොවන සංවිධානවලට එල්ල වීමෙන් පෙනේ. රාජ්‍ය නොවන සංවිධාන විසින් මතු කරනු ලබන දූෂණයට, මානව හිමිකම් උල්ලංඝනයන්ට, ප්‍රකාශනයේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කාරණා ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. 

එහෙත්, ඒ සමගම මේ ටිකත් ලිවිය යුතු ය.

රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් පෙනී සිටීමට බැරි හිරිකිතයක් දීර්ඝ කාලීන සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රාජ්‍ය නොව සංවිධාන ඇසුරු කළ අයකු ලෙස මට තිබේ. 

රාජ්‍ය නොවන සංවිධාන තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී අභ්‍යන්තර ව්‍යූහයක් රජයටවත් නැත. 

රාජ්‍ය නොවන සංවිධාන තුළ තරම් ඥාති සංග්‍රහ, පවුල්වාදයන්, කට්ටිවාදයන් රාජපක්ෂ පවුලේ හෝ ආණ්ඩුවේවත් නැත.

රාජ්‍ය නොවන සංවිධානවල තරම් වැඩවසම් ස්වාමි සේවක සම්බන්ධතා පැරණි වලව්වලවත් නැත. 

රාජ්‍ය නොවන සංවිධානවල තරම් දූෂිත මුදල් ගනුදෙනු මුදල් අමාත්‍යාංශයේවත් නැත. 

රජ පැටව්වත් රාජ්‍ය ‍ොවන සංවිධාන තරම් මහජන මුදල් නාස්ති කරන්ේ නැත. 

රාජ්‍ය නොවන සංවිධානවල තරම් අඩුවෙන් වැඩ කර, වැඩියෙන් පඩි ගන්නා සේවකයන් ඇමති කාර්ය මණ්ඩලවලවත් නැත. 

රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් රැස් කරන්නේ බොහෝ විට ලංකාව වැනි රටවල සිටින දුප්පතුන් විකුණා ය. එහෙත්, ඒ අරමුදල්වලින් වැඩි හරියක් වැය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන්ගේ සුඛ විහරණය සඳහා ය. ලෝක බැංකුවවත් රාජ්‍ය නොවන සංවිධාන තරම් දුප්පතුන් විකුණාගෙන කන්නේ නැත.

රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් තරම් අනුන්ගේ මුදලින් සුපිරි හෝටල්වලින් කන, බොන, සැතපෙන සේවකයන් සුපිරි හෝටල්වලවත් නැත. 

විදේශ ඇමති ජී.එල්. පීරිස්වත් අනුන්ගේ සල්ලිවලින් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් තරම් රට සවාරි යන්නේ නැත. මේ සවාරිවලින් වැඩි හරියක් ඇමති බිරියන්ගේ රට සවාරි වැනි ය. බල්ලාට ඇති වැඩකුත් නැති ය. හෙමින් ගමනකුත් නැති ය.

මේ සියල්ල මැද රාජ්‍ය නොවන සංවිධාන තරම් මහින්ද රාජපක්ෂවත් ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය, මානව හිමිකම් ගැන කතා කරන්නේ නැත. 

ඉහත සඳහන් කළ කරුණුත්, තවත් දේත් ඔප්පු කරන්නට සාධක අවශ්‍ය නම් කියන්න.

ලෝකයේ ඔබ පතන වෙනස ඔබම වන්නැයි ගාන්ධි කළ ප්‍රකාශය සිහිපත් කරමින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන වෙත පහත අවවාදය කරන්නෙමු. 

කරුණාකර අවංක හා පාරදෘෂ්‍ය වන්න. රෙද්දක් ඇඳගෙන ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට අපට පුළුවන් එවිට පමණි. 

එහෙත්, මේ ආණ්ඩුවට ‍එරෙහිව අපි ඔබත් සමග හෙළුවැල්ලෙන් 17දා පාරට එන්නෙමු. එන්න අපි නිරුවතින් පාරේ නටමු. 

අද බැරිනම් හෙටවත් හැදෙමු.

අප කියන්නේ මෙයයි: වඩා යහපත් ලෝකයක් හැදීම යනු ජීවනෝපාය කර ගත හැකි සටන් පාඨයක් නො විය යුතු ය. එය ‍අපේ ජීවිතය විය යුතු ය.


poster2

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා උබ දැන් මහින්ද චින්තනයට සෙට් නේද මම දැක්ක උබ හොරණ ග්‍රෑම් 200 බලන්න ගිහින් තිබුණා

    ReplyDelete
  2. පැරා අපි දෙන්නා පටන් ගමුද එකක්. වැඩිය කස්ටිය ඕන නෑ. පොඩ්ඩක් සලකලා බලහන්. ටොයිලට් වල වැඩට නම්, ඇනෝලා කීප දෙනෙක් ගන්න පුළුවන්.

    පැරා කියන විදියට නම් මේ වගේ හොර ගුහාවල් වහන එකම නේ හොඳ? පැරා අපි ඇන් ජී ඕ ගැන දැන ගත්තේ 1984 තරම් කාළේ. ඕන් අපි වලක් බැහලා ටවුන් හෝල් එකේ ඉන්නවා. වැන් එකකින් සෙට් එකක් ඇවිත්. අපිවයි සුරන්ජිත් බස් වල ඉන්න උන් ටිකයි අන්නගහලා, අඳින්න ටී ෂර්ට් දීලා, ඉන්ගිරිස් බෝඩ් වගයක් අතට දීලා. නගර සභාව බැක්ග්‍රවුන්ඩ් එකට එන්න පොටෝ කීපයක් ඇල්ලුවා. අපේ හිටපු එකෙක් මුන් ආපු වෙලාවේ ඉඳලා කවර් වෙලා හිටියේ. ඌ කිව්වා ඔය ආන්ටි අපේ නේබර් මචෝ. එන් ජී ඕඑ එකක් තියෙනවා අම්බානක සල්ලි. ඔය පොටෝ යවලා රටින් සල්ලි ගේනවා කියලා. අපේ උනුත් ලේසියෙන් යන්න දුන්නේ නෑ. සල්ලි ඉල්ලුවා. ඒ පාර කිව්වා ඇයි ටී ෂර්ට් දුන්නේ කියලා. අපේ උන් කිව්වා බෝඩ් දෙන්නේ නෑ කියලා අටුන්ගේ වාහනේ ඉස්සරහට ගියා. පොලීසියෙනුත් ආවා. අනේ ඒ පාර පොලිස් කාරයන්ටත් එක්කම සල්ලි බෙදුවා. අපි රහීමා ගිහින් පට්ට ආතල් එකක් ගත්තා. ඔය තමයි මගේ මුල්ම ඇන් ජී ඕ ඇක්ස්පීරියන්ස් එක. ඒ ආන්ටී තාම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සීයට බක් ෆියට් එක තිබුණේ ඔය සිද්ධියට කලින්ද මාතලන්?

      Delete
    2. මේ කාළේ මචෝ ජපන් කාර් වෑන් පාරෙ හැම තැනම. බක් පියට් තිබුනේ සිරිමගේ කාළේ. ඒ කාළේ ඒවත් ලක්සිරි..

      Delete
    3. කවුද මචෝ ලක්සිරි කිව්වෙ?

      Delete
    4. ලක්සිරි බං ලක්සිරි සුද්ද හින්ගලෙන් ලිව්වහම මෙහෙමයි එන්නේ. Luxury ...

      Delete
    5. මාත,
      උඹල සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන්ද දන්නෑ ඔය බෝඩ් ඇල්ලුවෙ. කියෙව්වෙ නැද්ද මොනවද තිබුනෙ කියල?

      Delete
    6. ඉංගිරීසියෙන් වෙන්න ඇති ලියල තිබුණේ. රෝයල් එකට ගියාට මුගේ ඉන්ග්ලිෂ් බින්දුවයි.

      Delete
    7. අර කිව්වා වගේ ඉන්ගිරිසි අකුරු නේ බං තිබ්බේ, ඉංගිරිසිද ප්‍රංශද ජර්මන්ද දන්නේ නෑ..

      Delete
    8. අනෝ කෙනෙක් තොගෙ පඩ ෂෝ ගැන මෙහෙම ලියල තිබුන.

      විලිලජ්ජාවෙ සන්තෝසෙ බැරුවෝ, මම පැරගෙ බ්ලොගෙන් මාතලන්ගෙ බ්ලොග ගැන දැන ගත්තෙ ඇත්තටම මුලින්ම ආසවෙන් කියෙව්ව ලිපි කීපයක් මාතලන්ගෙ, ඒව වල තියෙන හාස්‍ය නිසා. දවස් කීපයක් කියවනකොට තේරුනා එකම ජෝක් එක එහාට මෙහාට කරක කරක ලියනව කියල. තව ටිකක් යනකොට තෙරුනා මාතලන් දේශපාලනික වශයෙන් අද බාලයෙක් බව, තවත් පස්සෙ තෙරුනා මාතලන්ට සමාජවදෙ වහකදුරු බව ඒ පිලිබදව කිසිත් නොදැනත්, තව ටිකකින් තෙරුනා මාතලන් ධනවාදියෙක් නොවන බවත් ඒ පිලිබදව කිසිත් නොදන්නාව සේ හැසිරෙන බව, තව යනකොට තෙරුනා ලංකාවෙ කිසි කෙනෙක් නොදන්නවා උනාට මාතලන් යනු මහා සංගීතඥයෙක් බව, තව යනකොට තෙරුනා මාතලන්ගෙ ප්‍රියතම දේශපාලඥය රනිල් විශ්ක්‍රමසින්හ බව, අයෙත් තෙරුනා මාතලට මහින්ද රාජපක්ෂ තරම් ලංකාව තුල දේශපාලඥයෙක් නොමැති බව, පස්සෙ තේරුනා මාතලන් රොයල් කොලෙජ් පොරක් බව, තව තේරුනා මාතලට හාමුදුරු වරු වහකන්දුරු බව ඒ නමුත් මහින්දගේ බොරු ආගමික භක්තිය විවේචනය නොකරන බව, තවත් ගොඩක් දේ තෙරුනා,
      අන්තිමට තේරුනා මාතලන්ගේ ලිපි කියවා කිසිදු පලක් නොවන බව. ඒ නිසා මේ මොහොත වන විට මාතලන්ගේ කිසිම ලිපියක් කියවීමට සිතට අදහසක් එන්නෙ නෑ.
      අබිලින්ලා කට වචාල කමට දොඩවනව වගේ ලිපි ලියල වැඩක් නෑ මතලනො, මාතලන්ට බයට නෙවෙයි මේ ටික ලිව්වෙ.

      Delete
    9. Thanks for the publicity..

      my dear this is the same old song..

      don't you have anything new.

      hena amaaruwen ingirisiyen liyaagaththe.

      Delete
  3. @පැරා, NGO කියන්නෙ හොර ගුහාවන් විය හැකියි. පැරාට NGO සමඟ ප්‍රශ්නයකුත් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මේ මර්ධනයට අත උස්සන්න ගියොත් වෙන්නේ මාටින් නිමොලර් කියපු දේම නේද?

    ReplyDelete
    Replies
    1. Read the article before comment.

      Delete
    2. පැරා බ්ලොග් එකත් එක්ක. අර ත්‍රී ඩී සෝ බලන කොට දෙන කන්නඩි දෙකක් හරි දෙන්න. නැත්නම් ඔය ඇන් ජී ඕ එකකින් කන්නාඩි බෙදන වෙලාවට මෙයාට එකක් අරන් තියන්න.

      Delete
    3. මාතලන්, දෙන්නෙ නැතුව ඉන්නවද ටිකක් පැත්තකට වෙලා?

      Delete
    4. මාතලන් කියන්නෙ පට්ට පොරක් මුකුත් කියන්න එපා පට්ට ඩයල් එක රෝයල් කොලෙජ්නෙ ගිහිල්ල තියෙන්නෙ, මාර දේවල් දන්නෙ මාතලන්, කවදාවත් කුනුහරප කියන්නෙ නෑ, කාටවත් අපහාසයක් කරන්නෙ නෑ කවදාවත්, මමත් මාර ට්‍රයි එකක් දෙනව මාතලන් කියන දේවල් හොදින් තෙරුම් අරගෙන යමක් ඉගෙන ගන්න, ඕනම විෂයක් ගැන මනා අවබොදයක් තියෙන යන යන තැන රෙන්නෙ නැති පට්ට පොරක්, ගූ=මාතලන් කියල සමහර අය කියනව උන් පට්ට ඉරිසියකාරයො ඔයා ඕව ගනන් ගන්න එපා මාතලන් අයියෙ. මාතලන්ගෙ අනුගාමිකයොත් පට්ට සෙට් එකක් මාර මොල කාරයො ටිකක් මාතලන්ට සෙට් වෙලා ඉන්නෙ

      Delete
    5. ආන්න බලහන්, උඹට තේරෙනවා ගොනාට වගේ..

      Delete
    6. අනෝ කෙනෙක් තොගෙ පඩ ෂෝ ගැන මෙහෙම ලියල තිබුන.

      විලිලජ්ජාවෙ සන්තෝසෙ බැරුවෝ, මම පැරගෙ බ්ලොගෙන් මාතලන්ගෙ බ්ලොග ගැන දැන ගත්තෙ ඇත්තටම මුලින්ම ආසවෙන් කියෙව්ව ලිපි කීපයක් මාතලන්ගෙ, ඒව වල තියෙන හාස්‍ය නිසා. දවස් කීපයක් කියවනකොට තේරුනා එකම ජෝක් එක එහාට මෙහාට කරක කරක ලියනව කියල. තව ටිකක් යනකොට තෙරුනා මාතලන් දේශපාලනික වශයෙන් අද බාලයෙක් බව, තවත් පස්සෙ තෙරුනා මාතලන්ට සමාජවදෙ වහකදුරු බව ඒ පිලිබදව කිසිත් නොදැනත්, තව ටිකකින් තෙරුනා මාතලන් ධනවාදියෙක් නොවන බවත් ඒ පිලිබදව කිසිත් නොදන්නාව සේ හැසිරෙන බව, තව යනකොට තෙරුනා ලංකාවෙ කිසි කෙනෙක් නොදන්නවා උනාට මාතලන් යනු මහා සංගීතඥයෙක් බව, තව යනකොට තෙරුනා මාතලන්ගෙ ප්‍රියතම දේශපාලඥය රනිල් විශ්ක්‍රමසින්හ බව, අයෙත් තෙරුනා මාතලට මහින්ද රාජපක්ෂ තරම් ලංකාව තුල දේශපාලඥයෙක් නොමැති බව, පස්සෙ තේරුනා මාතලන් රොයල් කොලෙජ් පොරක් බව, තව තේරුනා මාතලට හාමුදුරු වරු වහකන්දුරු බව ඒ නමුත් මහින්දගේ බොරු ආගමික භක්තිය විවේචනය නොකරන බව, තවත් ගොඩක් දේ තෙරුනා,
      අන්තිමට තේරුනා මාතලන්ගේ ලිපි කියවා කිසිදු පලක් නොවන බව. ඒ නිසා මේ මොහොත වන විට මාතලන්ගේ කිසිම ලිපියක් කියවීමට සිතට අදහසක් එන්නෙ නෑ.
      අබිලින්ලා කට වචාල කමට දොඩවනව වගේ ලිපි ලියල වැඩක් නෑ මතලනො, මාතලන්ට බයට නෙවෙයි මේ ටික ලිව්වෙ.

      Delete
    7. maathalan ayya wage uththamayo dakinna lebunu eka ape wasanawa......

      Delete
    8. Same old Song again..

      Thanks for the publicity....

      Delete
  4. එක පයින් එකඟය ++++

    ReplyDelete
    Replies
    1. උඹ කොකෙක්ද?

      Delete
    2. Other foot in your ass macho :)

      Delete
    3. Good. I have just shit on your foot. Now go and wash.

      Delete
    4. You really didn't get even that simple thing .. did you ?
      Better luck next time ...
      Im glad that i kicked hard enough to make you shit in your pants ... best part is that you are admitting it :D

      Delete
    5. මේකෙ ඉන්න හැම එකාලම මාතලන් වගේ පිස්සු කෙළින්න පටන් ගත්තද?

      Delete
    6. Children should be addressed in a way they can understand Ano. Thats what I did. :)
      Anyway .. thanks for the link.
      Peace _/\_

      Delete
  5. මාත් එකඟයි. අර එන්ජීඕ ගැන මේ ලිපියෙන්ම ලිව්ව එක හොඳයි. නැත්තං කවුරුහරි ඇවිල්ල කියන්නෙ ඒ කාරණා නිසා වාරණය අවුලක් නෑ කියලයි.

    ReplyDelete
  6. සත්ය කතාවක් එඋනත් කවදද කියල නම් මතකයක් නෑතිය. මෙය ඉන්ග්‍රීසි චිත්තරපටියකටත් පාදක කොර ගෙන තිබින. එහි නමත් මත්කයෙන් ඈත්වීය.
    අමෙරිකවෙ නාසින්ට හිතවත් අය යම් සමරුමක් කිරීමට සුදාන්ම් වීය.
    මෙහිදී ඔවුන් නාසි හමුදා අදුමෙන් සරසී ස්වස්තික ලකුනත් සමග ප්‍රොසිද්දීයෙ කොරන කටයුත්තට විරුද්ද්ව නාසී විරොදීන් විසින් උසවිය මගින් තහන්ම් නියොගයක් ලබ ගත්තෙය.
    මෙම තහනම් නියොගයට විරුද්දව පෙනී සිටින නීතිවෙදීයා යුඩෙව්වෙකි. මෙ හෙතුවෙන් ඔහුව යුදෙව් සමජයෙන් කොන් කොරන් අතර ඔහු සෙවය කරන නීති සමගමත් ඔහුව සෙවයෙන් පහ කොරන ලදී.
    කෙසෙ හො ඔහු තහනම් නියොගය ඉවත් කිරීමට කරුනු දක්වා තහනම ඉවත් කර ගනී. නාසි උද්ගොසනයද සලසුම් කල පරිදි නොපවත්වෙ.
    මෙහිදී ඔහුගෙ තර්කය වන්නෙ අද නාසීන්ට හෙට යුඩෙව්වනට බවය
    AC

    ReplyDelete
  7. කාලයක් ඇන් ජි ඕ එකක රස්සාව කරගෙන හිටපු නිසා කට පියාගෙන සිටිමි

    ReplyDelete
  8. පැරා මම ඔබ සමග එකඟයි. මේ රාජ්‍ය නොවන සංවිධාන ගැන මට හොඳ අවබෝධයක් තියනවා. යුද්ද කාලේදී මෙගොල්ල යුද බිමට ඇවිත් අපේ සොල්දාදුවන්ට සරමක්, දත් බුරුසුවක් තුවායක් (එව්වා ඔක්කොම හමුදාවෙන් ලැබෙනවා) දීලා මහා කප්පරක් දුන්නා වගේ පින්තූර ගහගෙන යනවා. අපිත් එක්ක කතාව ඉංග්‍රීසියෙන් විතරයි. බෝතල් වතුර විතරයි බොන්නේ. අනුරාධපුරේ හොඳ හෝටලේක නැවතිලා උදේට වවුනියාවට ඇවිත් හවස ආපහු යනවා.

    2009 දී වවුනියාවට ආව ද්‍රවිඩ සරණාගතයන් වෙනුවෙන් ඉල්ලපු කිසිම දෙයක් දුන්නේ නැහැ. අද පත්කළ මන්ත්‍රී කෙනෙක් විදිහට ඉන්න මහා ආචාරියෙක් ඒ කාලේ රාජ්‍ය නොවන සංවිධානයක් කියලා ගෙනත් බාලා ගියා ගැහැණු පිරිමි යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා ටොන් ගණනක්. අපි ඉල්ලුවේ පැදුරු කොට්ට මදුරු දැල්. ඊළඟට ගෙනත් බෑවා වානේ කබඩ්. කාට කන්නද එව්වා? අපි බැනලා ආපහු පටෝලා යැව්වා. මෙයාලගේ හෝටල් බිලක් (අනුරාධපුරේ) ලක්ෂ ගානක් වෙනවා. එන වාහනයක් කෝටි එකහමාරක් විතර වෙනවා. කොළඹ තියන ඔෆිස් සුපිරියට හදලා තියෙන්නේ. කැමරා, ලැප්ටොප්, දැක්කම බය හිතෙනවා. හමුදා කඳවුරුවල තියන යුද්ධ ටැංකි, කාලතුවක්කු එක්ක පොටෝ ගහන්නයි, ජොලි ටුවර් එකක් යන්නයි බාගෙට හෙළුවැලි නෝනලා සෙට් එකක් වෙනම එනවා. (එයාලා නැගෙනහිර පළාතේ කඳවුරු වල නැවතිලා 'තව තව දේවල්' කල බවට සාක්ෂි තියනවා)

    ReplyDelete
    Replies
    1. ඒ සමහර වයසක නෝනලා හරි හොඳයි,අපේ හපුටු මුණු වලට කිස් දෙන්නත් මැලිවුණේ නැහැ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. දී කිරට බළලුත් සාක්කිලු. මුන්ගෙ යුද්ධ අපරාද එළි කරපු එවුන්ට මින් හොඳක් කියයියැ.

      Delete
    4. /එයාලා නැගෙනහිර පළාතේ කඳවුරු වල නැවතිලා 'තව තව දේවල්' කල බවට සාක්ෂි තියනවා/

      හමුදාවේ අන්කල්ලා ඒවා කරනකොට පාන අල්ලගෙන යතුරු හිලෙන් බලා ඉඳලා තියෙන බවයි පේන්නේ. මොනවා කරන්නද උන්ගේ ලෑතර ගෑනුන්ගෙන් ගන්න බැරි ලිංගික සුවය කොහෙන් හරි ගන්න එපායැ.

      Delete
    5. මාර පොන්නයෝ සැට් එකක්

      Delete
  9. මොනවා උනත් සල්ලි එන්නෙ ලංකාවටනෙ. සිංහලෙන් කියනවානම් ෆොරින් එක්ස්චේන්ජ්! හෝටල් බිල ලක්ශ ගානක් උනත් ප්‍රථිලාභය අපේ හෝටල් කාරයටනෙ. ඇන්ජීඕ රස්සාවල් නිසා පවුල් නං කීයක් රැකෙනවාද. අන්න එහෙමයි බලන්න ඕන.

    ReplyDelete
  10. මොකද්ද මචන්ලා මේ කියන අලුත් සිවිල් සමාජේ, ඔය කියන වැට බැදලා දැන් ගොඩක් කල්නේ ?

    ReplyDelete
  11. යකාගේ තරමට තරමට තමාය විමානය . ලංකාවේ හැම දෙයක්ම වේන්නෙ නුහුරටය . ලෝකයේ අනෙක් රටවල ngo account audit වෙනවාය . පිස්සු කෙලින්න බැරිය .
    kc

    ReplyDelete
    Replies
    1. දැන් NGO එකවුන්ට් විතරද අනෙක් රටවල ඔඩිට් වෙන්නේ හා අපේ නොවෙන්නේ? දියුණු රටවල මැතිවරණ ව්‍යාපාරයට යොදන සල්ලි පවා ඔඩිට් වෙනවා.

      Delete
  12. after long time true article . good

    ReplyDelete
  13. මේක දැක්කම මටත් වෙච්චි දෙයක් ලියන්නම හිතුන. එක දවසක් මම අන්තර් ජංජාලයේ සැරිසරනකොට අහම්බෙන් වගේ දැක්ක එක එන් ජි ඕ එකක් ලංකාවේ අහිංසක පව්ලකට ගෙයක් හදල දීපු විස්තරයක්. මම නිකමට විස්තර බලද්දී ඕකේ තිබ්බ ඒ පව්ලේ ෆොටෝ එකක් දාල. බැලින්නම් මේ ෆොටෝ එකේ ඉන්නේ මම හොදටම දන්න පව්ලක් හැබැයි හොදට සල්ලි තියෙනවා. මම මගේ යාලුවට කතා කරලා විස්තර කිව්වම ඒ මනුස්සය පුදුම උනා. හොද වෙලාවට එයට ඒ ෆොටෝ එක ගත්ත දවසත් මතකයි. ඒ ගොල්ලෝ පව්ලේ කට්ටිය කොහෙද ට්‍රිප් එකක් ගිහිපු වෙලාවක කෑම කන්න ගරා වැටිච්ච ගෙයක් ලග නවත්තලා. ඒ වෙලාවේ එතනට ආපු සුද්දෙක් තමයි මෙගොල්ලොන්ව අර ගේ ඉස්සරහ හිටවල පින්තුරේ අරන් තියෙන්නේ. අන්න ඒ ෆොටෝ එක තමයි මේ මිනිස්සු අසරණ පව්ලක් කියල දාල තිබ්බේ. ඒ කියන්නේ ඉතින් ඒ ෆොටෝ එකේ ඉන්න මනංකල්පිත අසරණ පව්ලට ගෙයක් හදන්න සැහෙන්න ගානක් වියදම් වෙන්න ඇති...

    ReplyDelete
  14. මීට දශක දෙකකට පමණ පෙර තවත් එක් සගයෙක් එක්ක දඹුල්ල ප්‍රෙද්ශයේ එක්තරා වගාවක් ව්‍යප්තිය වෙනුවෙන් පුංචි පත්තරයක් කරන ලදිමි. ඒ වෙනුවෙන් හොද මිලක් ද අප දෙදෙනාට ලැබිණි. එහෙත් ටික කලකදි තමයි දැනගත්තේ මේ පත්තරේ පිටපත් ගහන්නේ 10යි කියලා. නමුත් දාස් ගාණක් ගහන්න අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන් ගිණුම් ගත කරලා. පසුව අපි දෙදෙනා මේ වැඩෙි අතහැර දැමුවෙමු.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං. පිටපත් දහයක් විතරක් ගහන්න පුළුවන් ප්‍රින්ටර් නැහැ. අඩු ගානේ සීයක් වත් ගහන්න ඕනැ. ඒ එක්කම මූලික වියදම් සමාන නිසා සීයක් ගැහුවත් දාහක් ගැහුවත් ලොකු වෙනසක් නෑ. තොපි සල්ලි අරගෙනත් තව පචත් කෙළිනවා.

      Delete
    2. 'දිනමිණ' ගහන්නෙත් ඉතාම සුළු පිටපත් සංඛ්‍යාවක් තමයි. ඒවායිනුත් වැඩි හරියක් ආණ්ඩුවේ කන්තෝරු වලට ඇමැතිලාට නොමිලේ බෙදනවා. හැබැයි මූට ඒකෙ වැඩ කරන්න නම් කිසිම ලජ්ජාවක් නෑ. අපේ සල්ලි වලි පිනට කකා බිබී ඉන්නවා.

      Delete
    3. උඩ ඇනෝ උඹේ නොදන්නා කමට මං මොනව කරන්නද බං.. වැඩේ වුණේ එහෙම තමයි. එය තනි වර්ණයේ ඩුප්ලෝවලින් තමා ඒ පිටපත් කීපයත් අරන් තියෙන්නේ.

      දෙවැන් ඇනෝ.. මංචං මං දිනමිණෙන් අයින්වෙලා උඹ ළග වැඩට එන්න කීයත් ගෙවනවද?

      Delete
    4. @නලින් උඹට සල්ලි නැත්නම් දිනමිණේ නෙවෙයි ඕනැ තැනක කඹුරපන්. මේ කිව්වේ ඒක නෙවෙයි. NGO වලට වැඩ කරන එක හෙළා දකිමින් දිනමිණේ වැඩ කරන එක මාරයි කියලා හිතන්න එපා. උඹ සල්ලි නැතිකමට දිනමිණේ කඹුරනවා වගේ තමයි NGO වලත් මිනිස්සු ඕවා කරන්නේ ජීවත් වෙන්න.

      Delete
    5. සමාවන්න ප්‍රතිචාරය පළ වූයේ වැරදි තැනකය.

      Delete
  15. මෙතැන තියෙන අයිරනි එක පැරා ඇතුළු වැඩි දෙනක් සුද්දාගේ සල්ලි හොරා කන එන්.ජී.ඕ. කාරයින් ගැන මාර ලෙස වොරි වෙන අතර අපේ සල්ලි හොරා කන මහින්ද මාමා සහ පවුල ගැන එයින් දහයෙන් එකක් තරමටවත් වොරි නොවීමය!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. NGO කාරයෝ සල්ලි රට ඇතුලට ගේනවා රජ පවුල තියෙන ටිකත් රටෙන් එලියට ගෙනියනවා.

      Delete
  16. මෙම බ්ලොගයේ තිබෙන ලිපිවලින් මෙම ලිපිය හැර අනෙක් සියලු ලිපිවලින් කෙරෙන්නේ මහින්ද මාමා හා පවුල කරන හොරකම් ගැන කතා කිරීම ය.

    අයිරනි එක වන්නේ මේ එන්.ජී.ඕ. මහතාට ඒවා නො පෙනීම ය.

    ReplyDelete
    Replies
    1. @නලින්, උඹට සල්ලි නැත්නම් දිනමිණේ නෙවෙයි ඕනැ තැනක කඹුරපන්. මේ කිව්වේ ඒක නෙවෙයි. NGO වලට වැඩ කරන එක හෙළා දකිමින් දිනමිණේ වැඩ කරන එක මාරයි කියලා හිතන්න එපා. උඹ සල්ලි නැතිකමට දිනමිණේ කඹුරනවා වගේ තමයි NGO වලත් මිනිස්සු ඕවා කරන්නේ ජීවත් වෙන්න.

      Delete
    2. සමාවන්න ප්‍රතිචාරය පළ වූයේ වැරදි තැනකය.

      Delete
  17. සුනාමියෙන් පස්සෙ අපේ ගෙදරට අල්ලපු ඉඩමෙ පරිඝනක පාසැලක් හැදුනා..පලවෙනි විවෘත කරන දවසෙ කොහෙන්දෝ පරිඝනක ටිකක් ආවා..දරුවෝ ආසාවෙන් නොදැකපු බඩු අතගෑවා..සුද්දො ආවා පොටෝ ගැහුවා..කට්ටියට කන්න බොන්න එක්ක උස්සවයක් තිබුනා.. දවසයි ගියේ අර කොම්පියුටර් ටික ආයෙමත් අරගෙන ගියා..බිල්ඩිමයි..ඉතිරි බංකු පුටු ආදියයි ඉතිරි වුනා.. පස්සෙ අවුරුද්දක් දෙකක් ටියුෂන් පන්ති වගේ ඒවා තිබුනා..දැන් ඒ මිලියනයක් විතර වියදං කරලා හදපු බිල්ඩිම ඔහේ නිකං තියෙනවා.. අර කොම්පියුටර් කොහෙන්ද? ඒවාට සල්ලි කොෙහන්ද? බිල්ඩිම හැදුනෙ මොකද? ඒකෙ අරමුණ මොකද්ද? කාරුවත් මොකුත් දන්නෙ නැහැ.. ඒ රාජ්‍ය නොවන සංවිධානවල මිනිස්සු සුනාමි වෙලාවෙ කොච්චර උදව් කරලත් සියයට 60කට වඩා වැඩි ප්‍රතිශතයක් මුදල් අපතේ ගියා..ගසා කෑවා.. ඒ නිසා මම නම් ඔය වගේ සංවිධාන නැතිම කල්ත ඒ ගැන පෙනී සිටින්න මැලි කමක් දක්වනවා.. පොඩි සල්ලි ප්‍රමාණයක් නම් කමක් නැහැ.. ඉතා විශාල මුදලක් ඕවා හරහා නියමිත පිරිස් වලට නොලැබී කිහිපදෙනෙක් අතර අතුරුදන් වෙනවා..

    ReplyDelete
  18. ඇන් ජී ඕ වල පමනක් නොව ආණ්ඩු පාක්ෂික ආණ්ඩු විරෝධී ශ්‍රීලාංකික කවුරුත් ඔහොමය.

    ReplyDelete
  19. එහෙම තමයි බන්, එන්.ජි.ඕ. මොනවද බන් ගෝඨාගෙයි බැසිලගෙයි ස්විස් අකව්න්ට් වල කොච්චර සල්ලි ඇතිද බන්. එන්.ජි.ඕ. වලට නම් එලියෙන් සල්ලි එන්නෙ මුන්ගෙ අකන්ට් වල තියෙන්නෙ අපිව හූරන් කාපුවානෙ, ඔය මොක ගැන කතා කරන්නත් ඉස්සෙලෙල ඒව ගැනයි කතා කරන්න ඕනෙ. පිළිවෙලටනෙ බන් යන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඈ මචන් ඇනෝ, මහින්ද මාමා සී ෂෙල්ස් වල දූපතක් අරගෙනයි කියල කියන්නේ.....ඒවා ඉතිං මහින්ද මාමාගේ සීයා ඉතිරි කරල ගිය සල්ලිවන් වෙන්ටැති, ඈඈහ්හ්? දකුණේ වත් පොහොසත් පවුලක්ලු, නේදදදද?

      Delete
    2. මාමගේ හොරකම් කතා කරනකම් මේක නතර කරන්න ඕන නෑ. ඔක්කොම එකවර කතා කරමු. මේ අය හොරකම් කරන මුදල් ආයෝජනය කරන හෝ තැන්පත් කරන තැනක් තිබිය යුතුයි නේද? කාටවත් ඒ තොරතුරු හොයා ගන්න බැරිද?

      Delete
  20. හොරකම අපේ සමාජයට අමුතු දෙයක් නොවේ. දැන් එය සාමාන්‍ය දෙයක් වී ඇත. හොරු අල්ලිමට ඇති ආයතන වලට ලොකුම හොරු පත්වී පඩි ගනිති.

    හොරකමට විරුද්ධ නම් හැම හොරකමටම විරුද්ධ වෙන්න ඕන. සමහරු විරුද්ධ මහින්ද හොරකම් කරනවට. සමහරු විරුද්ධ රනිල් හොරකම් කරනවට. තව සමහරු ආණ්ඩුවේ හාෆ් ෂීට් බන්ඩලේ ගෙදර ගෙනිහින් ළමයින්ට කටු වැඩ කරන්න දෙන ගමන් රටේ දූෂණය නවත්තන්න හදනවා. විරුද්ධ වෙනවනම් මේ ඔක්කොටම එක සැරේ විරුද්ධ වෙන්න.

    හොරකම් සාක්ෂි සහිතව එළිදරවු කිරීමට බ්ලොග් එකක්වත් අඩුමගානේ කාට හරි හදන්න බැරිද? NGO හෝටල්වලින් කාපු බීපු ඒවා මහින්ද මාමා දූපත් ගත්ත ඒවා කුමාරයෝ රොකට් ඇරපුවා ඔක්කොම එකේ දාන්න පුලුවන්. මේ දේවල් වල සාක්ෂි හොයාගන්න බැරි වෙන එකක් නෑ. හෝටල් බිල්, දූපත් වල ඔප්පු, රොකට් වලට කරපු ගෙවීම් වල විස්තර ඔක්කොම හංගන් ඉන්න බෑනේ. නිකම් හොරකම් කරා කිව්වම උන් කියනවා නෑ කියල. එච්චරයි.

    ReplyDelete
  21. මේ විකාරෙට දාන comment moderate කරන්න බැරිද ?. පිස්සු හැදෙනවා කියවන්න ගියාම. මාතෘකාවට අදාළ දේවල් වලට වඩා තියෙන්නෙ පිස්සු විකාර.

    ReplyDelete
  22. පැරකුම් මහතා හොඳ ලිපියක් ලිය තිබෙනව. අපි එක පාරක් ලංකාවේ සංවිධානයක් එක්ක එකතු වෙලා සුනාමි එකේ අනාථ වෙච්ච හම්බන්තොට හා මාතර ඉස්කෝලවල ළමයින්ට පාසල් උපකරණ හා සපත්තු දුන්න. මේ ලංකාවේ කට්ටිය අපේ ෆොටෝම ඇමෙරිකාවේ NGO එකකට යවල ඒ ගොල්ලන්ගේ වෙබ් අඩවියේ (ඇමෙරිකාවේ) දාල තිබුන ඒ ගොල්ලන්ගේ ආධාර වලින් කරපු වැඩක් කියල. කවුරු කාගෙන් ගැහුවද දන්නේ නැහැ. මම විරෝධය පල කරලා ලියුමක් යැව්වම උන් කිව්වා අපි කිවේ නැහැ අපිම සල්ලි දුන්න කියල. හොඳ වැඩක් නිසා දැම්මේ කියල. පස්සේ වචන වෙනස් කරලා තිබුන මුදල් දුන්න බවක් නැති වෙන්න. එත් ඇඟවෙන්නේ ඒ ගොල්ලෝ කල වැඩක් හැටියට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා