සරසවි ආචාර්යවරුනි, උගන්නන්නට බැරි නම්, කාලකන්නිකම් නොකර අස් වෙලා යනු!

ඉල්ලන්නේ ලේ ද එහෙනම් ගනිව් බොල
රජරට විශ්වවිද්‍යාලයේ ළමයි උද්ඝෝෂණයක් කළ හ. ඒ පංති තහනම් කළ සිසුන් 28කගේ පංති තහනම ඉවත් කරවා ගන්නට ය. පංති තහනම් කරන්නට ඇත්ත‍ේ ද මොකක් හරි ජල්බරියක් නිසා ය. සාමාන්‍ය ජනතාව වන අපි ඕවා ගැන ඒ තරම් ඉන්ටරෙස්ට් නැත.

ආණ්ඩුවේ ළමයි මේ උද්ඝෝෂණය පැවැත්වූ අට්ටාලයට කීප සැරයක් ම ගිනි තැබූ හ.

විශ්වවිද්‍යාලයේ උප කුලපති ළමයාට හා සෙසු ආචාර්ය හා පරිපාලන ළමයින්ට මෙම ගැටළුව විසඳීමට බැරි විය. පුදුම විය යුතු නැත. මේ ළමයි බොහෝ දෙනෙක් දන්නේ තමන් ශිෂ්‍ය අවධියේ ලියා ගත් සටහන් ආපසු ළමයින්ට ලියා ගන්නට කියවන්නට පමණි. ගැටුම් කළමනාකරණය වැනි දේ ගැන වුව ඔවුන්ට තිබෙන්නේ පොත්වල ලියා ගත් සටහන් පමණක් විය හැකි ය. 

පසුව ළමයි මේ ළමයින්ව කන්තෝරුවේ හිර කරගෙන ඉල්ලීම් ඉල්ලා සටන් කළ හ.

ඒ වෙලාවේ විසඳුම් දෙන බව පොරොන්දු වූ ආචාර්ය ළමයි පසුව සරසවිය වසා දමා ළමයින්ව ගෙදර යැවූ හ.

සරසවිය වසා තිබෙන එක හරි ජොලි ය. ළමයි ගෙදර ය. ආචාර්යවරු ඕමි බල බලා ජොලියෙ ඉන්නවා ය.

ඔහොමම හිටපල්ලා යයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක කියයි. එහෙම තිබෙනකොට රජයේ විශ්වවිද්‍යාල අසාර්ථක බව පෙනේ. එය පෞද්ගලික  විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කරන්නට හොඳ තත්වයකි.

ජනාධිපති ළමයා ද ඔහෙ වෙන දෙයක් වෙද්දෙන් කියා සාමාන්‍යයෙන් කරන විදියට කර ටික කලකට පසු තමන්ට ලකුණු දා ගැනීම සඳහා ඔන්න මොකක් හරි කරලා ඕක ඇරපල්ලා යි කීවේ ය.

දැන් උපකුලපති ළමයා ළමයින්ගේ අම්මලාට එන්න කියලා ය. ඒ ළමයි හදා ගනිල්ලා යි කියන්නට ය.

"ඒගොල්ලන්ට කියන්න අපට වැඳලා සමාව ගන්න කියලා," වගේ එකකුත් කියනවා ය.

අපට කියන්නට තිබෙන්නේ මෙන්න මෙච්චර ය. "ඔබට පඩි ගෙවන්නේ මහජන මුදලිනි. උගන්නන්නට බැරි නම්, කාලකන්නිකම් නොකර අස් වෙලා යනු."

ළමයි ගුරුවරුන්ට ගරු කරන්නේ නැති එක සමාජ අර්බුදයකි. එම තත්වය නිර්මානය කරන්නට රටේ බුද්ධිමතුන් යයි පිළි ගැනෙන මේ විශ්වවිද්‍යාල ආචාර්ය ළමයි සෑහෙන දායකත්වයක් කර තිබේ. මේ ඉන්න ගුරාලාට ළමයි ගරු කරන්නේ මොන කෙංගෙඩියකට ද කියා ද ආපසු කල්පනා කළ බැලිය යුතු ය. 

ඔය සමා කතා බයිලා අපට වැඩක් නැත. අපේ මුදල්වලට වග කියනු! සරසවිය ඇර ළමයින්ට උගන්නනු! වැරදි කළ ළමයි සිටිත් නම්, ආචාර්ය ළමයි නඩු අහන එක නවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගනු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. නූගත් දේශපාලකයින් ජනතාව පාලනය කරන රටක, නූගත් දේශපාලකයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව ප‍ටු දේශපාලන අවශ්‍යතාවයන්ට කඩේ යවන රටක, ඒ වෙනුවෙන්ම සමහර විශ්ව විද්‍යාල ආචර්යවරු සෑදී පැහැදී ඇති රටක, නූගත් දේශපාලකයින් උගත් ගුරුවරුන්ව හමුදා නිලධාරීන් ලෙස අන්දන රටක, එසේ ඇඳ ගැනීමට ඔවුන්ද සෑදී පැහැදී ඇති රටක, නූගත් දේශපාලකයන් විසින් උගත් ගුරුවරුන්ව දන ගස්සවන රටක, උසස් අධාපනය පිලිබඳව කිසිවක්ම නොදත් සහ ඒ වෙනුවෙන් කිසිවක් නොකරන යන්තම් කලා උපාධියක් ලබාගත්, පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම පමනක් වෙනුවෙන් ඇප කැප වෙන උසස් අධ්‍යාපන ඇමතියෙක් ඇති රටක, අධ්‍යාපනය හැර අනෙක් සියලුම දේට හොම්බ දමන අධ්‍යාපන ඇමතියෙක් ඇති රටක, මෙවැනි තක්කඩියන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්නද? බුලත් පයියට හෙන වැදී ඇත කිල්ලෝටය ගැන කවර කතාද?

    ReplyDelete
  2. අපේ රටේ cඉශ්ව විද්‍යාලවල ඉන්න ආචර්ය වරුන්ගෙන් 90%ක්ම පිටරට් විශ්විද්‍යාලවල අවුරුදු හතර පහ ගතකර පශ්චාත් උපාධි, අචාර්ය උපාධි සහ පශ්චාත් අචාර්ය පාඨමාලා කරපු අය. ඒ අය ඒ රටවල් වල විශ්ව විද්‍යාල පරිපාලනය කරන විදිය, උගන්වන විධිය,පර්යේෂන කරන විධිය, විශ්ව විද්‍යාලවලින් රටේ දියුණුවට කරන දායකත්ව ගැන දැක බලාගෙන ඉගෙන ගෙන ආපු අය. සමහරු අවුරුදු තුනහතර වැඩකරලා පලපුරුද්ද ලබාගත්ත අය. එහෙව් අය තමුන් ගත්ත එ දැනුම සහ පලපුරුද්ද හරියට තමන්ගේ රැකියාවට යොදාගන්නවානම් මේ ප්‍රශ්න 50%කින් වත් අඩුකරගන්න පුළුවන්. එහෙම නෙවෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ!

    ReplyDelete
  3. තමන්ගේ විශය ක්ශේස්ත්‍රයේ ඉහලටම ගිය අය දේශපාලකයන් ඉදිරියේ ඇනලිඩාවන් , මොලුස්කාවන් සේ ඇඹරීම ඉතාමත් සිත්ගන්නා සුළු දෙයක්. මෙයට ප්‍රදානම හේතුව ලංකාව තුල ආචාර්ය උපාදි සදහා රැකියා වෙළද පොලක් නැතිවීම විය හැකියි. ඔවුනට ඇති එකම විකල්පය විශ්ව විද්‍යාලයකට හෝ පරීක්ෂණ ආයතනයකට සම්බන්ද වීමයි. රැකියා අවස්ථා සදහා අතිශය තියුණු තරගයක් ඇති මෙම ආයතන තුල නොනැසී පැවතීමට ඇති එකම ක්‍රමය කශේරුකාව ගලවා පාලකයාට භාරදී රූකඩයක් විම පමණයි.

    ReplyDelete
  4. එ උනාට මම දැක්කා අර හිරිඹුරේගම නෝනා කියනවා. සරසවිවල කිසිම ප්‍රශ්ණයක් නැතෙයි කියලා. හැබයි ඉතින් මෙහේ ඒවද, ඇමරිකාවේ ඒවද දන්නේ නෑ.

    ReplyDelete
  5. මහා ප්‍රඥාවකින් හෙබි ඉහලම නැණවතෙක් විදියටයි මම අජිත් පැරකුම්ව දකින්නෙ. තමන් පළකරන පෝස්ටුවලින් කමෙන්ටුවලින් අජිත් තම කුශාග්‍ර බුද්ධි මහිමය පෙන්නුම් කරනවාය කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අජිත් පැරකුම් ලියන දේවල් දිහා බලන ඕනෙම කෙනෙකුට අජිත් බොහෝ විශයයන් ගැන හසල දැනුමක් තිබෙන බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.

    අජිත් පැරකුම්ගේ ලේඛන කලාව නිසා බොහෝ දෙනක් ජීවිතය ගැන, ලෝකය ගැන විතරක් නෙමෙයි මුළු මහත් විශ්වය ගැනම අළුතින් හිතන්න පටන් ගත්තා. ලිවීම වෙනුවෙන් අජිත් කැප කරන තම ඉතාම වටිනා කාලය, ධනය සහ ශ්‍රමය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත පරිඥානය පුළුල් වුනා, ලෝකාවබෝධයේ නිම් වලළු තව තවත් ඈතට ගියා, කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. අද බොහෝ දෙනෙක් අජිත් පැරකුම්ගේ බ්ලොග් එක කියවීමෙන් අජිත් ඔවුන්ගේ ජීවිතවලට කොයිතරම් නම් බලපාල තියෙනවද කියන එක නිසැකවම ඔප්පු වෙනවා. අජිත් තව වසර කිසිපයක් මේකේ ලියනකොට අජිත්ගේ ලිවීම ලෝකයට කොතරම් බලපානවද කියන එක අපි හැමෝටම බලාගන්න පුළුවන්.

    අජිත් ලිබරල්වාදය විශ්වාශ කරනවද සමාජවාදී ජීවිතයක් ගැන විශ්වාස කරනවද කියන්න මම දන්නේ නෑ. ඒත් අජිත් පතන අයුරින්ම ඔහුගේ අදහස් ඉටු වේවායි පතන්න මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ තව එකෙක් හිටිය, මතක විදියට මහින්ද රාජපක්ෂ වගේ නමක් තියෙන හාදයෙක්. මිනිහනම් උපන්දිනේට උදේම සුභ පතනවා. පස්සේ පහ්තරේට කියනවා. අන්තිමට තමයි අත කපන් යන්න මල්ලිව ගෙදරට එවන්නේ. එක නෙමෙයි දැන් අනෝද එන්නේ ප්‍රොෆයිල් ඇත ඇරියද ?

      Delete
    2. මගුලයි රජරට වී.සී කොමෙන්ට් එකක් දාල!

      Delete
  6. sarasawi acharyawarunta witharaknewei,samaharak pasal guruwaruntath,me mathrukawa walangui.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා