සුන්දර ඉංගිරිසි: හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී

'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී' නම් ගීය මේ දිනවල ඉතා ජනප්‍රියයි. ටින්නෙක කියන්නේ සිංහල වුණ ඉංග්‍රීසි තත්සම වචනයක්. 'සැමන් ටින්නෙක වගේ' කියන උපමාව පාවිච්චි කරන්නේ තදබද වුණ පුංචි බස් ගැන කියන්නයි.

සැමන්, සාඩින් කියන්නේ මාළු වර්ග වුණාට, ලංකාවේ අය නම් එමගින් අදහස් කරන්නේ ටින් කරන ලද මාළුයි. කිරි ටින්, පිටි ටින් එහෙමත් තියෙනවා. සමහර වෙලාවට ටින්නෙකට බෙලෙක්කෙ කියලාත් කියනවා. බෙලෙක් කියන වචනය අලුත් සිංහල වදනක්. එය කුමන භාෂාවකින් ආ එකක් ද කියා මට සොයා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් බෙලෙක් කියා කියන්නේ තහඩුවලටයි. රත්මලානේ බෙලෙක්කඩේ හන්දියක් තිබෙනවා.

ටින් බෙලෙක්ක වැඩිපුර සම්බන්ධ වෙන්නේ කුස්සියත් එක්කනේ. කුස්සියේ තිබෙන ඇතැම් බඩු  වෙනුවෙන් යෙදෙන වදන්වල මුල් තිබෙන්නේ ඉංගිරිසියේ හෝ පෘතුගීසි, ලන්දේසි වැනි භාෂාවලයි. බෝතලය කියන්නේ bottle කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. සමහර පැතිවල මෙයට බෝතුව කියාත් කියනවා. කේතලය නම් වදන සිංහලයට ආවේ ලන්දේසි බසින්. හැබැයි kettle නම් ඉංග්‍රීසි වදනත් මෙයට බොහෝ කිට්ටුයි. පෝච්චියත් ලන්දේසි බසින් ආ වදනක්. දීසිය කියන්නේ dish  නම් ඉංග්‍රීසි වදනට කිට්ටු වදනක්. රාස්පාන කියන වදන සූපවේදී පබිලිස් සිල්වා නිතර භාවිතා කරනවා. සමහරු මෙයට සාස්පාන කියනවා. මේ ඉංග්‍රීසි saucepan එකයි.

කුස්සියට සම්බන්ධ ශීතකරණයට කාලෙකදී අයිස් පෙට්ටිය කියාත් සමහරු කිව්වා. අයිස් ගහනවා කියා ක්‍රියා පදයක් තිබෙනවා. හැබැයි එහි තේරුම වෙනස්. එයින් අදහස් කරන්නේ වැඩ නොකර පඩි ගැනීම.

කුස්සියට අලුතින් එක් වුණ උපකරණ බොහොමයක් වෙනුවෙන් යෙදෙන සිංහල වචන තත්සම ඒවායි. අවන් එක (oven), කුකරය (cooker), ටෝස්ටරය (toaster), ග්‍රයින්ඩරය (grinder), මික්සරය (mixer), සින්ක් එක (sink), ටැප් එක (tap) වැනි නාම පද මෙන්ම බේක්කරනවා (bake), බීට්කරනවා (beat) වැනි අලුත් ක්‍රියාපදත් භාවිතා වෙනවා.

කැරට්‚ නෝකෝල්‚ බීට්රූට්‚ ලීක්ස්‚ ගෝවා‚ සලාද වැනි එලවළු වර්ග වගේ ම මැන්ගුස්‚ රඹුටන්‚ පැපොල්‚ අන්නාසි‚ මිදි‚ ඇපල්‚ පෙයාස් වැනි පලතුරු වර්ගත්, ඒ හා සම්බන්ධ වචනත් අපට ලැබුණේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි භාෂාවලින්. තේ, කෝපි, බාර්ලි, කොකෝවා, වැනිලා, අයිස්ක‍්‍රීම්, යෝගට්, නූඞ්ල්ස්, කේක්, බිස්කට්, චිකන්, ටොපි, ලොලිපොප්, ලොසිංජර, පෙපරමින්ට්, ජුජුස්, බුල්ටෝ, චොකලට්, චීස්, චුයිංගම් ආදී වචනත් අපට ලැබුණේ ඉහත කී බටහිර භාෂාවලිනුයි.

මත්පැන් බොන අය බයිට් (bites) හපනවා. සමහරු මේවාට ටේස් (taste) කියනවා. ඉස්සර මේ ටේස් වර්ග විකුණපු ‍බයිසිකල් රෝද උඩ සවි කළ වීදුරු පෙට්ටියක් වැනි ටේස් කරත්තත් තිබුණා. ටේස් වගේම කරත්තයත් ඉංග්‍රීසි වදන්වලින් බිඳී ආපු ඒවායි. සමහරු බීර බොනවා. සැර බීම වර්ග සෝඩාවලින් ෂැන්ඩි කරනවා. විස්කි-බ්‍රැන්ඩි කියන්නේ සිංහලේ තිබෙන යුගල පදයක්. හැම්-බේකන් කියාත් යුගල පදයක් තිබෙනවා. උඩින්-පුඩින් කිව්වාට උඩින් කියා කෑම ජාතියක් නම් නැහැ. පුඩිං සිංහ‍ලේදි පුඩිම වෙනවා. තව කෑම ජාතියක් තිබෙනවානේ පැටිස් කියලා. සිංහල අපි ඒකවචනය සඳහාත් පැටිස් කියා කිව්වත් ඉංග්‍රීසි භාෂාවෙදි ඒක වචනය පැටි. අපි නම් පැටිස් එක කියාත් කියනවා.

කෑම බෙදාගෙන කන්නට තිබෙන තැන් බුෆේ (buffet). මේ වදන සිංහලයට ආවේ ඉංගිරිසියෙන්. ඒත්, කෝච්චියේ බුෆේ පෙට්ටියට මිනිස්සු කියන්නේ බෆට් එක කියායි. ‍"හරි සෙනග. යන්තම් බෆට් එකේ හිටගෙන ආවා."

ලංකාවේ කෑම ගෙද‍ර ගෙන යන්නට දෙන කඩවලට ටේක් අවේ කියනවා. ඩයට්ටෙක, ඩෙසට්ටෙක වැනි වදනුත් භාවිතා වෙනවා.

බේකරි කර්මාන්තය ආශ්‍රිතව හැදී තිබෙන සිංහල වදනුත් හරි සුන්දරයි. පාන් නම් සිංහලට ආවේ පෘතුගීසි බසින්. රෝස්පාන්, බනිස් (buns), පියන්රෝල් (Vienna rolls), ජෑම්පාස්, ඉස්පංචි, සව්බර වැනි සිංහල වූ ඉංගිරිසි වදන් වගේම ඥානකතා වැනි සිංහල නම් ඇති කෑමත්, විස්කිරිඤ්ඤා වගේ පෘතුගීසි නම් ඇති කෑමත් බක්කරේ (baker) බේකරියේ (bakery) හදනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සිංහල වඩේ කාලා තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. උඳු පිටි වෙනුවට පාන් පිටි වලින් හදපු ඒවා දැන් ලංකාවෙ තියෙනවා.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. you forgot "malu bistake" which is Beef Steak

    ReplyDelete
  4. 'බෙලෙක්කය' කියන වචනය සිංහලයට පැමිණියේ ලන්දේසි භාෂාවේ blik (උච්චාරණය කරන්නේ "බ්ලෙක්" කියා) යන වචනයෙනි. එය 'රෝල් කරන ලද තුනී ලෝහ තහඩුව' යන අර්ථය දෙයි.

    ReplyDelete
    Replies
    1. මම ඊයේ රාත්‍රියේ ලියූ කොමෙන්ටුවට තවත් යමක් එක්කිරීමට කැමැත්තෙමි ---- Blik යන වචනය සාමාන්‍යයෙන් 'තුනී ලෝහ තහඩුව' යන අර්ථයෙනුත් ලන්දේසි භාෂාවේ භාවිතා වේ. ඒ ඉංග්‍රීසියේ sheet metal වැනි දෙයකි. ඒ අනුව, රත්මලානේ බෙලෙක්කඩේ හන්දියේ තහඩු වැඩ කළ ස්ථානයක් තිබෙන්නට ඇත.

      ප්ලාස්ටික්වලින් නිපදවීමට පෙර සෙල්ලම් බඩු නිපදවුණේ තහඩුවලිනි. ඒවා ලන්දේසි භාෂවෙන් Blikken Speelgoed ය. ප්‍රකට ජර්මන් ජාතික Günter Grass ගත්කතුවරයා ලියූ The Tin Drum නමැති නවකතාව ලන්දේසි භාෂාවෙන් De blikken trommel ය.

      මෙම පෝස්ටුවට පැරා විසින් යොදා ඇති ඡායාරූපයේ දැක්වෙන බෙලෙක්කවලට ලන්දේසි භාෂාවෙන් Conservenblik කියා කියනු ලැබේ.

      Delete
    2. අපි කුඩා කාලයේ (70 දශකයේ) රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ තිබුනේ කර්මාන්ත ශාලා වලින් ඉවත් කරන තහඩු යොදා සෑදූ කඩ මණ්ඩියක්ය. කඩවල් වල හතර පැත්ත මෙන්ම වහලයටද යොදා තිබුනේ බෙලෙක් තහඩුය. එම නිසා අර්ථය අමුතුවෙන් සොයන්න දෙයක් නැත.

      Delete
    3. දයාරත්න, ඉතිං අපිට පාන් ද?

      Delete
  5. 'බක්කරේ' යන වචනය ලන්දේසි භාෂාවෙන් පැමිණියක්. ඒ bakker (බකර්) යන වචනය යි.

    ReplyDelete
  6. 'රාස්පාන' නොහොත් 'සාස්පාන' සිංහලයට පිවිසෙන්නට ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයට කලින් විය හැකි යි. ලන්දේසි භාෂාවෙන් එය sauspan (සෞස්පන්) ය.

    ReplyDelete
  7. පෘතුගීසි භාෂාවෙන් biscoitinho (බිස්කොයිචිඤ්ඤෝ) කියන්නේ ඉංග්‍රීසියෙන් biscuit කියන එකට. Biscoitinho කියන වචනයද දන්නේ නැහැ විස්කිරිඤ්ඤ වුණේ...?!?

    ReplyDelete
  8. ෂුවර් එකට ම පෘතුගීසි biscoitos (බිස්කොයිතොස්) තම යි සිංහලෙන් 'විස්කෝතු' වුණේ.

    ReplyDelete
  9. පෘතුගීසි couve (උච්චාරණය කරන්නේ - ගෝවි) තම යි සිංහලෙන් 'ගෝවා' වුණේ.

    ReplyDelete
  10. 'කේතලය' ආවේ ඉංග්‍රීසියෙන් නෙවෙ යි, ලන්දේසි භාෂාවෙන්. ඒ තම යි ketel (උච්චාරණය - කේතල්) කියන වචනය.

    ReplyDelete
  11. 'පෝච්චිය' ආවේ ලන්දේසි භාෂාවෙන් නෙවෙ යි. ඒක ආවේ පෘතුගීසි භාෂාවෙන්. ඒ වචනය - pot (ඉංග්‍රීසි වචනය වගේ ම යි, නමුත් උච්චාරණය "පෝච්චි").

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා. පැරා කියන දේ හරි. ඔයා වැරදියි.

      Delete
  12. 'බෝංචි' ලන්දේසි වචනයක්.
    'රඹුටන්' මැලේ වචනයක් (අර්ථය - කෙස් සහිත ගෙඩිය).
    'පැපොල්' කැරිබියානු වචනයක්.
    'අන්නාසි' දකුණු අමෙරිකානු වචනයක් (මුල් ස්වරූපය - නනස්).

    ReplyDelete
  13. There is no other example to keep Ano open. Hats off to you guys!

    ReplyDelete
  14. VIS KIRINGNA MONA BASAWEDA

    ReplyDelete
    Replies
    1. පෘතුගීසි භාෂාව.... එය සමහරවිට biscoitinho (බිස්කොයිචිඤ්ඤෝ) කියන වචනයෙන් ආපු එකක් වෙන්න පුළුවන්.

      Delete
  15. දේශීයව වචන හදාගැනීම අතින් අපිනම් පුදුමාකාර විදිහට 'ඉදිරියෙන්' ඉන්න බව පෙනෙනවා. ඔබ කියා ඇති ආකාරයටම සමහරු 'ටේක් අ වේ' එක කියන්නේ කෑම මිලදීගන්න කඩේට.

    මතකද ඉස්සර අපේ ඉස්කෝලවල තිබුණේ 'කැන්ටිමක්' නෙවෙයි. 'ටක් ෂොප්' එකක්. ඒකට අපි කිව්වේ, ටක් එක, ටක් එකට යනවා, කියලා.

    ReplyDelete
    Replies
    1. Tuck shop
      From Wikipedia, the free encyclopedia

      A tuck shop is a small, food-selling retailer.[1] It is a term principally used in the UK, Ireland, Grenada, South Africa, New Zealand, the Australian states of Queensland, Victoria and New South Wales,[2] and occasionally in other parts of the former British Empire.[3] In New South Wales, the term is interchangeable with the word canteen.

      http://en.wikipedia.org/wiki/Tuck_shop

      Delete
    2. ස්තුතියි කකා

      Delete
  16. "ඥාණ කතා" එන්න ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වෙන්න ඇති නේද?

    ඇයි ඉතිං සියළු ඥාණය තියෙන්නේ එහේ නේ?

    ReplyDelete
    Replies
    1. කකා ඇයි ඇමරිකාවට යන්නේ නැතුව ඔස්ට්‍රේලියාවට ගියේ?

      Delete
    2. ට්‍රයි කරා
      ගත්තේ නෑ ඕයි
      - කකා

      Delete
    3. තමුසේ නැත්නම් කොහොමද ඕයි සියලු ඥානය එහෙ තියෙන්නේ? ඒක නෙමෙයි ඕයි සියලු ඥාණය තියෙන්නේ මතුගම කියල තමුසෙට හිතෙන්නේ නැද්ද?

      තමුසෙට ඕයි කිව්වේ ජොලියට හරිද ඕයි.

      Delete
    4. මතුගම බාගයයි
      සිනුවර බාගයයි
      අපි දෙන්න එක තැන ඉන්න කොට ඒක මහී කාන්තාවට දරාගන්න බෑ ඕයි.
      - කකා

      Delete
    5. සිනුවර බාගේ කවුද ඕයි

      Delete
    6. මම ඕයි මම
      - කකා

      Delete
  17. හොඳයි..... ඔය ළමයින්ගෙන් කවුරු හරි දන්නවාද 'විස්කෝතු' (biscuit) කියන වචනයේ මුල් අර්ථය?

    'දෙවරක් පිසින ලද' කියන එක යි ඒකේ තේරුම (ලතින් භාෂාවෙන්).

    ප්‍රංශ භාෂාව ඉගෙන ගත්ත ළමයි දන්නවා bi- කියන්නේ 'දෙක', එහෙම නැත්නම් 'දෙවරක්' කියන එක. එතකොට cuit කියන්නේ 'පිසින ලද' කියන එක. ඒක එන්නේ cuire (පිසිනවා) කියන ක්‍රියා පදයෙන්.

    ReplyDelete
  18. තාත්තා කියන්නේ කුමන බසක වදනක්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි උට්ටො සිංහල කියල වචන ඇත්තෙම නැද්ද?

      Delete
    2. @ Anonymous July 28, 2014 at 11:55 AM ------>>>

      'තාත්තා' යනු ව්‍යවහාර සංස්කෘතයේ ඇති වචනයක්... ' තාත ' (तात) යනු ඒ වචනය යි. එහි අර්ථය 'පියා' යන්න යි.

      Delete
  19. Ano july28.2014@ 8.12 am. engrisiyen drum,kiyana ekata olanda basawen trommel da?German basawen drum ekata kiyanneth trommel.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඕලන්ද භාෂාවෙන් drum කියන එකට කියන්නේ trommel (ත්‍රොමැල්) කියලා.

      ඕලන්ද භාෂාවෙන් blik (බ්ලෙක්) කියන එක ම තම යි ජර්මන් භාෂාවෙන් Blech (බ්ලෙශ්) කියලා කියන්නේ.

      Delete
  20. අපේ සමහර අය (ආචාර්ය සුසන්ත ගුණතිලක වැනි) පෘතුගීසීන්ට මොන තරම් බැන්නත්, නින්දා කළත් අද පෘතුගාලය ලෝකයේ සාමකාමී ම රටවල් 5න් එකක්. රටකට ඒ වගේ තත්ත්වයක් ළඟා කර ගන්න එක ලෙහෙසි පහසු නැහැ. පෘතුගීසි ජාතිකයෝ හරි ම නිවුණු මනුෂ්‍යයෝ. ඒ වගේ ම පැරා ප්‍රාර්ථනා කරන ආකාරයේ සමාජවාදයට ආසන්න සමාජ ක්‍රමයක් තමයි එහේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙත් ඉන්නේ තම්බිද?

      Delete
    2. ඥානසාරට ෆේස්බුක් දියවූ !

      Delete
    3. ඥානසාරටයි චම්පිකයටයි දෙන්නටම ෆේස්බුක් දියවූ !

      Delete
    4. සර් ජෝන් කොතලාවල අගමැති හිටියා නම් මෙලහකට ඥානසාරගේ තට්ටේ තාර ගාලා රට පටවලා....

      Delete
    5. මහින්ද තෝ ගෙදර පල

      Delete
    6. යනකොට ගෝඨා වත් එක්කන් පල.

      Delete
  21. what happend to my previous comment?

    ReplyDelete
    Replies
    1. Post is again, sometimes it happens

      Delete
  22. ජාතිවාදී කමෙන්ට්ස් ලියන ඈයින්ගේ ප්‍රහාරවලට ලක් නොවී පැරාට මේ වාගේ සරල ලිපියක් වත් ලියන්න බැරි තත්ත්වයක් උදා වෙලා වගේ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා