සුන්දර ඉංගිරිසි: හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී' නම් ගීය මේ දිනවල ඉතා ජනප්‍රියයි. ටින්නෙක කියන්නේ සිංහල වුණ ඉංග්‍රීසි තත්සම වචනයක්. 'සැමන් ටින්නෙක වගේ' කියන උපමාව පාවිච්චි කරන්නේ තදබද වුණ පුංචි බස් ගැන කියන්නයි. සැමන්, සාඩින් කියන්නේ මාළු වර්ග වුණාට, ලංකාවේ අය නම් එමගින් අදහස් කරන්නේ ටින් කරන ලද මාළුයි. කිරි ටින්, පිටි ටින් එහෙමත් තියෙනවා. සමහර වෙලාවට ටින්නෙකට බෙලෙක්කෙ කියලාත් කියනවා. බෙලෙක් කියන වචනය අලුත් සිංහල වදනක්. එය කුමන භාෂාවකින් ආ එකක් ද කියා මට සොයා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් බෙලෙක් කියා කියන්නේ තහඩුවලටයි. රත්මලානේ බෙලෙක්කඩේ හන්දියක් තිබෙනවා. ටින් බෙලෙක්ක වැඩිපුර සම්බන්ධ වෙන්නේ කුස්සියත් එක්කනේ. කුස්සියේ තිබෙන ඇතැම් බඩු වෙනුවෙන් යෙදෙන වදන්වල මුල් තිබෙන්නේ ඉංගිරිසියේ හෝ පෘතුගීසි, ලන්දේසි වැනි භාෂාවලයි. බෝතලය කියන්නේ bottle කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. සමහර පැතිවල මෙයට බෝතුව කියාත් කියනවා. කේතලය නම් වදන සිංහලයට ආවේ ලන්දේසි බසින්. හැබැයි kettle නම් ඉංග්‍රීසි වදනත් මෙයට බොහෝ කිට්ටුයි. පෝච්චියත් ලන්දේසි බසින් ආ වදනක්. දීසිය කියන්නේ dish නම් ඉංග්‍රීසි ව...