චන්ද්‍රපුෂ්ප පරවුණා ද? පරවුණ මල් යළි පිපේ ද?

නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය; දූෂණයට ලක් වූ රුසියානු කාන්තාව
බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා දැමීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විසි වසරක සිර දඬුවමකට ලක් විය.

මෙය හැඳින්වෙන්නේ ලොවම බලා සිටි නඩු තීන්දුවක් ලෙස ය. තීන්දුවෙන් පසු ලෝකය අහක බලා ගන්නටත් ඉඩ තිබේ.

එහෙත්, මෙම නඩු කටයුත්ත අවසන් වී නැත. මෙම දණ්ඩනය තහවුරු වී නැත. තීන්දුවට එරෙහිව අභියාචනා කරන බව විත්තියේ නීතිඥවරු පැවසූ හ.

නඩු විභාගය තරමට ම මෙම අභියාචන විභාගය ද වැදගත් ය.

අලුත් සිද්ධි සිදු වී මේ අපරාධය යටපත් වේ ද? අභියාචනා නඩු විභාගය පිළිබඳ ජනමාධ්‍ය අ‍වධානය දිගට ම රැඳී පවතී ද? ලෝකය අහක බලා ගනීවි ද? සම්පත් චන්ද්‍රපුෂ්පගේ ඉරණම තීන්දු වන්නේ මෙකී කාරණා මත ය.

ඔහු යළි නිදහස් වී ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එක් වන්නේ කවදා ද? අභියාච‍නයෙන් නිදහස් වී ද? නැතිනම් ජනාධිපති සමාවකින් ද?

නැතිනම් ජනාධිපතිට ඔහුත් තවත් එක් කොන්ඩොමයක් පමණක් වෙයි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ජාත්‍යන්තරය අහක බලා ගන්නේ නෑ පැරා. ඒයාලා අපිට වඩා හොඳට දන්නවා වෙන්න යන දේ. ඒකනේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය කිව්වේ. අපි මේ දිහා දිගටම බලා ගෙන ඉන්නවා කියලා. උසාවියෙන්ම එලියට ගන්නවා මිසක්. ජනපති සමා නම් හම්බ වෙන එකක් නෑ. පව් අප්පා ඒ යකා එතන ඉඳලවත් නෑ. ජරා නීතිය.

    ReplyDelete
    Replies
    1. හලෝ මාතලන්,

      අද නිවාඩු දවසේ මොකෝ කරන්නේ? අලුත් පොස්ට් එකක් එහෙම දාන්නේ නැද්ද? රාජ් නං අද නිවාඩු වෙන්නෑ. හැලපෙත් ඊයේ පෙරේදා දැක්කේ නෑ.අපේ මාතලන් මොකෝ කරන්නේ?

      Delete
    2. හලෝ මචං

      ඊයේ එකක් දැම්මා මචං. ඒක තාම හිට්ස් ගාන රීච් කළේ නෑ මචං එතකන් අනික් එක වේලී වෙලී ඩ්‍රාෆ්ට් ගොඩේ මචං. වෙන්සක් නෑ අදත් හවසට සෙට් වෙනවා ඒනවා නම් වරෙන් කොලෝනියල් එකට.

      Delete
    3. හලෝ මාතලන්,

      මම නං අද ගෙදර. නිවාඩු දවසනේ. ගෙදරත් කවුරුත් නෑනේ. ඉතිං මම දැන් අඩුවට තියෙන අයිඩී බ්ලැක් ලේබල් බෝතලයක් අරං ආවා. දැන් බෝතලේ ගහලා හාන්සි වෙන්න සුදානම. මාතලන් ඉලගට දාන අලුත් පොස්ට් එකට බෝතලෙත් එක්ක පින්තූරයක් දාන්නංකො.

      Delete
    4. මචං උඹ තනිකඩ පොරක්ද?.මම මේ නිකමට ඇහුවේ නැතිව මං කොළුකාරයෙක් එහෙම නෙවේ.උඹේ කොමෙන්ට් ඇතුලේ තියෙනවා නිකම් තනි වුන පොරකගේ ගති ලක්ෂණ.ඒකයි ඇහුවේ.

      Delete
    5. maathalan hari maarama ekkenek.......we like u handsome.....

      Delete
  2. මනුෂ්‍ය ඝාතනය ඔප්පුවුවා නම මරණ දඬුවම වෙනුවට සිර දඬුවම නියම කලේ මොකද කියන එක මටත් ගැටලුවක්. කොහොම උනත් අභියාචනයක් ඉදිරිපත් කරන අදහස හොඳයි.සමහරවිට අභියාචනයේදී දැන් නියම කර ඇති දඬුවම් වැඩි වෙන්නත් පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අර රෝයල් පාක් කේස් එක වගේ මරණ දඬුවමම දුන්නා නම් හරි. ඒත් හොඳ කෙලි කාරයෙක්නේ. එතකොට නම් පිළිගන්න පුළුවන් නීතිය සැමට සාධාරණයි කියලා.

      Delete
    2. අනේ සමරසේකර මාමේ උඹ මහ පණ්ඩිතයා වගේ දෙඩෙව්වට මිනීමැරුමක් හා අනියම් මිනීමැරුමක් කියන දෙක අතර තියෙන නෛතික වෙනස දන්නෙත් නෑ. මාතලන් නම් තව කමක් නෑ. ඌ ප්‍රබුද්ධ පොරක් නෙවෙයිනෙ.

      Delete
    3. පුවත් පත් වාර්තා වලට අනුව අනියම් මිනිම් මැරීමක් සඳහා චෝදනා ඉදිරිපත්කර නැත.මේක අනියම් මිනි මැරුමක් යයි නිශ්චය කර ඇත්තේ නඩුකාර හාමුදුරුවන් විසින්ය. එකත් අභියාචනයේදී වෙනස් වෙන්න බැරි කමක් නැහැනෙ.විත්ති කරුවෝ ඔච්චරටම නිවැරිදි කරුවන් නම් ශාක්ෂි දෙන්න තිබුණානෙ.ප්‍රකාශයක් විතරක් ඉදිරිපත් කලේ මොකද?

      Delete
  3. මටනම් හිතෙන්නේ මේ නඩුව දීර්ඝකාලීන ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කර පවත්වාගෙන යන බවයි. නඩුවට අදාළ ආයතන ඔක්කොම එක්කෙනෙකුගේ උපදෙස් යටතේ දැඩි සම්බන්ධීකරණයකින් සකස්කළ සැලසුමකින් ක්‍රියා කරන බවයි පෙනෙන්නේ. සරත් මුත්තෙට්ටුවේගම නඩුවේ ප්‍රතිඵලයම අනාගතයේදී දකින්න ලැබෙයි.

    ReplyDelete
  4. ලොක්කට චන්ද්‍රපුෂ්පයා කියන්නේ තවත් බාල වර්ගයේ කොන්ඩෝමයක් විතරයි.වම්බොට්ටගේ ඉඳන් ශිරාණි බණ්ඩාරනායක දක්වා හැමදෙනාටම බලපෑවේ කොන්ඩම් තියරියම නේද?

    ReplyDelete
  5. Ohoma weradi karayo kochchara innawada,
    Chandana Kathriarachchi
    Duminda Silva
    Mervin Silva
    Sudarman Radaliyagoda
    Katuge kadapu eka
    Ambuluwawa horu
    Nidan horu
    Saruwe Sunil
    Muddaragama Chali
    etc
    etc

    ReplyDelete
    Replies
    1. මුද්දරගම කුකුල් චාලිට හැට පැන්නට පස්සෙත් මේ ඊයේ පෙරේදා මාස හයක් සේවය දික්කරා ලොක්කා සීෂෙල්ස් ගිහිල්ලා ආවගමන්. දන්නවා නේද මුද්දරයා වයඹ නියෝජ්‍ය තැපැල්පති කාලේ තියාගෙන හිටිය ඉස්කෝලේ නෝනා

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. /*විදේශික පුද්ගලයා මෙම විත්aතිකරුවන් විසින් ඝාතනය කළ බවට හෝ විදේශික කාන්තාව දූෂණය කළ බවට කිසිදු සාක්‍ෂියක්‌ නැති බව කියා සිටියේය. */

    /*වික්‌ටෝරියා රෝහල්ගත කර තිබූ අවස්‌ථාවේදී ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරිය සාක්‍ෂි දෙමින් වික්‌ටෝරියාගේ යට ඇඳුම් නැති බවටත් ඇගේ පියයුරක්‌ සපා කෑමට ලක්‌ව තිබූ බවටත් පෙන්වා දී ඇති බව පැවසූ මුදලිගේ මහතා මෙයින් පෙනී යන්නේ ඇයට ලිංගික අතවරයක්‌ සිදුව ඇති බව නොවේ දැයි විමසා සිටියේය.*/


    මේ ලිපිය බැලුවම පෙන දෙයක් තමයි චෝදනා ඉස්තිර ලෙස ඔප්පු වෙලා නැති බව. ස්ත්‍රී දුෂණය කවුරුවත් දැකල නැහැ. මරනවා කවුරුවත් දැකලත් නැහැ. ස්ත්‍රී දුෂනයකදී සිදුවෙන ශුක්‍ර තරල DNA පරික්ෂාව ඕනෑකමින්ම මග ඇරලා තියෙන බව පේනවා. නැගල තිබෙන තර්ක/චෝදනා උවමනාවෙන්ම මන්ද බුද්ධික ටයිප් කරලා. පියවුරක දත් පාරක් තිබ්බම ඒක ස්ත්‍රී දුෂණයක් වෙන්නේ කොහොමද ?

    කේස් එක ශක්තිමත් ව ඉදිරිපත් නොකර පැනයන්න හිල් ඕන තරම් තියල , දැනට දඬුවම් නියම කරලා තියෙන්නේ ලෝක අපවාදයෙන් බේරෙන්න කියල හොඳට පේන දෙයක්. තව අවුරුද්දක් දෙකක් ගිහිල්ල රස්නේ ගියාට පස්සේ , ඇපිල් එකකට පස්සේ හිමිට කට්ටිය ගෙදර එයි

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව අපරාධ නඩු වලින් ස්ථිර ලෙසම ඔප්පු කරන්න සාක්ෂි තියෙන්නේ 10% කට විතර. (ලංකාවෙ නම් ඊටත් අඩු විය හැකියි.) ඉතුරු ඒවා ඉතින් විනිශ්චය මණ්ඩලයේ මතය අනුව තමයි. ඔප්පු වෙලා තියෙන සාක්ෂි මත තීන්දුව දෙන්න වෙනවා. 'judge' කියන්නේ ඒ නිසයි. සියයට සියයක් සහතික නම් judge කරන්න ඕනැ කමක් නැහැනෙ.

      Delete
    2. හිතවත් ඇනෝ ...
      10% ? කොහෙන්ද මේ ස්ටැට්ස් ගත්තේ ? just plucked from thin air ? 1700 ගණන් වල ලියපු ලෝ පොත් වල නං එහෙම ඇති. නමුත් වර්තමාන තත්වය නං වෙනස්. මේ ගැන මොකද හිතන්නේ.

      Number and proportion of charges that are PROVEN in NSW criminal courts

      The standard of proof in a criminal trial is proof "beyond a reasonable doubt," which means the EVIDENCE MUST be so strong that there is no reasonable doubt that the defendant committed the crime.

      මම කියන්නේ නැහැ මේ යක්කු මේක කරේ නැහැ කියල. නමුත් විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂි කිසිම විදියකින් ශක්තිමත් නැහැ. "beyond a reasonable doubt," වෙන්නේ නැහැ. තමන්ගේ/රටේ මිනිස්සුන්ගේ හැඟීම් මත ජජ්මෙන්ට් දෙන එක හරියන්නේ නැහැ නේ. ශක්තිමත් ඇපිල් නඩුවකදී නිදහස් වෙයි.

      Delete
  8. අධිකරණයේ ස්වාධීනත්වය ගැන මට නම් කිසිම විශ්වාසයක් නැහැ පහුගිය දේවල් දැක්කාම. රෝහිනි වල්ගම විනිසුරුවරියට අර වගේ ප්‍රකාශයක් කරන්න සිද්ධවුනේ ඇයි කියලා හිතනකොටම මේ විහිළුව හිතටම වදිනවා.

    //////තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර අධිකරණය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය, මෙම නඩුව විභාගය සඳහා කැපවුණු පැමිණිල්‍ලේ හා විත්තියේ නීතිඥවරුන්ටත් අධිකරණ කාර්ය මණ්ඩලයටත් ස්තූතිය පුදකළ විනිසුරුවරිය තමන් මෙම විභාගය අරභයා රාජකාරියකටත් වඩා දේවකාරියක් ලෙස සලකා කටයුතු කළේ යැයිද මෙම තීන්දුව තමන් ලබා දුන්නේ හෘදය සාක්ෂියට එකඟව බවද ප්‍රකාශ කළාය. අනතුරුව ඇය විත්තිකරුවන් අමතමින් මේ නඩුව සම්බන්ධයෙන් ඉදිරියට යාමට පෙර තම තමන්ගේම හෘදය සාක්ෂියට ආමන්ත්‍රණය කර බලන ලෙසටද දැන්වූවාය//////////////////

    ReplyDelete
  9. මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ රටනේ ඉතින්, ඉදිරියට මොනවයින් මොනව වෙයිද, කවුද දන්නේ?

    ReplyDelete
  10. මටනං ප්‍රස්නෙ ඔය එකක්වත් නෙමේ.

    රටේ උත්තරීතරම ආයතනයයි කියල ශිරාණි බ. කේස් එකේදි ඔප්පු කරල පෙන්නපු පාර්ලිමේන්තුවෙදි ආන්ඩුපක්ෂයෙ ප්‍රධාන සංවිධායක තුමා කියනව ලංකාහොස්පිටල් එකෙන් දුන්නයි කියපු වාර්ථාවකට අනුව ආරක්ෂක අමාත්‍යංශෙ දන්වා හිටියයි කියල මේ තරුණිය දූෂනය වෙලා නැතිය කියල.

    http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=18731&catid=35:2008-10-13-08-30-14&Itemid=48

    ඉතින් ආරක්ෂක අමාත්‍යාංශයට අනුව පත්තිනි දේවි වගේ නිකැලැල්ව රටෙන් ගියපු කුමාරිව දූෂණය කරල තිබ්බයි කියල සම්පත්ට වසර විස්සක් හිර දඬුවම් දීපු මේ නඩු තීන්දුවෙන් පස්සෙ,

    1. බොරු කියල පාර්ළිමේන්තුව නොමග යවපු වරදට දිනේෂ්ව අස් කරනවද?

    2. එහෙම නැත්තං බොරු වාර්ථාව දීපු ආරක්ෂක අමාත්‍යාංශෙ අය අස් කරනවද?

    3. එහෙම නැත්තං වැරදි තීන්දුවක් දීපු අධිකරනෙට ගල් ගහනවද?

    කියන එකයි?

    ReplyDelete
  11. ////එහෙම නැත්තං වැරදි තීන්දුවක් දීපු අධිකරනෙට ගල් ගහනවද?/////

    ඉන්දික.....ගල් ගහන්න තියා පොල් ගහන්නවත් අධිකරණ ස්වාධීනත්වයක් රටේ තියෙනවාද....ප්‍රශ්න කල යුත්තේ මේ කාලකණ්ණියාට දුන් අධිකරණ තීන්දුව නොව, රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිලිබඳ නිකැලැල් තත්වයයි. මේ සියළු සාකච්චාවලින් වෙන්නේ, සැබෑ ප්‍රශ්නය යට ගැසීමයි. මේ මුග්ධ පාලනයේ අවශ්‍යතාවයත් එයයි. තම පුරවැසියාවූ කුරාම් වෙනුවෙන් බ්‍රිතාන්‍ය සතුටු වෙයි. අඩෝ අපි...හිනාවෙමුද....අඬමුද? මේක තමයි ලොකර්බි සිද්ධියේ එංගලන්තය මෙග්‍රාහි වෙනුවෙන් කලේත්. ලෝකයේ පවා අධිකරණය හෝ පාලකයන් එවැනි තීන්දු ගැනීම හෝඅ ඒ වෙනුවෙන් අධිකරණය ඒ ඒ තැන් සඳහා යොමු කිරීම වෙනවා. අප ඉල්ලා සිටිය යුත්තේ අධිකරණයේ ස්වාධීනත්වය මිස එක නඩුවක තීරනය පිළිබඳ විචාර නොවේ. අපි බලමු.

    පැරා......පාලකයාගෙන් නීතිය, සාධරනත්වය බලාපොරොත්තුවෙන් ලිපි ලියා වැඩක් නැහැ. මාව වරදවා හිතන්න එපා. පොල් හහලා වත් ගල් ගහලාවත් මේ අධිකරණයේ ස්වාභාවය වෙනස් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේම බොරුවක්, ව්‍යාජයක්. හිරේට නියමවූ එකාගේ බොඩි ලැන්ග්වේජ් එක බලන්න. ඔහු වෙනුවෙන් දැක්වූ නිලදාරී ආදරය බලන්න. මේවා පඩ ශෝ.

    ReplyDelete
  12. මේ වැරැදි තීන්දුවක්නම් ඇත්ත මොකද්ද

    ReplyDelete
  13. ස්ත්‍රී දූෂණයට මරන දඬුවම අනිවාර්ය කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. eka thama......

      Delete
    2. මරණ දණ්ඩණය ශිෂ්ඨ සමාජය අනුමත නොකරන්නකි.මරණ දණ්ඩනය දීම මගින් අපරාධ අඩු කර ගත් රටක් නොමැත.කල යුත්තෙ ස්ත්‍රිය කෙරෙහි වන සමාජීය ආකල්ප වල වෙනසක් ඇති කිරීමය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා