Posts

Showing posts with the label කුරාම් ෂෙයික්

චන්ද්‍රපුෂ්ප පරවුණා ද? පරවුණ මල් යළි පිපේ ද?

Image
නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය; දූෂණයට ලක් වූ රුසියානු කාන්තාව බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා දැමීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විසි වසරක සිර දඬුවමකට ලක් විය. මෙය හැඳින්වෙන්නේ ලොවම බලා සිටි නඩු තීන්දුවක් ලෙස ය. තීන්දුවෙන් පසු ලෝකය අහක බලා ගන්නටත් ඉඩ තිබේ. එහෙත්, මෙම නඩු කටයුත්ත අවසන් වී නැත. මෙම දණ්ඩනය තහවුරු වී නැත. තීන්දුවට එරෙහිව අභියාචනා කරන බව විත්තියේ නීතිඥවරු පැවසූ හ. නඩු විභාගය තරමට ම මෙම අභියාචන විභාගය ද වැදගත් ය. අලුත් සිද්ධි සිදු වී මේ අපරාධය යටපත් වේ ද? අභියාචනා නඩු විභාගය පිළිබඳ ජනමාධ්‍ය අ‍වධානය දිගට ම රැඳී පවතී ද? ලෝකය අහක බලා ගනීවි ද? සම්පත් චන්ද්‍රපුෂ්පගේ ඉරණම තීන්දු වන්නේ මෙකී කාරණා මත ය. ඔහු යළි නිදහස් වී ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එක් වන්නේ කවදා ද? අභියාච‍නයෙන් නිදහස් වී ද? නැතිනම් ජනාධිපති සමාවකින් ද? නැතිනම් ජනාධිපතිට ඔහුත් තවත් එක් කොන්ඩොමයක් පමණක් වෙයි ද? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අ...