ආශ්චර්යය ළං වන විට අන්තර්ජාලයේ බිඳ වැටුම ද වැඩි වේ

ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධය නැවත ලෙඩ වී තිබේ. මීට වසර පහකට පමණ පෙර ඒඩීඑස්සෙල් සම්බන්ධතාවක් ගැනීමේදී වේගය අඩු වුණොත් වගකියන්නේ නැති බවට ලියුමක් දෙන්නැයි ටෙලිකොම් සමාගම කීවේ ය.

ලංකාව ආශ්චර්යය කරා ළං වන තරමට අපට අන්තර්ජාල සම්බන්ධතාව නැති කාලය ද වැඩි වේ. එය බිඳවැටුණු පසු නැවත යථා තත්වයට පත් කරන දිනයක් වෙලාවක් ගැන කවුරුවත් දන්නේ නැත.

පසුගිය කාලයේ මම එටිසලාට් අන්තර්ජාල සබඳතාවක් ද ලබා ගතිමි. එය නිවෙන, පත්තුවෙන 3 ජී සම්බන්ධතාවකි.

මම හිරු කණ්ඩායමෙන් බිඳී, අන්තර්ජාලය ගැන උගනිමින් 2005දී ලංකා පොලිටි වෙබ් අඩවිය ආරම්භ කළේ ලංකා බෙල් ඩයලප් සම්බන්ධතාවකිනි. ඒ කාලයේ දුරකථන බිල රු. 4000ක් පමණ විය. ටෙලිකොම් ඒඩීඑස්සෙල් ගැන විශ්වාසයක් නැති නිසා මම දැන් මයික්‍රො ඩේටා සිම් එකක් හා ඩෙංගලයක් යන දෙකක් ම ගන්නට සැලසුම් කරමි. දැන් නැවතත් අර වියදම ම යනවා ය. 

ඊයේ මම කෙටි සටහනක් තැබුවේ කැෆේ එකකින් ය. එහි වැඩ කළ ගැහැනු ළමයා සිංහල යුනිකෝඩ් ගැන අසා නො තිබිණි. යන්තම් ඇඩ්මින් ලොග් වී සිංහල සෙටප් කර ගන්නට හදන විට සියබස් වෙබ් අඩවියේ වින්ඩෝස් සෙවන්ට අදාළ සබැඳියාව වැඩ කළේ නැත. 

ගමක ජීවත් වෙන මගේ අත්දැකීම අනුව නම්, සිදු වෙමින් තිබෙනවා ය කියන මහ ලොකු සන්නිවේදන විප්ලවය ගමට නම් දැනෙන්නේ නැත. අදට වැඩිය හෙට හොඳයි කියන එක ගැනවත් විශ්වාස කරන්නට බැරි ය. ඇත්තම කීවොත් අදට වඩා ඊයේ හොඳට තිබිණි.

ඊයේ මගේ නගරයේ සුපිරි වෙළඳසලක් විවෘත විය. පළමු දිනයේ ම එය සෙනගින් පිරී ඉතිරී යනු දුටිමි. මා සමග කතා කළ වැඩි දෙනෙක් කීවේ ලොකු සමාගමක සුපිරි වෙඝඳසල් ජාලයක කඩයක් මෙහි වීවෘත වෙනවාට ඔවුන් කැමති වන්නේ එයින් පාරිභෝගික සත්කාරය ගැන තඹයකට මායිම් නො කරන මේ නගරයේ පඩත්තර වෙළඳුන්ගේ හුළං බහින නිසා ය.

ඒක ඇත්ත ය. අලුත් අන්තර්ජාල සබඳතාවක් ගැනීම සඳහා මම මගේ නගරයේ මොබිටෙල් නියෝජිතායතනය වෙත ගියෙමි. එතැන සිට ඉලන්දාරියාටත්, ගැහැනු ළමයාටත් පාරිභෝගිකයන් මහා වධයක් වැනි ය. පැමිණෙන පාරිභෝගිකයකුට හිඳ ගන්නට පුටුවක් තබන ශිෂ්ටත්වයවත් මේ කඩයේ නොතිබිණි.

මිනිස්සු වඩා හොඳ ජීවිතයක් සොයමින් සිටිති. එහෙත්, ශිෂ්ටත්වය නො දත් පාලකයන් පිරිසක් සිටින රටක අපට එවැනි ජීවිතයක් ගැන බලාපොරොත්තු තැබිය හැකි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මම නං පාවිච්චි කරන්නේ එයාර්ටෙල් සම්බන්තාවයක්. 2009 වසරේ ගත්තු එකක්. ඒකනම් මට සැහෙන්න ලාබයි. 5GB සදහා මාසෙකට රුපියල් 299, 10 GB සදහා මාසෙකට රුපියල් 599. ඔය ව්දියට GB පහළොවක් එනකං බිල හැදෙනවා. ඊට පස්සේ මුදල් අයවෙන්නෙ නෑ. FUP ඇඩ් වෙනවා.

    ඔය කියනා කනෙක්ෂන් එක ගන්න කලින් මම භාවිතා කලේ ටෙලිකොම් ඉන්ටනෙට් තමයි. ඒත් ඊට වඩා මේක ලාභයි. දැන් මම ටෙලිකොම් ඉන්ටනෙට් තියා ලෑන්ඩ් ෆෝන් එකක් වත් භාවිතා කරන්නේ නෑ. සේරම අයින් කරා.

    ReplyDelete
    Replies
    1. 3G Signal වලින් ජිවත් වෙන සත්තු පෘතුවියෙ(මතුගම) ඉන්න බව මම දැනගෙන හිටියා.

      Delete
    2. මෙය එයාර්ටෙල් විසින් මුදල් ගෙවා පල කරන ලදී.

      Delete
  2. /* එතැන සිට ඉලන්දාරියාටත්, ගැහැනු ළමයාටත් පාරිභෝගිකයන් මහා වධයක් වැනි ය..............

    මිනිස්සු වඩා හොඳ ජීවිතයක් සොයමින් සිටිති. ........ */

    ඔය කියන ඉලන්දාරියා සහ ගෑල්ළමයා වෙනත් රටකින් ආ අය නොවෙයි නේ?

    ReplyDelete
    Replies
    1. කඩ කාරය පැරාට ඉඳගන්න පුටුවක් නොතිබ්බ එකටත් වැරදි රටේ පාලකයෝ. අනේ මන්ද මට නං දැන් මුකුත් කියන්න හිතෙන්නෙත් නැහැ මෙයාට . ඇත්තටම මානසික ලෙඩෙක් ද කොහෙද. මට හරියට මතක නැහැ දන්න ඇනෝ කෙනෙක් වත් කියන්න බලන්න. මේක Narcissistic personality disorder නේද ?

      Delete
    2. @ මහසොහොන් පිල්ලිය --------
      රටේ පාලකයොත් එක්තරා දුරකට දායක වෙනවා කඩකාරයා තමුන්ගේ කස්ටමර්ට ඉඳගන්න පුටුවක් නොතියන කාරණයට. විශේෂයෙන්ම වර්තමාන පාලනය යටතේ ඒක කැපී පෙනෙන දෙයක්. පාලක පන්තිය බොහොම කැමතියි රට නැවත වැඩවසම් යුගයට අරන් යන්න. කෙහෙළිය, බූරුවංශ, නානසාර වැනි අයගේ වසුරු කතාවලින් උත්සාහ කරන්නේ ඒකට. අවාසනාවකට වගේ ඒ උත්සාහය සාර්ථක වෙන බවකුත් පේන්න තියෙනවා. දියුණු ශිෂ්ඨ සමාජයක දකින්නට ලැබෙන එකිනෙකාට ගරු කිරීම දැන් ලංකාවෙන් බොහෝ දුරට තුරන් වෙලා. මම කිව්වා වගේ ඒකට පාර කපන්නේ පාලක පන්තිය. රටේ අවනීතිය සහ අරාජිකභාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගොල්ලන්ට මඩිය තර කර ගැනීම පහසු වෙනවා.

      Delete
    3. පැරා ------
      ඔයා විශ්වාස කරනවා නම් රාජ්‍ය සහ ආගම කියන දෙක වෙන් වී තිබිය යුතුයි කියලා, අද ඉඳන් දේශපාලඥයන්ගේ සහ පූජකයන්ගේ නම් අගට 'තුමා', 'හිමි' කියන කෑලි එකතු කිරීම නවත්වන්න. සිල්වත් බෞද්ධ භික්ෂුවකට ඕනෙ නම් 'ස්ථවිර' කියලා කියන්න පුළුවන්. අනිත් අය වගේ ගරු කෑලි එකතු කළොත්, නොදැනුවත්වම ඔයාත් ආගමික රාජ්‍යයට තව දුරටත් පැවතීමට රුකුල් දීමක් වෙනවා.

      Delete
    4. @AnonymousJuly 9, 2014 at 7:53 AM
      ඔව් ඇනෝ. ඔය කතාව මම 1Trillion පාරක් අහල තියෙනවා. නමුත් මට ඕන උනේ කකාට ඌන පුරණයක් දෙන්න. දැන්

      කියන්න බලන්න ඔය කියන සියලුම පාලකයෝ ලංකාවට ඇවිල්ල පාලනය කරන්න පටං ගත්තේ ඕස්ට්‍රේලියාවේ ඉඳන්ද ? මලෙසියාවෙන්ද ? එහෙමත් නැත්නම් උගන්ඩාවෙන්ද ? වරද තියෙන්නේ කොතනද කියල දන්නේ නැතුව කොහොමද වරද හදන්නේ ?

      පාලකයන්ට දෙහි කපන ඔබ මහ පුටුවේ තිබ්බොත් සියල්ල විසඳෙයිද ? ;)

      Delete
    5. /පාලකයන්ට දෙහි කපන ඔබ මහ පුටුවේ තිබ්බොත් සියල්ල විසඳෙයිද ? /

      මේ ප්‍රශ්නෙ යොමු කරන ලද ඇනෝ මා නෙවෙයි, නමුත් මගෙන් කවුරු හරි මේ ප්‍රශ්නෙ ඇහුවොත් දෙන්න තියෙන පිළිතුර 'නැහැ' කියන එක. රාජ්‍ය නිලධාරියෙක් හැටියට මා හොඳින්ම දන්නවා වර්තමාන ජනාධිපති කරන්න කැමැති එහෙත් ඔහුට වත් තමන්ගේ නිලධාරීන් ලවා කර ගන්න බැරි කෝටියක් වැඩ තියෙන බව. කොයි තරම් කිව්වත් කෙරෙන්නේ නැහැ. කෙරුණත් ඔහුට ඕනැ විදිහට නෙවෙයි කෙරෙන්නේ. (ජනාධිපති අන්තිම අවංක කෙනෙක් කියලා වත් ඔහුට විතරයි රටට වැඩ කරන්න ඕනැ කියලාවත් නෙවෙයි කියන්නේ.) ජනාධිපතිට තමන්ට කැමැති විදිහට කර ගන්න පුළුවන් පත්තරේකට ලිපියක් දා ගන්නවා රූපවාහිනියේ නිව්ස් වලට ඔළුව දාගන්නවා වගේ වැඩක් විතරයි. අනෙක් ඒවා කරන්න එක්කෝ ඔහු යටතේ ඉන්න පිරිසට හැකියාවක් නැහැ. (උදාහරණයක් හැටියට දයාන් ජයතිලක වගේ කොලිටි එකක් ඇතුව ජාත්‍යන්තරයට යමක් ලියන්න පුළුවන් කෙනෙක් ඔහුගේ කාර්ය මණ්ඩයලේ නැහැ.) නැත්නම් ඕනෑ කමක් නැහැ. ඉතින් මෙච්චර බල සම්පන්න ජනාධිපතිට කරන්න බැරි දේවල් මට කරන්න පුළුවන් වෙයිද?

      අපේ රට ගොඩ ගන්නවා කියන එක කාටවත් තනි තනිව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රට මේ වලට වැටිලා තියෙන්නේ සමාජයේම වැරදි නිසා. තනි කෙනකුට ඕවා හදන්න බැහැ.

      Delete
    6. 34DPA system operator.July 9, 2014 at 2:39 PM

      “එතැන සිට ඉලන්දාරියාටත්, ගැහැනු ළමයාටත් පාරිභෝගිකයන් මහා වධයක් වැනි ය.“
      යන වාක්කිය-
      එතැන සිටි ඉලන්දාරියාටත්, ගැහැනු ළමයාටත් පැරා මහා වධයක් වැනි ය.
      ලෙස නිවැරදි විය යුතුය.

      uyhmrf නියෝජිතායතනය මතුගම

      Delete
    7. @ Ano #3

      වැඩ බැරි දාසලා ඒ තැන්වලට පත්කලෙ රටෙ පාලකයො නෙමෙයිද?

      Delete
  3. <<"අදට වැඩිය හෙට හොඳයි කියන එක ගැනවත් විශ්වාස කරන්නට බැරි ය. ඇත්තම කීවොත් අදට වඩා ඊයේ හොඳට තිබිණි.">>

    පැරා......, සමස්තයක් වශයෙන් ගත් විට, කිව හැක්කේ 1977ට පෙර මේ රට අදට තිබෙනවාට වඩා හොඳ තත්ත්වයකින් තිබූ බව ය.

    ReplyDelete
    Replies
    1. Certificate true

      Delete
    2. 1977ට පෙර රට ඊටත් හොඳට තිබුණේය.
      1948 පෙර සුද්දාගේ කාලේ ඊටත් හොඳය.
      (බොදු බලයෙන් ගහන්න කලින් කියන්නෙ) පෙර රජ දවස රට සුද්දාගේ කාලයටත් වඩා අපූරුය.
      බලංගොඩ මානවයාගේ කාලේ රජ කාලෙටත් වඩා හොඳය. ගෑණු පිරිමි දෙගොල්ලම හෙළුවෙන්ය. කන්න ඕනෑ තරම් ගොළු බෙල්ලන් හිටියෝය. ඕනෑ වූ විටෙක තමන් ළඟ හිටි ගැහැණියගේ ඇඟ උඩට පැන සෙක්ස් කළ හැකි විය.
      බලාගෙන යනකොට රට ගිහින් තියෙන්නෙ අනෙක් පැත්තටනේ!

      Delete
    3. @ Anonymous July 9, 2014 at 4:02 PM ------
      නැත. රජකාලයවත් යටත්විජිත යුගයවත් පාෂාණයුගයවත් නොව, 1948-1977 තමා ලංකාවේ හොඳම කාලය. එනමුත් වර්තමානය සහ අනාගතය හොඳ බවට පත් කිරීම නොහැක්කක් නොවේ.

      Delete
  4. Adhirajyawadi kiyana euopa ratawala onema ayathnayaka(rajaye/privet)sewayakarana ihalama dura darannagesita pahalama duradhariya dakwathamangen sewaya labanna wetha gawrawakaranawa,sewayalabadenna bohowita europiyaku wethath,labanna kaluda sududa kiyala wenasak ehidinee.lankawe indan lingembowage erupiyaya billekkaranawa.

    ReplyDelete
  5. මම හිරු කණ්ඩායමෙන්(betryed) බිඳී, අන්තර්ජාලය ගැන උගනිමින් 2005දී ලංකා පොලිටි වෙබ්

    ReplyDelete
  6. මතුගම නගරයේ පඩත්තර වෙළඳුන්ගේ සංගමය.July 8, 2014 at 11:26 PM

    පැරකුම් සර්,ඹයා නම් මාරයි අප්පා කියලා වැඩක් නැ ..............අයි.... යෝ.......
    අ‍පෙ මතුගම ටවුමෙ පික්සු දොස්තරලා ඇත්ත්‍ෙම නැද්ද?
    ඕ.. යැස්.
    අපි කොයි ලොකේ හරි චැනල් කරන්නං
    දිනයක් දෙන්න හොදයි.

    ReplyDelete
  7. රොකට් රෝහිතය තාම අහසට යන්න හිතනව,මහින්දය කිලෝබ්යිට් වලින් ඈස්චර්යට යන්න හිතනව.

    ReplyDelete
  8. ඉඳගන්න පුටුවක් නොතිබ්බ එකටත් වැරදි රටේ පාලකයෝ. .................. මාත් හිතුවා අන්තිමට ඕක කියයි කියලා .

    ReplyDelete
    Replies
    1. බඩපොත්ත පිටට ඇලුනත්,ජරාවටම තමයි හිත නේද අංකල්.

      Delete
    2. ඇයි අන්කල් ඔයාට එහෙම හිතුනේ? ඔයාට අනුන්ගේ සිත් දන්නා නුවණක් හෙම තියේද?

      Delete
  9. නිකන් පච නොකිය ඉඳින් ලයනල්...... පොඩි කොල්ලෙක් ඕක කීවනම් තව කමක් නැහැ කීවහැකි.
    Aravinda

    ReplyDelete
  10. පාරිභෝගික සත්කාරය ගැන කියනකොට නම් මට මතක් වුනේ ගිය සෙනසුරාද වුන වැඩක්.මම පොතක් ගන්න අපේ නගරයේ පොත් කඩයකට ගියා.මම එතන හිටපු ගෑනු ළමය එක්ක හිනා වුනා.ඒත් මා එක්ක හිනා වුනේ නෑ.ඔවුන්ට මා කරදරයක් වගේ තේරුනා.ඇත්තටම මට එතනින් ඒ පොත ගන්න වුවමනා නෑ.කොළඹිනුත් ගන්න පුළුවන්.ඒත් රටේ සිල්ලර වෙළදසැල් වල පාරිභෝගික සත්කාරය ඔහොම තමයි.
    මම ඒ කඩේට නැවත නොයන්න තීරණය කළා.

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ හන්දියේ කඩ දෙකක් කාලෙකට ඵෙර කස්ටමර්ස්ලාට සලකපු හැටි.
      http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html

      Delete
    2. මෙන්න කාලයත් සමග ලෝකයේ වෙනස් වීම - කඩවල මිනිස්සු සහ තවත් අය
      http://kathandara.blogspot.com/2012/07/has-world-really-changed-for-good.html

      Delete
    3. ඒ කඩේ තව කොල්ලෙකුත් හිටිය.ඌ අල්ලපු කඩයක කෙනෙක් එක්ක කතා කළේ උගෙ ප්‍රචන්ඩ හැසිරීම් ගැන.උපදෙස් වගයක් එහෙමත් දුන්න.ශාස්ත්‍රීය කටයුත්තකට ගිහින් පොත් තෝරමින් සිටි මට මේක හරිම අප්‍රසන්න අත්දැකීමක්.ඒ කොල්ලගෙ ඇදුමත් රස්තියාදුකාරයෙක් වගෙ.
      පාරිභෝගික සත්කාරය පමනක් නොවෙයි හැසිරීම ගැනත් කඩකාරයන්ට උගන්වන්න වෙනව කියල මට හිතුන.

      Delete
  11. මොකක්දෝ පූරුවේ පිනකට මම ඒ කාලේ ගත්ත SLT Home Unlimited Package එක තවම ඉතා හොඳින් වැඩ. මම මාසෙකට 50 GB වලට ආසන්නව download කරනවා. (පොත්පත් සහ වාර්තා චිත්‍රපටි) මම ලිපි ලියන්නෙත් online සිටිමින්. එසේම online youtube video නැරඹීමත් කරනවා කිසිම අපහසුවකින් තොරව. වේගය 512 Kb මාසෙකට රු 1600 යි ගාස්තුව. හැබැයි මේ පැකේජය දැන් දෙන්නේ නැහැ. SLT අලුතෙන් දෙනවා Web Family කියලා ADSL පැකේජ් එකක්. මමනම් හිතන්නේ නිතර ලිපි ලියන ඔබට ඒ පැකේජ් එක සුදුසුයි කියා. 8 Mbps වේගය, උපරිම සීමාව 25GB
    http://www.slt.lk/personal/internet

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නෙත් ඕකම තමා ඒත් වේගයනම් අන්තිමයි

      Delete
  12. ඔය කෙහෙම්මල් වාර්තා චිත්තරපටි බාලා කාටද හරි ගියේ. බනවකෝ හොදවැයින් ජිල් ටිකක්.

    ReplyDelete
    Replies
    1. මක්කැයි මචන්ස් ජිල් බනවකෝ කියන්නේ

      Delete
    2. ජිල් බූJuly 9, 2014 at 2:23 PM

      පොත්පත් සහ වාර්තා චිත්‍රපටි කියන්නෙත් වැලම ද පැරා අයියාහ්...කියන්න....ආහ්....ම්...

      සමාජවාදය ජිල් නොකර
      සිංහල කුණුහරප බොගක් පටාංංංංංගමුද පැරා අ..ඊයා

      Delete
  13. අපේ පැරකුම් අයියගේ ලස්සන අදහස් පැසුණු බුද්ධියට නිගා කරන ඉරිසියා එක්ක මම තරහම තරහයි...

    ReplyDelete
  14. අපේ පැරකුම් අයියගේ ලස්සන අදහස් පැසුණු බුද්ධියට නිගා කරන ඉරිසියා කාරයෝ එක්ක මම තරහම තරහයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා