Posts

Showing posts with the label රජරට විශ්වවිද්‍යාලය

සරසවි ආචාර්යවරුනි, උගන්නන්නට බැරි නම්, කාලකන්නිකම් නොකර අස් වෙලා යනු!

Image
ඉල්ලන්නේ ලේ ද එහෙනම් ගනිව් බොල රජරට විශ්වවිද්‍යාලයේ ළමයි උද්ඝෝෂණයක් කළ හ. ඒ පංති තහනම් කළ සිසුන් 28කගේ පංති තහනම ඉවත් කරවා ගන්නට ය. පංති තහනම් කරන්නට ඇත්ත‍ේ ද මොකක් හරි ජල්බරියක් නිසා ය. සාමාන්‍ය ජනතාව වන අපි ඕවා ගැන ඒ තරම් ඉන්ටරෙස්ට් නැත. ආණ්ඩුවේ ළමයි මේ උද්ඝෝෂණය පැවැත්වූ අට්ටාලයට කීප සැරයක් ම ගිනි තැබූ හ. විශ්වවිද්‍යාලයේ උප කුලපති ළමයාට හා සෙසු ආචාර්ය හා පරිපාලන ළමයින්ට මෙම ගැටළුව විසඳීමට බැරි විය. පුදුම විය යුතු නැත. මේ ළමයි බොහෝ දෙනෙක් දන්නේ තමන් ශිෂ්‍ය අවධියේ ලියා ගත් සටහන් ආපසු ළමයින්ට ලියා ගන්නට කියවන්නට පමණි. ගැටුම් කළමනාකරණය වැනි දේ ගැන වුව ඔවුන්ට තිබෙන්නේ පොත්වල ලියා ගත් සටහන් පමණක් විය හැකි ය.  පසුව ළමයි මේ ළමයින්ව කන්තෝරුවේ හිර කරගෙන ඉල්ලීම් ඉල්ලා සටන් කළ හ. ඒ වෙලාවේ විසඳුම් දෙන බව පොරොන්දු වූ ආචාර්ය ළමයි පසුව සරසවිය වසා දමා ළමයින්ව ගෙදර යැවූ හ. සරසවිය වසා තිබෙන එක හරි ජොලි ය. ළමයි ගෙදර ය. ආචාර්යවරු ඕමි බල බලා ජොලියෙ ඉන්නවා ය. ඔහොමම හිටපල්ලා යයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක කියයි. එහෙම තිබෙනකොට රජයේ විශ්වවිද්‍යාල අසාර්ථක බව පෙනේ. එය පෞද්ගලික...