Posts

Showing posts with the label රාජ්‍ය නොවන සංවිධාන

රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් රෙදි නැතිව අපිත් පාරේ

Image
ආණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට එකහෙළා විරෝධය පළ කරමු. මේ මොහොතේ ආණ්ඩු විරෝධී අරගලයේ ප්‍රධාන බලවේගය රාජ්‍ය නොවන සංවිධාන බව විපක්ෂයට නැති විරෝධයක් රාජ්‍ය නොවන සංවිධානවලට එල්ල වීමෙන් පෙනේ. රාජ්‍ය නොවන සංවිධාන විසින් මතු කරනු ලබන දූෂණයට, මානව හිමිකම් උල්ලංඝනයන්ට, ප්‍රකාශනයේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කාරණා ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.  එහෙත්, ඒ සමගම මේ ටිකත් ලිවිය යුතු ය. රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් පෙනී සිටීමට බැරි හිරිකිතයක් දීර්ඝ කාලීන සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රාජ්‍ය නොව සංවිධාන ඇසුරු කළ අයකු ලෙස මට තිබේ.  රාජ්‍ය නොවන සංවිධාන තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී අභ්‍යන්තර ව්‍යූහයක් රජයටවත් නැත.  රාජ්‍ය නොවන සංවිධාන තුළ තරම් ඥාති සංග්‍රහ, පවුල්වාදයන්, කට්ටිවාදයන් රාජපක්ෂ පවුලේ හෝ ආණ්ඩුවේවත් නැත. රාජ්‍ය නොවන සංවිධානවල තරම් වැඩවසම් ස්වාමි සේවක සම්බන්ධතා පැරණි වලව්වලවත් නැත.  රාජ්‍ය නොවන සංවිධානවල තරම් දූෂිත මුදල් ගනුදෙනු මුදල් අමාත්‍යාංශයේවත් නැත.  රජ පැටව්වත් රාජ්‍ය ‍ න ොවන සංවිධාන තරම් මහජන මුදල් නාස්ති කරන්...

පාක්‍යසෝති සරවනමුත්තු ‍ඩොලර් විසිපහක් ඉල‍්ලා ලියමනක් එවා ඇත

Image
අලුත් අවුරුද්දට සුබ පතන්න ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ උතුරුමැද හිටපු මහ ඇමතිටත් අලුත් අවුරුදු සුබපැතුමක් යැව්වා කියා ආරංචියි. ‍හැබැයි පර ලෝකෙට නෙමෙයි, අනුරාධපුරේ මහ ඇමතිගේ ගෙදරට. මටත් ඔය වගේ එකක් ලැබුණා පහුගිය දවස්වල. ඒක එවලා තිබුණේ පාක්‍යසෝති සරවනමුත්තු මහත්තයා. ඒ මහත්තයා විධායක අධ්‍යක්ෂ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ. ලියුම එවලා තිබුණේ ඒගොල්ලන් කරන වැඩවලට උදව් කරන්න ය කියලා. ඔවුන් මට අවස්ථාවක් දී තිබෙනවා කැමති නම් මුළු ජීවිත කාලෙටම එක පාරක් ඩොලර් 2000ක් දෙන්න. නැතිනම්, අවුරුද්දකට ඩොලර් 500ක් දෙන්න. එහෙමත් නැතිනම් මාසෙකට ඩොලර් 25ක් දෙන්න. ඇත්තෙන්ම මාර අවස්ථාවක්. ඒ වුණාට මගේ ගුරු පඩිය ගෙඩි සුපියල් විසිපන්දාහකට අඩු නිසා මට පුළුවන් අර මාසෙට ඩොලර් 25 ගානෙ දෙන්න විතරයි. හැබැයි ඒකත් මගේ පඩියෙන් දහයෙන් පංගුවකටත් වැඩි නිසා මං මේ කල්පනා කර කර ඉන්නේ ටියුසන් පාරක්වත් කරලා මේක ගෙවනවද කියලායි. ඇත්තෙන්ම, මම හිතන්නේ මේ ඊමේල් එක එන්න ඇත්තේ වැරදිලා. මීට ටික කාලකෙට උඩදි හිරු කණ්ඩායමේ හිටපු හීරෝලා දෙන්නෙක් මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ව්‍යාපෘතියක හිටියා. බුදු අම්මෝ උන් බීපු බීම! ‍එච්චර සල්...

සුනිලා අබේසේකර ගැන ආදර කවියක් හෙවත් දේශපාලනික ගුණ කථනයක්

Image
ජවිපෙ විමුක්ති ගී පටිගත කිරීමක්. සුනිලා අබේසේකර, ගුණදාස කපුගේ, නිමල් පෙරෙරා, බුද්ධදාස විතානාරච්චි, තිලක් ඉද්දමල්ගොඩ, මුනිදාස ගුණසිංහ සහ ඔගී රණවීර (ඡායාරූපය අප දුටුවේ පතුල වෙබ් අඩවියේ ය) සුනිලා අබේසේකර පිළිබඳ සටහනක් තබන්නැයි ආරාධනා කළ විට මට මතක් වූයේ සුනිලා අබේසේකර නම් ගායිකාවකි. බඹරු ඇවිත් චිත්‍රපටයට ඇය ගැයූ 'උදුම්බරා', හංස විලක් චිත්‍රපටයට ඇය ගැයූ 'සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්' ගීතය හා සුනිල් විජේසිරිවර්ධන සමග එක්ව නිර්මානය කළ 'දෝතට ගනිමු' වැනි ගායනා කීපයකින් ඇගේ අනන්‍යතාව ඇය සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ නො මැකෙන අන්දමින් සලකුණු කළා ය. දෙවනුව මා මතකයට පැමිණියේ ඇය ලංකාවේ සිටි වඩාත් ම ෆොටෝජෙනික් හෙවත් ඡායාරූපවල සුන්දර අන්දමින් නිරූපණය වන, නිරූපිකාවක නො වන ගැහැනියක ලෙසයි. එහෙත්, සුනිලා සිය අනන්‍යතාව ලෙස ප්‍රවර්ධනය කළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ය යන වෘත්තිකමය අනන්‍යතාවයි. ඇය ලෝක ප්‍රකට වූයේ මේ අනන්‍යතාවෙන් බවට සැකයක් නැත. එහෙත්, අග නාගරික සමාජයට අයත් නො වන අපට ඇගේ මෙම භූමිකාව නම් බොහෝ දුරස්තර වූ එකක් වූ බව කිව යුතු ය. කොටින් ම කියනවා නම් ඇගේ ප්‍රභූ මාන...

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචාව; අප ඔවුන් ආරක්ෂා කළ යුතු ද?

Image
ලෝකයේ ඔබට වන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව මහත්මා ගාන්ධි පැවසී ය.  You must be the change you want to see in the world. - Mahatma Gandhi  මෙය සමාජ වෙනස්කම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ගේ මූලික ම ප්‍රතිපත්තියක් විය යුතු ය.  මේ දිනවල නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට අරමුදල් වංචාව යළි කරළියට පැමිණ තිබේ.  ලංකාවේ දූෂණයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා වෙනත් සාධනීය සමාජ පරමාර්ථ වෙනුවෙන් සටන් කරන බව කියන රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම්වල (මේවා ද අඩු වැඩි වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ය) මූලික ම ලක්ෂණයක් වන්නේ තමන් පෙනී සිටින බව කියන පරමාදර්ශ කිසි සේත් ම තම සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ දක්නට නො ලැබීමයි.  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ දරුණු ඒකාධිපතියෝ ය. . ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සි‍ටින බව කියන සංවිධානවල නායකයෝ සිය බල අවකාශය තුළදී තමන් අකැමැති අදහස් දරුණු අන්දමින් වාරණය කරන්නෝ වූහ.  දූෂණයට එරෙහිව පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ මහජන අරමුදල් ගසා කන්නෝ ය.  ලංකාවේ සමාජ පඑිහාණියේ ප්‍රධාන වගඋත...

එන්.ජී.ඕ.වලට බය වෙමු ද? ‍ගේම දෙමු ද?

Image
(2011 මාර්තු 05,  W3Lanka )  අද The Island පුවත්පතේ මුල් පුවතින් කියැවෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රු. කෝටි 27කට වඩා ද, ජාතික සාම සභාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රු. කට කෝටි 17කට වඩා බැගින් ද විදේශ අරමුදල් ලැබී ඇති බවයි. පුවත්පතේ සඳහන් වන ආකාරයට ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට වැඩියෙන් ම ආධාර කරන්නේ නෝර්වේ රාජ්‍යයයි.  මේ ගණන් හිලව් ලොකුවට පෙන්නුවාට, ඇත්තෙන් ම මේ වන විට බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ඉන්නේ බරපතල මුල්‍ය අර්බුදයක ය. යුද්ධයේ නිමාවත් සමග සාම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙමින් පවතින ආධාර අඩු වෙමින් ඇති අතර, ලංකාව ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව මධ්‍යම මට්ටමේ ආදායම් උපයන රටක මට්ටමට පැමිණීම ද රාජ්‍ය නොවන සංවිධානවලට හෙනහුරා ඇඬීමට හේතු වී තිබේ. මේ සංවිධාන ලැබෙන අරමුදල්වලින් බොහොමයක් බටහිර රටවල පුරවැසියන් විසින් ලබා දෙන පුණ්‍යාධාර ‍වේ.   රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වියදම් වන්නේ වැටුප් ‍ගෙවීමටයි. ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. විශේෂයෙන් ම කරන්නට එහෙමට වැ...

මැතිවරණ නිරීක්ෂක සංවිධාන දූෂණ හෙළි වේ; රෙදි ගැලවේ

Image
(2010 ජනවාරි 06 -W3Lanka) මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණ ප්‍රධාන රාජ්‍ය නො වන සංවිධානයක් වන පැෆරල් හෙවත් සාධාරණ හා නිදහස් මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරිත්වය මැතිවරණ නිරීක්ෂණය සඳහා එය පැවැත්වෙන දිනයේ එක් දේශීය නිරීක්ෂකයකුට රුපියල් 150ක මුදලක් සහ කෑම පාර්සලයක් ලබා දෙයි.  එහෙත් පැෆරල් ආයතනයට එක් මැතිවරණ නිරීක්ෂකයකු වෙනුවෙන් ලැබෙන මුදල රුපියල් 700ක් බව ද ඉන් සොච්චමක් නිරීක්ෂකයන් වෙනුවෙන් වැය කර ඉතිරි මුදල ගසා කා ඇති බව ද පැෆරල් සංවිධානයෙන් ඉවත් වූ සේවක පිරිසක් දැන් පවසති. විවිධ රාජ්‍ය නො වන සංවිධානවල ප්‍රාදේශීය නියෝජිතයින් හරහා මැතිවරණ නිරීක්ෂණය සඳහා අවශ්‍ය පිරිස් බඳවා ගනු ලබන අතර ජාකික ම්ටමේ මැතිවරණයකදී නිරීක්ෂකයන් 10,000ක් පමණ පැෆරල් විසින් යෙදවනු ලබන බව වාර්තා වේ. මෙම ජාවාරම කලක් තිස්සේ ‍කරගෙන ගොස් තිබේ. මෙම සේවකයන් පවා එය හෙළිදරව් කරන්නේ එම සංවිධානය දෙකඩ වීමෙන් පසු ය. මෙවැනි දූෂණවල යෙදුණු පැෆරල් සංවිධානයේ හිටපු සභාපති කිංස්ලි ගුණතිලක එම දූෂණ වසා ගැනීම පිණිස පාලකයන්ගේ මැතිවරණ දූෂණ සැඟවීමේ ගනුදෙනුවක සිටි බව ද, ඔහුට වර්තමාන පාලකයන් විසින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් පවා ලබා දී ත...