සුන්දර ඉංගිරිසි: සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලිවීම හා කුලවාදය

ගිය සතියේ සුන්දර ඉංගිරිසි ලිපියෙන් මතු කළ කාරණා කීපයක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සංවාදයක් ඇති වුණා.

ඒ අතරින් ප්‍රධාන ම කරුණ වුණේ අමුතු විදියට සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමත් එක්ක කුල සාධකයේ සම්බන්ධයක් තිබෙනවා ය කියන කාරණය. මම එයට එතරම් එකඟ වුණේ නැති වුණාට මට විරුද්ධව තර්කය දිගට ගියා.

අප මිත්‍ර දිමිත්‍රි බ්ලොග්කරුවා මේ පිළිබඳ කීවේ මෙවැනි දෙයක්. “Michael මයිකල් නම්, Michelle මිශෙල් වුනේ කොහොමද කියලා සුද්දො කරදර වෙනවා ඇතිද? මේ වගේ උදාහරන කෝටියක් විතර ඉංග්‍රීසියෙන් දෙන්න පුලුවන්.

"අර කියන විදියෙ (Kotelawala / Kothalawala, Rajapakse / Rajapaksha) නම් මම හිතන්නේ තියෙන්නෙ අනන්‍යතාවය (සමහර විට අනන්‍යතා අර්බුදය!)"

මේ තවත් අයෙක් පෙන්වා දුන් කරුණක්. 

"වරක් අසනීප වී බෙහෙත් ගැනීමට ගිය විට එම දොස්තරමහතා ඇසුවා මගේ නම ඉංග්‍රීසියෙන් ලියන කොට ඔබ එය ලියන්නේ කෙසේදැයි කියා. ඒ කියන්නේ මගේ වාසගම ලියද්දි අවශ්‍ය නම් OO (ඩබල් ඕ) ඇතුලත් කර ලිවිය හැකියි. එසේ නැතිනම් U (යූ) අකුර ලිවිය හැකියි. මම කිව්වා මම නං ඒ ගැන එච්චර සැලකිලිමත් නෑ කියලා. එවිට ඔහු පැහැදලි කර දුන්න යම් කාරණයක්. එනම් සිංහල වාසගම් ඉංග්‍රීසියෙන් ලියනා විට භාවිතා කරන ඉහත සදහන් අකුරු අනුව එම තැනැත්තාගේ කුලය පිලිබදව සදහන් වන බව. ඇතැම් කුලවල උදවිය ඔවුන්ගේ වාසගම ලියනා විදිය වෙනස් කියලයි ඒ මහතා පැහැදිලි කර දුන්නේ.
මම ඉතිං ඒ හින්දා ඒක ගැනත් සැලකිලිමත් වෙලයි දැන් නම,වාසගම ලියන්න පුරුදු වෙලා ඉන්නේ."

අටම්පහුර බ්ලොග්කරුවා පෙන්වා දුන්නේ කන්දේ විදානේ කියා ලියන අය කේ.වී. ලෙස ලියන බව හා කන්දේ වහුම්පුර කියා ලියන අය කේ. ඩබ්ලිව්. ලෙස ලියන බවයි. 

කුලය අනුව වෙනස්කම් තිබෙන්නේ සිරිවර්ධන, සිරිබද්දන වැනි නම් අනුවයි. ජයසිංහ - ජාසිංහ, කුමාරතුංග - කුමාරනතුංග ආදියත් එවැනියි. සිරිවර්ධන නම් වාසගම ඇති ඕනැ කෙනෙකුට Siriwardane කියා ලියන්න පුළුවන්. එය පෙළපත් ව්‍යවහාරයක් මිස කුල ධුරාවලියක් නෙමෙයි.

Kothalawala කියා ලියන නිර්මල කොතලාවලත්, Kotelawala යි ලියන සර් ජෝන්ගේ පවුලේ අයත් දෙගොල්ලෝ ම ගොවිගම කුලයේ අය. වෙනස තිබෙන්නේ පරගැතිකමේ තරම අනුවයි.
මම මේ කාරණයට එරෙහිව තර්ක කරද්දී තවත් අයෙක් පෙන්වා දුන්නේ මෙහෙමයි.

"කුල වාදයත් ධනවාදය වගේ තමයි පැරා. මුල් විහිදිලා තියෙන තැන අදුරගන්නත් අමාරුයි. අන්ත පසුගාමී අදහස් උනත් භාවිතේ තියෙනවා. මාත් අර අනෝව එක්ක එකයි මම දන්නා එකක් තමයි සෙනෙවිරත්න කියල ලියන විදිය , Senevirathna එකක් (එක කුලයක්) Seneviratne තව එකක්. කුලය කියනදේ මතුපිටින් නොපෙනුනාට ලංකාවේ තාමත් බොහෝ දේ තීරණ කරන සාධකයක් "

එහෙත් දිමිත්‍රි පෙනී සිටියේ ඊට වෙනස්වයි.

"මේ නම් ලියන විදියෙන් පෙන්වන්නේ කුලයටත් එහා ගිය ( ප්‍රාථමික ) තමන්ගේ පවුල් අනන්‍යතාවය සලකුනු කිරීමක්. නිර්මල සහ ජෝන් උදාහරනයෙන් එය ඉතා හොඳින් පැහදිලි වෙනවා. පවුල් අනන්‍යතා අර්බුදය?!?  

“මට මෙහෙමත් හිතෙනවා. සමහර විට මේ තියෙන්නේ සුද්දා ලියපු විදිය. උදාහරනයක් විදියට ඉතා විසුලු විදියට නම තාමත් ලියවෙන තේ වතු තිබෙනවා. ලබුකැලේ - Labookelle!, මැදකුඹුර - Meddecombra!!, උඩුවර - Oodoowerre!!!!! මේ කීපයක් විතරයි. ඒ ගම් වල නම්. තමන්ගේ පවුලේ නම එහෙම වෙනස් විදියකට ලියවෙන එකට මිනිස්සු කැමති ඇති. ඒක හීනමානයද අනන්‍යතාවයද ඒ දෙකමද?"


මේ කාරණය පිළිබඳ නිගමනයකට එන්න නම්, මේ පිළිබඳව විධිමත් පර්යේෂණයක් අවශ්‍යයි.

පුවත්පත් කලාවේදියෙක් ලෙස මගේ අරමුණ මෙවැනි සමාජ විද්‍යාත්මක කාරණා ගැන පර්යේෂණ කිරීම නොවෙයි. මා මතු කරන මූලික අදහස වන්නේ සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්න විධිමත් ක්‍රමයක් සම්පාදනය කර ගත යුතු බවයි. ඒ ගැන ජේ.සී. අහංගම විසින් මතු කරන ලද කාරණා පිළිබඳවත් සාකච්ඡා කළ යුතුයි. මීළඟ ලිපිය ඒ පිළිබඳවයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /පුවත්පත් කලාවේදියෙක් ලෙස මගේ අරමුණ මෙවැනි සමාජ විද්‍යාත්මක කාරණා ගැන පර්යේෂණ කිරීම නොවෙයි./

    පැරා පුවත්පත් කලාවේදියෙක්ද? අපි මෙච්චරකල් හිතුවෙ පැරා සමාජවාදියෙක් කියලනෙ.

    ReplyDelete
  2. සුද්දගේ බාසාවෙනුත් කුල මල පෙන්නන්න හදන අපේ එවුන් උපතින්ම වසලයෝ නේද?

    ReplyDelete
  3. නමක් වෙනුවට මිනිස්සුන්ට අංකයක් දාන්න යෝජනා කරමු.... නිකම් 40 ශ්‍රී වගේ එකක්... තව ප්‍රශ්නයන් මහන වෙලා ආයෙ සිවුරු ඇරියාම යන්නෙ පරණ කුලේටමද?

    ReplyDelete
    Replies
    1. 40 ශ්‍රී ලොරිය සද්දන්ත කුලේද ?

      Delete
    2. ශ්‍රී කියල ලියන්නෙ SRI විදිහටද, SHRI විදිහටද නැත්නම් SHREE විහිහටද?

      Delete
  4. දැන් පැරාට විතරමයි ඔය වගේ ප්‍රශ්න තියෙන්නෙ. අරෙහෙ ගූතලනුයි ලෝන්දිකයි ඇර ගන්නවා මන්දා නාලිනී ගැන. මෙහේ රාජ් කමෙන්ට් කපනවා හිටු කියලා.

    ReplyDelete
  5. යකෝ මේක හරි කෙලියක් වුනා නේ.

    අරහේ පැරා කොහෙන් කොහෙන් හරි කරුණු කාරනා ටිකක් හොයන ඇවිත් බ්ලොගේ කොටලා ගියායින් පස්සේ කොහෙවත් යන වේස ඇනෝ බල්ලෝ සැට් එකක් ඇවිල්ල මේකේ රීල යනවා.

    මොන රෙද්දේ කොමෙන්ට් කිරිල්ලක්ද යකෝ මේක.

    එකෙක් නැහැ මෙතන , පැරා ලියපු ලිපිය ගැන මොකුත් අදහසක් දෙන්න.
    නොදකින් යකෝ..තොපි වගේ වේස හැත්තක් රෙන තැනකට අපිටත් එන්න සිද්ද වුනා නේ බ්ලොග් පොස්ටුවක් කියවන්න..

    ----------------------
    පැරා ගේ ලිපිය ගැන..

    ඉංග්‍රීසියෙන් සිංහල නම් ලියන කොට භාවිතා කරන spellings වලිනුත් තම තමුන්ගේ කුලය ගැන කියවෙනවා කියල ඇහුවමයි පැරා...

    එක බොහොම හොඳ විග්‍රහයක්.

    ReplyDelete
    Replies
    1. අද පෙත්ත ගත්තද?

      Delete
  6. මම මගේ නමේ තියෙන Archarige කියන එක ලිව්වාම...ගොඩාක් අය ඒක කියවන්නේ ආරච්චිගේ කියලා. ඒ අපේ රටේ ගොඩාක් ඉන්නේ ආරච්චිලාගේ කස්ටිය නිසා වෙන්න ඇති. නමුත් මම කැමතියි ඕක ආචාරිගේ කියලා කියවෙනවා නම්. ඕක වෙන්නේ ඉංග්‍රීසියෙන් ලිව්වාම විතරයි.

    ReplyDelete
  7. අනේ ඔය ඕනෙ විධියකට නම ලියාගන්න කියන්න. කොහොම නම් ලිව්වත් ඔය කවුරු කවුරුත් රඟන්නෙ එලියෙනෙ.
    සිංහල නම් පැත්තකින් තියමු. අපේ අය පෙරේරා ලියන්නෙ Perera ..... පෘතුගීසි කතාකරන රටවල ද සිල්වා da Silva ... මෙහේ ද සිල්වා de Silva ඩි සිල්වා.
    අල්මේදා Almeda Almeida
    රිචඩ් පීරිස් ඉංග්‍රිසියෙන් නම ලියන්නේ Pieris කියලා. ජී.එල්. පීරිස් Peiris ලියන්නේ කියලා. i අකුරේ තැන මාරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සොරි වේවා කෑල්ලක් හැලුනා....
      අපේ අය පෙරේරා ලියන්නෙ Perera කියලා. නමුත් පෙරේරා නමේ මුල් අයිතිකාරයෝ ලියන්නේ Pereira නැත්නම් Fereira කියලා.

      Delete
  8. So Who Is Sajin Vass?

    http://www.lankaweb.com/news/items/2014/10/04/so-who-is-sajin-vass/

    ReplyDelete
  9. සජින් සහ ක්ෂෙනුකා නෝනිස්ට එළව එළවා පහර දෙති!

    දැනට පදවිය අහිමිවී සිටින එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට සජින් - ක්ෂෙනුකා යුගළය විසින් එළව එළවා පහර දෙමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ‘ලංකා නිවුස් වෙබ්' වෙත සැලකර සිටී. පසුගිය සිකුරාදා (03) සවස් වරුවේ විදේශ අමාත්‍යංශය විසින් ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය රජය පිලිගැනීමෙන් අනතුරුව තනතුරේ වැඩ අත්හරින ලෙසට ෆැක්ස් පණිවිඩයක් ලන්ඩනයේ මහාකොමසාරිස් කාර්යාලයට එවා තිබූ බව අප මීට ඉහත වාර්තා කලෙමු.

    එම ෆැක්ස් පණිවිඩයෙන් අනතුරුව පසුගිය සඳුදා (06) ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගොස් ඇති ක්‍රිස් නෝනිස් මහතා හමුවට සජින් -සහ ක්ෂෙනුකා විසින් එවා ඇත්තේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන චමරි රොද්‍රිගු නැමැති රාජතාන්ත්‍රික නිලධාරිණියයි. ඒ වන විට විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න විසින් සජින් වාස්ගේ උපදෙස් මත ඇයව වැඩබලන මහ කොමසාරිස් ලෙස ලිඛිතව පත්කර තිබිණ.

    පසුගිය සඳුදා උදේ වරුවේ චමරි රොද්‍රිගු අමතා ඇති ක්ෂෙනුකා සෙනෙවිරත්න ඇයට උපදෙස් දී ඇත්තේ ක්‍රිස් නෝනිස් කාර්යාලයට ආ විගස ඔහුගේ නිල වාහනය හා රියදුරා නැවත ලබාගෙන ඔහුගේ කාමරයේ යතුර එදිනම කෙසේ හෝ ලබා ගන්නා ලෙසයි. ක්ෂෙනුකාගේ උපදෙස් වලින් චමරි රොද්‍රිගු ඉමහත් අපහසුතාවයකට පත්වී ඇත්තේ ඇය ක්‍රිස් නෝනිස් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වමින් කටයුතු කළ තැනැත්තියක වීමයි.

    කෙසේ වුවද ක්‍රිස් නෝනිස් මහතා මහකොමසාරිස් කාර්යාලයට පැමිණි පසු ඔහු කරා ගොස් ඇති චමරි රොද්‍රිගු ක්‍රිස්ට පවසා ඇත්තේ නිල වාහනයේ යතුර හා කාර්යාල කාමරයේ යතුර සඳුදා දිනය අවසන් වීමට ප්‍රථම ඇය වෙත ලබාදෙන ලෙසයි. ඇයගේ විධානයෙන් විස්මයට පත්වී ඇති ක්‍රිස් නෝනිස් ඇයගෙන් නිහතමානීව ඉල්ලා ඇත්තේ තමන්ට ගෞරවාන්විතව නිලයෙන් සමුගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. නමුත් ඒ පිළිබඳව තැකීමක් කොට නැති චමරි රොද්‍රිගු ඇය වෙත කොළඹින් ලැබුණු උපදෙස් අකුරටම ක්‍රියාත්මක කර ඇත.

    පැයෙන් පැයට කොළඹ සිට චමරි රොද්‍රිගු අමතා ඇති ක්ෂෙනුකා සෙනෙවිරත්න එදින පුරා සිදුවූ දේ චමරිගෙන් අසා දැනගෙන ඇත. ඊට අමතරව ක්ෂෙනුකා සෙනෙවිරත්න චමරිට උපදෙස් දී ඇත්තේ ක්‍රිස් නෝනිස්ට විරුද්ධව ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ සියලු සේවකයන් ලවා ක්‍රිස් නෝනිස් සේවකයන්ට අමානුෂික ආකාරයට සැලකූ බවට පෙත්සමක් අත්සන් කරවන ලෙසයි. මේ දිනවල එම පෙත්සම සේවකයන් ලවා අත්සන්කර ගැනීම චමරි රොද්‍රිගු විසින් සිදුකරනු ලබයි. මේ පිලිබඳව ලංකා නිවුස් වෙබ් ඇමතූ මහකොමසාරිස් කාර්යාලයේ සේවකයන් කිහිප දෙනෙකුම පවසා සිටියේ පෙත්සමට අත්සන් නොකොලොත් රැකියාව අහිමි වේ යන බිය නිසා තමන් එයට අත්සන් කළ බවයි. එමෙන්ම ඔවුන් තව දුරටත් පවසා සිටියේ ‘මිනීමරු ආණ්ඩුවකට එකසිය ගණනට කඩේ ගිය ක්‍රිස් නෝනිස් වැන්නවුන්ට මෙය හොඳ පාඩමක්' බවයි. එම පාඩමෙන් අනෙක් රාජතාන්ත්‍රිකයන්ද පාඩම් ඉගනගත යුතු බව ඔව්හු වැඩිදුරටත් සඳහන් කළහ.

    වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට විරුද්ධව සේවකයන් අත්සන් කරන මේ පෙත්සම ඔහුට විරුද්ධව ජනාධිපතිවරයා නියම කර ඇති පරීක්ෂණයේදී ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ ඉහත කී ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    සජින් - ක්ෂෙනුකා අශුද්ධ යුගලය (unholy couple) ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිලිගැනීමට ජනාධිපතිවරයා පොළඹවා ඇත්තේ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට හා ජනාධිපතිවරයා රෝමයට පැමිණීම වැලැක්වීමට ක්‍රිස් නෝනිස් කටයුතු කරන බව පැවසීමෙනි. ඊට අමතරව ක්‍රිස්ට විරුද්ධව ඔවුන් දෙදෙනා නගා ඇති අනෙක් චෝදනාව වන්නේ ලන්ඩනයට පැමිණි වහාම ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි අමතා පහරදීමේ පුවත සැලකළ බවයි.

    ReplyDelete

  10. මේ පිළිබඳව ‘ලංකා නිවුස් වෙබ්' වෙත අදහස් දැක්වූ එක්සත් රාජධානියේ ශ්‍රීලනිප ශාඛා සමිතියේ ක්‍රියාකාරිකයෙකු පැවසුවේ ක්‍රිස් නෝනිස් මහතා පහරදීම සිදුවී දින දෙකකට පසු ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවති බණ්ඩාරනායක ගුණානුස්මරණ උත්සවයට සහභාගි වූ බවත් එම උත්සවයේ කිසිම තැනකදී ඔහු එවැනි සිද්ධියක් සිදුවූ බව ඇඟවීමට පවා කටයුතු නොකළ බවයි. මෙම සිද්ධිය ජනමාධ්‍යයෙන් දුටු විට තමුන් එය විශ්වාස නොකලේ එවැනි දෙයක් සිදුවූවා නම් ඒ පිළිබඳව ඉඟියක් හෝ ක්‍රිස් නෝනිස් වෙතින් ඉහත කී උත්සවයේදී සිදු නොවීම නිසා බවයි.

    පහර කෑමෙන් අනතුරුව පවා නියම මහත්මයෙකු ලෙස කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ සිදුවීමෙන් අපට නැවත නැවතත් සනාථවන පරම සත්‍ය නම් රාජපක්ෂ රෙජීමයේ ඉඩකඩ තිබෙන්නේ සජින් වාස් වැනි පාදඩයන්ට මිස ක්‍රිස් නෝනිස් වැනි මහත්වරුන්ට නොවන බවයි.

    මෙම සිදුවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාලක කොන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගි වුණු වෛද්‍ය ක්‍රිස් නෝනිස් හට බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ලේකම් හියුගෝ ස්වයර් (Hugo Swire) ශ්‍රී ලාංකිකයින් රැසක් ඉදිරියේ පවසා ඇත්තේ මසුරං වටින කතාවකි. ‘ක්‍රිස් දැන් ඔබට තේරෙනව නේද ඔබේ රටේ ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තර වශයෙන් මේ වගේ පීඩනයක් අපි එල්ල කරන්නේ ඇයි කියල?' ක්‍රිස් නෝනිස් ඊට දෙන පිලිතුර ඇසීමට ඇස් දල්වා බලා සිටි ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි වී ඇත්තේ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා කිසිවක් නොකියා බිම බලාගෙන නිරුත්තරව ඈතට ඇවිද ගිය ආකාරයයි.

    ReplyDelete
    Replies
    1. කොලබ 7 කාන්තා විද්‍යාලයෙන් මුලික අද්‍යාපනය හදරූ ෂේනුකා ද සිල්වා සෙනවීරත්න වැඩිදුර අද්‍යාපනය සදහා එංගලන්තයට පැමිණෙන්නේ 1980 දශකයේ අග භාගයදී පමණය. එම අවදියේ ඇය තම අද්‍යාපන වියදම් සොයාගැනීම සදහා ලන්ඩනයේ Macdonald ආපන ශාලාවක Waitress (වේටර් ) වරියක් ලෙස සේවය කල බව ප්‍රසිද්ධ කරුණකි එංගලන්තයේ අද්‍යාපනය හැදැරීමෙන් අනතුරුව , අනුව දශකයේ මුල නැවතත් ලංකාවට යන ෂේනුකා ද සිල්වා HNB බැංකුවේ ලිපිකාරිනීයක් ලෙස සේවයට එක්වන්න් නීය

      එවකට THE ISLAND පුවත්පතේ සකාර කතුවරයකු ලෙස සේවය කල , වත්මන් ඉරිදා ISLAND පුවත් පතේ කතෘ මණික් ද සිල්වා (දුරින් නෑවෙන කෙනෙක්) පැවතී නෑකම මත ඔහු විසින් 1993/ 94 වසරේ නැවතත් විදේශ ඇමති ලෙස සිටි A .C.S .හමීඩ් මහතාට ෂේනුකාව හන්දුන්වාදෙනු ලබයි .
      විදේශ සේවයට ඇයගෙන් ගතහැකි කිසිවක් නැති බව වටහා ගන්නා විදේශ ඇමති A .C.S .හමීඩ් , මණික් ද සිල්වාගේ හිත රිදවීමට ඇති නොහැකියාව නිසා ෂේනුකා තම බිරිදගේ පරිවාර කාන්තාව escort lady ලෙස සේවයේ පිහිටුවනු ලබයි .

      විදේශ ඇමති A .C.S .හමීඩ් මහතාගේ සොහුයුරා සමග අනියම් සබදතාවක් ඇතිකර ගනුලබනේ එසේ සේවය කරන අතරතුරය. මේ හේතුව නිසා එවකට විදේශ ඇමති A .C.S .හමීඩ් තම මල්ලිගේ පවුල ආරක්ෂා කිරීම සදහා ෂේනුකාව කුවේට් දේශයේ labour officer තනතුරට පත කර යවනු ලැබීය .

      ඉන් අනතුරුව 1994 වසරදී චන්ද්‍රිකා රජයේ විදේශ ඇමති බවට පත්වන කදිරගාමන් මහතා ෂේනුකාගේ සේව්‍ය ලබාන්නේ එංගලන්තයේ පදිංචිවී සිටි යසෝදරා සහ විමුක්ති යන දරුවන් බලාගැනීමටය , ඒ අතරතුර වියාපාරික සුරේන් සෙනවිරත්න සමග ෂේනුකා විවාහවීමේ ප්‍රතිපලයක් ලෙස ෂේනුකා ද සිල්වා සෙනවිරත්න බවට පත්වේ .

      චන්ද්‍රිකාගේ ළමයි බැලීමේ කාර්ය භාරය මනාලෙස ඉටුකරදීම නිසා එයට කලගුණ සැලකීමක් වශයෙන් චන්ද්‍රිකා රජයෙන් ඇයට නියෝජ්‍ය මහකොමසාරිස් තනතුර පිරිනමනු ලැබීය.

      බෙලි කැපීම සහ බිලිබෑමේ කලාව හොදින් දන්නා ෂේනුකා අවසානයේ නතරවන්නේ එකසත් රාජධානියේ මහා කොමසාරිස් දුරයට පත්වීමනි.

      2005 වසරේ, නිල ජනපති මහේන්ද්‍ර පර්සි ජනපති වීමෙන් පසුව ෂේනුකා බැලීමට පටන්ගන්නේ රාජපක්ෂ බෙබිලාය , බලාගන්නවාට අමතරව “ෂේනුකා ඇන්ටි” බබාලා සමග නර්තනයේද යෙදිමින් ඔවුන් සනසන්නීය,මේ වන විට ඇගේ හොදම මිතුරා බවට පත්වන්නේ අන් කවරෙකුවත් නොව ජනපති රහස්‍ය කටයුතු උපදේශක සජින් වාස් ද ගුනවර්දනය. මොවුන් දෙදෙනා කදිමට පෑහෙන්නේ බලපිටිය ප්‍රදේශයේ එකම කුලයකින් පැවතෙන අය වීම නිසාය .

      මේ කාලය වන විට සජින් වාස් ,ලන්ඩනයට පැමිණි විට ලැගුම් ගන්නේ මහා කොමසාරිස් නිවස පිහිට ඇති landon යේ st .ජෝන්ස් වූඩ් නිවසේ වන අතර ,ඉදුම් හිටුම් දීම සහ රසට හතු සැලඩ් සමග ප්‍රනීත ආහාරපාන සාදා දීම ෂේනුකා අතින්ම සිදුකෙරණ කාරණයකි.

      ෂේනුකා මහා කොමසාරිස් වශයෙන් කටයුතු කරන කාලයේ ඇගේ හොදම මිතුරා වන්නේ ලන්ඩනයේ කුට වියපාරිකයකු වන සහ කොටි (LTTE ) මනි ලෝන්ඩරී නියයාචාර මයික් කුක්ය. මයික් කුක් අවසානයේ නතර වනනේ ෂේනුකාගේ සැමියා වන සුරේන් සෙනවිරත්න මයික් කුක්ගේ වියාපාර හවූල්කරු සහ ෂේනුකා සෙනවිරත්න සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යමිනි , එම සම්බන්දයේ ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා කොටි කළු සල්ලි ඩොලර් බිලියන ගණනක් සුදු සල්ලි බවට පත් කෙරිණි.

      මේ අවදිය වන විට විදේශ ඇමතිධුරය මංගල සමරවීර ගෙන් රෝහිත බෝගොල්ලාගමට ගොසිනි , ෂේනුකාට නැටවීමට නොහැකි වූ එකම විදේශ ඇමති මංගල සමරවීර වන්නේ , ඔහු සමරිසියකු වූ හෙයිනි , මංගලගෙන් පසුව එම තනතුනරට පත්වන රෝහෝහිත බෝගොල්ලාග සමග , නැටුම අරම්භා වන්නේ එයින් පසුවය , එම අවදියේදී නිල නොවන විදේශය ඇමති වන්නේ ෂේනුකාය .රෝහිත බෝගොල්ලාගමගේ බිරිද වන දීප්ති බෝගල්ලගමට ඉව වැටි තිබුනද, නැටුම සිදුවන්නේ විදේශයය්න්හි නිසා ඇයට එය අල්ලා ගත නොහැකි විය .

      රෝහිත බෝගොල්ලාගමගෙන් පසුව විදේශ ඇමති ධුරයට පත්වන G .L පිරිස් ද භාගෙට සමරිසියකුවන නිසා , ඇය අල්ලා ගනු ලැබුවේ විදේශ අමාත්‍යංශයේ අධීක්ෂන මන්ත්‍රී දුරයට පත්වූ සජින් ද වාස් නමැති තමනට හුරුපුරුදු ගමේ හිතවතාය.

      නැටුම තවම අහවර නැත ,ක්‍රිස් නෝනිස් පැන්නීම එක අඩව්වක් ක් පමණි , අඩව්ව අවසාන වන්නේ නිළ ජනපති මහේන්ද්‍ර රාජපක්ෂ ව එලවූ දාටය. මේ වන විටත් එම අඩව්වෙන් භාගයක් නටා හමාරය .හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටය …………..

      බුදුන් දවස විසු අම්බපාලිය රජවරු,ඇමතිවරු ,සිටුවරු සමග රතිකෙලියේ යෙදුනද අවසානයේ ලොවුතුරා බුදුන්වහන්සේගේ බණ අසා රහත් බවට පත්විය. නමුත් ශ්‍රී ලංකා විදේශ සේවයේ නුතන අම්බපාලිය මචං සාරගෙන් බණ අසා යන්නේ අපායටය ….

      Delete
  11. ඉන්දියාවේ වැඩ සිටි ගෞතම බුදුන් ගේ දහමට අනුව කුලය (උසස් - පහත් බව) තීරණය වෙන්නේ උපතින් නො ව ක්‍රියාවෙන්. ලංකාවේ බෞද්ධයන් ගේ නම ලියන විදියෙන්. විසිඑක් වැනි සියවසේත් කුලය ගැන නැහෙන සිංහල බෞද්ධයන් ගේ ශාස්තෘෘන් කවුරු ද? ඌ අන්වාර්යයෙන් ම ගලබොඩඅත්තේ ඥානසාර ගේ පරපුරේ මුතු-මිත්තෙක් විය යුතු යි. මෙ වැනි රටක ජාතික ආගමික සහජීවනය ඇති කළ හැකි කාලය වන විට සුද්දෝ හඳෙත් තිරිඟු හටවාවි.

    ReplyDelete
  12. නම ලියන විදිහ කුලය එක්ක සම්බන්ධ වෙන බව තමයි පෙනෙන්න තියෙන්නෙ. මේ ගැන විග්‍රහ කරන්නෙ පැරා වගේ උදවිය විතරයි. ඒකයි ඇත්ත. සමහර අම්බරුවන්ට කේන්ති ගියාට කරන්න දෙයක් නැහැ.
    ඉංග්‍රිසියෙන් නම ලියන ක්‍රමය කුලයට සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි.
    මම මගේ වාසගම ලියන්නෙ මගේ පියා ලියපු විදිහටමයි. මගේ දරුවො මං ලියන විදිහට ලියාවි. එතකොට තවත් මගේ වාසගම තියන ඒත් නෑදෑයකු නොවන කෙනෙක් තවත් ක්‍රමයකට ලියාවි. එයාගෙ දරුවෝ දරුවන්ගෙ දරුවෝ ඒ අනිත් ක්‍රමයට ලියාවි.
    ඔය නම් ලිවීම පටන් ගන්න කාලෙ ඉංග්‍රිසියෙන් වාසගම ලිවුවෙ එක පරම්පරාවකින් එක් කෙනෙක් විතරක් කියල හිතන්න පුළුවනි දළ වශයෙන්. එතකොට නිකම්ම නම ලියන ක්‍රමය කුලයට සම්බන්ධ වෙනවා.
    ඉංගිරිසියෙන් ලියද්දි සිංහල නම් විතරක් නෙවෙයි, පෙරේරලා සිල්වලාගෙ නම් වුනත් අර ඇනෝ කෙනෙක් ලියපු විදිහට ක්‍රම කීපයකට ලියවෙනවා. තව එකක්. එය සිල්වලා සහ ද සිල්වලා වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. /සිල්වලා සහ ද සිල්වලා වර්ග දෙකක්ලු. කොයි එකාද උසස් කියල නම් මම දන්නෙ නෑ./

      ඒක ඇත්ත. දැන් අපි දන්නෙ නෑනෙ නලින් ද සිල්වද මර්වින් සිල්වද උසස් කියලා. දෙන්නම එක වගේ වැඩනෙ කරන්නෙ.

      Delete
  13. Franando-Fernando.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා