සිරිසේනලාට, සිරිපාලලාට, රණවකලාට බඩ යන්න මර්වින් සිල්වාට දෙයි ද?

මර්වින් සිල්වා ආණ්ඩුවෙන් යන්නට සැරසෙන එක විශේෂ ය. මන්ද, මෙවැනි සතුන්ට මිනිසුන්ට නැති ඉවක් තිබේ. දැන් නැව ගිලෙන්නට කිට්ටු බව මර්වින් සිල්වාට ඉවෙන් මෙන් තේරෙයි. 

මර්වින් සිල්වා සමාන කළ හැක්කේ ගිලෙන නැවෙන් පනින හික් මීයෙකුට ය. 

මර්වින්ට තිබෙන ලොකු ම ප්‍රශ්නය තමන්ට නො කියා කැලනියට බාර් ලයිසමක් දීම ය. ඒ නිසා දැන් ඔහුට තම ඇමති තනතුරෙන් මහජන සේවය කළ නො හැකි බව පෙනී ගොස් ඇත. 

මර්වින් සිල්වලා වැනි අයට ඇමති තනතුරු දී තිබෙන්නේ මහජන සේවා රෙද්දක් කරන්නට නො වේ. ආණ්ඩුවට අවශ්‍ය ලුම්පන් මැරවරයන්ට නායකත්වය දෙන්නට ය. මහජන සේවා උලව්වක් කරන්නට නො ව, උන්ට උන්ගේ කුඩු, කසිප්පු, ගනිකා ආදී බිස්නස් කරගෙන යන්නට අවශ්‍ය රැකවරණය දෙන්නට ය. 

මර්වින් සිල්වා නාටකයේ මෙහෙම පැතිකඩක් ද තිබෙන්නට පුළුවන. හෙට අනිද්දා ජනාධිපතිතුමා මොහු ගෙන්වා අතින් පයින් පහර දෙනු ඇතැයි සමහරවිට මර්වින් සිල්වා බලාපොරොත්තු වනවා විය හැකි ය. එවිට ඔහුට දෙපතුල් ළඟ වැටී හෝ සමාව අයැද පවතින්නට පුළුවන. දැනට ඇති ප්‍රශ්නය වන්නේ ජනාධිපතිතුමාගේ දෙපා මුල වැටෙන්නටවත් ළං වෙන්නට බැරි වී තිබීම ය.

දැන් ජනාධිපතිතුමාට ඕනෑ නම් මෙහෙම දෙයක් කරන්නටත් පුළුවන. ආණ්ඩුවේ සිටින, උන්නතිකාමී බලාපොරොත්තු තිබෙන මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, චම්පික රණවක වැනි කට්ටියට හිටගෙන බඩ යන්න මර්වින් සිල්වාට දෙන්නට පුළුවන. ඔය සොරි කේස් එකක් නොව හොඳ ෆයිල් එකක් ඇදලා දුන්නා ම අර කට්ටියට ජයලලිතා මතක් වෙනවා ඇත. 

එහෙම නැතිනම් මර්වින් සිල්වා වැඩි දවසක් යන්නට පෙර රනිල්ගේ කේන්දරය ද බලා දෙනු ඇත. එවිට මේ රටේ ජනතාවගේ හතර කේන්දරය තව තවත් පාළු වී යනු සිකුරු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Just another media circus. Don't waste your time for these jokes.

    ReplyDelete
  2. මර්වින් යන්නේ නෑ පැරා.. මේවා මේ ගරු රඟපෑම්.. මර්වින් කොහේ යන්නද...?

    ReplyDelete
  3. මාතලන් කිව්වා වගේ මටත් හිතෙන්නේ මේක ප්‍රධාන නාට්‍යයයේ යන අතුරු කතාවක්. කෝලම් හෝ සොකරි ගනයේ රඟපෑමක්. මේ මිනිහා තනිවම ගත්විට පාංකඩයක්. ඒ පාංකඩයෙන් නටන බෝනික්කෙක් හදා, එයට අවශ්‍ය පරිදි වේලාවෙන් වෙලාවට රකුසු මූණ, සෞම්ය මුහුණ දෙන්නේ වෙන කෙනෙක්. හැබැයි මිනිහා, මිනිහාගේ ස්වාමියා මේ රටෙන් පැන්නොත්, වලිගෙ එල්ලිලා යන්න ඉඩ තියනවා.

    ReplyDelete
  4. නිකම් දවල් හීන දකින්න එපා පැරා. ඔය ගිළුණු නැවෙන් මීයන් පැණ යාමක් නෙවෙයි. මීයන්ට චීස් මදිවෙලා අපිට චීස් දුන්නෙ නැත්නම් පැනලා යනවා කියලා කප්පිත්තාට දෙන වෝනිං එකක්. හැබැයි ඇත්තට දෙන එකක් නෙවෙයි නෙවෙයි. ඒක මීයනුත් දන්නවා කප්පිත්තාත් දන්නවා. මොකද මීයො ටික දන්නවා ඔය නැවෙන් පැණලා යන්න වෙන නැවක් නෑ කියලා. පැන්නොත් මූදට තමයි.

    බොරු නම් බලන් ඉන්නකෝ දැන් ඔය ලොරි ටෝක් දෙන චම්පික රණවක ඇමැතිතුමාම තව දික දොහකින් නපුංසක වොයිස් එක දාගෙන ඇවිල්ලා, පූසෙක් වගේ රජතුමාගෙ කකුල් වල ඇතිල්ලී ඇතිල්ලී මහරජතුමානන් අති ශ්‍රේෂ්ඨ නරපතියෙකි. උන්දෑටම ඡන්දය දිය යුතුයි කියලා තෙල බෙදන හැටි.

    ඔය කියන ඒවා හොඳයි පැරා කොණ්ඩෙ බැඳ..... වැරදුනා, ආනන්දෙට ගිය සිංහල බෞද්ධයින්ට. අපට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. 21 වන ශත වර්ෂයේ ප්‍රශස්ත ම සිංහල කියමන:

      " ඕවා හොඳයි ආනන්දෙට ගිය සිංහල බෞද්ධයින්ට "

      Delete
    2. මේ ! අපේ කකාත් ආනන්දෙට නේද ගියේ ?

      Delete
    3. එල්. එච්. මෙත්තානන්ද තමයි ආනන්දෙට විනය කටින්න මුල පිරුවේ.

      Delete
    4. /එල්. එච්. මෙත්තානන්ද තමයි ආනන්දෙට විනය කටින්න මුල පිරුවේ./

      ඒ ඉස්සර. මෑත කාලෙදි ආනන්දයේ ජාතිවාදී අදහස් වපුරමින් ඉන්නෙ තාමත් උප විදුහල්පති තනතුරේ ඉන්න හෝ මෑතක් වන තුරු හිටපු අන්තවාදී බෞද්ධ භික්ෂුවක්.

      Delete
  5. රාජපක්ෂගේ තුන රැකීම, විකීම සහ පහකිරීම / නිලන්ත ඉලංගමුව

    ප්‍රජාතන්ත්‍රවාදය නමැති අදහස පැලපදියම් කරනු ලැබූ අනෙක් බොහොමයක් රටවල්වලදී මෙන් ශ්‍රී ලංකාවේද නියම දේශපාලනය හසුරවනු ලබන්නේ ප්‍රධාන බලකඳවුරු දෙකක් විසිනි. මින් පළමුවැන්න සෑම විටම ජයග්‍රහණය කරන අතර දෙවැන්න නිසැකයෙන්ම පරාජයට පත් වේ. එම බලකඳවුරු දෙක මොනවාද?

    පළමුවැන්න නම්, මුලාව දේශපාලන මෙවලවමක් ලෙස භාවිතා කරන කණ්ඩායමයි. දෙවැන්න, ඍනාත්මක විවේචනය තම දේශපාලන මෙවලම ලෙස භාවිතා කරන කණ්ඩායමයි.

    නමුත් මේ කිසිඳු කණ්ඩායමකින් රටක ස්ථීර පැවැත්ම සහ එම රටේ ගරුත්වය රැක ගැනීම සඳහා කිසිඳු සුගතියක් අත් නොවන බව වඩාත් නිවැරදිව අවබෝධ කරගත යුත්තේය. රටකට සුගතියක් අත්වන්නේ එම රට සතු ආයතන පද්ධතියේ ස්වාධීන හැසිරීම සහ පිටකොන්දක් ඇතිව අසාදාරණයට එරෙහිව නැගිට සටන් කිරීමට හැකි ශක්තිය මතය. එම කොඳු නාරටිය ලංකාවේ කඩා බිඳ දමා බොහෝ කල් ගත වී ඇත.

    රාජපක්ෂ මෙය ඉතා හොඳින් දන්නා අයෙකි. ඔහු කොටි සංවිධානය මුලාවේ හෙලුවා පමණක් නොව අවසානයේදී මුළු රටම ක්‍රමිකව මුලාවේ හෙලීමට සමත් විය. එමඟින් ඔහු සෑම විටම ජයග්‍රහණය කිරීමටද සමත් විය. මන්ද තම මුලාව පැලපදියම් කොට සාමාන්‍ය ජනතාවගෙන් තම අවශ්‍යතාවය ඉටුකරගැනීමට හෙතම සමත්ය.

    මෙම දේශපාලන මුලාව වූ කලී බුද්ධිමය අත්හදාබැලීමක් මිස වඩාත් රළු බාසවෙන් කිවහොත් තමන්ගේ පෞද්ගලික ආසාවන් සමඟ හතවරම් ගැසීමක් නොවේ. රාජපක්ෂ මෙයද දන්නේය. රාජපක්ෂ තමන් මුලාවේ නොවැටී තමන් සමඟ සිටින සගයා, අසල්වැසියා මෙන්ම අනෙක් සියලුම පුරවැසියන් මුලාවේ හෙලන හැටි දන්නේය.

    නමුත් එක්සත් ජාතික පක්ෂය මෙය වැරදි පැත්තෙන් අල්ලාගෙන ස්වයං මුලාවේ යෙදෙමින් රටට ලැබෙන සියලුම දේශපාලන අවස්ථාවන් කාබාසිනියා කරනු ලබයි.

    ReplyDelete
  6. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය නමැති මොට්ටක්කිලි ලඳ සමඟ තමාට රිසි පරිදි යහන්ගත වීමට රාජපක්ෂට අවශ්‍ය අවකාශය සහ සියලුම ආම්පන්න කිසිඳු අතවරයකින් තොරව ලබා ගැනීමට හැකි විය.

    පසුගිය 12 වසරකට ආසන්න කාලයක් පුරා සිදු වූ සෙල්ලම මෙයයි.

    ඌව පළාත් සභාවේදී, රාජපක්ෂගේ ප්‍රධාන මැතිවරණ උපායන් රැසක් තම ග්‍රහණයට හසුකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ බව සැබෑය. නමුත් එය ජාතික මට්ටමට ගෙන ඒමට එකී පක්ෂයට හැකියාව මෙන්ම උවමනාව තිබේදැයි කීමට තරම් සැලකිය යුතු මට්ටමේ විනයානුකූල සංවර්ධනයක් එම පක්ෂය තුළ නැත.

    මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කරන කණා මුට්ටි බිඳීම හා සමාන මට්ටමේ කරන දේශපාලන සෙල්ලම හැරෙන්නට, රට තුළ රාජපක්ෂ පරාජය කිරීමට හැකි බලවේගයක් නිර්මාණය වීමේ කිසිඳු සලකුණක් නැත.

    රටේ අවශ්‍යතාවය, කිහිප දෙනෙකුගේ පෞද්ගලික කුහකකම් විසින් වසා දමා ඇත. මේ නිසා සාමාන්‍ය ජනතාව හව් හරණක් නැති ජාතියක් බවට පත් වී ඇත.

    නමුත් එය රාජපක්ෂගේම යම් කිසි අත්වැරැද්දක් නිසා ප්‍රධූර්භුත වේ යැයි දන්නේ නැත. බොහෝදුරට, ඔහුගේ ගෝලයන් අනෙකාගේ කන් පැලීම් ඔස්සේ එවැනි තත්වයන් නිර්මාණය විය හැකි නමුදු එයද විපක්ෂට නිවැරදිව භාවිත කිරීමට හැකි උපායක් තිබේ යැයි සිතීම අසීරුය.

    මෙම කාරනා හමුවේ මීළඟ වසරේ මුල් කාර්තුවේදී සමස්ථ ලංකාව යළිත්, මං මුලා වීමට නියමිතය. එම මංමුලාව පෙර වසරවලට වඩා නීරස, භයානක මෙන්ම දරුණු අත් දැකීමක් වනු ඇත. රාජපක්ෂ තම තුන්වැනි වාරය සඳහා යොමු වී සිටින්නේ එය වඩාත් හොඳින් දැනගෙනය.

    මේ නිසා මෙරට ඉතිහාසයේ පළමු වතාවට, අපකීර්තිමත් දේශපාලන අවභාවිතය තනි පුද්ගලයෙකු සහ ඔහුගේ වරිගය විසින් තෙවැනි වතාවටත් භාවිතා කරමින් රටේ ස්වරීභාවය, පෞද්ගලික අවශ්‍යතාවයන් සහ ආසාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔවුන්ගේ හකු කුහරවලම විකී ( හැපී ), නිසි කලදී පහවනු ඇත. පහ කරනු ලැබු ඒවායේ දුර්ගන්දය ඉවසීමට නොහැකිනම් නැවැත්විය යුත්තේ පෙර මුඛය මිස අධෝ මුඛය නොවන බව සිහියේ තබා ගැනීම වටින්නේය.



    සිහියේ තබා ගැනීම සහ සිහි නුවණින් වැඩකිරීම වූ කලී මෙය සම්නග සෙල්ලම් කරණ සහ ඊට බලෙන් හෝ නිරායාසයෙන් යොමු වී හෝ පත් වී සිටින අයවලුන්ගේ වගකීම වන්නේය

    ReplyDelete
  7. මහින්දට බැරිනම් අපි යනවා – ජාතික හෙළ උරුමය

    ජනාධිපතිවරණයට පෙර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය වෙනස් කිරීම, දාහත් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනෙක පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්‍ෂක ඇමැතිකම පමණක් භාර දීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන සංශෝධනය ස්‌ථාපිත කිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් තමන් වහන්සේ ඇතුළු ප්‍රබල ඇමැතිවරු කීප දෙනකු ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක්‌ ගත් බවත්, ඒ සම්බන්ධව අවසන් තීන්දුව අනිද්දා (14) ප්‍රකාශයට පත්කරන බවත් ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
    තමන් වහන්සේ ඇතුළු කණ්ඩායමේ ස්ථාරය ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන්ට දැනුවත් කළද මෙතෙක්‌ ඊට යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණ නිසා මෙම තීරණය ගත් බව උන්වහන්සේ පවසති.
    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද පසුගියදා පවසා තිබුනේ තමන් මෙම ආන්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමෙන් සහ කෝපයකින් පසුවන බවයි.
    කෙසේ නමුත් ආණ්ඩුවට 18 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර ගැනීමට සම කැසීනෝ පනත වැනි පනත් ගෙන ඒමට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභිගෝගය වැනි ආණ්ඩුවේ අත්තනෝමතික කරුණුවලදී ජාතික හෙළ උරුමය ජනතා විරෝධතා නොතකා සහාය පළ කළේය.

    ReplyDelete
    Replies
    1. අනේ මෙයාලා යයි! බලාගෙනම ඉන්න.

      ඔය කියන ඒවා හොඳයි කොණ්ඩෙ බැඳ..... වැරදුනා, ආනන්දෙට ගිය සිංහල බෞද්ධයින්ට. අපට නෙවෙයි.

      Delete
    2. " ප්‍රජාතන්ත්‍රවාදය නමැති මොට්ටක්කිලි ලඳ"

      ප්‍රජාතන්ත්‍රවාදයත් හම්බ කරණය වී ඇත

      Delete
  8. මට මර්වින් සිල්වා ගැන කියනකොට මතක් වෙන්නේ ඉස්ලාම් ආගමේ හිටපු උමර් කාලිෆ් තුමා
    ඔහු කුලියට මිනී මරන්නෙක් මොහොමඩ් මැරීමේ කොන්ත්‍රාත්තුවත් ගත් අයෙක් නමුත් මොහොමඩ්ට ඔහුව තම පැත්තට හරවා ගන්න පුලුවන් වුනා ඉන්පසු ඔහු ඉස්ලාමයේ කඩුව ලෙස විරුදාවලියක් පවා ලබාගත්තා. මොහොමඩ් තුමා ස්වර්ගස්ථ වූ ආරංචිය ලැබුනු විට ඔහු තම කඩුව ඔසවාගෙන "අඩෝ මොකෙක් හරි මොහොමඩ් මලා කිව්වොත් ඌව මරනවා" කියමින් කෝලාහල කලා
    මොහොමඩ් වගේ බොස් කෙනෙක්ගේ යටතට පත්වුනානම් අපිට මර්වින් සිල්වාවත් බුද්ධාගමේ කඩුව කරගන්න තිබුනා
    (පසුකාලීනව අරාබි කාරයෙක් උමර්ට පිහියෙන් ඇන්නලා මැරුවා, මර්වින්ටත් එහෙම වෙයිද?)

    ReplyDelete
    Replies
    1. පිහියෙන් ඇනපු එකා ඉබ්නු මුල්ජිම් නැමති යුදෙව්වා.

      Delete
  9. මර්වින් කවදාවත් රනිල් ගාවට යන්නෑ. ආවත් ගන්නෙත් නෑ. රනිල් එකපරකුත් ඕකව ගත්තෙ නෑ. ඊටපස්සෙ මූ චන්ද්‍රිකාට වැන්දා විහාරමහා දේවි කියල

    ReplyDelete
  10. මර්වින් කවදාවත් රනිල් ගාවට යන්නෑ. ආවත් ගන්නෙත් නෑ. රනිල් එකපරකුත් ඕකව ගත්තෙ නෑ. ඊටපස්සෙ මූ චන්ද්‍රිකාට වැන්දා විහාරමහා දේවි කියල

    ReplyDelete
  11. Ranil has taken no notice of Sajin Vaas on previous occasion, so Mervin won't have a place in Ranil's closet.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා