සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගත යුතු ය

මොහුට සමාව නො දෙනු!
ජනාධිපතිවරයාට තුන්වරක් තරග කළ නො හැකි ය යන නීති තර්කය ගෙන ආවේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ය. 

ලංකාවේ අධිකරණ ක්‍රියාවලි පිරිහීමට ලක් වන පරිදි ක්‍රියා කළ මූලිකයකු ලෙස සැලකෙන සරත් නන්ද සිල්වාගේ නීති තර්කය පිටුපස මේ රටේ විපක්ෂය වැටී ඇත්තේ බැල්ලිගේ බුරුල්ලේ එල්ලෙන බලු කුක්කන් සේ ය. 

මෙම නීති තර්කය සරත් නන්ද සිල්වාගේ කුශාග්‍ර බුද්ධි මහිමය පළ කරන්නකැයි ඔහු හා අලියාගේ නැට්ටේ එල්ලී හෝ මහින්ද රාජපක්ෂ පරදා දෙව්ලොව යන්නට සිටින විපක්ෂය කල්පනා කරති. 

සරත් නන්ද සිල්වාගේ බුද්ධි මහිමය පසුගිය දිනෙක ඔහු ම ප්‍රකාශ කළේ ය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරය හොබවන සමයේ ලැබුණු සුනාමි සහනාධාර පෞද්ගලික ගිනුමකට බැර කර ගැනීමට එරෙහිව ඔහුට විරුද්ධව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ ඔහු එවැනි දැවැන්ත සොරකමක් නො කරනු ඇතැයි යන පූර්ව විනිශ්චය මත පිහිටා තමන් කටයුතු කළ බව එවකට අග විනිසුරු සරත් නන්ද සිල්වා පැවසී ය. 

ඔහුගේ නීතිමය පරිඥානයේ තරම ප්‍රකාශ කරන්නට මේ පූර්ව විනිශ්චය කතාවට වඩා තවෙකක් කුමට ද?

ඔහුට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී පසුගියදා කළ ප්‍රකාශය ඉතා වැදගත් ය. ඔහු කරුණු හතරක් පෙන්වා දුන්නේ ය.

1. දහඅටවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු සියලු ජනාධිපතිවරුන්ට දෙවතාවකට වඩා තරග කිරීමට තිබුණු බාධාව ඉවත් කිරීමට බව ඔහු පෙන්වා දුන්නේ ය. ව්‍යවස්ථාදායකය විවාද කළේ ඒ පිළිබඳව බව ඔහු පවසයි.

2. ජනාධිපතිවරයා දෙවරක් දිවුරුම් දෙන විට මෙම නීති සංශෝධනය කර තිබුණු නිසා එය ඔහුට අදාළ බව ඔහු පෙන්වා දුන්නේ ය. 

3. අර්ථ නිරූපණ ආඥා පනතේ 6 (3) වගන්තිය අදාළ වන්නේ ලිඛිත නීතිවලට බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රඥප්තියක් බැවින් එය අදාළ නො වන බවත් ඔහු පැවසී ය. 

4. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේ නම් කළ යුතුව තිබෙන්නේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් හැන්සාඩ් වාර්තා අධ්‍යයනය කිරීම බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

සරත් නන්ද සිල්වාගේ තර්කයට වඩා මෙම තර්කය ප්‍රබල බව අපගේ අදහසයි. සරත් නන්ද සිල්වාගේ තර්කය සමාන වන්නේ කොල්වින් ආර්. ද සිල්වා පිළිබඳ තිබෙන ගොයම් කොළයට මුවා වී වෙඩි තැබුවා ය කියන සාක්කිය කැඩූ ආකාරය පිළිබඳ කතාවටයි. ගොයම් ගසක කොළයක් පෙන්වා එයට මුවා වී වෙඩි තබන්නේ කෙසේදැයි කොල්වින් ආර්. ද සිල්වා තර්ක කළ බව කියැවේ. 

මෙවැනි ගොන් තර්ක වනාහි නීතිමය පරිඥානයේ ලක්ෂණ නො වේ. ඒවා සටකපටකමේ හා නඩුකාරයන්ගේ හා ප්‍රතිවාදී නීතිඥයන්ගේ මුග්ධකමේ සංකේත පමණි. 

සරත් නන්ද සිල්වා වර්තමානයේ සිය චක් ගෝලයන් සමග එක්ව පවත්වන මාධ්‍ය සංදර්ශනය අධිකරණයේදී සබ්රි වැනි නීතිඥයන් අතින් අභියෝගයට ලක් වනු ඇත. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීම ගැන අපට කිසිදු ගැටලුවක් නැත. එහෙත්, කවරකුගේ හෝ දිනුමක්, පැරදුමක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් නො වන්නේ නම් එයින් පලක් නැත. 

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැන්ම ම කළ යුතුව තිබෙන එක් දෙයක් වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආදාහනය කරන්නට මිනී වලවල් කැපූ සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගැනීමයි. අප ඉතිහාසයෙන් වර්තමානයට කැඳවිය යුත්තේ හොල්මන් හා පෙරේතයන් නොව වීරයන් ය. 

චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ගැන ද අපට කීමට තිබෙන්නේ එය ම ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. බොහොම කාලෙකට පස්සේ පැරා එක්ක එකඟ වෙන්න පුළුවන්. සරත් N සහ චන්ද්‍රිකා කියන දෙන්නම මෙලෝ රහකට නෑ. ඔය දෙන්නට බලය තියෙන කාලේ කෙලියෙම පිස්සු.


    BTW
    මොකද පැරා මේ capcha දාගෙන. පිස්සුද?

    ReplyDelete
  2. වරේවා... ට්‍රිප් එක ගියයින් පස්සෙද කොහෙද පැරාට ඥානේ පහල වෙලා.. මේ වගේ උන්ට අපේ ගම් වල නම් කරන්නේ අසූචී පොල් තෙල් එක්ක කලවම් කරලා ගහන එක. සෝභිත පස්සෙත් ඉන්නේ මේ පල් හොරා. ඉතින් කොහෙද සෝභිතලා විශ්වාස කරන්නේ. ගල් ගහලා මරන්න ඕන උන්.. ටයි දාලා ඉස්ටේජ් වල තියාගෙන උගෙන් බණ අහනවා.. මෙහෙමත් ගොන්නු ඉන්න රටක්.. මහින්දලා උන්නා ඇති ඒක වෙනම කතාවක්.. මොකෝ යුද්දේ ඇර අනික් ඔක්කෝම එයා ෆේල්.. ඒත් එයාලා වෙනුවට මුන් ආවොත් හැමිනිලාම තියෙයි..

    ReplyDelete
  3. 'ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැන්ම ම කළ යුතුව තිබෙන එක් දෙයක් වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආදාහනය කරන්නට මිනී වලවල් කැපූ සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගැනීමයි'

    මේ කාරණේ නං අජිත් පැරකුම් ජයසිංහටත් අදාලයි. ඒ වගේම අජිත් පැරකුම් ජන්දය දෙන ජවිපෙටත් අදාලයි. 88/89 භීෂණ සමය ගැන ආයේ මතක් කරන්න ඕනි නෑනේ.

    ReplyDelete
  4. ලේඛකයා සමඟ එකඟ වෙමි.

    Self Deception මානවයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස මනෝ විද්‍යාව හඳුනා ගනියි. මෙය ඒකීය පුද්ගලයින් සම්බන්ධයෙන් පමණක් නොව කණ්ඩායම් සම්බන්ධයෙන්ද ඇත්තය. අද විපක්ෂය සමස්තයක් සේ වැටී ඇත්තේ මේ මනෝ විද්‍යාත්මක බොරු වලටය. ඉන් ඔවුන්ට ගොඩ එන්ට හැකිය පෙනෙන එකම හිණිමඟ බොරුවය. අනුන් රවටන බොරුව නොව තමන්ම රවටා ගන්නා බොරුවය. සරත් නන්ද සිල්වා වැනි කපටියකුට මෙය තේරුම් ගන්ට අපහසු නොවේ. ඔහු සරුවපිත්තල කඩදහියෙහි ඔතා විපක්ෂයට බොරුව මාකට් කරන්නේ එනිසාය. තමන්ගේ පැවැත්ම පිණිස බොරුවේ වැදගත්කම වටහා ගන්නා විපක්ෂයෝද මේ බොරුව බග් ගා ගිලිති. තමන්ගේ මෝඩකම ඔවුන්ට වටහෙනු ඇත්තේ අර කෝපි වලට ගිජු බෞද්ධ භික්ෂුවට මෙන් උදෑසන වැසිකිළියට ගිය විටය.

    ReplyDelete
  5. එලම ......එල.............
    දැන් මූ උපාසකයා වෙලා.

    ඉන්දික

    ReplyDelete
  6. පැරා කියන විදියට නං , ලංකාවේ දේශපාලනය කරන්න Inflatable Sex Dolls ල ටිකක් හොයා ගන්න වෙනවා. මැරිච්ච හරි ජිවත් වෙන හරි කිසිම දේශපාලකයෙක් හතර මායිමට වැද්ද ගැනීමට සුදුසු නැහැ.

    On a different note , කොමෙන්ට් මොඩරේට් කිරීමට සහ පරක්කු වී පල කිරීමට අපගේ බලවත් විරෝධය පළකරනවා.
    පැරා භංග වේවා !! Freedom of speech දිනේවා !
    :)

    ReplyDelete
  7. පැරා දක්වන දෙවෙනි කරුන ගැන සරත් සිල්වාගේ පැහදිලි කිර්‍රමට අනුව මහින්ද නුසුදුස්සෙක් වන්නෙ ඔහු දෙවෙනි වරට ජනතාව විසින් තොරාගත් වෙලවෙ සිටය. සිල්වාට අනුව එය ඔහු මැතිවරනය ජයගත් දිනයයි. ඔහු කියන්නෙ මෙම නුසුදුසුකම තවමත් වලංගු බවයි

    නමුත් 3 වන කරුන සත්‍ය නම් ඉහත කරුන බිදවටෙනු ඇත, එහෙත් ඔහු කියන ලෙස අතීතයට බලපන ලෙස නීතී සැකසිය හැකිද යන තර්කය මතුවෙ.

    ව්‍යවස්තාව පිලිබද ගටලුවකදී අධිකරනයට ගියොත් එහිදී හැන්සාඩ් බලයිද?

    ReplyDelete
  8. අද මම එක,
    සහතික ඇත්ත මූ ගැණූ කේස් එහෙකට චා වුනාලු නේ,
    පීචන් පකිස් බූරුවා.
    අද මේ රටේ ඉහළ අධිකරණය කියන්නේ මරාගේ ටොයිලට් එකට.
    (සජින් වාස් මදිවට, මොහාන් පීරීස් ද වතිකානු යාම)
    http://ravaya.lk/?p=4577
    කෝකටත්>>> ඕල් ඉස් වෙල් කියලා හිත
    හදන් ඉමු පැරා.
    මා.ගූ.

    ReplyDelete
  9. එදා 2005 දී තමන් කළ කී දේ ගැන අද 2014 දී සමාව අයැදින සිල්වා අද කරන කියන දේ සමාව අයදින්නට බලාපොරොත්තුවන්නේ 2023 දී විය යුතුය.

    ReplyDelete
  10. ජනාධිපතිවරණෙට වැඩිටම බය වෙලා තියෙන්නෙ ජවිපෙ. මොකද අනුර ව පුම්බපු පිම්බිල්ලෙ හැටියට ජනාධිපතිවරණෙට ඉල්ලලා ඇණ ගත්තම හුළං බහින නිසා. ඒකයි එයාලා සරත්ගෙ අඳබාල තර්කෙ ටක් ගාල එල්ලුනේ. ජවිපෙ නම් ආය හැදෙන්නෙ නෑ කරන්නෙම ඔයවගේ ගොන් කං. මතකනෙ 2005 හා 2010

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා