කොස්ලන්දට අවශ්‍ය රේඩියෝ හා රූපවාහිනීකාරයන්ගේ සම්මාදම් ද?

සිරස ඡායාරූපයකි
ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන් නැවතත් තරගෙට මෙන් ආධාර එකතු කරන්නට පටන් ගෙන තිබේ. 

හරියට සුනාමියෙන් පසුව වගේ ය. එක්තරා රූපවාහිනී නාලිකාවක් නාය යාමට පසුදා සිය ප්‍රවෘත්ති විකාශයේ සෑහෙන කාලයක් ගනිමින් මහත් අභිමානයෙන් උදම් ඇනුවේ සියල්ලට පළමුවෙන් මේ ගැන වාර්තා කළේ තමන් ය කියා ය. ඔවුන්ට ඒ ගැන මාර ජොලි ය.

විපතට පත් වූවන්ට ආධාර උපකාර කිරීම හොඳ දෙයකි. එහෙත්, මේ තරම් සද්දෙ දමාගෙන දඟලන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඔය මීඩියා සම්මාදම් යනු ජනතාවගෙන් මුදල් හා වෙනත් දේ එකතු කරන, එහෙත් ජනතාව ඉදිරියේ විගණනය නො වන සේවාවකි.

නාය යාම් හේතුවෙන් දැනට අවතැන් වී සිටින ජන සංඛ්‍යාව දහසකට අඩු ය. මිය ගිය සංඛ්‍යාව 200ක් පමණ වේ යයි විශ්වාස කෙරේ. 

මේ දහසට කන්නට දෙන්නට රේඩියෝ රූපවාහිනී පතුරු ගහමින් මුළු රටෙන් ම සම්මාදම් කරන්නට අවශ්‍ය ද? මේ පිරිස බලා කියා ගන්නට රජයට බැරි ද? බෑ කියන්නට බැරි ය. රජය එය කළ යුතු ය. එය අවිධිමත් සම්මාදම්කාරයන්ට භාර නො දිය යුතු ය.

අවතැන් වී සිටින මිනිස්සු තවමත් ඉන්නේ දරුණු කම්පනයක ය. ඔවුන්ට මේ මොහොතේ කන්නට, අඳින්නට වඩා අවශ්‍ය සිය ප්‍රියයන්ගේ ඉරණම පිළිබඳ දැන ගන්නට ය. මේ මහා වියෝගය දරා ගන්නට ය. සිය ආවේග පිට කර ගන්නට ය. හඬා වැළපෙන්නට ය. 

ඕපාදූප අසා දැන ගැනීමේ රුචියෙන් එහි ඇදෙන මිනිසුන් හමුවේ ප්‍රදර්ශන භාණ්ඩ වී, ඔවුන්ගේ අනේ අපොයි කතා අසා ගත්තා කියා මේ මිනිසුන්ට කිසිවක් ලැබෙන්නේ නැත. 

අනෙක් පැත්තෙන් මේ දුක්ඛිත, අසරණ මිනිසුන් වෙත වතුර බෝතල්, බත් පැකට්, පරණ ඇඳුම් ආදිය රැගෙන ගොස්, ඔවුන් තුළ තණ්හාව අවුළුවා, ඔවුන් සිඟන්නන් බවට පත් කර අවමානයට පත් කිරීමට රජය ඉඩ නො දිය යුතු ය. 

ජනමාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ සම්මාදම නොව මේ මිනිසුන්ගේ හා සමාන අනතුරුවලට මුහුණ දී සිටින සෙසු මිනිසුන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරමින් විසඳුම් ලබා දීමට බලධාරීන් යොමු කිරීමයි. 

රජය නාය යාම් අනතුර ගැන කලින් දැන සිටියා නම්, මේ ජනයා එතැනින් ඉවත් නො කළේ ඇයි? ඔවුන්ට පිළි ගත හැකි විකල්ප ඉඩම් සැපයුවේ නැත්තේ ඇයි? ඔවුන් බහුතරය දෙමළ වතු කම්කරුවන් නිසා ඔවුන්ට වෙනස් ලෙස සැලකුවා ද? මෙම ජනයා මුහුණ දී සිටින කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රශ්නවලට විසඳුම් සැපයීමේ සැලසුම් මොනවා ද? 

මෙම කාර්යයන්හි නියැලී සිටින සහන සේවකයන්ට උදව් කිරීම සඳහා කළ යුතු හොඳම දෙය වන්නේ විස්තර හා ඕපාදූප හොයන්නට මෙහි නො ගොස් සිටීමයි.

අවතැන් වූ ජනයාට සහන සැලසීම නියාමනයකින් යුතුව කළ යුතු ය. ඔවුන්ට කෙටි කාලීනව තිබෙන ප්‍රශ්නවලට ප්‍රමුඛතාව දිය යුතු ය. මිය ගියවුන් නම් වශයෙන් හෝ හඳුනා ගත යුතු ය. ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නන්ට කිරීමට අවශ්‍යව තිබෙන ආගමික ආදී කාර්යයන් වෙනුවෙන් ඔවුන්ට පහසුකම් සැලසිය යුතු ය. 

මේ සම්මාදම්කාරයන් ඒ දිළිඳු ජනයා අතරට ගොස් ඇති කරනු ලබන කලබැගෑනිය මහත් කරදරයකි. අවතැන් කඳවුරුවලට යා යුතුව තිබෙන්නේ රේඩියෝ, රූපවාහිනීකාරයන් නොව මනෝ වෛද්‍යවරු හා උපදේශනයෙහි සුදුසුකම් ඇති අයයි.

විශේෂයෙන් ම මව්පියන් අහිමි දරුවන් සම්බන්ධයෙන් කළ යුතු දේ ගැනත්, සෙසු ජනයා ගැනත් සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු ය.

මෙම දරුණු ව්‍යසනයෙන් පීඩාවට පත් ජනයා පුනරුත්ථාපනය කිරීම ඊළඟ වැදගත් කාර්යයි. 

ඔවුන්ට ආරක්ෂිත වාසස්ථාන සැපයිය යුතු ය. එසේම, මෙවැනි තවත් පිරිසක් අනතුරට ලක් වන එක වළක්වා ගන්නට අවශ්‍ය පියවර ගත යුතු ය. 

මේවා කළ යුත්තේ හා කළ හැක්කේ රජයටයි. ඒ සඳහා රජය යොමු කළ යුතු ය. ආධාර උපකාර වුව යම්කිසි නියාමනයක් යටතේ සිදු විය යුතු ය. ඒ සඳහා විපතට පත් වූවන්ගේ සංවිධානයක් ගොඩනගා ගන්නට පුළුවන. 

ඕපාදූප සොයන්නන්, ප්‍රචාරය සොයන්නන් හා ක්ෂණික සම්මාදම්කාරයන් විසින් විපතට පත් වූ ජනතාවට කරන්නේ තවත් විපතකි. 

ඔවුන් මේ කරන්නේ ජනතාවගේ හෘදය සාක්ෂිය මෝචනය කර රජයට වගකීම් පැහැර හැරීම සඳහා අවස්ථාව ලබා දීමයි. 

ජනමාධ්‍ය විසින් කළ යුත්තේ එය නොව, මේ ජනයාගේ හා අනෙකුත් ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු බවට අවශ්‍ය පීඩනය පවත්වාගෙන යාමයි.   

ඇඟ නො රිදෙන පරිදි කිසියම් පරිත්‍යාගයක් කර මේ ප්‍රශ්නය අමතක කර දැමීම සමාජයක් ලෙස නො කළ යුතු දෙයකි. මීට කලින් සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කළේ එය නො වේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. මේ මම ඉන්න රටෙත් හදිසි ආපදාවක් සිදුවුනා,මේ රජය ඒ මිනිස්සුන්ට දුන්න පහසුකම් දැක්කම,මට අපේ රට ගැන කනගාටු හිතුන.අපේ මාද්යවේදියො කියන්නෙ මැරුන මිනිස්සුන්ව වුනත්,විකුනගෙන කන ජාතියෙ කාලකන්නි ටිකක්.

    ReplyDelete
  2. මීඩියාකාරයෝ විතරක් නොවෙයි දේශපාලකයෝත් පින් කර ගන්නේ අනුන් ගේ සල්ලිවලින් තමයි.

    ReplyDelete
  3. Mamath oba samanga siyayata seeyak ekangayi!

    ReplyDelete
  4. "ඔය මීඩියා සම්මාදම් යනු ජනතාවගෙන් මුදල් හා වෙනත් දේ එකතු කරන, එහෙත් ජනතාව ඉදිරියේ විගණනය නො වන සේවාවකි"

    මීඩියා වලට මේක තවත් එක show එකක් වීම කණගා‍ටුවක්

    ReplyDelete
  5. ලංකාවේ කොස්ලන්ද සිදුවීම ගැන මම මේ වෙනකොට දැක්ක හොදම වාර්තාව දැක්කේ CNN එකේ. එකේ ගියා විනාඩි කිහිපයක වාර්තාවක්‌ ඔය සිදුවීම ගැනත්, මෙයට හේතු වූ කරනා ගැනත්, ලංකාවට වර්ෂාව ලැබෙනා කාල ගැනත් පැහැදිලි කරමින් කදිම වාර්තාවක්‌.

    හැබැයි ලංකාවේ මාධ්‍ය කාරයෝ කරන්නේ කක්කි වැඩ. ලංකාවේ ඉන්නේ ජනමධ්‍යවේදියෝ නෙමෙයි, ජඩමාධ්‍යවේදියෝ නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ.

    දැන් අපිට වෙලා තියෙන්නේ ලංකාව ඇතුලේ වෙන දේවල් ගැනත් පැහැදිලි විස්තරයක් දැන ගන්න නං පිටරට වල ටීවී චැනල් බලන්නයි,ඒ රේඩියෝ වේලට කන් දෙන්නයි.

    පැරාත් ඉතිං ඉන්ටර්නෙට් තියෙද්දී තවත් අහවල් දේකටද ටීවී බලන්නේ. ලංකාවේ ටෙලිවිෂන් චැනල් කාරයොන්ට ඕනා එපා හැටියට යන පල් හෑලි බලනවට වඩා, පැරාට උවමනා දෙයක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන බැලුවොත්,කියෙව්වොත් නරකද? අනික ටීවී එකේ බලනවා වගේ විනාඩි 5 න් 5 හට පච ඇඩ් යන්නෙත් නෑනේ.

    ReplyDelete
  6. මේක නම් මහා පිස්සු විකාරයක්. මොකක් හරි දෙයක් පරිත්‍යාග කලාම සියල්ලම විසඳෙනවා කියලා හිත හදාගෙන ඔක්කෝම හරි කියලා පුදුම ආතල් එකක් ගන්නවා. මම දැක්කා බුකියේ පිස්සෝ වගේ දඟලනවා අනේ මොනවා හරි කරනවානම් අපිටත් කියන්න කියලා පෝස්ට් දාගෙන දඟලනවා. අනික දෙන දෙයක් කෑ ගහලා දෙන්න ඕන නෑ නේ. සද්ද බද්ද නැතිව කරන්න බැරිද? මේකත් එක විකාරයක්.

    නමුත් විය යුතුදේ අද වෙනකන් වෙලා නෑ. ඒකනේ එක එක උන් එක එක ගනන් හිලව් දෙන්නේ. වැරදි කරපු උන් එකෙක්වත් නෑ. අනිතීමට වැරදිත් මැරිච්ච මිනිස්සු. ධීවරයෝ මැරුණහමත් එච්චරයි.

    මේක මහා පිස්සු රටක්. පිස්සන්ට ආතල් ගන්න තියෙන රටක්. මේ රටේ මිනිස්සු නෑ.. ඔක්කෝම පිස්සෝ ඉන්නේ.. හැම තැනම තරඟයක්.. උදව් කරන්නෙත් තරඟේට..

    ReplyDelete
  7. \\ඇඟ නො රිදෙන පරිදි කිසියම් පරිත්‍යාගයක් කර මේ ප්‍රශ්නය අමතක කර දැමීම සමාජයක් ලෙස නො කළ යුතු දෙයකි. මීට කලින් සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කළේ එය නො වේ ද?\\ ඒ වුනාට ඉදිරියට වෙන්නෙත් ඔය ටිකම තමයි පැරා.. කේන්තිත් ඒකමයි.. නිවුස් කියන්න තියෙන තරඟෙන්ම පේනව අපේ මාධ්‍ය කෙරුවාවේ තරම නම්..

    ReplyDelete
  8. පැරා, වැදගත් පොයින්ට් එකක්. මේ ආධාර එකතුකිරීම දැන් විළාසිතවක් වෙලා. මේකෙ ලොකුම විහිළිව ගොඩක් ආධාර එකතුකරන උන්, තමන්ගෙ අතින් රුපියලක්වත් දාන්නෙ නෑ, අනුන්ගෙ සල්ලි වලින් පින් කරල පෝස්ටර් ගහනව, බුකි පෝස්ට් දානව.

    මම හිතන්නෙ මහින්ද අමරවීර ආධාර එපා කියල කියපු එක හරි. මොකද කොල්ලයි බල්ලයි සල්ලි එකතුකරල අනන් මනන් උස්සන් යනව "නාය බලන්න". යන ගමණට යනව ආධාර වලට වඩා ගානක්.

    ReplyDelete
  9. මොනවා කියන්නද පරා.....මේ කුණුහරුපකාර මීඩියා ගඳ ජොක්කු ගැන. හිරිකිතයි. මේවත් ඡන්ද කාලෙට දෙන මනාප අල්ලස් වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ නපුංසක මීඩියා කාරයෝ, මීඩියා අයිතිකාරයෝ අම්මාට සංසර්ගයේ යෙදෙන එකත් නිව්ස් එකක් කරයි. මේ නම් පරිහානිය නොවේ නම් වෙන රෙද්දක්ද. පැරා මේවා ...සත පහේ දහයේ ඇනෝ කමෙන්ට්ස් නෙමේ, බොක්කෙන් ලිව්වේ. ඕන්නම් දාන්න. නැතිනම් වලදාන්න.

      Delete
  10. Rajaya kiyanawa nayayama gena kalin anathuru angawala thibuna,namuth minissu iwathunene kiyala.NAMUTH NAGARA sanwardanayata kiyala colomba palpathwala minissu balen iwath karapu anduwata.Methanadee eaka karanna thibuna,Anduwata me asaranayan gena beluwe neththe eken labayak nathinisa.

    ReplyDelete
  11. අද දවසේ මෙහෙයුම් තුලින් එක සිරුරක් ගොඩ ගත්තා, ඒ වෙනුවෙන් අප කල මාධ්‍ය මෙහෙවර අති විශිෂ්ඨයි.
    බලංගොඩ වැළලුනු ඒ අහින්සකයින් දෙදෙනාගේ සිරුරු මීඩියා බයිට්. වාර්තා කරන එකා දෙන්නේ ඒ උගේ හැකියාව පෙන්නන්න. අම්මගේ රෙද්ද. වාර්තා කරන උන්ගේ වරද්දක් නැහැ. උන්ට ටාගට් දීලා තියෙන්නේ. එකෙක් හිටගෙන සිරුරු පෙන්නනවා. අනිකා මුහුණ වහලා පෙන්නනනවා. ඒ මිනිස්සුන්ගෙ අවසානය පෙන්නන්න මේ පොන්නයෝ පිස්සු කෙලිනවා..අරකයි මේකයි තර්ක කරන පොන්නයෝ ඒවාට කිසිත් කතා නැතුව වෙන රෙද්දවල් කතා කරනවා. කෝල් එකක් දීල ඔය මීඩියා ශිෂ්නයින්ට කිව්වාම උන් ඇත්ත තමයි කියලා ශේප් වෙනවා. මීට වඩා හොඳයි හෙට උදේට ෆිල්ම් එකක් හදලා ටිකට් ගහලා පෙන්නුවානම්. මුන්ට කතා කරලා කියන්න ඕන. මම කිව්ව. මං වගේ තව කියන්න ඕන ඇති. අම්මගේ අහවල් එකත් විකුණන මාධ්‍ය්ය පිම්පියෝ.

    ReplyDelete
  12. http://sithuminilanka.wordpress.com/2011/03/22/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8/

    ReplyDelete
  13. සම්පූර්ණ ඇත්ත. නාය යාම නිසා අසරණ වෙලා ඉන්න වැඩිදෙනකුගේ පළමුවැනි බලාපොරොත්තුව විය හැක්කේ අතුරුදහන් වූ තම මවට, පියාට, දරුවාට, සහෝදරයාට සහෝදරියට ඥාතියාට සිදු වුනේ කුමක්දැයි දැනගැනීමයි. ඔය ආධාර ගෙනියන යක්කු අඩු වශයෙන් එක පොල්කට්ට්ක්වත් අර පස්ගොඩෙන් අරන් දාල ඒකට සහයෝගයක් දෙනවද, නෑනෙ. ඔය දෙතුන් සීයකට කන්න දෙන්නවත් අඳින්න දෙන්නවත් මේ රට පුරා ම ආධාර එකතු කරන්න ඕනැ නැහැ.

    මීඩියා කාරයොත් වැඩි දෙනෙක් වුනේ මොකක්ද කරන්නෙ මොකක්ද කියල දැනගෙන නෙවෙයි කටයුතු කරල තියෙන්නෙ. වැඩි හරියක් මාධ්‍ය වල දකින්න ලැබුනෙ නාය ගිය ස්ථානය කියල දාල තියන පස් ගොඩක පින්තූරයක්. ඒක දැකපු ගොඩක් අය හිතුවෙ මේක බරපතල නාය යාමක් වෙන්න බෑනෙ. අඩි විස්සක තිහක කන්දක්නෙ මේ තියෙන්නෙ කියල. නාය ගියෙ කන්ද මිසක් ගම නෙවෙයි. ගම යට වුනා නාය ගිය පස් වලට. නාය යාමෙන් කාගෙවත් ගෙවල් කැඩිල නෑ. ඒ පස් ඇවිත් පහල තියන ගම යටවෙලා, ගෙවල් යටවෙලා පණ පිටින් සිය ගණනක් වැළලිලා. ඒ අතර තවමත් පණ රැකිල තියන ඒත් එළියට ඒගන්න බැරිව හිරවෙලා ඉන්න, තත්පරයෙන් තත්පරය ඔක්සිජන් හිඟ වේගෙන යන තත්වයකට මුහුණ දෙන මිනිස්සුත් ඉන්නව වෙන්න පුළුවනි.

    අනතුර මඟ ඇරුණු මිනිස්සුන්ටට කන්න දෙන්න ඉස්සෙල්ල පුළුවන් තරමක් යට වුනු මිනිස්සු ගොඩගන්න බලන්නයි අවශ්‍ය කරන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න තමන් ඒ අත්දැකීමට මුහුණ දුන්නොත් කොහොම වෙයිද කියල.

    ReplyDelete
  14. ඉතාමත් කාළෝචිත ළිපියක්. ඒ වගේම ළිපියට අදාළව ඉදිරිපත්කෙරුණු ප්‍රතිචාර! කාළෙකට පස්සෙ........

    ReplyDelete
  15. ලෝකයේ විනයහරුකම හමුදාව හොයාගන්න ලයින් ගෙවල්වල දෙමළ ගැහැණුන්ගේ මිනීවල රත්‍රන් නැතිවෙලාලු ගොඩ ගන්නකොට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා