මඩකලපුවේ ප්‍රචණ්ඩ මහණා වහා අත්අඩංගුවට ගනු!

පෙර ලිපිය කියවන්න: චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද? 

පන්සලක හාමුදුරුනමක් වූ පළියට හෝ ඒ පන්සල පිහිටා තිබෙන්නේ දෙමළ බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක ය කියා ඒ පන්සලට හොරෙන් විදුලිය ලබා ගන්නට කිසිදු අයිතියක් නැත.


විදුලිය විසන්ධි කරන්නට පැමිණි නිලධාරීන්ට පහර දෙන්නට හා තර්ජනය කරන්නට හාමුදුරුවන්ට අයිතියක් නැත. 

මේ නිලධාරියා එඩිතර පුද්ගලයෙකි. මෙම ප්‍රචණ්ඩ භික්ෂුවගේ හා පොලිසියේ තර්ජනය හමුවේ පවා ඔහු එකී භික්ෂුවට අවශ්‍ය දේ කියන්නේ නැත. ඔහු ඇත්තෙන් ම එවැන්නක් නො කීවා වෙන්නට ද පුළුවන. කීවා නම් මේ හාමුදුරුවන් කළ යුතුව තිබුණේ ඒ ගැන පැමිණිලි කිරීම මිස ඔහුට පහර දීම හා පොලු අරගෙන ප්‍රචණ්ඩව හැසිරීම නො වේ. පොලිසිය එතැනට ඇවිත් කළ යුතුව තිබුණේ තර්ජනයට ලක් වූ රාජ්‍ය නිලධාරියාව ආරක්ෂා කිරීමයි. ප්‍රචණ්ඩ මහණා අත් අඩංගුවට ගත යුතුව තිබිණි.

අනෙක් පැත්තෙන් මෙම භික්ෂුව පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනියට අපහාස කරන ආකාරය සමස්ත ස්ත්‍රී වර්ගයාට ම නිගාවකි. 

රජයේ සේවය ඔහුට අනුව මහින්ද රාජපක්ෂගේ ඇට මිරිකීමයි. රාජ්‍ය නිලධාරීන් පකයෝ ය.

මෙවැනි පාදඩ මහණුන් හැදූ වැඩූ අය ද මේ කතා අසා ගන්නා එක දෛවයේ සරදමකි. 

එහෙත් විචාරශීලී පාඨකයන් හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුරවැසියන් ලෙස අප මෙවැනි සිද්ධි දෙස නිවැරදි දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු ය.

වහා මෙම භික්ෂුවට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරිය කරන්නට ඉඩ නො දීම, පහර දීම හා ශාරීරික හා මානසික වශයෙන් අඩන්තේට්ටම් කිරීම, රාජ්‍ය සේවය අවමානයට ලක් කිරීම, විදුලි බල ඇමතිනියට වාචිකව ලිංගික අඩන්තේට්ටමක් කිරීම යන කරුණු මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය.

මෙවැනි මහණුන් බුදු දහමට කරන නිගාව ගැන සංඝාධිකරණයක් වග බලා ගත යුතු ය. 

සමාජයක් ලෙස අපි මෙවැනි මහණුන් හෙළා දැකිය යුතු ය. ඔවුන් වීරයන් ලෙස නො සැලකිය යුතු ය. මෙවැනි දර්ශනවලින් මෝඩ චූන් නො ගත යුතු ය.







මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. මේ චීවරදාරියා මානසික රෝගියෙකි.මොහු විෂාදයෙන් පෙලෙයි.

    ReplyDelete
    Replies
    1. මේ රටේ මානසික රෝගවලින් නොපෙළන චීවරධාරීනුත් සිටීද පින්වත?

      Delete
  2. "මෙවැනි දර්ශනවලින් මෝඩ චූන් නො ගත යුතු ය."
    සියයට සියයක්ම නිවැරදි ප්‍රකාශයක්!
    ඥාණසාර වැනි ත්‍රස්තවාදීන්ගේ අළුගුත්තේරු ක්‍රියාවන් අගයමින්, ඒවායින් මෝඩ චූන් ලැබූ මන්දබුද්ධික කැළටයි මේ.

    ReplyDelete
  3. සියයට සියයක්ම නිවැරදි ප්‍රකාශයක්!
    ඥාණසාර වැනි ත්‍රස්තවාදීන්ගේ අළුගුත්තේරු ක්‍රියාවන් අගයමින්, ඒවායින් මෝඩ චූන් ලැබූ මන්දබුද්ධික කැළටයි මේ.

    ReplyDelete
  4. අනේ මම දන්නේ නෑ... හාමුදුරුවෝ ආරක්ශා කරන බොහොමයක් දේවල් නැතිවෙලා ඉවරයි වගේ
    සිංහල - හාස්චර්ය (මේ වචනේ මම නම් ඇහුවමයි)
    ධර්මය - උපේක්ශාව සහ පන්සිල් පද ටික (උඹට මම ගහනවා කුඩුවෙන්න මැරෙන්න)

    පන්සල දියුණු උනාට ධර්මය හේදිලා ගිහිල්ලා

    ReplyDelete
  5. ඉහලින් එන ආදර්ශ දැක්කාම උන්නාන්සේටත් අර්ෂශ් හැදුනා වෙන්ට ඇති. පොලීසියට තිබුනේ කනට දෙකක් ගහලා කූඩුවේ දාන්න. බුදු හාමුදුරුවොන්ටත් නිගාවක් මේ කාළකන්නි. කිසි සේත්ම අනුමටහ් කළ හැකි ක්‍රියාවක් නොවේ..

    ReplyDelete
  6. මුන්ට නිකන් ලයිට් දුන්නම ඒකත් යන්නෙ අපේ බිලෙන්ම තමා.

    ReplyDelete
  7. උන්නාන්සේ මහන උනත් තාම පෘතග්ජන පුද්ගලයෙක්නේ පැරා. ප්‍රාදේශීය සබා මන්තිරියෙක්ගේ ගෙයෙක් පරික්ෂා කරන්න ගියත් අහන්න වෙන්නේ ඔයවගේ දෙවල්මනේ. මේක තමයි රට යන අත. හැමෝම හදන්නේ චන්ඩිකමෙන් හරි ඇඳුනුම් කමකින් හරි බැරිම උනොත් පගාවකින් හරි නීතියට පිටින් ඉන්න.

    ReplyDelete
    Replies
    1. කතාවට මාත් එකගයි

      Delete
  8. තොපි හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න කතාකරයි අඩන්තේට්ටම් කලා කියල. අර පාරමැද ගෑනු කෙනෙකුට ගහපු පොලිස්බල්ලත් නිදහසේ ඉන්න එකේ මොන වාචික අදම්තෙට්ටම්ද බන්. මිරිකපන් තව රාජපක්ස ඇට

    ReplyDelete
  9. වීඩියෝ එකක් නැද්ද?

    (මහණා කිව්වාම යෙදුම වැරදියි වගේ නේද?)

    ReplyDelete
  10. මේ චීවරධාරියා පළමුව හන්වඩු ගසා සාසනයෙන් පිටුවහල් කළ යුතු අතර දෙවනුව ඔහු සමාජයෙන් ද පිටමං කොට මානසික රෝහලක ගා් කළ යුතුය

    ReplyDelete
  11. hamuduruwoa witharak neme weradi kiyalai mata hithenne. widuli bala mandale balu weda godaak thiyenawaa....

    ReplyDelete
  12. ලංකාවෙ පන්සල් වල වැඩ මෙහෙම තමා. මිනිස්සු තෙරුම් ගන්නෙ නැති දේ තමයි පන්සල් වලට විශේෂ සැලකිළි සිදු නොවිය යුතු බව. ආගම කියන්නෙ තමන්ගෙ පෞද්ගලික දෙයක් මිසක් අනිත් මිනිස්සුත් ඒකම කරන්න ඕන නෑ කියලා. පන්සල් වලයි දේවාල වලයි පෙරෙහැරවල් යන්න පටන් ගත්තාම හැම කඩේකින්ම සල්ලි එකතු කරනව. ඔක්කොටම වඩ ඇණයක් වෙන්නෙ මෙ මෝඩ දේශපලකයො. උන්ගෙ ගොන්කම් වලට හිතාගෙන ඉන්නෙ ඔක්කොම ජරා වැඩ කරලා ලොකුම මල් වට්ටිය උස්සගෙන පෙරහැරේ ගියම හරි කියල. වටේ ඉන්න මිනිස්සුන්ට ඉන්න බරිවෙන්න සද්දෙට පරණ සිංදු දාලා මොට්ට වැඩ කරන කොටත් අපේ එවුන් ඉතින් සාධුකාර දෙනව.

    ReplyDelete
  13. සාදු! සාදු!! සාදු!!!

    අනේ මට ජීවිතේටමට හම්බවෙලා නැහැ මේ වගේ විචිත්‍ර ධර්ම කථිකයින් වහන්සේ නමක්. අද නම් බුදු බණක් ඇහුවා වගේ සිත පහන් වුනා,

    ReplyDelete
  14. මෙ ගැන මේ මෝඩයාට නොබනින්න. මේ ගැන ගංගොඩවිල සෝම නම් මෝඩයාට බනින්න.

    මෙ ගැන මේ මෝඩයාට නොබනින්න. මේ ගැන මහින්ද රාජපක්ෂ නම් මෝඩයාට බනින්න.

    මෙ ගැන මේ මෝඩයාට නොබනින්න. මේ ගැන චම්පික රණවක නම් මෝඩයාට බනින්න.

    මේ මෝඩයා අද මෙසේ හැසිරෙන්නේ ඉහත සඳහන් කළ වෙනත් මෝඩයින් ඔහුට වේදිකාවක් තනාදුන් නිසාය.

    ReplyDelete
    Replies
    1. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කල වැරද්දක් නැත බූරුවාණනි. තොප හිතන්නේ සිංහල කියා ජාතියක් නොතිබිය යුතු බවද.

      Delete
    2. මසුරං කියමන​ !

      Delete
    3. nodakin...mona.......da oba

      Delete
    4. ගංගොඩවිල සෝම නොසිටියේ නම් සිංහල ජාතියක් නැති බව අඟවමින් ඉහත මුග්ධයෙන් කමෙන්ට් කොට තිබේ. උඩහමුල්ලේ සෝමරත්න තරුණයා පැවිදි බිමට නොපිවිස පුරුදු ලෙස කරවල වෙළඳාම කරගෙන සිටියේ නම් සිංහල ජාතිය නැති වන්ට තිබුණේද? නැත. එසේම ගංගොඩවිල සෝමගෙන් සිංහල ජාතියේ ප්‍රවර්ධනයට යමක් වී නම් කළේ එය ඍණාත්මක මිස ධනාත්මක දෙයක් නොවේ. සිංහලබෞද්ධ ජාතිවාදයේ ආරම්භකයා ගංගොඩවිල සෝම නුවුවද, ඔහු බිහිවන තෙක්ම මේ ජාතිවාදීන් තමන්ගේ ජාතිවාදය දුටුවේ ලජ්ජාවට කාරණාවක් ලෙසය. සිංහලබෞද්ධ ජාතිවාදය ලජ්ජාවට නොව ආඩම්බරයට කාරණාවක් ලෙස වැරදි මතයක් සිංහල බෞද්ධ සමාජය තුළ පැළ පදියම් කළ පළමුවැන්නා සෝමය. පසුව ඒ මතය චම්පික රණවක වැන්නන් විසින් පෝෂණය කරන ලදී. ඉහත බෞද්ධ පූජකයා වයින් වී තිබෙන්නේ ඔහු ආරක්ෂා කිරීමට රටේ එවැනි ජාතිවාදීන් පිරිසක් ඉන්නා බව දන්නා නිසාය. බෞද්ධ පූජකයකු නොව සාමාන්‍ය පුද්ගලයකු වත් නොකියන ජාතියේ අසභ්‍ය වචන භාවිතයෙන්, කාන්තාවන්ද ඉදිරිපිට, වීඩියෝ කරන බව දැනගෙන, ඔහු මේ විකාර රංගනය දක්වන්නේ ඔහුගේ රංගනයට අත්පුඩි ගහන්නට ජාතිවාදීන් පිරිසක් ඉන්නා බව දන්නා නිසාය. ඒ ජාතිවාදීන් නිර්මාණය කර දීමේ වගකීම ගංගොඩවිල සෝම භාර ගත යුතුය. ඔහු කිසි ලෙසකින්වත් නිවැරදිකරුවෙක් නොවේ.

      Delete
    5. දන්න ලබ්බක් කතා කරපන්.. ඉස්සෙල්ල සෝම හාමුදුරුවන්ගෙ එක බනක් අහපන්.. චම්පිකලා ජේවීපියෙන් පස්සෙ ජොයින් උනෙ නලින්ගෙ ජාතික චින්තනයට, ඒ ගොල්ලො සෝම හාමුදුරුවන්ගෙ රැල්ල පාවිච්චි කරලා බලයට ආපු උදවිය.

      Delete
    6. මචන් මෝඩ තර්ක ගෙනල්ල රටේ බෞදයන් වෙනුවෙන් කතා කරපු හාමුදුරුවන් ව විවේචනය කරන්න එපා .

      Delete
  15. වත්පොතෙන් උපුටා ගත් සටහනකි... සුමනේ දැක්වූ ප්‍රතිචාරය සහ ඔහුගෙ හැසිරීම සාධාරණීකරනය කරන්නට නොයමි.. නමුත් අපි නොදන්නා බොහෝ දේ ඇති බව පමණක් කියන්නට කැමැත්තෙමි..

    සුමනේ මට මුණ ගැසෙන්නේ, අම්පාර ගොනාගොල්ල අතිශය දිළිඳු හුදෙකලා ගම්මානයේදීය. අපගේ ඥාතියෙකු විසින් සිය මූල්‍යමය දායකත්වය සපයන ලද නිවාස වැඩපිළිවෙලක් පිළිබඳ සමාරම්භය සනිටුහන් කරමින් පැවැත්වූ කුඩා උත්සවයේ සංවිධායක කටයුතු වෙනුවෙන් සුමනේ ඒ මොහොතේ අතිශය කාර්ය බහුලව උන්නේය. කලෙකදී කුරිරු ත්‍රස්තවාදයේ ගොදුරු බිමක්ව පැවති අරන්තලාව, මහඔය ආදී ප්‍රදේශවලින් පලවා හැරුනු සිංහල ජනතාව යලි සිය ගම්බිම් වෙත කැඳවාගෙන ඒම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ ආධාරයෙන් දියත් කෙරී ඇති ගම්මාන නගා සිටුවීමේ වැඩසටහනක නව අදියරක් ඒ වනගත භුමිය මත සක්‍රීය වෙමින් තිබුනි.

    අව්වෙන් කරගෑටිව ගිය, නමුත් මහත් ජවසම්පන්න පෙනුමකින් හෙබි අම්පිටියේ සුමනේ මඩකලපුව දිස්ත්‍රික්කයේම පිහිටි එකම විහාරස්ථානයේ නායක හිමියන් බව මා දැනගත්තේද එහිදීය. තම දූ දරුවන්ගේ හිසට වහලක් පිළිබඳ ආශාවෙන් දෑස් දල්වාගත් පවුල් විස්සක තිහක පමණ දුගී දුප්පත් මිනිසුන් පිරිසක්, වල් වැදී ගිය ගොනාගොල්ල ගම්මානයේ නුග ගසක් යට එක් රැස්වී හිඳිනු දක්නට ලැබුනි. සුමනේ නායකත්වය දුන්නේ ඒ දුගී ජන කොට්ඨාශය වෙනුවෙනි. ඔහු සතුව නිල බලයක් නොවීය. ධන බලයක්ද නොවීය. ඒ නමුත් අසීරුවෙන් සොයාගනු ලැබූ හිතවතුන් පිරිසකගේ සහයෝගය නොමඳව ඔහු සතුව තිබුනි. දිවා රෑ නොමැතිව එල්ලවන වල් අලි ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීම උදෙසා, ගස් මත අට්ටල අටවා, ඒ මත දරු පවුල් රකින මිනිසුන්ට ඔහු ශක්තිමත් නායකත්වයක් සපයා තිබුනි. ඒ හෙළ උරුමය, බොදු බල සේනා, රාවණා බලය ආදී බෞද්ධ ජාවාරම්කාර බලමුලු සිය සාහසික මෙහෙයුම් රාජපක්ෂ රෙජීමයේ සෙවණැල්ල යට හිඳිමින් මුදා හරින වටපිටාවකය. ඒ සියලු බලමුලු ඔහු තනිකර දමා, නොතකා හැර තිබුනි. මැදපෙරදිග ධනයෙන් ආඪ්‍ය වූ මඩකලපුවේ සහ කාතන්කුඩියේ, අති දැවැන්ත වෙළඳ ඒකාධිකාරයත්, අන්තවාදී දේශපාලන බලයත් අතර හුදෙකලාව වෙසෙමින් සුමනේ සිදුකරගෙන යන ඒ කාර්යභාරය සැලකිය යුතු මට්ටමක එකක් බව ඔහු විසින්ම සාක්ෂි සහිතව ඔප්පු කර තිබුනි.

    ඉන් අනතුරුව එළඹුනු දහවලදී සැඩ හිරු රැසින් දැවෙන මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා ඇති සිය විහාරස්ථානයට අප කැඳවා ගෙන ගිය සුමනේ හැකි ඉහලම අයුරින් ආගන්තුක සත්කාර පිණිස කඩිමුඩියේ වෙහෙසෙනු අපට දක්නට ලැබුනි. කොටි ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාර එල්ලකොට වනසා තිබූ බුදු ගෙයක්, ගත සිත නිවන දැවැන්ත බෝධි වෘක්ෂයක් සහ සිහිල් වටපිටාවකින් හෙබි ඒ බෞද්ධ පුදබිම, මඩකලපුවට පැමිණෙන සංචාරකයින්ගේ විඩා සංසිඳුවන සිහිල් නවාතැනක් ලෙස ඉතා සරල සුන්දරත්වයෙන් ඉදිවී තිබුනි. අන්තවාදී බෞද්ධ කණ්ඩායම් පිළිබඳ තමන්ගේ දැඩි අප්‍රසාදය පල කරමින් මා සමග සිදුකල සාකච්ඡාව පුරාවටම ඔහු තුලින් කුරිරු, ප්‍රචන්ඩකරී හැසිරීමක් මට දක්නට නොලැබුනි.

    අන්තර්ජාලය පුරා ඇතිරෙන අතිශය ප්‍රචන්ඩ චීවරධාරියෙකුගේ වීඩියෝවේ ඉන්නේ අම්පිටියේ සුමනේ බව දැකීමෙන් මා විමතියට පත් වූයේ ඒ නිසාය. සුමනේ යනු ශ්‍රද්ධා සම්පන්න, සිල්වත් භික්ෂුවක් යැයි මා කිසිදා සිතා නැත. අප වැනිම ආශාවන්ගෙන්, හැඟීම් දැනීමෙන් පිරුණු මිනිසුන් කොටසක් ලෙස ඇරෙන්නට සංඝයා කෙරෙහි වෙනයම් භක්තියක්ද කිසිදා මගේ සිතේ තිබී නැත. එහෙත් මේ ප්‍රචණ්ඩත්වයට සුමනේට කිසියම් සාධාරණ වූ හේතු සාධක පවතින්නට හැකි බව මා සිතන්නෙමි. රාජ්‍ය බලයට එරෙහිව නැගී හිඳින කිසිවෙක්, මේ ක්‍රමය විසින් ආරක්ෂා කරන්නට නොයෙදෙන බවත්, රාජ්‍ය ආයතන විසින් ඔවුන් අහේතුකව පීඩා කරන්නට යෙදෙනු ඇති බවත් සිතන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබෙන නිසාය. කිසිදු අධිකාරි බලයක උපකාරයක් නොලද සුමනේ මේ කිපී ඇත්තේ තමව පාගා දමන්නට සැරසෙන ඒ ක්‍රමයට එරෙහිව විය යුතුයැයි මා හිතන්නේ ඒ නිසාය. වීඩියෝවේ දැක්වෙන ඔහුගේ භාෂාව, ඔහුගේ හැසිරීම දෙස නොබලා, අම්පිටියේ සුමනේ කියවන්නට මා තවමත් උත්සහ දරමි. ඒ භික්ෂූන් කෙරෙහි කවදත් මගේ සිතේ ඇති අසීමිත පිළිකුල සඟවාගෙනය. කෙසේ වුවත්, පවිත්‍රා ඇමතිවරියට ඔහු විසින් අමතන්නට යෙදුනු ඒ අසිරිමත් වදන, අප වෙනුවෙන් ප්‍රසිද්ධියේ භාවිතා කිරීම පිළිබඳ මගේ උත්තමාචාරය සුමනේ වෙනුවෙන් පල කරමින් මේ සටහන නිමා කරන්නෙමි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ප්‍රචණ්ඩත්වය ඕපපාතික නොවේ. අම්පිටියේ සුමනට ප්‍රචණ්ඩව හැසිරෙන්ට හේතු තිබුණේය. බට්ටීට අනුකම්පා විරහිතව පහරදුන් පොලිස්කාරයාටද එසේ කරන්ට හේතු තිබුණේය. ප්‍රභාකරන්ට දකුණට ස්වනාශක බෝම්බකරුවන්, බෝම්බකාරියන් එවන්ටද හේතු තිබුනේය. දෙමළ ගම්මාන වලට බෝම්බ අතාරින්ට ගුවන් හමුදාවටද හේතු තිබුණේය. ඇමෙරිකානු පුවත්පත්කලාවේදීන් මරන්ට ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ටද හේතු තිබුණේය. ප්‍රචණ්ඩත්වය ඕපපාතික නොවේ.

      Delete
  16. ප්‍රශ්නය මහනා නෙවේ. පැව්ලෝවියානු බල්ලන්ට කෙල උනන්නක් වගේ සිවුරක් දැක්කම බයාදුකම යටපත් කර ගන්නට ඇති නොහැකියාවයි. පැහැදිලිවම සිවුරට නොගැලපෙන හැසිරීමක් තිබුනත්, සිවුර නිසා මේ මිනිස්සුන්ට මුකුත් කරගන්න බෑ. බූරු පැටියෙක්ට සිවුරක් ඇන්දුවත් අපේ මිනිස්සු එකට සාදුකාර දීල වඳියි. ප්‍රශ්නය අපේ මෝඩ කමයි.

    ReplyDelete
  17. me hamuduruwo kiyana eka eththa...ee palathwala duk vidagena enna ooni balanna...meka publish kala obata me himiyange aawegaya saadaranai kiyala hithune nedda...mona ehekatada oya dushkara palaathe enne...ehemawath budu dahama ehe thiyenne ee hamuduruwo enna hinda neda...saadaaranawa hithanna...man me hesirena vidiha hari kiyanne ne...eeth ee thathwaya yatathe aawegayak ethiwena eka sadaranai dear

    ReplyDelete
  18. සිවුරු පොරවාගෙන සිටින නිසා හාමුදුරුවෝ යන නාමයෙන් හඳුන්වන මෙවැනි ප්‍රාදේශීය පිරිස් නියෝජනය/මෙහෙයවීම කරන්නන් මා පසුගිය යුද සමයේදී උතුර/උතුරු මැද/නැගෙනහිර/වයඹ/යන පලාත්වල දැක තිබෙනවා. මොවුන් පිළිබඳව මා නිරීක්ෂණය කර ඇති ප්‍රධාන කරුණු මෙසේයි.

    1. මොවුන්ගෙන් බහුතරයකට ඒ ප්‍රදේශයේ සිටින බෞද්ධ සහ සමහරවිට බෞද්ධ නොවන ප්‍රදේශවාසීන් සංවිධානය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.

    2. මොවුන් රකින භික්ෂු ශීලයක් ඇතැයි සිතීම බොළඳ කමක්. මොවුන් උගත්, ධර්මධර, විනයධර භික්ෂූන් නොවෙයි. මොවුන් තුළ තිබෙන්නේ 'සිංහල බුද්ධාගම්කාරයන්' අනෙකුත් ආගම් හා ජාතීන්ගේ ආක්‍රමණශීලී ක්‍රියාවලින් බේරාගැනීම යන චේතනාව පමණයි ඒ සඳහා අදාළ නිර්නායකද ඔවුන් විසින්ම උපකල්පනය කරන ඒවායි. සමහරු උත්සාහ කරන්නේ මහාවංශයේ තිබුණු පළාත් මායිම් නැවත ඇතිකර ගැනීමටයි.

    3. රජයේ පරිපාලන නීති, ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන ආයතනවල ක්‍රමවේදයන් මොවුන්ට අදාළ නොවන අතර ඔවුන් එසේ සිතන්නට ප්‍රබල සාධකයක්ව තිබෙන්නේ දේශපාලනඥයන් විසින් රාජ්‍ය නීතියට පටහැනිව කරන ක්‍රියා පූර්වාදර්ශන් ලෙස ගැනීමයි.

    4. යුද සමයේදී, සමහර ගම් ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව තිබියදී, ඒ ගම්වල ගැමියන් ගම අතහැර යාම වලක්වාගැනීමට තරම් චිත්ත ධෛර්යයෙන්, එඩිතර බවින් හා සංවිධාන ශක්තියෙන්ද හෙබි, මෙවැනි හාමුදුරුවරු සෑහෙන පිරිසක් හිටියා.

    5.මෙවැනි හාමුදුරුවරුන් ඉන්නවාද නැද්ද කියා මහානායක හාමුදුරුවරු/නිකාය ආරක්ෂක මණ්ඩල/ප්‍රාදේශීය සංඝ සම්මීලන වලින් සැලකියයුතු හෝ කොහෙත්ම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. ඒ නිසා ඔවුන් ස්වාධීන ජීවිත ගතකරනවා. ඒ රටාව තුළ පංචශීලය රැකෙන්නේ නැහැ.

    6. සමහර දේශපාලනඥයන තම ඡන්ද පදනම රැකගැනීම සඳහා මේ හාමුදුරුවරුන් පාවිච්චි කරනවා.

    7. සමහර මෝඩ උසස් හමුදා නිලධාරීන් මේ පන්සල් වලට අනවශ්‍ය ලෙස හමුදා සම්පත් යොදවා ආධාර කිරෙමේ ප්‍රතිඵලයක් ලෙස හමුදාවට අණ දීමට පවා උත්සාහ කල හාමුදුරුවරු හිටියා. එවැන්නෙක් මෑතකදී බාලාපචාර ක්‍රියාවක් නිසා නීතිය ඉදිරියට පමුණුවනු ලැබුවා.

    මේ අය ගැන සම්පූර්ණ වගකීම ඒ ඒ නිකායේ මහානායක හිමිවරුන්ට ඉඳුරාම පැවරිය යුතුයි. එය ජනාධිපතිවරයා පෞද්ගලිකවම සොයාබලා කලයුතු ක්‍රියාවක්. සුදුසු අය විනය සකසා සසුනේ රඳවා ගැනීමත් නුසුදුස්සන් සසුනෙන් පිටමං කිරීමත

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක් හා හොඳ විශ්ලේෂණයක්. ප්‍රචණ්ඩත්වය ඉදිරිපස සුපේක්ෂාශීලීව මහණ දම් පුරන්ට බැහැ. ප්‍රචණ්ඩත්වයට මුහුණ දීම පිණිස කෙනෙක් අනුවර්තනය වීම අප තේරුම් ගත යුතුයි. ඒත් අද යුද්ධය අවසානයි. මා මේ පන්සලට ගොස් තිබෙනවා. මේ පන්සල මඩකලපුව නගර මධ්‍යයේ ඇති, සංචාරක බැතිමතුන්ගෙන් ඕනෑ තරම් ආදායම් ලබන පන්සලක්. විහාරස්ථානයක් ගෙවිය යුතු විදුලිය බිලෙන් 25% ක් පමණයි. එයත් නොගෙවා නම් මේ විකාර නටන්නේ අප එය ඉවසිය යුතුද? මගේ හැඟීම නම් මෙය විදුලිය බිල ගෙවා ගන්ට බැරිවීම නොව "මාත් ඉන්නවා" කියන්ට දරණ රඟපෑමක්.

      Delete
  19. බෞද්ධ භික්ෂූන්ගේ ප්‍රචණ්ඩත්ව මට්ටම්. (1995 පමණ සිට 2014 වනතෙක් කාලානුරූපව)

    1. ගංගොඩවිල සෝම - ප්‍රචණ්ඩත්ව මට්ටම = 0
    2. එල්ලාවල මේධානන්ද, අතුරලියේ රතන, උඩුවේ ධම්මාලෝක, කොළොන්නාවේ සුමංගල ඇතුළු මුල් හෙළ උරුම නඩය - ප්‍රචණ්ඩත්ව මට්ටම = 1
    3. ගලබොඩ අත්තේ ඥානසාර, විතාරන්දෙණියේ නන්ද ඇතුළු බොදු බලසේනා නඩය - ප්‍රචණ්ඩත්ව මට්ටම = 2
    4. අම්පිටියේ සුමන - - ප්‍රචණ්ඩත්ව මට්ටම = 3

    ReplyDelete
  20. උබලා මහ ලොකුවට මෙතන මෙවැනි ලිපි ලියමින් මෙම හාමුදුරුවන්ට අපහාස කරන්න කලින් හොයලා බලපල්ලා මේ හාමුදුරුවන් ගැන. මේ හාමුදුරුවෝ මේ පන්සල කොයිතරම් දුෂ්කරථා මැද ගොඩ නගලා තියෙනවද කියලා. හාමුදුරුවොත් පෘතග්ජන නිසා රාජ්‍ය නිලධාරියා කියපු බලු කතාවට තරහා ගිහින් තමයි ඔය විදියට හැසිරෙන්නේ... ඔය ලිපි ලියන කමෙන්ට් දාන එකෙක්වත් අඩුගානේ පෝය දවසකටවත් පන්සලකට ගොඩවෙනවද කියලා උබලගෙ හදවතින්ම අහලා බලපල්ලා.

    ReplyDelete
    Replies
    1. හොඳමයි මාමේ. මාමාට මේ පිනෙන් නිවන්සුව ලැබේවා!

      Delete
    2. ethakota sangeyo daruwo ussanakota podi hamudru warunge puk palanakota, agame namayen janatha prmadipathya deshpalakyantha wikunana kota umba kiyanne umba wage mole nathi ekek wage inna kiyalada. ada pansal kiyanne , okkoma durachrawal thippolawal, nirmala buddahmata winashkarala lankawe sinhala bauddayn lokaya idiriye pirihawanne oya hora ganeyoi thopi wage amanayoi.

      Delete
    3. Yes I agree with u. writer has become very much partial

      Delete
  21. /මඩකලපුවේ ප්‍රචණ්ඩ මහණා වහා අත්අඩංගුවට ගනු! /

    මේ මාතෘකාවට විරුද්ධයි. 'මහණා' කියන්නෙ මහන මිනිස්සුන්ට හෙවෙත් ටේලර්ලාට. ඒ මිනිස්සු ප්‍රචණ්ඩ නැහැ. මේක ඒ මිනිස්සුන්ට අපහාසයක්. මෙය,

    මඩකලපුවේ ප්‍රචණ්ඩ බෞද්ධ භික්ෂුව වහා අත්අඩංගුවට ගනු!

    විය යුතුයි. බෞද්ධ භික්ෂුවකට බෞද්ධ භික්ෂුවක් කියන්න පැරා බය ඇයි?

    ReplyDelete
    Replies
    1. ටේලර් මහනාට යොදන්නෙ අනිත් ‘න‘ යන්න කියලවත් උඹ දන්නැද්ද?
      මේ තක්කඩියට භික්ෂුව කියල නැත්තෙ භික්ෂුවට තියන ගෞරවය නිසා තමයි.
      අනේ බං උඹලනෙ ඉතිං රට ජාතිය ගැන කතා කරන්නෙ නේද?

      Delete
    2. බෞද්ධ භික්ෂුව කියන්නෙ ගරු කළ යුතු කෙනෙක්ද? බීලා රිය පදවලා මිනිස්සු හප්පන, කුණුහරුපෙන් බනින එවුන්ට මොන ගෞරවයක්ද?

      Delete
  22. මෙතන කවුරුවත් කතාකරන්නෙ නැති කාරනාවක් තිබෙනවා. මඩ්කලපුවේ ජීවත් වන, උපන් බිමේ අසරන උන පාරම්පරික සින්හලයන්. ඔවුන්ට ප්‍රාදේශිය හා පලාත් පාලන ආයතන වලින් කිසිම් සහනයක් නෑ. පාරම්පරික ඉඩම් වලින් එලවා දැමීමට දෙමල නිලදාරින් කටයුතු කරමින් සිටිනවා. මේ හාමුදුරුවන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින වීරයෙකි. ඔහු චීවර දාරි තගයෙක් විය හැක නමුත්සින්හලයා වෙනුවෙන් පෙනී සිටින අයෙකි. කරුනාකර දිවයින 20-01-2013 බලන්න

    ReplyDelete
  23. සිවුර අැඳගනත් එයට නොගැලපෙන මෙවැනි දේ කරන මෙවැනි අයට සාමා‍න‍්‍ය මිනිසුන්ටත් වඩා ඒ වරදට ඳඩුවම් දිය යුතුය, මන්ද ශාසනයට නිගා කිරීම සහ සිවුර අපහරණය කිරීම ඔවුන් කරන වරද තීව්‍ර කරයි. මෙවැනි අයට තව දුරටත් සිවුරු දරන්නට ඉඩ දෙනවා නම් ඒ රටේ ඕනෑම දෙයක් කළ හැක, ඇත්තටම එය එසේය. ඔබලාට දෙවි පිහිටයි.

    ReplyDelete
  24. Meke video eka thiyena nisa piligannawa,nethinam oyage warthakaranaya api piliganne ne.mokada oya sulujatheenta wasi vidhiyata liyana bawa kuprasidda "Dharganagaraya Haraha Charika" wen Ratama Denagaththa,(Paththagodaya)

    ReplyDelete
  25. hik me mona kunuharupayakda me

    ReplyDelete
  26. ඕනෑම ප්‍රශ්ණයක දෙපැත්තම කිරා මැන බලා ලියූ අජිත් පැරකුම් ඇයි මේ එක පැත්තක් විතරක් ගැන ලියන්නේ. ඔබ දන්නවානම් මේ ප්‍රදේශයේ මුස්ලිමුන් ගෙන් බෞද්ධයන්ට ඇති කරදර , ඔබ ගොළුවේවි. මා කියන්නෙ මේ හාමුදුරුවන් නිවැරදියයි කියා නොවේ. එහෙත් මේ හාමුදුරුවන් මේ තත්ත්වයට වැටීමට සිදු වූ කරුණු කාරණා ගැන නිවැරදි අවබෝධයක් නැතිව ලියූ ලිපියක් මෙය. තේරුම් ගන්න. හැමවිටම සිංහල ජාතිවාදය මෝරා වැඩුනේ දෙමළ ජාතිවාදය සෙවණේ හෝ මුස්ලිම් ජාතිවාදය සෙවණේ බව.

    ReplyDelete
    Replies
    1. සහතික අැත්ත

      Delete
  27. thopi okkoma ponnayo...sarwa agamika thopita thambi hukalama pala..gon hattala..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා