කොහොමද බයි‍යොන්ගෙ අය වැය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2015 අයවැය යෝජනා තනිකර ම ඡන්ද අල්ලසකි.

එම අල්ලසේ දැවැන්තකමේ තරමින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජය ගැනීම පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බවයි.1977දී සිරිමා බංඩාරනායක ආණ්ඩුව ද, 1994දී විජේතුංග ආණ්ඩුව ද මෙවැනි ඡන්ද අල්ලස් ජනතාවට දුන් නමුත් ඔවුහු ඡන්ද පැරදුණ හ. පසුගිය පළාත් සභා ඡන්දයේදී ද ආණ්ඩුව ඉන්ධන මිළ අඩු කරමින්, බඩු බෙදමින්, අල ගනිමින් ඡන්දය දිනන්නට උත්සාහ කළත්, අවසානයේදී බලන විට ලැබූ ජයක් නැත.

මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා ම අවිශ්වසනීය ය. ඔහු ජය ගතහොත් මුලින්ම බලාපොරොත්තු විය හැකි දෙය මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක නො කිරීමයි. රජයේ සේවකයන්ගේ වැටුප් ගණනය කිරීමට කල් ගත වන නිසා වැටුප් වැඩි වීම ලබා දෙන්නේ 2015 සැප්තැම්බරයෙන් පසු බව දැන් ආණ්ඩුව පවසයි. දැනට පවතින වැටුප නිශ්චිත ගණනකින් වැඩි කිරීමට හා ඒ හා අදාළ සෙසු ගණනයන් කිරීමට ආණ්ඩුව ඔච්චර කල් ගත යුතු නැත. ඒ ගණනය කිරීම් අදාළ වැටුප් අංශවලින් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. දැන් වැඩ කරන්නේ කොම්පියුටර්වලින් නොවැ.

අනෙක් පැත්තෙන් ආණ්ඩුව මෙම වැටුප් වැඩි කිරීම යෝජනා කළේ ඒ සඳහා යන වියදම ගණනය කරන්නේ නැතිව ද?

මේ අයවැය අන්න එවැනි අටමගලයකි. එය වචනයේ පරිසමාප්තයෙන් ම බයියොන්ගේ අයවැයකි. 

බයියා යනු මෝඩ පහේ ගැමියා ය. මෝඩ ගැමියකුට ලොතරැයියක් ඇදුණොත් කුමක් කරනු ඇද්ද? මේ අයවැයත් එවැනි වැඩකි. 

මෙය පසුපස තිබෙන දැක්ම මෙයයි. භාණ්ඩාගාරය හිස් වුණත් කම් නැත. මම කෙසේ හෝ ජනාධිපතිවරණය දිනමි. දෙන දේ දෙන්නේ දිනුවාට පසුවයි. 

රජයේ සේවකයිනි, ඔබට ලැබෙනු ඇත්තේ රුපියල් 5200ක හෝ 3000ක දීමනා පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 

මෙම අයවැය තනිකර ම ණය මත රඳා පවතින අයවැයකි. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්නේ ණයට ගන්නා මුදලිනි. ඒ ණය ගෙවිය යුත්තේ ද මෙ රටේ ජනතාවයි. 

මෙතෙක් ණයට ගත් මුදලින් ජොලි කළේ දේශපාලකයෝ ය. දැන් රාජපක්ෂ ආණ්ඩුව ඒ අය අතරට රජයේ සේවක පිරිස ද එක් කරගෙන තිබේ. ඡන්දය දිනන්නට යන්නේ දූෂිත හමුදාව වැඩි කර ගැනීමෙනි.

මේ රටේ සැබැවින් වැඩ කරන විදේශගත ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, අපනයන සැකසුම් කර්මාන්තවල ශ්‍රමිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ශ්‍රමිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන්, ස්වයං රැකියා කරන්නන්, ගොවීන් වැනි ජනයා වෙනුවෙන් ලැබේ යයි විශ්වාස කළ හැකි ප්‍රායෝගික සහනයක් මෙම අයවැයෙන් පිරිනැමෙන්නේ නැත. 

සරළ ප්‍රශ්න කීපයක් මතු කළ හැකි ය. දේශීය කිරි ගොවියාට ගෙවන මිළ වැඩි කර කිරි නිෂ්පාදනවල මිළ අඩු කළ හැකි ද?

වීවලට, රබර්වලට සහතික මිළ දුන්නාට ඒ මිළට ඒවා මිළ දී ගන්නේ කවුරු ද? අල ගත් හැටි මතකයි නේ ද? 

ආණ්ඩුව අලුත් වියදම් හොයන හැටි පැහැදිලි කර නැත. එහෙත් අලුතෙන් බදු පණවන්නට යන හැටි ගැන ඉඟියක් තිබේ. ඒ සීනිවල සෙස් බද්ද ශත 25 සිට රු. 5 දක්වා සීයට දෙදාහකින් වැඩි කිරීමෙනි. මේ වනාහි ඔබේ ම සාක්කුවෙන් ගෙන ඔබට ම ආපසු දීමකි.

ඔබ මේ රටට ආදරයක් තිබේ නම් මේ අල්ලස් දීමට යට නො වන්න. මේ අල්ලස නිසා රටේ ආර්ථිකය විනාශ වී ඔබ කබලෙන් ලිපට වැටෙනු ඇත. මෙවැනි ආර්ථික කළමනාකරණයකට තවත් වසර හයකට රට භාර දුන්නොත් කුමක් වේදැයි සිතන්න. 

දැනටමත් රටට සිදු වී ඇති හානිය ගැන සිතන්න. අද ඔබේ උදරය ගැන නොව හෙට ඔබේ දරුවාගේ අනාගතය ගැන සිතන්න.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. අනේ පැරා, පැරාත් බයියෙක් වගේනෙ කතා කරන්නෙ. ජය ගැනීම ගැන කිසිම විශ්වාසයක් නැත්නම් තව අවුරුදු දෙකක් ඉස්සරහට තියාගෙන මැතිවරණයක් කැඳවන්න තරම් මහින්ද ගොනෙක්ද? මෝඩ කතා කියන්න එපා පැරා. මහින්ද දිනන එක ඉර හඳ වගේ ෂුවර්. මං ඒකට කැමැතියි කියලා නෙවෙයි කියන්නෙ හැබැයි බජට් එකේ මොනවා වුණත් ඒක වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිට මොන රටක්ද බං අපි බඩ ගැන හිතල දෙමු. ණයට අරන් හරි කන්න දීපියව්.

      Delete
    2. ජනාධිපති අවුරුදු දෙකක් කලින් මැතිවරණයක් කැදෙව්වේ දිනන්න ෂුවර් නිසා නෙවෙයි, ඒත් දිනන්න හොඳම ෆයිට් එකක් දෙන්න පුළුවන් දැන් නිසා තමයි. නැත්නම් තව අවුරුද් දෙකකින් නම් දිනන එක හීනයක් කියලා එයා දන්නවා.

      Delete
  2. "රජයේ සේවකයිනි, ඔබට ලැබෙනු ඇත්තේ රුපියල් 5200ක හෝ 3000ක දීමනා පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. "
    please correct 2500 ???

    ReplyDelete
  3. දයාසිරි ගේ ෆොටෝ එකක් දාල තියෙන්නේ මොකද මේකට ?. කිසි ගැලපීමක් නෑ නේ.

    ReplyDelete
  4. /* මෝඩ ගැමියකුට ලොතරැයියක් ඇදුණොත් කුමක් කරනු ඇද්ද? */

    මෙන්න ඒ වගේ කේස් එකක්!
    http://medaperadiga.com/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%BA-%E0%B6%87/

    ReplyDelete
    Replies
    1. මෙතන යන හැම දේශපාලනික සංවාදයක් මැද්දටම මු පැනලා ගොං කතාවක් දානවා..

      Delete
  5. මේ අයවැය මහින්දට ජයග්‍රහණයේ බිය නිසා හැදු අයවැයක් නොව විපක්ෂය අතේ දැනට ඇති එකම සටන් පාඨය වන ජීවන වියදම යන සටන්පාඨයත් අහෝසි කර විපක්ෂය කොර කිරීමට පෙන්නු අයවැයකි.

    ReplyDelete
  6. අපි බත් කනකොට බැගෑපත්ව ළඟ බලා ඉන්න බල්ලට දානවා බත් පතෙන් ඉතුරු වෙච්චි මස් කට්ටක්, මාළු කට්ටක්, බල්ලා හිතනවා අනේ මගේ ස්වාමියා මට කොච්චර ආදරේද මට මෙච්චර රසවත් දේවල් දෙනවනේ කියලා. මේ අයවැයත් අන්න ඒ වගේ එකක්.

    මහින්ද සහ සමාගම අපිට හීනෙන්වත් හිතන්න බැරි තරම් බිලියන්/ට්‍රිලියන් වලින් හොරකම් කරමින් පිටරටවල මහා ධනස්කන්ධයක් හංගලා තියනවා. තව දුරටත් එහෙම කරමින් ඉන්නවා. ඒ ඉන්න ගමන් අපිට මේ වගේ මස්කටු දුන්නම සමහර අය හිතන්නේ මහ බක්කක් ලැබුනා කියලයි. මේ විදිහට පහුගිය අවුරුදු පහේම දෙන්න තිබුනා. මේ දුන්නේ ජනාධිපතිවරණ අල්ලසක්.

    ඉන්ධන මිල සෑහෙන්න පහල දාන්න පුළුවන්. ඒ පහසුවම ඇති පඩි වැඩි නොකලත් ජීවන බර සෑහෙන ප්‍රමාණයකින් පහල යවන්න. නමුත් ඉන්ධන වලින් ගන්නා අධික ලාභයෙන් කරන්නේ මිහින් එයාර් වැනි සුදු අලින් නඩත්තු කරන එකයි.

    ReplyDelete
  7. the budget speech of 2012
    "During the last Presidential Election, I promised a salary increase of Rs.2,500 per month to public servants. I made that promise when my opponents had instead promised Rs.10,000. I made a moderate salary increase since I was not ready to make a political mileage through such promises by putting country’s production and the export sector into a crisis.

    Nevertheless, I granted a minimum salary increase of Rs. 1,200 in the 2011 Budget. All anomalies were corrected. Hence, most public servants enjoyed a salary increase in the range of Rs. 1,700 to Rs. 3,000. University Lecturers enjoyed a wage increase in the range of Rs. 12,000 to Rs. 38,700. The salary arrears of teachers were settled."
    fucker will do the same at this year too

    ReplyDelete
  8. පැරා,
    නිකම් බබා පාට දමන්න යන්න එපා.ජනාධිපති අයවැයේදී කිවේ රජයේ සේවකයන්ට 2015 නව වැටුප් ක්‍රමයක් සකසා ඇති බවයි. ඒක දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ලෙස නිකුත් වෙන්න ඕනෑ. ඒ අනුව ඒ ඒ දෙපාර්තමේන්තු වල පාලන අංශ විසින් ඒ ඒ සේවකයා නව වැටුප් ක්‍රමයේ අදාළ පියවර මත තබා එය ඒ අනුව ගෙවීම් කරන ලෙස එහි ගණකාධිකාරීන්ට දන්වා එහි පිටපතක් සේවකටත් දැන්විය යුතුයි.
    කොම්පුටර තිබුනත් මේ ලිපි සැකසීම පුද්ගලයන් විසිනුයි කරන්නේ. එබ්බවින් පළමුව මේ ගැන අදාළ කණ්ඩායම දැනුවත් කල යුතුයි. මේ සියල්ලටම මාස කිහිපයක් යනවා. එතෙක් තමා ලබන මාසේ පටන් අතුරු දීමනාවක් දෙන්නේ. ජනවාරි ඉඳන් අතිරේක ජිවනවියදම් දීමනාවක්ද දෙනවා.
    පැරා මේවා පටලවාගෙන ගෙදර උන්දැට කියල ඔලුව බේරා ගත්තොත් හොඳයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරේ අංකල්,

      කොහොමද කාලෙකට පස්සේ. තට්ටමාව එහෙම මතකද? ආවනම් පොර වෙන්නේ නැතුව ඉන්න. නැත්නම් මතකයිනේ අපි දුවන්න දීපු හැටි.

      සංසදේ එකෙක්.

      Delete
    2. සමරේ අන්කල් කියන එකෙත් ඇත්තක් තියෙනවා. ඔය කොච්චර කම්පියුටර් තිබුණත් යම් කොටසක් පුද්ගලයින් විසින් කළ යුතුයි, තියෙන ක්‍රමය යටතේ.

      හැබැයි ඊළඟට එන ප්‍රශ්නය තමයි අද වගේ කාලයක ඇයි ඔය වගේ කම්ප්ලිකේටඩ් ක්‍රමයක් භාවිතා කරන්නේ කියලා. හරියට එක්සෙල් පාවිච්චි කරනවා නම් එක තැනක ඉඳලා ඔය පඩි හදලා දවස් දෙකකින් පඩි දෙන තැනට ගේන්න පුළුවන්. ඒක කරන්න බැරි අනවශ්‍ය ලෙස ක්‍රමය කම්ප්ලිකේඩඩ් කරගෙන තිබීම, රාජ්‍ය සේවකයින්ට එක්සෙල් බැරිවීම හා වැඩියක්ම උනන්දුවක් අරගෙන මේක කරන්න රජයේ සේවකයින්ට කිසිම අවශ්‍යතාවයක් නොතිබීම වගේ කාරණා නිසා. ඒ අස්සෙ සමරසේකර අන්කල් වගේ නාකි පොරවල් මේ වැරදි සාධාරණීකරණය කරනවා. ඉතින් කවදා රටක් හැදෙයිද?

      Delete
  9. Budget of a government is a financial policy statement of that country for coming fiscal year , it shows us which direction its economy heading or how she achieved the goal set by themselves.It decides welfare of 20 million people during the period concerned. If somebody or group of people manipulated these funds allocated by budget to their own goals to fulfill, god bless that country!

    ReplyDelete
  10. දැන් ඉතින් ආයෙ වැලේ වැල් නැතිවෙයි..... අන්න කකා ඇවිල්ලා.... දැන් ඉතින් ලොරි කොමෙන්ට් තියා ලොරි කැඳත් නෑ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා