අතුරලියේ රතන හා අංගම්මන සුමන

පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා අතුරලියේ රතන හිමියන් අල්ලන්නට යන අඩව්ව තරමක් සැක සහිත ය. 

අධික වියදමක් දරමින් කොළඹ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඔහු පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නො කර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම්, ඔහු පැරදවීමට සියලු දේ කරන බවයි. 

රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සරත් නන්ද සිල්වා විසින් සම්පාදනය කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද මෙම සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින්, ජනාධිපතිවරයකුට නැවත තේරී පත් විය හැකි වාර සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ද ඉවත් කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය සහාය දීම වැරදි බව ද රතන හිමියන්ට දැන් තේරී තිබේ. 

කොහොම වුණත්, රතන හිමියන් ඉදිරිපත් කරන කරුණුවල යම් වැදගත්කමක් තිබේ. ව්‍යවස්ථා විප්ලවයක් කරන්නට තරම් මහජන පෙළගැස්මක් මේ රටේ ඇති බවක් අපට නො පෙනේ. අනෙක් පැත්තෙන්, පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය මහජන සංවාදය සඳහා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ද දැනට මේ රටේ නැත. යම්, යම් ප්‍රායෝගික ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඔස්සේ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතු ය. 

නිදසුනක් ලෙස, රතන හිමියන් විසින් ම වරින් වර දක්වන ලද අදහස් අනුව ඉදිරිපත් කර තිබෙන විධායක ජනාධිපතිට දැරිය හැකි ඇමති තනතුරු ගණන ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් සීමා කිරීම, ජනාධිපතිවරයාට නැවත පත් විය හැකි වාර ගණන උපරිම දෙකකට සීමා කිරීම, ස්වාධීන මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ ආදී කොමිෂන් සභා නැවත පිහිටුවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැනි ක්‍රියාමාර්ග මේ අදියරේදී ප්‍රමාණවත් ය. 

දැන් මේවාට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙන් ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එකඟ බව පෙන්වති. මහින්ද රාපක්ෂ නම්, දෙවරක් ම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දුන් පොරොන්දු කඩ කළ අයෙකි. 

මෙම දේශපාලකයන් සේ ම, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයකු වන රතන හිමි ද විශ්වාස කළ නො හැකි ය. රතන හිමිගේ සම්මන්ත්‍රණය පිටුපස බැසිල් රාජපක්ෂ සිටි බවට තොරතුරු තිබේ. එසේම, මොහු වැනි අයට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික ආරාවුල් ය. ඒ තමන්ගේ උන්නතිකාමී ව්‍යාපෘතිවලට නො ලැබුණු සහාය නිසා ය. තමන් හැර දමා තමන්ගේ ම පක්ෂයේ තරගකරුවන් වන උදය ගම්මන්පිල වැනි අය පෙරට ගැනීම වැනි ගැටලු ය. 

ඔහුට ව්‍යවස්ථා සංශෝධන හදා දෙන සරත් නන්ද සිල්වා යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට ක්‍රියා කළ, මහින්ද රාජපක්ෂ සමග ඇති වෛරය විසින් මෙහෙයවනු ලබන පුද්ගලයෙකි. 

මේ රටේ මහජනතාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ සමග වෛරය පිරිමසා ගැනීමට නොව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ය. 

එහෙත්, අතුරලියේ රතන හිමි නම් දේශපාලකයා ප්‍රවර්ධනය නො කර, ඔහුගේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම හොඳ දෙයකැයි අපි සිතමු.

පැරණි ලිපියක්:

අතුරලියෙන් ඉත්තෑකන්දට යන දේශපාලන භික්ෂුව ගැන රතන හිමිගේ ශෝකය


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සියලු සත්වයෝ ආහාරයෙන්ම යැපෙති කියන්නේ ඕකට තමයි පැරා. පහන් සංවේගය උපදවා ගෙන බදු සමග ගල් කාලක් ගසා නිදා ගන්න.

    ReplyDelete
    Replies
    1. රතනෙට පිවිතුරු හෙටක් නෑ.ලබන සැරෙ මිනිහා එලියේ මෙන්න කැට ###,
      රතනෙට පිවිතුරු හෙටක් සදහා රතනෙ UNP යට අභීනෂ්ක්‍රමනය කලොත් සමහර විට චැන්ස් තියෙයි.
      ඒත් 88-89 දි ,මේ යකාට ටයර් මාල දැම්මෙ UNP කාරයෝ නේද පැරෝ.

      Delete
  2. ඔය අංගම්මන සුමන ස්ථවිරයෝ පැරා ලා කුඩා කාලේත් ලංකාවේ සුපතල ධර්මධර භික්‍ෂුන් වගන්සේ නමක් නොවැ. දැන් උන්වහන්සේට සෑහෙන වයසත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. කරඳන ගුනරතනගෙ වයසමයි!

      Delete
  3. අතුරලියේ රතන උඹෙ ............... න

    ReplyDelete
    Replies
    1. චීයා!

      ඒ කියන්නේ පැරාගේ තාත්ත රතන ද?

      Delete
    2. රතන ඉහත ආත්මයේ ගෑණු පරාණයක්. එයා විවාහ වෙලා හිටියේ පැරාගේ ඉහත ආත්මය සමඟ. මේ දෙන්නා රාවණාගේ කාලේ ඉඳලා ආත්මයක් ආත්මයක් ගානේ ආත්මීය බන්ධනයකින් වෙළිලයි හිටියේ. මේ ආත්මයේදී එක් වෙන්න බැරිවුණේ රතන පිරිමියෙක් ලෙස උපන්න නිසයි.

      Delete
  4. @පැරා ඔට්ටුවක් අල්ලන්න කැමැතිද ඔය අද සද්දෙ දාන චම්පික රණවක මහත්තයලා අතුරලියේ රතන ස්වාමීන් වහන්සේලා ජානාධිපතිවරණය කිට්ටු වෙනකොට නපුංසක සෙයියාවෙන් ඔය ඔක්කෝම විරසක එක රැයින් අමතක කරලා ආපහු පූසෝ වගේ මහින්ද මාමිගේ කකුලේ පැටළෙන්න පටන් ගන්නවා, එහෙම නෙවෙයි කියලා. මුන්ට මහින්ද මාමි නතුව වෙන සරණක් නැහැ.

    ReplyDelete
  5. අතුරලියේ රතන විසින් රාජගිරිය, ඔබේසේකරපුර, ගෝතමී උයනේ "සදහම් සෙවණ" නමින් කාමභෝගී අසපුවක් ඉදිකර තිබේ. එහි ඇතුලත වන ක්‍රියා ජනතාවගේ ඇස් වලට නොවැටීමට එම මන්දිරයේ "ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය" නමින් බෝඩ් ලෑල්ලක් අටවා තිබේ. නමුත් එහි සිදු වන "ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණයක් නම් නැත. ගෝතමී උයනේ ඉතා වටිනා භූමියක, විශාල ඉඩමක සාදවා ඇති සදහම් සෙවණ දකින විට මතකයට නැගෙන්නේ හෝටලයක, නැතිනම් සුපිරි මන්දිරයක හැඩයකි.මෙම මන්දිරයේ තිබෙන නාන කාමර කට්ටල තරුපහේ හෝටල්වල නාන කාමර වල තිබෙන නාන කාමර උපකරණම ය. සෑම කමරයක්ම ම සුඛෝපභෝගී උපකරණ සහිතව සුපිරි මට්ටමින් ඉදිකර තිබේ. බුදුන් වහන්නේ වදාල සැහැල්ලු දිවි පැවතුම වෙනුවට මෙම මන්දිරයේ ඇත්තේ බහුභාණ්ඩික බව සහ කය පිනවන කාම රසයයි. මෙම කාමභෝගී මන්දිරය මහජන මුදලින් ඉදිකළ එකකි. , නිලවශයෙන් දැනට ඒ සඳහා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන 130කි. එනම් ලක්ෂ 1300 නොහොත් කෝටි 13 කි. මෙම මුදල් අතුරලියේ රතන ගේ පුද්ගලික ගිණුමේ මුදල් හෝ හෙළ උරුමයේ පක්ෂ අරමුදලින් සොයාගත් මුදල් නොවේ. එයට වියදම් කරන ලද්දේ පාන් කෑල්ලක් සහ හොදි ටිකක් අනුභව කරමින් දහදිය හෙලන මෙරට දුප්පත් මිනිසුන්ගේ මුදල් ය. අසනීපයක රෝහලකට ගිය විට බෙහෙත් වලට ප්‍රතිපාදන නැති, පොදු ප්‍රවාහනයට හරි හමන් වාහන නැති දුප්පත් රටක මිනිසුන්ගේ මුදල්ය. කන්නට බොන්නට දෙන්නට වත්කම නැති නිසා ළමුන් ගංගා වලට විසි කරන මව්වරුන් සිටින රටක ජනතා මුදල්ය. ඉදින් මෙවැනි වැඩ බුද්ධාගමට එකඟවේද ? යම් දිනක මෙරට යහපාලනයක් පැමිණි කාලයක මෙම මන්දිරය රජයට පවරාගෙන අනාත ළමුන් සඳහා රක්ෂිත මද්යස්ථානයක් කරන්නේ නම් යටත් පිරිසෙන් එය බුදු මගට එකඟ වේ.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා මැක්සා

      උඹ නම් අපිටම ගැලපෙන ඩයල් එකක්.

      මේ රටේ ඉන්න අනිත් ගොන්නුන්ගේ ඔළුවල තට්ටම් දෙකක් වගේ තිබ්බට මොලේ නෑ. උන්ට මේවා තේරෙන්නේ නෑ. අපිට නැති ඒවා අනිත් උන්ට මොකටද නේද බං.

      Delete
    2. තට්ටං ඇනෝ .. කාලෙකින්.
      කොහොමද මචං
      :)

      Delete
    3. AnonymousOctober 15, 2014 at 6:41 AM
      මචන් ඇනෝ... මම මේක ප්‍රින්ට් අව්ට් එකක් අරන් ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් යන්වන රතනයට

      Delete
    4. හා යවපන්


      Delete
    5. "පිවිතුරු හෙටක්"

      Delete
  6. "පිවිතුරු හෙටක්" අරන්, මම එනවා බං...
    තොපි ගැන හිතන්න පතන්න, මම සූදා....නම්,
    මේ "පොත" ලියන් හෙමින්, එන්නම් සුදා....
    උඹලාව අන්දන්න දක්කන්න, මම....
    එන්නම්.....,

    ජෙප්පට දුන්නා කලින්....
    රනිලුත් ගිලියි ඇවිත්...
    වෙදෙක් නොවේ මම..., අඹරමි මේ ගුලි.,
    රජාට නම් තහනම්.....

    "පිවිතුරු හෙටක්" අරන්, මම එනවා බං...
    තොපි ගැන හිතන්න පතන්න, මම සූදා....නම්,
    මේ "පොත" ලියන් හෙමින්, එන්නම් සුදා....
    උඹලාව අන්දන්න දක්කන්න, මම....
    එන්නම්.....,

    කැසිනෝ, උසට උසේ....
    බාරුත්.., දෙයි රිසි සේ...
    කෙනෙක් නෙවෙයි මම....
    ඒවට යන එන.....
    උඹලට නෑ..... තහනම්.

    "පිවිතුරු හෙටක්" අරන්, මම එනවා බං...
    තොපි ගැන හිතන්න පතන්න, මම සූදා....නම්,
    මේ "පොත" ලියන් හෙමින්, එන්නම් සුදා....
    උඹලාව අන්දන්න දක්කන්න, මම....
    එන්නම්.....,

    -x-

    ඔබ සැමට අබ සරණයි....!!!

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2014/07/pretty-tomorrow-by-ven-athuraliye.html

      Delete
  7. අද ලොරි කාරය නැත්තෙ මොක්ද දන්නෙ නෑ තාම

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර් ජොනී වෝකර් බ්ලැක් ලේබල් ගහල නිදි.

      ග්‍රීස් ගාමිණී නඩුවකට උසාවි ගිහින්.

      Delete
    2. ග්‍රීස් ගාමිණී ළඟ මුදල් තැන්පත් කරපු ආයෝජකයෝ ?

      Delete
    3. මගේ යකුවෙක් ග්‍රීස් ගාමිණි ගාව මුදල් තැන්පත් කරන්න ගිහින් මළා

      Delete
    4. කතන්දර කාරයා වැඩේ පටන් අරන්

      Delete
  8. මේ ජරාජීර්ණ ක්‍රමය ඇතුළත රතන හිමියන් සහ සරත් සිල්වා පමණක් නොවෙයි අප සියලු දෙනාම කිසියම් ප්‍රමාණයකට ජරා ජීර්ණ වෙලා ඉවරයි. දැන් මේ ජරා වලෙන් ගොඩ එන්න ඹ්න නම් අපි හැමෝගෙම පරණ කෙරුවාවන් ගැන කතා නොකර උවදුරින් ගැලවෙන මාර්ගයක් අපි අපටම හොයන්න සිදුවෙනවා. ඒ අතින් රතන හිමියන් සාධනීය ඉදිරි පියවරක් තබා තිබෙනවා. අප ඒ දෙස තුහක කමින් තොරව බැලිය යුතුයි.

    රතන හිමියන් මහන්ද රාජපක්ෂ ළගට නැවතත් යන හැඩක් නැහැ. මහින්ද රාජපක්ෂට යුගය අවසාන වෙමින් තිබෙනවා. යුග පෙරළියක ළකුණු පහල වෙන මේ වෙලාවේ එම යුග පෙරළිය රටට හිතවත් පෙරළියක් බවට පත් කර ගැනිමට අපි කටයුතු කරමු.

    ReplyDelete
    Replies
    1. ඔට්ටුවක් අල්ලන්න කැමැතිද ඔය අද සද්දෙ දාන චම්පික රණවක මහත්තයලා අතුරලියේ රතන ස්වාමීන් වහන්සේලා ජානාධිපතිවරණය කිට්ටු වෙනකොට නපුංසක සෙයියාවෙන් ඔය ඔක්කෝම විරසක එක රැයින් අමතක කරලා ආපහු පූසෝ වගේ මහින්ද මාමිගේ කකුලේ පැටළෙන්න පටන් ගන්නවා, එහෙම නෙවෙයි කියලා. මුන්ට මහින්ද මාමි නතුව වෙන සරණක් නැහැ.

      Delete
    2. කැමතියි

      Delete
    3. හා, නැවියන් එහෙනං

      Delete
  9. චන්දයක් අවුරුදු දෙකකට කලින් ඇයි කිඅයන ප්‍රශ්නෙ අහන ජෙප්පන්ට දේශපාලන මයිල් පවා පෙනුනත්, එලිපිට තියෙන ඇත්ත පේන්නෙ නෑ. උන්ට මේ රට වෙනස් කරන්න බැරි ඒකය්. යූඇම්පියත් ඔච්චරම තමය ---------මහ එකා මරණාසන්න ලෙස ලෙඩවෙලා ඉන්නේ. ඌට තව අවුරුදු දෙකක් ඉන්න බෑ, ඉක්නමන්ට්න චන්දෙකට ගිහින් පවුලෙ එකෙක් දාන්න යන්න්නෙ අගමැති කමට. එතකොට ඌ මලත් බලය පවුල ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද අපි ඉන්නකම්. අපි ගේනවා පැරාව.

      Delete
    2. පැරා අපිට .. අපි පැරාට
      පැරා ආවොත් ... ගල් බෝතලය රු 50 ට
      - ජාතික බේබද්දන්ගේ පෙරමුණ

      Delete
    3. ගල් බෝතලය සමග සෝඩා කාලක්, පකඩ පැකට් එකක් සහ මඩපුවක් එක්ක බුලත්විටක් රුපියල් 10 සහන මිලට දෙනවා.

      අරක්කු විකිණීමට මුලින්ම සමූපකාරවලට අවසර දෙනවා. පස්සේ සිල්ලර කඩවලත් අරක්කු විකුනන්න පුළුවන් වෙන විදියට බාර් ලයිසන් අහෝසි කරනවා.

      කාන්තා කටයුතු ඇමති කම බට්ටිට දීලා කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණුවක් ඇමතිවරිය යටතේ ලබා දෙනවා. නියෝජ්‍ය ඇමති කමට වාරියපොළ තිලිනි පත්කරලා සල්ලි දෙන්නේ නැතුව යන කස්ටමර්ස්ලා හැන්ඩ්ල් කරන විදිය සම්බන්ධ පුහුණුවක් නියෝජ්‍ය ඇමතිවරිය යටතේ ලබා දෙනවා.

      අනිත් උන්ට ඉරිසියා කිරීමට විශේෂ අමාත්‍යාංශයක් හදලා ඒක පැරා යටතේම තියා ගන්නවා.

      Delete
  10. අනේ අපි බට්ටි ගැන කතාකරමුකෝ

    ReplyDelete
    Replies
    1. /කාන්තා කටයුතු ඇමති කම බට්ටිට දීලා කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණුවක් ඇමතිවරිය යටතේ ලබා දෙනවා. නියෝජ්‍ය ඇමති කමට වාරියපොළ තිලිනි පත්කරලා සල්ලි දෙන්නේ නැතුව යන කස්ටමර්ස්ලා හැන්ඩ්ල් කරන විදිය සම්බන්ධ පුහුණුවක් නියෝජ්‍ය ඇමතිවරිය යටතේ ලබා දෙනවා./

      Delete
  11. මෙන්න පැරා දුෂ්ට ධනවාදී බහුජාතික බුවළු කොම්පැනියක් ඉබෝල වලට වැක්සින් එකක් හදන්න උදවු කරන්න කමතියිළු. කොහොමද සමාජවාදී මානව හිතවාදී කඳවුරේ දේවදුතයන්ගේ ප්රෝග්රෙස් එක ඒ ගැන. මේ වෙනකොට හදල ඉවරත් ඇති නේද ?

    Biotech CSL joins fight against Ebola

    ReplyDelete
  12. කවුරැත් වටෙන් වටෙන් හරි කඩේ යන්නේ රජාටම තමයි

    ReplyDelete
  13. රතනයා ගැන මගේ කියැවීම මෙයයි.

    රතනයා මීළඟ මහ මැතිවරණයකදී විසිවීමට ලොකු චාන්ස් එකක් තිබේ. කොහොමටත් ජාතික හෙළ උරුමයට ලැබෙන ආසන සංඛ්‍යාව එකට බසිනු ඇත. ඒක චම්පිකයාටත් ප්‍රසාද ආසනය ගම්මන්පිලයාටත් දුන් පසු රතනයාට හුළංය. දැන් කොහොමත් යන එකේ රතනයා කොරහත් බිඳගෙනම යන්න හදයි. සමහරවිට යූ එන් පී එකට රිංගනු ඇත. එතකොට ආසනය ෂේප්ය.

    ReplyDelete
  14. චතුෂ තුෂර කුමාරOctober 15, 2014 at 5:59 PM

    රතන හාමුදුරුවෝ කේවල් කල යුතුම අවස්ථාවක් මේක... අනිත් හැමෝම නිල අල්ලද්දි ඇයි අපට විතරක් බැරි... හෙළ උරුමය නියම පාරේ ඉන්නවා කියලා හිතන්න පුළුවන් අවස්තාවක් මේක...

    ReplyDelete
    Replies
    1. මෙන්න මූට පුන්නක්කු හැළියක් ගෙනත් දීපන් කවුරු හරි.

      Delete
  15. රතනෙගේ ගේම් එක මටත් හිතාගන්න බැහැ. මොනවා වුනත් එදා කතාවනම් වෙඩි වගේ. ඒවා පුස් වෙඩිද කවුද දන්නේ. රතනගේ ජාම් බේරගන්න නම් ඔතනින් එලියට එන්න ඕන. නැත්නම් රතනෙත් සුං රතනගේ තට්ටෙත් සුං.

    ReplyDelete
  16. මන්ද පෝෂිත සිංහවංශOctober 15, 2014 at 7:51 PM

    අපේ අනාගතය අදුරු දූෂිත එකක වුනාට මල්ලී,
    ලක්ෂ 1300ක මාලිගාවක වැඩ වාසය කරන රතනෙගෙ අනාගතය පිවිතුරුයි.
    දැන් උන්නාන්සෙගෙ නිවන් මගට 18 ආන්ඩුක්‍රම සංශෝදනය බාදාවක් වෙන්නැති.
    අනේ පවුනේද මල්ලීයේ අපට.
    අපි පුංචි කාලේ, අපේ අම්මලා ත්‍රීපෝෂ කියලා අපිට කවල තියෙන්නේ පුන්නක්කු වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. "පිවිතුරු හෙටක්"

      Delete
  17. “එහෙත්, අතුරලියේ රතන හිමි නම් දේශපාලකයා ප්‍රවර්ධනය නො කර, ඔහුගේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම හොඳ දෙයකැයි අපි සිතමු.“ --W3Lanka - Socialism as lifestyle--

    පැරකුම් කියන්න‍ෙ.
    දේශපාලනයේදි, දේශපාලකයා ඔහුගේ ක්‍රියාවලියෙන් අයින් කල හැකි කියාද ?

    ReplyDelete
    Replies
    1. අනේ පැරා විහිළු කරන්න එපා පැරා. අපට හිනා යනවා.

      Delete
  18. හොරණ චේ බෝධිරාජයාගේ පිහිටෙන් රතනයන්ට පිවිතුරු හෙටක් උදාවේවා !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා