චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද?

(මෙම බ්ලොගයේ පිටු වෙත පිවිසුණු සංඛ්‍යාව අද දින විසිපන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සතුටින් දැනුම් දෙමු! ස්තුතියි ඔබට! දිගට ම අප හා රැඳෙන්න. ඔබ අපට දිරියකි.)

‘‘2012 නොවැම්බර් මස ආනයනය කළ ගල් අඟුරු මෙ.ටො. 143,932 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා ඇත. ලංකා ගල් අඟුරු සමාගම සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාව අතර 2012 ජූලි 23 එළැඹුණු ගිවිසුම අනුව හදිසි ගල් අඟුරු සැපයුම ප්‍රදානය කර ඇත්තේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටීල් පෞද්ගලික සමාගමටය. ආනයනකරු තෝරා ගත්තේ සීමාසහිත නැව් සංස්ථාව විසිනි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2013 ජුලි 29 වන දින වාර්තා කළ පරිදි මෙම ගල් අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා 85,27,68,000 ක (අසූපන් කෝටි විසි හත් ලක්ෂ හැට අට දහසක) අලාභයක් සිදුව ඇත. ඊට අමතරව මෙ.ටො. 29,896 ක ප්‍රමාණයක් අඩුවෙන් සැපයීම නිසා සිදුවූ අලාභය 65,42,76,116/25 කි. (හැටපන් කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හය දහස් එකසිය දහසයයි ශත විසිපහකි) ඒ අනුව මුළු අලාභය රුපියල් 150,70,44,116/25 කි. (එකසිය පණස් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් හතර දහස් එකසිය දහසයයි ශත විසිපහකි) අපි නීතිපති උපදෙස් අනුව සීඅයිඩී එකට පරීක්ෂණ බාර දුන්නා.” 

මෙසේ පැවසුවේ විදුලි බල හා බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි ය. හදිසියේ ම ඇය මේ ප්‍රකාශය කළේ මීස මාස අටකට පෙර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. 

ආණ්ඩුවට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට උවමනාව ඇති වුණේ ජාතික හෙළ උරුම මන්ත්‍රී අතුරලියේ රතන හිමි ලොකු කැරැල්ලක් ගසමින් සිටින අතරතුර, ඔක්තෝබර් 21දා ජනාධිපතිවරයා හෙළ උරුමය සමග පවත්වන ලද සාකච්ඡාව කඩාකප්පල් වුණාට පසුව ය. හෙළ උරුමය ඉල්ලා සිටින පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ නො හැකි බව ද ජනාධිපතිවරණය පවත්වනු ඇති බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ සාකච්ඡාවෙන් නැගිට යාමට පෙර කෝපයෙන් පැවසූ බව වාර්තා වේ. 

මේ එන්නේ රිටර්න් එක ය. මෙම වංචාව සිදු වී තිබෙන්නේ චම්පික රණවක විදුලි බල හා බලශක්ති ඇමති කාලේ ය. මෙන්න ඔහුගේ ප්‍රතිචාරය:

2012 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කර ඇති බවත් ඒ වනවිටත් ඒවා ගොඩ බා අවසන් බවත් සති අන්ත පුවත්පතකින් අනාවරණය කළේය. ඒ පිළිබඳව විමසීමේදී වරාය අධිකාරියේ සහ නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමේ ගල් අඟුරු සහිත නැව් දෙකක් දිවයිනට ආසන්න මුහුදු තීරයට ගෙන්වා ඇති බවත් ඒවා මිලට ගැනීමට ගල් අඟුරු සමාගම සූදානම් බවටත් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව 2012.12.03 වන දින අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ රැස්වීමක් කැඳවීය.

ඒ සඳහා ලංවිම, ලංකා කෝල් සමාගම සහ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගී විය. එහිදී ගත් තීරණය වූයේ නිවැරදි පිරිවිතරයන්ට අදාළ නොවන සියළුම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ගොඩබා හෝ මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයේ ඊට අදාළ නැව් පවතින්නේ නම් ඒවා හරවා යැවිය යුතු බවත්ය. එමෙන්ම අවශ්‍ය ගල් අඟුරු ලංවිම පවතින රෙගුලාසි මත දැනට ගල් අඟුරු සපයන නොඛෙල් සමාගමෙන් මිලදී ගන්නා ලෙසට ද තීරණය විය. කෙසේ වෙතත් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමට විවිධ පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව තෝරියන් සමාගමට අයත් නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග බලාගාර භූමියට ගොඩබෑමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.

එහිදී ඇමතිවරයෙකුට හිමි බලතල භාවිත කරමින් විදුලිබල අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පිළිනොගත් ලංකා ගල් අඟුරුසමාගමේ එවක සභාපති තිස්ස හේරත් මැතිතුමාව 2013.01.21 වන දින ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද තමන් නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණය ආරම්භ කර දින හයකින් තමන්ට එම ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වංචා සහගත ගණුදෙනුව පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙයට සම්බන්ධ පිරිස්වලට වහා දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙවැනි තාක්ෂණික වංචාවන් අති විශාල වශයෙන් රටපුරා සිදුවන අතර දැනට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද ඉතාම ගැටළුකාරී තත්ත්වයක් තිබේ. මෙම දූෂණ සහ වංචා සොයාබැලීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් රටේ පිහිටුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙවැනි ප්‍රශ්න නැවත මතුවීම මහජනතාවගේ අනාගතයට සුභදායී අතර වංචා දූෂණ සිදුකරනු ලබන පුද්ගලයන් සොයා බලා දඬුවම් දීමට ද ඉන් හැකිවේ. මෙම වංචාව පිළිබඳව නැවත මතුකිරීම පිළබඳව තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ට සහ ප්‍රශ්නය නැගූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ හොරු දැන් හෙළුවෙන් ය. හොරකම් අසු වෙනවාට බියේ මෙතෙක් රාජපක්ෂගේ පය දැවටෙමින් සිටි සොරු දැන් රාජපක්ෂට අභියෝග කරන්නට ඉදිරිපත් වී තිබේ. ඔහු වියරු වැටී තිබෙන්නේ මෙම සංදර්භය තුළයි. 

චම්පික රණවක පිළිතුරු දීම සඳහා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදීත් කරන්නේ හොර වැඩකි. ඇමතිවරයා ලෙස තමන් එම වංචාව නො කළා නම් කළේ කවුරු ද යන්න ඔහු කියන්නේ නැත. වංචාකරුවන් පිටුපස තමන් නො සිටියා නම්, සිටියේ කවුරුද යන්න ගැන සොයා බැලීමට ඉඟියක්වත් ඔහු දෙන්නේ නැත. පරීක්ෂණයට අදාළව ඔහු සතු තොරතුරු ඉදිරිපත් කරන බව ද ඔහු කීවේ නැත. 

කවුරු කවුරු ළඟ වුණත් තිබෙන ලිපි ගොනු එළියට එන එක හොඳ ය. රෙද්ද උස්සාගෙන දඟලන කල ජනතාවට ඇත්ත දැන ගත හැකි වනු ඇත. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. කිරි සුදු ඇඳුම් අඳින කිසිවකුත් තඹ සතේකට විශ්වාස නොකරනු. ඔවුන් කිරි සුදු ඇඳුම් අඳින්නේ තමන්ගේ ඇති කළු හෙළුව වසා ගැනීමටය.

    ReplyDelete
  2. චම්පිකගෙ අමුඩෙ රුන්නෙ කවුරුද?
    ෂුවර් එකටම ජනාධිපති තුමාගෙ වැඩක්. ඔය වැඩේටත් අපේ ජනාධිපති තුමාට මේ ශ්‍රී ලංකාව තුල සීමාවක් නැත.

    ReplyDelete
  3. මේක පහර ගැහීමක් නෙවෙයි. ගහනවා නම් චම්පික බෑනා තොලොංචි වෙලා යන්නම ගහන්න පුළුවන් පර්සි මාමාට. මේක "පරයා, තෝ මට අරින්නද යන්නෙ? බලාපිය *ත්තො තෝ මට අරින්න ආවොත් කරන දේ" කියලා තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන්නා වගේ ආදරබර ඔවදනක්. චම්පික බෑනාත් ඒ ඔවදන පිළි ගන්නා බව මට සියයට සියයක්ම විශ්වාසයි. බෑනාටත් ඉතින් මාමා නැතුව අන්කල්ගේ පිහිටයැ? දැන් ඉතින් බෑනා කියාපු ඔක්කෝම වමාරලා පූස් පැටියෙක් වගේ මාමාගේ කකුලේ පැටලෙන්න පටන් ගනීවි.

    ReplyDelete
  4. රෙද්ද උස්සාගෙන දඟලන විටවත් පුස්සන් පෙනෙනු ඇත.

    පැරා - විසිපන්ලක්ෂයේ පාඨක සහභාගීත්වයට සුබපැතුම් W3 ලංකා වෙත

    ReplyDelete
  5. පැරා චම්පිකගෙ මාධ්‍ය සාකච්චාවෙන් තමන්ට ගන්න ඕනා කෑල්ල අරගෙන ඒක විතරක් පතුරු ගහහනවා....

    //චම්පික රණවක පිළිතුරු දීම සඳහා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදීත් කරන්නේ හොර වැඩකි. ඇමතිවරයා ලෙස තමන් එම වංචාව නො කළා නම් කළේ කවුරු ද යන්න ඔහු කියන්නේ නැත. වංචාකරුවන් පිටුපස තමන් නො සිටියා නම්, සිටියේ කවුරුද යන්න ගැන සොයා බැලීමට ඉඟියක්වත් ඔහු දෙන්නේ නැත.//


    චම්පික එම මාධ්‍ය සාක්ච්චාවෙ පැහැදිලිවම කියනවා මේ වරද සම්භන්ධයෙන් සභාපතිවරයාව ඉවත් කල බව....නමුත් පසුව නීතීපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් එම නැව බා ගන්නා බව...ඔහු මාධ්‍ය සාකච්චාවෙදී සුදු කරපටි ත්‍රස්ත්‍රවාදයක් ගැන කථා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදීම පවසනවා තිස්ස හේරත් සභාපතිවරයා මෙහි වරදකරු නොවන බව හා ඔහු පසුපස වෙනත් අය සිටි බව.

      තක්කඩිකම තිබෙන්නේ මෙතැනයි. කවුරුද ඒ වෙනත් අය? නිකම් මාෆියාවක් තිබෙනවා කියලා හරියන්නේ නැහැ. කවුරුද ඒ මාෆියාව රන් කරන්නේ කියන එක කියන්න ඔහුට කොන්ද පණ තිබිය යුතුයි.

      අනෙක ඔහු මේ ගැන වසර දෙකක් නිහඬව සිටියේ ඇයි කියන එකට ඔහු කියන්නේ ඒ කැබිනට් සාමූහික වගකීම නිසා ය කියලායි. ඒ කියන්නේ හොරකම් කරන්නේ කැබිනට් එක සාමූහිකව නිසා කට පියාගෙන සිටිය යුතු බව ද?

      Delete
    2. හෙ හෙ පැරා පැරා....ගෑවුනු තැන් පරිස්ස්මෙන් හෝද ගන්න....හත්පොලේ ගා ගන්නේ නැතුවා

      Delete
    3. Para at least nw he revealed it. we should appreciate that, and it appears that para wants to see patali being accused as the culprit for this????

      Delete
  6. පැරා - විසිපන්ලක්ෂයේ පාඨක සහභාගීත්වයට සුබපැතුම් W3 ලංකා වෙත

    ඉන්දික

    ReplyDelete
  7. සුභ පැතුම් පැරා... දැන් එයාලා බබාලා වෙන්න යනවා.. බස්නාහිර පලාත් සභාවට බබාලා දෙන්නෙක් දාන්න අගමැති තුමා කුඩු ගෙනාපු කේස් එකේ ගේමෙන් අයින් වෙච්චි වාහෙලා නේ. කළකදි වහ ලු කලකදි රහ වෙනවාලූ.. මීටීමේදි පොරි හැලෙන්න කාලා සෙට් එකම. ඊට කලින් බැසිල් ලොක්කගෙන් වළඳලා බඩ පැලෙන්න.

    ReplyDelete
    Replies
    1. නෑ කුක්කු පැටියො ඔයා තරම් බබා පාට් දාන්න බෑ කාටවත්.....බක පණ්ඩිතයා වගේ ආණ්ඩුවට බැනලා ආවසාන විග්‍රහයෙදී ලොක්කාට රෙදි නැතුව කඩේ යන පාට් එක ඒ තරම ලස්සනට කාටවත් කරන්න බෑ...

      Delete
  8. කොහොම වුනත් කමක් නැහැ කා කොටා ගනිල්ලා අන්තිමට වලිග ටික විසිකරන්නයි තියෙන්නේ!

    ReplyDelete
  9. මහින්දල එක්ක එක පතේ කාල,වෙන් වුනාම ,අයිති වෙන්නෙ, මරනය නැත්නම් හිරගේ තමා.අබ සරනයි!!

    ReplyDelete
  10. ලක්ෂ විසිපහක පාඨක සහභාගීත්වයට w3Lanka වෙත උණුසුම් සුභ පැතුම්!
    පාඨලී උන්නැහේ ඔය ප්‍රශ්නයෙන් ෂේප්වෙන්නත් එක්ක හලාල්, බුර්කා වගේ අටපට්ටමක් ඇදල ගමුද?

    ReplyDelete
  11. mulinma-laksha wisipahaka pataka sahbagithwayata subapethum.Champika pahuwela hari eka kiyanawane,onama kenekuta thaman waradak kala kiyala therunama.eka piligaththama apita kemeththen ho akameththen bara ganna wenawa.Nethnam Boho Hitapu JVP Mahaththuruth Prathikshepa karanna wenawa.

    ReplyDelete
  12. ඔය ගල් අඟුඅරු ටෙන්ඩර් එකේ මුල ඉන්ඳන්ම ප්‍රශ්න තිබුනා. වඩා තත්වයෙන් උසස්, අඩුවෙන් අලු හැදෙන ගල් අඟුරු ඉදිරිපත් කරපු අය ඉන්දෙද්දි ලාභ එකකට තමයි මේක දුන්නෙ. අනික ටෙන්ඩර් එක කෑලි වලට කැඩුවා. ඇ.ඩො මිලියනයක ලංසු තැබීමෙ බැඳුම්කරයක් ඉල්ලුව, මුලු අවුරුද්දකම සැපයුම් වලවටිනාකමට බැන්කු සහතික ඉල්ලුව, අන්තිමට ෂෙල්, බ්‍රිටිශ් පෙට්‍රොලියම්, ශෙවරොන් වගෙ ලොකප්‍රසිද්ධ අයතනවලින් දුන්නු වඩා තත්වයෙන් උසස් ගල් අඟුරු ප්‍රතික්ෂේප කර. ඔය කියනවටත් වඩා දිග කතාවක් ඔතන තියෙනව.

    ReplyDelete
  13. ලක්ෂ විසිපහක පාඨක සහභාගීත්වයට w3Lanka වෙත සුභ පැතුම්.....

    බු. වා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා