බට්ටිට පහර දුන් පොලිස් නිලධාරියා නැවත සේවයේ පිහිටෙව්වේ ඇයි?

රත්නපුරේ බට්ටි නම් ලිංගික ශ්‍රමික කාන්තාව ප්‍රසිද්ධියේ හිංසනයට ලක් කළ පොලිස් සාජන්වරයාට පණවන ලද වැඩ තහනම ඉවත් කර නැවත සේවයේ පිහිටුවා ඇත. 

ආයුධ පෙන්නන්නට ගොස් පළා යන්නට තැත් කළ බව දිව හක්කේ ගසාගෙන කියමින් ප්‍රසිද්ධියේ ම සැකකරුවන් ඝාතනය කරන පොලිස් නිලධාරීන් තමන් කළ මිනීමැරුම් අරබයා මුක්තිය භුක්ති විඳිමින් ත්‍රී වීල් මානසිකත්වයේ සිටින සමාජයේ ජනප්‍රියත්වයට පත් වන සංදර්භයක් තුළ මෙම පොලිස් නිලධාරියා දඬුවම් නො විඳීම පුදුම වීමට දෙයක් නො වේ. 

ඔහු නැවත සේවයේ පිහිටුවීමෙන් ගම්‍ය කරනු ලබන පණිවුඩ කීපයක් තිබේ.
  • බට්ටි වැනි වීදි ගණිකාවන් හිංසනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් නො වේ. 
  • එවැනි පුද්ගලයන් සමාජයෙන් තුරන් කරන්නට වෙර දරන බව කියන මෙවැනි පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීමට ලක් කළ යුතු ය. 
  • ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙස ත්‍රීවීල් රියදුරන් වැනි සත්ගුණවත් පිරිමින් පිරිසක් විසින් කරන ලද ඉල්ලීමට පොලිසිය ගරු කරන ලදී. 
  • බට්ටි මානව හිමිකම් ඉල්ලයි. ගණිකාවන්ට මොන මානව හිමිකම් ද? ගැට්ට නම් අපිත් ගැට්ට ය.
පොලිසිය අන්තර්ජාලයේ වයිරල් වූ මෙම වීඩියෝ සාක්කිය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන බවක් පෙනේ. 

හැංගි, හැංගී වීඩියෝ කර, නිර්නාමිකව අන්තර්ජාලයට මුදා හැරීමෙන් පමණක් ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ නො හැකි බව මෙවැනි ක්‍රියාවලින් පෙනේ. අප නිර්භයව ඉදිරිපත් විය යුතු ය. විවෘතව අරගල කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හෆ්ෆා බට්ටි බට්ටි බට්ටි ආයෙත් මේ බට්ටිගේ කතාවයි පොටෝ එකයි දැම්මට තැන්කුයි. බලන්න බට්ටි වල්ල පට්ට. හයියූ මට උම්මා උම්මා උම්මා කියන්න හිතෙනවා බට්ටිට.

    ReplyDelete
    Replies
    1. 2014-10-05
      ඇය වැනි ගැහැනියකට ඒ අන්දමින් පහර දෙන්නට හැකියාව ඇත්තේ තිරිසනෙකුට පමණි
      comment:
      NO MORE CAKE October 7, 2014 at 9:00 PM

      පීඩීතයන්ගේ ඇත්ත ප්‍රශ්ණ වලට Lumpen අවකාශයක්, හෙවත්
      බට්ටී නොහොත් No More July - part two

      පීඩීතයා කබලෙන් ලිපට, පිඩකයට ප්‍රමෝෂන්, ගැලවුම්කරුවන්ට සෙල්ෆී
      ------------------------------------------------------------------------------------------

      මොකෝ නිකන් අවුල් වගේද?

      Delete
    2. පවු බං බට්ටි

      Delete
    3. The Cat is back -Top CatOctober 12, 2014 at 11:30 PM

      අපේ සාජන් මහත්තයා හොද කෙනෙක් නේද ....පුුරු පුරු..
      එහෙමයි ලොක්කා..

      Delete
    4. අපේ උදුල් මහත්තයා හොද කෙනෙක් නේද ......බට්ටි..

      ```11q21`1 `1`රැඑ12` 12w1`2` aq[P]P?[]] ]]]ැඑර]]]
      S,KWE RM,W OJJR JK,OERK;L3[0
      ]]]යඓ/න සඑ මඑ]]]] 32එ.ඤ-චල ම6එ]]]80 ටරට942012/
      3L;4 5.ඤ/ගක ERW TR3$ >?LU

      Delete
    5. අබිලිං @ කෝපි කඩේ.October 14, 2014 at 11:58 AM

      යලිත් මිනිස් අවකාශය(අවස්ථාවාදී අවකාශය) රික්තකයක් වි ඇති බැවින් , තවත් නර බිල්ලක් ඉදිරියේදි ගිලගනු ඇත.

      කානිවල් දේශපාලනයේ, පෙරටුගාමී ජවනිකා මාලාවේ "හොරා පොලිස්" කතාංග තවත් ඇති.. නොවැ. නේ....ද?

      මොකෝ නිකන් අවුල් වගේද?
      නෑ නේ...ද?
      අපි ඉතින් මුකුත් දන්නැති හැට පැනපු අය නොවැ...... යඤ්ඤං ....ඈ.




      Delete
  2. මේකට වග කියන්න ඕනෑ පොලිසියම නෙවෙයි සිස්ටම් එකයි. බට්ටි පැමිණිල්ලක් කරලා නැහැ. සිවිල් නඩුවක් දාලා විතරයි. පොලිසියේ පැමිණිල්ලක් නැති නිසා පොලිසියට ඇක්ෂන් එකක් ගන්න බැහැ. වැඩ තහනම් වූ එකා නඩුවක් දැම්මොත් පොලිසිය ඒකෙනුත් පරදිනවා. ඉතින් වැඩ තහනම් කරන්න බැහැ. මෙච්චර දවසක් වැඩ තහනම් කළා කියලාත් අරූට ඕනැ නම් නඩු දාන්න පුළුවන්.

    මගේ ගැටළුව බට්ටි පොලිසියට පැමිණිලි කරන්නේ නැත්තේ මොකද කියන එකයි. බයටද? වැඩක් නැති වන බව දන්නා නිසාද? පොලිසිය ඇගේ පැත්තට කතා කරයි කියලා සමහරවිට විශ්වාසයක් නැතුව ඇති. කොහොම උණත් පැමිණිල්ලක් නැතිවීම ඇගේ නඩුවට පාඩුයි.

    ReplyDelete
    Replies
    1. දැනගන්න අහන්නෙ, පැමැණිල්ලක් දැමීම අත්‍යාවශ්‍යද? වීඩියෝ සාක්ෂි මදිද? කවුරුහරි කෙනෙක් ඝාතනය කරනව වීඩියෝවකින් හොයාගත්තොත් පැමිණිල්ලක් නැත්නම් මොකුත් වෙන්නෙ නැද්ද? සුනාමි කේස් එකේ මාලෙ කඩාගෙන කෙල්ලක් මුහුදට දාපු එවුන්ට දඬුවම් ලැබුනෙ පැමිණිල්ලක් කරලද?

      Delete
    2. පැමිණිල්ල කියන්නෙ ආරම්භය. හරියට රජයේ කන්තෝරුවකින් වැඩක් කර ගන්න ඇප්ලිකේෂන් එකක් හරි ලියුමක් හරි අවශ්‍යයි වගේ. ඒක නැතුව මොකුත් වෙන්නෙ නැහැ. එහම නැත්නම් ජනාධිපතිතුමා වගේ කෙනෙක් නියෝග කරන්න ඕනෑ මේ ගැන සොයා බලන්න කියලා.

      සුනාමි කේස් එක ගැන කවුරු හරි පමිණිලි කරන්න ඇති. එහෙම නැතුව පොලීසියට යමක් අරඹන්න බැහැ.

      Delete
  3. -හැංගි, හැංගී වීඩියෝ කර, නිර්නාමිකව අන්තර්ජාලයට මුදා හැරීමෙන් පමණක් ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ නො හැකි බව මෙවැනි ක්‍රියාවලින් පෙනේ. අප නිර්භයව ඉදිරිපත් විය යුතු ය. විවෘතව අරගල කළ යුතු ය. -

    ඕයි පැරා, හැංගි හැංගි ඉන්නේ නැතිව අර බට්ටිව රත්නපුරේ බැරිනං ඔය මීගහතැන්න හරි දොඩංගොඩ පොලිසියට හරි එක්ක ගිහින් දානවකෝ පැමිණිල්ලක්. බොරුවට මෙතන බ්ලොග් එකෙන් විප්ලව කරන්න බුර බුර ඉන්නේ නැතිව. තමුසෙත් නිකං හරියට අර විජේවීරයා වගේමනේ. ඌත් කලේ රට අල්ලන්න අහිංසක කොල්ලෝ පිකප් කර කර ඉන්න ගමන් ගෑණිත් එක්ක ගෙදරට වෙලා ආතල් අරං පෝලිමට ළමයි වදලා උන් හුරතල් කර කර ගෙදරට වෙලා ඉන්න එකනේ. තමුසෙත් ඒ වගේ නොකර මනුස්සයෙක් වෙන්න බලනවා. හා යනවා හෙට උදේම බට්ටිව අල්ලං පැමිණිල්ලක් දාන්න. අපිට පව් නොදී.

    ReplyDelete
  4. විලේජ් ඉන් ද ජංගල් පොතේ නඩුකාරයා බබුන්ව හිරේට යවන්නේ බබුන් නිර්දෝෂී බව දැන දැනමයි. අනෙක් පාර්ශ්වය සිස්ටම් එකේ හිල් කපටි ලෙස තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. නඩුකාරයා ඒක දන්නවා. නමුත් ඔහුටත් කළ හැකි දෙයක් නැහැ. බබුන්ම කියනවානෙ අනෙක් පාර්ශ්වයට බොරු නඩුවක් පටලවන්න හේතුවක් ඇතැයි හිතන්නෙ නැහැ කියලා. මෙතැන වෙන්නෙත් ඒකම තමයි. අපි තාම පාවිච්චි කරන්නෙ සුද්දා ගෙනාපු නීතිය. ඒක බට්ටි වගේ අයට සාධාරණයක් වෙන විදිහට යාවත්කාලීන වී නැහැ. සුද්දාගෙ නීතියට පුළුවන් ගෙදර වැඩ කරන සේවකයා හොරකම් කළොත් ඌව හිරේ යවන්න. හැඳුනුම්පතක් නැති, උප්පැන්නයක් නැති කොටින්ම තමන් ලංකාවේ පුරවැසියෙක් කියලා ඔප්පු කරන්න බැරි අසරණ බට්ටි වගේ කාන්තාවකට ඒ නීතියෙන් පිහිට අවමයි. කොටින්ම පොලීසියකට ගියොත් මේ කාන්තාව තස්තවාදී කියලා අත් අඩංගුවට ගන්න පුළුවන්. ඊට පස්සෙ වෙන දේ පැහැදිළියිනෙ. ඉතින් බට්ටිට යන්න වෙන්නේ ඔය ගමන තම්යි. හැබැයි අසීරුවෙන් හරි ඔය ගමන ගිහිල්ලා දින්නොත් ඒක සමාජයට ලොකු ජයග්‍රහණයක් වේවි.

    ReplyDelete
  5. රුවන්පුර වාමංශික ත්‍රි රෝද රථ බලවේගය.October 12, 2014 at 11:10 PM

    රුවන්පුර වාමංශික ත්‍රි රෝද රථ බලවේගය.October 7, 2014 at 11:50 AM

    බට්ටිගෙ ප්‍රශ්නෙ ලෙහෙසියෙන් ගොඩදාලා, සාජන්ව ක්ලියර්කරලා දීපු නිතිඥ උදුල් ප්‍රේමරත්න සහ මචංලා බානට අපේ උපහාරය. !

    රුවන්පුර වාමංශික ත්‍රි රෝද රථ බලවේගය.

    ReplyDelete
  6. පිංකම් කමිටුවOctober 13, 2014 at 12:16 AM

    වාමාංශික හාස්කම් තියෙන හොරණ "චේ" බෝධිරාජයාගේ ආනුභාවයෙන් රටට සමාජවාදය උදාවේවා ! සමාජ සාධාරනය ඉෂ්ඨවේවා ! විප්ලවය සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. මොනවද මේ සමාජවාදී හාස්කම් කියන්නෙ? :-)

      Delete
    2. අපි දන්න චේ බෝධියක් නම් නැහැ. චේ හිටවපු මැහෝගනී ගහක් නම් තියෙනව. ඒක තියෙන්නෙ පුද්ගලික ඉඩමක නැත්නම් මේ ආංඩුවෙ එවුන් ඒකත් කපල.

      Delete
    3. චේ පිංකම් කමිටුවOctober 13, 2014 at 9:42 PM

      චේ මුනිතුමා හිටවපු මැහෝගනී ගහ දැන් බෝධිරාජයෙක් . තරුණ විප්ලවීය ජවය යොදාගෙන රන් වැටකුත් ගහනවා. චේ මුනිවරයා එහි වැඩ වාසය කරනවා.
      චේ බෝධිරාජයා දුටුපමනින් තරුන තරුනියන් චේ වගේ වෙනවා, වෘත්තීය විප්ලවවාදීන් චූටී බබාල වෙනවා. සත්තයි අත්දුටුවයි.

      Delete
    4. මළ උන් ගෙන්නලා දෙනවද ?

      Delete
  7. අපේ ගොනා .... අපිට හොඳා
    - පැරා

    ReplyDelete
  8. ඒ කාලෙ ශිරන්තිට ඔය වැඩේ උනා නම් අද වෙනකොට ඔය පොලිස් කාරයත් ආයුධ පෙන්නන්න එක්ක ගිහින්.

    ReplyDelete
  9. Che Guevara,kiyla,Havana Restaurant And bar,nam thiyenawa europaye,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා